Wednesday, February 29, 2012

බූට් කවි 1 (සිරිපාද ආදරේ)

දුර ඈත අරපේන සිරිපාද කන්දේ..
එකටයි නගෝ එදා අපි දෙන්න වැන්දේ...
ඒ පැතුම් සන් වීල ගොස් දුර වලාවේ..
සුන් වී ගියා අහසෙ තැනු මාලිගා සේ

සුදු නංගියේ එදා

සිරිපාද නැංග දා
සිත සීල බිඳ දා ල
කෝමල සදක් වුනා..

කලු අහස රලු කරල වැසි වැස්ස පෙරදා..
සලු වියන් උඩ සිටන් මං ආලෙ වින්දා..
ගොලු වීල ගොස් ඇතත් යලි නේන ඒ දා
මහදේ තවත් කොණක ඇත මතක සැමදා..


විරහව නැත්තං බූට් එක ගැන නොයෙක් දේවල් තියෙනවා. මේ තියෙන්නෙ කවියෙන් බූට් එක ගැන කියවෙන අවස්ථාවක් . මුල් අවස්ථාව නිසා මඳක් විතර වේගයෙන් යනව. කවි පංතියෙ රසය තියෙන්නෙ ඒක බලනකොට නම් නෙමෙ.මේ කවි පංතිය අහනකොට තමා මේකෙ නියම රසය ඉස්මතු වෙන්නෙ..විනාඩියක් තියෙන මේ මගේ  රැකෝඩින් එක අහල යයි කියල මම හිතනවා..
 අහන්න බැරි අයට මේන්න මෙතන. ඔබල යත හැකි..

Sunday, February 26, 2012

මල් ගහට පොලු වැදිලා

අඩේ මේ උඹ දන්නවයි වැඩක්...
නෑ බන් මං කෝමද බන් වැඩ දැනගන්නෙ මං මේ දවස්වල ඉන්නෙ අම්පාර පැත්තෙ හෙන කැලේක. ගස් හිටවන්න වලවල් කපන ප්‍රොජක්ට් එකක..
මේ අර උඹේ අතිජාත මිත්‍රය..ගීතික අන්න කොහෙන්ද හොඳටම කාල ඉස්පිරිතාලෙ දැපල. 
මං උඹට කියන්න කියල නම්බරේට කොල් ගත්ත නෝ ආන්ස්..
අනේ පල පඟරනැට්ට බොරු නොකිය. ගීතිකය වැස්සකටවත් වලියක් දාගන් එකෙක්යැ. ඕන් උඹ කිව්වනම් හරි. ගිය තැන කොක්ක නේ..ගීතිකය වලියක් දැක්කත් වෙව්ලන එකා කෝමද ඕයි ගුටි කන්නෙ.?
හරි හරි මං මේ උඹ පයින්ඩේ දන්නව ඇති කියල හිතං කිව්වෙ. කොහෙන්ද වැරදි සොට් එකක් වැදිලි කියල තමයි ආරන්චිය. මට වැඩ තියෙනවා. දැන් චැට් එකට කෙල්ලො 
2ක්ම ආව. දැන් උඹ ගීතිකටකෝ කරල විස්තර අහගං..තොපි ටෝක් කලාට වැඩැක්යැ.මං යනව..
 කෙසේ හෝ අපේ බැජ් එකේ එක්තරා පැණි පුරන්නෙකු වූ ජනිත මූනුපොත හරහා හමු වී ගීතිකයා තුවාල වන්නට හොඳ හෝටලයකින් කා අතපය හතරෙන් එකක් බිඳගෙන ගෙදර දැප ඇති බව ආරන්චි විය. කෝල් එක ගත් අම්මා කීවේ බලන්න පුතේ මේ වැරදීමක් වෙන්න ඇති. මේ දරුවට අපිට මොන හතුරොද? කියල..
ඒකගීතිකයට කිව්වම. ල.
ම්මල එහෙම හිතුපු එකත් හොඳයි බන්......
මට උඹත් එක්ක මල් කඩන්න බැහැ.මේ අතත් රිදෙනව පෝං උස්සං ඉඳල. බොට ඕන්නං ලෙඩා බලන්න හොඳ අරිෂ්ඨයක් හෙම අරන් වර..එතකොට අරිෂ්ඨ පාර දානගමන් කතාව කියත හැකි.කියා කිව්වේය..
 බැජ් එකේගෝතයෙක් වූ නිසාම නොව මගේ හෙන ෆිට් එකක් සහ මට දිරවන ටයිප් එකක් වූ හෙයින් මා එහි ගියෙමි. එය ඉරිදා දවසකි. වෙලාවට අම්මලා මූගේ අපල යැයි කියා බෝධි පූජා වැඩසටහනකට ගියේය.මා රැගෙන ගිය බියර් කෑන් තුන හතරත් බයිට් පැකට් එකත් බෑගයෙන් එලියට ආවේය.
 මට දැන් ඌ සමග කතා කල සියල්ල ටයිප් කරන්නට බැරිය. මා ප්‍රශ්ණ ඇසුවේය අත්‍යාවශ්‍ය ප්‍රශ්ණ උත්තර ටික විතරක් දමමි.
 මෙහෙමයි සිද්දිය. උඹට මතකයි ද ඉස්සර මට හිටිය බුලන්කුලම පැත්තෙ කෙල්ලෙක්. ටිකක් කෙස්ටු කෙල්ලෙක්. අර දවසක් උඹටත් අහු වුනෙ ස්ටේෂන් එකේ කෝච්චියෙන් අරන් බස් ස්ටෑන්ඩ් එකෙට ඇරලවන්න යනකොට පිටකොටුවෙදි..ගීතික කීවේය..
ආ ඔව් ඔව්..අර උඹ කිව්වෙ දත් ගලවන්නමයි හදන්නෙ මහ වාතයක් කියල. ඒ උනාට උඹ එදා ගිය විදියෙන්නම් වෙනම වාතයක් වගේ කියල තමා මං දැක්කෙ..
අපෝ බං ඒකිනම් ඇත්තටම දතක් නෙමෙයි දත් දේවතාවියක්. කඩේට ගියෑම කඩෙන් බාගයක් ඕනි. බෝනික්ක පැටියෙක් ගන්න යං කියල ගියෑම දකින ලොකුම එකා අතගගා ඉන්නවා. මං ඉතින් නොදැක්ක වගේ හිටියම බුම්මගන්නවා..
ඒ කෙල්ල ගියා බන් රට. රට යන්න කලින් මට පාටියක් දෙන්න කියල මේ මාලඹේ පැත්තෙ ඉන්න අක්කගේගෙ ගෙදරට එන්න කිව්ව. මං ගියා. 
අපි කෑව බිව්ව හරි ෆන් එකේ හිටිය.
පස්සෙ ආයත් රෙදි ඒව මේව රට යන්න කලිං ගන්න ඕනි කියල අක්කයි මායි මේ අනූෂා(කෙල්ලගේ නම) යි තුන්දෙනා ෂොපින් ගියා.
මේ අක්කට ඉන්නවා ලස්සන කෙලි පොඩ්ඩියො දෙන්නෙක්.
ඉතින් මටත් ටිකක් අක්කව අල්ලල ගියා. අර නංගි වගේ නෙමෙයි. මාර සයිලන්ට්. ඒ වගේම හරිම හොඳයි. මගෙන් දත් පන්නල එව්ව මෙව්ව ඉල්ලනකොට අක්ක හරස් වෙනව. ඉතින් කලින් දවසෙත් නිකම් මෙව්ව එකක් ඇති වුනා අක්කයි මායි අතර. 
ඒක වැරදි තමයි. ඒත් මොකද්ද මන්ද හේතුවක් තිබුන බන්..
කොහොම හරි අපි සොපිං කරල ඉවර වෙද්දි අනුටත් මීටර් උනා මේ අපි දෙන්න ගෙ ඇස් සෙට් වෙනව වැඩියි. වගේ ලයින් එකක්.
මේකි එකපාරටම කියපි..."මං රට ඉඳල එනකොට මුං දෙන්න සෙට්වෙලා තියෙද් දන්නෑ"
 කියල 
කෝම හරි අනු රට ගියා. ඔය අතරෙ මං කන්තෝරුවෙ ඉන්න කොට දවසක් නොදන්න නම්බර් එකෙකින් මිස් එකක් ආව..මට අඳුනගන් බැරි උනා..
මේ අපි දැන් මතක නෑනේ..හරි හරි ඔහොම තමයි හරිගියෑම...
අනේ නෑ අක්කි මං ලග ඔයෑගෙ නම්බර් එක තිබුනෙ නෑ..
ඉතින් නම්බර් එක ඉන් පස්ෙස මං ගාව ගොඩක් ලඟින්ම තිබුන.
අක්කගේ කොන්ඩෙ කෑල්ලක් මූනට වැටෙනවා. ළමයි දෙන්නෙක් හිටියට කියන් බෑ බෝනිකිකියක් වගේ..
එච්චරයි..
  තව තියෙනව..ඒත් උඹට බෝරිං වෙයි. කෝමහරි මේ තියෙන්නෙ ඒ අක්කගේ මහත්තයයි වැඩපලේ එවුන් මටදීපු සැලකිලි ටික...කැඩුනු කකුල පෙන්වා ගීතික කීවේය.ගීතික කතාව නවත්තන්නට සැරසුනි.
උඹ  මාර වැඩ නේ කරන්නෙ. හරියට අර සිංහල චිත්‍රපටිවල කොල්ලයි කෙල්ලයි ලං වෙනකොටම ඩොග් ගාල ලයිට් නිමනව වගේ. ඉතින් හරකො උඹ මහ මී හරකෙක්නේ. නංගි ඉන්න කාලෙ හරියට වැඩක් ගන්න හිතුවෙත් නෑ. දවසක් අපි බෝඩිමෙ ඉද්දි නේ බොට කෝ එකක් ආවෙ අනේ ගීත් ඔයාට පුලුවංද මාව කැන්ඩි වලට ඩ්‍රොප් කරන්න ද මොකද්ද කියල..උඹ එදා නිකම් ඉඳලත් ගියෙ නෑ පඬිය...දැන් අර බැඳපු ගෑනිට ලයින් දාල පවුල අමාරුවෙ දාල...
යස වැඩේ තොට මාත් තුන හතරක් ගහනව හිටියනම් බොට...
අම්මප..මං මේ බිව්වට කියනව නෙවෙ..මෙච්චර පර්මිට් තියෙන ගස් තියෙද්දි පර්මිට් නැති ඒව පස්සෙමයි යන්නෙ..සිහ් බොලා වගේ උන් අපිත් ආස්සරේ කරනවනේ....
 මං ඉස්පිරිතාලෙ ඉන්න කොට දවසක් පාන්දර අක්ක ආව. එදා අක්කාග මහත්තය දුර සයිට් එකකට යන්න පාන්දරන් ගෙදරින් ගිහින්. මගේ කකුල් දෙක දැකලඇස් දෙකේ කඳුලු පිරුණ..මටත් දුක හිතුන. කොච්චර උනත් එයා හිතන්න නැතිව ඇති එයාගෙ මහත්තය මට ගහන්න තරම් එයාට ආදරේ ඇතිව ඇති කියල..මගේ අත්දෙක අල්ලගෙන ගොඩක් වෙලා හිටිය. මොකද්ද සුප් එකක් ගෙනැල්ල පෙව්ව.මං කිව්ව තවත් එන්න එපා කියල. ඉස් පස්සෙ දවසක චූටි දූල දෙන්නත් එක්ක ආව. එක්කෙනෙක් තුන වසරෙ අනික් කෙනා පහවසරෙ..උන් දෙන්නටත් අප්සට්...
ප්‍රශ්ණ කෝටියය්..කවුදගැහුවෙ..ඇයිඒ මිනිස්සු මාමට ගැහුවෙ...
මාම මොකද්ද කරපු වැරැද්ද?/ඒ පුංචි උන් දන්නෙ නෑ උන්ගෙ තාත්ත තමයි මට ගැහුවෙ කියල..ඒ අක්ක බැඳපු මහත්තය හෙඩ් බාස් කෙනෙක් ඒ උනාට මාර නූල් සූත්තර කාරයෙක්. මිනිහ මට ගහල ගිහින් ගෑනිට ගැහුවෙ නෑ. ගෑනිට ලමයි නැති වෙලාවක හොඳට දෙකක් ගෑනිට තඩිබාල සයිට් එකේ උන් ටික කතාකරන් ඇවිත් මට තලල ගියා..ගීතික කීය.
 එතකොට බන් ඒ ගෙදරට එකපාරක් ගිය උඹ කෝමද ඒ ළමයිට මාම වෙන්නෙ..උඹ අර රට ඉන්න එක කරගහනවද?.
නංග රට ගියාට පස්සෙ අර මිස් කෝල් කරල නම්බර ඉල්ලගත් කතාව කිව්ව නේද? එදායින් පස්සෙ අපි හැමදාම දවසට දෙතුන් පාරක් කතා කරනවා. හෙඩ් බාස් කෙනෙක් ගෙදර දවල්ට නෑ කියල බොට කියල දෙන් ඕනි නෑනෙ. ඉතින් මට හෙන ඌ මනාව තිබුන අක්කව මීට් වෙන්න. බොරුකියන් ඕනි නෑනෙ බන්. මං කතා කලා ආයෙත් ෂොපිං යමු කියලත්. දවසක්...
හිහ් හිහ් හිහ්..උඹ තමයි දවසකටවත් මිනිහ..
කොහොම හරි අක්ක කිව්ව හෙට එන්න ගෙදර ළමයි දෙන්නම  හෙට නිවාඩු ඉස්කෝලෙ උත්සවයක් නිසා. එයාටත් වැඩක් නෑ කියල.
මං ගෙදර ගියා. පොඩි උන් ඉන්න නිසා මිදි පන්සීයක් අරන් ගියා. තව ඇපලුත් ගෙනිච්චා. ඒක හරි ලස්සන සිද්දියක් බන්. ටික වෙලාවකින් ඒ පොඩි උන් දෙන්න මාරම ෆිට් උනා. මං නිකම් ඉන්න කම්මැලි කමට කතාන්දර පොතක් ඉල්ලුහම දූවල ගිහින් අම්මයි පොතක් කියල එකක් ගෙනත් දුන්න. මං ඉතින් ඒක කියවන්න ගත්ත.
නවල් එක පිටරට එකක් ටාසන් පොතක් වගේ එකක්. ඔය අතර ඉතින් අක්ක ගිහිං ෆුට් ජූස්ද, බීමද, කේක්ද බ්ස්කට්ද ඒ මදිවට පොඩි උන් දෙන්න මිදිද ඇපල්ද මං නිකම් ස්ටක් උනා බන් උන් දුන්න කෑම වලට. කෝම හරි උන්දෙන්න මාත් එක්ක මාර ෆිට් උනා.
උන්ගෙ තාත්ත එන්නෙ හැමදාම රෑවෙල. ඉරිදත් සමාර දවස්වලට නෑලු.
පොඩි කෙල්ලගෙ නම හංසිනී. එක වෙලාවක මාම ඔහොම ටිකක්  ඉන්න ඈ කියල දුවල ගිහින් ගෙට ගිහින් පරණ කොටුරූල් පොතක් අරන් ඇවිත් මගේ දිහා බලං මොකද්ද අඳිනවා...මාත් ගනන් ගත්තෙ නෑ. ටික වෙලාවකින් කෙල්ල පොතඋස්සන් ඇවිත් මං කියව කියව හිටිය පොත උඩින් අත ඇරිය..
අඩේ මගේ පිංතූරෙ ලස්සනට ඇඳල තිබුන. ලස්සනටවඩා මගේ දිග කන්දෙකයි කොන්ඩෙ බෙදපු විදියයි ලස්සනට පෙන්නල තිබුන..
මං ලොකු හරියක් දාල හොඳයි එකක් දැම්මා.
මාමි අපේ පුංචි දන්නවද? 
මේ අහන්නෙ ලොකු දුව..සංසලා..
මං කිව්ව ඔව් කියල..
මේං කියල සංසලා එයා ඇඳන් හිටිය ස්කිනර් එක අත් දෙකින් අල්ලල පහත් කලා. මං නික්ම පුල් හොල්මන් වෙලා ගියා. අර මෙව්ව ෆිල්ම් එකක වගේ මේ හය හතර යන්තං තේරන පුංචි එකෙක් සිකිනර් එක පහත් කරනකොට..මං තක්බීර් වෙලා ඉන්නකොට සංසලා දුව කිව්ව..මාමෙ මාලෙ අරං දුන්නෙ පුංචි රට යන දවසෙ..
එයා ස්කිනර් එක පහත් කරල පෙන්නල තියෙන්නෙ මාලෙ..මං එතකොටයි දැක්කෙ මාලෙ..
එතකොට බං උඹ කියන්නෙ උඹ ඒ ගෙදර නිකම් හොර නෙමෙයි ඔරිජිනල්ම මිනිහ වගේ උනා කියලද??
 හුම් එහෙමමත් නෑ ඉතිං..කෝමහරි ඒ අක්ක ගෙවුවෙ මහා එපාකරපු ජීවිතයක්. ඒක අස්සෙ එයාට ලැබෙන ඔක්කොම දේවල් අවුරුදු 22 වෙද්දි ලැබිල තිබුන. දැන් තිහක් විතර . ඒත් ජීවිතේ පස්ට කලුවරයි වගේ. හැමදාම ලමයි ඉස්කෝලෙ ගෙනියනව. ගෙදර එනවා.
අක්ක ලස්සනයි නිසා එයෑලෑ ගෙදරින් ඉක්මනට මනමාලෙයෙක් හොයල බන්දල දීල තියෙනවා. අක්ක ස්පෝට්ස්, ඩාන්සින් කරපු නිසා ආමි එකට යන්න ඉඳල තියෙන්නෙ. ඒත් පස්සෙ ගෙදරින් බන්දල තියෙන්නෙ මේ හෙඩ්බාස්ට.
මේ හෙඩ්බාස් කාරයයි අක්කයි කස්ටිය ඉන්නෙ මහ වත්තක කොනේ හදපු පුංචි ගේක. ඒ යාඩ් එකක් තිබුන වත්තක්. මේ හෙඩ්බාස් වැඩකරන කොන්තරත් කම්පැනි එකෙ ලොක්ක මේ මඟුල ගැන ගොඩක් මැදිහත් වෙලා මේ අක්කගේ තාත්තට කියල තියෙනවා . මේ ඉඩමෙන් කෑල්ලකුයි ගේ හදන වැඩයි ඕක්කොම එයා බලන්නම් කියල. ඒත් අවසානෙ මෙතෙක් නොලියපු ගේ විතරක් ඉතිරි වෙලා.
අක්කගෙ තාත්තත් වෙන ගෑනු කෙනෙක් එක්ක ගිහින්...පස්සෙ එයාලව දාල..
කෝමහරි මේ හෙඩ්බාස්ට දෙන්න පුලුවං කියල මුදලාලි කාරය කියපු ගොඩක් දේවල් පස්සෙ දීල නෑ..
දැන් උඹ කියන්නෙ මේ විදියට උඹ අක්ක හම්බෙන්න බොහෝම සද්ගුණවත් විදියට ගෙදරට ගියා..ඉන්පස්සෙ උඹට අර හෙඩ්බාස් දරුණු විදියට පෙරලා පහරදුන්නා කියලද??
නෑ බං පනින්නෙ නැතුව හිටපංකෝ...
මේ හෙඩ්බාසයි නංගි කෙනෙක් ඉන්නවලු රට ඒ කස්ටිය ආවම ඒ ගොල්ලගෙ පොඩි උන් එක්ක සෙල්ලම් කරන්න කියල අර අක්කගෙ පොඩි උන් දෙන්නව එක්ක ගිහින්. ඉතින් අක්ක එදා ගෙදර. කොහොම හරි අපි දෙන්නටම උනන්දුව තියෙන් ඇති. මම කැමති උන් නෑ අක්කලයි ගෙදර යන්න. ඉන් පස්සෙ අපි දෙන්න මං දන්න යාලුවෙක් ගෙන් පොඩි කාර් කෑල්ලක් ඉල්ලං ගියා පොඩි ට්‍රිපක්..ගීතික කියය්..
ආ හරි හරි ඉතිරි කෑල්ල ඕනි නෑ..අතරමගදි අක්කට ඔලුව කැක්කුමක් හැදුන ඉන්පස්සෙ අක්කත් එක්කල ගෙස්ට් එකකට ගියා..උම්ම දුන්න ඉන්පස්සෙ කොටු..එහෙමද?
අපි නොදන්න මොණරතැන්න..
ම්ම්...උඹ වැරදියි. අක්කට ඕනි වුනේ මං ලගින් ඉඳගෙන ඉන්න ගොඩ වෙලාවක්. අපි ගියා ඔය කඳු තියෙන පැත්තකටත්. උදෙන් ගිය නිසා ඒ තරම් අවුලක් උනේ නෑ. නෑයොන්ට අක්ක කියල තිබුනෙ බුලන්කුලමෙ ඉන්න අම්මයෙ නෑයෙක් අසනීප වෙලා එයා බලන්න යනව කියල..එයා ඕ ලෙවල් කාලෙවත් කොල්ලෙක් හිටිය නෑලු. එකපාරින් කැම්පස් යන් බැරි උනොත් ගෙදරින් දෙවනි පාර කරන්න ලැබෙන් නැති නිසා..ගොඩක් ට්‍රයි කරල පාඩම් කලාලු. ඒ කාලෙත් කොල්ල එකක් හිටියෙ නෑලු..ඉන් පස්සෙ මාස හයකින් එයා කසාද බැන්දලු..කොහොම හරි මටත් හරි සතුටු හිතුන ඒ වගේ සිරවෙච්ච කෙනෙක් එලියට ගන් න පුලුවං උන එක ගැන..
 ආ ඒ කියන්නෙ උඹ කරල තියන්නෙ මහා පිංකමක්ද??
අනෙ මගෙ කට...
සෙක්ස් වලට අක්ක කැමති උනේ නෑ නෑ වගෙත්.. මම තමයි ඒකට මුල් වුනේ..කොහොම උනත් ඒ දවස මටත් හරිම ෆන් දවසක්. මේ විදියට ගුටිකාල දැන් සති දෙකක් තිස්සෙ හරියකට ලැට් එකටවත් යන්න බැරිව හිටියත් ඒක නම් හරිම සුන්දර අත්දැකීමක්..
උඹට මං පෙන්නන්නං අපේ පොටෝ හෙම...
අවසානෙ ඕන් නෑනෙ..මිනිහට ආරන්චි වුනා ඒ යකා මට ගැහුව..ළමයි නැති වෙලාවෙ අක්කටත් ගැහැව්ව..
දැන් මිනිහ ටිකක් ගෙදර රැඳෙනව වගේලු. සමාරවිට මං ආයෙත් පණී කියලද නැත්තං...ඇත්තටම තමුන්ගෙ යාන්ත්‍රික ජීවිතේ ගැන වැටහිලාද දන්නේ නෑ..
ඉන්පසු මා කිසිත් නොකියා ආවෙමි. ඇත්තටම එතැන වූයේ කුමක්දැයි මා නොදනී. සමාරවිට ගීතිකයා අක්කා පැණිහලා සෙට්කරගත්තා වන්නටද පුලුවන. නැත්තං මූ කියන පරිදි ලෝකයේ වැරැද්දට සෙට් වූවා වන්නටද පුලුවන. නමුත් තමුන් ගන්නා අලුත් වාහන පිට නැගී රෑට රෑට යෑමෙන් පමණක් ඒ වාහන නිසිලෙස පවතීයැයි සාම්ප්‍රදායික වාහනකාරයින්ගේ ඇති අදහස නම් වෙනස්විය යුතුයැයි මට මේ කතාවෙන් පැහැදිලි විය..

Thursday, February 23, 2012

ඔබේසේකර වලව්ව (Obeysekara Walauwa)

මුලු කොළඹම එකපාර දැකගන්න කොහෙටද යන්න ඕනි. මේ කාලෙනම් කෙනෙක්ගෙන් ඔය ප්‍රශ්නය ඇහුවොත් බුග් ගාල උත්තර දෙයි කොටුවෙ ලෝක වෙළඳ මධ්‍යස්ථානය කියල. නමුත් මීට කාලෙකට ඉස්සර ඒ කිව්වෙ ශතවර්ශයකට පමණ පෙර කොළඹම දකින්න තිබුනෙ ස්ථාන කීපයයි. ඔයින් දෙක තුනක් බොහොම බලගතු තැන් වෙලා තිබුන. එක්දාස් අටසිය ගනන් වල අවසාන භාගයෙ තැනුන රාජගිරියෙ ඔබේසේකර වලව්වත් ආන්න ඒ වගේ තැනක්. එතනට ගියෑම මුලු කොළඹම පේනව කියලයි කස්ටිය කියන්නෙ.
මේ ඔබේසේකර වලව්වෙ නියම නම උභය සේකර වලව්ව කියල යාලුවෙක් බ්ලොග් එකක කියල තිබුන. ඒ යාලුව කියන විදියට මේ උභය සේකර වලව්ව ඒ කාලෙ ආයුර්වේද වෛද්‍යවරයෙක් තමා ඉඳල තියෙන්නෙ. මේ හිටපු උන්නැහැ බොහොම බලගතු කෙනෙක්. මුස්ලිම් සිංහල සහ දෙමළ වෙද පරපුරවල් එකට ඉන්දල මේ ඔබේසේකර වලව්වෙදි මහ සමුලුවක් තිබිල තියෙනවා. එතනදි ආපු තීරණ තීන්දු මත තමයි පසු කාලීනව සිංහල වෙදකම බොහොම බලගතු දෙයක් වෙන්නෙ. වික්‍රමාරච්චි වෙද මහත්තය පසුකාලීනව ගම්පහ වික්‍රමාරච්චි ආයුරුවේදය හදන්නත් මේ සිද්දිය මූලික වෙලා කියල යාලුව කියනවා. ඒ බ්ලොග් එකේ සඳහන් වෙන විදියට මේ වලව්ව එකල දේශීය වෙදකමේ හාස්කම් තිබුණ තැනක්ලු.
සිංහල චිත්‍රපට ඉතිහාසයේ මෙතෙක් බිහිවූ විශිෂ්ඨතම සිනමා කෘතියක් ලෙස සලකන ලෙක්ස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ නිධානය සිනමාපටයට පසුබිම දී ඇත්තේද මේ වලව්වයි. මේ වාර්ථාව කියන අන්දමට මේ වන විට මේ වලව්ව පසුබිම මත ඇදුන සිහල සිනමාවේ රිදී රේඛාවක් වන වන නිධානය චිත්‍රපටයේ මුල් පිටපත දැන් පිලිස්සී ගොසිනි. තවදුරටත් මේ නිධානය සිනමාපටය අපට නැරඹිය නොහැකි බව මේ සරසවිය පත්‍රය කතුවරයාගේ අදහසයි. නිධානය කතා වස්තුව ඉතා සුලු එකක් වුවත් එහි සිනමාත්මක භාවය ඉතා ඉහල යයි විචාරකයින් බොහොමයක් අදහස් කර ඇත. ආසියාෙව් හොඳම චිත්‍රපට අතරට අදත් මේ නිධානය යන සිනමාපටය ඇතුලත් වෙනබවක් තමයි වෙබ් අඩවි වල සඳහන් වෙන්නෙ. කොහොම උනත් මේ බ්ලොග් එක බලන කෙනෙක් ලඟ නිධානය ෆිල්ම් එක සල්ලි වලට ගන්න හරි තියෙනවනම් මට පෝඩ්ඩක් කමෙන්ට් එකකින් සපෝට් එකක් දෙන්න ෆිල්ම් එක හොයාගන්න. 
මේ වලව්ව ආශ්‍රිතව ප්‍රධාන දර්ශන රූපගත කල චිත්‍රපට අතර කහ බලල්ලු නම්න් ෆිල්ම් එකකුත් තියනව කියල කතාවක් තියෙනවා. කොහොම උනත් වපසරියෙන් විශාල වලව්වක් තමා මේක. මේක හොඳට තිබුන කාලෙ සීයකට දෙසීයකට උනත් කිසි කරදරක් නැතුව නවාතැන් ගන්න පුලුවං හොඳ තත්වයක දෙමහල් පායක් විදියට තියෙන්න ඇති. මේ වලව්ව හදල තියෙන්නෙ තනිකර කුඩු ගල් වලින්. ඒ කිව්වෙ අර තිරුවාන ගල් වගේ ගල් ජාතිය හතරැස් දිගට මෝඩ ගැඩොල් වගේ කපල තමා හදල තියෙන්නෙ. මේ වලව්වෙ වහලය නිම වෙලා තියෙන්නෙ සිංහල උළු වලින්. ඒ කාලෙ බොහොම ප්‍රතාපවත් විදියට මේක තියෙන්නෙ ඇති.
ඉතාම නාගරික භූමි භාගයක ඔබේසේකර වලව්ව පිහිටලා තිබුනත් ඒ වලව්ව අසල තියෙන මහ පතාක රූස්ස ගස් සහ අවට තියෙන අඳුරු ගතිය අපිට කොළඹ අවටින් නම් හොයාගන්න බොහොම අමාරුයි. විශේෂයෙන් රාජගිරිය අවටින්. මේ ඉඩම තරමක් විශාල එකක්. ඒ ඉඩමෙ බොහොම විශාල ගස් දහයක් පාලහක් තියෙනවා. මේ ඉඩම මේ හරියෙ ආර්ථික වටින කමත් එක්ක සංසන්දනය කලොත් විශාල වටිනකමක් තියෙන තැනක්. විශේසයෙන් තියෙන ගහ කොල සහ නිසංසල පසුබිම දැක්කම මටනම් හිතෙන්නෙ මේ ඉඩම වඩා සුදුසු වෙන්නෙ සංචාරක බංගලාවකට කියලයි.
නිධානය චිත්‍රපටයෙ කැමරාකරණය කරපු මහත්මය දැන් ඉන්නෙ අමරිකාවෙ ඔහුතමයි ගැහැනු ලමයි කියන චිත්‍රපටියෙත් කැමරාකරණය කරල තියෙන්නෙ. ඉතා හොඳ මට්ටමක කැමරාකරණයක් මේ නිධානය පුරාවට තියෙනව කියලයි වාර්ථාවල සඳහන් වෙන්නෙ. නිධානය ෆිල්ම් එකේදි වලව්ව ඇතුලත ඇති සාමාන්‍ය අඳුරු ස්වභාවය තමුන්ට තරමක් අභියෝගයක් එල්ල කල බව අපේඒ අධ්‍යක්ෂ මහත්තය කියල තිබුන.
මේ වලව්වෙ වත්මන් හිමිකාරිත්වය හා ඒ සම්බන්ධ කතාන්දරය බොහොම ජනප්‍රිය එකක්. මං තවත් බ්ලොග් ලියන්න ආස නිසාත් තව සුට්ට කාලයක් සාමාන්‍ය සමාජයේ ජීවත් විය යුතුයි කියල හිතන නිසාත් මේ වර්ථමානයට අයිති ඉතිරි කාරනා ටික නම් කියන්න විදියක් නෑ. ඒත් පොඩ්ඩක් මේ පිළිබඳව සර්ච් කලොත්ඒ කිව්වෙ ඔබේසේකර වලව්ව(Obeysekara Walauwa) කියන වචනය ඉංගිරිස්සිෙයන් සර්ච් කලොත් පොඩි අයිඩියා එකක් ගත හැකි වෙයි ඔයාලට..

Wednesday, February 22, 2012

පෙද විහිදුම් (01 වන කොටස)

කනිෂ්ක පුතා සහ සාගර සාගරයක් වගේ වූ සමරදිවාකර මුදලාලි මහතාගේ නිවසට එන විට පාන්දර වූ වා පමණි. කොට කලිසමකින් සැරසී ගත් සමරදිවාකර උන්නැහේ උයෙනේ ව්‍යායාම කරයි. ගේට්ටුව අසල ඇති බෙල් එක එබූ සාගර කෙනෙක් එනතෙක් බලාසිටියේය. කෙනෙක් විත් ගේට්ටුව අරී. මුහුනේ තිබූ පෙනුම මේ ස්ථානයට නොගැලපිය හැකි බැවින් කනිෂ්ඛ සිය අාඩම්බර ගතිය ඇති මූන කෙලින්ම බයාදු ස්වරූපයට ගන්නා ලදී. කණිෂ්කට දමිල චිත්‍රපටියක මතක් විය. එහි පියා සමග රැකියා සොයා එන පුතාගේ චරිතයේ වූ මලානික ගොඩේ පෙනුම තම මූනේ තිබුනොත් කුමක් හෝ යමක් සෙයාගත හැකියැයි කනිෂ්කට සිතුනි. නිවසේ පසෙක නවතා ඇති තඩි වාහන දෙක. සාගරයක් වැනි ගෙය. පිරිසිදු වටපිටාව. කනිෂ්කට මතක් කලේ සිය විශ්ව විද්‍යාලයයි. නිවසේ ගමේ වෙලේ නොතිබූ අමුතු කාන්තියක් විශ්ව විද්‍යාල ජීවිතය පුරාවට නිදහස් අද්‍යාපනයේ අනුහසින් තමුන් වින්දා නොවෙදැයි කනිෂ්ක සිතයි. නමුත් එහි ඵලය මෙතරම්ම කටුක යැයි කවදා නම් සිතුවේද. ඉගනීම මල් අත්තකි එහි ඵලය කටු අත්තකි. නංගී ගේ වැරදි කෝටියක් ඇති ඇගේ ගනන් පොතේ ලියා ඇති වාක්‍යය වෙනස් විය යුතු බැව් කණිෂ්ඛට වැටහුනි. පෙර බැලූ දමිල චිත්‍රපටයේ රැකියාව සොයා එන පුතාගේ චරිතයේ කොන්ඩය පැත්තෙන් බෙදා නැමුනු මුහුන සහිත එකක් බව කණිෂ්ඛට මතක් විය. වහා කොන්ඩය අතින් බෙදාගෙන මුහුන බිමට හරවා ගන්නට කනිෂ්ක සමත් විය.
ආලින්දයේ කොනකඇති බංකුව මත වාඩිවූ සාගර සහ කනිෂ්ඛ මිදුලේ කොනක හති දමමින් තෙල් බස්සමින් සිටින මුදලාලියා නොදුටුවායැයි සිතිය නොහැක.
නමුත් එවුන් දෙදෙනාව මුදලාලි නොදැක්කේ යැයි සිතීම සාගර කනිස්ඛ දෙපලට වාසිදායක බැවින් එවුන් දෙදෙනා එසේ සිතූහ. පෝටිකෝවේ තිබූ ටී පෝ එක මත වූ පත්තරය පෙනෙන නොපෙනන දුරින් විය. එහි අද පත්තරෛද විය. ටික වේලාවක් භාවනා ලයින් එකක් දාගෙන හිටිය යුවලින් පලමුව සාගර හෙවත් පියා පත්තරය අතට ගත් හෙයින් ඉන්පසු කනිස්කද පත්තරය අතට ගති. කුඩා කල සිට මාලු ඔතන් එන කඩදාසියක් පවා ඉවත නොදමන කියවන උනකින් පෙලුන  පිය පුතු දෙදෙනාට මෙය මහත් අස්වැසිල්ලක් විය. පියා පත්‍රය මඳක් ඈතට ගෙන ඔහුගේ ඇස්වලට නාබිගත කරමින් පත්‍රය බලයි. පුතා තමුන්ට කැමති ආටිකල් පාරක් යන තැනක් වෙයි නම් එයට ඇස ඔබමින් පත්‍රය බලයි. 
ඔය අතර සමරදිවාකර එයි..
ආ දෙන්න උදේ පාන්දරම ඇවිත් තියෙන්නෙ??
ඉතින් මේ කොල්ල වෙන් ඇති නේ අර ඉගෙනගෙන රස්සා නෑ කිව්වෙ..
තාත්ත නම් කිව්වෙ ඕන වැඩක් ඇහැකිය කියල..බලමු බලමු..

ඔව් ඔව් කිසි වැඩකට කම්මැලි නෑ. මගේ ගොයිතැන් වැඩ උනත් කරනව. ඒත ඉතින් මූට කියල යන කලදසාවක් තියෙන් එපැයි. අපිට ඉතින් සමරදිවාකර මහත්තැයල වගේ වෙන් බැහැ. ඒත් අපි වගේ ඉපදුන දවසෙ ඉඳල උදැල්ල කැත්ත බදං ඉන්න මුන්ටත් දෙන්න පුලුවනැ. ඔය කොළඹ බලාකියාගන්න වත් කියල මං මේ කොල්ලට රස්සාවක් ඉල්ලුවෙ. දැං ඉතිං අර ඉස්සර වගේ මෙහෙම මුදලාලිල පස්සෙං යනව අඩුයි. ඒත් ඉතින් රට රස්සා ඔලට යවන්න හරි ආන්ඩු රස්සා ඔලට දාන්න කප්පං දෙන්න හරි අපිට ඉතින් බෑනෙ..
අම්ම විසින් දෙතුන් විඩක් කීවත්. තාත්තා කෙතෙක් පිංබතා යැයි නොකියා කීවත් තමුන් තේ වතුර දීමට, කට්ටිය වැඩ කරන දවසක කෑම ගෙන යෑමට හැර ගොවිතැන් පැත්තේවත් ගියේ නැති බව කනිෂ්ඛට මතක් විය. එහෙත් කොතෙක් වැරදිකරුවන් සිටියත් ඒ ගෙදරට දානෙකට වැඩ්ඩ විට ඒ ගෙදර ඉන්න බල්ලාගේ හෝ හොඳක් අල්ලාගෙන පස්ට ගහන හාමුදුරුවන් ගේ ඇති කුලුනු ගුනය පියාගේ තිබීම පිලිබඳ කනිෂ්ක සතුටු විය. තමුන්ගේ ගරු කටයුතු සහ සැලකිය යුත්තන්ගේ ලේඛනයේ කමලක්කාටත් වඩා පහල තැනකට පියා දමා තිබීම ගැන සැබැවින්ම කණිස්ක කනගාටු විය.
 ම්ම් එහෙනම් කොල්ල මේ ගෙදර දාල යන්න. මං මේ ගෙදර දවස් දෙක තුනක්වැඩපල දීල පොඩ්ඩක් හුරු කරල වැඩකට දාන් බලන්නම්.. හැබැයි පුතේ ඉතින් මුලිංම මොනර කොල තිහ හතලිහ නම් බලාපොරොත්තු වෙන්න එපා. වැඩ කරන හැටියට ගෙවීමක් කරන්න බලන්නම්.
ඉන්පසු ගෙදර කාමරයක් කනිෂ්ඛට වෙන්විය. තාත්තා සමග උදේ කෑම කෑමට අවස්ථාවක් ලැබුනි. සමුගන්නා මොහොතේදී තාත්තාගේ කකුල් අල්ලා කනිෂ්ඛ වඳින ලදී. ඉන්පසු නැගිට්ට විට. මෙතන ඔහොම ටික දවසක් හිටහං කාගෙන. මූ ටිකක් සැර උනාට ගෙවනව හොඳට..නැති උනොත් බලමු..මං යන්නං..


තාත්තා ගිය පසු කනිෂ්ඛ තනි විය. ඔහු වත්තේ සහ මිදුලේ එහෙ මෙහෙ ඇවිදින්නට විය. ඔය අතර කුස්සියෙ පැත්තේ ගියේය. කුස්සියේ සිට දත් පමණක් සුදු වලං පාට මුහුනක් ඇති කෙනෙක් එලියට පැමිණ. හැමදාම පිඟානට බෙදල මේසෙට අරින්නෙ නෑ. වැඩ ඉල්ලං එන අය මෙහෙ ඇවිත් කන් ඕනි. යැයි කීය. එහි තේරුම මොවුන් සිතන්නේ තමුන් වත්තේ වැඩට පැමිණි හෝ ව්‍යාපාර වැඩවලට පැමිණි අයෙක් කියා බව සිතුනි. මොකෙක් නැතත් ලස්සන ගෑනු පරාණයක් හෝ සිටීම මැනැවැයි සිතා ඔබ මොබ බැලූ කනිස්කට හමු වූයේ පිළිකුල් බාවනාවට සුදුසු මට්ටමේ දාගිය දිරාගිය සරීරයක් සහිත වයස හතලිහත් පැන්න සරීර කූඩුවකි. කමක්නෑ නන්ද කුමාරය දියිය ලෝකෙ යනකොටත් ඉස්සෙල්ල හෝල්ට් එකේ හිටියෙ නවදැලිහේනක දාගිය වැදිරි මෑල්ලක් නෙව..කනිස්ඛ සිතන්නට විය. වත්තේ මල් කාරයාට පෝර උස්සන් ගොස් දීම. වැඩකාරියගේ පොරටෝක් අසා සිටීම ආදි දෙයක් මිස වෙනත් රාජකාරිය්ක දවසටම නොලැබුනි.
 ඊලග දිනයේ උදේපාන්දර නැගිට බලනවිට වැඩකාරියත් අනික් ගාඩ්නර් බුස්මැට්ටාත් දෙන්නාම උන්ගේ වැඩ බව කනිස්ඛට පෙනුනි. වැඩක් පවරන්නේ නැති. ඔවුන්ගේ රස්සාව ගන්නට ආවායැයි සිතා පුප්පන උන් දෙන්නා සමග සෙට්වීමට කනිස්ක අකමැති විය. ඔන්න ඔහෙ දවල් වෙන්නම යනව. මුන්ගෙ පක්කිලිකං ඔලටයැ මං ආවෙ..මහත්තයිගෙ වැඩ කරන්නෙ නේ.
ඉන් පසුඑලියේ පෝටිකෝවේ ඇති පත්තර දෙකබැලීමට සිත් විය. අනික් වැඩකාර ඩබලට නොපෙනන පරදි බිත්ත්යේ අයිනට පුටුව ඇදගත් කනිෂ්ක පත්තරය බලන්නට විය. පත්තර දෙකෙහි අකුරු යහමින් පැය එකහමාරක් විතර කියවන විට ඕන්න මුදලාලි පරුවතය පහත් විය. අහස ගුගුරාගෙන පොලව පලාගෙන දුම් දමාගෙන එන ඩෝසර් තඩියක් පරිදි හති දමමින් මුදලාලි පරුවතය පෝටිකෝවට ඇතුලත් වුනි. මුදලාලි මහතය ඒත් පැය එකහමාරක් එක්සයිස් කරන්න තරමට මහත නැත. 
එහෙත් එක්සයිස් කර දුම් දමමින් හති අරිමින් නට් බෝල්ට් සෙමෙන් සොල්ලමින් පැමිනෙන මුදලාලි කාරයා වැඩකරන ඩෝසරයක් වැනිම යැයි කනිස්කට මැවෙන්නට විය.
පැමිණ කනිස්ක අසල පුටුව දිග ඇදුන මුදලාලියා. හුම් දැං ඔය ලමය පත්තර බැලුවනේ..මොනවයි ඕකෙ තියෙන විස්තර..
හෙ හෙ හෙ හෙ...
පහුගිය දවස්වල හරි කලබල නේ ආන්ඩුව ඩීසල් වැඩිකරල..
ඔව් මහත්තය ඒ ගැන ගොඩක් විස්තර තියෙනවා. තව ඩීසල වැඩිවුනේ මොකද කියලත් තියෙනවා. ඩීසල් ගේන්නෙ කොහෙන්ද කියලත් තියෙනවා. ගේන්න තිබුනෙ කොහෙන්ද කියලත් තියෙනවා. ඉතින් කනිස්ක කැම්පස් තෙලක් බෙදන්ට පටන් ගත්තාක් වැනි ආකාරයකින් මුදලාලියාට ඩීසල් ප්‍රශ්ණය විස්තර කරයි. 
මුදලාලිට මෙය මහත් ආතල් එකක් ගෙන දුනි. දවල්ට මොන චැනල් එකේ නිවුස බැලුවත් වැඩක් නැත. පත්තරේ කියෙව්වත් එක දෙයක් තේරුං ගන්නට පත්තර තුන හතරක් බැලිය යුතුය. ඒ මදිවාට අකුරු ගොඩක් කියවන්නත් ඕනාය. එය මුදලාලිට කම්මැලි වැඩකි. හුම් තමුන් එනව මාත් එක්ක හෙට ඇවිදින්න දුවන්න යන්න.
සුගර් බස්සගන්න පෙසර් අඩු කරගන්න හොඳ විදියක් මේක. තමුසෙටත් හොඳයි මාත් එක්ක දුවන එක..
උදෙන් නැගිටල පත්තරේ බලල ඔක්කොම විස්තර කියන්න ඕනි. ඕන් ඔය වගේ. කොටින්ම මට නිකම් අනික් උන්ගෙන් විස්තර අහන්න තියන් නැතුව ඔක්කොම හොයන්න ඕනි. මට ඕව අහන්න වෙලාවක් නැ. කනිස්ක මගෙ පස්සෙන් එන්න ඕනි. දුවන්නත් හුරු වෙන්න ඕනි. මං ඔය රස්සාවට විතරක් කන්න අඳින්න දීල පාලහක් දෙන්නම්..වෙන වැඩ ආවොත් ඉතිරිව බලමු..
පාලොස්දාහකට පත්තර බැලීම දිවීම කෑම බීම වැනි රාජකාරි නිකම් කජ්ජක්දැයි වැටුනි.
මීලග දිනයේ සිට මුදලාලි සමග දිවීමට කනිස්ක සෙට් විය. සුපිරම නොවුනත් සැප කෑම. නෑම කීමට හොඳ ටැප් වතුරු. ඉන්නට සැප කාමරය. පත්තර පොත් බැලීමට ඇති අවකාශය. ආදී දේ නිසා ගමට වී ඩිග්රි කරේ තියං ඉන්නවාට වඩා මේ වැනි ජොබක් හොඳයැයි සිතුනි. නමුත් මේ මිනිසාට තේරෙන බාසාවෙන් දේවල් විස්තර කරන්නට තමුන්ට හැකිවූයේ ත් මේ නිදහස් අධ්‍යාපනය නිසා බැවි කනිස්කට මතක් විය. 


ටික දිනක් ගතවිය. කනිස්කට දැනි හොඳින් ව්‍යායාම ලැබෙයි සැප ආහාර ලැබෙයි. ගෙදර ගෙනියන්නට රුපියල් පාලොස් දාහක් ලැබෙයි. අම්මා තාත්තා කනිෂ්කගේ සැපට හැඳුනු ඇඟ දැක පුතා සන්තෝෂයෙන් ලොකු රාජකාරි ලේසියනේ කරමින් ඇති යැයි සිතීය. කමලක්කාද කඩේ ගාවදී දැක. කතාකොට මොකෝ එන් නැත්තෙ වගේ පැණි බැල්මක් දමා යන්නට ගියාය. වෙනදා මෙන් කමලක්කාගේ ගෙදර මොකෙක්වත් නැති වෙලාවක් බලා රිංගන්නට යන්නේ නැතිව පොඩි උන් සිටින හැන්ද වෙලාවක එහි ගොස් කිරිපිට පැකට් එකක් සීනි කිලෝ දෙකක් කනිෂ්ක විසින් තබා ආවේය. මං හිතුවෙ මල්ලි ආඩම්බර වෙල කියල. කොහෙද මේ පොඩි උන් ඉන්න වෙලාවෙම ආවෙ නැත්තං ෙමයිට වඩා මක්කහරි හදල දෙන්න පුලුවං නේ. වෙනද ිඉතින් බතුත් කාලම යන එක නෙව. ඒ කිව් කතාවේ ව්‍යංගාර්ථය වටහාගන්නට බැරි තරම් කනිස්ක කොන්ඩ බැඳපු චීන පැටියෙකු නොවේය. එහෙත් අම්මා නංගී දුන් නොයෙක් අවවාද දහසක් හිත තුල තිබු නිසාත් අම්මා තාත්තා අකමැතිම කාරණාවල් මේ ගමේ සිටින දින දෙක තුන තුලත් කර ඔවුනගේ හිත් තලන්නට සිදුවීමත් නිසා කනිස්ක නැති සිල් ගෙන තුන් වැනි පදේ රැකගන්නට මහත් උත්සාහයක් ගති.


මසක් දෙකක් කනිස්ක හා ආස්‍රයට වැටුන මුදලාලිට පාලු ගෙය සහ බිස්නස් සයුර තුල නොවු විරු මිතුදමක් ගොඩනගාගන්නට හැකිවිය. කනිෂ්ක ගේ පියා වු සාගර මෙන්ම පන්ඩිත ගතිඑහෙන් මෙහෙන් තිබුනත් සාගර මෙන්ම කිසිදු අන්දමේ විශ්වාසය කඩකිරීමේ ලකුනක්වත් මුදලාලි කනිස්කගෙන් නොදිටීය.කනිෂ්කට රිය බලපත් ලබාදීමට ඔහු උත්සාහ කලේය. මීට කලින්මේ වැනි ගමෙන් පැමිණ රිය බලපත් මුදලාලිගේ සල්ලිවලින්ම ගෙන ඉන්පසු මාස තුන හතරකින් අතුරුදන් වූ පුවත මුදලාලි කලින් කියා කනිස්කට තව රුපියල් පන්දාහක් විතර පඩි ලැබෙයි ඔය ඩ්‍රැයිවින් ලැයිසොන් ගත්තම යැයි කියාඒ රාජකාරිය කෙරන තැනට කටයුතු කෙලේය. දැන් ගමෙන්ආ සුකිරිකොල්ලාට වඩා හැඩි දැඩි ලක්සන සරීරයෙන්යුතු පෝෂණිය පෙනුමක් ඇති කනිෂ්ක ගැම්මක් සහිත අයෙක් විය. එලවලු මාකට්එකේ කඩ, සිල්ලර කඩ, කඩ කාමර, මාලු මාකට් එකේ කඩ, ගල් කොරි ආදි සමූහ ව්‍යාපාර කීපයක දක්ෂයෙකුවූ මුදලාලිගේ හොඳ කකුලකි දැන් කනිෂ්ක. 

Tuesday, February 21, 2012

පෙද විහිදුම් (0.5 වන කොටස)

නිල් කොට ජංගියේ 
හිල් වලට කොල්ලො හිනාවෙනකොට
තෙමුනෙ නෑ ඇස්ගෙඩි මගේ
ඔව් යකෝ මගේ ජංගියට වෙඩි වැදිල තමයි
බොලාට මොකද.??
කෑ ගහල කිව්වෙ නැතත් හිතේ හයිය තිබුන එදා

උපාදිය අරන් පොටෝ ගහල
ඒක ගෙදර තියං ඉන්නකොට.
පාරෙ කෑ ගහනකොට.
වතුර ටැංකි උඩ අට්ටාල උඩ නගිනකොට
අපේ අප්පච්චි කිව්ව..
හයියෝ කොල්ලා..
තෝ මං උඹ උඩට යවන්නයි හැදුවෙ.
අවසානෙ උඹ 
පොල්ගස් නගින වගේ වැඩක් ඉගෙන ගෙන වගේ
උඩට යන්න..
කනිෂ්ක උදේ පාන්දර ඒ කැම්පස් එකේ බී නිර්මාණ පුවරුවෙ ගහල තිබුන දැන්වීම මතක්වෙලා හිතින් හිතුව. කවුරුහරි ලස්සනට නැතත් ගැම්මට ලියපු එකක් කනිෂ්කට හිතුන.
අද තමයි උපාදිදාරී රැකියා රහිත අයගේ උද්ගෝෂනේ. ඒකට යන්නත් ඕනි. තාත්තගෙන් රුපියල් පන්ෂියක් ගලෝගන්න එක තමායි වැඩේ..
අම්ම ලගට ගියා. අම්මෙ රස්සාවක් බලන්න කොළඹ යන්න ඕනි. තාත්තගෙන් රුපියල් පන්සියක් වත් ඉල්ලල දෙන්න.
හුම්...බලමු..දැන් උන්දැට කොහෙද සල්ලි...
 කණිෂ්ඛගේ මව වන අපර්ණා කීවේය. පුතා ඉල්ලන්නේ ඉන්ටවු එකකට යන්නට යැයි කියාය. එහෙත් කනිෂ්ඛ ගේ පියා වන සාගර ගේ අදහස තවත් පිකට් එකකට යන්නට වලියකට යන්නට පාටියකට යන්නට සල්ලි ඉල්ලනවා කියලාය. පුතාගෙන් බේරෙන්නට බැරිවන නිසාම සල්ලි ඉල්ලන්නට අපර්ණා යනවා විනා සාගර උන්නැහේ සැමියා වුවත් රැස්පට් බලන්නට අපර්ණා කැමති නැත. එහෙත් තමුන්ට ඇත්තේ දුවගේ පන්තියට දීමට ඇති රුපියල් දාහ කොලේ පමණක් බව අපර්ණාට මතක් උනි..
මේ ඇහුනයි. අන්න පුතාට ඉන්ටවු එකකට යන්න සල්ලි ඕනිලු...
ඉන්ටවු..යස ඉන්ටවු.. මූ මගෙන් හරි ඔහෙගන් හරි සල්ලි ඉල්ලං ගිහින් කොරන දේවල් ඔහෙ දන්නවයි ඉන්ටවු වලට සල්ලි ඉල්ලන්න එන්නෙ??
හරි හරි උදේ පාන්දර කෑ ගහන්නෙ නැතුව කීයක් හරි තියෙනං දෙන්න. මං ගාව තියෙන්නෙ දූගෙ පන්ති සල්ලි විතරයි...
මං දෙන් නෑ සත පහක් ඕකට..ඕක මගෙ සල්ලි අරන් ගිහින් ඉන්ටවු යනව කියල ඇඳන් ගිහින් කොහෙ හරි ආන්ඩු පෙල්ලන උන් එක්ක කෑ ගහල වතුර නාගෙන ඒ මදිවට මග කොහෝ හරි දැපල ඇවිත් මූ මටම තැන් තැන් වල බැනල තියෙනවා.
අපේ තාත්තල අපිට බිස්නස් එකක් වත් කර්න්න කීයක් වත් නොදෙන කතාවකුත් කියල තිබුන.
ඔහෙගෙ ඇස් පොට්ට උනාට මට තාම හොඳට පේනව. මූ බීල ඇවිත් හොරා වගේ අර කොස්ගහ පිටිපස්සෙ වමනෙත් දාලතිබුන දවසක්..අපිත් බිව්ව ඒත් අම්ම තාත්තගෙ සල්ලි වලින් මූ වගේ මල පෙරේතකමට බිව්වෙ නෑ..
හරි හරි ඔහෙට බැරිනම් නිකම් ඉන්න මං කියන්නම් සල්ලි නෑ කියල...
ඒ අතර ඒ අසා සිටි කනිස්කට හොඳටම තරහ ආවේය.
අම්මේ එයැයිගෙ සල්ලි මට ඕනි නෑ..එයාට කියන්න ඒ සල්ලි බැංකු වලට දාල අපි නාකි වුනාම දැවැද්දට දෙන්න කියල. තොප්පිය. හරියට නිකම් හැමදාම බිව්ව වගේ කතාව. කොහෙ හරි ගියෑම පිනට ගහල ඇවිත් රටට සද්දෙ දාන්න එයැය්ට පුලුවං..බම්බුව..ඕන් නෑ මට සල්ලි. මං ඉන්නෑ තව වැඩි දවසක්.. මේ ගුබ්බෑයමෙ..යනව යන්න.
යයි කියල තමයි බය..පියා වූ සාගර කිව්වේය.
ඒ කිව් පරිදිම උදේට බෙදා තිබූ පිගානම තරහින් අනුබව කොට තව අම්මා විසින් බෙදාදුන් අමතර කොටසද තරහින්ම අනුබව කොට කනිෂ්ඛ නිවසින් නික්මුනේය.
දවසම එහෙ මෙහෙ සිට දවල්ට කා නැවතත් පිට්ටනියට ගොස් ගංජා පාරක් ගසන ගමන් ක්‍රිකට් සුට්ටක්ද ගසා හැන්දෑවේ නිවසට ආවේය.
මේ කොල්ල හෙට ලෑස්ති වෙනව මං එක්කයන්න. උඹ මෙතෙක් කල් රස්සා හෙව්ව ඇති. දැං මං බොට රස්සාවක් හොයල දෙනව..
පුතාට උපාදිය අරන් පත්තර බලල බලල යාලුවන්ටත් කියල හොයාගන් බැරි රස්සා කොහොමෙයි ඔහේ හොයාගන්නෙ??..ඒ අපර්ණාය.
හු හ් හුහ්..ඔහෙට මතකෙයි මං කලින් වැඩකල වත්තෙ මහත්තය.උන්දැ දැන් කොලඹ..මේ ලගදි පරණ  වතු බලාකියාගන්න ආව. ආව වෙලාවෙ මං මූ ගැන කිව්ව. ආයෙ මං ඊයෙ කෝල් එකක් දුන්න. හෙට එන්නයි කියල තමයි කිව්වෙ..
කනිෂ්ඛ කනිෂ්ඛ...පොඩ්ඩක් එන්න මෙහෙට.
මං උඹට මෙහෙම කතා කරල නෑ කලිං ඒත් අද කතාකරන්න ඕනි.
දැං උඹ ඔය කලු තොප්පිය දාං අවුරුද්දකටත් වඩා ගෙවුන. බොට රස්සාවක් හොයාගන් බැරි උනා. දැං ගමේම කීයක් ඉන්වද බලහං තොගෙ තොප්පිය දාන්න තියා. මේ කලිසමක් හරියට ඇන්දෙ නැති උන්..කොළඹ ගිහින් බිස්නොස්, රට ගිහින් රස්සා කොරල දැන් දියිය ලෝක වගේ මාලිගා ගහං ඉන්න උන්..
මට උඹ ගැන කතන්දරයක් ආරංචි උනා අර වැන්දඹු කමලගෙ ගෙවල් පැත්තෙ කැරකෙනව කියල. මට ඒකෙ ආරන්චි උන වෙලේ තරහ ආව. ඒත් අපිත් ඔය වයස පහු කොරල නේ ඇවිත් තියෙන්නෙ. උඹත් දැන් කසාදයක් බඳින්න ඕනි වයසත් ටිකක් පහුෙවල..
මං කියන්නං වැඩක්. උඹ ඔය කලු තොප්පියයි අර පින්තූරෙ තියෙන රෝලියයි අමතක කරපං..කරල යමු අර සමරදිවාකර මහත්තය හමු වෙන්න. මීට කලිං ගමෙන් ගිය උන් තුන් හතර දෙනෙක්ම උන්දැ ගාව වැඩ කරල දැන් හරි හමන් තැනකට ඇවිල්ල තියෙන්නෙ..
මං මේ උඹට කියන් පුලුවං උපරිම හොඳින් කියන්නෙ..උඹ දන්නවනේ මං මේ වගේ ඩිංගක් කට ගාගත් වෙලාවක ඇරෙන්න බොට හොඳට කතා කරන්නෙ නෑ කියල.
ඉස්සෙල්ල ඔය ඔලුවෙ තියන තොප්පියයි. අතේ තියෙන රෝලයි අමතකම කරපං. හෙට මං බොට පන්සීයට දාහක් දෙන්නං. වර යන්න මාත් එක්ක.
උඹම හිතපං දැන් උඹේ කලදසාව උඹට හදාගන් බැරි උනානෙ..

කනිෂ්ඛ කල්පනා කරන්නට විය. කමලා අක්කා වුවද ඇදගන්නට නම් පන්සියක් දාහක වියදං කල යුතුය. කමලක්කා වුව මේ ලෝගුවටවත් තොප්පියටවත් තාත්තා කියන අතේ ඇති රෝල නොහොත් උපාධි සර්ටි පේකේට් එකටවත් හැරෙන්නේ නැත. මල්ලි මේව ගම් නේ. උඹ වැඩිය මේ ගෙවල් අස්සෙ රිංගනවට මං ආස නෑ. අනික උඹල ඉගෙනගත් මිනිස්සුනේ.
කමලක්කා කිව් කතාව කනිෂ්ඛ ට මතක් විය. මොන වලාමක් වුවත් සල්ලි පටි තුන හතරක් තිබුනානම් කමලක්කාට සාරියක් හෝ ගෙනහින් දෙන්නට තිබුනි. එහෙත් සල්ලි නැතුව කිසිත් කරගත නොහැක විය. ඇගේ කුඩා දරුවන් අෙහ්නියෙන් සිටින විට. ඇයට අඳින්නට වස්තරයක් යැයි යමක් පමණක් ඇතිවිට. ඇගේ ටකරං වහල අහස බලන විට අහවල් රාජකාරියට පමණක් එහෙ යෑම කණිෂ්ඛට හිෙත් දුකක්ම විය.
ඔහුට තාත්තා කිව් සියල්ලම මතක හිටියේ නැත.එහෙත් කමලක්කා සම්බන්ද කතාව පමණක් මතකයේ රැඳුනි. කෙසේ වෙතත් තාත්තාගේ අමුතු ගති පැවතුම් ගැන දන්නා කනිස්ඛ මෙය පියාගේ තවත් කුමක් හෝ ජල්තබරස් වැඩක් විය හැකි බවත් මේ හරහා නිකම්ම සිටිනවාට වඩා යමක් කරගත හැක විය හැකි බවත් මතක් විය.
පුතේ උඹ තාත්ත කියන එක අහපං හෙට ලෑස්ති වෙයං..රැට පොල්සබ්බෝල හා බත් මාලු සමග අඹරමින් සිටින අතර අම්මා අපර්ණා කනිෂ්ඛ පුතාට උපදෙස් දුන්නේය.
උඹ මොන කෙහෙම්මල කොරත් අර වේස ගෑනිෙග ගුබ්බෙ අස්සෙ යන එකට නං මං කැමති නෑ. කෝකටත් මේ ගම උඹට ඒ තරං වගතුවක් නෑ වගේ. මෙහෙ ඉන්නකං තමයි බොට රස්සාවක් උනත් හොයාගන් බැරි. තාත්ත උනත් උඹට වරදක් කරන්නෙ නැනෙ..
හාහා ඔහෙගෙ යාතිකාව නවත් ගන්න.හෙට අර චෙක් සර්ට් එකයි කලු පාට බල්ල පැනපු කලිසමයි අයන් කරල තියන් කියල නංගිට කියන්න. බල්ල පැන්න කලිසම හොඳයි. පොඩ්ඩක් පෝල්ට් එක හරියෙන් දත් පාරක් ගියා විතරනේ..

Wednesday, February 15, 2012

මං කොළඹ ගියෙමි (I went to colombo)

මං කොළඹ ගිය වෙලේ පින්තූර ගත්තා. මේ පිංතූර ගත්තෙ කෙටි චිත්‍රපටියක් කරන්න. මේ චිත්‍රපටිය කරන්නෙ කොළඹ පැත්තෙ තරුණයෙක් ගැන. ඒ වගේ දෙයක් කරන්න කලින් සාමාන්‍යන් අපි ලොකේෂන් ටික පින්තූර ගන්නවා. මේ වැඩේට ඊයෙ මාත් දායක උනා. මමත් එතකොට එක්තරා ඇසිස්ටන්ට් ඩිරෙක්ටර බුවෙක් වෙනවා. කොහොම හරි ඊයෙ වැස්ස මැද මම යනකොට හැන්දෑවෙ බස් වල සහ තැන් තැන්වල ජොඩු ඉඹ ඉඹ ඉන්නවා. අනේ මට මෙලෝ දෙයක් සෙන්ස් උනේ නෑ. මං හිතුව වැස්සට සහ හීතලට කියල. ඒත් බෝඩිමට ගිහිං මට ආපු මැසේජ් පාරක් දැක්කම තමයි මතක් උනේ යකෝ ඊයෙ පෙබරවාරි දාහතර ලවර්ස්ලයි දවස නේ. කෝම හරි ලස්සන පිංතූරු ටිකක් තෝරල බලාගන්ට තමා දාන්නෙ.
මේ තියෙන්නෙ කොටුවෙ වීදියක්. දර්ශන පසුබිමක් විදියට ගත්තොත් මේ විදියෙ තියෙන එකම වීදිය මේක විතරයි. පරණ යුගය ඡායාරුපයක් ගන්න කියාපු තැන. 
මේ කාගිල්ස් සාප්පුව. මේක තමයි කාගිල්ස් ෆුස් සිටි වල ආරම්භය. දැනටත් හෙඩ් ඔෆිස් එක විදියට පාවිච්චි වෙන්නෙ මෙතන. බොහොම පරණ තැනක්. ඒ වගේම හොල්මන් ඇති කියලත් මට හිතුනෙ.
මේ යන්නෙ අපි කාගිල්ස් සාප්පුව ඉස්සරහින් තියෙන කොරිඩෝර් එකෙ දිගේ. මේක ලයිට්ස් දාල හරි ගැම්මට තිබුන. පැරණි බව ඉස්මතුවෙන්න රතුපාට තින්තත් එක හේතුවක් කියලයි මට හිතෙන්නෙ.
මේ තියෙන්නෙත් කොටුවෙ වීදියක්. මේ ලක්ෂණ වීදිය නම් ඇදෙන්නෙ වරාය පැත්තට මට මතක විදියට. මේ වීදිය දිගේ ගිහින් වරායට යන්න පුලුවනි.
මේ තියෙන්නෙ හිල්ටන් හෝටලය සහ ලෝක වෙළඳ මධ්‍යස්ථානය. මෙතන දර්ශනය අතින් වැදගත් වෙන්නෙ චෛත්‍යයට උඩින් බිල්ඩින් තිබීම කියන එක තමා මා එක්ක ගිය චිත්‍රපට ලෝලි මිතුරා කිව්වෙ. ඉස්සර ගමේ ඉහලම තැන තමා පන්සල තියෙන්නෙ ඒත් මේ කොළඹ නගරය මැද ලේක්හවුස් එක ඉදිරිපිට සිට ගත්ත මේ පින්තූරේ පෙන්නුම් කරන්නෙ අපේ සංස්කෘතියටත් ඉහලින් ආර්ථික තිබෙන සංකල්පය කියන එක කියල තමා මගේ මිතුරගෙ අදහස.
ලංකාවෙ තිබෙන බිල්ඩින් අතර මං ආස කරන හරි ලස්සන සැලසුමකට හදපු ඒ වගේම මනාව නඩත්තුව සිදුවන බිල්ඩින් එකක් තමයි මේ. හැටන් නැෂනල් බැංකුව මේක තියෙන්නෙ ටවුං හෝල් කිස්ටුව ඉබ්බන්වල හංදියට මරදානෙ ඉඳල එනකොට. හරි අපූරුයි ටිකක් හැන්ද වේගෙන එන වෙලාවට මේ බිල්ඩින් එක.
මේ තියෙන්නෙත් කලින් කියපු එච් එන් බී ටවර් එකම තමා.
මේ තියෙන්නෙ මරදාන ගුවන් පාලමේ සිට මරදාන දුම්රිය ස්ථානය. තව ඉතින් ඉතිරයත් මරදාන දුම්රිය පොල සහ අවට පෙදෙස තමා.
ම්ම් පින්තූර අරන් ඉවරයි.මේ සෝට් ෆිල්ම් එකනම් හැදෙනකල් මට තුට්ටුවකවත් විස්සාසයක් නෑ. අපි බලමු හැදුනොත් බ්ොලාග් එකේ දාත හැකි වෙයි.

Tuesday, February 14, 2012

නීතියට අපි වඳිමුද?

සති අන්තයේ එක් දිනෙක මා ගෙදර ගියෙමි. එවිට වෙනදා පරිද්දෙන් මහ හයියෙන් කෑ ගසමින් සිටින අතර අපේ සාලය මැදින් කුස්සිය දෙසට කාමරයක සිට කෙල්ලක දුවනු දිටිමි. අපේ නංගීගේ යාලුවෙකුගේ වයසේ විය යුතුයැ. එහෙත් ඉන් පෙර නොදිටි කෙනෙක් විය. පසුව නංගීගෙන් ඒ යාලුවා ගැන විමසීමි. තාත්ත ඔය..... පැත්තෙ ඉන්න අපේ නෑයො බලන්න ගියානෙ ගිය සතියෙ..එතකොට මේ නංගි නවත්තගන්න ඇහැකිද කියල අහල. මෙයා මේ පාර ඕලෙවල් පාස් වෙල ඒ ලෙවල් කරන්න ඉන්නෙ.. ඒ පැත්තෙ ක්ලාසුත් නෑලු..ඉස්කෝලෙත් මෙහෙ තමයි දාල තියෙන්නෙ. ඉතින් අපේ ගෙදර මට තනියටත් එක්ක තාත්ත මෙහෙ නවත්තගන්න කැමති වෙල. අපේ නංගී විසින් පැය බාගයක් විතර විස්තර වරුනා සහිතව මා ප්‍රවෘත්ති බලන අතර ඔය දිග අවාසනාවට ඇත්ත කතාව කියාගෙන යන ලදී. මට එතරම් වැදගත් කමක් නැති නිසා මා එතරම් කන් දුන්නේ නැත. ඇයට මේසයක් තිබේද? කියන ප්‍රශ්ණයට පමණක් මා උත්තරයක් සොයා මා එන්නට ආමි.


ඒ ගෑල්ලමයා එතරම්ම ලක්ෂනක් නැති උවත් පියකරු යුවතියකි. එහෙත් මාර ලැජ්ජා කාරියෙකි. මා සාලයේ සිටීනම් අසුනක වාඩි වීමටවත් ඇය බයය.
පසුව දැනගත් පරිදි ඒ නංගී අපේ නෑයෙක් වෙයි. බොහොම දුර පැත්තකින් නෑවෙන කෙනෙකි. නමුත් නෑකම නිවැරදිව ගන්නේ නම් ඇය මගේ දුවෙක් වෙයි.
මේ ළඟදී මා ගෙදර යන විට ඇය එක්වරම පාසැල් ඇරී ඇවිත් කාමරය වසාගෙන අඬමින් සිට කොහේදෝ සිටි නැන්දා කෙනෙකු ටවුමට එනවාය ඇය සමග යන්නට යනවාය කියා අඬන මුහුනින්ම යන්නට ගියාය. බොහොම යව්වන වයසේ ඇය කොල්ලකු සම්බන්ධ කතාවකට සම්බන්ධ වී ඇතුවා විය හැකි බව මා සිතීමි. එසේම ඇය ඉන්පෙර ජංගම දුකෙහි එල්ලී සිටිනවා කතාකරනවාද මා දිටිමි.


පසුව සිද්දිය අනාවරණය විය. බොහෝ සෙයින් ජනප්‍රිය වූ මීට වසර 18කට පෙර සිදුවූ මිනීමැරුමකට වැරදිකරුවෙකු ලෙස ඇගේ පියා ජීවිතාන්තය දක්වා සිරදඬුවමට නියම වී තිබුනි. ඒ මිනීමැරුම් සිද්දිය වී තිබුනේ මා ඉහතින් සඳහන් කල දියණිය ඉපදීමටත් ප්‍රථමයෙනි. මේ පුද්ගලයා අපි සයිමන් ලෙස ගමු. සයිමන් ඒ මිනිමැරුම් සිද්ධියෙන් පසු විවාහ විය. එම විවාහයේ දරුවන් දෙදෙනකි. ඔවුන්ට ජීවිකාව සරි කරගැන්ම අමාරු වූ නිසා සයිමන්ගේ බිරිඳ විදෙස් ගත විය. විදෙස්ගත බිරිය ලංකාවට එනවිට  වෙනත් කසාදයක් කරගෙන ආවේය. එසේම සයිමන්ද පසු කලෙක විවාහයක් කරගන්නා ලදී. මා ඉහතින් කියන ලද නංගී අයිති වන්නේ සයිමන්ගේ පලමු විවාහයේ දරුවන්ගෙන් වැඩිමහලු දරුවාටය.
කලක් ගොස් මිනිමැරුම ගැන අනාවරණය වී ඇත. දැන් අර කිව් නංගීට වියදම් දෙන්නට කෙනෙක් නැත. ඒ නංගීට පහල කසාද දෙකකට අයත් තවත් දරුවන් තුන් දෙනෙකි. ඔවුන්ද අසරණ වී ඇත. 
අපේ නිවසට පැමිණ සිටින කෙනාටනම් ක්ලාස් සොයාදීම නවාතැන් දීමේ සිට ඉගනීම දක්වා සියලු කටයුතු අපේ පියා මම සහ මගේ සහෝදර සහෝදරියන් විසින් සිදුකරනු ඇත. නමුත් ඉතිරි තිදෙනාට??
හිරගෙදර දී බරපතල වැඩ සහිතව සිරගත වුවත් ඒ කරන බරපතල වැඩ වලට මිලක් නොලැබෙන්නේ ඇයි දැයි මට නොතේරේ. අපේ පියා අවරුදු 17 සිට උදැල්ල කරතියොගෙන මහපොලව සමග බරපතල වැඩ ඔහුට අවරුදු හැට ගානක් වන මෑතක් දක්වාම කරගෙන යයි. උදේ පටන් ගන්නා මහපොලව සමග සෙල්ලම සමහර දිනෙක කරුවල වැටෙන තෙක් කරන්නට වෙන දිනද තිබුනි. ඒ වෙහෙසීමෙන් ගත් මුදල් වලින් බොහෝ අයට හිතසුව පිණිස වැඩ කරන ලදී. කොටින්ම කොළඹ කන්තෝරුවකට වී මහ වැස්ස වෙලාවේ ඇතුලට වී බ්ලෝග කොටන්නේද ඒ පියා කල බරපතල වැඩ වලට ලැබුනු මුදල් නිසාය.
සිරගත වන පුද්ගලයින් බොහොමයකට සිය දරුපවුල් ඇත. දුක්විඳින දරුවන් පවුල මෙලොව තනිකර ඔවුන් තනිවම අපා ගත වනවා වැනි ආකාරයකට මිනිසුන් වැරදි කරුවන් වී සිරගෙට යයි. ඔවුන් මේ ලොව තනි වෙයි. අපේ කන්තෝරුවේ වැඩ කරන කෙනෙකු ආසන පටි නොපැලද වාහන පදවා උසාවි ගොස් දුටු කතාවක් විස්තර කලේය. රුපියල් එකොලොස් දාහක් සොරකම් කොට අසුවී මාස තුනකට සිර ගත වූ කෙනෙකු ගෙනයන විට ඔහුගේ බිරිඳ සහ මන්දබුද්ධික දරුවා වැලපුනු ආකාරය ඉතා සෝ ජනක බව ඒ පුද්ගලයා කීවේය.


ඒ ඇතුලට යන පුද්ගලයින් යම් කිසි කරුමාන්තයකට හුරු කොට ඒ කරුමාන්ත යම් යම් ආකාරයට වෙළඳ පොල වෙත යොමුකර රුපියල් දාහක් දෙදාහක්හෝ සිරගතව සිටින්නන්ගේ පවුල්වල අයට යොමුකල හැකි ක්‍රමයක් හදන්නේ නම් හොඳය. එවිටඒ එයට රජයට බරක් නොවී ඇතුලේ සිටිය හැක. එසේම මුදල් නැති කමින් දරුවන් සහ පවුල විෂමාචාර වලට යොමුවීම අවමකරගත හැක.
උදා කසිප්පු වෙළදාම් කරන සිරිපාල පොලිසියෙන් අල්ලා අවුරුද්දකට දෙකකට ඇතුලට යැවූ විට ජීවත් විමට විදියක් නැති සිරිපාලගේ පවුල යලිත් කසිප්පු බිස්නස් එක පටන් ගනී. ඒ අකාරයට ඔවුන්ගෙ දරුවන් පොඩි පොඩි සොරකම් වලට සහ කුඩු බිස්නස් ගංජා බිස්නස් වලට යොමු වෙයි. එවිට ඒ සියල්ල අල්ලා සිරගත කලවිට විෂමාචාර අඩුවේයැයි අපේ සමාජය සිතයි. අපේ ඇඟේ කිසිවෙක් නොවදින පරිදි අපි ආරක්ෂා වීමේ ආත්මාර්ථකාමී ක්‍රමවේදයක් මේ සමස්ථ බන්ධනාගාර පද්ධතිය සහ නීතිමය පද්ධතිය තුල ඇතැයි මට සිතේ..

Friday, February 10, 2012

ටී එම් ගේ අලුත්ම සින්දු දෙක (T M's New Songs)

ගීත රචනය :- ශ්‍රී බෝධිරාජාරාමාධිපති ශ්‍රාස්ත්‍රපති පූජ්‍ය කොලොන්නාවේ නාරද හිමි.
ගායනය :- ප්‍රවීන ගායක ටී එම් ජයරත්න.
තනු නිර්මාණය :- එල්මෝ ප්‍රසන්න
සන්සුන් ගමනින් වඩිනා වූ..
මවුනි ඔබ මුතු මැණික් වෙහෙරකි සදා කල් සිත සනසනා.

මේ සින්දු දෙක හදන්න හාමුදුරුවො ගොඩක් මාන්සි උනා. ඒ වගේම මේ සින්දුදෙක ඇත්තටම ලස්සනයි. හොඳ තනුවක් තියෙනවා. එල්මෝ ප්‍රසන්න කියන්නෙ ජනප්‍රිය කලාකරුවෙක් නම් නෙමෙයි. ඒත් මේ වැඩේදිනම් එල්මෝ අයියගෙ එල් බෝඩ් ගතියක් පේන්නෙ නෑ.
 මේ සින්දු දෙක හදන්න හාමුදුරුවන්ටයි ඒ දායක මහත්වරුන්ටයි රුපියල් හැත්තෑදහසක් විතර වියදම් වෙලා තියනවා. මේ සින්දුවට ගායනය සපයපු ටී එම් ජයරත්න මහත්මය රුපිය්ල තිස්දාහක් තමයිමේ සින්දුව ගායනා කරන්න අරන් තිබුනෙ. හොඳ ප්‍රවීන ගායන ශිල්පියෙක් රුපියල් පනස්දාහක් ඉල්ලල තිබුන. ස්ටුඩියෝ එකට රුපියල් විසිදාහක් විතර වියදම් වෙලා තියෙනවා. තව ඉතින් සංගීත සපයන අයටඒ අයටත් රුපියල් විසිදාහක් විතර වියදං..

 මේ සින්දුව රචනා කලේ හාමුදුරුවො නිසා සංගීතයටයි ගායකයටයි තමයි වියදම් උනේ. වැරදිලා හරි කෙනෙක් ආධුනික ගායකයෙක් උනොත් අනෙක් දෙන්නට ඒ කිව්වෙ ගීත රචකයටයි සංගීතයටයි ගෙවන්න වෙනව. ෂිහාන් මිහිරංග, ක්ලැරන්ස් විජේවර්ධන සහ රූකාන්ත ගුණතිලක වැනි අසාමාන්‍ය හැකියා තියෙන කලාකරුවෙක්ට ඇරෙන්න ගීත සම්බන්ධ හැකියාව තියෙන අයට ඉදිරියට යන්න අපාසුයි මේ තියන තත්වය අනුව. මෙතන කෙනෙක් හිතන්න පුලුවන් ටී එම් මහත්මය ගත්ත ගාන වැඩියි. ඒක නෙමෙයි වෙන්න ඕනි හාමුදුරුවන්ට සල්ලි ගෙවන එක කියල.. ඒත් ඉතින් එහෙම කියන්න ගියොත් හෙම ටී එම් මහත්මයට එන ආරාධනා එක්ක එතුමට සින්දු දහයක් විස්සක් දවසට කියන්න පුලුවන් වෙයි. අනික මේ විදියට අලුත් සින්දුම කියන්න ගියොත් ඒ අයගෙ පැරණි සින්දු වලට යන කලදසාව මොකක්ද?
     උදාහරන විදියට වික්ටර් රත්නායක මහත්මය සින්දු එකසිය ගානක් කියල තියෙනවා.ඒ අතර සාමාන්‍යන් නොඇසෙන ගීත ගොඩක් තියෙනවා. ඉතින් මේ වික්ටර් මහත්මය අලුත් සින්දු කියනව කියන්නෙ පරණ සින්දු ටික යට යන්න හේතුවක්. ඉතින් මේ ගායකයින්ට තමුන්ට අවැසි විදියෙ කලා ජීවිතය ගෙනියන්න සහ ආර්ථිකමය අතින් වාසි ගන්න ඒ අය ගායනා කල සින්දු ටික විතරක් උනත් ඇති. ඒ නිසා තමයි මම හිතන්නෙ මේ ප්‍රවීන ගායකයින්ගෙ නව සින්දු ඒම ප්‍රමාද වෙන්නෙ..


      මේ සින්දු දෙක එලිදක්වන්න පොඩි උත්සවයක් ශ්‍රී බෝධිරාජාරාමයේදි තිබුන. ඒ උත්සවයට ජනප්‍රිය ගායිකාවක් ආව..ඇගේ නම මේඛලා ගමගේ. මේඛලා ඇවිත් තිබුනෙ ඇගේ අම්මා සහ වෙනත් යහලුවෙක් සමඟ. ඇය තංගල්ල මිද්දෙනිය පැත්තෙ. ඇගේ වාසනාවට ඇගේ ඇස් දෙකම අන්ධ වුනා. නැත්තං මිද්දෙනියෙ ලස්සන පොත්ත රතු නැති ගෑනු ලමයෙක්ට ජනප්‍රිය සින්දුවක හිමිකාරිනියක් වෙනව කියන්නෙ හීනයක්..
ටී එම් මහත්මයත් බොහොම නිහතමානි කෙනෙක්. තෑග්ගක් දෙන්න කලින් ඔන්න ඉතින් එතුමාගේ ගුණ කථනය යනව. එතුම හිමීට පිටිපස්ස හැරිල ඉස්සරහ ඩෙකරේට කරල තියෙන ගල් කණුවක් පෙන්නල..මේ කියන විදියට ලොකු වටින තෑග්ගක් වගේ දෙන්න යන්නෙ අර ගල් කනුව වගේ ලොකූ සයිස් එකක් උනොත් එහෙම මගේ වාහනේ දාගෙන යන්නත් බැරිවෙයි කිව්ව. ආ තව දෙයක් ටී එම් මහත්මයට තියෙන්නෙ නොකිය 3310 වර්ගයේ ස්මාට් ෆොන් එකක්. ඇත්තටම මරු ෆෝන් එක. මාත් හරිම ආස ෆොන් ජාතියක්. 
මේ සින්දුව ලියපු හාමුදුරවන්ගෙ අදහස වෙලා තියෙන්නෙ ගීතය ඔස්සේ කවිය ඔස්සේ ධර්මය ගැන සාමාන්‍ය ජනයාට භක්තියක් ඇති කිරීම..ඒකත් නිර්මාණ ශීලි ප්‍රවේශයක්. මේ වැඩේට අලුත්කඩේ උසාවියට සම්බන්ධ පාර්ශව වලිනුත් යම් යම් උදව් ලැබුනා.

Thursday, February 9, 2012

හපුතලේ යමු.(lets visit Haputhale)

මා ඉස්කෝලෙ යන කාලේ එක කඩේක ගෝදම්බ රොටී කියා ජාතියක් තිබුනි. ඒවා මොන රසදැයි මා නොදැන සිටින ලදී. ඒවායෙහි රසය මිතුරන් තලු මරමින් කියවන නිසා මාද මිතුරන්ගේ මගපෙන්වීම යටතේ එහි ගියෙමි. ගොස් ගෝදම්බ රොටී කෑවෙමි. අපේ අම්මා ආච්චී හදන පොල් රොට්යට කිට්ටුවෙන්වත් තැබිය නොහැකි මෙලෝ රහක් නැති රබර් වැනි දෙයක් හොදිවල පොඟවාගෙන කති. එකල යාලුවෝ එහෙමය. ගිය තැනක් කල දෙයක් දැක්ක දෙයක් ඇත්නම් ගුරුවරයා පන්තියේ සිටියදී පවා එය වමාරයි..එහෙත් කාලයා විසින් අපි කුහක කරවයි. සර්ගේ නෝට් පොත ඩිංගකට පොටෝකොපි කරගන්නට නොදෙන..හදිස්සියට කට් එකක් දාන්නට අත්සනක් නොගසන තැනට සමහරු යාන්ත්‍රිකරණය වෙයි. එවිට අර ඉස්සර වගේ අපිට කියවන්නට නිවුස් කියා දෙයක් නැත. ඇත්තේ රටේ කුනු ලෝකයේ කුණු පමණි..ඔක්කොම එකතු වී මහින්දට තලයි නැත්නම් රනිල් එලවයි..එක්කෝ ඔබා මා ට මොකක් හෝ කරයි..එහෙත් තමුන් කරන කියන යන එන කන බොන දෙයෙහි කිසිදු විසේසයක් නැති තත්වයට පත්වෙයි.
ආ වරුණාව ඉවරයි දැන් කතාව.
මේ තියෙන්නෙ හපුතලේ ටවුම. අපි එහෙට ලඟා වුනේ නිදහස් දවසෙ නිසා නගරය ජාතික කොඩිවලින් සැරසිලා තිබුන.කොළඹ බදුල්ල ප්‍රධාන පාරෙ තමයි හපුතලෙ  තියෙන්නෙ. අපිට තියෙන හදිස්සියට අපි නැංගෙ වායුසමනය කරන ලද බස් රථයක. ඒත් අප්පේ සීතල ..හපුතලේ හරිය යනකොට සීතල වැඩියි..එක ඇන්ටි කෙනෙක් බස් එකේ ජනේල ඇරගෙන ගියා. ඒත් කිසි වෙනසක් කස්ටියට දැනුනෙ නෑ. මොකක් හරි බෙංගාල බොක්කෙ රබර් ස්වභාවයක් ඇවිත්ද කොහෙද සීතල ටිකක් සැරට තිබුන අපි හිටපු දවස් දෙක තුනේදි.
හපුතලේ වැලිමඩ පාරෙ පොලිසිය පහුකරල පොඩ්ඩ දුරක් යනකොට තියෙනව කන්දක් උඩ පොඩි පල්ලියක්. ඒ පල්ලිය අසල තිබුන මෙන් මේ වගේ බෝඩ් එකක්. ආන් එතන තමා අපි නැවතුනේ. කලින් කෙනෙක් දන්නව කියපු තැනක් නිසා අපිට කාමරේ රෑකට දාහ ගානෙ දෙන්න පොරොන්දු උනා..ඒත් හදිස්සියෙ පහත් වුන අකරතැබ්බයක් නිසා පස්ට කේස් එකක් වෙලා අපිට අපේ කාමරේ මාරු කරන්න වුනා මදිවට දාහෙ ගාන රුපියල් අටසීයට බැස්ස. එතකොට අපි වෙන්කරගෙන සිටිය දාහට ගත්ත කාමරේ අපෙන් අහල සුද්දන්ට රුපියල් හාරදාහකට දුන්න. මේ බෝඩ් එකනම් පේනව පාරට. ඔය යට තියෙන්නෙ පාර. ඉතින් යන කෙනෙක්ට ඔතන නවතින්න පුලුවනි. අපිට මේ වගේ නවාතැන් ගැටලුවක් එයි කියල මට හිතුන. ඒ නිසා අපි උදේම ගිහින් මේ නවාතැන පිළිබඳ තත්වය හොයල බලල බෑග් මලු ටික ඒකෙ ඔබල අනික් තැන් බලන්න යන්න සෙට් උනා. අපි කොළඹින් යනකොට උදේ පාන්දර පහ විතර වෙලා. කොහොම හරි අපි සෙට් වෙලා ඉන් පස්සෙ ගියෙ කන්න.
මේන් මේ හෝටලය තමයි අපි කන්න සිලෙක්ට් කරගත්තෙ. මේක තියෙන්නෙ පොලිසිය ලඟ.පොලිසිය අසල තියෙන නිසා පොලිස් මාමල කන්නෙ මෙතනින්.කෑම ලාබම නෑ..ඒත් කොළඹ ගානට ලෙසට රස්නෙට කන්න පුලුවන් තැනක්. කොයි වෙලේ ගියත් බත් තියෙන්න දුම් දදා. මෙනා හරි ටිකි ටිකිස් සෙල්ලමක් ඇති බත් දුන් දදා තියාගන්න. ඒව මොනව උනත් මේ කඩේ සිංහල එකක්ලු. මුස්ලිම් හෝටල ගොඩක් තියෙනවා. නමුත් ඒවයි කෑම ඒ තරම් සුවර් නෑ කියල තමයි කලින් හපුතල් ආපු මගේ යාලුවො කිව්වෙ. මෙතනින් රොටි ආප්ප වගේ ඒවත් ඕනි නම් දාගන්න පුලුවනි උදේට..මාලු හෝ බිත්තර සමග ටිකක් හොඳවයින් ව්‍යාංජන තුන හතරක් එක්ක කෑම එකක් එකසිය විසි පහක් විතර උනේ. 

මෙ තියෙන්නෙ හපුතලේ බස් නැවතුම් පොලේ දඹේතැන්න බස් නැවතුම. දඹේතැන්න බස් එකට නැංගෙ ලිප්ටන් සීට් එකට යන්න. ලිප්ටන් සීට් කියන්නෙ සුද්දක් වාඩි වුන තැනක් වෙන්න ඇති. දඹේතැන්න වතුයාය උඩ වෙන්න ඕනි ඔය ලිප්ටන් සීට් එක තියෙන්නෙ. හපුතල් ගියාම බලාකියාගන්න තව තැනක් තියෙනව ඒ තමයි ඇඩිෂම් බංගලාව කියන එක. නමුත් ඇඩිෂන් බංගලාව මාත් එක්ක ගියපු අනෙක් මිතුරා විසින් බලල තිබුනලු. ඒක බංගලාවක් විතරයි කියල තමා එයා කිව්වෙ. ඒත් ඒක හරි ලස්සනයි කියල තමයි යාලුවො නම් කියන්නෙ. කෝම හරි අපි ගිහින් දඹේතැන්න තේ පැට්ටරිය ගාවින් බැහැල ඒ ලඟින් තියෙන පාර දිගේ ඉහලට නැගල ගියා. යන අතර මගදි සුද්දියෙක් හමු වුන කතාව කලින් කියල ඇති.
මේ තියෙන්නෙ කන්ද උඩ තියෙන සීට් එක බලන්ට යන අතර ගත්ත පිංතූර කීපයක්. මල් අත්ත ලස්සන නිසා තමයි කැමරා එකට ගත්තෙ. කැමර් නම් කොලටි නැතුව ඇති. මේ පෝං කැමර් එකෙන් මේ තරම් වත් දෙයක් කරගත්ත එක ලොකු දෙයක්. කොහොම උනත් මේ වගේ ටිප් එකක් යනව කියන්නෙ මාස ගන්න ප්ලෑන් කරගෙන සෙට් වෙලා කරන්න ඕනි දෙයක් නෙමෙයි..ඔය නිකම් ඉන්න අතර පොඩි නිවාඩුවක් සැට් උනාම දුවල එත හැකි. ඒ වගේම සීතල දවසක් සෙට් උනොත් මීදුම වගේ ආතල් එකකුත් ගත හැකි. ගූගල් මැප් එකෙන් බලාගෙන බස් නම්බරේ පොතකින් බලාගෙන යනවට වඩා මිනිස්සුන්ගෙන් අහල දැනගෙන යන එක හරි ෆන් වැඩක්. ලංකාවෙ මිනිස්සු තාමත් හරිම මිත්‍රශීලි අය. පාර ඇහුවම යන පාර කියල. පවුලෙ විස්තරත් කියන්න සෙට්වෙන අය ඉන්නවා. මේ බස් එකේ යන ගමන් පොඩ්ඩක් කතාකලාම මහත්තයල කොහෙද කියල අහල..පස්සෙ අපි මේ මගුල් ගෙදරක ගියා. වයිෆ්ගෙ අක්කගෙ පුතාගෙ කියල ටිකක් සොට් එකක් දාල හිටියොත් පොරගෙන් මනමාලි ගැනත් අහගත හැකි. ඇත්තටම මේ ලිප්ටන් සීට් ගැන නම් දැනගත්තෙ මාත් බ්ලොග් ලියන කෙනෙක්ගෙන්ම තමා. එයාටත් තැන්කූ වෙන්න ඕනි. 
මේ තරමට කරුවල උනාම අපි දඹේ තැන්න වතුයායෙන් කට් වෙලා ඇවිත් හපුතලේ තිබුන කාමරේ ඇඳ උඩ සීතලේම පේස්ට් උනා. පස්ට සීතල නිසා හීනයක් වත් පෙනුනෙ නෑ..අපරාදෙ..ආ තව ඉතින් රට වටේ ඉන්න සෙනගට කෝල් කරා මං මේ හපුතලේ කියල අඟවන්න. ඒවත් තියෙන්න එපැයි. අපි ගිහින් ඕන් අපි ගියා ඉතින් අනික් උන්ට මොකෑ කියල නිකම් ඉඳල හරියනවයි. මෙහෙ දොලහට විතර සෙල්සියස්. අනික් එකා පේන්නෙ නැති තරම් මීදුම..ඔය වගේ පොඩි පොඩි වරුණා දාල අනික් උන්ගෙ ඉරිසියා ජාන ටික අවුස්සල කඩේට ගිහින් මහ රෑත් දුම් දමන බත් ටිකක් කාල දොයි ගත්ත.

Wednesday, February 8, 2012

මට සුද්දියෙක් හම්බුනා.(The Forign girl)

අපි හපුතලේ ගියා.අපි කිව්වට මහ සෙනගක් ගියෙ නෑ. මායි තව යාලුවෙකුයි තමයි ගියේ. ඉතින් ඔය හපුතල් ගමන සහ ඒ හරහා දිගට ගිහිපු හෝටන් තැන්න නුවරඑලි ගමන බොහොම විනෝදජනක එකක් වුනා. හපුතලේට ගිහින් දඹේතැන්න බස් එකක නැගල දඹේතැන්න වතුයායට පිවිසුනාම එතනින් උඩට නගින්න ඕනි ලිප්ටන් සිට් එක බලන්න..ඉතින් ඕන් ඔය ලිප්ටන් සීට් එක බලන්න සැට් වෙනකොට තමයි මේ සුද්දිව සෙට් උනේ.
ඉතින් ඔය දඹේතැන්න වතුයාය දිෙග් ලිප්ටන් සිට් වලට යන කොට තමයි මේ ඉස්කෝල ඇරිල පෝලිමට එන ලමයිටික අපිට හමු උනේ. පස්සෙන්වත් ඉස්සරහින්වත් ගුරුවරයෙක් ගියේ නැතුවට නට නට දඟ කර කර හරි මේ පුංචි ලමයි ට්ක එක පෝලිමට ආපු එකනම් හරි පුදුමයි. අපිට සුද්දිව හමු වෙන්න තව දුර යන්න උනා. ඉතින් ඔහොම කන්ද උඩට පාර දිගේ තේ වතු මැදින් නගිනකොට අපිට තේරුනා මේක හරියන වැඩක් නෙමේය. පාර බොහොම දුරය. තේ ගස් අස්සෙන් වතුර බහින්නට තැනූ කානු දිගේ යෑම ලේසිය කියන අදහස. ඉතින් ඒ අනුව අපි ගස් අස්සෙන් අමාරුවෙන් නැගගෙන යනකොට දැකපි ඕන් ගමේ අයියන්ඩි කෙනෙක් බුසු ගාල උඩ ඉඳන් කිසි ගේමක් නැතුව වත්ත මැදින් බැහැල ආයෙම නගිනව ,මොකද්ද මල්ලක් අරන්.."අප්පද බොල මූනෙ වැඩර් කියල අපිට හිතුනා." ඉන් පස්සෙ ඉතින් අපි පොර ව අල්ලගන්න මිනිහගෙ පස්සෙන පලෝ කලා..ඔය් අතර ඉස්සරහින් ගිය සුද්දියෙක් සෙට් උනා අර මනුස්සයට.. දිස් වේ ඉස් සෝට් වන්..කියල කැඩිච්ච බාසාවෙන් කියල අර මනුස්සය සුද්දිව දාගන්න ඇති. අපිත් ඉතින් නිකම්ම යන එකේ සෝට් කට් එකෙන් යන්න ඕනි කියල මේ දෙන්නට සෙට් වුනා දුවල ගිහින්..


අපේ වෙලාවටද මන්ද අර මනුස්සය ඊලග හන්දියෙන් හැරිල පහලට බැස්ස. ඉතින් ඒ සුන්දර උදෑසන තේවත්තක් මැද හුදකලාවක අපි දෙන්න සුද්දි එක්ක තනි උනා.. වත්තෙ ඈත කෙළවරක හිටිය මොකෙද්දෝ කුරුල්ලෙක් ලස්සන හඬකින් කතා කලා.ඉතින් ඔය විච්චූරන කිව්වට මොකද අපේ කඩ්ඩ ටිකක් අල්ලගත්ත සුද්දි අපි එක්ක කතාවට වැටුන. මුලින් කිව්වෙ ඉන්දියාවෙ ඉන්න කැනේඩියන් කෙනෙක් කියල..ඒත් පස්සෙ කිව්ව එයා කැනේඩියන් දැන් කොරියාවල ළමයිට ඉංගිරිස් උගන්නව කියල..
මේ පින්තූරෙ ඉන්නෙ ජේන් තමයි. ජේන් කියල සෝට්වට කිව්වට ජේන්ගෙ දිග නම ජෙනිෆර්. අපේ ගම්වල සීයල ආච්චිල ත් හිටිය ජේන් කියල. ඉතින්මං ඒකත් කිව්ව අපේ සීය ජේන්ට කතා කරන්නෙ "හේය් ජේන් කම් හියර්" කියලත් කිව්ව..එතකොට සුද්දි අහපි අපේ සීය ටාසන්ද කියල..ඒකට අපි තුන්දෙනාටම හිනා..ටාසන් කතාව කියෙව්වනම් ඒකෙ ටාසන්ගෙ වයිපරේ ජේන්ය කියල මතක ඇති. ටාසන් එහෙත් ජනප්‍රිය කතාවක්ලු..කොහොම හරි මටනම් මේ ලැබුන චෑන්ස් එක මාරම එකක්. මං වෙන රටවල් ගැන ගොඩක් දේවල් දැනකියාගත්ත..ජෙන් ඇවිල්ල එතරම් ආඩම්බර කාරියක් නම් නෙමෙ..අපි කියන දේවලට හිනාවෙලා එයත් හිනාවෙලා හිටිය..අපේ සමාර බුවාලට අපි දැක්කම ඉරිසියයි. සමාර අය හිතන් ඇති බොලේ මුන් දෙන්න දියුනු වෙච්ච තරමක් කියල..
ඔය පොතක් කිහිල්ලෙ ගහන් ඉන්නෙ අන්න ඒ බුවා තමයි මෙතන ටිකට්ස් කඩන්නෙ. මිනිහට ඉන්න පල්ලෙහා කූඩුවක් වගේ එකක් තියෙනවා. එත් බුවා මේ උඩ පේන සූටි කඩේ කරගෙන ටිකට් බෙද බෙද මෙතන (ලිප්ටන් සීට් එකේ) රවුං ගහනවා. ඉතින් මෙයා පහල කූඩුවෙ නැති උනාම මං ජෙනීට පැහැදිලි කරල දුන්න අද නිදහස් දවස (අපි ගියේ හතර වෙනිද)ඒ දාට අපිට නිවාඩු ටිකට් කඩන පොරත් නිවාඩු ඇති කියල..සික් මේන් උඩට ගියා විතරයිමූ කඩා පහත් උනානෙ..අපිට විස්සයි ජේන්ට පනහයි.ඒ කිව්වෙ වයස නෙමෙයි ටිකට් එකේ ගාන..
ජේන් සහ අපි ගිහින් උඩ කඩෙන් තේ වතුර අරන් බිව්වා..තේ වතුර එකක් රුපියල් තිහක්. සමහර විට තේ වත්තක් උඩ තියෙන තැනක් නිසා ගනන් වැඩිද දන්නෑ..තේ වතුර වලට ගෙව්වෙත් අපි.ඇත්තටම අපි ගෙව්වෙ නැතුව ජෙනී ගෙව්ව නම් සමාරවිට තේවතුර එකක් රුපියල් හැටක් වෙන්නත් තිබුන..
තේ බොන අතර ජෙනී අපිට එයා හපුතලෙන් ගත්ත එලෝලු රොටී දෙකක් දුන්න..සැහ් ඒවනම් මෙලෝ රහක් නෑ..එත් ඒව කනකොට ජෙනී කියපු කතාවනම් මාරයි. එයා ලංකාවෙ කොහෙද පැරණි තැනක් බලන්න යනකොට එතන තිබුනලු බනානා රෝල්ස් කියල රෝල්ස් වගයක්. ඉතින් ටිකක් එවෙලෙ බැදල සුවඳ හෙම හමන නිසා ජෙනිත් කිට්ටුවෙලා විස්තර ඇහුවලු. ආ මේව හදන්නෙ පියෝ බනනාස් වලින්..මේවට ගන්න බනානස් වල තෙල් බේත් ගාල නෑ..කියල හෙන ලොකු ටෝකක්දීල..ඉන් පස්සෙ ජෙනී කීයද කියල අහල?/එතකොට ඒ පොර කියල එකක් රුපියල් තුන්සීයක් කියල..ඉන් පස්සෙ ජෙනී ආයෙම එයාගෙන් අහල හව් මෙනි බනානාස් ඉන් වන් රෝල්ස් කියල..ඒ කිව්වෙ මේ ජෙනී දන්නවා සාමාන්‍යන් මෙහෙ රෝල්ස් එකක් රුපියල් පනහක් වගේ කියල..ඉතින් බනානා එකක් දැම්මත් හැත්තෑවක් විතර වෙයි..ඒත් තුන්සීයක් කියන්නෙ රෝල් එක ඇතුලෙ එක බනානා එකක් තිබිල වෙන්න බෑනෙ...ඒ සම්බන්ධයෙන් කතා කරනකොට නම් බොහොම අපේ රට ගැන ලැජ්ජා හිතෙන කතා රාසියක් අහන්න ලැබුන. 
සීගිරියට යද්දි සාමාන්‍ය ලාංකිකයෙකුගෙන් රුපියල් පනහක් වැනි මුදලක් ගනිද්දි විදේශිකයින්ගෙන් රුපියල් තුන්දාස් පන්සීයක් ගන්නවලු. ඉතින් මම ආයෙම ගත් කටටම ඇහුවෙ කැනඩාවෙ එහෙම නැද්ද කියල. එයා කිව්වෙ කැනඩාවෙ මේ වගේ ෆොරිනර්ස් ල කියල ජාතියක් වෙනමම නෑලු. ගොඩක් අය වෙනත් රටවලින් අාපු අයලු.ඒ නිසා එයා දන්න තරමට එහෙ කිසිම තැනක ඒවගේ චාජ් එක්ක වැඩිපුර විදේශිකයින්ට කියල ගෙවන්න වෙන්නෙ නෑලු..
අපි ඇහුව ඇයි ඔයා තනියම එන්නෙ ගයිඩ්ස්ල නැතුව කියල? එතකොට එයා කිව්වෙ එයා කලින් කිව්ව රෝල්ස් කතාවෙ ගයිඩ් කෙනෙක් හිටියනම් රොල්ස් එක පන්සීයක් වෙයි ඒකෙන් දෙසීයක් ගයිඩ්ට කියල..ඉතින් මේ ලංකාව වගේ රටවලට එන බොහොමයක් සුද්දො දැන් දැන් අර අපි සෙට්වෙලා දඹදිව යන්න වගේ, නඩ පිටින් මෙහෙ එන්නෙ, මෙහෙ ඇවිත් ඒ මිනිස්සුන්ට විඳින්න වෙන අසාධාරනකම් නිසා කියලයි මට හිතෙන්නෙ.. මෙහෙ මිනිස්සු හිතනව විදේශිකයෙක් උනාම ඒ හැමෝම මහා සල්ලි කාරයො කියල. ඒත් ඒ මිනිස්සු අතරත් ඉන්න දුප්පත් අය ආසයි ලංකාව වගේ ඝර්ම කලාපිය සීඝ්‍රයෙන් විචලනය වෙන දේශගුණයක් තියෙන රටක අසිරිය විඳින්න. අපි අපේ රට උඩින් තියන්න ටිකක් උත්සාහ කලා ඒත් ඉතින් ඒ සුද්දි මූනදීපු විසල් අත්දැකීම් එක්ක අපිට හැරෙන්න බෑ. එයා කියනවා..තායිලන්තය, මැලේසියාව, ඉන්දුනීසියාව, නේපාලය, ඉන්දියාව ආදි බොහොමයක් රටවලට වඩා ලංකාවෙ ටුවරිස්ට්ලට වියදම් වෙන ගාන වැඩියි කියල. කෑම නවාතැන්, ප්‍රවාහන, ආදි දේවල් මීට වඩා මිල අඩුවෙන් සහ තත්වයෙන් උසස් විදියට වෙනත් ආසන්න රටවලදි විදේශිකයින්ට ගන්න පුලුවන් කියල තමයි ජෙනී කිව්වෙ..
 


මේ පින්තූරේ පේන්නෙ හපුතලේ නගරය මැද තියෙන ටකරන් වලින් ආවරණය කරන ලද ඉදිකිරීම් වැඩබිමක්. මේ ප්‍රදේශයට මැතිවරණයක් ඉවර වෙලා මාස ගානක් ගිහින් ඇති නමුත් තාමත් මේ මැතිවරණ ලකුනු ඉවත් වෙලා නෑ..ඉතින් අපි අර කන්දෙන් ජෙනිෆර් එක්ක පහලට බහිනකොට එයා අපිට මෙන්න මේ වගේ චන්ද මාක්ස් තියෙන ගල් පෙන්නල වට් ඉස් දිස් පේන්ටින්ස් කියල ඇහුව..ඉතින් අපිට හිනා..පස්සෙ ඉතින් ඒ අපේ රටේ මැතිවරණය කාලෙට තියෙන ප්‍රචාරණ මාධ්‍යයක් අපේ මිනිස්සු ඒ වගේ නිර්මාණ ශීලි විදියට මැතිරවරණය මෙහෙයවනව කියල කිව්ව. එතකොට අර ජෙනීගෙ කැමරාව ඒ වගේ අලිය බුලත් කොලේ සහ අංක කොටපු ගල් කීපයක්ම පොටෝ ගත්ත.
ජෙනී ඇවිත් තිබුනෙ යාලුවෙක් එක්ක. යාලුවයි මෙයයි උදේ පාන්දර දෙපැත්තකට ගිහින්.ඇවිදින්න ආයෙ රෑට තමයි එයාල මීට් වෙන්නෙ.ඊළග දවසෙ එයාල වෙන නගරයකට යනව කිව්ව.
ඉතින් මං ඇහුව පේස්බුක් ගැන හෙම. මගේ ප්‍රොපයිල් එක උනත් ලස්සන වෙනව නේ පිටරට කෙනෙක් හිටියොත් හෙම. ජෙනී කිව්වෙ එයාල සාමාන්‍යනේ දන්නම කියන අය විතරයි පේස්බුක එකට ගන්නෙ කියල. එයා ඇහුව මට යාලුවො කී දෙනක් ඉන්වද කියල. ඉතින් මං කිව්ව හත්සීයක් විතර කියල. එයා පුදුම උනා ...එයා අවුරුදු හතර පහක් තිස්සෙ එෆ් බී ඉඳලත් තාම යාලුවො ඉන්නෙ හැට ගානක් විතරයිලු..කොහොම හරි දඹේතැන්න ස්ටේට් එකේ ඉඳල හපුතලේට ජෙනීට ටිකට් ගත්තෙත් අපි. අපි හපුතලේදි වෙන්වුනා.
 ආයෙ කවදාවත් ජෙනීට අපිව මීට් වෙන එකක් නෑ. අපිත් එයාගෙන් කන්ටැක්ස් ඉල්ලුවෙ නෑ. මොකද එහෙම කරන එකෙන් අපි නිකම් අර වෙනත් සුද්දෙක් දැක්කම සුද්ද කරගන්නම ට්‍රයි කරන ගොඩට අයිති වෙයි කියන නිසා. ඒත් අපි වෙන් වෙද්දි සුද්දි අපිට බොහොම ස්තූති කලා. අපිට..කන්ටැක්ස් ගත්තෙ නැති එක අපේ මෝඩ කමක් වෙන්නත් ඇති. නමුත් එයාට මතක හිටීවි..සුද්දෙක් සුද්දියෙක් දැක්ක ගමන් දත් ගලවන්න දඟලන..පස්සෙන ගිහින් කීයක් හරි කඩාගන්න හදන මිනිස්සු ඉන්න රටේ එහෙමත් නැති එවුනුත් ඉන්නව කියල..

Thursday, February 2, 2012

ස්ත්‍රී දූෂකගේ කථා වස්තුව

.සීතල සුළඟ පිරි දවසක රිදී අවුවක් පායයි
හැඟුම් පීදෙයි 
හඳ පායනකොට අව්වත් මිදෙයි
ඒකි මට වෙඩි තියයි. ලේ ගලලා ඇඟත් නිසල වෙයි.
අරන් වරෙන් උඹේ පිස්තෝලෙ මට දැනටමත් වෙඩි වැදිලා.
උඹ එපා කියද්දි මම උඹගේ කන්‍යාභාවයට වෙඩි තිබ්බා
තමයි ඒත් ඒක මාරයි ඔබ ඒ වෙලාවෙදි.
කෑල්ලෙන් කෑල්ල උඹ නිරුවත් උනා
හදිස්සියට මතක නෑ.
උඹ නිරුවත් හැතිරි ගලවපං........
පාහරය..පාහරය...පාහරය..

පිස්තෝලෙ තියාගෙන ඇයි උඹ අඬන්නෙ.
මලට බඹරෙකු සේ සිතට ඔබ එනවා..
කිරණ සේ හිරුගේ හද සිනාසෙනවා..ඔබ සිනාසෙනවා..
වෙඩි වැදුන තැන් ගොඩයි.ලේ හැලිලා ලේ නෑ..
ඉඳා ! හදවත ළඟින් මස් රාත්තලක් .....එපා??
කන්‍යාභාවය !!! ඒක වැදගත් වෙන්නෙ පිරිමින්ට විතරයි.
නඩු කියන්ඩ??
කන්‍යාභාවය නැතිකරගත්ත ගෑනියෙක් කියල ලෝකෙටම 
කියන්නයි උඹ යන්නෙ.. බඳින්ඩ??
සමිල විදානගේ

සමිල මගේ යාලුවෙක් එයා ඉන්ටනෙට් එකේ නෑ. ඉතින් එයා ඉල්ලුවා මම දුන්න මගේ බ්ලොග් එක පෝස්ට් 3කට එයාට..

මාතෘකාව නැත.(අන්ටයිට්ල්ඩ්)

උඹගේ දුප්පත් යට ඇඳුම
කාමයෙන් මා වලකයි
පලයං සැප කාර් එකකින්
හොඳ හෝටල් වල සුපිරි කෑම
හිත නැතුව 
ඇඟ හදාගනින්
හිත පස්සෙ හදාගනින්
පාං වාටි කන තාරුණ්‍යයට 
උඹ අකැපයි
උඹ මෙහෙම කවදාවත් අහල 
නැතුව ඇති
මේක කවියක් !
සමිල විදානගේ

සිද්ධාර්ථ

මා සිද්ධාර්ථ,
නේරංජනා නදිය අසල බවුන් වඩමි.
නිමිත්ත කුමක්ද?
සිත නොපිට පෙරලුනි..
යශෝදරා දැන් කුමක් කරනු ඇතිද?
රාහුලයන් තුරුලු කොටගෙන වැලපෙනු ඇතිද?
සුදොවුන් රජ? ඇයි මා සිතන්නේ.

මා මහල්ලකු ලෙඩකු මරණයක් දැක ඇත. එයද?
නිමිත්ත.
නමුත් එයද? මගේ අරමුණ. 
මට මා ගැනම පැහැදිලි නැත.
නිමිත්ත පිටද නැත්නම් මා තුලද?
මම මා සොයමි,
සොයායන්නෙමි, සොයාගන්නෙමි,
මම මා.
කෂය කරන්නෙමි.
සමිල විදානගේ
(075 6889516) 

නූතන පටාචාරාවත

විසිතුරු බඩුව ඇය කිසිවිට නැහැ සැලුනේ.. බියකරු වනය බිය නැහැ ඇය වෙත දැනුනේ.. සිය සැමි නැතිය එන මග දරු අහිමි වුනේ.. නැති විය සිහිය ...