දැන් අවුුරුදු තුන හතරකට කලිං එලවලු වගා වලට වතුර යොදන්න වතුර මැසිමක් අපේ ගෙදර තිබුනා. ඒක ඩීසල් එකක් යකා වගේ වැඩ.. කිලෝමීටර දෙකතුනක් ඈතට වුනත් එ්කෙන් වතුර ගහන්න පුළුවනි. ඒකට වතුර ගහන්න නම් අගල් දෙකේ බට ඕන.ඒ බට ටික ටැට්ටෙරේ පටවං යනවා..අඩි විස්සක් විතර දිග බට පනහක් හැටක් විතර අපිගාව එතකොට තිබුනා..
නැත්තං අර අකුලන්න පලුවන් රෝල් කරලා ටැට්ටෙරේ බැදන් යන ජාතියෙ බට ගන්නත් ඇහැකි. ඒවා ගෙනිහිං එලලා මැසිම ස්ටාට් කරලා ඇලේ ඉදලා කිලෝමීටර දෙකක්තුල වතුර ගහන්න හැකියාව තියෙනෝ... පට්ට භාන්ඩෙ... තමයි ඒක.ඊට කලියෙං පාවිච්චි කරේ ටැට්ටෙරේටම සෙට් කරන වතුර මැසිමක්..ඒකෙදි අපි බට ටික පටවං අරං යන ලෑන් මාස්ටර් ඇංජිමම යොදාගන්නවා වතුර මැසිමක් විදියට..පොඩි බෙල්ට් මාරුවක්විතරය් කොරන්නතියෙන්නෙ..
ටිකක් හොදට ප්‍රැක්ටිස් වෙච්චි තුන් හතර දෙනෙක් ඉන්නෝ නම්..ඔය බට ටිකකිලෝමීටර දෙක තුනක් එලාගෙන ඇලට පුට් වෑල් එක දාලා මැසිම ඉස්ටාට් කොරලා වතුර ගහන්න පැය බාගයක් යන් නැහැ..
ලිං වලට මේ ජාතියෙ පුට් වෑල් හරියන්නැහැ..ඒකට වෙනම මෝටර සහ පුට් වෑල් තියෙනවා.. මං වැඩකොරන්න ආවම කොළඹ පාරවල් වල මෑන්හෝල් වලටවැඩට සෙට් වුනා. එතකොට අපිට සමහර මෑන්හෝල් වල වතුර අහක් කරන්න වෙනවා. එතකොට අර මෝටරේ වල ඇතුලට බස්සලා වලේ වතුර ටික පැය බාගෙකින් අහක් කරත හැකි. මේ වලක සාමාන්‍යයෙන්වතුර ඝණ මීටර සීයක් විතර තියෙනවා..
මේ ටික මට මතක් වුනේ පහුගිය දා සිද්දවුන ගුවන් අනතුරකින් පස්සෙ ඒ ගමේ මිනිස්සු තමුන්ට ඇහැක් විදියට ගින්න නිවන්න වතුර හොයාගන්න වින්ද දුක දැකලා.. ඒ අයට ලගපාත හොයාගන්න පුලුවන්හැම වතුර මූලාශ්‍රයම සොයාගත්තත් ප්‍රවාහනයටලොකු වෙලාවක්යනවා... අර වගේ වෙලාවක මං මුලින් කියාපු ලොකු මෝටරයකුයි බට සැට් එකකුයි තිබුනා නම් සෝක් එකට ලගපාත ලිදකින්, ඇලකින්, දොලකින්, ගගකින් වතුර අරං ඉක්මන්ට ගින්න නිවාගන්න හැකියාව තියෙනවා..
මෙතනදි අපේ පොඩි ටැට්ටරේ අපි පටවං වතුර ගහන්න සැට් කරගෙන ගිය බට සැට් එකයි..වතුර මැසින්ටිකයි..ඩිසල් හෝ පෙට්‍රල්..අපිට කෑම.බීම...සහ මිනිස්සු ටික හෙලිකොප්ටරේක පටවං ඒ ගින්දර ඇතිවෙච්චි තැනක බාන්න හැකි වුනානං විනාඩි විස්සක්විතර ඇතුලත ඒ බට ටික මැසින් ටික අමුනගෙන ඉක්මන්ට ගින්න නිවාගන්න තිබුනා. අඩුගානෙ ඇස් වලට පෙනි පෙනී පිච්චෙන මනුස්ස ජීවිත ටික හරි බේරගන්න තිබුනා..
මහ ලොකු බවුසර්, ගිනි නිවන රථ ආදිය තිබුනාට ,ඔය පෙරිය සයිස් වාහනයක් කොළඹ නගර සීමාෙවන් එලියට ගන්නගියත් ලොකු වෙලාවක්යනවා.. ඒ නිසා අර වගේ ස්ටෑන්ඩ්බයි හෙලිකොෆ්ටර් එකක් සහ මිනිස්සු ටිකක් හිටියනං වැඩෛ් ගොඩදාගන්න තිබුනා ලේසියෙන්ම..
මම අහලා තිබුනා කතාවක් ඩෙන්සිල් කොබ්බෑකඩුව මහත්තයා මැරුන විදිය ගැන. එතුමා රත්මලානෙ ඉදලා ජාතික රෝහලට ගේන්න පාරේ වාහන තදේ නිසා ගොඩක් වෙලායනවා.. ඒ වෙලාවෙ ස්පිරිතාලෙක උඩට හෙලිකොප්ටරේ බාල කොබ්බෑකඩුව මහත්තයා ඉස්පිරිතාලෙන්ම බාගන්න හැකියාවක්තිබුනා නම් එතුමා ජීවත්කරන්න හැකියාවක් තිබුනා කියල කස්ටිය කතාවෙනවා.. නමුත් පස්සෙ කාලෙකවත් ලංකාවෙ හොස්පිටැල් හදන කොටඒ විදියෙ හෙලිකොප්ටර බාන්න තැනක් ඉතුරුකරන්න අපේ රටේ ඇත්තො හිතුවද? අඩු තරමෙ මහා ඉස්පිරිතාල හදද්දි වත්....
මිනිස්සු මලාම වටිනකම වැඩිවෙනවා.බැනර් කවි සිංදු ලිපි ඇතිවෙනවා. නමුත් ලංකා ඉතිහාසෙට සිද්ද වෙන අනුවේදනීය සිදුවීම් වලින් අපේ අය පාඩමක් ඉගනගන්න ආකාරයක් පෙන්නුම් කරන්නෙ නැහැ.. හිතන්න අපේ රටේ ලොකු රාජපක්ෂ වරයෙක් ගිය හෙලිකොප්ටරයක් හදිසි ගින්නක් නිසා පහත් කරන්නවුනා කියලා...ඒ වගේ වෙලාවක වත් ඒ සදහා හදිසියේ ක්‍රියාත්මක වෙන්න ගිනි නිවන හෙලිකොප්ටරයක් ඉක්මනින්ම පිටත් කරන්න අංශයක් තියේද? ඒ තිබුනත් එයාලට ඇත්තටම ඒවගේ දෙයක් ඉක්මනින්නම විසදගන්න හැකියාවක් තියේද කියලා මටපොඩි සැකයකුත් එනවා..