Saturday, May 25, 2013

ටෙලිකොම් ගොසිප් telecom gossips lanka

ලංකාව අන්තර්ජාතිකව අන්තර්ජාලයට සම්බන්ධ වෙන්නෙ කෝමද?

මේ පිළිබදව ඔබ විකි පිටුව (Wikipedia page) බැලුවොත් ඔබට පේනවා ඇති කලකින් අලුත් නොවූ පැරණි තොරතුරු සමුදායක්. ජාලකරණය(Networking) කියන්නෙ ටිකක් පුලුල් විශයක් වගේම ගැඹුරු එකක්. එකපාරටම අපිට කියන්න බැහැ මේන්න මේ විදියට අන්තර්ජාලය(Internet) තියෙනවා. මේන් මේ විදියට සම්බන්ධ වෙලා තියෙනවාකියලා. ලංකාවට මුහුදු කේබල(Submarine cable) කිහිපයක් තිබෙනවා. ඒ අතරින් දැනට සක්‍රියව දායක වන මුහුදු කේබල තුනක් තිබෙනවා. සී මී වී 3 කේබලය සී මී වී 4 කේ බලය සහ ලංකා බෙල් ආයතනය සම්බන්ධ වෙලා තියෙන ෆ්ලැග් කේබල හරහා ලංකාව අන්තර්ජාලයට සම්බන්ධ වෙලා තිබෙනවා. එයිනුත් දැනට විශාලම දත්ත ප්‍රමාණයක් හුවමාරු වෙන්නෙ සී මී වී 4 කේබලය හරහා. එයින් සමස්ථ දත්ත වලින් සියයට අසූවක් විතරම හුවමාරු වෙනවා කියලා තමයි ආරංචි වෙන්නෙ. ලංකාවෙ දුරකථන සමාගම් හයක් හතක් තිබුනාට අන්තර්ජාතිකව සම්බන්ධ කේබල තිබෙන්නෙ ලංකා බෙල් සහ ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයට පමණයි.

මුහුද යට සී මී වී කේබල් එකේ එක් ස්ථානයක්

ලංකාවෙ ඇතුලෙ දැන් ෆයිබර් ඔප්ටික් ඇදගෙන යනවා නේද?

ලංකාව ඇතුලෙ ඔප්ටිකල් නෙට්වර්ක් (Optical Network ) එකක් හෙවත් ප්‍රකාශ ජාලයක් මුලින්ම පටන් ගන්නෙ ටෙලිකොම් ආයතනය. එහි ඉතිහාසය බැලුවොත් 2000 වසරටත් කලින් අතීතෙකට දිව යනවා. දැනට ටෙලිකොම් ආයතනය සතුව කිලෝමීටර දහස් ගනනක් පුරා දිවෙන ඔප්ටිකල් නෙට් වර්ක් එක්ක තිබෙනවා. 2010-11 වසරවල පටන් ඩයලොග් සමාගමද අලුතින් ෆයිබර් ඔප්ටික් කේබල ජාලයක් ඇතිකරගෙන යනවා. මුලින්ම ඩයලොග් එක භූගත කේබල(Duct Cabling) වලට ගියත් දැන් ඔවුනුත් ගුවන් කේබල(Aerial cable) වලට යමින් සිටිනවා.

ටෙලිකොම් එකේන පෙට්ටි වගයක් ගහගෙන යනවා නේද?

ටෙලිපෝන් එක්ස්චේන්ජ්(telephone Exchange) එකකින් වෙන සියලුම කර්තව්‍යයන් එකට කැටි කරලා එම් සාන්(MSAN- Multiple Service Access Node) කියලා පෙට්ටි ජාතියක් තියෙනවා. සන්නිවේදන මධ්‍යස්ථාන ලොකුවට පිහිටුවන්න ඉඩපහසුකම් වගේම ඉදිකිරීම් කරන්න ලොකු මුදලකුත් වැය වෙනවා. ඒ නිසා මේ එම් සාන් කියන පෙට්ටි ජාතිය දැන් ටෙලිකොම් එකෙන් රට වටා සාර්ථකව ඉදිකරගෙන යනවා. ඒ හරහා ඒ පෙට්ටියට ඔප්ටිකල් ෆයිබර් කේබලයක් අනිවාර්යෙන් සම්බන්ධ වෙනවා. තව ඉතිං අකුනු සන්නායක, විදුලි බලය, අව් වැසි ආවරණ ආදියත් තියෙනවා. ඉන් අනතුරුව පරණ විදියටම එතන ඉදලා තඹ කේබල(Copper cables) හරහා දත්ත නිවෙස් වලට බෙදා හරිනවා. නමුත් මේ පෙට්ටි වලින් ෆයිබර් ලයින් වුනත් දෙන්න පුලුවනි ආයතන වලට. දැනට නම ටෙලිකොම් ආයතනය නිවෙස් සදහා(FTTH) දැනට ෆයිබර් දෙන්නෙ නැහැ. නමුත් ආයතන සදහා භාවිතාවන් වලට ෆයිබර් ඇදලා කනෙක්ෂන් දෙනවා. මේ පෙට්ටි ගැනත් ඒ හරහා යන තාක්ෂණය ගැනත් ටෙලිකොම් එක ජනතාව දැනුවත් කරන පාටක් පේන්න නැහැ. දැන් ඔන්න කිරිවන්දෙනියෙ ජනතාවට ටෙලිකොම් හරහා අධිවේගි අන්තර්ජාල වේගයන් ගන්න පුලුවන් කිව්වම මිනිස්සු පුදුම වෙනවා. මොකෑ ඉතිං ළඟම ටෙලිකොම් එක්ස්චේන්ජ් එකකට යන්න බස් එකේ පැයක දෙකක ගමනක් යන්න එපායැ. ඒකට ඉතිං අපිට කොරන්න දෙයක් නැහැ. තියෙන දේවල් ටික හරියට මාකට් කොරගන්න දන්නෙ නැති එකත් කොම්පැනි පහලට යන්න එක හේතුවක් නෙව. 

පිටරට භාවිත වෙන එම්සාන් පෙට්ටියක්

ඔය ෆයිබර් මොකටද දැන් ඉතිං වයර්ලස් නේ හැමදේම?

අමරිකාව යුරෝපෙ දකුනු කොරියාව වගේ රටවල ශක්තිමත් ඕප්ටිකල් නෙට් වර්ක් තිබෙනවා. ඒවා හරහා විශාල ප්‍රමාණයේ දත්ත සමාදායක් එකවර හුවමාරු කරගන්න පුලුවන්. මේ ඔප්ටිකල් කේබල හරහා තමයි දැනට විශාලම පරිමාවකින් දත්ත හුවමාරු කරන්න පුලුවන් වෙලා තියෙන්නෙ. ගූගල් සමාගමත් අමරිකාවෙ නවතම ජාලයක් හදාගෙන යනවාලු ෆයිබර් කේබල් ගහලා. දකුණු කොරියාවත් තමුංගෙ රටේ සන්නිවේදන හැකියාව වර්ධනය කරන්න දරුනු ලෙස මහන්සි වෙනවා. කොයි තරම් වයර් රහිත තාක්ෂන තිබුනත් ඒවා බොහෝ විට භාවිත වෙන්නෙ දැන් දැන් අවසාන කස්ටමර් ඉන්න තැනට.(Wi fi, wi max) එතනින් එහාට ජාලකරණ කටයුතු ගොඩක් දුරට දැන් ඔප්ටික්ල් කේබල් හරහා සිදු වෙනවා.

දැන් ඔය මොබයිල් ටවර් වලටත් කේබල් දානවලු නේද?

මේ මොබයිල් ටවර් වලට අපිට අච්චර මෙච්චර එම් බී පී ඇස්(Mbps) ගානක් දෙන්න නම් අනික් පැත්තෙන් ටවර් එකට එන ලයින් එක ලොකු වෙන්න ඕනි. හරි සරලයි. පාරෙ බටේ ලොකුවෙලා ගොඩක් වතුරු ආවෙ නැතොත් අපේ ගෙදර ටැප් එක ලොකු වුනාට වැඩක් නැහැ. ආන්න ඒ වගේ ටවර් එකට එන දත්ත පරිමාව වැඩිකලේ නැත්තං කොච්චර ලොකු තාක්ෂන ආවත් ඒවායේ ප්‍රතිපල ගන්න හැකියාව ලැබෙන්නෙ නැහැ. අනික තමයි දැන් ලංකාවෙ දුරකථන සහ අන්තර්ජාල පාරිභෝගික සංඛ්‍යාව සීඝ්‍රෙයන් වැඩිවේගෙන යන නිසා එක් කුළුනකට දරන්න වෙන පාරිභෝගිකයින් ගාන වැඩියි. එතකොට කෝමත් කුළුනට එන කොනෙක්සම ලොකු වෙන්න එපායැ. ඩයලොග් සමාගම ඔප්ටිකල් කේබල් ඇදපු එකේ ප්‍රධාන අරමුණක් තමයි තමුගේ ටවර් වල ධාරිතාවය වැඩිකර ගන්න එක. ඉන් පස්සෙ එයාලට පුලුවන් නෙව එක එක ජාති සේවිස් පාරිභෝගිකයින්ට දෙන්න.

දැනට මොබිටෙල් සමාගමත් 2010 ඉදලා ටෙලිකොම් ආයතනයත් එක්ක සම්බන්ධ වෙලා ඔවුන්ගේ කුළුනු රාශියකට අවශ්‍ය දත්ත ගනුදෙනු ටෙලිකොම් ඔප්ටිකල් නෙට්වර්ක් එක හරහා කරන්න යනවා. දැනටත් ටවර් සිය ගනනක් ටෙලිකොම් ඔප්ටික්ල නෙට්වර්ක් එකට සම්බන්ධ වෙලා ඉවරයි.

හච්ංසන්, එටිසලාට්, එයාර්ටෙල් සමාගම් වලට එයාල ඇදගතපු ෆයිබර් නැහැ. ඒ නිසා එයාල ඩයලොග් හෝ ටෙලිකොම් ආයතන හරහා තමයි තමුංගේ කුළුනු වලට අවශ්‍ය ජාල පහසුකම් ලබාගන්නෙ.

ලංකාවට තියෙන මුහුදු කේබල් මදි වගේ නේ?

ඇත්ත මෙහි පූර්ණ සත්‍යතාවයක් තියෙනවා. ලංකාවෙ දැනට සී මී වී 4 කේබලයට හානියක් වුනා කියන්නෙ ලංකාව ඇතුලෙ අන්තර්ජාලය දැඩි ලෙස බිදවැටීම් වලට ලක්වෙනවා. ඒක ඇවිල්ල මොබයිල්ද වයර්ද කියාල නැහැ හැම එකම එකපාර ස්ලෝ වෙනවා. මේ ලඟදි ඩයලොග් ආයතනය ලංකාවට නව මුහුදු කේබලයක් දාන්න කටයුතු කරගෙන යනවාලු. මුහුදු කේබලයක් දාන එක නිකං කඩෙන් බඩුවක් අරංඑනවා වගේ සරලව තිබුනා වෙබ් අඩවි වල. නමුත් ඒක සංකීර්ණ ක්‍රියාවලියක්. අඩුතරමෙ කේබලය ස්ථාපනය වෙලා පලවෙනි දත්ත හුවමාරුව ලංකාවත් එක්ක වෙන්න තව අවුරුදු තුන හතරක් වත් යයි. මගේ පුද්ගලික මතේ නම් ඩයලොග් සමාගම ලංකාව ඇතුලෙ ප්‍රකාශ තන්තු ජාලයක් ස්ථාපනය කරන්න පටන් ගන්න කාලෙම මුහුදු කේබල් ජාලයට සම්බන්ධ වෙන එක ගැනත් හිතුවනම් හොදයි. එහෙනම් එයාලයි ලංකාවෙ ඇතුලෙ ෆයිබර් ටික ඇදෙන කොට මුහුදු කේබලයත් ඇවිත් ඉවරයි. නමුත් ලංකාවෙ බොහෝ ආයතන වලට වගේ වැව හෑරුවට පස්සෙ තමයි එයාලටත් වතුර ගන්න විදිය ගැන හිතන්න මතක් වෙලා තියෙන්නෙ.

ටෙලිකොම් ආයතනය පැත්තෙන් බැලුවොත් සී මී වී කියන පද්ධතියෙන් එහාට එයාල හිතන මතන බවක් පේන්නෙ නැහැ. සී මී වී 5 කියලා ඊළඟ සී මී වී කේබලය එනතෙක් ටෙලිකොම් එක කට ඇරං බලං ඉන්නවා. දැනට නම් සී මී වී 4 කියනකේබලය වැඩිත් එක්ක වෙන්න ඇති. ඒත් දැන් අන්තර්ජාලගත වෙන මනුස්සයො ගාන එන්න එන්නම වැඩි වෙන නිසා ඉදිරියෙදි ඒක මදිවේවි.

ඉන්දියාවත් මේ සී මී වී 4 කේබල ජාලයට සම්බන්ධයි. මේ කේබලය බටහිර යුරෝපය, මැදපෙරදිග හරහා යන ලෝකයේ දැනට තියෙන දිගම මුහුදු කේබලය ලෙස නම් දරා තිබෙනවා. මේ කේබලයේ කොටසක් වෙන්කරග්නන යන වියදම සාපේකෂව වැඩිලු. මොකෝ මැදපෙරදික සහ බටහිර යුරෝපෙ පැත්තෙ ඉන්නෙ සල්ලි කාරයො නෙව. ඒ නිසා ඉන්දියාව මීට වසර කිහිපයකට කලිං ඉදලාම අලුත් කේබල් ජාල එක්ක සම්බන්ධ වෙන්න උත්සාහ ගන්නව කියාල අන්තර්ජාලයේ තිබුනා. ඒ නැතත් දැන් ඉන්දියාවට මේ කේබලය හැර වෙනත් කේබල් ගනනාවක් ම තියෙනවා. ඒ අතින් ඉන්ඩියන් අය ඉස්සරහින් ඉන්නවා. ඉන්ඩියාවෙ ඉන්නවා නෙව මහ සල්ලි කාරයෙක් මුකේෂ් අම්බානි කියලා. මිනිහාට අයිති දුරකථන නෙට්වර්ක් එකක් තමයි රිලයින්ස් කියන්නෙ. රිලයන්ස් එක හොං කොං පැත්තන් අලුත් කේබලයක් එක්ක ජොයින් වෙන්න යන කාතාවකුත් තියෙනවා.

අනික ඉන්දියාවෙ යාහු, ගූගල්, ෆේස්බුක් ආදි ආයතන වල සර්වර් බැංකු ආදිය තියෙලු.එතකෙට ඉන්දියාව ඇතුලෙ අන්තර්ජාලය භාවිත කරන අයට රටින් පිටට සම්බන්ධ වීම අඩුයිලු. ලංකාවෙ තියෙන්නෙ පොඩි යූ ටියුබ් සර්වර් එකක් විතරයි. අපිට මහ මුහුදු කේබලය හරහා යන දත්ත අඩුකරගන්න පුලුවන් ලංකාවෙම විසාල සර්වර් ජාති ගෙනැල්ලා ගහ ගත්තොත්. මගේ ඒ ගැන වැඩිමනක් දැනුමක් නැහැ. නමුත් වරක් තිලංග සුමතිපාල මහත්තයා ටෙලිකොම් සභාපති ඉන්නකොට දැනට වැලිකඩ හිරගෙදර තියෙන භූමියට එපිටින් තියෙන මොබිටෙල් තාක්ෂණීක මූලස්ථානයේ සර්වර් බැංකුවක් දාන්න කතා කොරලා තිබුනාලු. ඒත් මිනිස්සු මාරු වෙනකොට ඒ මිනිස්සු ගෙනාපු වැදගත් අදහසුත් යටපත් වෙන නිසා ඒක යට ගියා කියලා රට්ටු කතා වෙනවා.

මොකක් හරි තාක්ෂණීක හේතුවක් නිසා මුලු ලෝකෙම අන්තර්ජාල වේගය සීමා වෙන කතාවක් මම මේ ලගදි බ්ලොග් එකක දැක්කා. නමුත් ඒ සීමාවෙන්නෙ ඒ රටවල තියෙන ගිගාබයිට් තත්තරපයට ලැබෙන තරම් වන මහා වේගයන්. කොහොම වුනත් මට හිතෙන විදියට නම් ලංකාවෙ අන්තර්ජාල වේගය මේ තියෙන තැනම තව අවුරුදු දෙක තුනක් යනකල් තියේවි. මං දන්න විදියට ලංකාවෙ සන්නිවේදන බලධාරින් වුනත් කරන්නෙ එදාවේල වැඩ. එයාලට මේවා ගැන ලොකු දැක්මක් නැහැ. එහෙම වුනාම වෙන්නෙ සැලසුමක් නැතුව මුක්කු වලින් දුවන එක. නමුත් අන්ර්ජාලය වගේ සංකීර්ණ දෙයක් එක්ක මුක්කු වලින් ෂේප් වෙන්න අමාරුයි.

දකුණු කොරියාව 2016දි ඒ රටේ ඇතිකල යුතු ප්‍රකාශ ජාලයෙ තිබිය යුතු වේගයන් ගැනපවා තැන් තැන් වල කතා කරලා ඒ වැඩ පටන් ගන්න කටයුතු පටන් අරන් තියෙනවා. ඒත් පුද්ගලික සහ රජය සම්බන්ධ ලංකාවෙ තියෙන ඔක්කොම ආයතන එක වගේ. එකිනෙකා වෙළද පොල වෙනුවෙන් කුලල් කාගන්නවා හැර වෙනත් දීර්ඝ කාලිනව ජනතාවට සැලකිය යුතු සේවාවක් ලබාදීමගැන හිතන එක ආයතනයක් වත් නැහැ. ආන්ඩුවෙ තැනක් තියෙනවා නියාමන කොමිසමක් මං හිතන්නෙ නියාමන කොමිසමේ ලොකු පුටුවල ඉන්න අයගේ ආදායම සහ වියදම් කරන පිලිවෙල ටිකක් කස්ටියක් හොයල බැලුවොත් පුදුම දේවල් හොයාගන්න පුලුවන් වෙයි. සමහර පංසල් පල්ලි දියුණු කරන්න ආධාර එහෙම එකතුවෙන කාලෙට අනේ අර සාදුල පූජකයොන්ගේ නානකාමර පවා බොහොම වේගෙන් දියුනු පවුනු වෙනවා නෙව ආශ්චරියෙන් වාගේ.

ලිපියෙ වැරදි තියෙනං පෙන්නලා යන්න පුලුවනි කමෙන්ට් එකක් දාලා. අධ්‍යාපනික වැඩකට වගේ ගන්නවා නම් අනිවාර්යෙන් මේ වගේ ලිපිවල යටින් තියෙන කොමෙන්ට බලලා යන්න මතක තියාගන්න හොදේ.

13 comments:

  1. පොරටෝක් දැම්මට Comment කෝ මයේ දෙයියෝ :D

    ReplyDelete
    Replies
    1. කිසිවෙකුට පෙන්වාදීමට තරම් වරදක් නොමැතිව ලිපිය පලකිරීමට හැකිවීම ගැන මා සතුටුවෙමි.

      Delete
  2. නොදන්න කරුණු බොහොමයක් දැනගත්තා අමිල බොහොම ස්තුතියි.

    ReplyDelete
  3. ගොඩක් දුරකතන ආයතන දැන් අන්තර්ජාලය පැත්තට ආයෝජනය කරන බවක් පේනවා. ඒක හොඳ ප්‍රවනතාවක්. මොකද ලංකාවේ කිසිම සමාගමකට තවම ඔවුන් පොරොන්දු වෙන වේගය අඛණ්ඩව ලබාදීමේ හැකියාවක් නෑ.

    ReplyDelete
  4. මේ ලිපිය නම් ගොඩක් හොඳයි අමිල..මගේ හිතුවිල්ලට අනුව නම් දැනට මේ ඔහේ යන දේවල් එහෙමම ගියාවේ...මහා ලොකු අනාගත සැලසුම් වලට යන්න ඕනේ නැහැ 100% සැලසුම් කරලා..හරියට අර වැව හැරීම සහ වතුර පිරීම ගැන වගේ...

    ඔහේ වලවල් හාර හාර හිටපුදෙන්...මොකද තවම ලොකු ආයෝජනයක් කරන්න , ඒවගෙන් ලාබ ලබන්න තරම් පාරිභෝගික පිරසක් නැහැ ලංකාව තුල ( වෙනත් රටවලට සාපේක්ෂව ) .නැත්නම් වෙන්නේ ඉතා ඉහළ මිලක් ගෙවන්න වීම එක බයිට් එකක් වෙනුවෙන්...


    ඩයල් අප් යන කෙනාටත් ලීස්ඩ් ලයින් වෙනුවෙන් කල ආයෝජනයට ගෙවන්න උනොත් වෙන්නේ සමස්ථ කර්මාන්තය කඩා වැටීමනේ.මම කිව්වේ ඒ ගැන හොඳද ..?

    ටික ටික යමු අමිල..එක පාරට ලොකු දේවල් කරන්න , ඒවට ගෙවන්න තරම් සල්ලි නැහැ පාරිභෝගිකයින්ට ....


    පළි. ඔබට ටෙරා බයිට් ලයින් එකක් ඕනේ උනා කියන්න...ඒ වෙනුවෙන් සමස්ථ අය කිරීම ඔබෙන් අය කරගන්න බැහැ..ඒ නිසා අනිත් සාමාන්‍ය පාරිභෝගිකයන්ගේ කර මතද බරක් පැටවෙනවා..බර පැටවීම හොඳටම වැඩි උනොත් වෙන්නේ සාමාන්‍ය පාරිභෝගිකයන් මිළ දරා ගැනීමට බැරුව ඉවත් වීම...එවිට වෙන්නේ සමස්ථ ISPගේ වියදම ඔබ මත පැටවීම...ඔබත් ඉවත් උනොත් ISP සදහටම ඉවරයි...

    ඉතින් ඔක්කොම බැලන්ස් වේවි මේ යන ගමන හොඳයි වගේ...( මේක ලංකාවෙනෙ.දන්නවනේ මෙහෙ වැඩ වෙන හැටි. මේ හිටියා මේ නැහැ )

    හොඳ ලිපියක් අමිල...

    ReplyDelete
    Replies
    1. ඔබ හරි ලංකාවෙ සිද්ද වෙන ව්‍යාපෘතියකදි දූෂන වෙනුවෙන් වියදම ්වෙන භාගය සාපෙක්ෂව වැඩියි. දූෂන නිසාම එන බඩු හොදම ඒවා නෙමෙයි.
      හොද බඩු ආවෙ නැති වුනාම නඩත්තු වියදම වැඩියි...

      ලෝකෙම විදුලිය තියෙනවා..නමුත් ලංකාවෙ තරම් ලොකු බිලක් කොහෙවත ්නැතුව ඇති. ඔය සෙතේම ටෙලිකොම් වලටත් එයි ලොකු ලයින් දෙන්න ගියොත්.

      ඔන්න ඔහෙ වැනෙන තාලෙට වැනුනාම ඇති. දැනට ඉතිං බැංකුවක සල්ලි ටික බලාගන්න. කාලසටහනක් බලාගන්න, ඇප්ලිකේසමක් දාන්න වගේ පොඩි දේකට මේ තියෙන වේගෙ ඇති නෙව..

      වීඩියෝ බැලුවා කියලා වෙන සංවර්ධනේකුත් නැහැ නේ..

      හැබැයි කොම්පැනි ඇතිවෙලා රට දියුනු වේගෙන යනවා වගේ නම් දැන් කාලෙ කොම්පැනි වලට හොද සංනිවේදන පද්දති නැතුව දුවන් බැහැ..

      Delete
  5. හොද ලිපියක් සැහෙන දෙයක් දැනගත්තා

    ReplyDelete
  6. ‍‍‍‍‍හොද ලිපියක්. තවම ඔය මුහුදු කේබල භාවිතා කරනවද මමනම් හිතන් හිටියේ චන්ද්‍රිකා වලින් කියලා යන්නේ.

    ReplyDelete
    Replies
    1. නැහැ නදුන් අද ලෝකෙ වැඩිපුරම දුරකථන අන්තර්ජාල සන්නිවේදන මාද්‍ය තමයි ෆයිබර් කේබල්. ඒක ලෑන්ඩ් සහ මුහුදු කියලා වර්ග දෙකක් තියෙනවා.

      තුර්කිය හරියෙදි ඔය සී මී වී කේබලය පොලව මතිනුත් යනවා. ඕක අර සූවස් ඇල හරහා ගිහින් පොලව මතින් ගමන් කරනවා..
      මම අහලා තියෙන විදියට කේබල් එක ස්ථාපනය කරන්න වැඩිම මුදල් කොටසක් ගිහින් තියෙන්නෙ ඔය පොලව මතින් යන කොටසට..

      චන්දිරිකාවල් ගහන්නෙ ගොඩක් උඩ අහසෙ..එතකොට චන්දිරිකාවට ඉන්පොමේසන් එකක් යන්න තත්පර ගානක් යනවා..
      ඒ නිසා රූපවාහිනි සම්පේසනයට චන්ද්‍රිකා හොදයි..පොඩි ඩිලේ එකක් තිබුනත් අපි ටීවි එකේ නිවේදක එක්කෙනත් එක්ක කතා කරන්නෙ නැහැ නෙව..

      ලංකාවට මුලින්ම එන්නෙ සී මී වී 1 කියන කේබලය..ඒ 1985දි .ඒක තඹ කේබලයක්...අලි බරක් තියෙන්න ඇති. සී මී වී 2ත් තඹ කේබලයක්.. සී මී වී 3 කියන කේබලය ෆයිබර් එකක්... දැන් ඒකෙන් යන දත්ත ප්‍රමාණය සාපේක්ෂව අඩුයි..

      Delete
  7. නියම ලිපියක් නොදන්න දේවල් හුඟක් දැනගත්තා දිගටම ලියන්න ජයවේවා....!!

    ReplyDelete
  8. ලංකාව අන්තර්ජාතිකව සම්බන්ධ කේබල තිබෙන්නෙ ලංකා බෙල් සහ ශ්‍රී ලංකා ටෙලිකොම් විතරක් නෙවෙයි. TATA Communications Lanka Limited ආයතනය මගිනුත් ලංකාව අන්තර්ජාතිකව සම්බන්ධ කේබල පද්ධතියට සම්බන්ධ වී තිබෙනවා. ප්‍රධාන මුහුදු කේබල් වර්ග වන SMW3 සහ SMW4 කේබල් පද්ධතියට ඔවුන් සම්බන්ධ වී සිටිනවා.

    ReplyDelete
  9. වටින දේවල් ටිකක් දැන ගත්තා ...

    ReplyDelete
  10. @SilentShan, I think we need a huge bandwidth at once. Mostly, when our country gets a new technology, customer base is also increased rapidly. Even now, I think SLT is having to apply FUP because they didn't think or govt didn't support the expansion of their fiber network. So, it became a huge problem when technology evolves & customer base evolves. I think we should first deploy a huge fiber network & then start advertising new & faster technologies, so we can give customers a satisfactory speed when need & also customers won't blame the company.
    @Amila, I think Dialog won't take a long time to deploy their fiber network or to start communications via the submarine cable. They're often quick on what they do. They also have expanded their fiber network within really a short period of time, I think when compared to SLT. Also, they've said that they're going to start communications via the new BBG cable in Q4 next year. We also can't think that Sri Lanka is still a 'slow moving country' when reviewing recent developments in the counrty in broadband sector.

    ReplyDelete