Tuesday, October 23, 2012

ලිංගික අල්ලස් දීමට පෙර Giving Back The Grate !

     අද රස්සාවක් හොයාගන්න අමාරුය. ගෑනු ළමුන්ට රැකියා සොයාගන්නට ඊටත් වඩා අමාරුය..ලංකාවේ සමහර රස්සා කරන තැන් ගෑනු අය ගන්නට මැලිකමක් දක්වයි. බබා හම්බෙන්නට නිවාඩු දීමට සිදුවීම. රාත්‍රියේ සේවා නියුතු කිරීමේ කොන්දේසි..කම්කරු අණපනත් වල ඇති ගැහැනු සුවිශේෂතා සහ ගැහැනු ළමුන් සේවාවට ගත් කල ආයතනය තුල ඇති විය හැකි අමතර ගැටලු හේතුවෙන් ගැහැනු ළමුන් සේවයට ගන්නවාට වඩා පිරිමි අය සේවයට ගැන්මට බොහෝ ලාංකිය කළමනාකාරිත්වයන් විසින් තීරණය කර ඇත. මෙය අද ඊයේ ඇතිවූ තත්වයක නොව කාලයක් තිස්සේ ඇතිව ඇති තත්වයකි.

        තාක්ෂණ සේවා වල ගැහැනු ළමුන් සේවයෙහි යෙදවීමට අප සමාජය මැලිකමක් දක්වයි. හොඳින් ඉගෙනගෙන කොම්පියුටර ඉංගිරිසි ඉගෙන ගෙන ලොකු කන්තෝරුවක පොඩි රස්සාවක් කිරීම  බොහෝ ගෑනු ලමයිගේත් දෙමාපියන්ගේත් සිහිනයය. ඒ අතර බැංකු, මූල්‍ය ආයතන, ලිපිකාර සේවාආදියට බොහෝ ගැහැනු ලමුන් ආශා කරති. මන්ද ඒවායේ අධික වශයෙන් ගෙවීම් ලැබෙන නිසාත් සේවා තත්වය එතරම්ම සවුත්තු නැති නිසාත්ය. මෙහිදී සේවා තත්වය කීවේ කොටින්ම කීවොත් ගාමන්ට් එකක් නොවීම යන කාරණාවය. කෙතරම් මුදල් ගත හැකි වුවත් ගාමන්ට් සහ ෆැක්ටරි රස්සාව ලංකාවේ ඇත්තේ පහල අඩියකය. හැමෝම සම තත්වයේ සලකන ආගම් කිහිපයක් රට තුල ක්‍රියාත්මක වූවත් මංගල දැන්වීම්, මුදල් බෙදීයෑම් ආදිය සිදුවන්නේ රැකියාව අනුව බව ජාතික පුවත්පත් බලන කොනෙකුට වැටහෙනවා ඇත.

       ලිංගික අල්ලස් දීම අද ඊයේ පටන් ගත් දෙයක් නොවේ.. එකලද දේශපාලන බලවතුන් රැකියා දීමේදී ඊට පෙර ගැහැනිය නිරුවත්කොට ඉන්ටර්වීව් එකක් පර්සනලි පැවැත්වීම තිබුනි. ඒ නවසිය ගනන්වල මැද භාගයේ සිට අද දක්වා වන ඉතිහාසයේය. බොහෝ එපිට ඉතිහාසයේ නම් රජතුමා ඇතුපිටින් නුවර සරන විට අලංකාර යුවතියක දුටුවේ නම් එසැනින් රාජපුරුශයින් හරහා අර යුවතිය රැකියා ස්ථානයට යොමු කරයි. එම ස්ථානය එකල අන්තඃප්පුරය ලෙස හඳුන්වා ඇත.. දැන් ඒ ලෙස නියමාකාර අන්තංප්පුර නැතිවුවත් අන්තඃප්පර වලට මෙන් ගෑනු ගොඩගසා ඔහේ වේලෙන්නට දා තිබෙන රාජ්‍ය අංශයේ ආයතන බොහොමයක් ඇත.

නිසි පුද්ගලයා සොයාගැන්මේ වැදගත්කම..

    අපි රැකියාවක් ගැනීමේදී කිනම් අල්ලසක් දුන්නත් රැකියාව ගත් පසු මේ අය ආවේ අහවලාගෙනි. මේ අය ආවේ අහවලාගෙනිය කියලා කවුරුත් කියන්නේ නැත. බොහෝ විට රැකියා ගත වී සුවල්ප කාලයක් ඒ ආපු ආකාරය සමහරුන්ට මතක තිබුනත් කාලය විසින් ඒ දේවල් අමතක කරලා දමයි. එබැවින් කෙසේ හෝ වැදගත් වන්නේ රැකියාවක් සොයාගැන්මය. ලිංගික අල්ලස් දීමේදී බොහෝ ගෑනු ලමුන් කරගන්නා වරදක් නම් බලය ඇති තැන නිවැරදිව තෝරා නොගැනීමයි.

කොහේ හෝ සිටින පිංගුත්තර පක්ෂ සංවිධායකයකුට රැකියා දීමේ බලයක් නැත. එහෙ ත් පක්ෂ සංවිධායකයා ඇමටිටුමාගේ හොඳ බොක්කක් නම්ද මින් පෙර එසේ රැකියා ගත් අය සිටී නම්ද තමාට රැකියාව නොලැබුනොත් සංවිධායකයාට  කරන්නට කිසියම්ම හෝ දෙයක් ඇති නම්ද ඒ පක්ෂ සංවිධායක තුමාට ලිංගික අල්ලස් දීම වැදගත් වෙයි. නමුත් මේ ලිංගික අල්ලස් දීමද ඉතා ප්‍රවේශම් කටයුතුව කල යුතුයැ. රාජ්‍ය අංශයේ අධ්‍යක්ෂ කෙනකුගේ, පරිපාලන නිලධාරියෙකුගේ පඩිය සමහර පුද්ගලික අංශයේ මැනේජරයකු තරම්ම වැඩි නැත. එබැවින් ඔවුන් කොහේ හෝ තියාගෙන අහවල් වැඩේ කරගන්නට හදයි. මා දන්නා ආයතනයක එසේ ලිංගික අල්ලස් ගන්නා මරුමුස් පොරක් කන්තෝරු කාමරයම සිය සිරියහන් ගබඩාව කොටගෙන ලිංගික ක්‍රියා කාර්යාල වේලාව තුලම කරගන මාට්ටු වෙන ලදී. එහිදී ලිංගික අල්ලස් නොදීමට අකමැති වූ රැකියාවේ එවකට සිටි ගැහැනු අයට මාරුවිම් හදාගෙන ඈතට යන්නටත් සමහරුන්ට ඒ ලොක්කාගේ ක්‍රියාකලාපය සහ කැපිලි කෙටිලි දරාගත නොහැකිව ආයතනයෙන් සහ රැකියාෙවන් සම්පූර්ණයෙන් ඉවත් වන්නටත් සිදුවිය. එවන් අවස්ථාවල ඒ ගස්ගෝනා මහතා විසින් කරන ලද එක් වැඩක් නම් ආයතනික වාහන වලින් ආයතනික රියදුරන්ද සමගින් ආයතනයේ වසා ඇති යම් කාමරයක් හෝ ස්ථානයක් බලන්නට යෑමයි.(මේ සතිඅන්තයේ සිදුවන්නක් නිසා ලෙහෙසියෙන් ෆීල්ඩ් විසිට් එකෙන් පසු තැනක් සොයාගත හැක.) ඉන්පසු රියදුරු ආපසු යවන අතර අර රැගෙන ආ යුවතිය දුහුවිලි තට්ටු උඩ ඉතාම තුච්ච ලෙස සිය සේවාව සිය ස්වාමියා වෙත සපයයි.
       ඒ වූ කලී කුනු පෙරේත කමේ ඉහලම සීමාවයි. නමුත් අඩුතරමේ ගෑනු ලමයාට කන්න කෑම එකක් වත් රැගෙන නොදී...යන්නට කාර් එකක්වත් භාවිත නොකර ඉතා අඩු මිලට අඩු වියදම් පැකේජ යටත් ගැහැනු ලමුන් සේවා ස්ථාන වලදී අතවර වලට ලක්වෙති. ලිංගික අල්ලස් දීමේදි ලොක්කාගේ එවන් ක්‍රියා ඇත්දැයි බැලීම වටී. තමුන්ට තේ වතුරු එකක් වත් අරං නොදෙන බොසෙක් කෙසේ නම් රැකියාවක් ලබා දෙයි දැයි සිතන්නට තරම් උගත් තරුණියන් උත්සුක විය යුතුයැ..
අදාල නැති පිංතූරයකි..
    මා දන්නා එක්තරා ආයතනයක ප්‍රමෝෂන් ගැනීමට ලේසි පාරක් ඒ ආයතනික ගෑනු බොසීලා විසින් ක්‍රියාත්මක කරන ලදී. එහිදී කිසිදු අවහිරයකින් තොරව බොස් තුමා සමඟ විදෙස් සවාරියක් යයි. මෙහේදී ඔවුන් දෙදෙනා දෙපසක ගියත් එහිදි හොටල් කාමර වල ගාස්තු ඉතිරිකර ආයතනය නංවනු පිණිස එකෙ හොටල් කාමරය පාවිච්චි කරති. ඒ ගමන් ගොස් විත් මාස කිහිපයකින් ඒ ගෑනු බොසී ලොකු තනතුරකට පත්වෙලාය. ඒ මගින් රැකියා උස්සවීම් ගත් පසු කිහිප දෙනෙක් ඒවා යාන්තමින් දැනසිටියත් ඒවා ඔප්පු කරන්නට හෝ තැන තැන කියවන්නට කිසිවෙක් යන්නේ නැත. මන්ද එසේ කලොත් අවසානයේ බලය ඇති අයගේ පොඩි හැඳි වලට ලක්විය හැකි බැවිනි..

       තවත් ජාතියක මානසික රොග සහිත බොස්ලා ජාතියක්ද සිටිති. ඔවුන්ට වින්දනය ඇත්තේ ගැහැනිය සමඟ නිදාගැන්ම නොවේ. එය රැකෝඩ් කර මිතුරන්ට තම සමාන්තර සේවකයින්ට් පෙන්වීමයි. එහිදී පෝන් මාර්ගයෙන් කැමර් මාර්ගයෙන් ඔවුන් රූපරාමු හෝ රූප ගනිති. ඉන්පසු කෑවාට බීවාට පසු ලිමිට් පැන්න විටක නැත්නම් කුලුපග යාලුවන් හමු වූ විටක.. බලහං මේ සුපිරි කෑල්ල එක්ක තමයි මං හිටියෙ යකෝ කියා තැන් තැන් වල පෙන්වති. ඉන් සිදුවන්නේ කිනම් අකාර දෝසයක්ද යන්න අප ලිංගික අල්ලස් දී හෝ රැකියා බලාපොරොත්තු වන නංගීලාට ඇඟිල්ලෙන් ඇන කීමට අවැසි නොවේ..

      එසේම ලිංගික අල්ලස් දීමද හිතන තරම් ලේසි හෝ පහසු නොවේ..සමහර සුකුමාර පෙනුමැති මහත්වරුන් තුලද අපි හිතනවාට වඩා අමාරු කෙරුවාවල් තිබෙන්නට පුලුවන. සමාජයක බහුතරයක් එකම ක්‍රමයක ලිංගික සුවයක් බලාපොරොත්තු වූවාට හැමෝම එසේ නැත. සමහර මහත්වරු සිය බිරිඳ ඉදිරියේ සුවච කීකරු අයෙක් වූවාට හැමතැනම එසේ නැත. ඒ විශම ලිංගික අදහස් ඇති මහත්වරුන් අසලට යන අයට විවිධාකාර අඩන්තේට්ටම් වලට ලක්වන්නට සිදුවනු ඇත. අනේ මොකද වෙන්නෙ අනේ ටිකක් එක තනයක් පොඩ්ඩක් විකුවාට යැයි යම් ස්ත්‍රියක් එය ඉවසුවත් යම් කිසි විදියකින් බොසාගේ දත කට පූට්ටු වුවොත් සිදුවන්නේ මහා ජංජාලයකි.

      මේ ලිංගික අල්ලස්ම පමණක් නොවේ දැන් දැන් රැකියා සොයන අයට ජාතික පුවත්පත් වල අපූරු ජාතියේ දැන්විම් දක්නට ලැබේ. රුපියල් තිස් පන්දාහේ වැටුපට නොයෙක් නමින් ඇති තැන්වල සම්බාහනායතන ආදියේද, වෙනත් ස්ථානවලද අරුම පුදුම රැකියා ඇවස්ථා ඇත. පිරිමි අයෙකු කතාකලොත් ඒ සමහර තැනක දුරකථනයෙන් වැඩිදුර තොරතුරු පවා නොදෙයි. සමහරක් ඒවා රජයේ බදු සහ ඊ පී එෆ් ආදිය ගෙවීමට සිදුවන නිසා කුඩාවට පවත්වාගෙන යන ස්ථානද විය හැකිය. නමුත් ඈත ගම් වල සිටින ගෑනු ලමුන් මේ එක එක රූපලාවන්‍යාගාර, සම්බාහනායතන, ආයුර්වේද මධ්‍යස්ථාන හරහා ගණිකා වෘත්තිය කරා ලෙහෙසි පාලම් තනා දෙනවා විය හැක. ලංකාවේ ගණිකා වෘත්තිය නීතිගත නැති නිසා කිසි ගේමක් නැතුව කොළඹ සිට කුමක් හෝ කොට ගමට ගොස් කසාදයක් බැඳලා ජිවත් විය හැක. නමුත් කිසිම අයථා ක්‍රියාවක් අප සිතන තරම් සරල නැත..

      මේ ළඟදී මනුපොතේ එක්තරා සුකිරි බටිල්ලෙක් ලෝකයේ සාහිත්‍යකාරයින්, ජනප්‍රිය දේශපාලකයින් සිරගෙය විශ්වවිද්‍යාලයක් ලෙස කියා ඇති නිසා සිරගෙදරට ය්නනට ආස යැයි කියා තිබුනි. නමුත් අද ලාංකිය සිරගෙය යනු කිනම් ආකාර දෙයක්දැයි එහි ගිය කෙනෙකුන් මිස වෙනකෙක් දන්නේ නැත. පව් කොරලා අපායේ ගිය විට අපිට ලැබෙන්නේ කටු ගසේ නැගීම, ලෝදිය හැලියේ සෙල්ලම් කිරීම, ශරීරය ඉරෙන සේ කියතින් කැපිම ආදිය බව අපායේ සිතුවම් බලන කෙනෙක් දන්නවා ඇත. නමුත් අද හිරගෙදරට යන අයෙක්ට එහිදි සිරකරුවන් විසින් සහ ජේලරවරුන් විසින් කවරාකාර දඩුවම් දේවිදැයි දන්නේ ඔවුන්මැ පමණි. යම් ගැහැනු පුංචි ළමයෙකු විවිධාකාර සමාජ හේතු නිසා අයථා ඇසුරුවලට නැඹුරු වුවත් ඒවා දුටුතැන සමාජයේ වගකිව යුතු අය කල යුත්තේ ඔවුන් ගලවාගත හැකි මග සෙවීමය. නමුත් මේවා ලියන බ්ලොග්වලටත්.  පොත් පත්තරවලටත්, රූපවාහිනි ක්ලිප් වලටත් හැර මිනිසුන්ගේ ඔලුවලට නම් යන්නේම නැත.

    සාමාන්‍යයෙන් අපි දකින ප්‍රවෘත්ති වල ලිංගික අල්ලස් ලබාදී රැකියා ගත් සහ උසස්විම් ගත් අය ගැන විස්තර ඇත. නමුත් එසේ ලිංගික අල්ලස් ලබාදීත් රැකියා නොලැබුන උසස්වීම් නැතුව නම විතරක් කැත කරගත් ළමෝ අනන්තවත් වෙති. මා උදාහරණ වශයෙන් මේයැයි මේයැයි කියන්නට නොයන්නේ මාද මේ සමාජයේ නිරීක්ෂකයකු වුවත් සමාජයේම ජීවත් වන අයෙකු වන නිසාය. මා අවට සිටින පුද්ගලයින් සම්බන්ධ උදාහරණ මෙහි දැක්විය හැකි මුත් එවිට එය නම් ගම් රහිතව පල කලත් අදාල අය මේ තමා ගැන කියනවා නොවෙදැයි වටහාගනිති. ඉන් පසුව මා ඔන්ලයින් කේලාම් කාරයෙකු ලෙස ඔවුන් දකිනු ඇත.

    ලිංගික අල්ලස් ලබා දීමේදි හරියට නියමිත පුද්ගලයා තොරා ගැනීමත්, නියමිත සුදුසුම කාලයේදී ලිංගික අල්ලස ලබා දීමත්, රහස්‍ය බව රැකගැන්මත් වැදගත්ය. නැතහොත් ගැහුව පදේකුත් නැතුව එකැස් බෙරේ පලුවද නැති වී රට්ටුන්ගෙන් කතන්දර අහන්නටද ඔබට වාසනාව උදා වෙනු ඇත.

29 comments:

  1. සිරා කථාව මචං.. මේ රටේ Media Field එකේ ඔය කියන අල්ලස් ක්‍රමය හුඟක් ප්‍රසිද්ධයි. ලංකාවේ බොහෝම ප්‍රසිද්ධම රූපවාහිනී නාලිකා වල ප්‍රවෘත්ති කීමට පවා මේ ක්‍රමය මගින් කෙල්ලන් දාල තියනව.

    ReplyDelete
  2. කාලෙකට පස්සේ හොඳ ලිපියක් කියෙවුවා. මේ වගේම තමයි බොස්ලා පස්සෙන් බලෙන් දෙන්න යන අයත් ඉන්නවා.

    ReplyDelete
    Replies
    1. වජිරදේවිගෙත් ඉරිසියාව

      වජිර දේවි පස්සෙන් ගියත් කවුරුත් ගනන් ගන්නෙ නැද්ද මන්දා.....

      Delete
  3. මේක මචන් ලොකු මාතෘකාවක්

    පොඩි එක ඉස්කෝලේ දාගන්න, ක්‍රිකට් ටීම් එකට දාගන්න,
    කැම්පස් එකේ ක්ලාස් එකක් ගන්න එකී මෙකී නොකී තැන් වල මේක බොහොම අපූරුවට පාවිච්චියට ගන්නවා.

    මට හිතා ගන්න බැරි තමන්ගේ ආත්මය පාවාදීල ලබාගන්න දේවල් මුන් රෙද්දක් ඇදගෙන විදිනේ කොහොමද කියලා. ඒ උනාට පිටින් බැලුවමනම් පත්තිනි අම්මලා

    | වටරවුමේ - මුදියන්සේ |

    ReplyDelete
    Replies
    1. පැහැදිලි ඉරිසියාව. ඔයාටත් පොරෝ පාරක් තිබ්බ නම් නොදී ඉන්නවද හොඳ බෙනිෆිට් එකක් වෙනුවෙන්???

      Delete
  4. අවුරුදු 6ක් විතර රැකියාවක් කලත් (ලිංගික) අල්ලස් දීමක් ගැන අත්දැකීමක් නැත.. නමුත් බොස්ලා ( තරුණ සහ නාකී පප්පලා) මොන මොන සීන් කෝන් දාගෙන හරි පස්සෙන් එන තත්ව නම් ඇති තරම් ඇත්තේය.... උදාහරණ ලෙස පෝය දවසටත් වැඩ දැමීම, සෙනසුරාදා ඉරිදා දවස්වලත් මොනවා හෝ වැඩක් පැවරීම වැඩ පුහුණුවන ( ප්‍රොබේෂන්) කාලයේදී බොස්ලාගේ උපක්‍රමය... මේවාට අසුවන යුවතියන් බොහෝ විට පාසලින් පිට වූ අලුතමය... එබැවින් අත්දැකීම් අඩු බැවින් අසුවන අවස්ථාද වැඩිය... ක්‍ෂේත්‍රය වෙන කිසිවක් නොව ෂිපිං ය...

    අත්දැකීම් ඇසුරින් අවවාදයයි.. පවුලේ කෙනෙක්.. ( පියා හෝ මව හෝ සොහොයුරා හෝ) මේ ක්ෂෙත්‍රයේ නියුතු වි සිටී නම් නිරන්තරයන් ඔවුන් හා සම්බන්ධකම් පැවැත් වීම සහ ඔවුන් පිළිබඳව ආයතනයේ අය දැනුවත් කිරීම මඟින් මේ තත්වය යම් තරමකින් හෝ වළක්වා ගත හැකිය....

    ReplyDelete
    Replies
    1. මෙහෙමයි. යම්කිසි විශයක් පිළිබඳ මනා දැනුමක් පළපුරුද්දක් හා හැකියාවක් ඇති අයට මේක බලපාන්නෙ නැහැ. එහෙම බැරි අය තමයි අහවල් ක්‍රමයට ඉස්සරහට යන්නේ..

      මේක පිරිමි අය කරගන්නෙ ගොට්ට ඇල්ලීම, කේලාම් කීම හා ලොක්කන් සමග මධුවිත පානයෙන් වන අතර ගැහැනු අයද කේලාම් කීම, ගොට්ට ඇල්ලීම හා අහවල් ක්‍රමය භාවිතා කරයි.

      Delete
    2. නදුන්...

      ඒක හරි.... ඒත් ගොඩක් අය රැකියාවකට යන්නේ සියලුම සුදුසුකම් සපුරාගෙන නෙවෙයි නේ.. අපේ රටේ තියෙන අධ්‍යාපන ක්‍රමයක් එක්ක ගොඩක් ළමයින්ට ඒලෙවල් ෆේල් උනොත් කරන්න ඔප්ෂන් එකක් නෑ..... විශේෂයෙන් ගෑණු ළමයින්ට.... රිසල්ට්ස් ආවට පස්සේ තමයි කල්පනා කරන්නේ දැං මොකද කරන්නේ කියලා... එතකොට වෙන්නේ අඩු වයසින්ම රැකියාවකට යන්න වෙනවා කවුරුන්ගේ හෝ මාර්ගයෙන්... ( හැමෝටම පිටරට යන්න හරි, ප්‍රයිවට් කැම්පස් යන්න හරි සල්ලි නෑ නේ...) අන්ත ඒ වගේ ළමයි අනන්ත මේ ක්‍ෂේත්‍රයේදී මේ වගේ අවස්ථාවලට මුහුණ දෙනවා මං දැකලා තියෙනවා... එයාලගේ අත්දැකීම් අඩුකම නිසා සහ සමාජයත් එක්ක ගැවසිලා පුරුදු නැතිකමත් එක්ක එයාලට මේ වගේ තත්ව බරපතල වෙනකම්ම මොකද වෙන්නේ කියලවත් තේරෙන්නේ නෑ... ‌තේරෙනකොට පෙරහර ගිහින් ඉවරයි...

      සමහර බොස්ලා අලුත් කෙල්ලන්ට ලිෆ්ට් දෙන්න හරි ආසයි.. කෙල්ලන්ට එපා කියන්න කෙනෙක් හිටියේ නැත්තම් ඒක හරි දෙයක් විදියටයි පේන්නේ.. හැමෝම නරක නොවුනත් තමන්ගේ ආරක්ෂාව වෙනුවෙන් එහෙම හිතුවාට කමක් නෑ කියලා මම නං ගොඩක් ළමයින්ට කියලා තියෙන්නේ...

      දැං කවුරුහරි අහන්න ඉඩ තියෙනවා ඇයි බබාලද තේරෙන්නේ නෑ කියන්න කියලා... ඒකට කියන්න තියෙන්නේ ඔය වයසෙදි කෙල්ලන්ගේ, ඔය වගේ දේවල් සම්බන්ධයෙන් සාමාන්‍ය දැනීම කොල්ලන්ට වඩා අඩු මට්ටමක පවතින බවයි... මොකද ඉස්කෝලවල උනත් ඔය වගේ අවස්ථා ගැන පැහැදිලි කිරීමක් හෝ, ඒ වගේ අවස්ථාවක කරන්නේ මොනාද කියන එක හෝ පැහැදිලි කිරීමක් කරන්නේ නැති නිසා...

      Delete
    3. හිරුවෝ මරුම් කන්න එපා අපි කාව හරි පෝයට වැඩ දාන්නේ උන් එක්ක නිදියන්න නෙමේ එදිනට අවශ්‍ය වැඩේ කරගන්නයි.....හෙ..හේ......
      තරහා නැ නේද

      Delete
    4. හිරුත් ෂිපින් ෆීල්ඩ් එකේද ...:O

      Delete
  5. කාළකන්ණි ක්‍රමයක්. නමුත් නවත්වන්න බෑ.

    ReplyDelete
  6. ජොබක් සෙට් වෙනවා නම් පොඩ්ඩක් දුන්නත් මොකද අයියේ?? මොකෝ ගෙවෙනවා කියලද??

    ReplyDelete
    Replies
    1. ehema nogewichchakenekge puthek thama oyaa

      Delete
    2. මචෝ ඔය විදියටද දන්නේ නැ උබලගේ අම්ම උබව ඉස්කෝලෙකට දා ගත්තේ :D

      Delete
    3. ජොබක් සෙට් වෙනවා නම් පොඩ්ඩක් දුන්නත් මොකද අයියේ?? මොකෝ ගෙවෙනවා කියලද? .... ඔයාගේ තාත්ත ඔයාගේ අම්ම ජොබ් 1 කට දැම්මේ එහෙමද මචෝ

      Delete
  7. ඇත්ත කතාව සහො! ඇත්ත!

    ReplyDelete
  8. සෑහෙන හිතන්න ඕන මාතෘකාවක්.. ඉස්සරහට මෙහෙම ගියොත් මොනවයින් මොන වෙයිද මන්ද..

    ReplyDelete
  9. මේ කිව්ව ‍ගොඩාරියක් දේවල් සිද්ධ වෙනවා දැක්කත් ඒ ගැන කරන්න දෙයක් නැති හින්දත් ඒ හැම තැනදිම අපි කියන දෙයින් ඵලක් වෙන්නේ නෑ කියන දේ දන්න හින්දත් නොදැක්ක වගේ ඉදපු අවස්ථා එමටයි..
    වටින ලිපියක්!

    ReplyDelete
  10. හොඳ ලිපියක්..
    හැමතැනම දකින්න ලැබෙන දේවල් තමා මේ.

    ReplyDelete
  11. කැමැත්තෙන් අල්ලස් දෙන අය වගේම අකමැත්තෙන් දෙන අයත් ඉන්නවා. ඒ වගේම මනුස්සයෙකුගේ අසරණකමින් ප්‍රයෝජන ගන්න මේ වගේ උන්ට ජීවත්ව ඉන්නකම් සැප. එතනින් එහාට.....

    ReplyDelete
  12. මෙය ලොව පැරණිම රැකියාව මෙන්ම ඉතා ඈත කාලයේ බිහි වූ, කාන්තාවන්ගේ සාර්ථකත්වය කරා යන ගමනේ උත්ප්‍රේරකයකි. මෙයට විරුද්ධ වී තම වෘත්තීමය හැකියාවන්ගෙන් සහ පෞර්ෂත්වයෙන් ඉහළට නැගි කාන්තාවන්ද නැතුවා නොවේ.

    මෙය කථා කළ, කථා කරන මේන්ම අනාගතයේදී සංවාද ගොඩ නැගෙයි යැයි උපකල්පනය කළ හැකි මාතෘකාවකි. නමුත් මෙම ක්‍රමයට විරුද්ධ හඩ කෙදිනකවත් ඉතා සාර්ථකව නොනැගුණි. ඊට හේතු විය හැක්කේ පවතින ක්‍රමය මෙම ක්‍රියාදාමයට නිතැතින් සහය වන නිසා මෙන්ම අනෙකුත් කාරණාවලදී අතිශය සාධාරණ වන, වෙනත් අල්ලස් දැඩිව පිළිකුල් කරන සමහර ආයතන ප්‍රධානීන් පවා ලිංගික අල්ලස් ඉදිරියේ තම ආත්මය පාවා දීමයි.

    කාලෝචිත වූත්, නමුත් තවත් නිශඵල වෑයමක් බවට පෙරවදන් ලැබිය හැකි ලිපියකි.

    ReplyDelete
  13. //දැන් ඒ ලෙස නියමාකාර අන්තංප්පුර නැතිවුවත් අන්තඃප්පර වලට මෙන් ගෑනු ගොඩගසා ඔහේ වේලෙන්නට දා තිබෙන රාජ්‍ය අංශයේ ආයතන බොහොමයක් ඇත.//සහතික ඇත්ත කොල්ලො මේක නම් අත්දුටු සත්‍යයකි!ජයලලිතා ජයරාම් තමුන්ගේ ගැජට්ටුව පාවිච්චි කරල තමිල්නාඩුවම තමුන්ගේ අතට ගත්ත නම් මෙහෙ අම්මණ්ඩිලට ඔය පුංචි කොම්පැනියක් සංස්ථාවක් තමුන්ගෙ අතට ගන්න බැරි මොකෝ.හැබැයි ඉතින් ජයලලිතලට වගේ ඔව්ව ලස්සනට ගොඩ දා ගන්න ගොඩ දෙනෙකුට ලැබෙන් නෑ.ලිංගික සුරාකෑමකට ලක්වෙලා අන්තිමට ඉන්ටනෙට් එකේ හෝම්මේඩ් පෝර්න් ක්ලිප් එකකුත් දාගෙන තමයි නවතින්නෙ.

    ReplyDelete
  14. /ජනප්‍රිය දේශපාලකයින් සිරගෙය විශ්වවිද්‍යාලයක් ලෙස කියා ඇති නිසා සිරගෙදරට ය්නනට ආස යැයි කියා තිබුනි. //

    හිරෙ යනවා නම් යන්න ඕනි ස්වීඩ්නේ
    http://blog.cakepoker.eu/swedish-poker-player-convicted-of-drug-crime/

    ලිංගික අල්ලස් දීම දෙපැත්තෙන්ම නවතින්න ඕනි කාරණාවක් , නමුත් එහෙම නතර වෙන එකක් නම් නෑ

    ReplyDelete
  15. ලිංගික අල්ලස් ඉල්ලීමටත් වඩා ඇත්තේ දීම කියලයි මට හිතෙන්නේ

    ReplyDelete
  16. පට්ට කතාව මචෝ මුල ඉඳල අගටම තියෙන්නේ අකුරක් නෑර ඇත්ත. මට කියපන් මොන පොන්..යද කිව්වේ හිරගෙදර විශ්වවිද්‍යයාලයක් කියලා. උන් වගේ හාල් පාරු නූගතුන්ටනම් එක එහෙම වෙන්න ඇති.

    ReplyDelete
  17. rawetana ekath thiyenawa, eth anith de nam thamange kamaththenmai
    oka karanne.. bos ekka yanne ai? eth eyama opis eke dora arinna inna
    kenawa ganan wath gannawada?
    ohoma samajeka katha karala wadak naha..
    wade waradi , 100% eke katha dekak naha..
    eth methana awula thiyenne ganunge..
    mokada ona tharam hoda ganu innawa
    ohoma dekadi " me miniho thamusege boss kama mta wadak naha"
    kiyala moonata kela gahala ena aya..
    anna ganu..
    eth thawa samaharu budiyala iwara wela
    ane ganu api asaraniyo kiyanawa galaweemata...
    ethakam galaweema newe ethana thiyenne..
    api pirimi kiyala apita maha loku
    iti gediyak karanna puluwan kiyala thama
    anthimata kiyanne..
    ehenam hama pirimiyama thamanta ona ona
    ganu kenk dakka gaman " hmmmmm danma enawa ma ekka "
    kiyala kiyaine...
    methana pirimi ekadipathya kiyala deyak naha..
    thiyenne sadacharaya gana prashnayak....
    off topic unath kiyanna hithuna...

    ReplyDelete
  18. මේ පුක නැති හුකන්නා පොරක් වෙන්න ගිහින් පොස්ට් එකෙන් පොස්ට් එකට අම්මගේ පුකට අරින කතා කීයක් නම් අහගන්නවද? අම්ම ගොනෙක් කියලා කොච්චරනම් අහගන්නවද? මූ ගොං කැරි වලින් හැදිච්ච එකෙක් කියලා කොච්චර අහගන්නවද?රැකව කාලකන්නි හුකන්නෙක්.මූ ගොඩේ ගතියයි නූගත් ගතියයි අතහරින්නේ නෑ.මූ ලිංගිකව දැඩි අසහනයෙන් ඉන්න පොරක්.බැඳපු ගෑණියෙක් පෙන්නනන් බැහැ.හුකන්නෝ අම්මටයි තාත්තටයි ගරුතවයක් තියනවානම් දවසට දහ පාරක් විතර එක එකෙට කියලා මේ බ්ලොග් එකේ අම්මට හුකව ගන්න එක නවත්තපන්.දවසකට බලපන් පෝස්ට් වල උඹේ අම්මව කී දෙනෙක් මතක් කරලද කියලා. ගොං හුකන්නෙක්.කී දෙනෙක් උඹේ අම්මගෙ කිම්බෙ මයිල් බාලා තියනවද .බලපන් පහලට ගිහින් කොමෙන්ට්ස් බලලා.අමිල චතුරංග පකයෝ උඹටයි කිව්වේ.

    ReplyDelete
  19. අහම්බෙන් මේ ලිපිය දැක්කේ. කතාවනම් ඇත්ත. නමුත් ලිංගික අල්ලස මොනම හෝ කාරණාවක් මත ඉල්ලා සිටින පුද්ගලයා නොව, ලිංගික අල්ලස කුමන හෝ හේතුවකට ලබා දෙන ගැහැණිය පිලිබදව දස වරක්වත් අප සිතිය යුතු වේ. මන්ද, ලාභයක් හෝ කුමන හේතුවක් මත තම ආත්මය විකිණීමට ඉදිරිපත් වන එම ගැහැණිය ඔබේ බිරිද වී නම්‍///? ඔබේ පෙම්වතිය නම්? නැගණිය නම්?

    ReplyDelete