Friday, November 30, 2012

වාහන සුමටනය (sexy vehicle)


පලමුව බොනට් එක අතගා බලා එය ඉඹගෙන ඉඹගෙන යන්නට විය...ලේලන්ඩ් බසයක හෙඩ් ලයිට්ටු වැනි ලයිට් දෙක දැන් ඔහු මතුපිටින් අල්වා හමාරය.. ඉන් පසු රේඩියේටරය ඇති හරිය තදින් තොල් දමා උරන ලදී.. රේඩියටර මූඩියේ කට බොහෝවෙලා සැරිසරන්නට විය.. පරණ මොඩල් හෙඩ් ලයිට්දෙක දැඩිව හසුවුයේ පසුවය..

හෙඩ් ලයිට් දෙක දැන් අතගායි..තව ස්වල්ප වේලාවකින් ඔහු හෙඩ් ලයිට් එකේ කුඩා බල්බය අල්වා එයද පිරිමදින්නට විය.වාහනය අහ් ගෑවේ නැත්නම් එය අඩුවක් විය හැකි නිසා එය අහ් ගායි. නමුත් එය පලමු දින පිරිමදින විට ඉබේ ගෑවුන අහ් එකෙන් දැන් බොහෝ දුරය. රියදුරා දැන් දැහෙමෙන් සෙමෙන් විනීතව හැසිරුන වෙලාව හමාරය..වීදුරු එකිනෙක විවර කරන්නට වෙයි.. අහෝ වීදුරු විවර කලාට කාර් එකට කිනම් සැපයක්ද..නමුත් එය එසේමැ නැත.. ඔහුගේ හදිස්සියත් හතියත් වාහනයට ගේන්නේ කෝල ගතියකි..

පරණ උනත් වාහනයක් ලැබුනාම මිනිහාට එන සතුට... එම සතුට වාහනයටද සතුටකි.. වීදුරු දොරවල් විවර කරමින් දැන් යන්නේ ඩිකිය දෙසයැ.. මූ ගැරිජ් බාසෙක්ද නැත්තං රහස් තැන් සොයන රහස් පොලිසියේද? පස්න වැඩක් නැත දැන් තින්ත තට්ටු කීපයකින්ද මනා කොට වූ තහඩුයෙන්ද වූ ඩිකිය රිදේදෝ බියෙන් පිරිමදී.. ඩිකියටද එය දැනී වාහනයද දැන් සෙලවෙන්නට පටන් ගනී.. වාහනය පැද්දීම පටන් ගෙන ඇත..දැන් පදම් වී ඇති සෙයකි..

තවද ඒ වාහනයේ වරද සොයාගත නොහැකි වූ කලී ඉදිරිපස බොනට් සියල්ල හැරපියා එන්ජිම වෙත ලගා වන්නට විය.. පිටින් එන ලද ඔයිල් තට්ටු කීපයකින් එන්ජින් පිස්ටන් වැසී ගොසිනි...සීරුවෙන් ඒ අසල ඇති ඇණ කරකවන්ට විය..කුඩා මෑ මල් හැඩැති පින් එක මඳක් සොලවන්ට පටන් ගත් වනම වාහනය බීගත් ලෙස වෙවුලන්ට වූයෙන් එතැනම දෝසයැ විය හැකියැයි බාස් තුමූ සිතට ගත්තේයැ..

අහෝ දෝසයක මහත මෑ මල් හැඩැති පින් එක තෙරපන්ට තෙරපන්ට ස්නේහක ලිහිසි කාරක වෑහෙයි.. දැන් ලයිට් වල දෝස බැලීමත් රේඩියටර මූඩිය සෙවීමත් හමාරය.. දැන් වරද ඇති තැන ප්‍රත්‍යක්ෂයෙන්ම බාස් තුමා දනී..

බාස් තුමා වරද ඇති තැන දනිතත් අනික් තැන්ද සනසනු වස් සයිලන්සර වෑල් එකේද ඇඟිලි රුවන්නට ගියේය.. පරණ වුව්ත් ආසියාතික මොඩලයක් වූ හෙයින් සයිලන්සර පෙදෙසට ඇගිලි යොමන විට වචන කිහිපයක් වැනි ශබ්ධයෙන් වාහනය අකමැත්තක් පෙන්වූයේයැ..
පිස්ටන් දැන් පදම් වී හමාරය...අඩුව එය රුවා දැන් චෙක් කිරිල්ල පටන් ගෙන ඇත... දැන් පැද්දෙයි...ආහ් හාහ් ඌහ් නදින් වාහනය පැද්දෙයි..
හෝ ඕන්න පිස්ටනයට නුපුරුදු වෙනත් ලිහිසි කාරකයක්ද ආවේයැ.. එව්ට වාහනය බුග් ගා නැවතුනි...නැත සොරි සොරි..වාහනය නොව බාස් තුමා නැවතුනි..වාහන එන්ජිම නිවැරදිව ටියුන් වන්නට තව වේලා ඇතිමුත් වාහනයද ටියුන් වූ සෙයක් පෙන්වා ආහ් ගා නැවතිනි..

මහා වික්‍රමයක් කරන ලද බාස් කෙනෙකු මෙන් දැන් බාස් තුමා..වාහනයෙන් රිදුනද ගොඩක් කියා අසයි.. වාහනය කිනම් කතාවක්ද..රිදුන සෙයක් පේනවාම සිටියේ තවත් අත පත ගා දොදොල් කරගන්නට අවැසි නැතියැයි වාහනයට සිතෙන්නට ඇති..

බාස්ලා එක්කෙනක් සිටීම සාමාන්‍ය ක්‍රමය වුවත් බොහෝ වාහන බාස්ලා දෙතුන් දෙනෙක් එලවනවාය.. බාස්ලා අතර වාහන වලට වලිද යනවාය.. වාහන මුදල් දී අතපත ගාන බාස්ලාට පිස්ටන් ටියුන් කර හමා ර වූ පසු අහෝ මුදල් කියාද සිතනවාය..

සමහර වාහන ගනන්ය..වාහන පිටුවක් දෙකක් පත්තර වලද ඇත..ගොවිගම රජයේ රැකියාවැති 43ශ්‍රී නමුත් 23 පෙනුමැති වාහනයට ඉංජිනේරු වෛද්‍ය හෝ රජයේ රැකියා ඇති හැදියාව ඇති බාස් පුතෙකු දෙමව්පියන් සොයයි.. දායාද සහිතයි...ඒ වාහන දැන්වීමකි..හැදියාව ඇති පුතෙක් වැරදිලා හරි අයියෝ මට බැහැ මේ ජරාව අතගාන්න යැයි කීවොත් නම් හමාරය.. එවිට හැදියාව දෙපිටින් යයි...

වාහන ටික ටික පරණ වන්නට වන්නට වාහන සමග දෙන කුට්ටියද ලොකුවෙයි...23 ශ්‍රී වාහනයට අක්කර තුන නම් එය 43 වනවිට අක්කර තුනයි කාර් එකයි ගෙදරයි රත්තරං බඩුයි ආදි ලෙස තවත් දේවල් ලැබේ...

එවන් වාහන පලමු දින පාවිච්චි කරන්නට පෙර දුම් අල්ලනවා යැයි මා අසා තිබේ..පැණි හද බලන්නට ගොස්..අතින් ලක්ෂ පහයි...ලක්ෂ හතලිහක් වටින වාහනෙයි...ලක්ෂ පනහක් වටින ගේයි ඉඩමයි...රත්තරං බඩු තව ලක්ෂ හය හතක..හප්පේ මේ කෝටියක් වටින පිස්ටන් එකක් නොවැ.. එවන් විටක භාවිතයට පෙර පිස්ටන් පිසදා දුම්මල අල්ලා ගැනීම යුතුවෙයි...

කුඩා කොල්ලන්ට වාහන එලවන්ට ලැබෙන්නේ අඩුවෙනි..ඔවුන් අනුන් වාහන එලවන සැටි බලා සැනසී අතින් පිස්ටන් කරකවා ගනිති....අහෝ මුදල්...
බොහෝ වාහනවල පිස්ටන් අල්ලන්නට පෙර සලු විය යුතුයැ...සලු වීම නම් අපි ඒක කොරන්න ඉස්සල්ලා මොකක් හෝ ඇපයක් තියනවා වගේ දෙයකි...එවන් වාහන වල හෙඩ් ලයිට් ඩිකි වසර ගනන් අතපත ගාමින් එන්ජිමට කෙමෙන් කෙමෙන් කිස්ටු කිරීමට තරුණ බාස්වරුන්ට සිදුවෙයි..

සමහරු අනේ සයිලන්සරේ හරි ටියුන් කරමු කියලා සයිලන්සර ටියුන ්කරති...
සෑම පිරිමයෙක්ම කොල්ලා කාලේ වාහන එලවන්නට ආසාය..නමුත් වාහන නම් අනේ මට බැහැ ..එලවෙන්න...මං හරි ලාමකයි වගේ ඇඩ් දෙති..නමුත් නිවැරදිව සුමටනය කරගත් වාහනයක්...සද්ද දමන අපූරුව නරක අමරිකා වැනි අඩවි වල අපූරුවට ඇත.

Monday, November 26, 2012

ගණීකා උපකරණයද ගණීකාවද නීතිගත කල යුත්තේ


ගණිකාවො විතරක් ඉන්නෙ ඇයි කෝ ගණකයෝ.

ඇත්තෙන්ම ගණිකාව කියලා අපි හඳුන්වන්නෙ ලිංගිකමය සේවා සපයන පිරිසක්..වෙනත් සමාජ වල ගණකයා හෙම නැත්නම් පිරිමි ලිංගික ශ්‍රමිකයින් සිටියත් අපේ රට තුල එය සුලභ නැහැ. මේකට හේතුව තමයි ආසියානු සමාජය තුල කාන්තාවට ඇති නෙගටිව් භූමිකාව. පිරිමියා අපි ධන ආරෝපිත වස්තුවක් ලෙස ගත්තෝත කාන්තාව අයිති වෙන්නෙ සෘණ ආරෝපිත වස්තුවක් විදියට. ආසියානු ක්‍රමය තුල පිරිමියාට සේවා සපයන ගැහැනිය තමයි බොහෝවිට තත්‍ය ලෝකයේ පරමාදර්ශී යුවතිය වෙන්නෙ. ඒ කිව්වෙ පිරිමියගේ අවශ්‍යතාවයන් සපුරාලන පිරිමියා පතන ලෙස ජීවත් වෙන යම් පරාණයක් වෙත් නම් ඇය කාන්තාවක් ලෙස දකින්නට අපි කැමතියි. එසේ නොමැතිව පිරිමියාට පහරදෙන පිරිමියා සමග එකට එක කියන පිරිමියා සමග උරෙනුර ගැටී වැඩකරන ගැහැනියක් අපි බලාපොරොත්තු වෙන්නෙ නැහැ..

අපේ ආසියානු සමාජ පසුබිම තුලම ගැහැනියගේ සිහින තීරණය කිරීම පවා කලකදී හිමි වුනේ පිරිමියාට හෝ පිරිමි අනුගත සමාජයට.. ඉතිං මේ ක්‍රමය තුල වඩා පීඩිත ලෙස කාන්තාව දැක්වෙනවා. නමුත් කාන්තාවගේ සතුට වන්නේ මේ පීඩාව තුලින් සතුටුවීම තමයි. බොහෝ කාන්තාවන් පලමු වාරයේදී කිසියම් පුරුෂයකු සමග කිනම් හෝ ලිංගික සම්බන්ධතාවයක් දක්වනවානම් කිසිවිටක සම්පූර්ණයෙන් පිරිමියාට එකඟ වන්නේ නැහැ. ඇය බැහැ අයියෝ මොකද මේ ආදි වශයෙන් මැසිවිලි නැගීමක් සිදුකරනවා. නමුත් එවන් විටක අනේ ඔයාට බෑද කියලා නිකං ඉන්න පිරිමියා නෙමෙයි කාන්තාවගේ පැතුම වෙන්නෙ. කාන්තාව සිතන්නෙ තමුන් සුවල්ප වශයෙන් බාධා කලත් ඒක මැඩගෙන තමුංව පීඩාවට පත්කරලා සතුටු කරන පිරිමියාව තමයි බොහෝවිට. ඉතිං මේ සමාජය තුල පීඩාවට පත්වෙන කාන්ඩයක් ලෙස කාන්තාවනුත් පීඩා කරන පිරිස ලෙස පිරිමිනුත් පත්වෙලා තියෙනවා ඉබේටම.. ඒ නිසා පිරිමි ගණිකාවන් නොමැති අතර මෙහි වඩා ප්‍රසිද්ධ වන්නේ ගැහැනු ගණීකාවන්..ඒ වගේම දිනකට එක වතාවක් සීමිත පුරුෂයන් ගණනකට පමණක් සේවා ලබාදෙන ඉතාම පහසු රැකියාවක් වන ගණිකා වෘත්තිය අප සමාජය තුල ඉතා අපහසු පීඩාකාරී රැකියාවක් ලෙස සම්මතයෙන්ම හඳුනා ගෙන ඉවරයි..

අනුරාධපුරයේ ඈත ගම ගෙවිලයක් වතුර ගේන්නට කල ගෙඩිය උකුල උඩ තියන් කිලෝමීටර ගනන් යනවාට වඩා බොහොම ලේසියෙන් ඒ අනුරාධපුරයේ ටවුමේ ගාල්වල සිටින කෙල්ලන් සිය උකුල පිරිමින්ට සොලවා මුදල් උපයනවා. නමුත් වඩා පීඩාවට පත් පිරිස ලෙස මේ සමාජය දකින්නේ අර සෙක්ස් රෙන්ට් එකට දීලා සල්ලි උපයන අය විතරයි...ඊට අමතරව සමාජය පුරා ස්ත්‍රි පුරුෂ ළමා මහලු බේදයක් නොමැතිව උඩුදුවන පීඩාවට පත් අයගේ ප්‍රශ්ණ ගැන වැඩිපුර විචාරයක් නැහැ..

දරිද්‍රතාවය සහ වෙනත් කතාන්දර..

සැබැවින්ම දරිද්‍රතාවය විසින් වැරදිකරුව්න බිහි කරනවා. කසිප්පු කරුවන්, ගංජා බිස්නස් කරුවන් අපරාධකරුවන් සහ බොහෝවිට ගණිකාවන් බිහි වන්නේත් මේ දුප්පත් සමාජය තුලම තමයි. දුප්පත් මනුෂ්‍යයින්ට තමුන් දුප්පත් වෙමින් යනවිට එක්තරා සීමාවක්ම එනවා..අනේ කෙහෙම්මල් සදාචාරෙට වැඩිය හොදයි කසිප්පු ටිකක් විකුනලා ජීවත් වෙන එක..ලබ්බෙ පතිවතට වැඩිය හොදයි මේන් මේක දීල කීයක් හරි ගන්න එක කියලා ඒ මිනිසුන්ට වැටහෙනවා. ඒ වෙලාවකදි හෝ වෙනත් බාහිර පෙළඹවීමකින් මේ අය විවිධ සමාජ අසම්මත ක්‍රියා වලට යොමුවෙනවා. ඒ වගේම ඒ අසම්මත දේවල් ගැන අපි දකින බාහිර සමාජය දකින බර පතල ස්වභාවය ඒ සමාජය තුල නැහැ. උදාහරණ ලෙස ක්‍රීඩා කරන විට අමු තිත්ත කුනුහරුපයෙන් ළමුන් කතාකරනවා දකින එක හරිම අප්‍රසන්න දෙයක්..නමුත් මුුඩුක්කුවක ටිකක් ඈත ගමක ළමුන් සෙල්ලම් කරන විට පොඩි වැරදීමක් උනත් ඔවුන් යොදාගන්නෙ මවට බනින තරම් කුනුහරුප වචන. ඒ වගේ තමයි අනෙක් දේවලුත්..ඒ කිව්වෙ අපිට කසිප්පු පෙරන එක මහා ලොකූ දෙයක් වුනාට..ඒක කරන්න හදනකොට මේව බීල මිනිස්සු මැරෙයිද කියලා හිතුනාට ඒ අයට ඒක තවදුරටත් ප්‍රශ්ණයක් නෙමෙයි..
අපරාධකාරයෙක් මාධ්‍යයෙන් හෝ වෙනත් සංවිධානවලි්න ඉන්ටවිව් කලොත් ඇත්තෙන්ම එයාට කතාවක් තියෙනවා. කතාවක් නැත්නම් යාලුවෙක්ගෙන් හෝ පත්තරෙන් හෝ ටීවි එකේ තමුං දැකපු කතාවක් තමුංට ආදේශ කරගෙන කියනවා ඇති. කෙසේ වුවත් ේම කතා බොහොමයක් දුප්පත් කම එක්ක සම්බන්ධයක් පවතිනවා..ඒ වගේම අපරාධ ගැන ඇති හිතේ බය අඩුකම ඒක සමාජ විරෝධි දෙයක් කියන එක නොපිලිගන්නා ස්වභාවය බොහෝවිට ඇතිවන්න පුලුවනි..

ගණිකා වෘත්තිය නීතිගත කිරීම..

ගම්වල වුවත් නගරබද වුවත් ටිකක් විසේකාර එක කොල්ලෙක් එක්ක එක මිනිහෙක් එක්ක විතරක් ඉන්න බැරි මානසික මට්ටම් ජානවලින්ම හෝ පසුබිම තුලින් අරන් ආපු ගැහැනු දරුවන් ප්‍රතිශතයක් ඉන්නවා. මොවුන් ඇතිවන්න කුඩාකලදී ඔවුන් මුහුනදෙන බොහෝ අත්දැකීම් හේතුවන්න පුලුවනි. උදාහරණ ලෙස කුඩාකලදී කිසිවෙකු ගේ ආදරය නොලබන දරුවන් පසුකාලීනව ආදරය විශේෂත්වය, වෙන් කොට අනෙක් අයගෙන් වෙන්කර උසස්කොට සැලකීම් ආදිය ගැන අවබෝදයකින් තොරව කටයුතු කරනවා. මේක සරලවම කියනවානම් කුඩා කල ළමුන් ආදරය කියන දේ ලැබුනෙ නැත්තං ඒ අය ලොකුවුනාම සමාජගත වෙලා ආදරය කරුණාව ආදිය තෝරගන්න ගියාම ගැටලු ඇතිකර ගන්නවා. ඉතිං ඒ ගෑනු ළමයිට එක පිරිමියෙක් විශේෂ පොදු සාධකයක් විදියට පේන්නෙ නැහැ. මූ එක්ක බැරිමරගාතෙ හරි පවුල් කන්න ඕනි කියලා හිතෙන්නෙත් නැහැ.

ඒ වගේ අය හරියට සමාජගත නොවුනාම ගණිකා වෘත්තිය කියනදේ ඇති වෙනවා. ඒත් බොහෝ දෙනා සිතා ඉන්නේ ඈත ගමකින් මුඩුක්කුවකින් බෑ කියද්්දි එපා කියද්දි කෑ ගහන ගමන් ඇදන් ඇවිත් ගැහැනු ගණිකා වෘත්තියට යොමු කරනවා කියලා. නමුත් සැබෑව එයට වඩා මඳක් වෙනස්..

Thursday, November 22, 2012

ගැබ්බර සඳ (A pregnant moon)


මේ මොකද මේ....ඇයි මේ ඉරක්..මං කිව්ව නේ අපිට අතීතෙට හරියන්න කසාද සහතිකයක් ගත හැකි....මේකට මගේ නම දාන්න කියලා...

නැහැ ළමයට අම්මගෙන් විතරක් උපදින්න හැකිනම් ඌට ඒ විදියටම ජීවත්ෙ වෙන්නත් ඇහැක් වේවි...ඔහේගෙ නම ඕනි නෑ... බොරු තාත්තෙක් ඕනි නෑ...ළමයා නැතිකරන්න කියලා වැඳ වැටිච්චි..මාව බඳින්න වෙනවට මග ඇරලා.. දැං ප්‍රාදුර්භූත වෙච්චි තමුසෙව මට ඕනි නැහැ.. ඒක ඉරක් බැරිනං හඳක් දාගත්ත දෙං ඒත් තමුසෙගෙ නම නම් ගාවන්නෙවත් නැහැ..එච්චරයි..

උඹ දන්නවද පරට්ටි මං තමුසෙට කොයි තරං ආදරේ කලාද කියලා? උඹ වගේ හිඟාකන්න හිටපු ගෑනියෙක්...ගෙනල්ලා කොළඹ දාල ලස්සන පොටෝ එකක්වත් අරං දුන්නෙ කවුද? තෝ හැලි වැඳිරි වගේ ගමේ හිටියනං අර ගමේ හිටපු සෝමදාස සිරිපාල සිරිසේන කෙනෙක් කසාද බැඳ ගනී.. අඩුතරමෙ උඹට ලස්සන පොටෝ එකක් වත් තිබුනද? ඔය දැන් ගාල තියෙන මූනෙ පවුඩර් ටිකක් වත් උඹට තිබුනද? තොපි එහේ එහෙම ඉන්න දුන්න නං හරි... උඹලව මෙහෙ ගෙනල්ල ලොකු මහත් කරලා බොලාට කාර් බාර් වල යනකොට අපිව අමතක වෙනවා..උඹලාට සැලකුවාට වැඩිය හොඳයි පාර යන බැල්ලකට කන්න ටිකක් දානවා.. ඌ අඩුතරම නැට්ට වනයි...

අනික තමුසෙ දන්නවා නේ මං කවුද කියලා...තමුසෙලයි ගමේ හිටපු තමුසෙගෙ තාත්ත කවුද දන්නෙ? තමුසෙගෙ සීය කවුද දන්නෙ? කොටින්ම තමුසෙලයි ගමේ අර කලු සාදු කවුද දන්නෙ? මොකෙක්ව්ත නෑනෛද? තමුසෙ දන්නව නේ මගෙ නම කම්පැනි කියක තියෙද? පත්තරේ කී තැනක තියෙද? ඉන්ටනෙට් එකේම කොයි තරං තියෙද කියලා...තමුසෙනං මහ උද්දච්ච එකියක් අඩුගානෙ මහන්තත්ව කම දාල පොඩි එකා ගැන හිතනවා..

හිතල ඉවරයි..නම දාන්නෙ නැහැ..සොරි.. යන්න ගිහින් බැල්ලියෙක් අල්ලගෙන උදව් කරන්න නැට්ට වනයි නේ.. බැල්ලි හෝදල අරගෙන ඇඳ උඩ තියාගන්න... මට දුකයි බැල්ලි ගැන.. ඌටත් හැදෙයි ටික දවසකින් තමුසෙගෙ ළමයි...එතකොට දාගන්නවා තමුසෙගෙ නම.. තමුසෙ මාව මෙහෙ ගේන්න ඉස්සෙල්ලා කියපු කතා ටික අර බැල්ලිටත් කියනවා...තව කියනවා මේ ප්‍රොබ්ලම්ස් ටික පොඩ්ඩක් ශේප් වුනාම මැරි කරමු කියලත්..ළමයෙක් බඩට ආවොත් නැතිකරන විදි ටික්ත කියලා දෙනවා..
ඇයි මං බැල්ලියෙක් නොවුනෙ..තමුසෙව හපා කන්න..

අමාලි ඔය විදියට කතා කරන්න එපා අමාලි.. ඔයා ඇයි හැමවෙලේම අනික් පැ්තතට හිතන්නෙ.. අපිට ජීවත් වෙන්න බැහැ පොත්වල විදියට.. ඔයා හමුවෙනකොට මට ගෙදරින් යෝජනා කරලා තිබුනෙ. මේ ළගක් වෙනකල්ම ඒ අයිරින් මට අකැමති වෙලා උන්නෙ.. ඔයාල හරියට නිකං අපි ගැන කතාකරන්නෙ සත්තු ගැන වගේ.. මගේ ෆැක්ටරි වල කීදෙනක් වැඩ කරනවද? මං නිසා මගේ ප්‍රොජෙක්ට් නිසා කී දෙනෙක් කාල ඇඳලා ඉන්නවද? ඇයි ඔයාල ඒ ගැන හිතන්නෙ නැත්තෙ? කවදාවත් ඔයාගෙ ඔය මහෙලොකු ගමේ කාටද පුලුවං මේතරං රස්සා දෙන්න...කාටද පුලුවං මට වගේ තනි වියදමින් පාරවල් හදන්න...ලයිට් දෙන්න..
කොච්චර කලත් කූඩැල්ල මෙට්ට උඩ තියන් බෑ කියලා ඩැඩී කියනවා.. ඒක ඇත්ත...තමුසෙලාට කන්න බොන්න අඳින්න ඉන්න ඔක්කෝම දුන්නත් දැන් ප්‍රශ්ණ..

ඔව්...තුට්ටු දෙකක් දිල රස්සාවලට දානවා...ඒකෙන් වැඩිපුර ගන්න නම් තව ඕටී කරන්න ඕනි.. යාන්තං ඔක්කොම කරලා සල්ලි ටිකක් නම් ගන්නවා...ඒත් ඊට වැඩිය ගන්නවා මේසන් වැඩ කරන උන්...

ඉතිං තමුසෙටත් තිබුනෙ මේසන් වැඩ කරන්න නේ... අමාලි ඔයාලට වෙලා තියෙන්නෙ කටුස්සයි කරෙ මෙඩල් බැන්දම ඌට වෙච්චි දේ...මේකෙන් ම කාල හැදිලා... මේකම කටේ දාල සූප්පු කරලා දැන් මේකට ම බනිනවා..

ඔව් අපිත් හිතුවෙ.. ටයි කෝට් දාපු මිනිහෙක්.. කාර් එකෙකින් ඇවිත් අපි අරං යයි ලොකුවට මගුල් කාල කියලා. කවුද දන්නෙ කාමර අස්සෙ දරුවො වදන වැඩේ විතරක් කොරලා මාරු වෙයිද කියලා. එකියක් එක්ක මගුල් පින්තූර පත්තරවල අතන මෙතන ගියානෙ..ඉන් පස්සෙ මේ දරුවට නම විතරක් දැම්මම හරිද? එතකොට මූ ඉස්කෝලෙ යන කාලෙක මං ඉස්සරහට අතන මෙතන යද්දි කවුරුත් ඔය ගැන අහන්නෙ නැද්ද?

කවුද අමාලි මේ ළමය ගමේ ඉස්කෝලෙ දාන්නෙ...ඔය හිස්ට්‍රි සිංහල ඔයා තියාගන්න.. ඒවට ලමයි ඔයා ගමේ බයියෙක්ගෙන් හදා ගන්න.. මේ කෙල්ල මගේ...මේ පොඩිඑකා කොච්චර වුනත් හොඳට ඉගන ගන්න ඕනි...ඒත් මං කියන විදියට...ඒකටත් කකුල දාල හාන්නෙ නැතුව..ඉන්නවා...

ඔව්...දරුවන්ටත් අපිට වගේ ඉගෙනගෙන නිකං ඉන්න දෙන්න බැහැ.. එහෙනං තමුන්ගෙ නම දාන්න බලන්න.. මේකිත් නැත්තං මං වගේ ගමේ හිටියොත් ගමට එන පැක්ට්‍රි කාරයාත් එක්ක යයි.. නුවන් තරහ වෙන්න එපා..නුවන් කොච්චර වුනත් අපිට එකට ඉන්න බැහැ. එකම සත්තු වුනත් අපි වෙනස්.. ඔයායි ඔයාගේ යාලුවො නෑයොයි කවදාවත් අපිට සලකන්නෙ ඔයාල විදියට. ඔයා දන්නවා මදාරාට වුන දේ..මදාරා මං තරම් දුප්පත් නැහැ..මදාර ට සල්ලිත් තිබුනා. මදාරලයි ගෙදර අය ලොකු වෙඩිමකුත් ගත්තා..
ඒත් අවසානෙ මදාර මැරි කරපු බිස්නස් කාරයා රට ගියේ වෙන ගෑනු එක්ක..පාටි වල නටන්නෙ වෙන ගෑනු එක්ක.. පස්සෙ මදාරා ගෙදර ඇවිත් වෙන රස්සාවක් හොයා ගත්තා. මොන දේ බෙදාගත්තත් මිනිහා බෙදාගන්න තරං අපි දියුනු නැහැ නුවන්..

ඕව ගැන එච්චර හිතන් එපා අමාලි... ඔයාලට වෙන වැඩ ගමේ තිබුනෙ නැති නිසා අර ටෙලි නාට්ටි ගෑනු වගේ හැමදාම පවුල් පස්න ගැනම හිතනවා...බලන්න ෆොරින් කන්ට්‍රිස් වල..ඒ රටවල් දියුනු වෙලා තියෙන්නෙ ඔය පවුල් ගැන එච්චර හිතුවෙ නැති නිසා... ඔයාට වුනත් මං ඉස්සර කැමති වුනේ ඔයාගෙ වැඩිය කතා බහ නෑ කෙලින් වැඩ නිසා...නැත්තං වෙන කෙල්ලො එක්ක යාලුවුනාම මට කතා කරලාම අපා වෙනවා...ඔයා කියන දේ බෝම්බෙ වගේ දමලා ගහනවා එච්චරයි... ඔයා ඇත්තටම ලංකාවෙ කෙල්ලො අතර ටිකක් හොදයි... හොදටම නෙමෙයි.. මේ කරදර ඉවර වුනාම ආයි අර ගමේ ගෙදර රිංගන්න ඕනි නැහැ..මං සර්වන්ට් කෙනෙක් එවන්නම්...ඔයාට ජොබ් එකක් ඕනි වුනොත් කියන්න..එච්චර හිතන්න එපා..ගම ගැන..ගමේ නැද්ද හොරාට මිනිස්සු එක්ක යන ගෑනු..ගමේ නැත්ද හොරාට කෙල්ලොන්ගෙ ගෙඩි මිරිකන පොඩි හාමුදුරුවරු...තව එක එක විච්චූරන කරලා කෙල්ලො උස්සන් දුවන්න හදන කොල්ලො අංකල්ලා හෙම..උං කොහෙත් ඉන්නවා...
ඒත් අපි ගැන තරං උන් ගැන කවුරුත් හොයන්නෙ නැහැ.. අපේ ඉන්න අනික් බිස්නස් කාරයො ගහන්න බැරිනං අඩුතරමෙ පවුල් ජීවිතෙ හරි ඇදලා අරං ගහලා සතුටුවෙන්න හදනවා..ඒ කතා වලට ඔයාලත් අහු වෙනවා..

හුම්...නැහැ නුවන්..ඔයා හරි ඇති..කෝමත් ඔයා දිනිනවා නේ..කොහොම වුනත් ආයෙ ගමේ නම ්යන්න අමාරුවෙයි... රස්සාවක් මංම හොයාගන්නම්.. තව ටික දවසකින් මෙහෙ දිගටම එන්න එපා.. මේ බෝඩිං කාරයා කැමති නැතිවෙයි..මේ මිනිස්සුත් ඔයා කියන ජාතියෙ මිනිස්සු නෙමෙයි...මං කලිනුත් කිව්වෙ අපි ඔයාල තරම් දියුනු නැහ ිකියලා.. සමහර විට නුවන් මම වැරදි ඇති. ඒත් මට ආයිත් නිකං අඩ අඩ ජිවත් වෙන් ඕනි නැහැ..ළමය ගැන ඕනි නම ්බලන්න..ඒත් මාව බැලුවෙ නැති වුනාට කමක් නැහැ...තව වරුවක් කතා කලත් මෙච්චරයි මට කියන්න තියෙන්නෙ...

හරි අමා මං යන්නං..මං විස්වාස කරනවා ඔයා ඉස්සරහට වෙනස් වෙයි කියලා.. එහෙනං අපි ගියා..බබාට අවුලක් වුනොත් කෝල් කරන්න..අපි යාලු නොවුනට තාම තරහා නැහැ...ඕ කේ.. 

Monday, November 19, 2012

අනේ සාදු අලි ටික (Sri lankan Elephants)


ඔය මගුල් ලියන්න එපා ඕයි...අපේ සාසනේ නැති වෙනවා...ලෝකෙම මේ ආගම රැකිලා තියෙන්නෙ අපේ රටේ.. ඒකත් බොලාම එකතුවෙලා කාබාසිනියා කරලා දාපාල්ල වැරදිම හොයලා...
ඔව් ඒක හෙම තමයි...මේකෙන් බොදු සංස්කෘතියට පහර වදීවි... බොදු ජනතාවටගේ සිත් රිදේවි... නමුත් තුං ලෝකෙ සතුන්ට සෙත සලසන්න තියෙන ආගමට මුවා වෙලා සත්තුන්ට හිංසා කරන එක වැරදියි...

පන්නිපිටිය පැත්තෙ දෙව්රම් වෙහෙර කියලා එකක් තියෙනවා...ඒකෙ අලියෙක් ඉන්නවා..උෟ හෙන අහේනියෙන් තමයි ඉන්නෙ..උන්ට කන්න බොන්න නෑ වගේ කියලා දැක්ක ගමන් පේනවා... නමුත් හාමුදුරුවො කියන්නෙ නම් කන්නෙ බොන්න වැඩියෙනුත් එක්ක ලැබෙනවා කියලා..
මේ හාමුදුරුවො බණ කියනකොට උපාසකම්මලා අඩනවා...උපාසක දරුවො වැලපෙනවා..අනේ ඒ තරං අඩෝවැඩි බණක් මේ ආත්මෙට අහලා නැ කියාල උපාසකම්මලා දොත් මුදු න් තියලා වඳීනවා...ඒත් සුමංගල හාමුදුරුවනේ ඔබවහන්සේ අලියාට සලකන විදිය නම් හරිම කුජීතයි...ඔබ වහන්සේ භික්ෂුවක් විදියට සිල් රකිනවා ඇති. නමුත් ඔබ වහන්සේගේ භාරකාරාත්වය යටතේ ඉන්න සතෙක් විඳින දුක දැක්කම අපිට ඇඩෙනවා...බට් ඔබවහන්සේ ගේ බයිලා අදෝනා අහලා නම් මට ඇඩෙන්නේ නෑ...

අන්‍යාගමිකයෝ ඔබ වහන්සේලාගේ දුක් සින් අහලා අඩනවා ඇති...තාලෙට කියෙන බණ පද වලට වසග වෙනවාත් ඇති.. නමුත් මේ අලියෙක් වගේ ඇහැට පේන ලොකු සතෙක් ට කරන හිංසාව දැකලා ඔබ වහන්සේලාට පුකෙනුත් හිනා වෙනව ඇති ඒ අය..

මේ සත්තුන්ට ලොකු වියදමක් දරන්න ඕන නඩත්තුවට..කෑම බීම නෑවීම ආදිය දේවල් එක්ක අලියෙක් නඩත්තු කරනවා කියෙන්නෙ ලේසි දෙයක් නෙමෙයි. අලියෙක්ගෙන් පෙරහැර කාලවලදි දේවාල විහාර වලට දීලා ලොකු ගානක් ගන්න පුලුවනි. නමුත් හැමදාම පෙරහැරවල් නැති එක අලි අයිතිකාරයින්ට ගැටලුවක්. තේජස පිට අලියා පයින් ගියාට අලියට පොල් අතුකෑල්ලක්, කෙහෙල් බඩයක් ලැබුනාට ඒ පෙරහැර ට යන කුලිය අලියා අයිති පිංවත් ස්වාමින් වහන්සේට හෝ ඒ අලි අයිතිකාර පිංවත් උපාසක මහත්තයාට යනවා. අනේ එතකොට මේ අලියාගෙන් ලැබුන සල්ලි නෙව කියලා ඒ සල්ලි වලිං අලියාට කොරන සෙතක් නං මං දැකලා නෑ..

හැමෝටම අලිත් නෑ අලි පර්මිට් ගන්නත් බෑ. ඒකට වරං තියෙන්න ඕනි...දේව වරං කාරියෙ නමෙයි පොලිටිකල් වරං ආදිය තියෙන්න ඕනි..අලියෙක් ගේ අයිතිකාරයෙක් වෙන්න නම්..

මේ පන්නිපිටියෙ දෙව්රම් වෙහෙර අලියා හැමදාම නාවන්න එක්කරං යනවා.. එක දවසක් මේ අලියා නාවන්න එක්කරං ගිහින් ගොව්වා පොඩියක් වහං වෙලා කසිප්පු බොන්න. මෙන්න අලියා පස්සෙන් පහු තනියම පාර පුරා කරක් ගහන්න ගත්තලු. එතකොට අලියා නැතුව ඕන්න අලිගොව්වා අලියා හොයනවාලු... දිහාව බලලා අලියා හොයාගන්න යන කොට අලිගොව්වා ලග හෙන්ඩුව තිබිලා නැහැ...බීමත නිසා අලි ගොව්වාට හෙන්ඩුව අමතක වෙලා. ආයෙම දුවලා ගිහින් හෙන්ඩුව හොයාගෙන ඇවිල්ලා අලියාව ගෙනියලා තියෙනවා..

මේ අලි කියන සත්තු හරිම ක්‍රියාකාරි ජාතියක්. උන්ට දවසට කිලෝමීටර ගානක් ඇවිදින්න කියන්න ඕනි...නටන්න දූවිලි නාන්න ඇල් වතුර නාන්න ආදිය අලින් විසින් ස්වභාවයෙන්ම කරන්න ඕනි.. පුංච් දුවේ පුතේ ඔය අය කූුඩුවක දාල ඉන් පස්සෙ මොන තරං ආහාර කැමති ජාති ගෙනත් දුන්නත් වැඩක් තියෙද? නෑනෙ..ආන්න ඒ වගේ තමයි අපේ හාමුදුරු ගොල්ලයි නිලමෙ ගොල්ලයි ගැටගහං ඉන්න අලි ගැන කියන්න තියෙන්නෙ..

මේ අලි හැමෝටම එක්තරා කාලයකදී ලිංගික උත්තේජනයන් ඇතිවෙනවා. ලිංගික වශයෙන් අධි සක්‍රිය එම කාලයේදී අලියාගේ කන්වලින් සහ වෙනත් විවර වලින් ස්‍රාවයන් වැගිරීම් සිදු වෙනවා. මේ කාලයේදී අලින්ට තරහා යනවා වැඩියි. හීලා අලි ඇතිකරන අය මේ කාලයේදී කරන්නෙ අලියා තදින් යකඩ දම් වැල් වලින් හෝ විසාල කඹ වලින් ගැටගහලා තියෙන එක. අලින් මේ මද කිබෙන කාලයට බොහොම දරුනු නිසා අලින් තදින් ගස්වලට ගැට ගසනවා. මේ කාලෙදි අලි පැනලා යන්න ලොකු උත්සාහ දරනවා.. මොන සතා වුනත් කොටින්ම මනු සතා වුනත් ලිංගික උත්තේජන ඇතිවුනාම වැඩකරන්නෙ වෙනමම විදියකට නෙව. ආන්න ඒ වගේ ඒ සතා තමුං බැඳලා තියෙන යදම් එක්ක ලනු එක්ක ඔට්ටුවෙලා කකුල් තුවාල කරගන්නවා. ඉතිං තුවාල කකුලක තුවාලෙට උඩින් ආයෙම දම්වැල් සහ ලනු වැදෙනකොට මොන තරං අපි ගැන ශ්‍රද්ධාවක් ඒ සතුන්ට ඇතිවෙනවාද කියලා පොඩියක් හිතලා බලාන්ට වටිනවා.

නුවර පෙරහැරේ වගේම දැන් ගොඩ පෙරහැරවල් වල අලින්ට ලොකු ඇදුං ආයිත්තං අන්දලා ඒ මදිවට ඒ ඇදුං වල පාට ලයිට් පත්තුවෙන්න ජෙනියකුත් බඩ යටින් බඳිනවා. අහො ්අලියට හදිස්සියට හුලිජ්ජ බරක් හැදුනොත් ඒකත් දාගන්න විදියක් නැහැ අර ජෙනි මෝලක් බඩ යටින් යන නිසා.. (හුලිජ්ජ බර- මුත්‍රා බරට ග්‍රාම්‍ය අසම්භාව්‍ය ව්‍යවාහාරය) . ඉස්සර අපේ ගමේ පෙරහැරක් තිබුනා. ඒකටත් අලි ගෙනියනවා. නමුත් අලියාට අන්දවන්න අපේ ගමේ අයට සල්ලි තිබුනෙ නෑ.. කන්ද දිහා කොට අදින අලියා එදාට අලි පනික්කියාට කියලා පෙරහැරේ ගෙනියනවා. ඌට නං තියෙන්නෙ නැටුං කන්ඩායම් ඒක්ක යන එක විතරයි.. කිසිම අවහිරයක් නෑ. අපි ඒ දවස්වල කෙහෙල් ගෙඩි තියං කිතුල් අතු තියං පාර අයිනෙ බලං ඉන්නවා අලියා එනකල්.. ඒ හෙලුවැලි අලියයි උඩ ධාතු කරඩුව තියන්න බැහැ. ඒක එක්කො කාරුහරි ඔලුව උඩ තියං යනවා නැත්තං පොඩි ටැට්ටරේක හරි පොඩි කැන්ටර් එකක හරි තියලා හාමුදුරුවො ඒක වටේ පිරිත් කිය කිය යනවා..

මහ ලොකු තේජවන්ත කමක් ගන්න අලින්ට දුක් දීලා අපේ සම්බුදු රජානන් වහන්සේ නමදින එක මට නං පේන්නෙ වැරදි දෙයක් විදියට...බොහොම ලස්සනට සරසපු වාහනේක ගෙනිච්චාම මදිද? එතකොට කාටවත් හිරිහැර නැහැනෙ.. සමහර විට සිංහල සංස්කෘතිය ගැන එච්චර දන්නෙ නැති නිසා...ජාති ආලය අඩු නිසා මේ වගේ දේවල් හිතෙනවාත් ඇති. අලියා නැත්තං පෙරහැරත් වැඩක් නෑ කියන මට්ටමට සමහරු ටෝක්ස්ෙ දෙනවා පෙරහැර කාලෙට... ඒ ටෝක්ස් වල වචනයක් රුපියල් විස්සක් තිහක් වටිනවා නෙව...ඕවාට ඉතිං මේ කට කහනවාට මිනිස්සු යන්නෙ නැහැ...කොහේ හරි කැම්පස් එකක ලොකු ගිරවෙක් රෙන්ට් එකට ගන්නවා චැනල් එකකින්..ඉතිං අර ගිරවා තමුං දැකපු පොත් වල පරණ දේවල් වල තියෙන වරුනා ටික්ත් මික්ස් කරලා ඩී ජේ එක ගාන්ට ටියුන් කරලා වොයිස් එජැස් කරලා වෙලාවට ගැලපෙන්න කතාව දෙනවා ශ්‍රද්ධාවට ඇස්ටි හැලෙන්න. අනේ සාදු කියවෙනවා ඒවා අහලා ඉදලා...

අලින්ට වද දෙන එක නවත්තලා සංදර්ශනවලට අවශ්‍යම තැන්වලට අලි තුන් හතර දෙනෙක් තියාගෙන අනික් උන්ට ගැලපෙන විදියට නිදහසේ අලි කෑල්ලක් බලාගෙන අලි පැටියෙක්ගෙ හුරතල් බලාගෙන ඉන්න දෙනවානං ඒක අර පෙරහැරේ දක්කන් යන එකාට සාදු කියනවාට වඩා පිං කියලයි මගේ නම් අදහස.. වෙන්නෙ..

Friday, November 16, 2012

බදු යනු සරදියෙල් රොබින් ගේ සම්ප්‍රදායයි

සරදියෙල් සහ රොබින්හුඩ් යනු මැරයෝය. මිනිසුන් මරන්නෝ මැරයෝ වෙති. ඒ මැරයෝ දෙන්නා ජනප්‍රිය වී ඇත. ඔවුන් පොහොසත් මනුෂ්‍යයින්ගෙන් ධනය සොරාගෙන දුප්පත් මනුෂ්‍යයින්ට දුන්නෝ වෙති. යමෙක් රුපියලක් උපයන්නේත් තවකෙක් මිලියනයක් උපයන්නේත් අපාසුවෙනි. නමුත් රුපියලකින් අද කාලේ ජීවත් විය නොහැකි බව බොහෝ දෙනා දන්නවා ඇත. එබැවින් රුපියල් ගානක් පමණක් හිමි අයට ජීවිත පවත්වා ගැන්මට අවැසි ධන සමතුලිත තාවය ඇති කරන්නේ රාජ්‍ය ව්‍යුහයක් මතින් ඇති කල බදු ක්‍රමය මගිනි..

හැමෝටම පෝසත් වෙන්න බැරිද..

හරකා එක්වරක් උම්බෑ කියන විට එය පුදුමයක් නොවන මුත් එකම ගවයා හත් වතාව උම්බෑ කියන විට එය වදයකි කරදරයකි..එසේම එය ගැලපෙන්නක්ද නොවේ. ඒ ආකාරයට ලෝකයේද සමහර පුද්ගලයින් දේවල් පවතින්නේ එක දෙකකි. ඉන් එහාට ඒ දේවල් හත අටක් පැවතිය නොහැක. ලෝකයේ ස්ටිව් ජොබ්ස් ලා බිල් ගේට්ලා සහ මාක් සකර්බර්ග්ලා සිටින්නේ කිහිප දෙනෙකි..ඔවුන් හා සමානම කපටි ඔවුන් හා සමානම බුද්ධිමත් ඔවුන් හා සමානම හැකියාවන් ඇති වෙනත් වර්ථමාන පුරුෂයෝ සිටිය හැක. නමුත් ඔවුන්ට කවදා වත් අර ස්ටිව්, බිල් හෝ මාක් විය නොහැක. මන්ද දැන් ස්ටිව් විසින් මාක් විසින් සහ බිල් ගේට්ස් විසින් සමස්ථ වෙළඳපොලම ඔවුන් මතට නම්මවාගෙන සිටින බැවිනි. ඉතිං අපි ඇපල් වලට වඩා තුන ්ගුනයක් හොද අයි පෑඩ් එකක් ලංකාවෙන් සොයා ගත්තත් එය විකුනන්නට වෙළඳ පොලක් තනාගැන්ම පහසු නැත. කාලයා විසින් සහ යම් ප්‍රවාහයන් විසින් ඇතිකරන ලද බලපෑම් හේතුවෙන් විශාල ව්‍යාපාර රාශියක් දැන් ලෝකය තුල ස්ථාපිත වී හමාරය. ඒ ව්‍යාපාර වලට බලපෑම් කොට අපේ දේව්ල ගොඩනගාගැන්ම සිහිනයක් පමණි..

මේ ආකාරයට දැනට පවතින සහ දැනට නැගෙමින් පවතින ව්‍යාපාරික ප්‍රජාව තුල සහ ඒවායේ ඉහල මට්ටම්වල සේවකයින් සතුව විශාල ධනයක් එකතු වී ඇත. ඒ ධනය අපිට බලෙන් සරදියෙල් හෝ රොබින් යොදා ලබාගත නොහැක. එමනිසා ඒ අයගේ ධනය අපිට ලබාගන්නට අපිට බදු නැමැති තාක්ෂනය උදව් වී ඇත. මේ බදු වලින් දුප්පත් ජනයාට සලකනවාටත් වඩා ඇත්තෙන්ම කෙරෙන්නේ පෝසත් ස්වභාවයන් සහිත ලෝකයක් ඇති කිරීමය. එනම් පුලුල් මාවත්, නවීන පොදු ප්‍රවාහන සේ, නවීන බිල්ඩින් තනා අයිසින් ගැන්වීමට මේ බදු මුදල් බොහෝ විට වැයවේ. ඒ බදු මුදල් වලින් ඔවුන් මේ වැනි සුපිරි පෙනුමැති ලෝකය තනනවාට එහායින් ගොස් සුලු ප්‍රමාණයක් දුප්පත් අය වෙනුයෙන්ද වැය කරනු ලබති..

අපි කෙතරම් බැන්නත් මේ සුපිරි පෙනුමක් සහිත ලෝකයක් රජයන් විසින් ඇති කිරීම ඒ රටවල සිටින දුප්පත් ජනයාටත් වැදගත්ය. උදාහරණ ලෙස ලංකාවේ කළකට පෙර මහා වැඩ සේ කල අධිවේගී මාර්ගය සැබැවින්ම වැදගත් වන්නේ ගාල්ලේ ඉන්න පෝසත් ජනයාට කොළඹට එන්නටය. නමුත් ඒ පාරෙන් කීයක් හෝ වියදම් කොට මධ්‍යම පාන්තික ලෙඩෙකුට මැරෙන්ට පෙර කොළඹට ද පැමිණිය හැක. නමුත් බදු ක්‍රමයක් නැති වුවානම් අපිට මේ ආකාරයට වැඩිපුර ඇති අයෙගෙන් වැඩි මුදල් කපාගන්නට ක්‍රමයක් ඇති වන්නේ නැත. එවිට බොහෝ රජයේ වැඩපිලිවෙලවල් ක්‍රියාත්මක කරන්නට වන්නේද නැත.

බොහෝ ධනවත්හු ධනවත් වෙමින් යන අතරතුර බදු ගෙවීමට මැලි වෙති. සිය කපටි මොලයෙනුත් සිය කපටි ආරක්ෂකයින් වැනි සහචරයන්ගෙනුත් උපදෙස් ගෙන ඒ මත තැනූ බොහෝ නූල් සූත්තර මතින් ශ්‍රමය, අමුද්‍රව්‍ය, ඉඩම් ආදිය කුනු කොල්ලයට ගෙන කරනු ලබන නිශ්පාදන, විවිධ මානසික උත්තේජනයන් ඇතිකර මහජන මනසට ඔබ්බවති. මේ මනුස්සයින් යන්ත්‍ර ලෙස සලා ඔවුන්ගෙන් ශ්‍රමය සූරාකෑම මානව සම්පත් කළමනාකරණය ලෙසත්, ඒ මනුස්සයින් යාන්ත්‍රික කර ඔවුන් රොබෝටික් කිරීම ෆයිව් අැස් ආදි සංකල්ප ලෙසත්, කිසිම වැඩකට නැති අලගෙඩි මනුස්ස මනස ඇතුලු කොට ඒවායින් තොරව ජීවත්වීමට නොහැකි බවට ඒත්තු ගැන්වීම මාකටින් ලෙසත් නවීන ලෝකය හඳුන්වති. සමහර බුද්ධිමත් මන්ද බුද්ධිකයින්ට එච් ආර්, මාකටින්, ෆයිව් එස් වලින් තොර ආයතන ගැන සිතීමටත් නොහැකිය. ඔවුන් සිතන්නේ ඒවා මාර ඇඩ්වාන්ස් මාර දියුනු ක්‍රමවේද ලෙසයැ. එසේ විවිධාකාර සූත්ර මගින් උපයාගන්නා කොම්පැනි ධනයෙන් කොටසක් අනිවාර්ය කොටසක් වත් බොහෝ සේවකයින්ට හිමි වන්නේ නැත.

අපි දියුනුවුනේ මහන්සිවෙලා කියන පුත්තරයෝ කිසිවෙක් ඔවුන් වැනිම මහන්සි වී එහෙත් තාමත් කම්කරුවන් සේ හෝ පහල මට්ටමේ සේවකයින් ලෙස සේවය කරන අය කෙරෙහි කරුණාවෙන් බලන්නේ නැත. එවිට ධර්මය මෙනෙහි කොට එය වසා දමති. නැත්නම් වාසනාව ලක් එක වැනි වචනයක් දමා එය වසාදමනු ඇත.

බොහෝ දියුණූ රටවල ගොඩක් සල්ලි තිෙයන මිනිස්සුන්ගෙන් ගොඩක් කඩාගන්නට සරදියෙල් ක්‍රම ඇතිව තිබේ. ඒවා බදුකරණ මූල්‍යකරණ නීති මගින් සමාජයීය විනය මගින්ම ඇති කොට ඇත. නමුත් අවාසනාවට අපේ රටේ හැමදාම රජය බදු එකතු කොරන්ට හදන්නේ අපි හැමෝම බොන එතනෝල් ඩිංගෙනි. නැත්තං ශරීරය දිරාගන්නට අපි පාවිච්චි කරන නිකොටින් ටිකෙනි. නිකොටින් හදන හෝ එතනෝල් පෙරණ මහා ව්‍යාපාරිකයින් බදු වංචාදිය මගින් වංචාදිපති වරුන් ලෙස වැජබෙද්දී හොර සුරා, හොර බීඩි ඔතන්නෝ දුටු තැන දැඩි අපරාධ කාරයෝ වෙති. ලෝකයේ කිසිදු දියුනු වූ බිස්නස් කරුවෙක් අහිංසකයෙක් නොවේ. ඔවුන් අහිංසක හෝ සමනල ටයිප් වූයේ නම් ඔවුන්ට ඒ දියුනු තැන්වලට එන්නට ලැබෙන්නේද නැත. එනම් ඔවුන් සියල්ලෝම දැන හෝ නොදැන බොහෝ මනුෂ්‍යයින්ගේ ශ්‍රමය සඳහා වූ වටිනාකම සහ බොහෝ මනුෂ්‍යයින්ගේ හිතසුව පිණිස වූ සම්පත් රාශියක් ඒකරාශී කොට ගනිති. සැබැවින්ම ඒ මුදල් වල නාමික අයිතිකරු ව්‍යාපාරික අයිතිකරුවා වුවත් ඒවායේ අයිතිය සමස්ථ සමාජය පුරාම පැතිරී ඇත.

එව්න් වටපිටාවක වැඩි වස්තුව ඇති එවන් අයගෙන් ධනය ඇද වස්තුව ඇතිකරගන්නට උපයෝගීතාවය අඩු අයට බෙදාදීම වරදක් නොවේය. එය වරදක් ලෙස දකිනේනෝ වස්තු ඇති හෝ වස්තු ඇති ඇති අයගේ සට්ටැඹි කම් කැරන අයමැ වෙති.


කඳු වලින් වටවුන ගොංකටුආර කියන ගමේ ගොවියො කරන්නෙ අල වගාව. මෙ ්අලවගා කරන ගොංකටුආර පැත්තෙ අය ටීවී දැකලා තිබුනෙ නැහැ. ඉතිං ටිංගොවී කියන ටීවි හදන කොම්පැනියයි..වචපාහිනී කියන චැනල් එකයි එකතු වෙලා කතා බහ කරලා ජනගහනය මිලියනයකට ආසන්න වෙච්ච අර ගොංකටුආර පැත්තෙ ඉන්න අලගොවීන්ට බලන්න ටීවි චැනල් එකක් හදලා දුන්නා. ගෙයින් ගෙට මාකටින් කැම්පේන එකකුත් කලා.දැන් ගොංකටුආර අය ඉස්සර වගේ පන්සල් යන්නෙ නෑ..දැන් ඉස්සර වගේ තොවිල් බලන්න පෝලිමෙ යන්නෙ නෑ. කොටින්ම දැන් රෑට ගෙවල් වල ගෑනු දොට්ට පිලට යන්නෙත් අඩුවෙන් වගේ. මොකද වචපාහින්ි වල යන නාටක ප්‍රවෘත්ති බලනවා. දැං ඉස්සර වගේ නෙමෙයි ගොංකටුආර හරි බුද්ධිමත් පැත්තක්. ජනාඩිපති තුමා යන තැන දන්නවා. ලස්සන නිලියො ගැන දන්නවා..කන්න උයන්න මොඩ් ක්‍රම දන්නවා.. අලුත්ම අදින පලදින විදි දන්නවා. ඉස්සර ගොංකටුආර ගමේ උන්ට අල විකුනලා ගන්න සල්ලි කාල ඇදල ඉන්න වැඩිත් එක්ක වගේ. ඒත් දැන් අල විකුනලා ගන්න සොච්චම මදි කියලා ඒ අයට තේරුනා. කිසිම ප්‍රශ්ණයක් නැති ගමට මේ වචපාහිනී චැනල් එකයි ටිංගෝවී ටීවි එකයි නිසා ප්‍රශ්ණ රාසියක් ආවා. හැබැයි අර මාසෙකට වතාවක් චැනල් එකට ගෙවන ගානයි ටිංගෝවී එකට ගෙවන වාරිකයයි...අරක ඉස්සරහා නාස්තිකරන කාලෙයි එකතු කලානම් ඔයිට වඩා දෙයක් කරන්න ඇහැකි කියලා පංසලේ සාදු කිව්වා. ඒත් ගමේ වයසක උන්දැ කෙනෙක් කිව්වෙ. ඔය බඩකඩුත්තු චැනල් එකයි..ඔය *කන පෙට්ටියය් නැතුව අපි කොයි තරං හොදට හිටියද බොල..හෙනයක් වත් පහත් වෙන්නෙ නැහැ නෙව ඔය කිඹිවාහිනි ටික නැතිවෙල යන්න. කියලා.

දැන් මේ වචපාහිනි චැනල් එකයි අර ටිංගොවී ටීවි ජාතියයි කරපු කම්පැනිය විශාල ලාභයක් ලබනවා මේ වසරෙ.. ඉතිං  ලාභය ලැබුවෙ අර සමාගම් වල ඉන්න ලොකු අය කරපු කැම්පේන් එක නිසා තමයි. නමුත් ඒ මුදල් වල අයිතිකාරයෝ අර අල ගොවීන් ටික නේද? බොහොම ලේසියෙන් ජීවිත ගෙනියපු ඒ අසරණ මිනිස්සුන්ගෙ පිහිටෙන් ඒ වසරෙදි චැනල් එකයි ටීවි කම්පැනියය් ගොඩක් ලාබ ගනීවි. එතකොටඒ ලාබ මුදල් වල තනි බුක්තිය ලැබිය යුත්තේ ටිංගෝවි එකටයි වචපාහිනි එකටයි අරක්ගත්ත දේවතාවුන් වහන්සේලාට විතරයිද? ඔය වචපාහිනි නිසාත් ටිංගෝවි නිසාත් අර ගමේ ජනතාවට ලැබුන එකම එක සුලු හොඳක් තියෙනවද? 

Thursday, November 15, 2012

ඇගේ වෛරය (Ege Y raya)

ඔය සුසිනිදු දැත් වලට
මගෙ යටි බිම අහුවුනා
දෝර ගලා ගිය වතුරට
පටිවත මගෙ සේදුනා..

චිකන් බාගෙ මැදට තියන
රයිස් එකක් හිමිවුනා
කලුවර වී ගෙදර යන්න
රෝද හතරකුත් ලැබුනා..

මහත්තයගෙ සපත්තුවේ කුනු ඇරියා මං
උන්නාන්සෙ පිරුවටයට සැරසූයේ මං
කන්න බොන්න උයල ගිහිං ලගට දුන්නෙ මං
අවසානේ යටිතල පහසුකම් වුනෙත් මං..

සල්ලි කඳක් උඩ ලස්සන පීනුවාට ඔබ
සේද සිනුදු වස්තු සියල් සපිරුනාට බොට
නේක ගෑනු අරං ගෙනත් තිබුනට සුර සැප
මේ කලු කෙල්ලගෙ බඩටාත් නැංග නේද උඹ

ආල වදන් කෝල බැලුම් නොදැකාම
පාල සිනා දාලා තග මගෙ ගාව
රාල වගේ ඇවිදින් ඌ මගෙ ලඟට 
දාල ගැම්ම දුනි යටි කය සිරවෙන්ඩ..