ඊයෙ අපි නැවැත්තෙුවෙ දැල් අදින තැනින්.
දැල් අදින මාමලා ටික ගජරාමෙට වැඩ. මීට මිනිත්තු ගානකට කලිං මම දැක්කා මේ එන පාරෙම කුඹුරු වැඩ කරන කන්ඩායමක්. මෙතනදි දැල් අදින කන්ඩායමක්. මේ කන්ඩායම් දෙක අතර දුර වෙනස කිලෝමීටරයක් වත් නැහැ. මූදට පස්සෙ පස් කන්ඩියක් වගේ වෙරළ එක්කම ස්වභාවික කඳු කෑල්ලක් තියෙනවා, ඉන් පස්සෙ තියෙන්නෙ කුඹුරු.මේ දැල් අදින ධීවරයො ආ මහත්තය ඔහෙත් ඇවිත් අදින්න කියලා කිව්වා. මම ගියෙ නැහැ.ගියානං මාලු ටිකක් අරගෙන ගෙදර යන්න තිබුනා.
මේ ඉන්නෙ මුහුදු ලිහිනියො ජෝඩ්ඩක්. ෆිල්ම් වල හෙම මුන් කෑ ගහනව දැකල තිබුනාට මම ඇත්තටම දැක්කෙ එදා. වැල්ලත් එක්ක මුං ඉන්වද නැත්ද කියලා පේන්නෙ නැහැ. ඒත් මුංගේ සද්දෙ නම් හෙන ගති. කුඹුරු හරියෙන් එනකොට ඇහුනෙ කොරවක්කන්ගේ සද්දෙ. දැන් ඇහෙන්නෙ මුහුදු ලිහිණියන්ගේ සද්දෙ.
මේ හරියෙ තියෙන පස රතුපාට වෙලා තියෙන්නෙ අධික භූ තාපයක් ඇතිවෙලා හෝ ආදිකාලේ ගිනිකන්දක් ඇතිවෙලා කියලා මතයක් තිබෙනවා. කොහොම නමුත් ලොකු රහසක් හිර කරගෙන මේ උස්සන්ගොඩ බිම අවට මේ විදියට අධිකව පිලිස්සිලා ගිහිපු ගල් ගොඩවල් සහ රතුපාට පස් තියෙන බිමක් ඉතිරිකරලා තිබෙනවා. මේ ගල් පිලිස්සිලා තියෙන්නෙ මොකක් නිසාද? ගිනිකන්දක් නිසාද? ගිනිකන්දක් නම් ඒක ඇතිවෙල තියෙන්නෙ මූදෙද? නැත්තං ඉස්සර මේ කොටස් තිබිල තියෙන්නෙ මූද ඇතුලෙද? රහස් ගොඩාරියක් තියෙනවා. කොහොම නමුත් මා හොඳින්ම දන්නා විදියට උස්සන්ගොඩ අවට මුහුද ජලජ ජීවින් සහ කොරල් සපිරි තැනක්. නමුත් ගොඩක් දෙනා තවමත් දන්නෙ උස්සන්ගොඩ භූමියේ තියෙන ලස්සන සහ අද්භූත බව විතරයි. එක අතකින් මිනිස්සු නොදැන සිටීම නිසා ඒවා ආරක්ෂා වේවි කියලා අපි හිතනවා. නමුත් එහෙමම නැහැ. උස්සන්ගොඩ කලමැටිය අවට තියෙන කුඩා කොරල්පර ඉස්සන් අල්ලන්න දැල් ගහන ධීවරයින්ගේ ප්‍රාථිමික ධීවර කටයුතු නිසා අවධානමට ලක්වෙලා තියෙනවා කියලා තමයි මම දන්න කියන නාවික හමුදා කිමිදුම් කරුවෙක් (වෙනත් අවශ්‍යතාවයකට උස්සන්ගොඩ කිමිදුන අයෙක් ) සඳහන් කලේ. මේ පහලින් තියෙන්නෙ ඒ විදියට තියෙන රතු පසේ පිපුන දම්පාට ලක්ෂණ මලක්.
ෙමේ වෙලාව උදේ අටට විතර ඇති. උදේම වැඩ පටන් ගනිපු රූපගත කරන කන්ඩායමක් සුද්දො කපල් එකක් එක්ක ඇවිත් තිබුනා. උන් දෙන්නා බදාගන්නවා ඇත පෙන්නනවා එක කෙලියයි. එතන. ඒක කැමර් කරන්න කැමරා කන්ඩායම විස්සක් විතර හිටියා. මොකක් නමුත් ප්‍රෙමා්ටින් වැඩකට වෙන්න ඇති. හැබැයි එකක් සුද්දටයි සුද්දිටයි බදාගන්න කියාම බොක්කෙන්ම බදාගන්නවා. අපේ ඩබලකට දැන් පොටෝගහන්න තොපි බදාගනිව් කියල කිව්වොත් ඉතිං කෙල්ලගේ තනේ අනික් එකාගෙ ඇගේ වදියිද? පුකේ අත වදියිද කියලා කල්පනාවෙන් ඇඹරි ඇඹරි ඒක කරන්නෙ. ඊට වඩා මේ අවටියල් ඇහින්දාස් සුද්දො දෙන්නාගේ රංගන වැඩේ බොක්කෙන්ම කරා කියලා මට පෙනුනා.
මේ තියෙන්නෙ මම ගහපු දර්ශනයක්. පොඩ්ඩක් ලයිට් මදි නිසා රතු පාටට පේනවා ඇති. මේ බිම රතුපාට වෙලා තියෙන්නෙ ලයිට් දෝසයක් නෙමෙයි. ඒ ඇත්තටම තියෙන රතුපාට.
මම කලිං කිව්වෙ ගල් පිච්චිල තියේ කියලා. මේ ඒ ජාතියෙ මූද අයිනෙම තියෙන ගල් ටිකක්. මේ ගල් අස්සෙ ඉඳලා සෝක් කකුලුවො ටිකක් දුවල හැංගුනා. පාන්දරම ගිය නිසා මොකෙක් වත් මනුස්සයෙක් දකින්න නැතුව ඇති. මං හිතන්නෙ ඒ අපි සුද්ද කරලා තම්බලා කන කකුලුවොම තමයි. කකුලුවො ටික පොටෝ ගැහුවා. නමුත් මේ වනකොට මගේ කැම නෙමෙයි අපේ අයියගේ සුට්ටි පොකට් කැම තමයි අතේ තිබුනෙ. ඒක ඉතිං පොයින්ට එක ලගට ගිහිල්ල පොන්ට් එක වැදි වැදි මිසක් ලස්සන සූට් එකක් ගන්න බැරි කුඩා බාන්ඩයක් නේ. ඒ නිසා කලින් පින්තුර වලට වඩා සුට්ටක් මේ පින්තුර කොලටි එක අඩු වෙනවා.
මේ තීන්නෙ මනුස්සයො හදපු ස්මාරකයක් නෙමෙයි. ස්වාභාවිකවම හැදුන එකක්. පට්ට ලුක් එකක් තියෙනවා ඒකෙ. මෙතන තියෙන විසේසත්වෙ තමයි අර වැක්කෙරන තරම් රත් වෙලා තීනවා කියලා පේන්න තියෙන ගල් අසලම මේ හිරිගල් වලින් සමන්විත යම් යම් අවසාදිතයන් තැම්පත් වෙලා තියෙන එක. තැන් කිහිපෙකම ගොඩබිමට ආසන්න වෙරලේ මේ වගේ හුනුගල් ස්ථර සහ පුරාණ කොරල් සහ හිරිගල් දකින්න ලැබෙනවා. ඒ කියන්නෙ මේ හරිය බොහොම ආදි කාලෙක මුහුදු වතුරට යට වෙලා තියෙන්නෙ ඇති.
ගොඩක් වෙරලබඩ තැන්වල සරුවට වැවෙන පාසි ටිකක් වෙරල කිට්ටුවම තිබිලා මම කැමරාව තුලට දාගත්තා. මේ හරියෙ ගල් සහ වෙරල කඩතොලු ගතිය නිසා මුහුද ජීවින්ගෙන් පිරිල ඇති. ඒත් ඉතිං අපිට ඒවා බලන්න කිමිදෙන්න හුරුවෙන්න වෙනවා නේ..
උස්සන්ගොඩ යන පාරෙම මුලින් ගියාට මම උස්සන්ගොඩට සැපත් වුනේ වෙරල පැත්තෙන්. වෙරල අයිනේ මිස ඇතුලෙ තියෙන අර ලොකු පිට්ටනිය දැගන්න ලැබුන් නැහැ. ඒක මම කලින් දැකල තියෙනවත් එක්ක. ඉන් පස්සෙ අපි කලමැටිය අභය භූමියෙ මායිමට ඇතුලු වෙනවා. ඒ විස්තර ඊලග කොටසින් බලාපොරොත්තු වන්න.
දැල් අදින මාමලා ටික ගජරාමෙට වැඩ. මීට මිනිත්තු ගානකට කලිං මම දැක්කා මේ එන පාරෙම කුඹුරු වැඩ කරන කන්ඩායමක්. මෙතනදි දැල් අදින කන්ඩායමක්. මේ කන්ඩායම් දෙක අතර දුර වෙනස කිලෝමීටරයක් වත් නැහැ. මූදට පස්සෙ පස් කන්ඩියක් වගේ වෙරළ එක්කම ස්වභාවික කඳු කෑල්ලක් තියෙනවා, ඉන් පස්සෙ තියෙන්නෙ කුඹුරු.මේ දැල් අදින ධීවරයො ආ මහත්තය ඔහෙත් ඇවිත් අදින්න කියලා කිව්වා. මම ගියෙ නැහැ.ගියානං මාලු ටිකක් අරගෙන ගෙදර යන්න තිබුනා.
මේ ඉන්නෙ මුහුදු ලිහිනියො ජෝඩ්ඩක්. ෆිල්ම් වල හෙම මුන් කෑ ගහනව දැකල තිබුනාට මම ඇත්තටම දැක්කෙ එදා. වැල්ලත් එක්ක මුං ඉන්වද නැත්ද කියලා පේන්නෙ නැහැ. ඒත් මුංගේ සද්දෙ නම් හෙන ගති. කුඹුරු හරියෙන් එනකොට ඇහුනෙ කොරවක්කන්ගේ සද්දෙ. දැන් ඇහෙන්නෙ මුහුදු ලිහිණියන්ගේ සද්දෙ.
ලස්සන සමනල් යාලුවො දෙන්නෙක්. මූදු හුලං වදින සීමාවේ නිසා මුං හුළඟින් බේරෙන්න එක තැනක ටික වෙලාවක් ඉන්නවා. ඒ නිසා පොටෝ ගන්න ලේසියි. නැත්තං බුසු ගාල පියාඹල යන නිසා පොටෝ අල්ලන්න අමාරුයි. මේ සමනල්ලු ජාති නං දන් නැහැ. නමුත් උඩ පිංතුරෙ ඉඳපු සමනලා යනම් හැමතැනම වගේ අඩු නැතිව හිටියා. සමනල්ලු වර්ග කිහිපයක්ම හිටියා. ඒවගේම බත්කූරන් වගේ පියාඹන වස්තුනුත් තිබුනා. උදේම පිටත් වුන නිසා ඒ වගේ පොඩි පොඩි යාලුවො ගොඩාරියක් හමු වුනා.
උස්සන්ගොඩ ජනප්‍රිය වෙන්නෙ උස්සන්ගොඩටම ආවේනිකව තිබෙන රතුපාට පස නිසා. ඒ නිසාමද මන්දා මූධ අයිනෙ තියෙන වැල්ලත් මේ විදියට රතුපාට වෙලා තිබුනා සමහර තැන්වලදි. මේ වැලි හුළඟට අහුවෙලා ලක්ෂණ රටා ඇතිකරලා තිබුනා.
මේ හරියෙ තියෙන පස රතුපාට වෙලා තියෙන්නෙ අධික භූ තාපයක් ඇතිවෙලා හෝ ආදිකාලේ ගිනිකන්දක් ඇතිවෙලා කියලා මතයක් තිබෙනවා. කොහොම නමුත් ලොකු රහසක් හිර කරගෙන මේ උස්සන්ගොඩ බිම අවට මේ විදියට අධිකව පිලිස්සිලා ගිහිපු ගල් ගොඩවල් සහ රතුපාට පස් තියෙන බිමක් ඉතිරිකරලා තිබෙනවා. මේ ගල් පිලිස්සිලා තියෙන්නෙ මොකක් නිසාද? ගිනිකන්දක් නිසාද? ගිනිකන්දක් නම් ඒක ඇතිවෙල තියෙන්නෙ මූදෙද? නැත්තං ඉස්සර මේ කොටස් තිබිල තියෙන්නෙ මූද ඇතුලෙද? රහස් ගොඩාරියක් තියෙනවා. කොහොම නමුත් මා හොඳින්ම දන්නා විදියට උස්සන්ගොඩ අවට මුහුද ජලජ ජීවින් සහ කොරල් සපිරි තැනක්. නමුත් ගොඩක් දෙනා තවමත් දන්නෙ උස්සන්ගොඩ භූමියේ තියෙන ලස්සන සහ අද්භූත බව විතරයි. එක අතකින් මිනිස්සු නොදැන සිටීම නිසා ඒවා ආරක්ෂා වේවි කියලා අපි හිතනවා. නමුත් එහෙමම නැහැ. උස්සන්ගොඩ කලමැටිය අවට තියෙන කුඩා කොරල්පර ඉස්සන් අල්ලන්න දැල් ගහන ධීවරයින්ගේ ප්‍රාථිමික ධීවර කටයුතු නිසා අවධානමට ලක්වෙලා තියෙනවා කියලා තමයි මම දන්න කියන නාවික හමුදා කිමිදුම් කරුවෙක් (වෙනත් අවශ්‍යතාවයකට උස්සන්ගොඩ කිමිදුන අයෙක් ) සඳහන් කලේ. මේ පහලින් තියෙන්නෙ ඒ විදියට තියෙන රතු පසේ පිපුන දම්පාට ලක්ෂණ මලක්.
ෙමේ වෙලාව උදේ අටට විතර ඇති. උදේම වැඩ පටන් ගනිපු රූපගත කරන කන්ඩායමක් සුද්දො කපල් එකක් එක්ක ඇවිත් තිබුනා. උන් දෙන්නා බදාගන්නවා ඇත පෙන්නනවා එක කෙලියයි. එතන. ඒක කැමර් කරන්න කැමරා කන්ඩායම විස්සක් විතර හිටියා. මොකක් නමුත් ප්‍රෙමා්ටින් වැඩකට වෙන්න ඇති. හැබැයි එකක් සුද්දටයි සුද්දිටයි බදාගන්න කියාම බොක්කෙන්ම බදාගන්නවා. අපේ ඩබලකට දැන් පොටෝගහන්න තොපි බදාගනිව් කියල කිව්වොත් ඉතිං කෙල්ලගේ තනේ අනික් එකාගෙ ඇගේ වදියිද? පුකේ අත වදියිද කියලා කල්පනාවෙන් ඇඹරි ඇඹරි ඒක කරන්නෙ. ඊට වඩා මේ අවටියල් ඇහින්දාස් සුද්දො දෙන්නාගේ රංගන වැඩේ බොක්කෙන්ම කරා කියලා මට පෙනුනා.
මේ තියෙන්නෙ මම ගහපු දර්ශනයක්. පොඩ්ඩක් ලයිට් මදි නිසා රතු පාටට පේනවා ඇති. මේ බිම රතුපාට වෙලා තියෙන්නෙ ලයිට් දෝසයක් නෙමෙයි. ඒ ඇත්තටම තියෙන රතුපාට.
මම කලිං කිව්වෙ ගල් පිච්චිල තියේ කියලා. මේ ඒ ජාතියෙ මූද අයිනෙම තියෙන ගල් ටිකක්. මේ ගල් අස්සෙ ඉඳලා සෝක් කකුලුවො ටිකක් දුවල හැංගුනා. පාන්දරම ගිය නිසා මොකෙක් වත් මනුස්සයෙක් දකින්න නැතුව ඇති. මං හිතන්නෙ ඒ අපි සුද්ද කරලා තම්බලා කන කකුලුවොම තමයි. කකුලුවො ටික පොටෝ ගැහුවා. නමුත් මේ වනකොට මගේ කැම නෙමෙයි අපේ අයියගේ සුට්ටි පොකට් කැම තමයි අතේ තිබුනෙ. ඒක ඉතිං පොයින්ට එක ලගට ගිහිල්ල පොන්ට් එක වැදි වැදි මිසක් ලස්සන සූට් එකක් ගන්න බැරි කුඩා බාන්ඩයක් නේ. ඒ නිසා කලින් පින්තුර වලට වඩා සුට්ටක් මේ පින්තුර කොලටි එක අඩු වෙනවා.
ගොඩක් වෙරලබඩ තැන්වල සරුවට වැවෙන පාසි ටිකක් වෙරල කිට්ටුවම තිබිලා මම කැමරාව තුලට දාගත්තා. මේ හරියෙ ගල් සහ වෙරල කඩතොලු ගතිය නිසා මුහුද ජීවින්ගෙන් පිරිල ඇති. ඒත් ඉතිං අපිට ඒවා බලන්න කිමිදෙන්න හුරුවෙන්න වෙනවා නේ..
උස්සන්ගොඩ යන පාරෙම මුලින් ගියාට මම උස්සන්ගොඩට සැපත් වුනේ වෙරල පැත්තෙන්. වෙරල අයිනේ මිස ඇතුලෙ තියෙන අර ලොකු පිට්ටනිය දැගන්න ලැබුන් නැහැ. ඒක මම කලින් දැකල තියෙනවත් එක්ක. ඉන් පස්සෙ අපි කලමැටිය අභය භූමියෙ මායිමට ඇතුලු වෙනවා. ඒ විස්තර ඊලග කොටසින් බලාපොරොත්තු වන්න.
ෆොටෝ ටිකටනම් හෙනම ලයික්. හරියට නැෂනල් ජියෝග්‍රෆික් එකෙන් වගේ
ReplyDeleteඋදේ පාන්දර ගිය නිසා පොටෝ ටික ටිකක් ලස්සනයි... උදේ පාන්දර ගොඩම ොගඩක් පොටෝ ගැහුවත් ලස්සනයි පොකට් කැම් එකක් නිසා..
Deleteමාර ලස්සනයිනෙ. මම එකපාරක් කතරගම ගිහිල්ල එන ගමං ඔතනට යන්න ගියත් හරියටම පාර අහුඋනේ නෑ. අන්තිමට නැවතුනේ මුහුද අයිනෙ තියෙන රෙස්ටොරන්ට් එකක.
ReplyDeleteආයෙ පාරක් ගිහිල්ල බලන්න ඕන.
ගොඩක් අය ගිහින් අඩි පුඩි එහෙම ගහපු ලකුනු තිබුනා..බෝතල්...පොලිතින් එහෙම තිබුනා..බීච් එක අයිනෙ පේන්නම..
Deleteඔය ලිහිණි කියල දාල ඉන්නෙ ලිහිණි නෙවෙයි මහ ගල් කිරළා (Great thick-knee / Great Stone Curlew) කියල කියන කිරළ වර්ගයේ කුරුල්ලෙක්. මූ ලිහිණි වගේ පියාඹලා නෙවෙයි කොක්කු වගේ ඇවිදලා ගිහින් කෑම හොයන එකෙක්. සද්දෙත් ෆිල්ම් වල එන ලිහිණි සද්දෙට වඩා සමීප ඔය ෆිල්ම් වල රේන්ෆොරස්ට් එහෙම ඇතුලෙ දානව වගේ දිග හීනි 'චී...ප්' එකක්.
ReplyDeleteබීච් වලදි දානව නේද සද්දයක් බීච් සින්ස් එනකොට...මම හිතුවා මූ වෙන්නැති කියලා..
Deleteහී...
ReplyDeleteතාම
මග නෙ...
අනික් ටිකක් දාමුකො...
ඒක නෙවී කවද්ද මේ අකුරු වල වැරදි හදන්නෙ
මේ තීන්නෙ මනුස්සයො, mamath kiyanna hithuwe okamay. Theenawaa,theenawa ,theenne kiyala liyanne ey kiyala hitha ganna amaruy.mage bloga umbalata mokada kiyala hithanawa wage.Apith ithin kiyawanawa prasiddha internet eke thiyana nisa.eth hariyata distract wenawa theenawa,theenawa kiyala muslim aya kathaa karana kota wage harima amaruy es walata.
Deleteලස්සන පොටෝ ටිකකුයි විස්තරේකුයි.. මේ වගේ ගමන් යන්න ඕනේ උදේ පාන්දර තනියම තමයි. තමන්ට හිතු හිතු තැන්වල නැවතිලා ෆොටෝ අරන් ආතල් එකේ යන්න පුළුවන්.. අමිල නියමෙට වැඩේ කරලා තියෙනවා..
ReplyDeleteඇත්තටම උස්සංගොඩ කියන්නෙ මිනිස්සුන්ට පේනවට වඩා භෞතික සහ ජෛව භූගෝල විද්‍යාත්මකව වැදගත් තැනක්. ඔතෙන්ට එන සංචාරකයො නොදන්න, නොදකින දේවල්. උස්සංගොඩ කියන්නෙ ජෛව භූගෝල විද්‍යාව අනුව ගත්තාම ප්‍රාථමික සංශ්‍රේණියක් (Primary succession) දකින්න ලැබනෙ තැනක්..
ReplyDeleteඔතන රතු පස් ගොඩැල්ල පහු කරන් යනකොට වියලි නිම්නයක් තියෙනව. ඒ විතරක් නෙවෙයි මහාද්වීප ප්ලවන කල්පිතය ගැන (මහාද්වීප පාවී යාම) ගැන කතා කරද්දි ඉදිරිපත් වෙන සාධයක් පවා ඔය ගොඩැල්ල ඉවර වෙලා මුහුද පැත්තට තියෙන බෑවුමේ ගල් පර්වතය අතරෙ තියෙනව තියෙනව. ඒ තමයි සර්පෙන්ටිනයිට් කියන පාෂාණය. ලා කොල පාටක් එක්ක වයිරමක් තියෙන ඒ පාෂාණයේ විද්‍යාත්මක වටිනාකම එතන බලන්න යන කිසිම කෙනෙක් දන්නෙත් නෑ.. ඒ වගේම ඒව ආරක්ෂා කරන්න සහ බලන්න එන මිනිස්සුන්ව දැනුවත් කරන්න කිසිම වැඩපිලිවෙලකුත් නෑ. මිනිස්සු සර්පෙන්ටිනයිට් කෑලි කඩාගෙන ලස්සනට තියන්න කියල ගෙවල්වල අරන් යනවත් මං දැකල තියෙනව.
විස්තරෙත් නියමයි පොටෝ ටිකත් නියමයි..
ReplyDeleteතිළිණ කර්පු ෆොටෝ ටිකනම් නියමයි. ස්තූතියි ඔබට.
ReplyDeleteඔතන හරිම ලස්සනයි තමයි.එක රැකිල තියෙයිද කියල තමයි බය
ReplyDeleteනියම විස්තර ටිකක් එක්ක නියම ෆොටෝ ටිකක්, තමන්ට තියෙන්නේ පොඩි කැමරාවක් නිසා එක ගැන හීනමානයක් ගෑවිලා තියෙනවා දැක්කා,
ReplyDelete//ඒක ඉතිං පොයින්ට එක ලගට ගිහිල්ල පොන්ට් එක වැදි වැදි මිසක් ලස්සන සූට් එකක් ගන්න බැරි කුඩා බාන්ඩයක් නේ. ඒ නිසා කලින් පින්තුර වලට වඩා සුට්ටක් මේ පින්තුර කොලටි එක අඩු වෙනවා.//
මෙන්න මේ කතාව පට්ටම බොරු කතාවක්, මම ගාව තියෙන ලස්සන පොටෝ වලින් වැඩි හරියක් පොකට් කැමෙන් ගහපු ඒවා තමා..!!
සිරා බ්ලොග් පෝස්ට් එක
ජය!
මගේ එක මචං 10සූමින් සෝනි කැමක්..නමු්ත මේ ටිප යන්න සෙට්වෙනකොට බැටරි තිබුනෙ අඩුවෙන්..ඒ නිසා අපේ අයියා අලුතින් ගත්ත ඔලිම්පස් කැම් එක අරං ගියා..ඒක මට ඒ තරං ඇල්ලුෙවම නැහැ.. ඒක ඔලිම්පස් කැම් එකක් අනික ඒ පොඩි කැමරාව ඇල්ලුවෙත් එදාමයි..ඒ කැමරාවෙ ඩිස්ප්ලේ එක පොඩ්ඩක් විතර සෙලුසන් අඩුයි..මගේ කැමරාවෙ නම් පොටෝ එක පේනනුම් කරාම මටම යම්තාක් දුරට වැටහෙනවා පොටෝ එක මැසිමට දැ්මමහම මෙහෙම වෙනවා කියලා.. නමුත් අර අලුත් එක පොඩ්ඩක් කේස්...මේකෙ සමනල්ලු ටික පොටෝ ගත්තාම මගේ එකේ බැටරිය බැස්සා..ඉන් පස්සෙ පොටෝ ඔලිම්පස් කැමරාවෙන්..
Delete