Monday, June 16, 2014

එයාල මොනව කරන්නද?

දැනට මරණ තුනක් සිදුවී ඇති නමුත් ඒ පිළබඳව කිසිදු පරීක්ෂණයක් ආරම්භ කර නොමැති බවයි අධිකරණ අමාත්‍යවරයා චෝදනා කරන්නේ.බී බී සී.
 අළුත්ගම මුස්ලිම් සිංහල කලබලයක් වෙලා තුන්දෙනක් මැරිල. කාලෙකට පස්සෙ නිවුස් එකක්. අහ්. මරු. මාත් මොනවහරි ලියන්න ඕනි. ගලායන ගග තිබුනට වැඩක් නැහැ අපිත් ඇලක් දොලක් කපල අපේ වතුර ගගට යවන්න ඕනි නැත්තං ගගේ වතුර අපි ගන්න ඕනි. 

අධිකරණ ඇමතිතුමා කියනවා පරීක්ෂණ කරලා නැහැ කියලා. කාටද මේ කියන්නෙ? කාටද චෝදනා කරන්නෙ? කවුද චූදිතයා..කවුද වරදකාරයා? 

බොදු බල සේනා සංවිධානය පිටිපස්සෙ ආන්ඩුවට සම්බන්ධ ගෝඨාභය වගේ ලොකු අතක් තියෙනවා කියල හැමෝම කියනවා. ඇත්තද දන් නැහැ. අපි කොහොමද ඕව දන්නෙ. 

ගැටුම ඇති වුනාට පස්සෙ පොලිසිය ක්‍රියාත්මක වෙලත් නැහැ ඉක්මනට. පරක්කු වෙච්චි නිසා සහ නිවැරදිව සිද්ධිය පොලිසිය විසින් පාලනය නොකිරීම වැරැද්දට හේතුවෙලා. පොලිසිය කරන හැමදේටම ආන්ඩුව වගකියන්න ඕනි නැතිවුනත් ලංකාවෙ පොලිසිය තියෙන ව්‍යුහය අනුව රජය විසින් පොලිසියට යම් බලපෑමක් කල හැකියි. 

සමස්ථ සිද්දිය දිහාම යම් ප්‍රමාණාත්මක අවධානයකින් බැලුවොත් පේනවා සිද්ධිය තුල රජයේ නොසැලකිලිමත් කම සහ අදූරදර්ශී බව තිබෙනවා කියලා. සාමාන්‍යෙයන් මේ වගේ දෙයකදි විය යුුතු විදියටම වැඩිපුර ගුටි වදින්නෙ මුස්ලිම් අයට. 

දැන් අපේ රජය නියෝජනය කරනවා මුස්ලිම් මිනිස්සු කිහිප දෙනෙක්. ඒ අයට රජය ක්‍රියාත්මක වෙන විදිය වෙනස් කරන්න පුලුවන් වෙයිද? බැරි වුනෝතින් එයාල ඉල්ලා අස් වෙයිද? මුස්ලිම් මිනිස්සු අති බහුතරයක් අනේ මේ අපේ ජාතියෙ එකා කියලා මුස්ලිම් මිනිස්සුම පාර්ලිමේන්තුවට දක්කනවා. තමුන්ගේ ජාතියේ අය තමුන්ට පහරදෙනකොට කිසිම දෙයක් නොකර ප්‍රශ්ණ නිකං ඉබේ විසඳෙනකල් බලං ඉන්න රජයේ අභීත ප්‍රතිපත්තියට අපේ මුස්ලිම් නායකයොත් මුසු වෙලා. 

 රවුෆ් හකීම් වගේම අනික් මුස්ලිම් නායක අයත් මේකට විරුද්ධව පෙලපාලි යාවි,ප්‍රකාශ නිකුත් කරාවි, විපතට පත් අය බලන්නට යාවි, ආන්ඩුවෙන් අපි යනවා කියලා බොරුවට කියාවි. එච්චරයි. ඒ නිසා මේක කවදාවත් ඉතිහාසයේ දෙමල අරගලය වගේ එකක් වෙන්නෙ නැහැ සහෝදරවරුනි.  බොරුවට චූන් වෙන එකෙන් කිසි වැඩක් වෙන්නෙ නැහැ. 

අවසානයේ හැමෝම අහිංසකයි. හැම ලොක්කෙක්ම විශිෂ්ඨයි. හැමෝම හොඳයි. මැරුන සහ තුවාල ලත් අයගේ සමීප මිනිස්සුන්ට විතරක් සුළු වේදනාවක් උරුම වේවි. 

අහ් ඥානසාරට බනින්න මතක නැතිවුනානේ..එක්කො ඕන නැහැ..අතට බනින්න බැරි නිසා අපි ටූල් වලට බනිනවා. සිංහලෙන් කිව්වොත් එක් තරා අතකින් ඉස්කුරුප්පු නියන්, කටර් අඩු, මිටි හසුරුවන කොට ඒ අත ගොඩක් බලගතු නම් මිනිස්සු අර අතට බනින්නෙ නැතුව ටූල් වලට බනිනවා. 
එක පැත්තකින් ටූල් එකට බනින එක සනීපයි. එතකොට හැමදාම බැන බැන ඉන්න පුලුවන්. මොකද එයාල එක එක වෙලාවට එක එක ටූල් පාවිච්චි කරන නිසා.  අතට බැන්නම අත වෙන ටූල් එකකින් අපිට ගැහුවොත්..බුදු අම්මෝ ඒ නිසා ගෝඨා හොඳායි..ගොඩක් හොඳායි.. අනික් රාජපක්ෂියන්ස් ලාත් ගොඩාරියක් හොදයි. ඥාණෂාරයි ඒ වගේ අයයි පොලිසියයි ඒ චිත්‍රපටියේ හිටපු දුෂ්ඨ චරිතයි විතරක් වැරදියි.. 

අධ්‍යක්ෂකල තිර රචකයෝ මිනිස්සුද බං..නළුවො නේ වටින්නෙ? අරූ කට් ඇක්සන් කිව්වද ඌව පේනවද බං. නළුව නිළිය නේ අපිට පේන්නෙ.  ෆිල්ම් එකේ පේන දේ බලන් නැතුව අධ්‍යක්ෂක හොයන තෝ වගේ මෝඩ මූසල හරකෙක්.

10 comments:

  1. /* තෝ වගේ මෝඩ මූසල හරකෙක් */

    ඔය වගේ කතාවක් මර්වින් කිව්වා නේද පාර්ලියාමේන්ට් එකේදී?
    https://www.youtube.com/watch?v=0vJAnfCaiNM

    ReplyDelete
  2. pissuwe honda eka neda ban umbata

    ReplyDelete
    Replies
    1. රැලේ යන හරක්ට බණ කියල තේරුමක් නැහැ. වැඩේ තියෙන්නෙ කොච්චර එපා කිව්වත් හරක් බණ අහල තේරුං ගන්න උත්සාහ ගන්න එක නෙව..

      Delete
  3. නළු නිළියන්ට පමණක් සම්මාන උළෙලවල සම්මාන දිය යුතුයි කියා උද්ගෝසනය කළ යුතුයි.

    ReplyDelete
  4. "ඥාණෂාරයි" මෙන්න මේ වචනේ මට තේරුනේ නෑ මේ නාම පදයක්ද?? විශේෂනයක්ද ??? :)

    ReplyDelete
  5. නානසාරට ඇත්තටම දෙන්න ඕන නම්බු නාමය තමා ෙමා්ඩ සාර

    ReplyDelete
    Replies
    1. ඒකා මෝඩයෙක් නෙවේ,බාරදුන්න කොන්ත්‍රාත්තුව ලස්සනට කරා,මාදුළුවේ සෝභිත හාමුදුරුවෝ ජනාධිපතිවරණයේ පොදු අපේක්ෂකයා වුනොත් ලැබෙන්න තිබුන මුස්ලිම් ජන්ද සහ මුස්ලිම් සමාජයේ සහයෝගය තවදුරටත් ලැබෙන්නේ නැහැ.කොහොමද ඥානසාරගේ ටිකිරි මොළේ!

      Delete
  6. අන්තවාදියෝ නැත්නම් මේ රටේ සිංහල දෙමල මුස්ලිම් මේ හැමෝටම කොච්චර සතුටින් සහයෝගෙන් ඉන්න පුලුවන්ද.

    මොංගෝලියානුවනේ කහවන් ආසියාවේ

    කෙකේසියානුවනේ සුදුවන් යුරෝදේසේ

    නිග්‍රෝ වරුනේ කළුවන් අප්‍රිකාවේ

    උරය පලා සැතකින් බලන් රුහිරූ

    එක රතු පැහැයෙන් ගලා හැලෙන අයුරූ



    සිංහල ජනයිනි රුහුණු මායා පිහිටි රටේ

    දමිළ ජනයිනි යාපාපටුනේ මඩකලපුවේ තිරිකුණාමලේ

    මුස්ලිම් ජනයිනි බේරුවල හම්බන්තොට තිහාරියේ

    උරය පලා සැතකින් බලන් රුහිරූ

    එක රතු පැහැයෙන් ගලා හැලෙන අයුරූ



    බොදුනුවනේ දන් පින් හී යෙදෙන පන්සලේ

    කිතුණුවනේ යදින යාතිකා දෙව්මැදුරේ

    මුස්ලිමුනී කියන කුරාණය පල්ලියේ

    උරය පලා සැතකින් බලන් රුහිරූ

    එක රතු පැහැයෙන් ගලා හැලෙන අයුරූ



    බමුණනි වරෝ වෙල්ලාවට පූන නූලෙන් දිය ලණු බැදගෙන

    රජකයිනි ගනිව් සිහසුන වෙල්ලා හැලියෙන් සෝදා අතපය

    සිහළ ගිනි දණ්ඩේ – දමිළ වෙඩි උණ්ඩේ

    ගෝත්‍ර වාදී ඉලක්ක වලකා සිහලුනේ යමවු යාපා පටුනට

    දමිලයිනි වරෝ රුහුණට

    උරය පලා සැතකින් බලන් රුහිරූ

    එක රතු පැහැයෙන් ගලා හැලෙන අයුරූ”

    මේ වගේම කමෙන්ටුවක් මං දේශකගේ පෝස්ට් එකටත් දැම්ම දැන් ටිකකට කලිං. නන්දා මාලිනීලගේ හඬ නැවතත් අවධිවිය යුතුම කාලයයි මේ.

    පද රචනය - මහාචාර්ය සුනිල් ආරියරත්න
    සංගීතය - ඔස්ටින් මුණසිංහ

    කම්මැලිකමකට නෙවෙයි, ඒත් මල්මීට දැම්ම කමෙන්ට් එක එහෙම පිටින් මෙතනටත් ගෙනාවා. මොකද මේ සිද්ධිය දිහා බැලුවම මට හිතෙන්නෙම මේ ගීතයේ කියවෙන දේ..

    මල්මීගෙ පෝස්ට්ටුවේදි මෙහි පද රචනය හා සංගීතය ගැන මතක්කල අරූ අයියට විශේෂ ස්තූතිය.....

    ReplyDelete
    Replies
    1. සුනිල්ගේ මන්දා නාලනී ගේ මුඛ පූට්ටුය. ඔවුන් දැන් කලක සිට කියන්නේ කේතුමතී පුරයේ ගිතයයි.

      Delete
    2. දන්සල් දොරෙහි නැත යදියෝ…
      සල්පිල්වලය පුරවැසියෝ...
      පන්සිල් රකිති මැරවරයෝ…
      මේ කේතුමතී නුවරයි…

      නොමැත ඇසක කඳුලක් නොවැටුනොත් රොඩු කැබැල්ලක්
      දකිණු නොහැක ලේ බිඳුවක් නොමලොත් මකුණෙක් මදුරුවෙක්
      මළ බැඳුණු ගිණි දණ්ඩේ දැල් බඳිත් මකුළු සේනා
      වෙඩි හඬ අසනු රිසි දනෝ පුපුරවති අහෝ රතිඤ්ඤා

      මැරුණත් මේ පුරේ - මේ මනරම් සමේ
      උපදින්න මතු වාසනා

      දස රද දම් හි නිති පැවතී නරපති ඇමති වඩන රුතී
      සත වෙත පතල මෙත සදතී මේ කේතුමතී නුවරයි
      මේ කේතුමතී නුවරයි

      රැකෙයි අකුරට නීතිය
      දෙයක් දේ නම් යම් සුදුස්සාටම අයිතී වී ඇත
      නැත අක්‍රමිකතා වැඩේ සුහදතා සුන්දරතා සුවතා
      අහෝ සැපයි සැපයි මෙපුර විසුම නම්
      මැරුණත් මේ පුරේ - මේ මනරම් සමේ
      උපදින්න මතු වාසනා

      කියමින් නිබඳ ගී මියුරූ දකිමින් අවට රූ සොඳුරූ
      සතුටින් රඟති මේ නුවරූ මේ කේතුමතී නුවරයි
      මේ කේතුමතී නුවරයි

      නැත මුදලේ වටිනාකම් බුහුමන් කරයි ශිල්ප ශාස්ත්‍රයටම
      නැත පවුල්වාද, පිල් බේද, කුලවාද, දෑ වාද
      නැත බදුබර, පවුල් බර ජීවන බර
      මැරුණත් මේ පුරේ - මේ මනරම් සමේ
      උපදින්න මතු වාසනා


      දන්සල් දොරෙහි නැත යදියෝ
      සල්පිල්වලය පුරවැසියෝ
      පන්සිල් රකිති මැරවරයෝ
      මේ කේතුමතී නුවරයි

      පද රචනය - මහාචාර්ය සුනිල් ආරියරත්න.
      සංගීතය - සරත් දසනායක.

      Delete