මුලු කොළඹම එකපාර දැකගන්න කොහෙටද යන්න ඕනි. මේ කාලෙනම් කෙනෙක්ගෙන් ඔය ප්‍රශ්නය ඇහුවොත් බුග් ගාල උත්තර දෙයි කොටුවෙ ලෝක වෙළඳ මධ්‍යස්ථානය කියල. නමුත් මීට කාලෙකට ඉස්සර ඒ කිව්වෙ ශතවර්ශයකට පමණ පෙර කොළඹම දකින්න තිබුනෙ ස්ථාන කීපයයි. ඔයින් දෙක තුනක් බොහොම බලගතු තැන් වෙලා තිබුන. එක්දාස් අටසිය ගනන් වල අවසාන භාගයෙ තැනුන රාජගිරියෙ ඔබේසේකර වලව්වත් ආන්න ඒ වගේ තැනක්. එතනට ගියෑම මුලු කොළඹම පේනව කියලයි කස්ටිය කියන්නෙ.
මේ ඔබේසේකර වලව්වෙ නියම නම උභය සේකර වලව්ව කියල යාලුවෙක් බ්ලොග් එකක කියල තිබුන. ඒ යාලුව කියන විදියට මේ උභය සේකර වලව්ව ඒ කාලෙ ආයුර්වේද වෛද්‍යවරයෙක් තමා ඉඳල තියෙන්නෙ. මේ හිටපු උන්නැහැ බොහොම බලගතු කෙනෙක්. මුස්ලිම් සිංහල සහ දෙමළ වෙද පරපුරවල් එකට ඉන්දල මේ ඔබේසේකර වලව්වෙදි මහ සමුලුවක් තිබිල තියෙනවා. එතනදි ආපු තීරණ තීන්දු මත තමයි පසු කාලීනව සිංහල වෙදකම බොහොම බලගතු දෙයක් වෙන්නෙ. වික්‍රමාරච්චි වෙද මහත්තය පසුකාලීනව ගම්පහ වික්‍රමාරච්චි ආයුරුවේදය හදන්නත් මේ සිද්දිය මූලික වෙලා කියල යාලුව කියනවා. ඒ බ්ලොග් එකේ සඳහන් වෙන විදියට මේ වලව්ව එකල දේශීය වෙදකමේ හාස්කම් තිබුණ තැනක්ලු.
සිංහල චිත්‍රපට ඉතිහාසයේ මෙතෙක් බිහිවූ විශිෂ්ඨතම සිනමා කෘතියක් ලෙස සලකන ලෙක්ස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ නිධානය සිනමාපටයට පසුබිම දී ඇත්තේද මේ වලව්වයි. මේ වාර්ථාව කියන අන්දමට මේ වන විට මේ වලව්ව පසුබිම මත ඇදුන සිහල සිනමාවේ රිදී රේඛාවක් වන වන නිධානය චිත්‍රපටයේ මුල් පිටපත දැන් පිලිස්සී ගොසිනි. තවදුරටත් මේ නිධානය සිනමාපටය අපට නැරඹිය නොහැකි බව මේ සරසවිය පත්‍රය කතුවරයාගේ අදහසයි. නිධානය කතා වස්තුව ඉතා සුලු එකක් වුවත් එහි සිනමාත්මක භාවය ඉතා ඉහල යයි විචාරකයින් බොහොමයක් අදහස් කර ඇත. ආසියාෙව් හොඳම චිත්‍රපට අතරට අදත් මේ නිධානය යන සිනමාපටය ඇතුලත් වෙනබවක් තමයි වෙබ් අඩවි වල සඳහන් වෙන්නෙ. කොහොම උනත් මේ බ්ලොග් එක බලන කෙනෙක් ලඟ නිධානය ෆිල්ම් එක සල්ලි වලට ගන්න හරි තියෙනවනම් මට පෝඩ්ඩක් කමෙන්ට් එකකින් සපෝට් එකක් දෙන්න ෆිල්ම් එක හොයාගන්න.
මේ වලව්ව ආශ්‍රිතව ප්‍රධාන දර්ශන රූපගත කල චිත්‍රපට අතර කහ බලල්ලු නම්න් ෆිල්ම් එකකුත් තියනව කියල කතාවක් තියෙනවා. කොහොම උනත් වපසරියෙන් විශාල වලව්වක් තමා මේක. මේක හොඳට තිබුන කාලෙ සීයකට දෙසීයකට උනත් කිසි කරදරක් නැතුව නවාතැන් ගන්න පුලුවං හොඳ තත්වයක දෙමහල් පායක් විදියට තියෙන්න ඇති. මේ වලව්ව හදල තියෙන්නෙ තනිකර කුඩු ගල් වලින්. ඒ කිව්වෙ අර තිරුවාන ගල් වගේ ගල් ජාතිය හතරැස් දිගට මෝඩ ගැඩොල් වගේ කපල තමා හදල තියෙන්නෙ. මේ වලව්වෙ වහලය නිම වෙලා තියෙන්නෙ සිංහල උළු වලින්. ඒ කාලෙ බොහොම ප්‍රතාපවත් විදියට මේක තියෙන්නෙ ඇති.
ඉතාම නාගරික භූමි භාගයක ඔබේසේකර වලව්ව පිහිටලා තිබුනත් ඒ වලව්ව අසල තියෙන මහ පතාක රූස්ස ගස් සහ අවට තියෙන අඳුරු ගතිය අපිට කොළඹ අවටින් නම් හොයාගන්න බොහොම අමාරුයි. විශේෂයෙන් රාජගිරිය අවටින්. මේ ඉඩම තරමක් විශාල එකක්. ඒ ඉඩමෙ බොහොම විශාල ගස් දහයක් පාලහක් තියෙනවා. මේ ඉඩම මේ හරියෙ ආර්ථික වටින කමත් එක්ක සංසන්දනය කලොත් විශාල වටිනකමක් තියෙන තැනක්. විශේසයෙන් තියෙන ගහ කොල සහ නිසංසල පසුබිම දැක්කම මටනම් හිතෙන්නෙ මේ ඉඩම වඩා සුදුසු වෙන්නෙ සංචාරක බංගලාවකට කියලයි.
නිධානය චිත්‍රපටයෙ කැමරාකරණය කරපු මහත්මය දැන් ඉන්නෙ අමරිකාවෙ ඔහුතමයි ගැහැනු ලමයි කියන චිත්‍රපටියෙත් කැමරාකරණය කරල තියෙන්නෙ. ඉතා හොඳ මට්ටමක කැමරාකරණයක් මේ නිධානය පුරාවට තියෙනව කියලයි වාර්ථාවල සඳහන් වෙන්නෙ. නිධානය ෆිල්ම් එකේදි වලව්ව ඇතුලත ඇති සාමාන්‍ය අඳුරු ස්වභාවය තමුන්ට තරමක් අභියෝගයක් එල්ල කල බව අපේඒ අධ්‍යක්ෂ මහත්තය කියල තිබුන.
මේ වලව්වෙ වත්මන් හිමිකාරිත්වය හා ඒ සම්බන්ධ කතාන්දරය බොහොම ජනප්‍රිය එකක්. මං තවත් බ්ලොග් ලියන්න ආස නිසාත් තව සුට්ට කාලයක් සාමාන්‍ය සමාජයේ ජීවත් විය යුතුයි කියල හිතන නිසාත් මේ වර්ථමානයට අයිති ඉතිරි කාරනා ටික නම් කියන්න විදියක් නෑ. ඒත් පොඩ්ඩක් මේ පිළිබඳව සර්ච් කලොත්ඒ කිව්වෙ ඔබේසේකර වලව්ව(Obeysekara Walauwa) කියන වචනය ඉංගිරිස්සිෙයන් සර්ච් කලොත් පොඩි අයිඩියා එකක් ගත හැකි වෙයි ඔයාලට..

නොදැන හිටපු කාරණා කීපයක්ම තියෙනවා.. බලන්න ඕන ඉංග්‍රීසියෙන් මේ නම සර්ච් කරලා..
ReplyDeleteThree Yellow cats හෙවත් කහ බළල්ලු චිත්‍රපටිය 1965 හෝ 66 කාලේදී විතර ජර්මන් චිත්‍රපටි සමාගමක් විසින් ලංකාවේදී රූගත කළා. ඒ මම 'පෙර දෙටු පෙළ' පන්තියේ ඉගෙනගත් කාලය.
ReplyDeleteසමහර දර්ශන අර 'බ්‍රිජ් ඔන් ද රිවර් ක්වායි' චිත්‍රපටියේ දර්ශන රූගත කල කිතුල්ගල ප්‍රදේශයේ රූගත කල බව එකල පුවත්පත් වල පල වුනා.
මේක තියෙනව ඇත්තෙ ඔය ඔබේසේකරපුරම වෙන්න ඇති නේද? ඒ පැත්ත දැන් මරු පැත්ත.
ReplyDeleteනිධානය චිත්‍රපටිය අවුරුදු ගාණකට කලින් ටීවී එකේ බැලුවා මතකයි. හැබැයි ඒ කාලෙ ඒක ඔහේ බැලුව මිස නිර්මාණාත්මක දේවල් ගැන හිතන්න තරම් අවබෝධයක් තිබුණෙ නෑ...
සෑහෙන්න අමුතු පරිසරයක් වගේ තමයි පේන්නේ මට එක පාරටම මතක් වුනේ ජෙෆ්රි බාවාගේ සුවිසල් මන්දිරයේ මම දුටු ඡායාරූප ඒ තරම්ම මේ නිර්මාණයත් අනර්ඝයි වගේ පේනවා මෙය මේ තරමට ජරාවාස වුනේ ඇයි දන්නේ නෑ ඒත් අයියා මෙහි හිමිකාරිත්වය ගැන සඳහන් කරපුවාම නම් යන්තම් දැනුනා කවුරු විය හැකිද කියලා ඒත් ෂුවර් නෑ... හොඳ ලිපියක් මම නිධානය බලලා නෑනේ අන්තර්ජාලේ නැතිවෙයිද??
ReplyDeleteඔය නිධානය ගැන ලියවුනු පුවත්පත් ලිපියක් මම කියවලා තියනවා,,ඒ එක්කම රජස් බ්ලොග් එකෙන් මේ වළව්ව ගැන දැන ගත්තා,අවාසනාවකට මේ වගේ වටිනාකමක් විනාශ වෙලා නේද? එක්කෝ ඉතුරු විස්තර කමෙන්ට් එකකින්වත් ආවා නම් මරු
ReplyDeleteවලව්ව පාලුවට ගිහිල්ලා. මේ වගේ ගෙවල් පාලුවට ගිහින් , විනාශ වෙන්ට දෙන එක අපරාදේ. දුවගෙන බලන්ට ආවේ නම් කතාව. මේකත් ඉතින් වැරැද්දක් නෑ. :D
ReplyDeleteවලව්වක් කියපු ගමං පොකු එතන… අනේ මන්දා
Deleteමේ වලව්ව සම්බන්ධ නඩුවට(2010 දි) අත්අකුරු විශේෂඥ මහත්තයෙක් ඉන්දියාවෙන් එනවා. ඒ නඩුවෙදි ස්ක්‍රින් එකක් සහ ප්‍රොජෙක්ටර් එකක් භාවිත කරන්න අවසර දෙනවා නඩු කාර උන්නාන්සෙ. ඒ වෙනකොට ඒ වගේ ඉලෙක්ට්‍රොනික් මීඩියා භාවිත කරන්න අවසර දීපු දෙවැනි නඩුව තමයි ඒක. මේ වලව්වෙ හිටපු අවසාන ඔබේසේකර වරයා මරණයට පත්වෙන්නෙ 2001 දි ඒත් 1992 හෝ ඊට ආසන්න කාලයේදී මේක මෑත කාලීන පුරාවිද්‍යා ස්ථානයක් විදියට රජයෙන් නම් කරපු කතාවකුත් තිබුනා..
ReplyDeleteමේ අවසන් ඔබේසේකර වරයා පාකින්සන් රෝගියෙක්..එවන් කෙනෙකුගේ අත්සන කාලයත් සමඟ වෙනස්වන ආකාරයත් මේ නඩුව සම්බන්ධ අවසාන කැමති පත්‍රය නිරීක්ෂණයෙදි ඉන්දියානු මහාචාර්ය තුමා භාවිත කලා කියල පතපොත වල තියෙනවා.
මේ කහ බලල්ලු කියන්නෙ ලංකාවෙත් රූපගත කිරීම් කරපු ජර්මන් ෆිල්ම් එකක් අර විචාරක මහත්තය කිව්ව වගේ..ඒ ෆිල්ම් එකෙ ලංකාවෙ ලස්සන ස්ථාන කීපයක්ම තියෙලු. ලංකාවෙ සුන්දරත්වය ඒකෙ ඇති කියල මට හිතුන. ඒ ජර්මන් ෆිල්ම් එක සිංහලයට හඩකවල තියෙන්නෙ ටයිටස් තොටවත්ත මහත්තය.ඉන් පස්ෙස ඒක ලංකාවෙ තිරගත වෙන්නත් ඇති. ත්‍රී යෙලෝ කැට්ස් කියල අමෙරිකන් ෆිල්ම් හදන කොම්පැනියකුත් තියෙන නිසා මටනම් ඒ ෆිල්ම් එක හොයාගන්න බැරි උනා..
මම සතියකට ෆිල්ම්ස් හතරක්වත් ඩවුන්ලෝඩ් කරනවා. එත් 'කහ බළල්ලු' හොයන්න දරපු වෙහෙස අපතේ ගියා.
Deleteපුදුමයි ඔය ඉඩම තාම බේරිලා තියෙනවා.....
ReplyDeleteමටත් හිතාගන්න බැරි ඒ තරම් වටින ස්ථානයක් මේ විදියට ජරාවාස වෙන්න ඉඩ ඇරලා තියෙන්නෙ ඇයි කියලයි. මේකට කවුරු හරි භාරකාරයොත් ඇතිනෙ.
ReplyDeleteඕක බේරිල නෑ. හොර ඔප්පු හදල කෙළල ඉවරයි.
Deleteමේක හොල්මං වගේ පොට් එකක් බං.. බයාාාාාාාාායි !
ReplyDeletemachan, NIdanaya film eka meke thiyenava. hebei echcharama quality ne
ReplyDeletehttps://www.youtube.com/watch?v=gQ0SzRaIS5Y
Ada me walawwa kada watila... ekata oppu hadala inne Army karayek.. hamudawe media eke lokkage lu.. eyage putha loku geyak hadala tiyenawa walawwa laga.. dan meka pura vidyawata aitit lu..
ReplyDeleteඊයෙ මං දුම් සහතිකේ ගන්න ගියාම තමා එහාපැත්තෙ මේ වලව්ව සහ පරිසරය දැක්කෙ. විස්තර හොයනකොට තමා මේක දැක්කෙ. ඇත්තටම එතැන වෙනම ලෝකයක්. මුල් සැකැස්මට හානි නොකර ප්‍රතිසංස්කරණය කරල කෞතුකාගාර යක් වත් කරනවනම් කොච්චර හොදද
ReplyDelete