Wednesday, February 22, 2012

පෙද විහිදුම් (01 වන කොටස)

කනිෂ්ක පුතා සහ සාගර සාගරයක් වගේ වූ සමරදිවාකර මුදලාලි මහතාගේ නිවසට එන විට පාන්දර වූ වා පමණි. කොට කලිසමකින් සැරසී ගත් සමරදිවාකර උන්නැහේ උයෙනේ ව්‍යායාම කරයි. ගේට්ටුව අසල ඇති බෙල් එක එබූ සාගර කෙනෙක් එනතෙක් බලාසිටියේය. කෙනෙක් විත් ගේට්ටුව අරී. මුහුනේ තිබූ පෙනුම මේ ස්ථානයට නොගැලපිය හැකි බැවින් කනිෂ්ඛ සිය අාඩම්බර ගතිය ඇති මූන කෙලින්ම බයාදු ස්වරූපයට ගන්නා ලදී. කණිෂ්කට දමිල චිත්‍රපටියක මතක් විය. එහි පියා සමග රැකියා සොයා එන පුතාගේ චරිතයේ වූ මලානික ගොඩේ පෙනුම තම මූනේ තිබුනොත් කුමක් හෝ යමක් සෙයාගත හැකියැයි කනිෂ්කට සිතුනි. නිවසේ පසෙක නවතා ඇති තඩි වාහන දෙක. සාගරයක් වැනි ගෙය. පිරිසිදු වටපිටාව. කනිෂ්කට මතක් කලේ සිය විශ්ව විද්‍යාලයයි. නිවසේ ගමේ වෙලේ නොතිබූ අමුතු කාන්තියක් විශ්ව විද්‍යාල ජීවිතය පුරාවට නිදහස් අද්‍යාපනයේ අනුහසින් තමුන් වින්දා නොවෙදැයි කනිෂ්ක සිතයි. නමුත් එහි ඵලය මෙතරම්ම කටුක යැයි කවදා නම් සිතුවේද. ඉගනීම මල් අත්තකි එහි ඵලය කටු අත්තකි. නංගී ගේ වැරදි කෝටියක් ඇති ඇගේ ගනන් පොතේ ලියා ඇති වාක්‍යය වෙනස් විය යුතු බැව් කණිෂ්ඛට වැටහුනි. පෙර බැලූ දමිල චිත්‍රපටයේ රැකියාව සොයා එන පුතාගේ චරිතයේ කොන්ඩය පැත්තෙන් බෙදා නැමුනු මුහුන සහිත එකක් බව කණිෂ්ඛට මතක් විය. වහා කොන්ඩය අතින් බෙදාගෙන මුහුන බිමට හරවා ගන්නට කනිෂ්ක සමත් විය.
ආලින්දයේ කොනකඇති බංකුව මත වාඩිවූ සාගර සහ කනිෂ්ඛ මිදුලේ කොනක හති දමමින් තෙල් බස්සමින් සිටින මුදලාලියා නොදුටුවායැයි සිතිය නොහැක.
නමුත් එවුන් දෙදෙනාව මුදලාලි නොදැක්කේ යැයි සිතීම සාගර කනිස්ඛ දෙපලට වාසිදායක බැවින් එවුන් දෙදෙනා එසේ සිතූහ. පෝටිකෝවේ තිබූ ටී පෝ එක මත වූ පත්තරය පෙනෙන නොපෙනන දුරින් විය. එහි අද පත්තරෛද විය. ටික වේලාවක් භාවනා ලයින් එකක් දාගෙන හිටිය යුවලින් පලමුව සාගර හෙවත් පියා පත්තරය අතට ගත් හෙයින් ඉන්පසු කනිස්කද පත්තරය අතට ගති. කුඩා කල සිට මාලු ඔතන් එන කඩදාසියක් පවා ඉවත නොදමන කියවන උනකින් පෙලුන  පිය පුතු දෙදෙනාට මෙය මහත් අස්වැසිල්ලක් විය. පියා පත්‍රය මඳක් ඈතට ගෙන ඔහුගේ ඇස්වලට නාබිගත කරමින් පත්‍රය බලයි. පුතා තමුන්ට කැමති ආටිකල් පාරක් යන තැනක් වෙයි නම් එයට ඇස ඔබමින් පත්‍රය බලයි. 
ඔය අතර සමරදිවාකර එයි..
ආ දෙන්න උදේ පාන්දරම ඇවිත් තියෙන්නෙ??
ඉතින් මේ කොල්ල වෙන් ඇති නේ අර ඉගෙනගෙන රස්සා නෑ කිව්වෙ..
තාත්ත නම් කිව්වෙ ඕන වැඩක් ඇහැකිය කියල..බලමු බලමු..

ඔව් ඔව් කිසි වැඩකට කම්මැලි නෑ. මගේ ගොයිතැන් වැඩ උනත් කරනව. ඒත ඉතින් මූට කියල යන කලදසාවක් තියෙන් එපැයි. අපිට ඉතින් සමරදිවාකර මහත්තැයල වගේ වෙන් බැහැ. ඒත් අපි වගේ ඉපදුන දවසෙ ඉඳල උදැල්ල කැත්ත බදං ඉන්න මුන්ටත් දෙන්න පුලුවනැ. ඔය කොළඹ බලාකියාගන්න වත් කියල මං මේ කොල්ලට රස්සාවක් ඉල්ලුවෙ. දැං ඉතිං අර ඉස්සර වගේ මෙහෙම මුදලාලිල පස්සෙං යනව අඩුයි. ඒත් ඉතින් රට රස්සා ඔලට යවන්න හරි ආන්ඩු රස්සා ඔලට දාන්න කප්පං දෙන්න හරි අපිට ඉතින් බෑනෙ..
අම්ම විසින් දෙතුන් විඩක් කීවත්. තාත්තා කෙතෙක් පිංබතා යැයි නොකියා කීවත් තමුන් තේ වතුර දීමට, කට්ටිය වැඩ කරන දවසක කෑම ගෙන යෑමට හැර ගොවිතැන් පැත්තේවත් ගියේ නැති බව කනිෂ්ඛට මතක් විය. එහෙත් කොතෙක් වැරදිකරුවන් සිටියත් ඒ ගෙදරට දානෙකට වැඩ්ඩ විට ඒ ගෙදර ඉන්න බල්ලාගේ හෝ හොඳක් අල්ලාගෙන පස්ට ගහන හාමුදුරුවන් ගේ ඇති කුලුනු ගුනය පියාගේ තිබීම පිලිබඳ කනිෂ්ක සතුටු විය. තමුන්ගේ ගරු කටයුතු සහ සැලකිය යුත්තන්ගේ ලේඛනයේ කමලක්කාටත් වඩා පහල තැනකට පියා දමා තිබීම ගැන සැබැවින්ම කණිස්ක කනගාටු විය.
 ම්ම් එහෙනම් කොල්ල මේ ගෙදර දාල යන්න. මං මේ ගෙදර දවස් දෙක තුනක්වැඩපල දීල පොඩ්ඩක් හුරු කරල වැඩකට දාන් බලන්නම්.. හැබැයි පුතේ ඉතින් මුලිංම මොනර කොල තිහ හතලිහ නම් බලාපොරොත්තු වෙන්න එපා. වැඩ කරන හැටියට ගෙවීමක් කරන්න බලන්නම්.
ඉන්පසු ගෙදර කාමරයක් කනිෂ්ඛට වෙන්විය. තාත්තා සමග උදේ කෑම කෑමට අවස්ථාවක් ලැබුනි. සමුගන්නා මොහොතේදී තාත්තාගේ කකුල් අල්ලා කනිෂ්ඛ වඳින ලදී. ඉන්පසු නැගිට්ට විට. මෙතන ඔහොම ටික දවසක් හිටහං කාගෙන. මූ ටිකක් සැර උනාට ගෙවනව හොඳට..නැති උනොත් බලමු..මං යන්නං..


තාත්තා ගිය පසු කනිෂ්ඛ තනි විය. ඔහු වත්තේ සහ මිදුලේ එහෙ මෙහෙ ඇවිදින්නට විය. ඔය අතර කුස්සියෙ පැත්තේ ගියේය. කුස්සියේ සිට දත් පමණක් සුදු වලං පාට මුහුනක් ඇති කෙනෙක් එලියට පැමිණ. හැමදාම පිඟානට බෙදල මේසෙට අරින්නෙ නෑ. වැඩ ඉල්ලං එන අය මෙහෙ ඇවිත් කන් ඕනි. යැයි කීය. එහි තේරුම මොවුන් සිතන්නේ තමුන් වත්තේ වැඩට පැමිණි හෝ ව්‍යාපාර වැඩවලට පැමිණි අයෙක් කියා බව සිතුනි. මොකෙක් නැතත් ලස්සන ගෑනු පරාණයක් හෝ සිටීම මැනැවැයි සිතා ඔබ මොබ බැලූ කනිස්කට හමු වූයේ පිළිකුල් බාවනාවට සුදුසු මට්ටමේ දාගිය දිරාගිය සරීරයක් සහිත වයස හතලිහත් පැන්න සරීර කූඩුවකි. කමක්නෑ නන්ද කුමාරය දියිය ලෝකෙ යනකොටත් ඉස්සෙල්ල හෝල්ට් එකේ හිටියෙ නවදැලිහේනක දාගිය වැදිරි මෑල්ලක් නෙව..කනිස්ඛ සිතන්නට විය. වත්තේ මල් කාරයාට පෝර උස්සන් ගොස් දීම. වැඩකාරියගේ පොරටෝක් අසා සිටීම ආදි දෙයක් මිස වෙනත් රාජකාරිය්ක දවසටම නොලැබුනි.
 ඊලග දිනයේ උදේපාන්දර නැගිට බලනවිට වැඩකාරියත් අනික් ගාඩ්නර් බුස්මැට්ටාත් දෙන්නාම උන්ගේ වැඩ බව කනිස්ඛට පෙනුනි. වැඩක් පවරන්නේ නැති. ඔවුන්ගේ රස්සාව ගන්නට ආවායැයි සිතා පුප්පන උන් දෙන්නා සමග සෙට්වීමට කනිස්ක අකමැති විය. ඔන්න ඔහෙ දවල් වෙන්නම යනව. මුන්ගෙ පක්කිලිකං ඔලටයැ මං ආවෙ..මහත්තයිගෙ වැඩ කරන්නෙ නේ.
ඉන් පසුඑලියේ පෝටිකෝවේ ඇති පත්තර දෙකබැලීමට සිත් විය. අනික් වැඩකාර ඩබලට නොපෙනන පරදි බිත්ත්යේ අයිනට පුටුව ඇදගත් කනිෂ්ක පත්තරය බලන්නට විය. පත්තර දෙකෙහි අකුරු යහමින් පැය එකහමාරක් විතර කියවන විට ඕන්න මුදලාලි පරුවතය පහත් විය. අහස ගුගුරාගෙන පොලව පලාගෙන දුම් දමාගෙන එන ඩෝසර් තඩියක් පරිදි හති දමමින් මුදලාලි පරුවතය පෝටිකෝවට ඇතුලත් වුනි. මුදලාලි මහතය ඒත් පැය එකහමාරක් එක්සයිස් කරන්න තරමට මහත නැත. 
එහෙත් එක්සයිස් කර දුම් දමමින් හති අරිමින් නට් බෝල්ට් සෙමෙන් සොල්ලමින් පැමිනෙන මුදලාලි කාරයා වැඩකරන ඩෝසරයක් වැනිම යැයි කනිස්කට මැවෙන්නට විය.
පැමිණ කනිස්ක අසල පුටුව දිග ඇදුන මුදලාලියා. හුම් දැං ඔය ලමය පත්තර බැලුවනේ..මොනවයි ඕකෙ තියෙන විස්තර..
හෙ හෙ හෙ හෙ...
පහුගිය දවස්වල හරි කලබල නේ ආන්ඩුව ඩීසල් වැඩිකරල..
ඔව් මහත්තය ඒ ගැන ගොඩක් විස්තර තියෙනවා. තව ඩීසල වැඩිවුනේ මොකද කියලත් තියෙනවා. ඩීසල් ගේන්නෙ කොහෙන්ද කියලත් තියෙනවා. ගේන්න තිබුනෙ කොහෙන්ද කියලත් තියෙනවා. ඉතින් කනිස්ක කැම්පස් තෙලක් බෙදන්ට පටන් ගත්තාක් වැනි ආකාරයකින් මුදලාලියාට ඩීසල් ප්‍රශ්ණය විස්තර කරයි. 
මුදලාලිට මෙය මහත් ආතල් එකක් ගෙන දුනි. දවල්ට මොන චැනල් එකේ නිවුස බැලුවත් වැඩක් නැත. පත්තරේ කියෙව්වත් එක දෙයක් තේරුං ගන්නට පත්තර තුන හතරක් බැලිය යුතුය. ඒ මදිවාට අකුරු ගොඩක් කියවන්නත් ඕනාය. එය මුදලාලිට කම්මැලි වැඩකි. හුම් තමුන් එනව මාත් එක්ක හෙට ඇවිදින්න දුවන්න යන්න.
සුගර් බස්සගන්න පෙසර් අඩු කරගන්න හොඳ විදියක් මේක. තමුසෙටත් හොඳයි මාත් එක්ක දුවන එක..
උදෙන් නැගිටල පත්තරේ බලල ඔක්කොම විස්තර කියන්න ඕනි. ඕන් ඔය වගේ. කොටින්ම මට නිකම් අනික් උන්ගෙන් විස්තර අහන්න තියන් නැතුව ඔක්කොම හොයන්න ඕනි. මට ඕව අහන්න වෙලාවක් නැ. කනිස්ක මගෙ පස්සෙන් එන්න ඕනි. දුවන්නත් හුරු වෙන්න ඕනි. මං ඔය රස්සාවට විතරක් කන්න අඳින්න දීල පාලහක් දෙන්නම්..වෙන වැඩ ආවොත් ඉතිරිව බලමු..
පාලොස්දාහකට පත්තර බැලීම දිවීම කෑම බීම වැනි රාජකාරි නිකම් කජ්ජක්දැයි වැටුනි.
මීලග දිනයේ සිට මුදලාලි සමග දිවීමට කනිස්ක සෙට් විය. සුපිරම නොවුනත් සැප කෑම. නෑම කීමට හොඳ ටැප් වතුරු. ඉන්නට සැප කාමරය. පත්තර පොත් බැලීමට ඇති අවකාශය. ආදී දේ නිසා ගමට වී ඩිග්රි කරේ තියං ඉන්නවාට වඩා මේ වැනි ජොබක් හොඳයැයි සිතුනි. නමුත් මේ මිනිසාට තේරෙන බාසාවෙන් දේවල් විස්තර කරන්නට තමුන්ට හැකිවූයේ ත් මේ නිදහස් අධ්‍යාපනය නිසා බැවි කනිස්කට මතක් විය. 


ටික දිනක් ගතවිය. කනිස්කට දැනි හොඳින් ව්‍යායාම ලැබෙයි සැප ආහාර ලැබෙයි. ගෙදර ගෙනියන්නට රුපියල් පාලොස් දාහක් ලැබෙයි. අම්මා තාත්තා කනිෂ්කගේ සැපට හැඳුනු ඇඟ දැක පුතා සන්තෝෂයෙන් ලොකු රාජකාරි ලේසියනේ කරමින් ඇති යැයි සිතීය. කමලක්කාද කඩේ ගාවදී දැක. කතාකොට මොකෝ එන් නැත්තෙ වගේ පැණි බැල්මක් දමා යන්නට ගියාය. වෙනදා මෙන් කමලක්කාගේ ගෙදර මොකෙක්වත් නැති වෙලාවක් බලා රිංගන්නට යන්නේ නැතිව පොඩි උන් සිටින හැන්ද වෙලාවක එහි ගොස් කිරිපිට පැකට් එකක් සීනි කිලෝ දෙකක් කනිෂ්ක විසින් තබා ආවේය. මං හිතුවෙ මල්ලි ආඩම්බර වෙල කියල. කොහෙද මේ පොඩි උන් ඉන්න වෙලාවෙම ආවෙ නැත්තං ෙමයිට වඩා මක්කහරි හදල දෙන්න පුලුවං නේ. වෙනද ිඉතින් බතුත් කාලම යන එක නෙව. ඒ කිව් කතාවේ ව්‍යංගාර්ථය වටහාගන්නට බැරි තරම් කනිස්ක කොන්ඩ බැඳපු චීන පැටියෙකු නොවේය. එහෙත් අම්මා නංගී දුන් නොයෙක් අවවාද දහසක් හිත තුල තිබු නිසාත් අම්මා තාත්තා අකමැතිම කාරණාවල් මේ ගමේ සිටින දින දෙක තුන තුලත් කර ඔවුනගේ හිත් තලන්නට සිදුවීමත් නිසා කනිස්ක නැති සිල් ගෙන තුන් වැනි පදේ රැකගන්නට මහත් උත්සාහයක් ගති.


මසක් දෙකක් කනිස්ක හා ආස්‍රයට වැටුන මුදලාලිට පාලු ගෙය සහ බිස්නස් සයුර තුල නොවු විරු මිතුදමක් ගොඩනගාගන්නට හැකිවිය. කනිෂ්ක ගේ පියා වු සාගර මෙන්ම පන්ඩිත ගතිඑහෙන් මෙහෙන් තිබුනත් සාගර මෙන්ම කිසිදු අන්දමේ විශ්වාසය කඩකිරීමේ ලකුනක්වත් මුදලාලි කනිස්කගෙන් නොදිටීය.කනිෂ්කට රිය බලපත් ලබාදීමට ඔහු උත්සාහ කලේය. මීට කලින්මේ වැනි ගමෙන් පැමිණ රිය බලපත් මුදලාලිගේ සල්ලිවලින්ම ගෙන ඉන්පසු මාස තුන හතරකින් අතුරුදන් වූ පුවත මුදලාලි කලින් කියා කනිස්කට තව රුපියල් පන්දාහක් විතර පඩි ලැබෙයි ඔය ඩ්‍රැයිවින් ලැයිසොන් ගත්තම යැයි කියාඒ රාජකාරිය කෙරන තැනට කටයුතු කෙලේය. දැන් ගමෙන්ආ සුකිරිකොල්ලාට වඩා හැඩි දැඩි ලක්සන සරීරයෙන්යුතු පෝෂණිය පෙනුමක් ඇති කනිෂ්ක ගැම්මක් සහිත අයෙක් විය. එලවලු මාකට්එකේ කඩ, සිල්ලර කඩ, කඩ කාමර, මාලු මාකට් එකේ කඩ, ගල් කොරි ආදි සමූහ ව්‍යාපාර කීපයක දක්ෂයෙකුවූ මුදලාලිගේ හොඳ කකුලකි දැන් කනිෂ්ක. 

7 comments:

  1. කතාව මරු.. එක දිගට කියෙවුවා.. කොල්ලා හැදෙන එකෙක්..

    ReplyDelete
  2. කොල්ල බිස්නැස් මෑන් කෙනෙක් වෙයි බොල..

    ReplyDelete
  3. කලින් එක මිස් වුනා අයියේ ඕං එක හුස්මට දෙකම කියෙව්වා තාමත් කතාව හැරෙන පැත්ත හිතාගන්න අමාරුයි සෑහෙන්න කුතුහලයක් එනවා කියවද්දි හැමදාම කියනවා වගේ බ්ලොග් ලියන අයගෙන් දක්ෂම විදියට කතා ලියන අයගෙන් ඉදිරියෙන් ඉන්නවා අයියා මම මාර ආසයි මේ ලියන විදියට

    මට හිතාගන්න බැරි ඇයි කොටස් දශම ගනනින් යන්නේ කියන එක මොකක් හරි හේතුවක් එහෙම තියෙනවද?? ජය වේවා ඉක්මන්ට අනික් කොටසත් දෙන්නෝ

    ReplyDelete
  4. උබේ කතා වල කොහොමත් අමුතු ගතියක් තියනවා බන් ,මොනා කරන්නද කොහොම ලිවුවත් දුක් සීන් එකක් නෑ නේ ඉතින් අර දවසක් කිවුවා වගේ බලන උන් අඩුයි...

    ReplyDelete
  5. අමුතුම විදියේ කතාවක්. හරි ලස්සනයි. ඔන්න එක දිගටම කියෙව්වා. බලන් ඉන්නේ කොහෙන් හරි කෙල්ලක් පාත් වෙනකල්...:D

    ReplyDelete
  6. දශම ගනනින් යන්නෙ එක් කොටසක් කියෙව්වත් ඒක අස්සෙ කතාව තියෙන නිසා.. කෙල්ලා නිසා කොල්ලා හැදෙනවා...ඒක මහ පස්ට පල් බොරුවක්..
    මිනිහෙක්ට තමුන්ට කියල රිදම් එකක් තියෙන්න ඕනි...ඒත් අද ජීවත් වෙන අය රිදම් එක පවා හොරකං කරගන ඉන්නෙ... බස් එකේ යන හැටි, අරක්කු බොන හැටි, පාරෙ යන හැටි, පිකට් කරන හැටි, බූරුවා ගහන හැටි,කැට ගහන හැටි, බඩු ටෝක් කරන හැටි, හැමදෙයක්ම කරන්න විදියක් ආකාරයක් අද වෙනකොට නිර්මාණය වෙලා..
    ඒකෙන් පිටයෑම සරත් පොන්සේකා නිදහස් කරගැන්මටත් වඩා දරුණුයි...බහුතරයට..

    ReplyDelete