අපි
ඉස්සෙල්ලාම ලෝකෙ දැක්ක පක්ෂියාට
පියාඹන්න බැරිනම් අපි හිතන්නෙ
හැම පක්ෂියාම ලෝකෙ ඉන්නෙ
පියාඹන්න බැරි එවුන් කියලා.
ඒ කිව්වෙ
මුලින්ම දැක්ක කුරුල්ලා
පැස්බරෙක් නං අපි හිතන්නෙ
මුලු කුරුලු ලෝකෙම ඌ වාෙග ඇති
කියලා.
මටත්
පාසැල් ජීවිතයේ දි ප්‍රේම
කතාවක් තිබුනා.
ඒක පටන්
ගත්තා විතරයි.
ඒ ගෑනුලමයා
මට කැමති වුනේ නෑ.
මට එයාගේ
නම තාම මතකයි.
ඒ තමයි
මදුෂානි...
මධූ
අකමැති වුනේ ඇයි කියන්න දන්නෙ
නෑ.
ඒත් ලෝකෙ
තියෙන හැම බූට් සින්දුවම හදලා
තිබුනෙ මට කියලයි මට ඒ කාලෙ
වැටහුනේ.
කොල්ලො
විදියට කෑ ගහලා අඩන එක තහංචි
වගේ නිසා මං කෑ ගහලා අැඩුවෙ
නෑ.
ඒත් ඒක
දැඩි වේදනාවක්.
මධූ දිහා
බලන්නත් මට එපාවුනා එයැයි මට
අකමැති වුනාට පස්සෙ.
ඉන්
පස්සෙ සේපාලිකා මට හමුවුනා.
සේපාලිකා
ගොඩාක් එයාගේ තියෙන අඟර දඟර
පෙන්වලා මට මොකක්දෝ කියන්න
උත්සාහ ගන්න ඇති.
ඒත් මධූ
නිසා තැලිලා තිබුන මගේ හිත ඒ
වෙනකොට ආයෙම හැදිලා තිබුනෙ
නෑ.
ඒ නිසා
මට ආයෙත් ආදරය කරන්න ලොකු
ප්‍රතිරෝධයක් ඇතිවෙලයි තිබුනෙ.
මට හිතුනා
හැම කෙල්ලාම ලස්සන උනාට උන්
ඔක්කෝම මධූ වාගෙ මාව දාල
යයි කියලා.
ඒත් එහෙම
වෙන එකක් නැහැ සමහර කෙල්ලො
හොඳ ඇති කියලා හිතනෙකොට පෙරහැර
ගොඩක් දුර ගිහින් ඉවරයි.
සේපාලිකා
මොන වගේ කෙනෙක්ද කියලා මට
හරීයටම මතක නැහැ.ඒත්
ඡායාවක් මතකයේ තියෙනවා.
අද වෙනකොට
ඇය බොහෝ වෙනස් වෙලා තියෙන්නත්
පුලුවනි.
ඇයට කළු
සමක් තිබුනාට ඒ කලුපාට සම ඇගේ
රූපයට හානියක් කලේ නැහැ.
තරමක්
නිවුන ගති තිබුන සේපාලිකා
ක්‍රිඩා කටයුතු වලදි නම්
නිවුනු කෙනෙක් වුනේ නැහැ.
උදේපාන්දර
සේපාලිකා පිච්ච මල් වගයක්
අරගෙන තමයි ඉස්කෝලෙට ආවෙ.
මගෙත්
පුරුද්දක් තිබුනා පාන්දර
ඉස්කෝලෙ එන එක.
පිච්ච
මල් අරං ඇවිත් ඒවා ලස්සනට මල්
වට්ටියෙ තියලා බුදු ගේ ඇතුලෙන්
තියලා සේපාලිකා ඒකට මුලුන්ම
වඳිනවා.
සමහර විට
උදේපාන්දරම වැන්දාම ආශිර්වාද
වැඩි වෙනවා කියලා සේපාලිකා
හිතන්න ඇති.
ඉස්කෝලෙට
උදේ පාන්දරම ඇවිත් ටැග් ගැහිලා
ටාසන් පොතක් නැත්තං වෙන
පරිවර්ථනයක් දිහා නෙත් නොපියා
කට ඇරන් බලා ඉන්න මාවත් දායක
කරගන්න සේපාලිකා උත්සාහ ගත්තා.
ඉතිං
සේපාලිකා කතා කරනවා මට “ කුමාර
ඔය ජාතකේ පස්සෙ කියවන්න
දාගන්නවාකෝ..
එන්න මේ
මල් ආසනේ අස් කරගන්න” ඔවැයි
අස් කරගන්නවා ඕක හැමදාම අස්
කරන්නෝනැයැ..
මා එය
නොපිලිගන්නා නමුදු සමහර දිනෙක
අවලාද කියමින්ම ඈට උදව් කිරීමට
යයි.
එක්කෝ
පිච්ච මල් ගෙන ආපු නිසා සේපාලිකා
ලග පිච්ච මල් සුවඳය.
නැත්තං
සේපාලිකා ගෙනා පිච්ච මල්
ආසන්නයේ අපි දෙදනාම සිටින
නිසා සේපාලිකාද පිච්ච මල්
සුවඳ ඇති සේ හැගේ.
බාගෙදා
ඔය දෙකම නොවී පිච්ච මල් සුවඳ
සබන් කැටයක් ගා උදේපාන්දර
සේපාලිකා නාගෙන පාසැල් එනවාද
විය හැක.
ඇය බුදු
ගෙයි කොයිතරං ඉඩ තිබුනත් මා
අසලම ටැග් ගැහෙන්නට මනාපය.
කන්ඩායම්
වැඩක් කරන්න ගියත් එසේය.
සේපාලිකාට
මා අසල අසුන උවමනා කරනු දැක
පන්තියේ සමහරු අපිට ආ ආ යැයි
පල් පාට් දැමුවෝය..
අපේ
ඉස්කෝලෙට අලුතින් කොළඹින්
ක්‍රිඩා ගුරුවරයෙක් ආවා.
එයැයි
හරිම හොඳයි.
පස්සෙ
කාලෙක කෙල්ලෙක් එක්ක හුටපටයක්
නිසා මිනිහාට මාරුවෙන්න වුනා.
ඒත් හරිම
හොඳ තරුණ කෙනෙක් කියලයි අපිට
ඒ දවස්වල හිතුනෙ.
ඉතින් ඒ
අලුත් ගුරුතුමාට ඕනි වුනා
අපිට කබඩි පුරුදු කරන්න.
ඔය අස්සෙ
මෙලෝ අල බෝලෙකට දායක නුවුනු
මටත් ඇඟ ලොකු කරගන්න ඕනි වුනා.
බාගෙදා
රෙස්ලින් වීඩියෝ බලපු නිසා
වෙන්නත ්ඇති.
කබඩි රගර්
වගේ සෙල්ලම් කලාම ඇඟ පිම්බිලා
එනවා කියලා යාලුවො කිව්වා.
ඉතිං මාත්
ගියා කබඩි සෙල්ලමට.
මං එච්චර
ආස නැතිවුනත් සේපාලිකාලාත්
ගර්ල්ස් ටීම් එකක් ගහගෙන හටිය
නිසා මට ආසාවක් ආවා.
සමහර
දවසට කස්ටිය මදි වුනාම සර්
එන්න කලිං අපි දෙගොල්ල කෙල්ලො
කොල්ලො මික්ස් වෙලා සෙල්ලම්
කරනවා.
සර් වුනත්
ඒකට ඒ තරං අකමැත්තක ්දැක්වුවෙ
නෑ.
ඒත් අපේ
පරණ සිංහල ආගම උගන්වන මිස්ලානං
සමහර දවසට නිකටෙ අතගහගෙන ඒවා
බල බල යනවා.
ඒ අය හිතනවා
අැති අපි දෙගොල්ල එකට සෙල්ලම්
කලාම කෙල්ලොන්ගෙ පෙට්ටිය
කැඩෙනවා ඇති කියලා.
කොහොම
හරි දවසක් මට සේපාලිකාගේ
පියයුරුවක් අතට පුරෝල අල්ලන්න
ලැබුනා.
මං ඇල්ලුවෙනං
නැහැ ඔන්න සෙල්ලං කරන කොට තමයි
අහු වුනේ අතට..මට
ගොඩාක් ලැජ්ජ හිතිලා මං ඒක
අත ඇරියා.
එදා
දවසට මට සේපාලිකාගේ මූන බලන්නත්
මොකද්ද වාගේ ගතියක් තිබුනා.
පහු වෙනිදා
උදේම ආහම මං සේපාලිකාගෙන්
සොරි කියලා කිව්වා.
එයා ඇහුවෙ
නැතෑ “මොකටද හලෝ සොරි” කියලා.
“ ආ හරි
මතක නැත්තං අවුලක් නෑ” කියලා
මං නිකං හිටියා.
ඒත් සේපාලිකා
මං දිහා සරදමට වගේ බලං හිටියා
මට මතකයි..
ඔන්න
එක නිවාඩු කාලයක් අවසානෙ ඊළගට
ඉස්කෝලෙ පටන් ගන්නකොට සේපාලිකා
ආවෙ නැහැ.
එයා එයාලයි
ගෙදර වැඩකරන්න ුආපු බාස් අයිය
කෙනෙක් එක්ක පැනල ගිහිල්ලා.
මට ගොඩක්
දුක හිතුනා.
වෙනදා
වගේ මල් තියන්න කෙල්ලො බුදුමැදුරට
එන්න ඇති.
පාරෙ මල්
ටිකත් අරං තවත් කෙල්ලො ඉස්කෝලෙට
එන්න ඇති.
නමුත්
සේපාලිකා නම් ඒ අය අතර හිටියෙ
නැ..
අනික
ඒ අයට සේපාලිකාට තරම් මාව
වැදගත් වුනෙත් නෑ.
පන්තියෙ
වැඩවලදි මගේ ළඟින්ම ඉඳගෙන මට
හිනාවෙන්න වත් කවුරුත් නෑ
කියලයි මට හිතුනෙ.
මේ ඉර හද
තරු වුනත් තියෙනකොට කිසි අගයක්
නැහැ නෙව.
නැතිවුනාම
තමයි අපිට වටින්නෙ.
ආන්න ඒ
වගේ සේපාලිකා නැති වුනාම ගොඩක්
දුකක් හිතට දැනුනා.
සේපාලිකාලයි
තාත්ත සැරලු සමහර දාට ගෙදරට
බීගෙන ඇවිත් ගහනවලු.
ඒත් අපේ
ගමේ ඒ විදියට බීගෙන ඇවිත් ගහන
තාත්තල කොච්චර උන්නද.
ඒ තාත්ලගේ
අනික් දූවරු ඔක්කොම පැනල ගියේ
නෑනෙ.
සේපාලිකාලයි
අම්ම වැරදි නිසා තාත්ත බොනවා
කියලා කේලං කියන ගෑනු ළමයි
මිස්ල හෙම කතාවුනා.
ඒත් ඒ වගෙ
වැරදියි කියලා ලේබල් ගැහිච්චි
අම්මල,
කොහෙහරි
ගිහිල්ල දවස් දෙක තුන අතුරුදහන්
වෙලා (මිනිස්සු
කියන විදිහට මොකෙක් හරි අයිලයෙක්
එක්ක නිදිවැදල)
ආයෙත්
ආපු අම්්මලත් ඉන්නවා.
ඒ වාගෙම
ඒ අයගෙ දූලත් සෝක් එකට ඉස්කොලෙ
එන්නෙ.
හේතු හදන්න
පුලුවනි.
ඒත ඒ හේතුවලට
ආයෙත් සේපාලිකා ඉස්කෝලෙ එවන්න
බෑ.
මං
ආයෙ කවදාවත්ම සේපාලිකා දැක්කෙ
නෑ.
එකක්
සේපාලිකා අපේ ගමට පොඩ්ඩක්
දුරින් සිටීම.
අනික තමයි
සේපාලිකා පැනල ගිය ගෝල බාස්
බොහොම දුර පලාතක කෙනෙක් වීම.
එයැයි
බොහොම යසට ඇති දැන්.
සමහර විට
ළමයිතුත් ඇති.
මට කලින්
මධූ කියන බූත ගෑනි හමුවුනේ
නැත්තං මං සේපාලිකාට අයි ලව්
යූ කියන්න පැකිලෙන්නෙ නෑ.
මං හිතුවෙ
අයි ලව් යූ කියන ජාතියෙ ඒවා
මට කරන්න බෑ කියලා.
කාලය
පියාඹලා ගියාට මතක කෑලි තාමත
්තියෙනවා.
දත්
පුරවන්න ගිය වෙලේ මට කලින්
ගිහුපු මනුස්සයගේ දතක් කලිං
ගලවලා තිබුනා.
ඉතිං ඒ
මනුස්සයා කියනවා “දොස්තර නෝන
මේ දත ගැලෙව්වට කෑල්ලක් ඇතුලෙ
තියෙනවා වගේ අහු වෙනවා” කියලා..
ඉතිං
දොස්තර නෝන හිනාවෙල කියනවා..දත
ගැලෙව්වම කෝමත් හකු ඇටේ ඉතිරි
වෙනවා.
හකු ඇටේ
ගලවන්න බෑනෙ.
ඒ හකු
ඇටෙත් එක්ක සවි වෙච්චි කෑලි
තව තියෙන්න පුලුවනි.
දැන් ඕ
කෑලි අයින් කරන්න බෑ.
ඒවයින්
එච්චර ආබාධයක් නෑ..
ඒත් තියෙනවා
කියලා දැනෙන්න පුලුවන්.
දත්
ගැලෙව්වට හකු ඇටේ ගලවන්න බෑ
වගේ සේපාලිකා මට ලව් නොකර ඉදලා
මගේ ළගින් ඉදලා ඈතට ගියාට එයා
නිසා මගේ හිතේ වෙච්ච මෙව්වා
එක නං කවදාවත් වෙනස් වෙන්නෙ
නෑ.
හරියට
දතක් ගැලෙව්වම එතනට තව දතක්
රීප්ලේස් කරන්න බෑ වගේ..
//දත් ගැලෙව්වට හකු ඇටේ ගලවන්න බෑ වගේ සේපාලිකා මට ලව් නොකර ඉදලා මගේ ළගින් ඉදලා ඈතට ගියාට එයා නිසා මගේ හිතේ වෙච්ච මෙව්වා එක නං කවදාවත් වෙනස් වෙන්නෙ නෑ. හරියට දතක් ගැලෙව්වම එතනට තව දතක් රීප්ලේස් කරන්න බෑ වගේ..//
ReplyDeleteමට උඹ ගැන දුකක් ඇතිවුණා බං මේක කියෙව්වම. ඒ තරම් ම ලස්සනට ලියලා තියනවා.
මම සමකය වටේ (samakaya wate)දුවන එකා
සේපාලිකා මල් ගහේ නැවතිලා, වන්දනාවේ ගියා සලමලුන්... :D
ReplyDeleteමේක පට්ටයි මචන්,
ReplyDeleteඔය හැගීම මාර අමාරුයි,
පට්ට තනිකමක්, නෑ එහෙමමත් නෑ. ඒ වුනාට මට කවුරුත් නෑ වගෙ කියලා හිතෙනවා. එහෙම එකක් ඕනිත් නෑ කියලා හිතෙනවා. කෑ ගහලා අඩන්න් හිතෙනවා. කදුළු එනේත් නෑ. අනේ මන්දා බන් ඕක හරි අමුතු හැගීමක්.
අත් දැකීමෙන් දන්නවා
මචන් මේ කතාව හිතට පට්ට විදිහට වදිනවා ඒ භාෂාව නියමයි..සුපිරියි. දතක් ගැලේව්වට හකු ඇටේ ගලවන්න බෑ වගේ තමයි සමහර දේවල් හිතෙන අයින් කලාට කවදාවත් හිතෙන අයින් කරන්න බැරි දේවලුත් තියනවා
ReplyDeleteඒ කාලේ අරන් බැලුවොත් ඕවගෙ කතා කීයක්ද?ඒක නෙමේ බං,අතට ගත්ත දේ කටට දාගන්න පින නෑ කියන කතාව තමා මට මතාක් උනේ...සමහරවිට එහෙම උනානම් බාස් වෙනුවට උඹව ආදේශ වෙන්න තිබුන කියලයි මට හිතෙන්නෙ නම්...
ReplyDeleteකියෙව්වෙමි/රස වින්දෙමි
ReplyDelete