Posts

Showing posts from April, 2012

හිරෙන් පැනීම (prison break)

හොරබඩු රැසක් එකවර දැලේ....

වපර පොලිස් ඇස් වල වපරය වැඩි කරලා
කිසිම ලෙඩක් නැති ලෙස වැඩ ටික සැට් කරලා..
අතර මැද වැටුනු ඔත්තුව කණපිට ගැහුවා හැමදේ..
සතර අතින් ඇවිදින් අපි කූඩුවෙ දෑවා...

මෙතෙක් කල් අසු නොවූ හෙර බඩු ජාවාරම අල්ලා ගත්තේ පොලිසියේ දක්සකම නිසයි...

දුන් පගාව මදිවෙලාද අලුත් එකෙක් එක් වෙලාද
මුදලාලිට පෙනුනෙ නැද්ද දන් නැහැ අයියෝ...
ගෙන ගිය බඩු අහුවෙලා ගුටිබැට මට සෙට්වෙලා
අපල කලක් ඇවිල්ලා කියල හිතෙනවා

හොරබඩු ජාවාරමේ සැකකරු යකඩ කපා පොලිසියෙන් පනී...

කියාපන් සුදෝ අම්මට එන්නෙ නෑ කියා...
මම ඉන්න තැන හොඳයි අවුලක් නෑ කියන් සුදා...
වෙන්න තිබු වැරදි ඔක්කොම නවත්තල දමා..
මා පැන්නෙ බැරි නිසයි ඉන්නට කූඩුවට වෙලා...

සැකකරු රටින් පිටවී ඇතිබව අවිස්වාස අකටයුතු ආරන්චි මාර්ග කියයි..

අම්ම දුන්නු බත් උගුරෙන් පහල වැටෙන් නෑ..
දැන් ඉන්නෙ පිටරටක තනියම කාරුවත් ම නෑ
වෙන්න තිබු සියලු දේ වල් අතැර දා මෙසේ
අන්න වුනේ අයි කරුමෙද මන්ද මෙමාගේ..
වෙසක් එකට විරිදුවක් දාන්න කියල ගියේ..ඒත් වෙන ට්‍රැක් එකක් හැදුනෙ..අහලම යන්න ඈ..Prison break by indika27

මන්ද කරුවලේ කින්නරාවිය ( 02 වන කොටස)

කාලය සමග බොහෝ දේ වෙනස් විය. වෙනස් වන්නට වන්නට මා වෙනස් වීම කල නොහැකි දෙයක් විය. වැඩ ඉවර වී මා සවස පහයි තිහ වන විට ගෙදරය. චූටි දුව දවසම වැඩකරන කෙල්ල සමග සිට එපා වී මා එනතුරු මග බලා සිටී. ඉන් පසු සෙල්ලම පටන් ගනී. බැංකු සේවිකාවක් වූ නිසාත් එය පුද්ගලික බැංකුවක් වූ නිසාත් කුසුම් කාර්යබහුල විය. එසේම ඇය තවත් විභාග ගානක් දාගෙන තිබුනාය. කෙමෙන් කෙමෙන් නිවෙස් පාලනය මා වෙත එන්නට විය. එලවලු ගෙන එන්ම පවා මා විසින්ම කරන ලදී..
                ඔය අතර දිනක් මට කුසුම්ගේ බැංකුවේ සිටින මගේ යාලුවෙක් හමු වෙන ලදී. පෙර පුරුදු පරිදි බෙබා පාරක් දැමීමට සිතා මාත් ඔහුත් පොට් එකකට ගියෝය. මචං වරදක් හිතන්න එපා. මං මේ වැරද්දක් කරනව ඇත්තෙ. ඒත් උඹ ගැන හිතල තමයි කියන්නෙ. කියලා තටමා තටමා අවසානයේ ගින්න අවුලුවන ලදී. එනම් තරුණ හැන්ඩ්සම් කොල්ලෙක් වූ නව බැංකු කළමනා කාරයා කුසුම් සමඟ වැඩිපුර ඇය හාඳයි පවත්වන කතාවක්ය. මට ඉරිසියා වැඩිවිය. නමුත් ස්වභාවයෙන්ම පරාජිත මා පරාජය භාර ගැන්මටම සූදානම් විය.
ඒ සඳහා තවත් දැඩි උත්ප්‍රේරකයක් වූයේ මා බැලූ සිනමාපටයකි. ඒ සිනමාපටයේ සිටින සාමාන්‍ය පවුලක සැමියාට ටික කලක් යනවිට තරමක් ධනවත්ව පවුලක සිටි සිය…

මන්ද කරුවලේ කින්නරාවිය ( 01 වන කොටස)

Image
මෙට්ටය...
මේ මෙට්ටය ලේයර් කිහිපයක් ඇති එකකි. මෙය ගත්තේ අපි බැන්ද අලුතය. මේ මත හිඳ කල කී දෑ බොහෝමයක් මගේ මතකයේ ඇත. එකට හිටියත් වෙනස් දෙදෙනකු වූ අප දෙදෙනා එක්කලේ මෙහිය. මෙය ඇතිකල කතාන්දර ජීවිතය සුවපත් කලේය. එක් කලෙක කුසුම් අපේ ළමයා වූ නිශ්‍යානි නලවන්නටද මෙය භාවිත කලේය. ඉන් පෙර කලෙක ඇය මාව නැලෙව්වේ මේ සයනය මත සිටය. මේ මෙට්ටය ගැන්මට යෑමද අපි දෙදෙනා අතර ගැටුම් ඇති කලේය. ඇය තේරු ලේයර් ගානක මේ මෙට්ටයට වඩා මගේ අදහස වූයේ සුවල්ප මෙට්ටයක් සුදුසු බවය. නමුත් ඇගේ ලස්සන ඇස් දින්නාය.  ඇය විසින් මෙට්ටය ගන්නා ලදී. මේ ඇඳ උඩ සිට දුව වඩාගෙන ඉහල පහල පද්දන විට මට කේන්තිය යයි. මා කන්තොරු යායුතුය. නමුත් දුවත් මේ කුසුමුත් නැලවි නැලවි තවමත් ඇදේය. ඉතිං මා පටන් ගන්නේ මේ “ ඔය ලමයට හොඳ නෑ ඔය මෙට්ට උඩ තියල පැද්දිල්ල” දොයි පුතේ.....දොය් දොය්යා... යයි කුසුම් ළමයා නලවයි..ඒ තර මගේ දෙස බලා..එහනං තාත්තට විතරයිද හොඳ මේකෙ නැලවෙන්න. කියා අසයි. මං බොරුවට පුප්පා ඇතුලින් සිනා සී යයි.

මෙහි ආ මුල් කල අපි දෙදෙනාට එකට වැඩ කිරීම අරහං විය. බොහො ්කලක් තනිවම සිටි දෙදෙනකු නිසාත් මුරංඩු කේස් දෙකක් නිසාත් ගැටලු රාසියක් ඇතිවිය. මාත් ඇයත් දෙ…

ගමට අයි සී ටී ගෙනගියොත් මක් වෙයිද?

Image
දැනට අයි සීටී තියෙන ගැමියන් කරන කියන දේ....දැනට ලංකාවේ බොහෝ දෙනා විදෙස් ගත වි රැකියා කරයි. ඔවුන්ට කෝල් කරන්නට මරු ක්‍රමයක් දැන් ඇත. එය ඉස්කයිප් හෝ ගූගල් ටෝක්ස් වෙයි. දැන් දැන් ඉස්කයිප් මාර ජනප්‍රිය මෘදුකාංගයකි. කොරියාවේ හෝ මැදපෙරදිග සිටින සහෝදරයාට සැමියාට කතා කර විස්තර දැනගැන්මට ලමයාට බත් නොකන විට තාත්තා පෙන්වා බත් කවාගැන්මට ඉස්කයිප් වැදගත්ය. ඒ හැර අයි සීටී වලිං ලංකාවෙ අයි සීටී ඇති ගම්මු කොරගන්නා කෙංගෙඩියක් මං නං දන්නේ නැත. කම්පියුටර තිබුනත් ඉංගිරිසි දන්නේ එහෙමත් එකෙකි. ඉංගිරිසි දැනගන්නා අයට නං කොම්පියුටරයෙං යමක් කමක් සොයා දැනගත හැක..එවන් බුද්ධිමත් පරපුරක පිරිමි ලමුන් වැඩියෙන්ම බලන වෙබ් අඩවි වන්නේ වැලය. වැල යනු අසැබි දසුන්ය.  ඊට අමතරව ඉතා ආදර්ශමත් හොලිවුඩ් චිත්‍රපටි බොලිවුඩ් ච්ත්‍රපටි බාගන්නට ටොරන්ට් නැමැති දේ හරහා පුලුවන්ය. අයි සී ටී ගමට ගෙනියනවා යනු දැනට අර්ධ නාගරිකව පවතින මේ සෙප්පඩ විජ්ජා ටික ගමට පොම්ප කිරීමය. ගෙදර පරිඝනකයක් තිබුනාට තවම බොහෝ දෙනෙක්ට සිංහල පොන්ට් එකවත් බැරිය. එනිසා ලියුං කරදහියක් ටයිප් කරගන්නා අයද අඩුය. අවැසිම උනත් අතින් ලියා හෝ හංදියේ ටයිපිස් අක්කා කෙනෙක්ගෙන් ටයිප්…

මාද කඩේ යමි.

Image
බසයකි. එහි කතාවකි. අවුරුදු දවස් නිසා බීමත් ගතියක් පෙනේ..මා සෙට් වෙන්නේ අතරමැදිනි.එනිසා මුල් කෑලි නැත.
හරි මොක උනත් හාබර් එක හැදුව හම්බන්තොට කෝ නැව්? කෝ උඹලයි මහ එකා කිව්ව දියුණුව? 
ආ ඒක වැදගත් පස්නයක්, මේ ඔහෙ බලල තියෙය් අර ගලිවර් ෆිල්ම් එක..?
අර ලොකු කොල්ලෙක් අයි පෝං එකක් අරගෙන ලිලිපුට්ටන් බලන්න යන එකනේ..අපේ ගෙදර මොකද්ද සීඩි එකක් තිබිල මං හොරෙං ගිහිං අරිං එකක්ද දන්නෑ කියල දාල බැලුව, බැලින්නං ගලිවර් නරක නෑ...හරි ගලිවරුයි ලොක්කයි අතර තියෙන සම්බන්දෙ මොකද්ද??දැන් ඔවැයි කියන්නෙ ඔයැලැයි ලොක්ක ගලිවර් වගේ කියලද,?
කවුද හලෝ එහෙම කිව්වෙ දැන් ඔහෙලනේ එහෙම හිතන්නෙ. උන්දැ නායකය වෙච්චි ඒත් ඔයාල කියන්නෙ ගලිවර් ෆිල්ම් එකේ අර ලිලිපුට්ටන්ට විරුද්ද උන්ගෙ නැව් ඇදල වෙරළට ගේනව වගේ ඈත මූදෙ යන නැව් ඇදල අරන් වරායට දාන්න කියලයි??ඔන්න අපි වරාය හැදුව නැව් යන පාරක. ඒත් ඉතිං නැව් එන්නෙ නැත්තං මොකක් කරන්නද හලෝ. කතා කරල අර කතරගම මල් ගන්න වගේ එන්න හම්බන්තොට එන්ඩෝ කියලකතා කරන්නයැ...අනික ඔයාලැයි ඔය බුද්දිමත් අයත් ගිහිං මොනාහර කරල රට වල නැව් ගෙන්නගන්න උත්සාහ කරන් එපැයි...රට රකිනව කිව්වට නැව් එන්නෑ කියල හූ තියනව විතරයි...ඔය කො…

කිඹූලා ඇල්ලීම

Image
කිඹුලා ඇල්ලීමට ප්‍රථම කිඹුලා දැමීමට තැනක් සොයා ඇති වගක් පේන්නට නැත. කිඹූලා අල්ලා කුදලාගෙන කොළඹ අධිවේගි මාර්ග පිවිසුමටත් කිට්ටු වුනාට පසුව අපේ සත්තු වත්ත කිඹුලා එපා කියා තිබේ. සත්තු වත්ත අයිති චන්ද්‍රසේන ඇමටි තුමාට නොව්දැයි නොදනිමි. නමුත් ඒ දේ වෙලා ඉවරය. දැන් ඒ තෙත් කලාපික ජලාශයේ සිටි කිඹුලා ශුෂ්ක කලාපයේ වෙනත්ම ජල පද්ධතියක ඇත. පරිසර සංවිධාන වලට ඇත්තේ මාර මොලයකි. දහසක් ආන්ඩුවේ ප්ලෑන් වැරදියැයි කටමැත දොඩවන පරිසර සංවිධාන සහ සත්ව වේදින් මේ අවස්ථාවේ කිඹුලා අල්ලන්නට පෙර දාන තැන ගැන සිතා නැත. එය මාරය..


කිඹුලන් වැඩිවීමට හේතුව සොයා බලා හෝ කිඹුලන් මිනිසුන් ආහාරයට ගන්නට හේතු සොයා බලා කිසියම් පරීක්ෂණයක් සිදු වූයේ දැයි නොදනිමි. එහෙත් පෙනෙන ආකාරයට එවැන්නක් නැත. දකුනු ඇලයෙන් සක්මන් කර වම් ඇලයට පැන වැදුනු දත් පහර හේතුවේනවූ ලේ ගැලීමෙන් සිදුවූ මරණයක්හෝ එවන් බ්ලා බ්ලා බ්ලා රිපෝට් එකක් නම් එන්නට ඇත. නමුත් කිඹුලන් මිනිසුන් අතරමේ ගැටුමට හේතුව විද්‍යාත්මකව සෙවීමේ කිසිදු උත්සාහයක් නම් පේන තෙක් මානයක නැත. 

මේ ගැන වෙනත් තැනක වූ කතාවක් මා රබර් කණ දාගෙන අසා සිටියෙමි . එහිදි අපේ කන්තෝරුවේ මහත්මයෙකු දැක්වූ අදහස් අනුව…

මනා ලෙසින් ඇඳ

මනා ලෙසින් ඇඳ කර මාල බන්දලා..
සලා උකුල් තල සිත නුරාවෙන් පෙලා
වලා වලින් බට සුරදූතියක් වෙලා
නොලා සිනා ඇයි යන්නේ ඉවත බලා...

.ෂීන වලට මගෙ ඔබ හොරෙන් එබෙනවා...
මාන බල බලා මා ඔබව සොයනවා
පාන සිනා කැන් ඉවතට මාව පෙලනවා...නුඹ
පේන මාන යේ ඇස් අැලිලාදෝ මන්දා...

නුඹ පේන මානයේ ඇසි ඇලිලාදෝ මන්දා...

තරුකැට වෙන පාටකි- නෑ එහි  ඔය ඇස් ඇත්තේ
ආවට හරි බෝමැති- සඳ නෑ ඔබ සම වන්නේ
සුර දූ....තිකාවන් වත් -නෑ ඔබ වන් සිත ගත්තේ
මා මාර පුත්‍රයෙක් දෝ ඔබ හට මා දිස්වන්නේ...

මම බල්ලෙක්මි...2 වන පරිච්චේදය

Image
බැල්ලට පැටව් ලැබෙන බව කීවේ ඈමය. ඉන්පසු අපේ ගෙදරිනුත් ඈට යම් සැලකිලි විය. කොච්චර උනත් අපේ ටාසා (මගේ නම) ගේ පැටවු නේ ඇත්තෙ...කියා දිනක් අපේ කුස්සියේ උයන්නට සිටින කමලිනි අක්කා බත් මාලු පිනි ගොඩක් පාරෙන් එලියේ ඩැසීට දැමීය. ඩැසීට මට මෙන් එලියේ සිටින්නට වෙලාවක් හෝ කලාවක් නොවීය. සිකුරිටි ගෙදර ලගට ගොස් කොළයකට බත් දමා ඒම සමහර දිනවල කමලිනි අක්කා කලේය. ගෙදර මහ උදවිය හෙවත් ලොකු නෝනාගෙන් එයට විරුද්ධත්වක් නොවුනි. ඩැසි හමුවුන විට වේදනා රෝග රාසියක් ඇයට ඇති බව කියයි. මං නිසානෙ ඔයාට මේ දුක. මා වරක් කීය. ඇය එවිට මා සිත සැනුසුවේ..ගෑනු අපි මේව ඉවසන්න එපැයි ඉතින්. ඔයා නිසා හෝ වෙන කෙනෙක් නිසා හෝ අද මං මේ තත්වයට පත් උනා. අම්ම කෙනෙක් කියන්නෙ ලොකු වගකීමක්...
ඉදින් එවැනි පෙංබස් දෙඩුවත් පෙර මෙන් එතරම් ආලයක් වෙලීමක් නැතිය. එනිසා එය එතරම් නැගලා යන වැඩක් නොවීය. තනියම ලෝකයට හොරා වෙනමම ලෝකයක සිටි මට දකින්නට සිටි බලු සනුහරේ අඩු නිසා මෙවන් දෙයක් සිදු වන බව අවට බල්ලන්ගේ මතය විය. සාමාන්‍යන් බලු පූට්ටුවක් නොහොත් සුනඛ ලිංගික එක්වීමක් අවසානයේ මනුස්ස පවුල් මෙන් පසුව ගොස් සුවදුක් බැලීමක් නොවන ්බවත් එය බලු ජාතියට නිගාවක් බවත් …

මම බල්ලෙක්මි...1වන පරිච්චේදය

Image
.මා කලුය තඩිය, උසය මොකක් හෝ ලොකු පරං පරාවකින් පැවත එයි.මං ලොකු වූයේ වෙනත් නිවසකය නමුත් මොකක්හෝ නිසා මටමේ ගෙදරට එන්න විය.මේ ගෙදර සිටින අය මට කැමතිය.මා ආ දිනවල මෙන්ම අදත් මාව නාවා කවා පොවා බලාගනී. නමුත් කූඩුවක ලා තැබීමට වග බලා ගනී. මට නිදහස කියායම් දෙයක් ලැබුනේ වී නම් ඒ අලුතින් පැමිණ සිටින වැඩකාර කොල්ලා නිසාය. දවස තිස්සේම බලු කූඩුවට හෝ වත්තට වි  සිටි මට එලියට යන්නට ලැබුනේ ඒ කොල්ලා නිසාය. බලු කූඩුවේ බලු කක්කා ඉවත් කිරීමටඒ කොල්ලා අකමැතිය.ඌ මාව පාරේ මල පහ කරවීමට පුරුදු කරවීය. පලමු දිනවල පාරේත් කූඩුවෙත් යන දෙකේම මල පහ කලමුත් කාලයක් යනවිටමා වැඩයට පුරුදු විය.
පසුව මට ටිකක් එහෙ මෙහෙ යන්නට ඇර ඒ කොල්ලා පෝං එක කනෙ ගහං කනුවකට පිට දී බිම හාරයි නැත්තං ගසක කොල එකිනෙක කඩා අඹරයි. කුමක් හෝ කරනවා ඇත. එහෙත් මට එය වැදගත් නැත.
ඒ අතරය මට ඩැසී හමු උනේ..ඩැසී අහල පහල ගෙදරක බැල්ලකි. ඇය දුප්පත් ගෙදරක දුප්පත් බැල්ලකි. ඇය බලු කාන්තාවකගේ සියලු ලක්ෂණ වලින් පිරිපුන්ය. මනුස්ස ගෑනු මෙන් ලොකු තන් ලොකු පුකවල් නැති මුත් ඒ බැල්ලි ලස්සනය. ලස්සනද දන්නේ නැත එහෙත් මට හිත ගියේ ඈ වෙතය. වෙනත් බල්ලන් සහ පසුව හමුවූ බැල්ලියන් කිවු පරිද…

අලුත් අවුරුද්ද මොඩ් කරමු

මා දුම්රියට නගින දුම්රිය ස්ථානයේ කුඩා පවුලකි. පවුලක් කීවාට එතන ඇත්තේ දෙදෙනකි. ඔවුන් නම් මවක් සහ ඇගේ කුඩා පුතුය. බහ තෝරන යම්තම් ඇවිදින වයසෙ  පුංචි දරුවෙකි. මේ දෙදොන දුම්රිය ස්ථානයට එයි. ටික වේලාවක් මව සමග පුතා බංකුවේ වාඩි වී සිටින මුත් ටිකකින් පොඩි එකාට ඇවිදීමට උවමනා වෙයි. ඔහු ඇවිදින්නට යයි. කන්තෝරු යෑමට සැරසී සිටින ඇඳුෙමන් සිටින පොඩි ලමයාගෙ මව කොල්ලා පසුපසින් ගොස් ඔහුව අල්ලයි. දුර යෑමට නොදෙයි. ඔය විච්චූරණය අතර බිම දුවන්ට හදන කොල්ලා අල්ලා ඔහුගේ අම්මා විසින් වඩා ගනී. වඩා ගන්නා විට ඔහු ගේ මූන බෙරිය. වඩාගත් පසු කොල්ලාට කෙලින්ම බිත්තියේ ඇති පිංතූර ටිකක් පෙනේ. එනම් බුදුන් ප්‍රමුඛ මහ සංඝයා දනට වඩින පිංතූරයකි. ඒ වඩාගෙන අම්මාගේ අතේ සිටින පොඩි ලමයා අත්දෙක එකතු කර සාදු කියා අර පිංතූරයට වඳියි. එක දවසක් නොව මා කීප දිනක්ම පොඩි ලමයා එසේ කරනු දිටිමි. 
දිනක් දෙකක් මවට සහ පිරිසට මේ සිද්ධිය පෙනුනු අතර අනෙක දිනවල ඔවුන්ට මේ පුතාගේ වැඳීඹ නොදක්නා ලදී. දිනක් ඒ තරුණ මව පැවසූ ආකාරයට එ් කුඩා ලමයා දිවා කල ගත කරන්නේ ආච්චි සීයා සමගය. ආච්චි සීයා දෙදෙනා විසින් අර කුඩා ලමයාට බුදුන් දුටුකල වැඳිය යුතු යැයි උගන්වා තිබේ. …

උම්මග්ග කතාව (ටනල් ස්ටෝරිය)

.දඩස් බඩස් නදින් යම් කිසි කැනීම් කරන හඩක් අවටින් ඇසේ)

අන්ද්‍රෙයි:-මොන බම්බුවක්ද ඕයි. පාර හරහා කානු ඩ්‍රිල් කරපු අපිට මේ ගල්කඩපු අපිට මේ කොන්ක්‍රිට් ගොඩවල් කපන්න සෙට් වුනේ..
ලූෂා:- තමුසෙට අමතක වෙනව නේ හැමවෙලේම මේකෙ තියෙන වටිනකම..ඉලක්කෙ හරිගියොත් මිලියන දහයයි ඉලක්කය වැරදුනොත් ඉතින් පොඩ්ඩක් විතර පාඩුයි..ඒත් එකක් මෙතෙක් කල් පාරෙ වලවල් හාරපු කානු අගල් ගහපු බොලාට මේක කරන්න පුලුවං..මතකයිද අර කන්දක් උඩ ග්‍රවුන්ඩ් එකක් හදල..වැස්ස වෙලාවක මැච් එක ගහන්න බැරි උනාම අපි ජීපිඒස් වලින් කවුන්ට් කරල විල හොයල ටනල් එකක් ගහල වතුර ටික බැස්සුව..හරියටම..හරියටම විල හොයාගත්තෙ කෝමද කියන එක උන්ට පුදුමයි..කොටින්ම මැච් එක සෙල්ලම් කරන් ආව මොගෝලියානුවෙකුත් මගෙන් ඇහුව කෝමද මේ වගේ තැනක වතුර බස්සවන්න ක්‍රෙම හොයාගත්තෙ කියල…හෙහ් හෙහ් හෙහ්..
අන්ද්‍රෙයි:- ඔව් ඉතින් එදානම් වැඩේ හරි ගියා තව මතකයිද…අර ස්ටොලින්හෙල් වල ලොකු බිල්ඩිමක් කැඩුව..ලූෂ මහත්තය මංහිතුවෙම එහා පැත්තෙ තියෙන ටොයිලට් එක අහුවෙයි කියල…යතුරයි පාස් වර්ඩ් එකයි නැතිවෙලා තිබුන වෙලාවෙ සල්ලි ටික එහා බිල්ඩිමෙ පහත මාලෙට කෙලින්ම ගෙන්න ගන්න ගැහුව ටනල් එක…අපේ සුදෝකුර්ගෙ අත්දෙ…