Monday, July 14, 2014
Friday, July 11, 2014
මං දැක්ක කොලම්බෝ colomboow
කොළඹ බෝ ගහක ඉන්න පෙලිකන් හෝ ඒ හා සමාන කුරුල්ලො ජාතියක්. මුන්මද මන්දා බේරෙ වැවේ පීන පීන ඉන්නෙ.
කොළඹ අහසට උඩින් යන හෙලිකොප්පර රාජයෙක්. මේවායේ ලොකු අය තමයි යනවා ඇත්තෙ. මම මේ විදියට බිල්ඩිමක ඉහල ඉදලා වටපිට ඡායාරුප ගත කරනවා කියලා කොහේටද කොම්පෙලෙන් එකක් ගිහින්. අපේ ආයතන සිකුරිටි එකේ මාම කෙනෙක් ඇවිල්ල මට අවවාද කරලා තවත් පොටෝ ගහන්න එපාය කියලා ගියා. ෆුබ්බෝල් බාසාවෙන් කියනවා නම් සිකුරිටි මාමා මට කහකාඩ් එකක් වනලා ගියා.
ඉහලින් බැලුවාම රෙෆියුජි කෑම්ප් එකක් වගේ ඇස්බැස්ටස් සීට් ගහලා තියෙන්නෙ අපේ රටේ ප්‍රධාන දුම්රිය ස්ථානය. ඉදිරියෙන් බැලුවාම ලස්සනට පෙනුනාට ඇතුල සහ සමස්ථය ගත්තාම මේක රටේ ප්‍රධානතම දුම්රිය ස්ථානය විදියට මිට වඩා ඉස්සරහින් ඉන්න ඕනි තැනක් කියලා මට හිතෙනවා.
මට මේ එළි පිංතූර (light painting) ක්‍රමය ගැන අදහස ආවෙ බුල්ටගේ පිංතූර බ්ලොග් දැකලා. අපරාදෙ කියන්න බැහැ මට තියෙන පොටෝ එඩිටිං ගිම්ප් ගැන දැනුම බොහොම මදි මේ වගේ වැඩකට. ඒ පාර පොටෝ ටික ගහලා අමුණලා යැව්ව බුල්ටට. බුල්ටා ඒක කදිමෙට කරල මේ විදියට පිංතූරු දෙකක් මට එව්වා.. ඉතිංමේ වගේ එළිපිංතුර (light painting) කිහිපයක් බුල්ට මල්ලිත් යසටම අරං තිබුනා. කස්ටිය ඒ පැත්තටත් නිකං යන ගමං ඔලුව දාගෙන යන්න හොඳේ...
කොළඹ අහසට උඩින් යන හෙලිකොප්පර රාජයෙක්. මේවායේ ලොකු අය තමයි යනවා ඇත්තෙ. මම මේ විදියට බිල්ඩිමක ඉහල ඉදලා වටපිට ඡායාරුප ගත කරනවා කියලා කොහේටද කොම්පෙලෙන් එකක් ගිහින්. අපේ ආයතන සිකුරිටි එකේ මාම කෙනෙක් ඇවිල්ල මට අවවාද කරලා තවත් පොටෝ ගහන්න එපාය කියලා ගියා. ෆුබ්බෝල් බාසාවෙන් කියනවා නම් සිකුරිටි මාමා මට කහකාඩ් එකක් වනලා ගියා.
ඉහලින් බැලුවාම රෙෆියුජි කෑම්ප් එකක් වගේ ඇස්බැස්ටස් සීට් ගහලා තියෙන්නෙ අපේ රටේ ප්‍රධාන දුම්රිය ස්ථානය. ඉදිරියෙන් බැලුවාම ලස්සනට පෙනුනාට ඇතුල සහ සමස්ථය ගත්තාම මේක රටේ ප්‍රධානතම දුම්රිය ස්ථානය විදියට මිට වඩා ඉස්සරහින් ඉන්න ඕනි තැනක් කියලා මට හිතෙනවා.
දැනට හදමින් යන කොළඹ නෙළුම් කුළුන. මේ කුළුනේ ප්‍රධාන වේදිකාව මහල් තුනකින් යුක්ත සංකීර්ණයක්. ඔය ලගින් පොඩියට පේන තැපැල්බිල්ඩිම මම දැකපු විදියට තට්ටු අටක දහයක බිල්ඩිමක්. ඊට සාපේක්ෂව සහ කොළම ඒ හරියේ ඇති අනෙක් බිල්ඩින් වලට සාපේක්ෂව දැනටම නෙළුම් කුළුන විශාලයි. මේ අසල බේරෙ වැවේ ඩෝසර් කරනවා පේනවා හැමතිස්සෙම අලි සයිස් ඩෝසර් වලින්. බාගෙදා බේරෙ වැව ඇතුලෙ නෙළුං අලේ හදනවාද දන් නැහැ.
අද කොළඹ අැවිදන කෙනෙක්ට විශාල ගොඩනැගිලි කිහිපයක්ම ඉදිවෙනවා පේනවා. නමුත් තාමත් මේ වගේ පෙට්ටි කඩවල මිිිනිස්සු මී මැස්සො වාගේ පිරිල. සමාර විට ලොකු බිල්ඩින් වල ඉන්න ලොකු මහත්වරුන්ටත් මේ කඩ උවමනා වෙනවා සිගරට් එකක් ගහන්න කාරිය.
මේ කොළඹ වරායෙන් කොටසක්. මේ කෙළවරින් පෙන්නුම් කරන්නෙ කොළඹ අලුත් බිල්ඩිම කස්ටම් එක..
මේ තිියෙන්නෙ කස්ටම් බිල්ඩිම.. ඒක ලගදි හැදුවෙ දැන් අවුරුද්දක ඉඳලා විතර ඇතුලෙ වැඩ. ඒත් විවෘත කරල නැහැ කියලයි ආරංචිය ආවෙ..
එළිපිංතූර (light painting) සංකල්පය යටතේ ඔය ඉහලින් තිබෙන කස්ටම් බිල්ඩිමම වඩාත් ලක්ෂනට හදාගන්න මට පුලුවන් වුනා.මට මේ එළි පිංතූර (light painting) ක්‍රමය ගැන අදහස ආවෙ බුල්ටගේ පිංතූර බ්ලොග් දැකලා. අපරාදෙ කියන්න බැහැ මට තියෙන පොටෝ එඩිටිං ගිම්ප් ගැන දැනුම බොහොම මදි මේ වගේ වැඩකට. ඒ පාර පොටෝ ටික ගහලා අමුණලා යැව්ව බුල්ටට. බුල්ටා ඒක කදිමෙට කරල මේ විදියට පිංතූරු දෙකක් මට එව්වා.. ඉතිංමේ වගේ එළිපිංතුර (light painting) කිහිපයක් බුල්ට මල්ලිත් යසටම අරං තිබුනා. කස්ටිය ඒ පැත්තටත් නිකං යන ගමං ඔලුව දාගෙන යන්න හොඳේ...
Sunday, July 6, 2014
ගෙදර අවට පොටෝ nearby home
මකුලුවෙක් ඇවිත් සෙරප්පුව උඩ. ලක්ෂණ මකුලු පැටියෙක්ද මන්දා.
පවු සතා වැස්සට තෙමිලා. මුගේ නම නම් මොකද්ද දන් නැහැ.
කලිං මකුළු බබාමයි. එයා බිම ඉන්නකොට තමයි මේම පේන්නෙ.
මෙයාගේ අයියා කෙනෙක් මනුස්ස අයියා කෙනෙකුට විදලා එයා ඉස්පයිඩර් මෑන් වුනා. පහුගිය කාලෙ ස්පයිඩර් මෑන් කොළඹත් තැන් තැන් වල උන්නා. මේ බේබි ස්පයිඩර් කෙනෙක් බිත්තියක් දිගේ යන්න පොඩි උත්සාහයක් දරන හැටි.
මේ බිත්ති පැල්ම අස්සෙ කෑල්ලක් ඉන්නවද දන් නැහැ මූ එච්චරම හොයන්නෙ. කවුද දන්නෙ මකුළුවට මුකුළු කරන්න මකුළු කෑල්ලක් හැංගිල ඉන්නෝද කියලා.
මේ අල්ලපු ගෙදර කොස් ගහ. හම්බේ ගෙඩි. අල්ලපු ගෙදර කස්ටිය නැති වෙලේ තමයි පොටෝව ඇල්ලුවෙ. නැත්තං ඇස්වහ කටවහ වදිනවා කියනවා නේ. මේක කිරි ගහක් නිසා ඇස්වහ හෙම වදින් නැතුව ඇති නේද?
පහුගිය කාලෙ අපේ පුංචි වත්ත මැදින් අලියෙක් ගිහින් තිබුනා. ඌ හෙන දුරකතර ගෙවාගෙන බෙලිඅත්තට ම ඇවිත්. මේ අල්ලපු ගෙදර ගාවිනුත් ගිහින්. අපේ තාත්තට ඌ අපේ වත්ත උඩින් යනකොට තිබුන අඩිපාරවල් හෙම හමුවෙල තිබුනා. වැඩේ කියන්නෙ ඌ කිලෝමීටර් සීයක් විතර ගිහින් තියෙනවා. තනි අලියෙක් වෙන්න ඇත. මිනිස්සුන්ට කරදර කරලාත් නැහැ. ඒත් අල්ලපු වත්තක මයියොක්කා ටිකක් නම් දෙසාබාල තිබුනා. ඌ වලවෙ ගගෙන් එගොඩ වුනාද? රන්නෙ ඔය පැන්නද? එතකොට වතුරු තිබුන තැන්වලින් අලිය වතුරෙ බැහැල ගියාද? ඌ ඒ තරං දුර ගියේ ඇයි? දහසක් පස්නවලටඋත්තර දන්නෙ ඌම තමයි.අපේ ගෙදර තියෙන්නෙ මහපාරෙන් මූද පැත්තෙ. ඒ කියන්නෙ බෙලිඅත්තට ගිය ඒ අලියා මහපාර සහ විශාල දියපාරවල් කිහිපයක්ම හරහා ගිහින් තියෙනවා.
කලු සමනලයා.
නිල් බත්කූරා..
ස්පාඤ්ඥෙට යවන්නෙ නැති පිපිඤ්ඤා. වරුසාව නැති නිසා වගාව හේ ගිහින්. . බෙලිඅත්ත පැත්තෙ අලුතින් කෝච්චි පාර හදන නිසා ගොඩබහින්න තියෙන වැහි වලාකුලු වලට ඉන්ජෙක්සන් ගහලා වැසි නවත්වනවාය කියලා අමු පචයක් අපේ ගම පැත්තෙ පැතිරිලා. මම පුද්ගලිකව හිතන්නෙ නැහැ ඒ තරං තාක්ෂනයක් අපෙ අය තාම පාවිච්චි කරනවාය කියලා.
කොළඹ ගෙනල්ල පොලිෂ් කරලා හොඳ ගානකට සතෙක් වගේය කියලා විකුනන් පුලුවන් කොටයක්.
වැල්පෙනෙල කිනිත්තක හිටපු පලිබෝධකයෙක්. තද හුලගට වැල් පෙනෙල වැල ගැස්සෙන නිසා පොටෝ ගන්න අමාරුයි. ඒ පාර වැල් පෙනෙල කිනිත්ත කට් කරලා අර පෙර තිබුන කොටෙ උඩට පේස්ට් කරලා දැම්මා. අහ් දැන් ඉන්නෙ බබා වගේ සතා.
මේ ඉන්නෙ අර වැල් පෙනෙල නටුකෑලි වලටත් වඩා පුංචි මැස්සෙක් විතර සතෙක්. දිරමින් තියෙන කොට කෑල්ල උඩ ඉන්න නිසා යසට පේනවා.
කිඹුල් හූනෙක් නම් නෙමෙයි. මේ කටුස්සෙක්. පොල් ගහ බදාගෙන නගින්න හදනවා.
කළු සුදු සහ අළු සමනලයෙක්.
තැඹිලි පාට සමනල උන්නැහේ කෙනෙක්.මුං නම් ගොඩාරියක් උන්නා.

වට්ටක්කා මලකට වහපු මී මැස්සෙක්. තව මී මැස්සෙක් මල ඇතුලෙ ඉන්නවා.
අපේ වත්ත උඩින් යන මොණරු සෙට් එකක්. මුන් දුවනවා නේ. පොටෝ එකකටවත් ඉන්න කැමති නැහැ. මුන් දන්නවා නම් අපේ ගෑනු හෙම පොටෝ ගහනවා කිව්වම හැඩවෙන තරම..හප්පා එහෙනං නැවතිලා හිනාවකුත් දාල යාවි.
ඉතිං තලගොයි කබරගොයි.ගෙම්බො හූනො කොරවක්කො, මීහරක්, බල්ලො, වාගේ දුර්ලභ ජීවින් ගේ පිංතුර තව තිබුනත් මං බලන අයට දිග වැඩි වෙයි කියාල හිතල දැම්මෙ නැහැ. පස්සෙ තව ලැබෙන විදියට පිංතූරු දාන්න බලාන්නං.
| දුංකල බණ්ඩා,බඩහැලය තන්තිරිය Wasp Moth - Amata passalis |
| Gray wall Jumping Spider - Menemerus bivittatus |
මෙයාගේ අයියා කෙනෙක් මනුස්ස අයියා කෙනෙකුට විදලා එයා ඉස්පයිඩර් මෑන් වුනා. පහුගිය කාලෙ ස්පයිඩර් මෑන් කොළඹත් තැන් තැන් වල උන්නා. මේ බේබි ස්පයිඩර් කෙනෙක් බිත්තියක් දිගේ යන්න පොඩි උත්සාහයක් දරන හැටි.
මේ බිත්ති පැල්ම අස්සෙ කෑල්ලක් ඉන්නවද දන් නැහැ මූ එච්චරම හොයන්නෙ. කවුද දන්නෙ මකුළුවට මුකුළු කරන්න මකුළු කෑල්ලක් හැංගිල ඉන්නෝද කියලා.
මේ අල්ලපු ගෙදර කොස් ගහ. හම්බේ ගෙඩි. අල්ලපු ගෙදර කස්ටිය නැති වෙලේ තමයි පොටෝව ඇල්ලුවෙ. නැත්තං ඇස්වහ කටවහ වදිනවා කියනවා නේ. මේක කිරි ගහක් නිසා ඇස්වහ හෙම වදින් නැතුව ඇති නේද?
පහුගිය කාලෙ අපේ පුංචි වත්ත මැදින් අලියෙක් ගිහින් තිබුනා. ඌ හෙන දුරකතර ගෙවාගෙන බෙලිඅත්තට ම ඇවිත්. මේ අල්ලපු ගෙදර ගාවිනුත් ගිහින්. අපේ තාත්තට ඌ අපේ වත්ත උඩින් යනකොට තිබුන අඩිපාරවල් හෙම හමුවෙල තිබුනා. වැඩේ කියන්නෙ ඌ කිලෝමීටර් සීයක් විතර ගිහින් තියෙනවා. තනි අලියෙක් වෙන්න ඇත. මිනිස්සුන්ට කරදර කරලාත් නැහැ. ඒත් අල්ලපු වත්තක මයියොක්කා ටිකක් නම් දෙසාබාල තිබුනා. ඌ වලවෙ ගගෙන් එගොඩ වුනාද? රන්නෙ ඔය පැන්නද? එතකොට වතුරු තිබුන තැන්වලින් අලිය වතුරෙ බැහැල ගියාද? ඌ ඒ තරං දුර ගියේ ඇයි? දහසක් පස්නවලටඋත්තර දන්නෙ ඌම තමයි.අපේ ගෙදර තියෙන්නෙ මහපාරෙන් මූද පැත්තෙ. ඒ කියන්නෙ බෙලිඅත්තට ගිය ඒ අලියා මහපාර සහ විශාල දියපාරවල් කිහිපයක්ම හරහා ගිහින් තියෙනවා.
| Common Rose - Pachliopta aristolochiae |
කලු සමනලයා.
| Ground Skimmer - Diplacodes trivialis - male |
ස්පාඤ්ඥෙට යවන්නෙ නැති පිපිඤ්ඤා. වරුසාව නැති නිසා වගාව හේ ගිහින්. . බෙලිඅත්ත පැත්තෙ අලුතින් කෝච්චි පාර හදන නිසා ගොඩබහින්න තියෙන වැහි වලාකුලු වලට ඉන්ජෙක්සන් ගහලා වැසි නවත්වනවාය කියලා අමු පචයක් අපේ ගම පැත්තෙ පැතිරිලා. මම පුද්ගලිකව හිතන්නෙ නැහැ ඒ තරං තාක්ෂනයක් අපෙ අය තාම පාවිච්චි කරනවාය කියලා.
කොළඹ ගෙනල්ල පොලිෂ් කරලා හොඳ ගානකට සතෙක් වගේය කියලා විකුනන් පුලුවන් කොටයක්.
වැල්පෙනෙල කිනිත්තක හිටපු පලිබෝධකයෙක්. තද හුලගට වැල් පෙනෙල වැල ගැස්සෙන නිසා පොටෝ ගන්න අමාරුයි. ඒ පාර වැල් පෙනෙල කිනිත්ත කට් කරලා අර පෙර තිබුන කොටෙ උඩට පේස්ට් කරලා දැම්මා. අහ් දැන් ඉන්නෙ බබා වගේ සතා.
මේ ඉන්නෙ අර වැල් පෙනෙල නටුකෑලි වලටත් වඩා පුංචි මැස්සෙක් විතර සතෙක්. දිරමින් තියෙන කොට කෑල්ල උඩ ඉන්න නිසා යසට පේනවා.
| Oriental garden lizard - Calotes versicolor |
කිඹුල් හූනෙක් නම් නෙමෙයි. මේ කටුස්සෙක්. පොල් ගහ බදාගෙන නගින්න හදනවා.
| Common Crow - Euploea core |
| Common Tiger - Danaus genutia |
වට්ටක්කා මලකට වහපු මී මැස්සෙක්. තව මී මැස්සෙක් මල ඇතුලෙ ඉන්නවා.
අපේ වත්ත උඩින් යන මොණරු සෙට් එකක්. මුන් දුවනවා නේ. පොටෝ එකකටවත් ඉන්න කැමති නැහැ. මුන් දන්නවා නම් අපේ ගෑනු හෙම පොටෝ ගහනවා කිව්වම හැඩවෙන තරම..හප්පා එහෙනං නැවතිලා හිනාවකුත් දාල යාවි.
ඉතිං තලගොයි කබරගොයි.ගෙම්බො හූනො කොරවක්කො, මීහරක්, බල්ලො, වාගේ දුර්ලභ ජීවින් ගේ පිංතුර තව තිබුනත් මං බලන අයට දිග වැඩි වෙයි කියාල හිතල දැම්මෙ නැහැ. පස්සෙ තව ලැබෙන විදියට පිංතූරු දාන්න බලාන්නං.
පුඤ්ඤසෝම කලාව සහ අපි
උදයකාන්ත
වර්ණසූරියගේ ඉස්පැක්ටර්
පුඤ්ඤසෝම බැලුව දවස්වලම ඉවන්ට්
කිහිපයකට යන්න මට අවස්ථාව
ලැබුනා. එකක්
කොළඹ සෝසල් මීඩියා දවස,
අනික නයනහාරිගේ
සේයාරූ ප්‍රදර්ශනය අනික් එක
ස්කිට්සෝ ලගේ ශෝ එක.. එක
කාලයකදි අපි ලැබෙන චාන්ස් මග
අරින්න හොද නැහැ. ඉන්
පස්සෙ අපිට ඒ වගේ කාලයක් ආයිත්
එන එකක් නැහැ. ඒ
නිසා මම නම් බෝඩිමට වෙලා
නිදියගන්න එකට වඩා විසාල
ප්‍රයෝරිටි එකක් අනෙකුත් කලා
වැඩ වලට දෙනවා.
උදයකාන්ත
පුඤ්ඤසෝම හදල තිබුනෙ අමාරු
වටපිටාවකදි. මේ
කාලෙ සාමාන්‍යයෙන් කවුරුත්
බොහොම බය හිතෙන චරිත ගැන.
නමුත් ඉන්ස්පැක්ටර්
පුඤ්ඤසෝම වඩාත් සාධාරන විදියට
හැදිලා තිබුනා. ඇහැට
පේන විශාල වැරදි ගොන්නක් සිනමා
භාවිතය ගැන තිබුනත් පුඤ්ඤසෝම
පවතින රාමුව තුල සාරථක කතා
වස්තුවක් බවට නිසැකවම කියන්න
පුලුවන්.
වර්ථමාන
ආන්ඩුව ඉවරවෙලා සාර්ථක පොරක්
ආන්ඩුවට ආවොත් අපේ ප්‍රශ්ණ
විශාල සංඛ්‍යාවක් විසඳෙනවා
කියලා පිරිසක් බලාගෙන ඉන්නවා.
ඔවුන්ට අනුව
අපේ වැරැද්ද තියෙන්නෙ අපේ
නෙමෙයි. අපෙන්
පිටත තිබෙන රාජපක්ෂ රෙජීමය
හෝ වෙනයම් ඒ වගේ සාධයකයක් මත.
අපිට ගොඩක්
දේවල් කරන්න බැරි වෙලා තියෙන්නෙ
ඒ පාලනය නිසා. කියලා
බොහෝ දෙනා කියනවා. නමුත්
ඒක අපි විසින්ම සමාර වෙලාවට
හදාගෙන තියන නීතියක්.
උදයකාන්ත
මහත්මයා ඉතාම ලස්සනට කොස්තාපල්
ඇතුලු පොලිසිය අමුවෙන්ම
විහිලුවට ලක්කරලා පෙන්වනවා
ආන්ඩු විරෝ කස්ටිය අපි බයකරන
විදියෙ අමු මර්ධනයක් මේ පද්ධතිය
තුල නැහැ කියලා උදයකාන්ත අපිට
ලක්ෂණට පෙන්වනවා. ඒ
වග යම් මර්ධනයක් තිබුනත් ඒ
තුල පවා නිර්මාණයන් කරන්න
බැරිවෙන විදියේ නිදහස සීමා
කිරීමක් නම් නැහැ.
ස්කිට්සෝ
ලගේ මියුසිකල් එක දවසෙ ගොඩක්
තරුණයො බොන්න තියෙන කෑදරකම
මම ඇස් ගෙඩි දෙකින්ම දැක්කා.
බොන්නෙ ගංජද
එහම නැත්තම් අරක්කුද කියන එක
නෙමෙයි වැදගත් බොනවා කියන
සංසිද්ධිය. අද
ඒ ජාතියෙ බිමක් කියන්නෙ නිර්ධන
පංතියට අයිති විනෝදයක් නෙමෙයි.
අරක්කු බාගයක්
අරං බයිට් ටික අරගෙන සැන්ඩි
දාල ගහන්නත් රුපියල් හය හත්සීයක්
යනවා. ඒ
විනෝදය අහිමි කරගන්න ගොඩක්
තරුණයො කැමති නැහැ.
සමාරවිට
ඔවුන්ගේ පරම විනෝදය තියෙන්නෙ
ඒ ලබාගන්නා එතනෝල් හෝ නිකොටින්
මත. ඔවුන්ම
සමාර වෙලා වන් වල ලංකාවෙ දුප්පත්
අය ගැන ලොකු කතාන්දර කියනවා.
අරක්කු
බීම එක අතකින් මේ කැත ආන්ඩුව
ශක්තිමත් කිරීමක්. විශාල
බදු මුදලක් අපි ආන්ඩුවට ඒ හරහා
ගෙවනවා. අනික්
අතින් සියලුම දේශපාලනික අදහස්
පහල වන්නේ මත් ගතිය හරහා නම්
ඒ මත උඩින් වැටෙන මතවාදි අදහස්
වල තියෙන ගැඹුර සහ පැතිරීම
ගැන ඇතිවන්නෙ සැකයක්.
අද
සමාර ඉවන්ට් වලට අපි ගියාම
කැමරා කාරයො හොම්බ දිග කැමර්
අරගෙන එහෙ මෙහෙ කැරකෙනවා දකින්
ලැබෙන එක සුලබ වෙලා.
පුඤ්ඤසෝම
ගහපු උදයකාන්ත පාවිච්චි කරලා
තිබුනෙ පරණ කැමර් කියලායි
මට හිතුනෙ. මේ
අලුත් පරපුර අත තියෙන කැමරා
දැක්කම මට හිතෙන දෙයක් තමයි
කෝ ඕයි ඕවයින් ගහන පොටෝ ?
කියන පස්නය?
කෝ ඇත්තට
ඒවයින් ගන්න පොටො සහ විඩියෝ.
??
ලංකාවෙ
ජනප්‍රිය යූටියුබ් චැනල්
කීයද තියෙන්නෙ? ඒවයිත්
දෙක තුනක්ම පිටරට ඉන්න ලංකාවෙ
අය කරන ඒවා. අනික්
ඒවා මියුසික් වීඩියෝ.
ඊට අමතරව යූ
ටියුබ් එකේ විශාල දෙයක් ලංකාවෙන්
කියලා නැහැ.
කාලයක්
තිබුන ලොකු චෝදනාවක් තමයි
හැකියාව තියෙනවා කාරුවත් අත
දෙන් නැහැ කියන කතාව. අද
ලෝකය වෙනස්. අද
වීඩියෝවක් හදාගන්න නම් පොටෝ
එකක් ගහගන්න පෝන් කැමරාවක්
තියේ නම් පුලුවනි.
අන්තර්ජාලය
කියන මහා සාගරය තියෙනවා ඕනි
හැටියෙ නිර්මාණ මිනිස්සු
අතරට යවන්න. ලංකවෙ
වගේම පිටරට ට වුනත් ලේසියෙන්ම
අපිට පුලුවනි නිර්මාණ යවන්න
අන්තර්ජාලය පාවිච්චි කරලා.
අන්තර්ජාලය
ලංකාවෙ අපි මොන විදියට කලාවට
යොදාගන්නවද? තාමත්
අපි චිත්රපටි සංස්ථාවට,
කලා ඇමතිට,
එහෙම නැත්තං
ජේෂ්ඨ කලා කාරයින්ට බනිමින්
කාලය නාස්ති කරන එක කොයි තරම්
සාදාරනද?
නයනහාරිගේ
ප්‍රදර්ශනය වැදගත්. ඒ
නයනහාරි පොටෝ අරං තිබුන ජාතියෙ
පොල් අතු වාඩිවල මාත් පුංචි
කාලෙ ඉදලා තියෙනවා. ඒ
ලංකාවෙ මෙහා කොනේ දකුනෙ.
ඒ පෙටෝ බලන
අය පොටෝ වල මිනිස්සු දිහා
බලමින් ඉන්න කොට මගේ ඇහැ ගියේ
පොල් අතු පැලේ තිබුන වෙනත්
දේවල් වලට. එක
පොටෝවක තිබුනා ඒ කට්ටිය ඉන්නෙ
දුප්පත්ම ලක්ෂණ තිබුන පැලකට.පොඩි
එකා එල්ලලා තියෙන්න සාරි
කෑල්ලක. හැබැයි
ඒ ගෙදර වටිනා කමින් වැඩි,
ගැහැනු බාවිතා
කරන පවුඩර් ටින් එකක් තිබුනා.
සමාර විට ආධාර
ලැබුන එකක් වෙන්න ඇති.
මගේ
මතය වුනේ නයනහාරි ඔය ලයනල්
වෙන්ඩ්ට් එකේ ප්‍රදර්ශනය
තියනවාට වඩා පාරෙම,
ස්ටේෂන්
එකක,පිටකොටුව
බස්නැවතුමේ තියන්න පුලුවන්
නම් හොදයි කියන එක. ඒක
මම අදහස් පොතේ ලිව්වා වාගේම
නයනහාරිට කටිනුත් කිව්වා.
එයා බොහොම
නිහතමානිව ඒක පිලිගත්තා.
තවදුරටත් අපි
කලා නිර්මාණ ඔය ඉපැරණි වෙන්ඩ්ට්
වගේ කලාගාර අස්සෙ වලව් පිංතූර
වාගේ ගහං ඉන්න එක තේරුමක්
නැහැ. නයනා
කිව්ව විදියටම ඒ පොටෝ වල නිරූපිත
මිනිස්සු කවදාවත් හුරු වෙලා
නැහැ වෙන්ඩ්ට් එකට ඇවිත් පොටෝ
බලාන්ඩ. පිටකොටුවෙ
බස් ටෑන්ඩ් එකේ පේන තැන ඕක
තිබුනනං අඩුතරමෙ එයාලගේ
නෑයෙක් හරි බලාවි යන එන ගමන්.
කැමරාකරුවන්
කියන අයට කැලෑ සත්තු,
ගස් වැල් මල්
සහ වෙඩින් වලට අමතරව සමාජ
වගකි්මක් තියනවාය කියන කාරනාව
ගෑනියෙක් වෙලත් නයනා ලස්සනට
මතු කරලා තිබුනා. මහා
විසාල දෙයක් නයනාගේ පොටෝ තුල
නැහැ. නමුත්
අපි දකින් අකමැති ඇත්තක්
තියෙනවා. ඒ
තමයි උතුර සහ දුප්පත්කම.
අපි හිතන තරම්
උතුර ලස්සන නැහැ කියන එක.
මිනිස්සු
ඇහැට ඇගිල්ලෙන් ඇනලා පෙන්නුවත්
දකින්න අකමැති දේවල් එයාලට
පෙන්වන්න අපි උත්සාහ කරන්න
ඕනි. හැමෝම
නැතත් ටික දෙනෙක් එතකොට තේරුම්
ගනී රජයේ විද්‍යුත් මාධ්‍ය
වලට එහා ගිහිපු ලෝකයක් ලංකාව
ඇතුලෙම තියනවා කියලා.
බූන්දි
වගේ සයිට් එකක් ගත්තොත්
දේශපාලනික නොවන ආන්ඩු විරෝධී
නොවන ලිපි ඒකෙ පලවෙන්නෙ නැහැ
කියල චෝදනාවක් තියෙනවා.
ආන්ඩුව පැත්තෙන්
කලාවට ආන්ඩු පාක්ෂික විම
ප්‍රමුඛතාවය ලැබෙන්න හේතුවක්
වෙනවා වගේම බූන්දි ඇතුලෙදි
විරෝධාකල්ප දරන නිර්මාණ කිරීම
ඒ සයිට් එකේ ප්‍රමුඛතාවය
ලැබෙන්න හේතු වෙනවා.
දෙකම එකම
විදියක මර්ධනයක්. හැබැයි
පැත්ත වෙනස්. බූන්දියට
ආදර කවි යවපු යාලුවෙක් කිව්ව
විදියට ආදරය ඒ සයිට් ඇඩ්මින්ලාට
අනුව කවියකට හේතුවක් නෙමෙයි.
කලාව
කියන්නෙ විශාල පරාසයක්.
ඒක ඇතුලෙ
කලාකාරයාගේ දේශපාලනය අනෙක්
හැම කෙනාගෙම දේශපාලනයට වඩා
පලල් විය යුතුයි. උදාහරණ
විදියට ලංකාවෙදි දුප්පත්
මිනිස්සුන්ගේ එකම මට්ටමේ
ඉන්න එකම පවුලේ අය පවා පක්ෂ
අනුව රතු,නිල්,කොල
පක්ෂ තුනකට බෙදිලා.
එයාලට ඔය කියන
පන්ති වෙනසක් පන්ති අරගලයක්
නැහැ. දුප්පත්
කමේ පතුල පවා පාට තුනකට බෙදිල
ඒ ඒ පාට වඩා ලස්සනයි කියලා වෙන
වෙනම හිතනවා. ඒක
අස්සෙ කලාකාරයත් ගිහින් අනේ
ඔයාල සමහර අය හිතං ඉන්න නිල්
කොල පාට කැතයි..රතු
තමයි ලාස්සන කියනවා නම් ඒ තරං
මැටි වැඩක් තවත් නැහැ.
අපේ
ලංකාව කලා නැඹුරුව අතින්
පසුගාමියි. අපේ
නිර්මාණ තුල පවා සමාජය ගැන
දැඩි අසුබවාදි මානයක් දකින්න
තියෙනවා. අපිත්
ඉස්සරහට ගිහින් මිනිස්සු
අතරට කලා නිර්මාණ ගෙනියනවා
නම් අර උදයකාන්තට වගේ යට ඇඳුම්
ප්‍රසිද්දියෙ පෙන්වන්න වේවි.
නැත්තං කෙහෙල්
ලෙල්ලට ලිස්සල වැටෙන මෝඩ ජෝක්
දාන්නත් වේව. නමුත්
ඒවා අතර හරි පොඩි වෙනස් දෙයක්
හරහා මිනිස්සුන් පණිවිඩයක්
දෙන්න පුලුවන් නම් ඒක මාරයි.
Thursday, June 26, 2014
උස්සනගොඩ ඉඳන් කලමැටි මායිම Ussangoda and kalametiya
කලින් පෝස්ටුවට ඇනෝ යාලුවෙක් කදිම අදහසක් ඉදිරිපත් කරලා තිබුනා. ඒ අනුව උස්සන්ගොඩ කියන්නෙ මුල් කාලීන පාෂාන සහිත මහපොලව බිහිවුන යුගයේ තිබුන යම් යම් ලක්ෂණ දැකගන්න පුලුවන් තැනක්. ඒ වගේම මේ ඇස්ගෙඩිදෙකට පේන භූමි දර්ශන වගේම මනරම් නොගැඹුරු මුහුදු ජෛව පද්ධතියක්ද උස්සන්ගොඩට තියෙනවා. මේ මුල් පිංතූරෙ පේන්නෙ දේවදාර ගසක්. මම උස්සන්ගොඩ ආවෙ වෙරල දිගේ. පොඩඩක් ඇතුලට එහෙ මෙහෙ ඇවිදලා බැලුවා. ටික වෙලාවක් බීච් එක අයිනෙ ඉන්නකොට මට තේරුනා විශාල අවකාශයක් වයිඩ් ඈන්ගල් යටතේ අරගෙන රූපගත කරමින් සිටිය පිරිසට ගල් අල්ල අල්ල වෙරලෙ කරක් ගහන මාව බාධාවක් කියලා. ඉන් පස්සෙ මම වෙරළ දිගේම ඉදිරියට ගියා.
මේ ඉන්නෙ දියකාවා වගේ සතෙක්. දියකාවා කොයෙින්ද මුහුදෙ. ඒත් ඉතිං දියකාවා වගේ එකෙක් වෙන්න ඇති කියලා බැලු බැල්මට හිතුනා. මූව ඡායාරූපෙට ගන්න මම ටිකක් වෙහෙසුනා.නමුත් මගේ සුපුරුදු කැමරාවේ තරම් දුරට නාභිගත කිරීමෙ හැකියාව මේ වෙනකොට මගේ අතේ තිබුන ඔලිම්පස් පොකට් කැමරාවෙ නැහැ. ඉතිං දුකසේ පුලුවන් හැටියට පොටෝවක් අරගත්තා.
අපි මුලින්ම දැක්කා නේ දැල් අදිනවා උස්සන්ගොඩ අන්තයේ. එ් හරියෙත් පොඩි ධීවර වරායක් වගේ එකක් තියෙනවා. මේ තියෙන්නෙ ඊට වඩා කිලෝමීටර දෙකක් විතර මුහුදු වෙරල දිගේ තංගල්ල පැත්තට ඇවිදං ආවම කලමැටිය කියන වෙරළ තීරයට අයිති බෝට්ටු ටිකක්. කවුරුවත් හිටියෙ නැහැ. ඒත් මිනිස්සු හිටපු බවට හැඟවෙන්න සමහර තැන්වලින් යනකොට පට්ට දුඟඳක් නහයට දැනෙන්න ගත්තා. මේ වැල්ලෙ ටිකක් ඈතින් උදැල්ලකින් වලක් කපලා මලපහ කරන එක මහ දෙයක් නම් නෙමෙයි. ඒත් සමහරු ඒ විදියට වැල්ලෙ මලපහ කරන එකත් ඒකෙ උප සංස්කෘතියක් විදියට දකිනවා. මම නම් ප්‍රාර්ථනා කරන්නෙ ඒ වගෙ කාලකන්නි සහ අනික් මිනිස්සුන්ට කරදරකාරී උපසංස්කෘති මේන්ටේන් කරන අයට සොබාදහම විසින්ම දඩුවම් කරන්න ඕනි. හිතන්න බොග දාන්න පහත්වෙනකොට වෙරලෙන් මතුවෙච්චි කක්කුට්ටෙක් ඔය අස්සකට රිංගල දෂ්ඨ කලොත් කාරිය, පංකාදුයි නේ ආතල් එක.
මේ පොටෝව ගත්තෙ මුහුදු වෙරලේ වුනත් හිතාගන්න බැරි තැන්වල තිබුන සමහර ලක්ෂණ පෙන්වන්න. ඒ කිව්වෙ මෙ ්කියන තැන මුහුදු වෙරලේ අවසාන වෙලා ගොඩබිමට සෙට් වෙන හරිය. මේ හරියෙ මේ විදියට ලොකු කොරල් කෑල්ලක් තිබෙන්න තියෙන හැකියාව අඩුයි. නමුත් ටිකක් ඈතින් ඒ වගේ කොරල් තියෙන තැන් තියෙනවා. ඒ අනුව බොහොම ඉස්සර කාලෙක මේ කොටස් සමහරක් මුහුද තුල තියෙන්නට ඇති.
මූදු වෙරල ලස්සන බලන්න එන සහ ධීවර වැඩට එන අය වෙරලට සහ මුහුදට දිරන්නෙ නැති කුනු එකතු කරනවා. ඒ වගේම අවට පරිසරය තුල බෝතල් පොලිතින් ඉතිරි කරලා යනවා. සමහර විට මේ විදියෙ සක්කිලි වැඩ කරන්නෙ යන එන මිනිස්සුන්ගෙන් සියයට එකක් වෙන්න ඇති. හැබැයි එයාල කරන වැඩේ තව අවුරුදු දෙතුන් සීයකින් බ්ලොග් ලියන අයටත් ඒවා ගැන බැනලා බ්ලොග් පෝස්ට් දාන්න තරම් කාලයක් අවලස්සන ඉතිරි කරනවා. මේ වීදුරු සහ සමහර පොලිතින් ප්ලාස්ටික් වර්ග පොලවට එකතු වුනාම අවුරුදු සිය ගනන් දිරන්නෙ නැහැ කියලා ඕනි බබෙක් දන්නවා. නමුත් හැමදාම මේ වගේ දේවල් අපිට ලංකාවෙ සංචාරක ස්ථාන වලින් දකින්ඩ හැකියාව ලැබෙනවා.
මේ තියෙන්නෙ අර ඔරු තිබුන මුහුදු වෙරලේ ඉඳලා මහ පාරට යන අතුරු මාවත. මේක කිලෝමීටර දෙක තුනක් දිගට තියෙනවා. මූදෙ ඉඳලා එනකොට මීටර් සීයක් දෙසීයක් ගියායින් පස්සෙ මේ හරියෙදි මුගටියෙකුයි මීමින්නෙකුයි බොහොම ඈතින් පාර පනිනවා දැක්කා. පොටෝ අල්ලන්න තරම් ළඟින් නම් නෙමෙයි උන් ගියෙ. මුගටියා නම් ඒ තරං නොදකින සතෙක් නෙමෙයි. නමුත් මීමින්නා ටිකාක් දුර්ලභයි. මේ පාර මැදිනුත් රෝද පාරක් තියෙනවා පේනවා ඇති. ඒ ත්‍රීවිල් වල මැද රෝදේ ගිහින් හැදුන පාර.
මේ පාර වැටිලා තියෙන්නෙ කලමැටිය කලපුවේ මායිමේ. මේ කලපු බිමට මම පොඩ්ඩක් ගියා සුලුදිය ටිකක් බාලා එන්න. ඔන්න එතකොට දැක්කා ඈත පඳුරු අස්සෙ වඳුරො සෙට් එකක්. අවාසනාවට වඳුරු රංචුවේ විස්සක් විතර හිටියත් උන් ඔක්කොම පඳුරු අස්සෙන් පැනලා ගියත් එක පොටෝවක් වත් ගන්න ලැබුන් නැහැ. එක අතකින් වඳුරු අමුතු සතෙක්කැයි පොටෝ ගන්න
මේ එන හරක් කාන්ඩයෙ ඉන්න අවසාන හරකා නැවතුනා අනික් උන් ටික ගියා. අවසාන එකා ටික දුරක් ආපස්සට ගිහින් නැවතිලා මගේ දිහා බලාගෙන ඉන්නවා. මට ටිකක් බය හිතුනා. මම නිකං වෙන ගමනක් යනවා වගේ හැරිලා ආයිත් පොඩඩක් ඇතුල් අඩිපාරකට ගිහින් හරකාට යන්න ඇරියා.ඌත් මට බයේ වේගෙන් ගියා. ඌ අනින එකෙක්ද මන් දන් නැහැ අං දෙක ටිකක් දිගට තිබුනා.
මේ පොටෝවේ වනජීවින් දෙන්නෙක් ඉන්නවා. එකෙක් මොණරා. පාරෙ ඈතින් ඇවිදං යන්නෙ ටිකක් පාර දිහා බැලුවානම් බලාගත හැකි. ඒ වගේම පැත්තක පඳුරකින් පාර බලන්න මාන බලන තලගොයි හාමි කෙනෙකුගේ ඔලු කෑල්ලෙන් ටිකකුත් සැලකිල්ලෙන් බලන කෙනෙකුගේ ඇසට අසුවේවි.
එක පැත්තකින් කලපුව අනික් පැත්තෙන් කැලේ. ඒ කැලේ තියෙන පැත්තෙ ඉඩමක් මේන් මේ වගේ එළි පෙහෙලි කරලා තිබුනා. මට පෙනුන විදියට මේ කලපුව අසබඩ පාරෙන් එහාපැත්තෙ බිම වනජීවින් බහුල තැනක්. ඒ වගේ පලාතක මේ විදියෙ කැලෑ ගිනිතියලා ගොයිතැන් කරන එක පරිසරය පැත්තෙන් බැලුවොත් සුබදායක නැහැ. මූකලං කැලේ සත්තු වතුර බොන්න එන්න වෙන්නෙ මේ විදියෙ ඉඩකඩම් ගිනිතිබ්බාම උන් ලොකු අමාරුවක වැටෙනවා ඇති.
මේ කලමැටිය කලපුව. කලමැටිය කලපුව අභයභූමියක් විදියට තමයි නම් කරලා තියෙන්නෙ. ඒත් කලපුව මැද ඔරුකාරයෙක් මාලු අල්ලනවා දැක්කා. එක වෙලාවක ඒ මාලු අල්ලන මිනිහා තමුන්ගේ හබලෙන් දෝයි බෝයි ගිල වතුරට ගහනවාත් දැක්කා. අරුම පුදුම අභයභූමි. සමාර විට අනාදිමත් කාලෙක ඉදලා මේවා රක්ෂිත වෙන්නත් කලිං මිනිස්සු මේ කලපුවේ ධීවර රස්සාව කරනවා ඇති.
කලපුවට වතුර එන එක ඇලක් හෝ ජල මූලාශ්‍රයක් තමයි මේ. මේ ඇලවල් වල මී හරක් නම් ඇති පදං දැකගන්න පුලුවනි. කොක්කු සහ වෙන්ත සතුන් කඩොලාන කැලේ ඇතුළට වෙන්න ඉන්න ඇති. දැක්කෙ නම් නැහැ. ඒත් සද්ද නං ඇහුනා.
මීගවයින් දක්කාගෙන යන ගොපල්ලෙක් තමා මේ ඉන්නෙ. උස්සන්ගොඩ ගැන කියවෙන ජනප්‍රවාදයන් අනුව උස්සන්ගොඩ පැත්තේ ඉඳලා තියෙනවා මංගර කියාල දෙවිකෙනෙක්. එයා තවත් දෙවි කෙනෙක් එක්ක රන්ඩුවක් ඇතිවුනාට පස්සෙලු ඒ ලේ වලින්ලු උස්සන්ගොඩ රතුපාට වුනේ. ඒ මංගර දෙවියන් ගොපලුන්ට ආරක්ෂා කරන දෙවි කෙනෙක් විදියට කාලයක් ගරුබුහුමන් ලබලා තියෙනවා. දැන් නම් දෙවිගොල්ල අඩුවෙලා නැතිවෙලා ගිහින් ඇති.
සරුසාර කඩොලාන පරිසරය, හම්බු පන් පන්වර්ග තෘණ,නෙලුම් මානෙල් ඇතුලත් පරිසර පද්ධතිය හිතට සැනසිමක් එකතු කලා. ටික වෙලාවක් නැවතිලා හුලං පාර විඳගන්න කියාපු තැනක්.
මේ තමා කලපුවේ අවසානය. කලපුවෙන් පස්සෙ ගම්මානයක් තියෙනවා. ඒ ගම්මානෙ සමාර අය කලපුවෙ ගාල් හදාගෙන හරක් ඇතිකරනවා. එල ගවයින් මී ගවයින් ආදිය. ඒ වගේම සමාර ජනතාව ධීවර හෝ ගොයිතැන් කටයුතු කරනවා ඇති. මොනවා නමුත් මේ වගෙ සංවේදී තෙත් බිමක් ජනාවාස එක්ක තියෙන සමීපතාවය වැඩියි. කලමැටිය කලපුවේ අනික් පැත්තෙ කෝමද දන් නැහැ. මේ කියන්නෙ කලමැටියෙ උස්සන්ගොඩ පැත්තෙ මායිම ගැන
. ඉතිං මෙ අමතර පිංතූරු කිහිපයත් එක්ක උස්සන්ගොඩ සංචාර සටහන නිමා කරනවා. එකම සටහනකට මේ තුනම එකතු කරන්න පුළුවන් වුනත් එතකොට දීර්ඝ වෙහෙසකර එකක් වෙන නිසා මං කොටස් කරලා තමයි ලිව්වෙ.

Tuesday, June 24, 2014
රූගත කරන උස්සන්ගොඩ Shooting Ussangoda
ඊයෙ අපි නැවැත්තෙුවෙ දැල් අදින තැනින්.
දැල් අදින මාමලා ටික ගජරාමෙට වැඩ. මීට මිනිත්තු ගානකට කලිං මම දැක්කා මේ එන පාරෙම කුඹුරු වැඩ කරන කන්ඩායමක්. මෙතනදි දැල් අදින කන්ඩායමක්. මේ කන්ඩායම් දෙක අතර දුර වෙනස කිලෝමීටරයක් වත් නැහැ. මූදට පස්සෙ පස් කන්ඩියක් වගේ වෙරළ එක්කම ස්වභාවික කඳු කෑල්ලක් තියෙනවා, ඉන් පස්සෙ තියෙන්නෙ කුඹුරු.මේ දැල් අදින ධීවරයො ආ මහත්තය ඔහෙත් ඇවිත් අදින්න කියලා කිව්වා. මම ගියෙ නැහැ.ගියානං මාලු ටිකක් අරගෙන ගෙදර යන්න තිබුනා.

මේ ඉන්නෙ මුහුදු ලිහිනියො ජෝඩ්ඩක්. ෆිල්ම් වල හෙම මුන් කෑ ගහනව දැකල තිබුනාට මම ඇත්තටම දැක්කෙ එදා. වැල්ලත් එක්ක මුං ඉන්වද නැත්ද කියලා පේන්නෙ නැහැ. ඒත් මුංගේ සද්දෙ නම් හෙන ගති. කුඹුරු හරියෙන් එනකොට ඇහුනෙ කොරවක්කන්ගේ සද්දෙ. දැන් ඇහෙන්නෙ මුහුදු ලිහිණියන්ගේ සද්දෙ.
ලස්සන සමනල් යාලුවො දෙන්නෙක්. මූදු හුලං වදින සීමාවේ නිසා මුං හුළඟින් බේරෙන්න එක තැනක ටික වෙලාවක් ඉන්නවා. ඒ නිසා පොටෝ ගන්න ලේසියි. නැත්තං බුසු ගාල පියාඹල යන නිසා පොටෝ අල්ලන්න අමාරුයි. මේ සමනල්ලු ජාති නං දන් නැහැ. නමුත් උඩ පිංතුරෙ ඉඳපු සමනලා යනම් හැමතැනම වගේ අඩු නැතිව හිටියා. සමනල්ලු වර්ග කිහිපයක්ම හිටියා. ඒවගේම බත්කූරන් වගේ පියාඹන වස්තුනුත් තිබුනා. උදේම පිටත් වුන නිසා ඒ වගේ පොඩි පොඩි යාලුවො ගොඩාරියක් හමු වුනා.
උස්සන්ගොඩ ජනප්‍රිය වෙන්නෙ උස්සන්ගොඩටම ආවේනිකව තිබෙන රතුපාට පස නිසා. ඒ නිසාමද මන්දා මූධ අයිනෙ තියෙන වැල්ලත් මේ විදියට රතුපාට වෙලා තිබුනා සමහර තැන්වලදි. මේ වැලි හුළඟට අහුවෙලා ලක්ෂණ රටා ඇතිකරලා තිබුනා.
මේ හරියෙ තියෙන පස රතුපාට වෙලා තියෙන්නෙ අධික භූ තාපයක් ඇතිවෙලා හෝ ආදිකාලේ ගිනිකන්දක් ඇතිවෙලා කියලා මතයක් තිබෙනවා. කොහොම නමුත් ලොකු රහසක් හිර කරගෙන මේ උස්සන්ගොඩ බිම අවට මේ විදියට අධිකව පිලිස්සිලා ගිහිපු ගල් ගොඩවල් සහ රතුපාට පස් තියෙන බිමක් ඉතිරිකරලා තිබෙනවා. මේ ගල් පිලිස්සිලා තියෙන්නෙ මොකක් නිසාද? ගිනිකන්දක් නිසාද? ගිනිකන්දක් නම් ඒක ඇතිවෙල තියෙන්නෙ මූදෙද? නැත්තං ඉස්සර මේ කොටස් තිබිල තියෙන්නෙ මූද ඇතුලෙද? රහස් ගොඩාරියක් තියෙනවා. කොහොම නමුත් මා හොඳින්ම දන්නා විදියට උස්සන්ගොඩ අවට මුහුද ජලජ ජීවින් සහ කොරල් සපිරි තැනක්. නමුත් ගොඩක් දෙනා තවමත් දන්නෙ උස්සන්ගොඩ භූමියේ තියෙන ලස්සන සහ අද්භූත බව විතරයි. එක අතකින් මිනිස්සු නොදැන සිටීම නිසා ඒවා ආරක්ෂා වේවි කියලා අපි හිතනවා. නමුත් එහෙමම නැහැ. උස්සන්ගොඩ කලමැටිය අවට තියෙන කුඩා කොරල්පර ඉස්සන් අල්ලන්න දැල් ගහන ධීවරයින්ගේ ප්‍රාථිමික ධීවර කටයුතු නිසා අවධානමට ලක්වෙලා තියෙනවා කියලා තමයි මම දන්න කියන නාවික හමුදා කිමිදුම් කරුවෙක් (වෙනත් අවශ්‍යතාවයකට උස්සන්ගොඩ කිමිදුන අයෙක් ) සඳහන් කලේ. මේ පහලින් තියෙන්නෙ ඒ විදියට තියෙන රතු පසේ පිපුන දම්පාට ලක්ෂණ මලක්.
ෙමේ වෙලාව උදේ අටට විතර ඇති. උදේම වැඩ පටන් ගනිපු රූපගත කරන කන්ඩායමක් සුද්දො කපල් එකක් එක්ක ඇවිත් තිබුනා. උන් දෙන්නා බදාගන්නවා ඇත පෙන්නනවා එක කෙලියයි. එතන. ඒක කැමර් කරන්න කැමරා කන්ඩායම විස්සක් විතර හිටියා. මොකක් නමුත් ප්‍රෙමා්ටින් වැඩකට වෙන්න ඇති. හැබැයි එකක් සුද්දටයි සුද්දිටයි බදාගන්න කියාම බොක්කෙන්ම බදාගන්නවා. අපේ ඩබලකට දැන් පොටෝගහන්න තොපි බදාගනිව් කියල කිව්වොත් ඉතිං කෙල්ලගේ තනේ අනික් එකාගෙ ඇගේ වදියිද? පුකේ අත වදියිද කියලා කල්පනාවෙන් ඇඹරි ඇඹරි ඒක කරන්නෙ. ඊට වඩා මේ අවටියල් ඇහින්දාස් සුද්දො දෙන්නාගේ රංගන වැඩේ බොක්කෙන්ම කරා කියලා මට පෙනුනා.
මේ තියෙන්නෙ මම ගහපු දර්ශනයක්. පොඩ්ඩක් ලයිට් මදි නිසා රතු පාටට පේනවා ඇති. මේ බිම රතුපාට වෙලා තියෙන්නෙ ලයිට් දෝසයක් නෙමෙයි. ඒ ඇත්තටම තියෙන රතුපාට.
මම කලිං කිව්වෙ ගල් පිච්චිල තියේ කියලා. මේ ඒ ජාතියෙ මූද අයිනෙම තියෙන ගල් ටිකක්. මේ ගල් අස්සෙ ඉඳලා සෝක් කකුලුවො ටිකක් දුවල හැංගුනා. පාන්දරම ගිය නිසා මොකෙක් වත් මනුස්සයෙක් දකින්න නැතුව ඇති. මං හිතන්නෙ ඒ අපි සුද්ද කරලා තම්බලා කන කකුලුවොම තමයි. කකුලුවො ටික පොටෝ ගැහුවා. නමුත් මේ වනකොට මගේ කැම නෙමෙයි අපේ අයියගේ සුට්ටි පොකට් කැම තමයි අතේ තිබුනෙ. ඒක ඉතිං පොයින්ට එක ලගට ගිහිල්ල පොන්ට් එක වැදි වැදි මිසක් ලස්සන සූට් එකක් ගන්න බැරි කුඩා බාන්ඩයක් නේ. ඒ නිසා කලින් පින්තුර වලට වඩා සුට්ටක් මේ පින්තුර කොලටි එක අඩු වෙනවා.
මේ තීන්නෙ මනුස්සයො හදපු ස්මාරකයක් නෙමෙයි. ස්වාභාවිකවම හැදුන එකක්. පට්ට ලුක් එකක් තියෙනවා ඒකෙ. මෙතන තියෙන විසේසත්වෙ තමයි අර වැක්කෙරන තරම් රත් වෙලා තීනවා කියලා පේන්න තියෙන ගල් අසලම මේ හිරිගල් වලින් සමන්විත යම් යම් අවසාදිතයන් තැම්පත් වෙලා තියෙන එක. තැන් කිහිපෙකම ගොඩබිමට ආසන්න වෙරලේ මේ වගේ හුනුගල් ස්ථර සහ පුරාණ කොරල් සහ හිරිගල් දකින්න ලැබෙනවා. ඒ කියන්නෙ මේ හරිය බොහොම ආදි කාලෙක මුහුදු වතුරට යට වෙලා තියෙන්නෙ ඇති.
ගොඩක් වෙරලබඩ තැන්වල සරුවට වැවෙන පාසි ටිකක් වෙරල කිට්ටුවම තිබිලා මම කැමරාව තුලට දාගත්තා. මේ හරියෙ ගල් සහ වෙරල කඩතොලු ගතිය නිසා මුහුද ජීවින්ගෙන් පිරිල ඇති. ඒත් ඉතිං අපිට ඒවා බලන්න කිමිදෙන්න හුරුවෙන්න වෙනවා නේ..
උස්සන්ගොඩ යන පාරෙම මුලින් ගියාට මම උස්සන්ගොඩට සැපත් වුනේ වෙරල පැත්තෙන්. වෙරල අයිනේ මිස ඇතුලෙ තියෙන අර ලොකු පිට්ටනිය දැගන්න ලැබුන් නැහැ. ඒක මම කලින් දැකල තියෙනවත් එක්ක. ඉන් පස්සෙ අපි කලමැටිය අභය භූමියෙ මායිමට ඇතුලු වෙනවා. ඒ විස්තර ඊලග කොටසින් බලාපොරොත්තු වන්න.
දැල් අදින මාමලා ටික ගජරාමෙට වැඩ. මීට මිනිත්තු ගානකට කලිං මම දැක්කා මේ එන පාරෙම කුඹුරු වැඩ කරන කන්ඩායමක්. මෙතනදි දැල් අදින කන්ඩායමක්. මේ කන්ඩායම් දෙක අතර දුර වෙනස කිලෝමීටරයක් වත් නැහැ. මූදට පස්සෙ පස් කන්ඩියක් වගේ වෙරළ එක්කම ස්වභාවික කඳු කෑල්ලක් තියෙනවා, ඉන් පස්සෙ තියෙන්නෙ කුඹුරු.මේ දැල් අදින ධීවරයො ආ මහත්තය ඔහෙත් ඇවිත් අදින්න කියලා කිව්වා. මම ගියෙ නැහැ.ගියානං මාලු ටිකක් අරගෙන ගෙදර යන්න තිබුනා.
මේ ඉන්නෙ මුහුදු ලිහිනියො ජෝඩ්ඩක්. ෆිල්ම් වල හෙම මුන් කෑ ගහනව දැකල තිබුනාට මම ඇත්තටම දැක්කෙ එදා. වැල්ලත් එක්ක මුං ඉන්වද නැත්ද කියලා පේන්නෙ නැහැ. ඒත් මුංගේ සද්දෙ නම් හෙන ගති. කුඹුරු හරියෙන් එනකොට ඇහුනෙ කොරවක්කන්ගේ සද්දෙ. දැන් ඇහෙන්නෙ මුහුදු ලිහිණියන්ගේ සද්දෙ.
මේ හරියෙ තියෙන පස රතුපාට වෙලා තියෙන්නෙ අධික භූ තාපයක් ඇතිවෙලා හෝ ආදිකාලේ ගිනිකන්දක් ඇතිවෙලා කියලා මතයක් තිබෙනවා. කොහොම නමුත් ලොකු රහසක් හිර කරගෙන මේ උස්සන්ගොඩ බිම අවට මේ විදියට අධිකව පිලිස්සිලා ගිහිපු ගල් ගොඩවල් සහ රතුපාට පස් තියෙන බිමක් ඉතිරිකරලා තිබෙනවා. මේ ගල් පිලිස්සිලා තියෙන්නෙ මොකක් නිසාද? ගිනිකන්දක් නිසාද? ගිනිකන්දක් නම් ඒක ඇතිවෙල තියෙන්නෙ මූදෙද? නැත්තං ඉස්සර මේ කොටස් තිබිල තියෙන්නෙ මූද ඇතුලෙද? රහස් ගොඩාරියක් තියෙනවා. කොහොම නමුත් මා හොඳින්ම දන්නා විදියට උස්සන්ගොඩ අවට මුහුද ජලජ ජීවින් සහ කොරල් සපිරි තැනක්. නමුත් ගොඩක් දෙනා තවමත් දන්නෙ උස්සන්ගොඩ භූමියේ තියෙන ලස්සන සහ අද්භූත බව විතරයි. එක අතකින් මිනිස්සු නොදැන සිටීම නිසා ඒවා ආරක්ෂා වේවි කියලා අපි හිතනවා. නමුත් එහෙමම නැහැ. උස්සන්ගොඩ කලමැටිය අවට තියෙන කුඩා කොරල්පර ඉස්සන් අල්ලන්න දැල් ගහන ධීවරයින්ගේ ප්‍රාථිමික ධීවර කටයුතු නිසා අවධානමට ලක්වෙලා තියෙනවා කියලා තමයි මම දන්න කියන නාවික හමුදා කිමිදුම් කරුවෙක් (වෙනත් අවශ්‍යතාවයකට උස්සන්ගොඩ කිමිදුන අයෙක් ) සඳහන් කලේ. මේ පහලින් තියෙන්නෙ ඒ විදියට තියෙන රතු පසේ පිපුන දම්පාට ලක්ෂණ මලක්.
ෙමේ වෙලාව උදේ අටට විතර ඇති. උදේම වැඩ පටන් ගනිපු රූපගත කරන කන්ඩායමක් සුද්දො කපල් එකක් එක්ක ඇවිත් තිබුනා. උන් දෙන්නා බදාගන්නවා ඇත පෙන්නනවා එක කෙලියයි. එතන. ඒක කැමර් කරන්න කැමරා කන්ඩායම විස්සක් විතර හිටියා. මොකක් නමුත් ප්‍රෙමා්ටින් වැඩකට වෙන්න ඇති. හැබැයි එකක් සුද්දටයි සුද්දිටයි බදාගන්න කියාම බොක්කෙන්ම බදාගන්නවා. අපේ ඩබලකට දැන් පොටෝගහන්න තොපි බදාගනිව් කියල කිව්වොත් ඉතිං කෙල්ලගේ තනේ අනික් එකාගෙ ඇගේ වදියිද? පුකේ අත වදියිද කියලා කල්පනාවෙන් ඇඹරි ඇඹරි ඒක කරන්නෙ. ඊට වඩා මේ අවටියල් ඇහින්දාස් සුද්දො දෙන්නාගේ රංගන වැඩේ බොක්කෙන්ම කරා කියලා මට පෙනුනා.
මේ තියෙන්නෙ මම ගහපු දර්ශනයක්. පොඩ්ඩක් ලයිට් මදි නිසා රතු පාටට පේනවා ඇති. මේ බිම රතුපාට වෙලා තියෙන්නෙ ලයිට් දෝසයක් නෙමෙයි. ඒ ඇත්තටම තියෙන රතුපාට.
මම කලිං කිව්වෙ ගල් පිච්චිල තියේ කියලා. මේ ඒ ජාතියෙ මූද අයිනෙම තියෙන ගල් ටිකක්. මේ ගල් අස්සෙ ඉඳලා සෝක් කකුලුවො ටිකක් දුවල හැංගුනා. පාන්දරම ගිය නිසා මොකෙක් වත් මනුස්සයෙක් දකින්න නැතුව ඇති. මං හිතන්නෙ ඒ අපි සුද්ද කරලා තම්බලා කන කකුලුවොම තමයි. කකුලුවො ටික පොටෝ ගැහුවා. නමුත් මේ වනකොට මගේ කැම නෙමෙයි අපේ අයියගේ සුට්ටි පොකට් කැම තමයි අතේ තිබුනෙ. ඒක ඉතිං පොයින්ට එක ලගට ගිහිල්ල පොන්ට් එක වැදි වැදි මිසක් ලස්සන සූට් එකක් ගන්න බැරි කුඩා බාන්ඩයක් නේ. ඒ නිසා කලින් පින්තුර වලට වඩා සුට්ටක් මේ පින්තුර කොලටි එක අඩු වෙනවා.
ගොඩක් වෙරලබඩ තැන්වල සරුවට වැවෙන පාසි ටිකක් වෙරල කිට්ටුවම තිබිලා මම කැමරාව තුලට දාගත්තා. මේ හරියෙ ගල් සහ වෙරල කඩතොලු ගතිය නිසා මුහුද ජීවින්ගෙන් පිරිල ඇති. ඒත් ඉතිං අපිට ඒවා බලන්න කිමිදෙන්න හුරුවෙන්න වෙනවා නේ..
උස්සන්ගොඩ යන පාරෙම මුලින් ගියාට මම උස්සන්ගොඩට සැපත් වුනේ වෙරල පැත්තෙන්. වෙරල අයිනේ මිස ඇතුලෙ තියෙන අර ලොකු පිට්ටනිය දැගන්න ලැබුන් නැහැ. ඒක මම කලින් දැකල තියෙනවත් එක්ක. ඉන් පස්සෙ අපි කලමැටිය අභය භූමියෙ මායිමට ඇතුලු වෙනවා. ඒ විස්තර ඊලග කොටසින් බලාපොරොත්තු වන්න.
Subscribe to:
Comments (Atom)