Tuesday, February 21, 2012

පෙද විහිදුම් (0.5 වන කොටස)

නිල් කොට ජංගියේ 
හිල් වලට කොල්ලො හිනාවෙනකොට
තෙමුනෙ නෑ ඇස්ගෙඩි මගේ
ඔව් යකෝ මගේ ජංගියට වෙඩි වැදිල තමයි
බොලාට මොකද.??
කෑ ගහල කිව්වෙ නැතත් හිතේ හයිය තිබුන එදා

උපාදිය අරන් පොටෝ ගහල
ඒක ගෙදර තියං ඉන්නකොට.
පාරෙ කෑ ගහනකොට.
වතුර ටැංකි උඩ අට්ටාල උඩ නගිනකොට
අපේ අප්පච්චි කිව්ව..
හයියෝ කොල්ලා..
තෝ මං උඹ උඩට යවන්නයි හැදුවෙ.
අවසානෙ උඹ 
පොල්ගස් නගින වගේ වැඩක් ඉගෙන ගෙන වගේ
උඩට යන්න..
කනිෂ්ක උදේ පාන්දර ඒ කැම්පස් එකේ බී නිර්මාණ පුවරුවෙ ගහල තිබුන දැන්වීම මතක්වෙලා හිතින් හිතුව. කවුරුහරි ලස්සනට නැතත් ගැම්මට ලියපු එකක් කනිෂ්කට හිතුන.
අද තමයි උපාදිදාරී රැකියා රහිත අයගේ උද්ගෝෂනේ. ඒකට යන්නත් ඕනි. තාත්තගෙන් රුපියල් පන්ෂියක් ගලෝගන්න එක තමායි වැඩේ..
අම්ම ලගට ගියා. අම්මෙ රස්සාවක් බලන්න කොළඹ යන්න ඕනි. තාත්තගෙන් රුපියල් පන්සියක් වත් ඉල්ලල දෙන්න.
හුම්...බලමු..දැන් උන්දැට කොහෙද සල්ලි...
 කණිෂ්ඛගේ මව වන අපර්ණා කීවේය. පුතා ඉල්ලන්නේ ඉන්ටවු එකකට යන්නට යැයි කියාය. එහෙත් කනිෂ්ඛ ගේ පියා වන සාගර ගේ අදහස තවත් පිකට් එකකට යන්නට වලියකට යන්නට පාටියකට යන්නට සල්ලි ඉල්ලනවා කියලාය. පුතාගෙන් බේරෙන්නට බැරිවන නිසාම සල්ලි ඉල්ලන්නට අපර්ණා යනවා විනා සාගර උන්නැහේ සැමියා වුවත් රැස්පට් බලන්නට අපර්ණා කැමති නැත. එහෙත් තමුන්ට ඇත්තේ දුවගේ පන්තියට දීමට ඇති රුපියල් දාහ කොලේ පමණක් බව අපර්ණාට මතක් උනි..
මේ ඇහුනයි. අන්න පුතාට ඉන්ටවු එකකට යන්න සල්ලි ඕනිලු...
ඉන්ටවු..යස ඉන්ටවු.. මූ මගෙන් හරි ඔහෙගන් හරි සල්ලි ඉල්ලං ගිහින් කොරන දේවල් ඔහෙ දන්නවයි ඉන්ටවු වලට සල්ලි ඉල්ලන්න එන්නෙ??
හරි හරි උදේ පාන්දර කෑ ගහන්නෙ නැතුව කීයක් හරි තියෙනං දෙන්න. මං ගාව තියෙන්නෙ දූගෙ පන්ති සල්ලි විතරයි...
මං දෙන් නෑ සත පහක් ඕකට..ඕක මගෙ සල්ලි අරන් ගිහින් ඉන්ටවු යනව කියල ඇඳන් ගිහින් කොහෙ හරි ආන්ඩු පෙල්ලන උන් එක්ක කෑ ගහල වතුර නාගෙන ඒ මදිවට මග කොහෝ හරි දැපල ඇවිත් මූ මටම තැන් තැන් වල බැනල තියෙනවා.
අපේ තාත්තල අපිට බිස්නස් එකක් වත් කර්න්න කීයක් වත් නොදෙන කතාවකුත් කියල තිබුන.
ඔහෙගෙ ඇස් පොට්ට උනාට මට තාම හොඳට පේනව. මූ බීල ඇවිත් හොරා වගේ අර කොස්ගහ පිටිපස්සෙ වමනෙත් දාලතිබුන දවසක්..අපිත් බිව්ව ඒත් අම්ම තාත්තගෙ සල්ලි වලින් මූ වගේ මල පෙරේතකමට බිව්වෙ නෑ..
හරි හරි ඔහෙට බැරිනම් නිකම් ඉන්න මං කියන්නම් සල්ලි නෑ කියල...
ඒ අතර ඒ අසා සිටි කනිස්කට හොඳටම තරහ ආවේය.
අම්මේ එයැයිගෙ සල්ලි මට ඕනි නෑ..එයාට කියන්න ඒ සල්ලි බැංකු වලට දාල අපි නාකි වුනාම දැවැද්දට දෙන්න කියල. තොප්පිය. හරියට නිකම් හැමදාම බිව්ව වගේ කතාව. කොහෙ හරි ගියෑම පිනට ගහල ඇවිත් රටට සද්දෙ දාන්න එයැය්ට පුලුවං..බම්බුව..ඕන් නෑ මට සල්ලි. මං ඉන්නෑ තව වැඩි දවසක්.. මේ ගුබ්බෑයමෙ..යනව යන්න.
යයි කියල තමයි බය..පියා වූ සාගර කිව්වේය.
ඒ කිව් පරිදිම උදේට බෙදා තිබූ පිගානම තරහින් අනුබව කොට තව අම්මා විසින් බෙදාදුන් අමතර කොටසද තරහින්ම අනුබව කොට කනිෂ්ඛ නිවසින් නික්මුනේය.
දවසම එහෙ මෙහෙ සිට දවල්ට කා නැවතත් පිට්ටනියට ගොස් ගංජා පාරක් ගසන ගමන් ක්‍රිකට් සුට්ටක්ද ගසා හැන්දෑවේ නිවසට ආවේය.
මේ කොල්ල හෙට ලෑස්ති වෙනව මං එක්කයන්න. උඹ මෙතෙක් කල් රස්සා හෙව්ව ඇති. දැං මං බොට රස්සාවක් හොයල දෙනව..
පුතාට උපාදිය අරන් පත්තර බලල බලල යාලුවන්ටත් කියල හොයාගන් බැරි රස්සා කොහොමෙයි ඔහේ හොයාගන්නෙ??..ඒ අපර්ණාය.
හු හ් හුහ්..ඔහෙට මතකෙයි මං කලින් වැඩකල වත්තෙ මහත්තය.උන්දැ දැන් කොලඹ..මේ ලගදි පරණ  වතු බලාකියාගන්න ආව. ආව වෙලාවෙ මං මූ ගැන කිව්ව. ආයෙ මං ඊයෙ කෝල් එකක් දුන්න. හෙට එන්නයි කියල තමයි කිව්වෙ..
කනිෂ්ඛ කනිෂ්ඛ...පොඩ්ඩක් එන්න මෙහෙට.
මං උඹට මෙහෙම කතා කරල නෑ කලිං ඒත් අද කතාකරන්න ඕනි.
දැං උඹ ඔය කලු තොප්පිය දාං අවුරුද්දකටත් වඩා ගෙවුන. බොට රස්සාවක් හොයාගන් බැරි උනා. දැං ගමේම කීයක් ඉන්වද බලහං තොගෙ තොප්පිය දාන්න තියා. මේ කලිසමක් හරියට ඇන්දෙ නැති උන්..කොළඹ ගිහින් බිස්නොස්, රට ගිහින් රස්සා කොරල දැන් දියිය ලෝක වගේ මාලිගා ගහං ඉන්න උන්..
මට උඹ ගැන කතන්දරයක් ආරංචි උනා අර වැන්දඹු කමලගෙ ගෙවල් පැත්තෙ කැරකෙනව කියල. මට ඒකෙ ආරන්චි උන වෙලේ තරහ ආව. ඒත් අපිත් ඔය වයස පහු කොරල නේ ඇවිත් තියෙන්නෙ. උඹත් දැන් කසාදයක් බඳින්න ඕනි වයසත් ටිකක් පහුෙවල..
මං කියන්නං වැඩක්. උඹ ඔය කලු තොප්පියයි අර පින්තූරෙ තියෙන රෝලියයි අමතක කරපං..කරල යමු අර සමරදිවාකර මහත්තය හමු වෙන්න. මීට කලිං ගමෙන් ගිය උන් තුන් හතර දෙනෙක්ම උන්දැ ගාව වැඩ කරල දැන් හරි හමන් තැනකට ඇවිල්ල තියෙන්නෙ..
මං මේ උඹට කියන් පුලුවං උපරිම හොඳින් කියන්නෙ..උඹ දන්නවනේ මං මේ වගේ ඩිංගක් කට ගාගත් වෙලාවක ඇරෙන්න බොට හොඳට කතා කරන්නෙ නෑ කියල.
ඉස්සෙල්ල ඔය ඔලුවෙ තියන තොප්පියයි. අතේ තියෙන රෝලයි අමතකම කරපං. හෙට මං බොට පන්සීයට දාහක් දෙන්නං. වර යන්න මාත් එක්ක.
උඹම හිතපං දැන් උඹේ කලදසාව උඹට හදාගන් බැරි උනානෙ..

කනිෂ්ඛ කල්පනා කරන්නට විය. කමලා අක්කා වුවද ඇදගන්නට නම් පන්සියක් දාහක වියදං කල යුතුය. කමලක්කා වුව මේ ලෝගුවටවත් තොප්පියටවත් තාත්තා කියන අතේ ඇති රෝල නොහොත් උපාධි සර්ටි පේකේට් එකටවත් හැරෙන්නේ නැත. මල්ලි මේව ගම් නේ. උඹ වැඩිය මේ ගෙවල් අස්සෙ රිංගනවට මං ආස නෑ. අනික උඹල ඉගෙනගත් මිනිස්සුනේ.
කමලක්කා කිව් කතාව කනිෂ්ඛ ට මතක් විය. මොන වලාමක් වුවත් සල්ලි පටි තුන හතරක් තිබුනානම් කමලක්කාට සාරියක් හෝ ගෙනහින් දෙන්නට තිබුනි. එහෙත් සල්ලි නැතුව කිසිත් කරගත නොහැක විය. ඇගේ කුඩා දරුවන් අෙහ්නියෙන් සිටින විට. ඇයට අඳින්නට වස්තරයක් යැයි යමක් පමණක් ඇතිවිට. ඇගේ ටකරං වහල අහස බලන විට අහවල් රාජකාරියට පමණක් එහෙ යෑම කණිෂ්ඛට හිෙත් දුකක්ම විය.
ඔහුට තාත්තා කිව් සියල්ලම මතක හිටියේ නැත.එහෙත් කමලක්කා සම්බන්ද කතාව පමණක් මතකයේ රැඳුනි. කෙසේ වෙතත් තාත්තාගේ අමුතු ගති පැවතුම් ගැන දන්නා කනිස්ඛ මෙය පියාගේ තවත් කුමක් හෝ ජල්තබරස් වැඩක් විය හැකි බවත් මේ හරහා නිකම්ම සිටිනවාට වඩා යමක් කරගත හැක විය හැකි බවත් මතක් විය.
පුතේ උඹ තාත්ත කියන එක අහපං හෙට ලෑස්ති වෙයං..රැට පොල්සබ්බෝල හා බත් මාලු සමග අඹරමින් සිටින අතර අම්මා අපර්ණා කනිෂ්ඛ පුතාට උපදෙස් දුන්නේය.
උඹ මොන කෙහෙම්මල කොරත් අර වේස ගෑනිෙග ගුබ්බෙ අස්සෙ යන එකට නං මං කැමති නෑ. කෝකටත් මේ ගම උඹට ඒ තරං වගතුවක් නෑ වගේ. මෙහෙ ඉන්නකං තමයි බොට රස්සාවක් උනත් හොයාගන් බැරි. තාත්ත උනත් උඹට වරදක් කරන්නෙ නැනෙ..
හාහා ඔහෙගෙ යාතිකාව නවත් ගන්න.හෙට අර චෙක් සර්ට් එකයි කලු පාට බල්ල පැනපු කලිසමයි අයන් කරල තියන් කියල නංගිට කියන්න. බල්ල පැන්න කලිසම හොඳයි. පොඩ්ඩක් පෝල්ට් එක හරියෙන් දත් පාරක් ගියා විතරනේ..

5 comments:

  1. තාත්තා හරි
    පුතාට තවම ඒක තේරිලා නෑ වගේ

    ReplyDelete
  2. කටු ඔටුන්නක් වූ උපාධිය.

    ReplyDelete
  3. හ හා දැන් තමයි තේරුනේ ,පුතාට

    කතාව කියවගෙන ගියා.ලියන විදියට කියවන්න ආස හිතෙනවා

    ජයවෙවා!!

    ReplyDelete
  4. ඒත් මොන හිතකින් කමල අක්කව ගමේ තනි කරල යන්නද?

    ReplyDelete
  5. තොගේ bloga දැක
    මගේ හිරවුනිය බොග
    අම්මද බොල........

    ReplyDelete