Monday, June 9, 2014

ඉතාලියෙන් ආ නිමලානිගේ වාසනාව

මචං අපේ සෙට් එකක් ලංකාවෙ දුප්පත් පලාත් වල අහිංසක මිනිස්සුන්ට ගෙවල් හදන ප්‍රොෙජක්ට් එකක් කරනවා.. උඹටත් පොඩ්ඩක් මතක් කරන්නයි හිටියෙ..

තමීර ඩිලොන් ට කියන්න ට විය. තමීර සහ ඩිලොන් ලංකාවෙන් ඉතාලියට ගොස් ඉතාලියේ වෙසෙන ශ්‍රීලාංකිකයෝ දෙදෙනෙකි. උනුන් අතර ලංකාවේදී එතරම් මිත්‍ර ධර්මයක්නොවූ නමුත් ඈත රටකට ගිය පසු සිය රටේ වසන කවර හෝ අයකු හමුවීම වැදගත් වූ හෙයින් උන් දෙන්නා හමුවූහ..

මෙයින් ඩිලොන් මදක් ලෝභ අයෙකු වූ අතර හේ තෙමේ තමීරට වඩා ශටකපට අයෙකුද වූයේය. අන් අයගේ බසට මදි නොකියා නැමෙන තමීර ලෝකයට උවමනා වූ පරිදි ඒ ඒ අයට අවශය පරිදි ජීවත්වන සාමාන්‍ය වැසියකු වූවා විනා ඩිලොන් මෙන් ජීවිතය අලුතින් ලියන්නට සමර්ථයෙක් නොවීය.

මචං මං නං ඔය ලොකු ලොකු පිං වැඩ අත ඇරල තියෙන්නෙ. පහුගිය වතාවෙ ලංකාවට ගියාම මට කෙල්ලෙක් හම්බුනා. මං ඒකිට පිහිටවුනා. මගේ හිතට ලොකු සැනසීමක් තියෙනව බං..ඒ ගැන කල්පනා කරද්දි. ඩිලොන් කියන්නට විය.

ඉතිං කියහං කෝ බං විස්තරේ.. තමීර කතාවක් අහන්නට සැරසුනි. ඩිලොන් බියර් බීම අතර තුර කතාව කරගෙන ගියේය. අතරමැදදී තමීර විසින් බියර් ටිකක් බිව්වේය. දැන් ඩිලොන් විසින් මස් කෑල්ලක් හැපුවේය. අසල වත්තක සිටි ඉතාලි පක්ෂියෙකු කෑ ගැසුවේය ආදී පුරවරුණට අදාල සියල්ල මා විසින් කපා හැර ඩිලොන්ගේ කතාව පමණක් ඉදිරිපත් කරමු.

උඹ දන්නව නෙ. මම මෙහෙ උන්නත් ටිකක් කන බොන මිනිහ..මං මාසෙකට වතාවක් හරි නාකි ඉතාලි ගෑනි හම්බෙන්න යනව නේ. මට ඕක ඇතිවෙල තියෙන්නෙ. කොච්චර ආතල් වුනත් ගෑනි නාකියි නේ. කොහෙද බං අපිට හොද ඒව ගන්න සල්ලි. ඔය නාකි නිසාම ලාබෙටම යනව මිසක.

ඉතිං ලංකාවට ගිහින් මට ඕනි වුනා හොඳ බඩුවක් ගහන්න. ලංකාවෙ බඩු ගැන උඹට කියනව නම් කොන්ඩම දාගත්ත වෙලාවෙ ඉදලා හදන්නෙ අපිට යවන්නම තමයි. එපාවෙනවා. විනාඩි කීපෙන් වැඩේ වැඩේ හමාරයි. හමාර නැතත් උන් හදන්නෙම කෝමහරි වැඩේ ඉවර කරන්නම තමයි. මේ මං ඉදල හිටලා ඉතාලියෙදි දුවන නාකි වාහනේ ඊට වඩා හොදයි බං..අම්මප.. සික් ඒගැන නං කියල වැඩක් නැහැ. අපි මව් බිම අර දේසේ අච්චර උතුම් කියල කිව්වට ඔය ලබු රට දියුනු වෙන් නැත්තෙ කුහක කම නිස. රුපියල් තුන් හාරදහක් දීල කෑල්ල අරං. රූම් එකටත් ගෙවල කෑල්ල බුක් කරගත්තම උන් හදන්න හැකි ඉක්මනින් මාරුවෙල යන්න. අර මනුස්සයට හොද සර්විස් එකක් දෙන්න හදන් නැහැ.

ලංකාවෙ ටුවරිසම් දියුනු නැත්තෙත් අන්න ඒ නිස. මොකෝ සුද්ද හොදට පිලිවෙලට කන බොන මිනිහ. අපෙ ගෑනු මොන පිලිවෙලක්ද ඔහෙ කෙහෙල්ගෙඩිය ගිලින්නැහේ දාගන්නම හදනව එච්චරයි.

මට ඉතිං ඒ නිස බඩු ගැහිල්ල එපා වුනා. මගේ යාලුවෙක් හිටිය පොර දැන් මැනේජරයෙක් කොම්පැනියක. මිනිහගේ තැන රස්සාවට ඉන්ටවු ආපු කෙල්ලෙක් සෙට්වෙල. අනේ මහත්තය මේකට බැරිනං මට වෙන රස්සාවක් කොහෙන් හරි හොයල දෙන්න කියල කිව්වලු. හුම් බලමු කියල මිනිහ කෙල්ලට කියල නොම්මරේ අරං පස්සෙ අර කෙල්ලට රස්සාව දෙන්නම බැරිලු. ඒකිට සුදුසුකම් අඩුයිලු.. කෙල්ලට පවු නිස කෙල්ලව ඇදල රූම් එකකට කෙල්ලට පන්දාහක් දීල..

පස්සෙ මම ගිහාම මට කිව්ව කෙල්ලට කියන්න කියලා උඹ අලුත් කොම්පැනියක මැනේජරයෙක් කියපං.. මං කියන්නං උඹට සැලකුවොත් වැඩේ ගොඩ කියලා. මං ඉතිං කෙල්ල ඇහුවම එහෙම කිව්වා. කියල. මට සලකන්න ඕනි විදිහ අරූ කලිං කියලයි තිබුනෙ. මට තිබුනෙ හෝටල් කාමරේට සල්ලි ගෙවන්න විතරයි.

කෙල්ල ඇහුවා මහත්තය කොළඹද වැඩ තියෙන්නෙ? නැත්තං පිට පලාත්වලද? ගොඩක් දුර යන්න අමාරුලු. ගෙදර ඉන්න ගෑනුලමය එයාලු. අයියටත් රස්සාවක් නැහැලු. ඉදල හිටල අයිය කුලියකට ගියත් බීලම නාස්ති වෙනවලු.

අවසානෙ මගෙන් ඇහුව රස්සාවට ගන්නවමද කියල. මටත් ටිකක් අවුල් ගියා. කොච්චර වුනත් කෙල්ල හිතං ඉදල මං රස්සාවට ගනීම කියලා. කොහෙන් දෙන රස්සාද බං මම? මටත් මේ මොකුත් නැතුව නේ මෙහෙ ඇවිත් ඉන්නෙ.. මං ඒකිට රුපියල් දහ දාහක්ම දුන්න. ඔයාට සති දෙකක් ඇතුලත මම කෝල් කරන්නං කිව්වා.

පුදුම සැපක් බං දුන්නෙ. ඇත්තටම ගත්තොතින් කෙල්ල මහා ලොකු දේවල් තියෙන ලොකු ලස්සනක් තියෙන කෙල්ලෙක් නෙවෙ. ඒත් පුදුම මහන්සියක් ගත්තා මට ලොකු ආතල් එකක් දෙන්න. මට ඒකට හරි දුක හිතුන. කොච්චර වුනත් මිනිස්සුන්ගේ දුප්පත් කම ඉස්සරහ ඔය සදාචාර, ආගම, හැදියා අනං මනං අලු වෙලා යන හැටි ගැන මට පරණ කතාවල් මතක ්වුනා. මම කලේ කැත වැඩක්දෝ කියන එක සමාර වෙලාවට ඔලුවට ආවා.

පස්සෙ මං දන්න කියන හැමෝටම කතා කරලා කරලා අවසානෙ යාන්තං පොඩි අත්කම් වැඩ කරන තැනක පොඩි ටයිප් සෙටින් සහ ඩොකියුමන්ටේෂන් රස්සාවක් අරං දුන්නා. නවාතැනුත් එතනින් ම ලැබෙනවා. පොඩි ගානය් ලැබෙන්නෙ. නමුත් ඒකත් ඒකිට හරි ලොකුයි. කෙල්ල රස්සා හොයන්න ගිහින් අනාථ වෙච්ච එක වතාවක් නෙමෙයි. ඒ නිසා මගේ උදව්ව ගැන නොසෑහෙන්න ස්තුති කලා.

අහ් මෙතනින් එහාට මේ බයිල ඕන් නැහැ. මං ඉන් පස්සෙ උදව් කරපු හැටි ගැන උඹට අයිඩියා එකක් ගත හැකි මේ ලියුම කියෝපං..

ඩිලොන් තමිරට ලිපියක් දික් කරන ලදී.

ඩිලොන් අය්යේ.

ඩිලොන් අයියා සැපෙන් සනිපෙන් ඉන්නවා ඇති ය කියල මම හිතනවා. ඩිලොන් අයිය වගේ හොඳ අදහස් තියෙන මිනිස්සුන්ට වරදින්න විදියක් නැහැ. දෙවියන්ගේබැල්ම අයියල වගේ හොඳ මිනිස්සුට ලෝකෙ කොහෙ හිටියත් ලැබෙනවා. අපේ ගෙදර කට්ටියත් කැමතියිලු අයියව දකින්න. අයියට කියන්න ගොඩක් දේවල් තියෙනව. මම ලියුමක් ලියන්න හිතුවෙ මට ලියුමකින් මට කියන්න ඕනි ඔක්කොම දේවල් අයියට කියාගන්න පුලුවන් වෙන නිසා. ඉස්කයිප් කරන්න පුලුවන් වුනත් ඒක හරි අමුතු. මූනත් පේන නිසා ටිකක් අමාරුයි හිතන දේවල් කියන්න.

 
අයිය මුලින්ම මට යට ඇඳුම් එවනකොට මම හිතුවෙ අයියා හරි වනචරයෙක් වෙන්න ඇති කියල. ඒත් ඒ යට ඇඳුම් ඇන්දට පස්සෙ මට තේරුනා අයියා එහෙම නරක අදහස් තියෙන කෙනෙක් නෙමෙයි කියලා. ඇත්තටම ඒ ජාතියෙ යට ඇඳුම් නිසා ඇඟ ගොඩක් ලස්සනට පේනවා. බස් එකකට නැග්ගත් හැමෝම බලන්නෙ පස්ස දිහා. මට ලොකු ආඩම්බරයක් ඇතිවෙනව අය්යෙ මම ගැනම.

ඒ වගේම අයිය එවපු අර සුදුවෙන ඉතාලි ක්‍රීම් එකත් හරිම හොඳයි. අයිය එවන පාර්සල් කඩල බලයි කියල මම ගොඩක් බය වුනා. අර පියුං කාරයා මට සතේකට විස්වාස නැහැ. මිනිහ පහුගිය දවස්වල මහ කින්ඩි හිනාවකුත් දැම්ම. සමහර විට මූ මට පස්ස ලොකුකරන යට ඇඳුමක් එනකොට ඒක කඩල බලලද දන් නැහැ.

අයිය එවපු පස්ස ලොකු කරන යට ඇඳුමයි සුදු වෙන ක්‍රීම් එකයි නිසා මට ලොකු ශක්තියක් ආවා. වෙනද නැති ආත්ම ශක්තියක් ගැම්මක් ඇඟට ආව වගේ දැනුනා. වෙනදා මම කවුරුහරි එක්ක කතාකරනකොට බිම බලාගෙන ඔතෑනි විදියට කතා කලේ. ඒ වගේම මට තියෙන්නෙ පොඩි පස්සක් කියල මට පොඩි ලැජ්ජ ගතියකුත් තිබුනා. නමුත් ඒ ඔක්කොම නැතිවුනා හැමෝම මගේ දිහා හැරිල බලන්න ගත්තම.

අයියට හින්ද මං මේව කෙලින්ම ලියනව. මොකෝ අයිය මාව නොදන්න කෙනෙක් නෙවෙයිනෙ. මේව වෙන කාටවත් පෙන්වන්න එහෙම එපා හොඳෙයි. දන්නවනෙ. මිනිස්සුන්ගෙ හැටි. ඉන් පස්සෙ එක එක කතන්දර මගෙ රත්තරං ඩිලොන් අයියට හදාවි. එක වෙලාවකට හිතෙනවා අයියා එක ආත්මෙක දෙවි කෙනෙක් වෙලා හිටියදත් කියලා.

ඔයා එවපු ඒ පස්ස ලොකුවට පේන ජංගියක් මෙහෙ රුපියල් තුන්දාහක් විතර වෙනවා. ඒ ටිකට විතරක් අයියට පාලොහක් විතර වියදං වෙන්න ඇති. මට හිතාගන්න බැරිවුනා අයිය,. මුලින් ඔවැයි පිංපියෙක් වගේ යට ඇඳුම් එවන්න ගත්තම. ඒත් පස්සෙ තමයි තේරුනේ ඕනි උඩ ඇදුම් කෑල්ලක් හරියට පේන්න යට කෑල්ලෙන් ලොකු සහයෝගයක් ලැබනව කියල.

අයියෙ ඔවැයිට මේව කියවන් පුලුවන් වෙයිද් දන් නැහැ. මං ගොඩක් කාලෙකින් ලිව්වෙ නැහැ. ඉස්සර ඔය සිංහලට රචන ලිව්වට පස්සෙ කොලයක් අල්ලනෝමයි. අනේ මන්ද මගෙ හිතට එන දේවල් ඔහෙ ලියල දාන්න ඕනි කියල හිතුන.

පහුගිය දවසක මම කෝවිලට ගියා. කෝවිලට ගියෙත් අයිය දීපු අර සෙට් එක ඇතුලට ඇඳගෙනම තමයි ඉතිං. ඒක හරි සනීපත් එක්ක අප්පා. බස් එකේදි වුනත් හරිම චූන් එකකුත් දැනෙනව. කොහොම වුනත් කෝවිලෙ පූසාරි අයියල පවා මගේ අලුත් පෙනුමට ආස වෙල වගේ. වෙනද අපි වැඩිය ගනන් ගන් නැතිවුනාට දැන් එයාල හරියට ලොකු නෝනෙක්ට වගේ සලකනව.

පහුගිය දවසක හන්දියෙ කඩේ කරවල තෝරන්න නැමෙන කොට මුදලාලිය මහ වලත්ත කතාවක් කිව්ව නේ. නංගිගෙ සමාර තැන් වලට පෝර වැඩියෙන් වැටිලද මන්දන් නැහැ. හොදට හැදිල. දැන් ඉති ංඅපිටත් ටිකක් සැලකුම් ලැබෙනවා නං කලිංටත් වඩා ටිකක් ණය ටික වැඩිවුනත් කමක් නැහැ වගේ.

අනේ උගේ සැලකුං. ඉන් පස්සෙ ඕක හැමතැනම කියාවි. අනි්ත එක වසවර්ති මාරය වගේ කැත. අප්පිරියාවෙ බැහැ. කට ලගින් යන්න බැහැ සිගරට් ගඳ. මං මේ තැන් තැන්වල රෙද්ද උස්ස උස්ස යන්න වේසියෙක් කියල හිතුවද දන් නැහැ මුදලාලි කාරය.

මං හීන්තාලෙන් “මුදලාලි හාමිනෙත් සමාර වෙලාවට කඩේ ඉන්නව නේ. මං හාමිනේට මතක් කරන්නං මුදලාලිට ටිකක් සලකන්න කියලා. කෝමත් මං පොත ඔක්කොම පියවන්නයි ඉන්නෙ දැන් ටිකයි නේ ඇත්තෙ.“ කියල කිව්වා. ඒ කිව්වත් වගේ දැන් මට ලැබෙන සල්ලි ටික්ක අරපිරිමැස්මෙන් පාවිච්චි කරනවා. ඉන් පස්සෙ මුදලාලිය සද්ද නැහැ. මුදලාලි හාමිනෙ පිටි මුට්ටෙ වගේ. හතර අතේ මස් පරුවතේ..යස වැඩේ පෙරේතයට..

ඒ විතරක්ම නෙවෙයි. දැන් සුදුවෙල හැඩවෙලා සරීරෙම අමුතු වෙල කියල හැමෝම කියනව. අයියට හැමදාම කරදර කරන්න බැහැනෙ. මං අලුත් රස්සාවට ගියාම පඩිත් ටිකක් වැඩිවුන නිස අලුත් බෙසියර් සෙට් එකකුත් ගත්ත. මේවට පාර කිව්වෙ අයිය කියල මට එවෙලෙත් මතක් වුනා. නිකං පඹයට සරම ඇන්දුව වගේ ඔහේ සාය කෑල්ල දාං එහෙට මෙහෙට වනාගෙන ගියාට වැඩක් නැහැ කියලා දැන් තමයි මටත් තේරෙන්නෙ.

ඒක නෙවෙයි. අලුත් ඔෆිස් එකේ ඉන්න අයිවන් කියල බැඳපු නැති ළපටි පෙනුමතියෙන් මැනේජර් කෙනෙක් මට දැන් ලයින් වගේ. මිනිහ හෙනම ලැජ්ජ කාරය. ඒත් සල්ලි නං තියෙන පාටයි. රස්සාවක් කරන්න ඕනි නිසා එතන වැඩ කරනවා කියලයි කට්ටිය කියන්නෙ. . හැමෝම හදන්නෙ එයාව මට ජෝඩු කරන්න. මං දැන් ඔෆිස් යන්නෙ බිම බලාගෙනමයි. බස් එකේ වුනත් ඉස්සර වගේ මගෙ දිහාට කන්ද පෙරලුනත් මගෙ මොකෝ කියල නිකං ඉන් නැහැ. අංකල්ල ඇගේ එල්ලෙන්න ආවොත් බැනල එලවනව.

අලුත් කම්පැනි එකේ මාව හරිම විනීත ලමයෙක් කියල ජනප්‍රිය වෙල තියෙන්නෙ. මං හිතන්නෙ අයිවන් ගොඩක් වෙලාවට පැණි පාර හලාගෙන එයි. අයියා මෙහෙ ඉන්න දවස්වල කියා දීපු පාඩං මට හොදට මතකයි. අයිය මුලින් හම්බුන දවසෙ වගේ නෙමෙයි පස්සෙ. හරිම ආදරෙන් හිටිය. ඩිලොන් අයිය පෙන්නුව පාර නිසයි මම අද මෙතන ඉන්නෙ.

මං ඒක කාටවත් නැහැ කියන් නැහැ. අයිවන් මට කැමති වුනොත් මම මේ විදියෙ අය්යත් එක්ක කරන ගනුදෙනුවත් නවත්වන්න ඕනි කියල හිතෙනවා. අයිය සමාර විට මං ගැන වැරදියට හිතාවි. ඒත් අයියේ හැමදාම අපිට ඕන විදියට පියාඹන්න ඇහැක් කමක් නැහැ. අපි කවුරු වුනත් එකැතැන් වෙන් ඕන නේ. ඔයා වැරදි විදියට හිතන් එපා. මං ජාති ජාතිත් ඔයාට ණය ගැතියි. ඔයා එවපු දේවල් මට අමතක නැහැ.

ඒ වගේම නිකංම නිකං ගෑනි කියන්නෙ මැසිමක් කියල හිතං ඉන්න මිනිස්සු අතරෙ මට ඉස්සරහට යන්න රස්සාවක් හොයල දීල. මට ෆැෂන් ගැන කියල දීල,ඉංගිරිසි ඉගෙන ගන්න එකේ වටිනකම ගැන කියල දීල මාව ඉස්සරහට ගනිපු අයියව දාල යන්න මට මොකද්ද වගේ. කොහෙම වුනත් අයියේ අමනාප වෙන්න එපා කියල මං මේ හතර වෙන වතාවටත් කියනවා.

එහෙනං අයියට ඔහේ ඉන්න දෙයි දේවතාවුන් වහන්සේලාගේ පිහිටයි. ආරක්ෂාවයි.

මීට සදාදර ඔයාගේම නංගියා

නිමලානි සචලවර්ධන...


තමීරයා මට දුකයි බං. ඒත් ආයිත් ලංකාවට ගියාම ඕකි කොහෙ හිටියත් මං ඕකිව අල්ලගන්න ඕනි. කියන දේ අහන හොඳකෙල්ලෙක්. මෙහෙ හරි ලාබයි නේ බං ඔය පස්ස ලොකු කරන පෑන්ටි. ඕකි තුන්දාහක් කිව්වට මට හත්සියක් වගේ ගියේ එකකට.. ඔය යැව්ව ක්‍රීම් එක පාකිස්ථාන් කාරයො ගාන බ්ලීචින් එකක්. ඒකෙන් හොද එකක් අරගෙන මම යැව්ව. කොච්චර වුනත් මට ලොකු සැනසීමක් තියෙනවා. ඔය එක එක ලොකු ව්‍යාපෘතිවලට සල්ලි දුන් නැතිවුනාට මම නිසා අද පවුලක් බොහොම සැනසීමෙන් ඉන්නව. ඩිලොන් කියන්නට විය..

තමීරයාට මේ කතාවේ අගමුල තේරුම් ගැනීම ගැටළුවක් වුවද ලංකාවේ දුප්පත් අඩුආදායම් ලාබින්ට නිවාස තනාදීමේ ව්‍යාපෘතියට ඩිලොන් ගෙන් නම් සහයක් නොලැබිය හැකි බව ඔහුට පැහැදිලි වන්නට විය.

19 comments:

  1. pissekuta arenna mehema liyanna baa

    ReplyDelete
  2. ඉස්සෙල්ලාම කමෙන්ට් කරලා තියෙන්නෙත් පිස්සෙක්ද කොහේද ?.....

    ReplyDelete
    Replies
    1. isselama nemey, deveniyata.......!;-)

      Delete
  3. පුරවරුණත් තිබුණානම් තමයි හොඳ. ඉතාලි පක්ෂියෙකු ගේ නමක් නේද වින්චැට් කුරුල්ලා?

    ReplyDelete
  4. මට නං මං ඥං...
    අලේ මං දල්ලෑ අලේ

    ReplyDelete
  5. ඔය පින මොන පාරමිතාවටදබන් අයිති වෙන්නේ?

    ReplyDelete
  6. ඇස් ඇල් ඇම් රාල නියම පුරස්නයක් නොවැ ඇහුවේ.. පස්ට කථාව.. හික්.. බැරි ද දන්නේ ලංකාවේ ඉන්න හුචු හුචු කෑලි වලට ටිකක් ගෙන්නලා දෙන්න

    ReplyDelete
    Replies
    1. ඒ හුචු හුචු කෑලි වලට ඔයාගෙ අම්ම, නංගි,නෝන හෙම අයිතියි.මොකද එයාල බියුටි ක්වීන් ලා නෙමෙයි නේ?

      Delete
    2. උඹෙ අම්මට ගෙනත් දීපන්. මොකද උඹෙ අම්මත් ලංකාවෙ හුඩු කෑල්ලක් තමා.

      Delete
  7. මටනම් ලිපිය තුල ලොකු වටිනාකමක් අර්ථවත් බවක් දැනේනවා

    ReplyDelete
  8. කෙල්ලෙකුගේ ජීවිතයක සරල බව හා අහිංසකකම ඉතා නිර්දය ලෙස සමච්චලයට ලක් කරමින් පමණක් නොව ඒවා සෙල්ලමට ගන්නා සෙල්ලක්කාර කොල්ලෙකු වීරයකු කරමින් ලියා ඇති කතාවකි. නැවත අන්සතු දිනපොත කියවන්නටද නොසිතේ.

    ReplyDelete
    Replies
    1. මමත් මෙහි නොනමින් කමෙන්ට් කරන්නේ මේ හේතුව මතය.මෙම බ්ලොග් රචකයා හැමදාම කුනු රසය උලුප්පමින්,මොනව හරි කසි කබලක් ලියනවා.මේ සිදුවීම මීට වඩා මානුශික ලෙස, නිර්මානත්මකව ඉදිරිපත් කිරීමට තිබුනා නේද?මොහු නිතරම පහත් රසය හා අනවශ්‍ය ලිංගිකත්වය මතු කරමින් ලියන බව පේනවා නේද? මෙහි කමෙන්ට් කරන ටික දෙනෙකුත් මෙයට වග කිව යුතුයි.බොරුවට මෙවැනි අය ග්ලෝරිෆයි නොකර අවංක ලෙස විවේචන ඉදිරිපත් කරන්න.බොරුවට හෝදන්න එපා.මම සියලුම ආකර වල සිංහල බ්ලොග් මහා රාශියක් කියවන අයෙක්.අදහස් විවිධයි.එය හරි.එහෙත් මෙවැනි ලිවීම් වලින්තමාට හෝ අන් අයට ඇති යහපත හෝ ප්‍රගමනය කුමක්ද?ගැහැනු කියන්නේ ඔහුට සිනාසීමට සහ කුනු කතා කීමට ඇති ලිංගික මෙවලමක් ලෙස ඔහු සිතන බවට ඔහුගේම පහුගිය පෝස්ට් කැට තබනවා.කවදා හරි දවසක ආපහු හැරී ආඩම්බරයෙන් සිහි කල හැකි දේවල් පමනක් අප කල යුතුයි.

      Delete
    2. @කස්සප දෙව්මිණි ගම්ලත්and Anonymous

      //කෙල්ලෙකුගේ ජීවිතයක සරල බව හා අහිංසකකම ඉතා නිර්දය ලෙස සමච්චලයට ලක් කරමින් //

      එහෙම වෙලා තිබුනද මහත්තයෝ

      මටනං දැනුනේ

      //මානුශික ලෙස, නිර්මානත්මකව//

      කරපු ඉදිරිපත් කිරීමක් කියල

      ඔයිට වඩා පට්ට චාටර් ලියවිලි සම්මානයටත් ලක් වෙලා තියනව අපේ රටේ

      කාටවත් නරකකට තරහකට කියනව නෙමෙයි

      බොරු සුචරිතවාදේ පැත්තකට දාලා

      ඇත්තට මුහුන දෙමු . ඇත්ත කතා කරමු



      Delete
    3. @ atampahura මිනිස් මනසේ ඉඩ් හෙවත් තිරිසන් කොටස මතු වූ විට මෙවැනි දේ ලිවීමත් ඊට ප්‍රශංසා කිරීමත් ස්වභාවිකයි

      Delete
  9. මරු බං මේක !

    ReplyDelete
  10. ela ela machan

    ආයුබෝවන්, සුබ දවසක්!
    ඔබ තවමත් සාමාජිකත්වය ලබා නොගත්තේද?
    ▪ තාක්ෂණික ගැටළු
    ▪ එදිනෙදා ජිවිතයේ පැන නගින ගැටළු
    ▪ අන්තර්ජාල මුදල්
    ▪ ඇතුළු අනෙකුත් ඕනෑම ගැටළුවලට පිළිතුරු පහසුවෙන් එකමතැනකින්. LKTips.com
    ඔබත් දැන්ම එකතුවන්න, අන් අය සමග දැනුම බෙදාගන්න

    http://lktips.com/discussions

    ReplyDelete
  11. ඔච්චර අසහනේ නං බඩුවක් ගහපන්. මේ වගේ මෝඩ blog ලියන්නෙ නතුව. අර නාකි ඉතාලි ගෑනිට හරි ගහපන්. මේ වගේ මෝඩ ඒවට like කරන්න ඉන්න කට්ටියගෙන් හිතගන්න පුලුවන් ලංකාවෙ ඉන්න මෝඩ රැලේ තරම. වැඩක් කරපන් මිනිහො. ගොන් ආතල් දෙන්නෙ නතුව.

    ReplyDelete
  12. amila chathuranga උඹ යටට අඳින්නෙත් පස්ස ලොකු කරන ඒව නේද මචං?

    ReplyDelete