Sunday, October 7, 2012

පාලින්දගේ ක්‍රිකට් බැට් එක (pali's Cricket bat 2)

ඕන්නං පලවෙනි කොටස වන
පාලින්දගේ බැට් එක (pali's Cricket bat) කියන එක කියවලා එන්නත් පුලුවනි..

ඒ සමඟම ලී කැබලි ඇදීමට පෙර සර්ට් එකක් දා ගැන්නට ගෙදර ආ පාලින්දට නංගී ගේ සද්දය ඇසුනි. “ ආ චූටි බබා චූ දාගෙන නේ..ඉන්න මං පැම්පස් එක මාරු කරන්න” කියා බෝනික්කාට පැම්ප්ස අන්දන්න හදනවා පෙනුනි..
මේ ඔය් බෝනික්කා චූදාන්නෙ නෑනෙ.. බොරු සෙල්ලං නොකර එනව අර ලී කෑලිටිකක් ගෙනත් දාන්න කුස්සිය පැත්තට.. බාප්ප කිව්වා නංගිටත් එන්න කියලා..
මම්...ඔවැයි ට නේ කියන්න ඇත්තෙ පොඩ්ඩක් ඉන්නවා..මං මේ බෝනික්කට පැම්පස් එක අන්දලා එන්නම්.. “

තනියම වැඩක් කරනවාට වඩා නංගී සමඟ රන්ඩු වෙවී වැඩක් කරන එක ලේසිය.. අම්මා ගේ අස් කරලා අතුගාන්න යැයි කිව් විට කොස්ස අරගෙන පාලින්ද අතුගාන්න යන මුත් නංගී අස්කරලා ඉවර නැත.. එතන වලිය..එහෙත් වලි මැද දෙන්නා අස්කර අතුගාගෙන ඉඳී.. සෙල්ලං කරන්න ගියත් එසේය. පාලින්දට ඕනා ඇත්තතම බත් උයන්නය. නංගීට ඕනා සෙල්ලං බත් එකක් උයන්නටය.. එහෙත් අයියාට සුලු තුවාලයක් වුවත් නංගි කලින්ම අඩයි.. ගොස් අම්මාට කේලම කිය්නනේ අයියා ලොකූ ඇස්සිඩන්ට් එකක් හිතාමතා කරගත්තා මෙනි..
කෙසේ වුවත් ලොකු මල්ලක් අර ගෙන දෙන්නා වත්තේ ලී ඉරන දිහාවට ගොස් මල්ලට ලීකෑලි හත අටක් දමා උස්සන්නට තැනු මුත් උස්සාගන්නට බැරි විය.. පුතා පොඩි කෑලි දෙක තුනක් බැගින් අරං යන්න...ඔයි ඔක්කොම එකපාර ගෙනියන්න බෑනෙ..ලි ඉරන මාමා කෙනෙක් උපදෙස් දුනි.. ඉන්පසු මල්ල පසෙකට දමා දෙන්නා තමුංට හැකි පමණ ලී කෑලි හත් අට වතාවක් ඇද්දේය.. 
 
අම්මා විසින් ලී ඉරන අයට තේවතුර ගෙනියන අතර..ආ පාලින්දත් වැඩ පටන් අරං තියෙන්නෙ..ඔය ලී කෑලි ඇද්දට කමක් නෑ ඕව කකුල උඩ දාගෙන කකුල තලා ගන්නව හෙම නෙමෙයි.. අම්මාට නිතරම සිතෙන්නේ මොක්ක හෝ පහත් වී පාලින්දගේ කකුල තලනවා ඇති යැයි කියලාය.. “ අම්මා හිතුවාද මං හිතලම කකුල උඩට ඕව අතෑරගනී කියලා? “ යැයි අසන්නට පාලින්දට සිතුන මුත් පාලින්ද කිසිත් නොකියා අම්මා දුන් තේවතුර කෝප්පය ලී ඉරන මාමලා මෙන් කොටන් උඩට වී බිව්වේය.. නංගී බිස්කට් ටෙකක් ගෙන එහි මැද ඇති ක්‍රීම් සූරා කයි..
මැට්ටි ඔය බිස්කට් එකෙ ලෙමන් සූරං කාල වැඩක්ය..මේන්න මෙහෙම කනවා..අර ටීවි එකේ පෙන්වන්නෙ කන විදිය.. ඒ විදියට තමයි කන්නෙ..
“හා එහෙනං ඔවැයි ටීවි එකේ විදියට කනවකො මට මෙහෙම හොඳයි..” නංගීද ලෙහෙසියෙන් දෙවනි වන්නියක් නොවේ..

ඒ උනාට මෙහෙම කනකොට තමයි රස දැනෙන්නෙ...
පාලින්දද පොඩි කාලයේ මීට අවුරුදු දෙකකට විතර පෙර ලෙමන් පෆ් කෑවේ කලින් ලෙමන් ටික හූරාගන කාලාය..එහෙත් ආච්චී සික් පෙරේතය වගේ කන හැටි..ලෙව කකා..මෙන්න මෙහෙම කනෝ කොල්ලෙක් වගේ..ගෑනු වගේ ලෙවකන්න නැතුව..
ඒ පාර පාලින්දද පිරිමි විදියට ලෙමන් පප් කන්නට පුරුදු වුනේය..
මුලින් බොහෝ වේගයෙන් ලී ඇද්ද මුත් දැන් පාලින්ද ඉතා සෙමෙනි වැඩ කරන්නේ.. නංගී අම්මා සමඟ තේ බාජන අරං ගිය පසු ආයෙත් එන පාටක් නැත..එහා ගෙදර කෙමන් වත් එන පාටක් නැත.. දැන්නං පාලින්දට එපා වෙලාය..
ටිකක් සිට කුස්සියේ මොනවාදෝ කපමින් සිටින අම්මා හමුවට ගොස්..අනේ අම්මෙ බැට්ටක කපල දෙන්නෙ නැද්ද? යැයි පාලින්ද අම්මාගෙන් ඇසීය..

මොන බැට්ටකක්ද මේ... මං මේ වැඩක් පේන්නැහැ? අනිත් එක කවුද කිව්වෙ මං බැට් කපනව කියලා..ඔන්න කැරට් වලිං වගේ නං පාලින්දට සුට්ටි සෙල්ලං බැට් එකක් මට කපන්න පුලුවං..

පාලින්ද :-
අම්මා එහෙනං නංගිට කැරට් බැට් එක කපලා දෙන්නකෝ..කාටවත් ඕනි නෑනෙ මට බැට්ටකක් කපල දෙන්න..මං හවස් වරුවෙම ලී ගොඩක් ඇද්ද.. අර බාප්පත් නැහැ.. එයැය්ට ඕනි ලී ටික අද්ද ගන්න.. මං බාස් මාමලාට කියල බලන්නම්..එන්නපා ඔහෙල මගේ බැට්ටක කැපුවම සෙල්ලං කරන්න..
“හූ හූ අපි නං එන්නෙ නැහැ ඔය සෙල්ලං වලට.”.යැයි කියන්නට කල්පිකාට සිතුන මුත් පුතන්ඩියාට දැන් හොදටම තරහා ගොස් ඇති බවත්...තනියම ලි කෑලි ඇද ඔහුට මහන් සී වී ඇති බවත් දැන කරබාගෙන උන්නාය..බාප්පා ලී අදින්ට කියා ඇත්තේ දරට ගත හැකි ලී කෑලි බෑලි ටිකකි.. මේ කොල්ලා ඒක කියන්නේ නිකං මහ ලී කඳන් කොල්ලාට කියා අද්දවා ගත්තා වැනියැයි සිතා කල්පිකා සිතින් සිනාසුනාය.. කොල්ලාට බැට් එකක් අරන් දෙන්නට සැමියාට කියන්නට ඕනා යැයි ඕ තොමෝ සිතට ගත්තාය..

පාලින්ද අම්මා සමඟ දබර කර යලිත් යන විට බාප්පා සිටියේය.. ඔහු බාප්පා දෙස හරියට බැලුවේ නැත. අහක බලාගෙන බාප්ෙප ලී ඉරලා ඉවරයි වගේ නේ.. යැයි ඇසුවේය.. එවිටය බාප්පාටද මතක් වූයේ පාලින්දගේ බැට්ටක.. හා හා පුතා මං දැං කියන්නං..
ඔන්න බාසුන්නැහැ මෙන්න මේ කොල්ලට ඔෙය පිට ලෑලි කෑල්ලක්ින් බැට් එකක් කපල දෙන්නෙකෝ.. වැඩියෙ ලොකුවට ඕනි නැහැ..මෙයාට උස්සන්න ඇහැක් වෙන්න තිබුනම ඇති.. යැයි පාලින්දව පෙන්වුයේය..
මොකෝ කොල්ල කිස් ගේල් වගේ හයේ ඒව ගහන්න පුරුදු වෙනවයි.. හැක හැක කියා කස්ටියම සිනාසී පිට ලෑල්ලක් තෝරා එය ගානට තනා බොහොම රලුවට බැට් එකක් හදා දුන්නේය.. වැලිකඩදාසියක් අල්ලලා ගන්න නැත්තං අත කැපේවි.. මේ මහ ඉරුං මැසින් වලිං වැඩිය ඔප කරන්න බැහැ.. ඔච්චර වගේ තමයි.. ටිකක් වඩු මඩුවට දීල ගා ගත්තනං හරි.. බැට් එකක්ම නොවූ මුත් ඒ හැඩයට තරමක් බර ලී පටියක් ඉරුම් කරුවන් විසින් පාලින්දට කපා දුන්නේය..
පාලින්ද බැට් එක කරතියං ගෙදර ආවේ ද්විත්ව ශතකයක් ගත් ක්‍රීඩකයෙක් ඉනිම අවසන ්නිසා සන්තෝෂයෙන් උද්දාමයෙන් ක්‍රිඩාගාරයට යනවා වැනි ආකාරයෙනි.. නංගී මොකද්ද පොතක වැඩක්ය.. මේ ඕක දාල මෙහෙ එනෝ මෙන්න බැට්ටක කපල තියෙන්නෙ.. නංගීද ජනේලයෙන් බලා බැට් එක ඈතින් දැක එය දැකගන්නට පැනගෙන පොතද නොවසා ආවාය..

ආ හරි සෝක් නේ.නංගී කීවාය..ගේ පිටුපස මඩුව අවුස්සා වැලිකඩදාසියෙකින් බැට් එකේ මිට පිරිමැද සුමුදු කරන්නට වූයේ අත කැපෙන තරම් තද කැපුම් වාසි පිත්තේ තිබුන නිසාය.. ඒ මඳ වෙලාවකින් අල්ලපු ගෙදර කෙමන් ඔලුව දානවා පෙනුනි.. කෙමන්ටද බැට්ටක ඔසවා පාලින්ද විසින් එය පෙන්වන ලදී.. කෙමන්ලයි අක්කාද අද සිටින වග පෙනේ..අක්කා අට වසෙරේ වුනාට ඇය තරමක් විශාලය.. අක්කාද කෙමෙන්ද ක්‍රිකට් ගසන්නට අඩගසා ගැන්මට පාලින්ද සමත් විය.. පාලින්ද නංගී කෙමන්ලාගේ අක්කා සහ කෙමන් යනුවෙන් දැන් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ හතර දෙනෙකි..

කෙමන් යාර දහයක් පාලහක් ඈත සිට දුවවිත් කෙලමෝල් සයි බෝලයක් කෙලියි.. සයිෙ වුනාට නංගී සිටින නිසා බෝල සෙමෙන් දැමිය යුතුයැයි පාලින්ද විසින් නීතියක් ගෙන ආවේ නංගීගේ යහපත තකාම නොවේ.. පාලින්දට පහර එල්ල කිරීමට පහසු වෙන පිණිසය... කිපර නංගිය.. මිදුලේ ගේ පැත්තේ නොව අනික් පැත්තේ මල් වැට හරියේ කෙමන්ලාගේ අක්කාය.. කෙමන්ලාගේ අක්කා දැන් ටිකක් ලස්සන වේගෙන වගේ එනවා වගේ යැයි පාලින්දට සිතුනත්...කෙල්ලො දිහා කෙලින් බැලුවම උන් අපිට නෝන්ඩි කරාවි යන සිතුවිල්ලත්.. කුමක් හෝ යටිසිතේ ඇත් ලැජ්ජා සහගත බවකුත් නිසා පාලින්ද ඉස්කෝලෙ පන්තියේ කෙල්ලන් දෙස බලා උන්ට තඩි බාන්න්ටද දුවන මුත් කෙමන් ලාගේ අක්කා දෙස කෙලින් බලන්නට මැලි වේ.. එහෙත් හොරාට ඇයට නෙපෙනෙන්නට පාලින්ද කෙමන්ලාගේ අක්කා දෙස බලයි..
හපෝ කෙල්ලො නං එපා..උන් එක්ක සෙල්ලං කරන්න බැහැ.. යැයි පන්තියේ යාලුවන් කියයි.. පාලින්දද ඒවාට හුං හුං යැයි හූමිටි තබන මුත් ලොකු අය්යලා සමඟ සෙල්ලම යවන්න අම්මාවත් ආච්චිවත් අකමැති නොවෙන්නේ ලොකු අයියලා මැච් ගහන අතර ගන්ජා ගහනවා සිගරට් බොනවා යැයි ආරංචි ඇති නිසාය.. තාත්තා ද සමහර දිනෙක දවාලියෙන් ආ දිනෙක සෙල්ලම ්කිරීමට යන මුත් කිසිවිට පාලින්ද රැගෙන නොයයි..

පාලින්දලාට සෙල්ලං කරන්නට වෙන්නේ ඉස්කෝලේදි පමණි නමුත් එයද හරි අමාරුය.. ලොකු අයියලා හොද තැන් අල්ලගත් පසු යන්තං පොඩි ඉඩක් පමනි පාලින්දලාට ලැබෙන්නේ.. එහිදී සමහර විටෙක බොහෝ දෙනෙක් එකවර සෙල්ලම් කරන නිසා තමුංගේ බෝලය කුමක්දැයි හොදින් බලාගෙන සිටියොත් මිසක අදුනාගන්නට ද බැරිය..

කෙල්ලො එක්ක සෙල්ලං කරන එක මදි පුංචි කමක් යැයි සිතන නිසා පාලින්ද කෙමන්ගේ අක්කා දෙස නොබලනවා වෙන්නට ඇත.. එක බෝලයක් උඩ පන්දුවක් ලෙස කෙමන්ලාගේ අක්කාට ගියේය.. උඩසිට එන කුරුල්ලකු අල්ලන්නට අත් දෙක තනාගන්නවා වැනිව අත් දෙක සකස් කරගෙන කට ඇරගෙන උඩ බලාගෙන සිටි කෙමන්ලාෙග් අක්කාගේ අත් අස්සට බෝලය වැටී නැවතත් ඉල්පි බෝලය බිම වැටුනේය..

සැක් කැච් එක.. මිස් කලානෙ..මැට්ටි..කෙමන් අක්කාට බනින්න විය.. හරි මහ ලොකු කෙරුමනේ ඔයා.. කැච් එක එනකොට මගේ සෙරප්පු පැටලුනා.. අනිත් එක බෝලෙ ගොඩක් උඩ ඉදලානේ ආවෙ..උඩබලාගෙන ඉදලා බෙල්ලත් රිදුනා.. සෙල්ලමට අලුත් කෙමන් ලාගේ අක්කා කැච් එක මිස්කර එයට මහ විකාර හේතු බූත දක්වන බැව් පාලින්දට සිතුනේය.. කෙමන් ලාගේ අක්කා එය කියා පාලින්ද දෙස බලා මඳක් සිනාසෙන්නට විය..
එයින් බියපත් පාලින්ද නංගී දෙස බලා කීපර් වුනාම පාත් වෙලා ඉන්න ඕනි.. කෙහෙල් පැලේ වගේ ඔහොම ඉදල කීප් කරන්න පුලුවනෑ...යැයි නංගීට දෙස් තිව්වේය..

පිත්ත අල්ලන විට පිත්ත සැහැල්ලුවෙන් අල්ලන්නට අවශ්‍ය වෙනවා..මං ළඟට එන සමහර ආධුනික ක්‍රීඩකයො පිත්ත බොහොම තදින් අල්ලනවා මුල් දවස්වල..එහෙම තදින් ඇල්ලුවාම හරියට පිත්ත හසුරුවන්න බෑ.. අනික නියම ආකාරයට ඇඟිලි වලින් පිත්ත ග්‍රහනය කරගන්න ඕනි.. නැත්නම් පිත්ත අපිට අවශ්‍ය විදියට හසුරවගන්න බැරි වෙනවා..”

ටී වී එකේ ගිය ක්‍රිකට් පාඩමක් පාලින්දට මතක් විය.. එහි දී කිව් ආකාරයට පිත්ත සැහැල්ලුවෙන් අල්ලාගෙන දැන් පාලින්ද කෙමන්ට මුහුන දෙයි.. පන්දුවක් බිම පතිත වී විකට්ටුවෙන් එලියට ඇද ීයන අතර හොකී තරඟයක මෙන් පන්දුව යන දෙසට පියමන් කරන ලද පාලින්ද වැරෙන් පහරක් එල්ල කලේ තමා ක්‍රිස් ගේල් මෙන් පෙනෙනු ඇතැයි සිතාය.. අහෝ ඛේදයකි.. සැහැල්ලුවේන අල්ලා සිටි පිත්ත පාලින්ද ගේ අතින් ගිලිහුනි..අලුත් පිත්ත රළු නිසා හරියට අතට අසු නොවීම සමහර විට පාලින්දට පිත්ත ගිලිහීමට හේතු වන්නට ඇත.. දැන් පන්දුව එක් දෙසකත් පිත්ත වෙනත් දෙසකත් පාවේ.. ගුවනේ පාවී ගිය පිත්ත ගේ ඉදිරිපිටම සවිකර තිබු තැටි ඇන්ටනාවේ කැබැල්ලක වැදී ඩොග් ගා පිත්ත වහලය මතට වැටුනි.. වැදුන පාර කුස්සියේ සිටින අම්මාටවත්.. වත්ත පහල සිටි ආච්චිටවත්.. ආච්චි සිටින අසල සිට මොනවදෝ පාත්තියක් සකස් කරන සීයටවත් පෙනුනේ නැත.
 පිත්ත වහලය උඩට තදින් නොවැදී බේරුනේ තැටි ඇන්ටනාව නිසාය..නමුත් ඇන්ටනාවේ වැදුන පිත්ත දැන් වහල උඩය.. ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සිව්දෙනාම පිත්ත යන අන්තයත් එය තැටි අන්ටනාවේ වැදුන ආකාරයත් තැටි අන්ටනාවේ වැදුනු බැට් එක යලිත් වහල උඩ පතිත වෙන ආකාරයත් බලා සිටියේ දෙමල චිත්‍රපටියක නැවුං පිහි වලිං යන ස්ලෝමෝෂන් වලියක් බලන ආකාරයටය..
ඇන්ටනාව කැඩුනේ නැති වුනත් එයට කුමක් වීදෝ හෝයි පාලින්ද තැති ගන්නට විය.. වෙනදා මෙවැන් දෙයක් වුන සැනින් අම්මාට බොරු කියන නංගීද මෙහිදි මොහොතක් ගල් ගැසී බලා සිටියේ එය බරපතල වැඩක් නිසා අම්මාට කීමෙන් කීපර් සිටි තමන්ද සෙල්ලම් කලා යැයි ගුටිකන්නට වේයැයි බියෙන් සහ වුන දේ ගැන දැඩිලෙස කම්පනයට පත්වීමෙනි..
අපි මොකද කරන්නේ.. කෙමන් අසන්නට විය.. ඔක්කොටම කලිං බැට් එක අරං ඉන්න එපැයි.. පාලින්දට ඇන්ටනාවට වුන සන්තෑසිය හොඳින් මීටර් වුනත් බැට් එක ඔතන තිබෙනවා තාත්තාට අසු වුනෝතින් බැට් එක ආයෙ ගන්නවා බොරු යැයි සිතුනේය. වෙනදා සෙල්ලම් කරන විට ප්ලාස්ටික්් බෝලය වහලට ගිය පසු ගන්නේ කෙමන්ලාගේ ගෙදර ඉනිමග පාවිච්චි කරමිනි...

කෙමන් ගෙදර ගොස් ටෙනිස් බෝලය වහල උඩ රැදුනා යැයි බොරුවක් කියා කෙමන්ලාගේ අම්මාගෙන් ඇලුමිනියම් ඉනිමඟ ඉල්ලාගෙන ආවේය.. එය කෙමන් විසින් අල්ලාගෙන සිටිද්දී පාලින්ද විසින් ඉනිමගේ නැග පරෙස්සමින් පිත්ත ගත්තේ එදාම හදවා ගත්ත පිත්ත නැතිවේයැයි බියෙනි..
මෙතනදී ඇන්ටනාවට මොකක් හෝ වී ඇත්නම් එයට අනිවාර්යෙන්ම බැනුම් අසන්නට වෙන බවත් මෙය ආරන්චි වුවොත් තමුන් හදවා ගත් බැට් එකද නැතිවෙනවා ඇතැයි පාලින්ද දුක් විය..
අපේ ගෙදර ඇන්ටනාව පොල් ගෙඩියක් වැටිලා දැන් මාස ගානකට කලිං කැඩුනෙ නේ මල්ලි... පොල්කඩනෙ කොට අත්ත දිගේ පාවෙලා ඇවිත් පොල්ගෙඩියක් ඇන්ටනාව උඩට වැටුනා නේ .. කෙමන් ගේ අක්කා කියවන්නට විය..
පාලින්දට ඝන දෙවි නුවන පහල වූයේ කෙමන් ලාගේ අක්කාගේ අදහස නිසාය.. නංගි ඔවැයි දුවල ගිහං වත්ත පහල උල ගාවින් සෙල්ලං බත් උයන්න වගේ පෙන්නල අම්මට පේන් නැති වෙන්න පොල් ගෙඩියක් අරං එනවා..

අයියා මේ වැනි වෙලාවල දරුණු වී පෙරලා පහර දිය හැකි බැවිනුත්..එය ලේසි ක්‍රියාවක් වු බැවිනුත් නංගීගොස් පොල් උල ගාවින් පොල් ගෙඩියක් ගෙනත් අයියාට දුන්නේය.. ඉනිමගේ යලිත් නැගුන පාලින්ද පොල් ගෙඩිය තැටි ඇන්ටනාව සවිකර ඇති තැනින් තැබුවේ වැහි පීල්ලට ආසන්නවය. එසෙ ්තබා හෙමීට බැස.. කෙමන් දෙස බලා කොහෙම ද මගේ මොලේ යැයි කීවේය..
ඉතිං පාලින්ද මල්ලි පොල්ගෙඩියක් ඔය ඇන්ටනාව උඩට වැටුනනං පොල්ගෙඩිය වැටිල උලු බිදෙන්න එපාය... ඔයාගෙ ්බැට්එක බර නැති නිසා මොකුත් වුනේ නැ..
ඒ උනාට පොල්ගෙඩිය මෙතන තිබුනම කවුරුත් හිතාවි නේ පොල්ගෙඩිය නිසා ඇන්ටනාව කැඩු නා කියලා... නංගි ඔවැයි හෙම අම්මට කියනවා නෙමෙයි හරිය.. පාලින්ද අයියා ඇඟිල්ල උරුක් කොට නංගී බිය ගැන්වුවාය..

.....................
ඉන් පසු කෙමන් සහ අක්කා ඔවුන්ගේ ඉනිමඟත් රැගෙන ගෙදර ගිය අතර වෙනදාටත් කලිං සෙල්ලම් නවත්වා හොඳ ලමයි සේ ඇඟපත සෝදා පාලින්දත් නංගීත් පොත් බලන්නට වැටුනේය.. වෙනදා තව ටිකක් රෑ වෙලා තාත්තා ආ පසු තාත්තාට පේන්නට ගනන් හදන්නට ගෙදර වැඩ කරන්නට කලබල වෙන පාලින්ද අද දවාලියෙන් වැඩට බැස්සේය.. අමාරුවෙන් සිත ගන්න පොතට යවා ගනන් ටික හදා පාඩම් කරන බව කාටවත් නොපෙනන වා යැයි සිතා සාලයට ගොස් සිංහල පොත කියවන්න පටන් ගත්තේ සෙමෙනි..

මොකෝ මේ අද පුතන්ඩිය කවදාවත් නැතුව දවාලියෙන් පොත් කියවන්නෙ..විබාගෙවත් ලංවෙලාද නැත්තං අද මොකක් හරි රංඩුවක් වත් වෙලාද නංගි එක්ක..? ඒ සීයාය...

මේ සීය ටත් ඕනි නැති දෙයක් නෑ..එයැයිගේ පොල්පිති බැට්ටක ගත්තෙ නැති හින්ද ඔය එක එක කතා කියන්න එනව ඇති.. ගනන් ගනන් හොද නැහැ වැඩිය.. පාලින්ද සිතන්නට විය.. ඔහේ සෙමෙන් සිංහල පොත කියවාගෙන යන්නටද විය..
අම්මා ටික වේලාවකින් පැමිණ ටීවී එක දැම්ම මුත් කිසිදු පස්නයක් වී නැත.. හොඳින් වැඩ කරයි.. සීයාගේ චැනල් එකේ පොර්තිද හොදට පෙනුනේය.. තාත්තා රෑ වී ඇවිත් අනෙක් චැනල්ද කිසි කරදරයක් නැතුව බැලුවේය.. බැට් එක වැදුනාට ඇන්ටනාවට මොකක්වත් වෙලා නැතැයි පාලින්ද හිතන්නට විය.. එහෙත් එය කාරුහරි දැක්කානම් අනිවාර්යෙන්ම ගුටිකන්නට සිදු වෙන බව පාලින්දට සිතුනි..
ආච්චී අතු වියන තැනට ගිය පාලින්ද..තේවතුර ඕනෑද කියා අසා..සේප් කරගෙ ටිකක් ඒවා මේවා කතා කොට..ආච්චියෙ අපේ වහලෙට ඊයෙ පොල්ගෙඩියක් වැටිල තිබුනා...ගහ ඈතින් තිබුනාට අතු දිගේ පොල්ගෙඩි පාවෙලා ඇවිත් වැටිලා වෙන්න ඇති.. ඇන්ටනාව ගාවටමය් වැටිල තිබුනෙ.. ඒත් ඇන්ටනාවට මොකුත්ම වෙලා නෑනෙ..

හෑ බොල කොල්ලො පොල් ගහ තියෙන්නෙ කොහේද ඇන්ටනාව තියෙන්නෙ කොහේද? කොහොමද බං යාර සීයක් හමාරක් ඇතින් තියෙන පොල්ගහේ ගෙඩි ඇන්ටනාව ගාවට වැටෙන්නෙ? මං මෙච්චර කල් මෙහෙ හිටිය එක උලුකැටයත් බිදිල නෑනෙ වහලෙ පොල් වැටිල..

ඒකතමයි ආච්චි..
අපේ විජ්ජාව මිස් කිව්වෙ ඇපල් ගෙඩියක් බිම වැටුන නිසා ගුරුත්වාකර්සනේ හොයාගත්තලු නිවුට්න කියල කෙනෙක්... සමහර විට පොල්ගෙඩිය වැරදි අතට වැටිල තියෙන්නෙ ඒකෙ පස්නයක්ද දන් නෑ..
පාලින්ද ආච්චි නොදන්නා දෙයක් ආච්චිට කියා ආච්චි මෝරා කරන්ට හැදුවේය...

අනේ මන්ද මටනං තේරෙන් නැහැ බං ඕවා..කොහොම හරි බොගෙ බැට්ටක කැපුන නේ ඊයෙ.. උඹ තමයි දවසකටවත් මිනිහ... වැඩේ කොරෝගත්ත නේ කොහොම හරි...අඩල...

ආච්චි කියන්නට විය.. 
 
  නිමි..

5 comments:

  1. අම්මෝ මේකෙ දිග

    ReplyDelete
    Replies
    1. මේ සම්පුර්ණ කතාවම වර්ඩ් පිටු 10ක් වගේ තමයි තියෙන්නෙ....
      මේක මුද්‍රිත මාධ්‍යයක පල කිරීම සඳහා විශේෂයෙන් ලියන ලද එකක්....

      මුද්‍රිත පිටු කියවන එක වෙබ් පිටු කියවන එක තරම්ම අමාරු නෑ...

      Delete
  2. විශිෂ්ට නිර්මාණයක්.කියවනකොට කතාවේ සමහර තැන් මැවිලා පෙනුන.

    ReplyDelete
  3. පාලිංද තමා පාලිංද...
    අනේ ඉතිං අපිත් නයි ඇරලා තීනෝනේ ඔය වගේ සීං වලට..

    ReplyDelete
  4. උබ හරි බොසා.. මේ රටේ වෙන රෙද්දවල් වලට කෑ ගහල වැඩක් නෑ..එව ගැන ලියල ඇති සෙතකුත් නෑ..වීරයො මැරිල..පුස්සො ඉතුරු වෙලා..බයිලයක් ගහල ආතල් එකක් ගන්නව මිසක අපෙන් වෙන වැඩක් නෑ..

    ReplyDelete