Wednesday, May 29, 2013

ඉන්දරතනලා බිහිකරන ක්‍රමයට ජයවේවා

සමහරු මේකට ධර්මය ගාවන්න හදනවා. තවත් අය එහෙනම් ඔක්කොම මස් නොකා ඉමු කියනවා. ධර්මානුකූල වුනත් නොවුනත් අපිට මොකද? අපිට පාන්ද? ඒ මනුස්සයාගේ තිබුන පිස්සුවකට ඒ මනුස්සය මලා ඉතිං අපි මොනවා කරන්නද?

මේ ඇවිල්ලා මනුපොතේ එක්තරා බුද්ධිමතකුගේ කමෙන්ටුවක්. අපි බ්ලොග් ලියලා ස්ටේටස් දමලා දැනුවත් කරන්න යන්නෙ මුන්ද කියලා එතකොට හිතෙනවා. ෆීඩින්ද මන්කි කියලා බ්ලොග් එකක් තියෙනවා. ඒකෙ අදහස් කෙසේ වෙතත් මම ඒ නමට කැමති. මොකද ලංකාවෙදි උගත් වුනා කියලවත් තානාන්තර ලැබුනා කියලවත් මිනිස්සු මානසික වශයෙන් ඉහලට යෑමක් නැහැ. ආකල්ප වෙනසක් නැහැ. හිටිය තැනමයි. මනුස්සයෙක් ගිනිතියාගෙන මැරුනම ඒක දිහා බලාගෙන සෙට් එකක් කැමර් අල්ලගෙන හිටියම. ඒක රට පුරා නිවුස් එකක් විදියට පැතිරෙන ගත්තම. ඒත් කිසිවක් ඇඟට නොදැනි ඉන්නවා කියන්නෙ මේ යුගයේ මනුෂ්‍යයින්ගෙ නියම නියෝජනය.

මේ ලෝකෙ දෙවියන් මවල ඉවරයි. ඉතිං අපි අපේ වැඩක් බලාගෙන අපේ දෙයක් කරගන්න. ඒ ඇර මොකද්ද වෙන කරන්න තියෙන්නෙ. අපිට පුලුවන්ද බාං ලෝකෙ වෙනස් කරන්න. එහෙම හිතන අය බොහෝමයි. ලංකාවෙ පුටු වල ඉස්සරහින් ඉන්නෙත් ඔය වගේ අදහස ්තියෙන අය. ලෝකෙට පේන්න එක එක දැන්වීම් දැම්මට ඒවා ඇතුලෙ ඉන්නෙ අනික් එකාට හෙන ගහල ගියත් මගේ ආතල් එකට හානි නොවනවා නම් කමක් නැහැ කියන කුහක හැත්තක්.

මොනව උනත් සමාජයට අයිති මෝඩ මිනිස්සු බුද්ධියෙන් අඩු මිනිස්සු එක එක විකාර වැඩ කරනකොට අපි අනුකම්පා කරන්න ඕනි. අපි ඒ මිනිස්සුන්ට තවත් ඒ විදියෙ දේවල් වෙන්න ඉඩ තියන්න නරකයි. සිවුර තිබුනා. සීලෙ තිබුනා, මිනිහා දේශපාලනය කලා නොකලා ඒ අපේ ඇස් පනාපිට පිලිස්සිලා මියගියේ නලුවෙක් නෙමෙයි. සාමාන්‍ය මනුස්සයෙක්. ඒක තව ජේමිස් බොන්ඩ් එකක පිච්චිලා ගිය චරිතයක් නෙමෙයි. ආයෙ මනුස්ස ලෝකෙට නොඑන්න අවීචි මහා නරකාදියටම යන්න ඇති කියලා හිතන්න පුලුවන් මනුස්සයෙක්.

මැරුණ හාමුදුරුවොත් ඒ පැත්තට කතා කරන අයත් කියලා තිබුනා දළදා මාලිගාව වටේ හොටල් තියෙනවාය. දළදා මාලිගාව අසලම පේන මානයෙ මස් කඩ තියෙනවාය. ඒ වා දැක්කම පිළිකුල් හිතෙනවාය කියලා කතාවක්. මොන අරමුණින් කිව්වත් කතාව ඇත්ත. ලංකාවෙ මස් විකුනන විදිය දැක්කම හිතෙන්න නැහැ අපි ශිෂ්ඨාචාරයට ඇවිත් තියනෙවා කියලා. කොක්කෙ එල්ලලා සතාගෙ ගාත් පිටින් ලේ වැක්කෙරනවා. එතකොට අපිට පුදුම කැතක් ඇතිවෙනවා. අනික ඒ මස් වල ප්‍රමිතිය. තියෙන්න පුලුවන් විශබීජ ආදිය ගැන නිසි පරීක්ෂණ වෙන පාටක් නම් පේන්න නැහැ. ඔහෙ කොහේ හරි යන හරකෙක් හෝ සතෙක් මරාගත්තම කොක්කෙ එල්ලලා කෑල්ල කෑල්ල කප කප විකුනනවා. ඕක දකින්න අප්‍රසන්න දෙයක්.

ඉතිං ඔය තරං කැත නැහැ ෆුඩ් සිටි වල තියෙන මස්. හරි ලස්සනට යකෝ මේ හරක් මස්ද කියලා හිතෙන තරමට ලස්සනට පැක් කරලා තියෙනවා. මස් වල ප්‍රමිතිය, කල් පැවැත්ම, කල් ඉකුත්වීම ආදිය බලලා. නියමිත පරිදි ශීත වෙනවාද කියලා බලන්න පී ඇච් අයි මහත්ැන්ට කියලා. ගාත් පිටින් කොකු වල එල්ලගෙන කරන මස් වෙළඳාම ශීතකරණයක් ඇතුලෙ දාගෙන විකුනන්න කියලා නීති ගෙනාවනම් ඒක ඒක ලස්සනයි නේද? එහෙනං දකින එකා ට ඒ තරම් පිළිකුලක් ඇතිවෙන්නෙ නැහැ නේද?

අනිත් කාරණාව තමයි දළදා මාලිගාව වටේ මස් කඩ තියෙන එක. අපිට මතකයි කොළඹ සාන්ත ජෝන් මාලු කඩේ. ඉස්සර ඔතනින් බල්ලට යන්න බැහැ ගන්දස්කාරෙ. දැන් එතන මාලු කඩේ නැහැ. මාලු කඩේ එතනින් කට් කරලා පෑලියගොඩ එල පොට් එකක පේස්ට් කරලා. ඉතිං ඒක කලේ අපේ මේ ආන්ඩුව. නගර සබාව නෙමෙයි මධ්‍යම ආන්ඩුවෙම තීරණයක් අනුව තමයි මාලු කඩේ පිටකොටුවෙන් අයින ්කරලා පෑලියගොඩට දැම්මෙ. ඉතිං නුවර දළදා මාලිගාව අවට කිලෝමීටරයක් දෙකක් යනකල් වත් තියෙන මස් කඩ ටික ටිකක් ඈත තැනක් හදලා ලස්සනට ලොකු බිල්ඩිමකට පැක් කලානම් යසයි නේද?

ඉඩකඩ පස්නයක් තියෙනවා නම් කාර් සේල් වගේ ඒවා දලදා මාලිගාව තියෙන තැනට ගෙනල්ලා මස් කඩ ටික ඈතට දමන්න පුලුවන් නේද? කාර් ගන්න තැන් වල කවදාවත් ලොකු සෙනගක් නැහැ. ඒ වගේම ගඳක් පිලිකුලකුත් නැහැ. ඒ නිසා පූජා නගරයේ බැතිබර ගතියත් රැකිලා වෙලෙන්දන්ට අවශ්‍ය ඒ ඒ තැනත් ඒ ඒ තැන්වලදි ලැබෙනවා.

ඉතිං ඕවා කරන්න ගියාම ලැබෙන තම්බි චන්ද කෑලි ටික නැති වෙනවා. ඒකට ආන්ඩුව කැමති නැහැ. කොළඹ නම් ඉතිං ආන්ඩු පක්ෂයට විරුද්ධ පැත්ත හැමදාම දිනන නිසා එහෙ ඕනි වැඩක් කරනවා.

අනික තමයි මුස්ලිම් කේස් එක. මුස්ලිම් හෝ වේවා සිංහල බොදු හෝ වේවා මේ තරම් මිනිස්සු අතර ගැටුම් ඇතිවෙන්නෙ ආන්ඩුව නිසා. ආන්ඩුව නීතිය කියන එක සලකන්නෙ නැහැ. මොන තරම් මේවගේ දේවල් වලදි පැත්තකට වෙලා අත් බැදගෙන හිටියත් රාජපක්ෂියන්ස් ලා මේවාට වගකියන්නම ඕනි. රටක් නම් නීතියක් තියෙන්න ඕනි නමුත් මෙහෙ නීතියක් නැහැ.

දවසක් තරුණ කොල්ලො දෙන්නෙක් බීලද මන්දා බස් සෝල්ට් එකක කතාව. මේ බලහං බං මේ *ත්තෙ පිරිතක් දාල මේ හැන්ද වෙලාවෙ මොන *කයද බං පිරිත් අහන්නෙ? ඒක තමා ..මේ හුන්නාන්සෙලාටත් නිකං කාල නිදාගන්න බැරි හැටි. අපේ ගෙවල් පැත්තෙත් උදේට දානව බං පල්ලියෙ අඳෝනාවක් එපා වෙනවා ඕයි. රෑට වයිප් නිදාගන්නෙ පරක්කු වෙලා නිදහසේ පොර අල්ලන්න තියෙන්නෙත් උදේට. කොහේද ඒකට පල්ලියෙ *කයා නැගිටලා පාන්දර කෑ ගහන එකක් දානවා ඒකට කුලප්පු වෙච්ච අපේ එවුනුත් අනක් පැත්තෙන් පිරිත් දානවා. මුංගේ අදෝනා වල බීට් එකට තමයි අපිට බඩු ගහන්නත් වෙලා තියෙන්නෙ.

හිතුන එකාට හිතුන තැන වඳින තැනක් අටෝගන්නවා, ඉන් පස්සෙ මොකෙක් හරි මහ එකෙක් ගෙන්නලා එතන පොර සිටි එකක් හදාගන්නවා. අවට මිනිස්සු කොයි තරම් විරුද්ධ වුනත් තමුංගේ ගමේ තියෙන පොට් එකට වඩා මේ අලුත් පොට් හොඳයි කියලා හිතලා නවත්වන්නෙ නැතුව ක්ෂණික පවර් ගන්න එන ගොං හැත්ත නිසා ඒ තැන් ජනප්‍රිය වෙන්න පටන් ගන්නවා. ඉන් පස්සෙ ඒ පැත්තෙ පලාතෙ ඉන්න මනුස්සයෝ ටික අර උං කියන කාලසටහනට අනුව ඉන්න ඕනි.

මේක මොන ආගමට වුනත් එකයි. දියුනු රටවල මොන ආගමට වුනත් සීමා තියෙනවා. හිතුන තැන්වල හිතුන දේවල් අටවගන්න බැහැ. කොච්චරවත් ඩෝප් කාරයොය් බඩුයි කැරකෙන හතරමං හන්දි වල අපේ අය බුදුපිලිම හදලා සීමා මායිම් වෙන් කරන්න යනවා. ඒ අස්සෙ අනික් තොප්පි කාරයො ටික යන්තං පැටෑවො ටිකක් ගහගෙන පැල් කෑලි දහයක් විතර අටෝගත්තම එතන යාතිකා මධ්‍යස්ථාන දාන්න යනවා. තව ඉන්නවා එන් ජී ඕ කෑලි ටිකක්. මිනිස්සුන්ට සල්ලි බෙදලා අලුත් ජාතියෙ ආතල් එකක් මිනිස්සුන්ට බෙදන්න යනවා. මොන විදියෙ සහන මේවා හරහා සුලු පිරිසකට ලැබුනත් නීතියක් තියෙන පද්ධතියක නම් හිතුන හිතුන අයට මේ විදියෙ ඇඩ් දාන්න බැහැ.

මහනුවර නගරයට නිසි පූජාභූමියක් විදියට සැලසුමක් තිබුන නම්...

හරක් මරන්න හරක් මස් විකුනන්න දියුනු වැඩපිලිවෙලක් තිබුන නම්..

එක එක ජාතියෙ ආගම් කාරයොන්ට ඒ තමුංගෙ බලය තියෙන තැන්වල හරි නැති තැන්වල හරි උන්ට ඕනි විදියට නටන්න පුලුවන් විදියට නීතිය බල්ලට ගියේ නැත්නම්..

අර ගිනිතියාගත්ත මනුස්සයට ඒකට තිබුන හේතුවලින් බොහොමයක් නැතිවෙලා යනවා. ඒ කියන්නෙ ඔයාල අනේ හරී ෂූයි කියන ඔයාලගේ ආන්ඩුවම මේවා වක්‍රව වගකියන්න ඕනි. ඒ තොප්පි කාරයො ඒ අයට ඕනි විදියට උඩ දාන්නෙ උන්ට පිටරටින් තියෙන පවර් එකකට නෙමෙයි. මෙහෙ කිසිම දේකට නීතියක් නැති නිසා. මෙහෙ නීති හදන්නෙ අමරිකාව නෙමෙයි. බුරිය අතගාල චන්ද කෑල්ල ගන්න ඔබේ මන්ත්‍රිතුමාල ඉන්න පාර්ලිමේන්තුව.

මගේ යාලුවෙක් ඉන්නවා සත්තු ගැන දන්න. මිනිහා පූසියන්ගේ වලිගෙට උඩ හරියෙ තැන් කීපයක් ගානට අතගානවා. අනේ එහෙම අතගානකොට පූසී චූන් වෙලා නැට්ට උස්සනවා. ඒ පූසි හොදට මෝල් කරන්න පුලුවන්ලු ඒ විදියට වල්ගෙට උඩ හරිය ක්‍රමානුකූලව අතගෑවම. ඒ වගේ අපේ රටේ ඉන්න සාමාන්‍ය ජනතාවත් බොහොම ලස්සනට මීඩියා වලින් ෆෝම් කරනවා. ඉන් පස්සෙ අර පූසිගෙ පිට අතගෑවම නැට්ට උස්සලා අහවල් එක උස්සලා පෙන්නනවා වගේ අපේ අයත් මෝල් විකාරනේ ගිහින් චන්ද ටික අර ෆෝම් කරන එකාට දෙනවා. අර පූසි තව අතකින් හොදයි. ඌ විතරයි ඇරගන්න උත්සාහ කරන්නෙ පෝම් කලාම. ඒකට අපේ හැත්ත.ඌත් ඇරගෙන අපිටත් කියනවා අනේ ඇරගනිල්ලා මාර ෆන් කියලා.

Sunday, May 26, 2013

ලොව වටා විරෝධතා Protest Around the Globe

ජාන වෙනස් කල ආහාර වලට විරුද්ධ විරෝධය..



අමරිකාවෙ ලොස් ඇන්ජලීස් නුවර මේ ගෑනු කෙනා මේ විරෝධය දක්වන්නෙ ජානමය වශයෙන් වැඩිදියුනු කරන ආහාර වලට එරෙහිව. මේ ජාතියෙ විරෝධතා ලෝකෙ වටාම පවත්වනවා කියලා තමයි මේ කස්ටිය කියන්නෙ. ලෝ වටා ඉන්න ජනතාව මිලියන ගනනක් මෙයාල එක්ක එකතු වෙලා ඉන්නවා කියලයි කියන්නෙ. අමරිකාවෙ බීජ වර්ග ජාන ඉංජිනේරුමය විද්‍යාවන් යොදලා වෙනස් කරනවා. එයින් මතු ඒ බීජ වලට රෝග වලට ඔරොත්තු දෙන්න හැකියාව ලැබෙනවා. කටුක තත්වයන්ට ඔරොත්තු දෙන්නත් ජානමය වශයෙන් වැඩිදියුනු කරන ලද ආහාර යොදාගන්න පුලුවනි.

දිනෙන් දින ලෝකයේ වැඩිවෙන කටවල් ගානට හරියන්න ආහාර නිශ්පාදනය කරන්න නම් මේ වගෙ විද්‍යාවන් වලින් විජ්ජාවන් ඇතිකරන්න ඕනි කියලයි ඒ වෙන්ස කරන ආහාර හදන අය කියන්නෙ. නමුත් මේ හරහා අපිට හිතාගන්න බැරි තරම් වෙනස් සෞඛ්‍යමය පෝෂනමය ගැටලු ඇතිවෙන්න පුලුවන් කියාල මේ ජානමය වශයෙන් වැඩිදියුනු කල බෝගවලට විරෝධතා දක්වන අය පෙන්වා දෙනවා.

ඒ වගේම ලෝකයේ සමතුලිතතාවය, ජෛව විවිධත්වය, සහ සොබාවික පරිසරය ට මේ ජානමය වෙනස් කම් කල බෝග බලපාන්න පුලුවනි. යම් තත්වයන්ට වඩාත් උචිතම බෝග හැදුවාම ඒවා වඩාත් හොදින් ස්වාභාවික ශාක වලට වඩා වර්ධනය වෙලා ස්වාභාවික පරිසර පද්ධති විනාස වෙන්න හැකියාව තියෙනවා. ඉතිං මේ ජානමය වශයෙන් වැඩිදියුනු කරපු ආහාර වලට කරන විරෝධය පරිසරය ගැන හිතලා කරන එකක්. එහෙම නැතුව අහවල් පොතේ අහවල් තැන අපිට අහවල් දේවල් කන්න එපා කියලා තියෙනවා කියන මෝඩ ආකල්ප මත කරන එකක් නෙමෙයි.

මේ හරහා ජානමය වශයෙන් බෝග වැඩිදියුනු කිරීම් නවතින එකක් නැහැ. නමුත් ලෝකෙ ජාන වැඩිදියුනු කරලා ආහාර ජාති නිශ්පාදනය කරනකොට මනුෂ්‍යයින් සහ පරිසරය ගැන මීට වඩා සැලකිල්ලෙන් වැඩකරන්නට ඒ අයව පොළඹවාවි.

සිපවැළදගන්නට පැනවූ තහනමට විරෝධය..


තුර්කි උමං මග තුල සිප වැලදගන්නා විරෝධය

මේ තුර්කියෙ වෙලා තියෙන්නෙ වෙනම කේස් එකක්. මේ උමං මාර්ගාදියෙදි මේ ආකාරයේ සිප ගැනීම් කරන්න බැහැ කියලා ආන්ඩුවේන නීති දාලා. තුර්කියෙ තියන්නෙ දැන් ඉස්ලාම් ආගම පැත්තට බර වෙච්චි ආන්ඩුවක්ලු. සිකුරිටි කැමර් වලිං සිපගන්න ජෝඩු හොයලා ඒ අයට දඩුවම් කරන්න කටයුතු කරන්න තමයි පොලිසිය හදලා තියෙන්නෙ කලිං දවසකදි. මේ තරම් ලඟින් කිස් දෙනකොට ඇස් පියවෙනවා.

අපේ අයියගේ කුඩා සන් කාරයා ඊයෙ හවහ බාල්දියක් ඉල්ලලා හෙන විරෝධතාවයක්. වතුර දාන්න ගන් අලි සයිස් බාල්දියක්. මූ අඩනකොට ඇස් දෙක පියවෙනවා. අපේ තාත්තා කියනවා ඔන්න ඔහෙ වෙන බාලියක් දීපං ඕකා අඩනකොට ඇස් දෙක වහනවා නේ... කියලා. ඒ පාර වෙන බාලියක් දුන්නම ඒක උඩදදා ටික වෙලාවක් හිටියා.

සාමාන්‍යෙයන් ලංකාවෙදි පෙම්වතුන්ට උද්‍යාන නැහැ කියලවත්, එයාලට සල්ලි වලට ගත්ත කාමරේක වත් නිදහසේ ඉන්න බැරි එකටවත් අපේ අය මුකුත් කරන්නෙ නැහැ. නමුත් මේ තුර්කි පෙම්වතුන් තමුන්ගේ අයිතිවාසිකම් ගන්න සමූහ වශයෙන් එකතුවෙල කිස් දීගෙන විරෝධතාවය දක්වනවා. මේ අමුතු ජාතියෙ විරෝධතාවය ලෝකෙ පුරාම මාධ්‍ය වලට කතාන්දරයක් එකතු කරලා තිබුනා.

සමරිසි අයිතිය වෙනුවෙන් විරෝධතා



සමරිසියන් හෙවත් ගේ පුද්ගලයින් ගැන ලෝකෙ වටේම තියෙන ආකල්පය විවිධාකරයි. ඒ සම්බන්ධ මත ගැටුම් වගේම විරෝධතාත් ලෝකය පුරා යනවා. රුසියාවෙ මේ සමරිසි කන්ඩායම් වලට ප්‍රසිද්ධියේ පෙනී සිටීම තහනම් කරලා..ඒ කියන්නෙ ඒ අයට ප්‍රසිද්ධියෙ ඇඩ් දාන්න බැහැ. හරියට ලංකාවෙ දුම්කොල මධ්‍යාසාර ඇඩ්දාන්න තියනෙ තහනම වගේ එකක්. ඒකට විරුද්ධව පෙලපාලි ගිහිපු අය පිරිසකට තමයි පොලෝසියෙන් සම්බුව හම්බෙලා තියෙන්නෙ.

මෙතනදි මේ රජයේ පැත්තෙත් වරදක් තියෙනවා කියලා මට පේන්නෙ නැහැ. දෙයක් ප්‍රසිද්ධ වුනාම ඒකෙ මාර ආතල් එකක් විනෝදයක් තියෙනවා කියල කස්ටිය හිතනවා. ඔය ජානමය වශයෙන් සංකූලතා ඇතිවෙච්චි මනුස්සයො ටිකක් හැංගිල ඔය සමරිසි වැඩේ කොරගත්තට කමක් නැහැ. නමුත් ඒ අයට ප්‍රසිද්ධියෙ නටන්න දුන්නම ඒක ෆැසන් එකක් බවට පත්වෙනවා. මම ඒ විදියට හිතන එක වැරදියි. ඒ අයට එලිපිට හැසිරෙන්න තියෙන අයිතිය නැති කරන එක වැරදියි.

නමුත් ලෝකයේ දැනට තියෙන දරුනුම වෛරස් දෙකක් තියෙනවා. එකක් ඒඩ්ස් අනික ගොනෝරියාව. මේ දෙකම බෝවෙන්න සමලිංගික සම්බන්ධතා මනා පිටිවහලක් වෙනවා. ඉතා සුළුතරයක් උස්සලා ලොකු කරලා අරං නිකං අමුතු ෆෑන්ටසි හැදෙන්න දෙනවාට වඩා කොරගන්න දෙයක් හැංගිලාම කරගන්න දුන්න නම් ඉවරයි. නේ...


මං පොඩිකාලෙ විරෝධතා..



ලුනම දිහා හිටිය අපේ කොල්ලෙක් නම සාරංගද කොහෙද. මම ඉගනගනිපු ආයතනයේ පොරත් උසස් අධ්‍යාපනය කලා. ඉතිං මිනිහා වැඩිය ඔය යූනියන් වලට හෙම නැහැ. හැබැයි පිකට් එකක් උද්ගෝෂණයක් කිව්වොත් පැනගෙන යන්නෙ.ඉස්සරහටම ගිහින් මිනිහගේ පස්නයක් වගේ කෑ ගහනවා..ඇඩ් දානවා. දවසක් මිනිහා මාර සන්තෝසෙන් වගේ යාලුවොන්ට මොකක්ද කාරනාවක් කිය කිය යනවා. මිනිහගේ මූන ටීවි එකේ පෙන්නලා. ඒ මදිවට පත්තරෙත් වැටිලා. ගමේ මිනිස්සු දැන් දන්නවාලු පොර ඉන්නෙ කැම්පස් එකක් වගේ එකක කියලා. මිනිහාට දේසපාලන අරමුනු එච්චර වැදගත් නැහැ. කොහොම හරි ගමෙ හිටපු යාලුවොන්ටයි නෑයොන්ටයි..අනික් අයටයි පේන්න මූන මීඩියා වල දාගත්ත පොරට ලොකු දෙයක්. කොහෙම වුනත් මෙලෝ අලගෙඩියක් නොලැබුනත් එකඑක විරෝධතා ව්‍යාපාර වල අමුතු ආතල් එකක් තියෙනවා. කෑ ගහලා උගුර ලේ රහ වෙලා කිසිම ප්‍රතිපලයක් නැතුව ඉවර වුනත් අපිට අමුතු සැහැල්ලුවක් දැනෙනවා. අඩුතරමෙ අපි මොනවාම හරි කලා නෙව කියලා.


අපේ අයත් සාම්ප්‍රදායික විදියෙ උද්ගෝෂන වලට යන්නෙ නැතුව අලුත් විදියෙ විරෝධතා දක්වන්න නිර්මාණශීලිව හිතනවා නම් ඒක හොදයි..හැමදාම මීඩියා වලින් දකින බෝඩ් වෙනුවට ටොප්ලස් විරෝධයක් හෙම ගියොත් ඒකෙත් මාර ආතල් එකක් තියෙයි.. බට් ඉතිං ලංකාවෙ ටොප්ලස් කියන්නෙ මුලින්ම පේන්නෙ බඩ නෙව.

Saturday, May 25, 2013

ටෙලිකොම් ගොසිප් telecom gossips lanka

ලංකාව අන්තර්ජාතිකව අන්තර්ජාලයට සම්බන්ධ වෙන්නෙ කෝමද?

මේ පිළිබදව ඔබ විකි පිටුව (Wikipedia page) බැලුවොත් ඔබට පේනවා ඇති කලකින් අලුත් නොවූ පැරණි තොරතුරු සමුදායක්. ජාලකරණය(Networking) කියන්නෙ ටිකක් පුලුල් විශයක් වගේම ගැඹුරු එකක්. එකපාරටම අපිට කියන්න බැහැ මේන්න මේ විදියට අන්තර්ජාලය(Internet) තියෙනවා. මේන් මේ විදියට සම්බන්ධ වෙලා තියෙනවාකියලා. ලංකාවට මුහුදු කේබල(Submarine cable) කිහිපයක් තිබෙනවා. ඒ අතරින් දැනට සක්‍රියව දායක වන මුහුදු කේබල තුනක් තිබෙනවා. සී මී වී 3 කේබලය සී මී වී 4 කේ බලය සහ ලංකා බෙල් ආයතනය සම්බන්ධ වෙලා තියෙන ෆ්ලැග් කේබල හරහා ලංකාව අන්තර්ජාලයට සම්බන්ධ වෙලා තිබෙනවා. එයිනුත් දැනට විශාලම දත්ත ප්‍රමාණයක් හුවමාරු වෙන්නෙ සී මී වී 4 කේබලය හරහා. එයින් සමස්ථ දත්ත වලින් සියයට අසූවක් විතරම හුවමාරු වෙනවා කියලා තමයි ආරංචි වෙන්නෙ. ලංකාවෙ දුරකථන සමාගම් හයක් හතක් තිබුනාට අන්තර්ජාතිකව සම්බන්ධ කේබල තිබෙන්නෙ ලංකා බෙල් සහ ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයට පමණයි.

මුහුද යට සී මී වී කේබල් එකේ එක් ස්ථානයක්

ලංකාවෙ ඇතුලෙ දැන් ෆයිබර් ඔප්ටික් ඇදගෙන යනවා නේද?

ලංකාව ඇතුලෙ ඔප්ටිකල් නෙට්වර්ක් (Optical Network ) එකක් හෙවත් ප්‍රකාශ ජාලයක් මුලින්ම පටන් ගන්නෙ ටෙලිකොම් ආයතනය. එහි ඉතිහාසය බැලුවොත් 2000 වසරටත් කලින් අතීතෙකට දිව යනවා. දැනට ටෙලිකොම් ආයතනය සතුව කිලෝමීටර දහස් ගනනක් පුරා දිවෙන ඔප්ටිකල් නෙට් වර්ක් එක්ක තිබෙනවා. 2010-11 වසරවල පටන් ඩයලොග් සමාගමද අලුතින් ෆයිබර් ඔප්ටික් කේබල ජාලයක් ඇතිකරගෙන යනවා. මුලින්ම ඩයලොග් එක භූගත කේබල(Duct Cabling) වලට ගියත් දැන් ඔවුනුත් ගුවන් කේබල(Aerial cable) වලට යමින් සිටිනවා.

ටෙලිකොම් එකේන පෙට්ටි වගයක් ගහගෙන යනවා නේද?

ටෙලිපෝන් එක්ස්චේන්ජ්(telephone Exchange) එකකින් වෙන සියලුම කර්තව්‍යයන් එකට කැටි කරලා එම් සාන්(MSAN- Multiple Service Access Node) කියලා පෙට්ටි ජාතියක් තියෙනවා. සන්නිවේදන මධ්‍යස්ථාන ලොකුවට පිහිටුවන්න ඉඩපහසුකම් වගේම ඉදිකිරීම් කරන්න ලොකු මුදලකුත් වැය වෙනවා. ඒ නිසා මේ එම් සාන් කියන පෙට්ටි ජාතිය දැන් ටෙලිකොම් එකෙන් රට වටා සාර්ථකව ඉදිකරගෙන යනවා. ඒ හරහා ඒ පෙට්ටියට ඔප්ටිකල් ෆයිබර් කේබලයක් අනිවාර්යෙන් සම්බන්ධ වෙනවා. තව ඉතිං අකුනු සන්නායක, විදුලි බලය, අව් වැසි ආවරණ ආදියත් තියෙනවා. ඉන් අනතුරුව පරණ විදියටම එතන ඉදලා තඹ කේබල(Copper cables) හරහා දත්ත නිවෙස් වලට බෙදා හරිනවා. නමුත් මේ පෙට්ටි වලින් ෆයිබර් ලයින් වුනත් දෙන්න පුලුවනි ආයතන වලට. දැනට නම ටෙලිකොම් ආයතනය නිවෙස් සදහා(FTTH) දැනට ෆයිබර් දෙන්නෙ නැහැ. නමුත් ආයතන සදහා භාවිතාවන් වලට ෆයිබර් ඇදලා කනෙක්ෂන් දෙනවා. මේ පෙට්ටි ගැනත් ඒ හරහා යන තාක්ෂණය ගැනත් ටෙලිකොම් එක ජනතාව දැනුවත් කරන පාටක් පේන්න නැහැ. දැන් ඔන්න කිරිවන්දෙනියෙ ජනතාවට ටෙලිකොම් හරහා අධිවේගි අන්තර්ජාල වේගයන් ගන්න පුලුවන් කිව්වම මිනිස්සු පුදුම වෙනවා. මොකෑ ඉතිං ළඟම ටෙලිකොම් එක්ස්චේන්ජ් එකකට යන්න බස් එකේ පැයක දෙකක ගමනක් යන්න එපායැ. ඒකට ඉතිං අපිට කොරන්න දෙයක් නැහැ. තියෙන දේවල් ටික හරියට මාකට් කොරගන්න දන්නෙ නැති එකත් කොම්පැනි පහලට යන්න එක හේතුවක් නෙව. 

පිටරට භාවිත වෙන එම්සාන් පෙට්ටියක්

ඔය ෆයිබර් මොකටද දැන් ඉතිං වයර්ලස් නේ හැමදේම?

අමරිකාව යුරෝපෙ දකුනු කොරියාව වගේ රටවල ශක්තිමත් ඕප්ටිකල් නෙට් වර්ක් තිබෙනවා. ඒවා හරහා විශාල ප්‍රමාණයේ දත්ත සමාදායක් එකවර හුවමාරු කරගන්න පුලුවන්. මේ ඔප්ටිකල් කේබල හරහා තමයි දැනට විශාලම පරිමාවකින් දත්ත හුවමාරු කරන්න පුලුවන් වෙලා තියෙන්නෙ. ගූගල් සමාගමත් අමරිකාවෙ නවතම ජාලයක් හදාගෙන යනවාලු ෆයිබර් කේබල් ගහලා. දකුණු කොරියාවත් තමුංගෙ රටේ සන්නිවේදන හැකියාව වර්ධනය කරන්න දරුනු ලෙස මහන්සි වෙනවා. කොයි තරම් වයර් රහිත තාක්ෂන තිබුනත් ඒවා බොහෝ විට භාවිත වෙන්නෙ දැන් දැන් අවසාන කස්ටමර් ඉන්න තැනට.(Wi fi, wi max) එතනින් එහාට ජාලකරණ කටයුතු ගොඩක් දුරට දැන් ඔප්ටික්ල් කේබල් හරහා සිදු වෙනවා.

දැන් ඔය මොබයිල් ටවර් වලටත් කේබල් දානවලු නේද?

මේ මොබයිල් ටවර් වලට අපිට අච්චර මෙච්චර එම් බී පී ඇස්(Mbps) ගානක් දෙන්න නම් අනික් පැත්තෙන් ටවර් එකට එන ලයින් එක ලොකු වෙන්න ඕනි. හරි සරලයි. පාරෙ බටේ ලොකුවෙලා ගොඩක් වතුරු ආවෙ නැතොත් අපේ ගෙදර ටැප් එක ලොකු වුනාට වැඩක් නැහැ. ආන්න ඒ වගේ ටවර් එකට එන දත්ත පරිමාව වැඩිකලේ නැත්තං කොච්චර ලොකු තාක්ෂන ආවත් ඒවායේ ප්‍රතිපල ගන්න හැකියාව ලැබෙන්නෙ නැහැ. අනික තමයි දැන් ලංකාවෙ දුරකථන සහ අන්තර්ජාල පාරිභෝගික සංඛ්‍යාව සීඝ්‍රෙයන් වැඩිවේගෙන යන නිසා එක් කුළුනකට දරන්න වෙන පාරිභෝගිකයින් ගාන වැඩියි. එතකොට කෝමත් කුළුනට එන කොනෙක්සම ලොකු වෙන්න එපායැ. ඩයලොග් සමාගම ඔප්ටිකල් කේබල් ඇදපු එකේ ප්‍රධාන අරමුණක් තමයි තමුගේ ටවර් වල ධාරිතාවය වැඩිකර ගන්න එක. ඉන් පස්සෙ එයාලට පුලුවන් නෙව එක එක ජාති සේවිස් පාරිභෝගිකයින්ට දෙන්න.

දැනට මොබිටෙල් සමාගමත් 2010 ඉදලා ටෙලිකොම් ආයතනයත් එක්ක සම්බන්ධ වෙලා ඔවුන්ගේ කුළුනු රාශියකට අවශ්‍ය දත්ත ගනුදෙනු ටෙලිකොම් ඔප්ටිකල් නෙට්වර්ක් එක හරහා කරන්න යනවා. දැනටත් ටවර් සිය ගනනක් ටෙලිකොම් ඔප්ටික්ල නෙට්වර්ක් එකට සම්බන්ධ වෙලා ඉවරයි.

හච්ංසන්, එටිසලාට්, එයාර්ටෙල් සමාගම් වලට එයාල ඇදගතපු ෆයිබර් නැහැ. ඒ නිසා එයාල ඩයලොග් හෝ ටෙලිකොම් ආයතන හරහා තමයි තමුංගේ කුළුනු වලට අවශ්‍ය ජාල පහසුකම් ලබාගන්නෙ.

ලංකාවට තියෙන මුහුදු කේබල් මදි වගේ නේ?

ඇත්ත මෙහි පූර්ණ සත්‍යතාවයක් තියෙනවා. ලංකාවෙ දැනට සී මී වී 4 කේබලයට හානියක් වුනා කියන්නෙ ලංකාව ඇතුලෙ අන්තර්ජාලය දැඩි ලෙස බිදවැටීම් වලට ලක්වෙනවා. ඒක ඇවිල්ල මොබයිල්ද වයර්ද කියාල නැහැ හැම එකම එකපාර ස්ලෝ වෙනවා. මේ ලඟදි ඩයලොග් ආයතනය ලංකාවට නව මුහුදු කේබලයක් දාන්න කටයුතු කරගෙන යනවාලු. මුහුදු කේබලයක් දාන එක නිකං කඩෙන් බඩුවක් අරංඑනවා වගේ සරලව තිබුනා වෙබ් අඩවි වල. නමුත් ඒක සංකීර්ණ ක්‍රියාවලියක්. අඩුතරමෙ කේබලය ස්ථාපනය වෙලා පලවෙනි දත්ත හුවමාරුව ලංකාවත් එක්ක වෙන්න තව අවුරුදු තුන හතරක් වත් යයි. මගේ පුද්ගලික මතේ නම් ඩයලොග් සමාගම ලංකාව ඇතුලෙ ප්‍රකාශ තන්තු ජාලයක් ස්ථාපනය කරන්න පටන් ගන්න කාලෙම මුහුදු කේබල් ජාලයට සම්බන්ධ වෙන එක ගැනත් හිතුවනම් හොදයි. එහෙනම් එයාලයි ලංකාවෙ ඇතුලෙ ෆයිබර් ටික ඇදෙන කොට මුහුදු කේබලයත් ඇවිත් ඉවරයි. නමුත් ලංකාවෙ බොහෝ ආයතන වලට වගේ වැව හෑරුවට පස්සෙ තමයි එයාලටත් වතුර ගන්න විදිය ගැන හිතන්න මතක් වෙලා තියෙන්නෙ.

ටෙලිකොම් ආයතනය පැත්තෙන් බැලුවොත් සී මී වී කියන පද්ධතියෙන් එහාට එයාල හිතන මතන බවක් පේන්නෙ නැහැ. සී මී වී 5 කියලා ඊළඟ සී මී වී කේබලය එනතෙක් ටෙලිකොම් එක කට ඇරං බලං ඉන්නවා. දැනට නම් සී මී වී 4 කියනකේබලය වැඩිත් එක්ක වෙන්න ඇති. ඒත් දැන් අන්තර්ජාලගත වෙන මනුස්සයො ගාන එන්න එන්නම වැඩි වෙන නිසා ඉදිරියෙදි ඒක මදිවේවි.

ඉන්දියාවත් මේ සී මී වී 4 කේබල ජාලයට සම්බන්ධයි. මේ කේබලය බටහිර යුරෝපය, මැදපෙරදිග හරහා යන ලෝකයේ දැනට තියෙන දිගම මුහුදු කේබලය ලෙස නම් දරා තිබෙනවා. මේ කේබලයේ කොටසක් වෙන්කරග්නන යන වියදම සාපේකෂව වැඩිලු. මොකෝ මැදපෙරදික සහ බටහිර යුරෝපෙ පැත්තෙ ඉන්නෙ සල්ලි කාරයො නෙව. ඒ නිසා ඉන්දියාව මීට වසර කිහිපයකට කලිං ඉදලාම අලුත් කේබල් ජාල එක්ක සම්බන්ධ වෙන්න උත්සාහ ගන්නව කියාල අන්තර්ජාලයේ තිබුනා. ඒ නැතත් දැන් ඉන්දියාවට මේ කේබලය හැර වෙනත් කේබල් ගනනාවක් ම තියෙනවා. ඒ අතින් ඉන්ඩියන් අය ඉස්සරහින් ඉන්නවා. ඉන්ඩියාවෙ ඉන්නවා නෙව මහ සල්ලි කාරයෙක් මුකේෂ් අම්බානි කියලා. මිනිහාට අයිති දුරකථන නෙට්වර්ක් එකක් තමයි රිලයින්ස් කියන්නෙ. රිලයන්ස් එක හොං කොං පැත්තන් අලුත් කේබලයක් එක්ක ජොයින් වෙන්න යන කාතාවකුත් තියෙනවා.

අනික ඉන්දියාවෙ යාහු, ගූගල්, ෆේස්බුක් ආදි ආයතන වල සර්වර් බැංකු ආදිය තියෙලු.එතකෙට ඉන්දියාව ඇතුලෙ අන්තර්ජාලය භාවිත කරන අයට රටින් පිටට සම්බන්ධ වීම අඩුයිලු. ලංකාවෙ තියෙන්නෙ පොඩි යූ ටියුබ් සර්වර් එකක් විතරයි. අපිට මහ මුහුදු කේබලය හරහා යන දත්ත අඩුකරගන්න පුලුවන් ලංකාවෙම විසාල සර්වර් ජාති ගෙනැල්ලා ගහ ගත්තොත්. මගේ ඒ ගැන වැඩිමනක් දැනුමක් නැහැ. නමුත් වරක් තිලංග සුමතිපාල මහත්තයා ටෙලිකොම් සභාපති ඉන්නකොට දැනට වැලිකඩ හිරගෙදර තියෙන භූමියට එපිටින් තියෙන මොබිටෙල් තාක්ෂණීක මූලස්ථානයේ සර්වර් බැංකුවක් දාන්න කතා කොරලා තිබුනාලු. ඒත් මිනිස්සු මාරු වෙනකොට ඒ මිනිස්සු ගෙනාපු වැදගත් අදහසුත් යටපත් වෙන නිසා ඒක යට ගියා කියලා රට්ටු කතා වෙනවා.

මොකක් හරි තාක්ෂණීක හේතුවක් නිසා මුලු ලෝකෙම අන්තර්ජාල වේගය සීමා වෙන කතාවක් මම මේ ලගදි බ්ලොග් එකක දැක්කා. නමුත් ඒ සීමාවෙන්නෙ ඒ රටවල තියෙන ගිගාබයිට් තත්තරපයට ලැබෙන තරම් වන මහා වේගයන්. කොහොම වුනත් මට හිතෙන විදියට නම් ලංකාවෙ අන්තර්ජාල වේගය මේ තියෙන තැනම තව අවුරුදු දෙක තුනක් යනකල් තියේවි. මං දන්න විදියට ලංකාවෙ සන්නිවේදන බලධාරින් වුනත් කරන්නෙ එදාවේල වැඩ. එයාලට මේවා ගැන ලොකු දැක්මක් නැහැ. එහෙම වුනාම වෙන්නෙ සැලසුමක් නැතුව මුක්කු වලින් දුවන එක. නමුත් අන්ර්ජාලය වගේ සංකීර්ණ දෙයක් එක්ක මුක්කු වලින් ෂේප් වෙන්න අමාරුයි.

දකුණු කොරියාව 2016දි ඒ රටේ ඇතිකල යුතු ප්‍රකාශ ජාලයෙ තිබිය යුතු වේගයන් ගැනපවා තැන් තැන් වල කතා කරලා ඒ වැඩ පටන් ගන්න කටයුතු පටන් අරන් තියෙනවා. ඒත් පුද්ගලික සහ රජය සම්බන්ධ ලංකාවෙ තියෙන ඔක්කොම ආයතන එක වගේ. එකිනෙකා වෙළද පොල වෙනුවෙන් කුලල් කාගන්නවා හැර වෙනත් දීර්ඝ කාලිනව ජනතාවට සැලකිය යුතු සේවාවක් ලබාදීමගැන හිතන එක ආයතනයක් වත් නැහැ. ආන්ඩුවෙ තැනක් තියෙනවා නියාමන කොමිසමක් මං හිතන්නෙ නියාමන කොමිසමේ ලොකු පුටුවල ඉන්න අයගේ ආදායම සහ වියදම් කරන පිලිවෙල ටිකක් කස්ටියක් හොයල බැලුවොත් පුදුම දේවල් හොයාගන්න පුලුවන් වෙයි. සමහර පංසල් පල්ලි දියුණු කරන්න ආධාර එහෙම එකතුවෙන කාලෙට අනේ අර සාදුල පූජකයොන්ගේ නානකාමර පවා බොහොම වේගෙන් දියුනු පවුනු වෙනවා නෙව ආශ්චරියෙන් වාගේ.

ලිපියෙ වැරදි තියෙනං පෙන්නලා යන්න පුලුවනි කමෙන්ට් එකක් දාලා. අධ්‍යාපනික වැඩකට වගේ ගන්නවා නම් අනිවාර්යෙන් මේ වගේ ලිපිවල යටින් තියෙන කොමෙන්ට බලලා යන්න මතක තියාගන්න හොදේ.

Friday, May 24, 2013

ගිරවුන්ට සින්න වුන 21

ආන්ඩුව අසරණ කරන ආයුධයක්.
මිනිහෙක්ට රස්සාවක් කොයි තරම් වටිනවද කියලා දන්නෙ රස්සාවක් නැති වුනාම තමයි. මට ඊයෙ බස් කේදි හමු වුනා නංගියෙක්. ආන්ඩුවෙ තැනක කෝස් එකකට සිලෙක්ට් වෙලා. කම්පියුටර් ප්‍රොගැමින් පැත්ත තමයි එයා කරන්නෙ. ඉතිං කෝස් එක ඉවර වෙලා එතනින් ටේනින් දාල තියෙනවා. ටේනින් දාල තියෙන තැන ඇග්‍රිමන්ට් එකක් ගහලා තියෙලු එයාලයි තැන ට්‍රෙනින් වුනාම තව අවුරුදු දෙකක් එතන වැඩ කරන්න ඕනි කියලා. ආන්ඩුවෙම නයිටා එකෙන් තමයි එතන එයාල ටේනින් දාල තියෙන්නෙ..ටේනින් කාලෙ රුපියල් පන්දාහයි. පස්ස අවුරුද්දකින් පස්ස රුපියල් පාලොස්දාහයි..

ඉතිං දැං ලැබෙන රුපියල් පන්දාහෙන් හාරදහක් යනවා බෝඩිමට..ඉතිරි වියදමට සල්ලි ගෙදරින් ඉල්ල ගන්න ඕනි. උසස් ජාතික පරිඝනක ඩිප්ලෝමාවක් තමයි නංගි හදාරලා තියෙන්නෙ. එයාට ජොබ් හොයාගන්න නැහැලු. අයි ටී වල එයාල වැඩිපුර ඉගෙන ගෙන තියෙන්නෙ ජාවා.. ජාවා විතරක් දැනෙගෙන රස්සා නැහැ කියලා දැනගන්නත් එයාලට තව මාස ගානක් යයි.

මේ මම පෙන්නුවේ රටේ තියෙන රැකියා වියුක්තියේ එක සුට්ටි රූප රාමුවක් විතරයි. කම්පැනි වල ඉතාම දරුණු නීති යටතේ නිවාඩුවක්, නිදහසක් නැතුව රාත්තිරි වෙනකල් වැඩකරන කොල්ලො කෙල්ලො ගොඩාරියක් ඉන්නවා. ඒ අයට තමුන්ගේ ජොබ් එක ඩිමාන්ඩ් කරලා වැටුප් ඉල්ලන්න හැකියාවක් නැහැ. මොකද එයාල නැතිවුනොත් ගන්න ඕනි තරම් මිනිස්සු එලියෙ ඉන්නවා. මෑන්පවර් ක්‍රම වලට කොන්ත්‍රාක් පදනම් වලට සේවකයෝ අයිතිවාසිකම් මොනවද කියලාවත් නොදැන ලංකාව පුරා සේවය කරනවා.

රටේ සමස්ථ වැඩකරන ජනතාව ගත්තොත් එයාල ප්‍රශ්ණ රාශියකමේ අවස්ථාවෙ මුහුන පාලා තියෙනවා. එකපැත්තකින් අපි මේවාට රජයට දොස් කියන්න හොද හේතු වුනාට සමහර පැතිවලින් ප්‍රබල රජයක් තිබුනත් ඇඹරෙන්න වෙන හේතු තමයි තියෙන්නෙ. දැන් ඉංජිනේරු සහ පරිඝනක ක්ෂේත්‍රයට ඉන්දියාවෙන් යොමු වන පිරිස වැඩියි. ඉංදියානු මිනිස්සු ලංකාවෙ අපිට වැඩිය කටු කන්න දක්ෂයි වගේම අපිට වැඩිය අඩු පඩියට රැකියා කරන්නත් ආසයි. ඒ වගේ පස්න වලට කෙලින්ම රජයට උත්තර දෙන්න අමාරුයි.

රජයක් හෝ දේශපාලනික ආගමික සංවිධානයක් වුනත් මිනිසුන්ට වැඩ දායි වෙන්න නම් පිටින් පෙන්වන දේට වඩා ගැඹුරු දර්ශනයක් ගැඹුරු තැනක් එයාලට තියෙන්න ඕනි. දඩ බඩ ගාල දාන ඇඩ් වලින් විතරක් රටක්, ආගමක් හෝ පක්ෂයක් කරගෙන යන්න නම් පුලුවනි. නමත් එයින් මහජනයාට අත්වෙන සෙතක් නැහැ.

වර්ථමානයේ රජයේ කිසිම පිළිවෙලක් නැති වැඩ ගැන අපි ප්‍රවෘත්ති වලින් දකිනවා. නමුත් ඒ දේවල් වලට විරුද්ධ වෙන පාර්ශව වලට මේ රටේ බලය ලැබුනොත්...?/?? මිට වඩා දෙයක් වෙයි කියලා හිතන්න බැරි තරම්ම ලාමක ටිං ටිං ලා සෙට් එකක් තමයි විපක්ෂයේ විපක්ෂ අදහස් දරන්නන් අතර ඉන්නෙ. විපක්ෂය කියන තනි රූපය බැලුවත් ඒකෙ රැඩිකල් වෙනසක් කරන්න හැකි මනුෂ්‍යෙයක්ට ඉන්නෙ රනිල් වික්‍රමසිංහ විතරයි. රතු සහෝදරයෝ කියන්නෙ එදා වගේම අදත් හැමදේම කඩාකප්පල් කරන ජාතියක්. ආකර්ශණීය වදන් පාර්ලිමේන්තුවෙත් පිටත් දුන්නාට එයාලගේ ප්‍රායෝගික දේශපාලනය ඇවිල්ලා හැමදේම කාබාසිනියා කරන එක.

මං 2007 වර්ශයේදි අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමන්ඩලය කියන එකේ මීටිමකට ගියා. මං එතකොට හිටපු ඉන්ස්ටිටියුට් එක ඒකට සම්බන්ධ වෙලා හිටියා. නිවාඩු දවස් කිහිපයක් ඇවිත් යූනියන් එකෙන් ඕකට යවන්න එකෙක් ඇහිදගන්න බැරි වුනා. මාව කෝමහරි වැඩේට සිලෙක්ට් වුනා. මං ඔය පාටට ආස නැතත් ඉතිං මොනවද වෙන්නෙ කියලා දැනගන්න හරි පුලුවන් කියලා හිතං ගියා මිටිමට.

මහ රෑ වෙනකල් තේරුම්ක නැති කතා ඇදගෙන විසදුම් නැතුව තෙල් බෙද බෙද කාලෙ කාල දැම්මා. අවසානෙ මීටිම ඉවර වෙනකොට යන්න බසුත් නැහැ. ඒ කතාකරපු ඔක්කොම පැයකින් විතර කතාකරලා ඉවර කරගන්න තිබුන දේවල්. එක තැනකදි උදුල් කියනවා ලංකාවෙ දැන් කුඩා පාසල් වහන්න කුමන්ත්‍රනයක් තියෙනවා අපි ඒකට විරුද්ධව නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් පෙල ගැහෙන්න ඕනි කියලා.

ඉතිං මටත් හිතුනා නිකංම ඉන්න එකේ නිදිමත යන්නත් එක්ක අදහසක් දක්වන්න ඕනි කියලා. දැන් ඔය වහනවා කියන පාසල් බොහොම දුෂ්කර පැති වල තියෙන්නෙ. අම්මලා ලමයි දාන්න යන්නෙ ලොකු ඉස්කෝල වලට. ඔය පාසල් වලට එන්නෙ ලමයි ඉතාම සුලු පිරිසය්. ගොඩක් වැහුනු පාසල් වල ළමයි පනහටත් අඩුයි මුලු ඉස්කෝලෙම. ඒළමයිගෙනුත් ඉස්කෝලෙ ඇවිත් ඉගනගන්න මානසිකත්වය තියෙන්නෙ බොහොම සුවල්ප දෙනාගෙයි. ඉතිං ඒ වගේ පාසල් වහලා ඒ ළමයි ළග පාසල් වලට අනුයුක්ත කරන එකේ වරදක් මම දකින්නෙ නැහැ. ඒකෙ ලොකු කුමන්ත්‍රනයක් නැහැ. පාසල නඩත්තු කරන්න ආන්ඩුව වියදම් කරන මුදල් නිරපරාදේ නාස්ති වෙනවා නම් ඒ පාසැල් වහන එක තමයි වඩා හොඳ..

උදුල් මොනවා හරි ටිකක් පොතක ලියං එනවා. ඒ ටික තමයි එයා එදා න්‍යාය පත්‍රය විදියට ගන්නෙ. උදුල් මම කියපු අදහස වගේ එකක් එයි කියලා කලිං හිතලා තිබුනෙ නැහැ. උදුල් හිතං හිටියෙ රුහුනෙන් පේරෙන් ජපුරෙන් ඇවිත් ජෙප් අයියලාට කියන හැම එකටම වැදගෙන ඉදලා කියන දෙයක් කොරන්න බලාගෙන ඉන්න මල්ලිලා වගේ අපිත් කට වහං කියන දේ අහන් ඉදිවි කියලා. උදුල් ඉන් පස්සෙ ටිකක් පහු බැහැලා ඔව් අපි ඒ ගැනත් හොයන්න ඕනි තමයි කියලා එයාගේ වැඩ සටහනයි ටෝක් එකයි අකුල ගත්තා.

එතනදි ස්කෝල වහනවා කියලා ගිරවා වගේ කියවනවා මිසක.. ඇයි ඉස්කෝල වැහෙන්නෙ කියන එකට ගැඹුරු දේශපාලනමය හේතුවක් උදුල්ට තිබුනෙ නැහැ. එතනම හිටියා අද ඉන්න සංජිව බන්ඩාරත්, මං හිතන්නෙ. පොරටත් කවුරු හරි බෙදන තෙලක් ආපහු බෙදනවා හැර වෙනසක් ගැන හිතන්න හැකියාවක් නැහැ.

පහු ගිය දවස්වල කාල් ගාන්ත මහත්තයා වැඩ වර්ජන කියන එකත් විරෝධතා කියෙන එකත් තනුක කරන්න එහෙම නැත්තං සැර බාල කරන්න වැඩ පිලිවෙලක් ගෙනිච්චා. ජේ වී පී සහෝදර වරු ලංකාවෙ ශිෂ්‍ය ව්‍යාපාරය කියන එක අද වෙනකොට කාල ඉවරයි, වෘත්තිය සමිති කියන එකත් කාබාසිනියා කරලා ඉවරයි. මම හිතන්නෙ දැන් එයාල විපක්ෂයේ විරෝධතා කියන එකත් කන්න බලාගෙන ඉන්නවා.

වැඩ වර්ජනයක් අසාර්ථක වෙනවා කියන්නෙ ලේසි වැඩක් නෙමෙයි. ඉන් පස්සෙ බේතකට මිනිහෙක් හොයාගන්න ලැබෙන්නෙ නැහැ වැඩ වර්ජනයකට තියා පිකට් එකකටවත්. ජයග්‍රහනයට අයිති කාරයින් ගොඩක් ඉන්නවා නමුත් පරාජයට අයිති කරුවන් අඩුයි කියලා බලංගොඩ මානවයාද කොහේද කියලා තියෙනවා. මිනිස්සු ගොඩක් වෙනදටත් වැඩිය සේවෙට ආපු වැඩවර්ජනය කාල් ගාන්තට නම් බොහොම හොදයි ලු. ඒක සාර්ථකයි කියලත් කිව්වා. සමහර විට වැඩ වර්ජන කියන වචනේ තියෙන උස පවා සමතලා කරලා දාපු නිසා කාල් ගාන්ත කොහෙන්හරි බාරගතපු වැඩේ නම් සාර්ථක ඇති. නමුත් වැඩ කරන ජනතාවගේ පැත්තෙන් නම් මුලු ජනතාවම දෙකේ කොලේට බාල්දු කරලා දැම්මා.

මේ යුගයේ ලංකාවෙ රස්සාවක් හොයාගන්න අමාරුයි. රස්සාව සම්බන්ධ කේස් එක ගොඩක් දරුණු වෙනවා ඉස්සරහාට. මම මුලින්ම ලියපු නංගි ගැන කතාවෙදි ඒ නංගි රුපියල් පාලොස්දාහෙ පඩියකට මැරෙනවා..නමුත විකල්පයක් නැහැ. සමහර විට මම වගේ පේස්බුකියෙයි. බ්ලොග් වලයි ඉදන් දේශපාලනය කරන අයට මේවා නෙපෙනෙන්න පුලුවන්. නමුත් කැත ඇත්ත ඒකයි. ළමයෙක් මල්ලෙක් ඉන්න ගෙදරක මිනිහෙක් ස්ටයික් කරනවා කියන්නෙ ලේසි වැඩක්නෙමෙයි. ඒ මිනිහගේ රස්සාව නැති වුනොත් කන්න බොන්න නැතිවෙන්න එයාට විතරක් නෙමෙයි.

වැඩ වර්ජන කියන්නෙ රස්සා නැතිවෙන්නෙ නැති හරි සුන්දර අත්දැකීමක් යූනියන් කන අයට සහ කාල්ගාන්ත ලාට අනුව. නමුත් ලංකාවෙ වත්මන් වෘත්තිය සමිති ඉතිහාසයන් දෙස බලන විට වැඩෙ හිතන තරම් ලේසි නැහැ. මිනිස්සු උවමනාවටත් වැඩියෙන් රස්සා නැතිව රස්සා කරන උන් දිහා ඉරිසියාවෙන් බලාගෙන ඉන්න වටපිටාවකදි වැඩ වර්ජනය කරන මිනිහා වෙන හේතුවක් පිට හරි දාල අයින් කරලා අලුත් ෆ්රෙෂ් බඩුවක් සේවයට ගන්න මොන ආයතනයක ප්‍රධානියෙක් වුනත් අකමැති වෙන්නෙ නැහැ. එහෙම වෙලාවක පොඩි දේශපාලනික තල්ලුවක් කාරිය තිබෙනවා නම් කම්කරු උසාවි. කම්කරු කොමසාරිස් ආදි තැන්වලින් රිංගලා යත හැකි ලේසියෙන්ම.

මේ කාලෙදි වැඩ වර්ජනයක් කරන්න නම් ප්‍රබල හේතු තියෙන්න ඕනි. රැකියාවලින් දොට්ට දැමීමට සැරසීම. අධික ලෙස සැනෙන් ජීවන බර වැඩිවීම හා ඒ සමානුපාතිකව වැටුප් වැඩි නොවීම. රජයේ සේවයේ නම් වෙලාවට පඩි නොගවීම.ආදි හේතු වැඩවර්ජනයකට ගන්න පුලුවනි. නමුත් එහෙම වුනත් අපි කලින් මේ ගැන පොඩි මුට්ටියක් දාල බලන්න ඕනි කොච්චර මිනිස්සු එයිද කියලා. උදාහරණවිදියට දීපව්‍යාප්ත වැඩවර්ජනයකට කලින් දීපව්‍යාප්ත කෑම පැයේ විරෝධතා ආදිය තිව්වාම අපට පේනවා ඒවාට කොයි තරම් මිනිස්සු එනවාද කියල. කාල්ගාන්ත ලාට ඕනි සටන් දිනින්න නෙමෙයි අනන්න නිසා..ඒවාගේ දේවල් එයාලට අදාල නැහැ.

මේ දැන් ආන්ඩුව මුක්කු ගහගෙන ආර්ථිකය ඇද්දට ආර්ථිකය මුක්කුවෙන් ඇදගන්න බැරි දවසක් තව අවුරුද්දක් දෙකක් ඇතුලත එනවා. එදාට රජයේ සේවකයින් දැඩි ලෙස පීඩනයට පත්වේවි. මිනිස්සුන්ට තෙල් මිල දරාගන්නබැරිම තැනට යාවි. ගොඩක් මිනිස්සු විපක්ෂයෙන්ම ඉල්ලාවි උද්ගෝෂන සංවිධානය කරන්න කියලා. ආන්න ඒ දවසට කරන්න තමයි වැඩවර්ජන වගේ මහාර්ඝ දේවල් තියෙන්න ඕනි. එහෙම නැතුව විදුලි බිල වගේ එක දෙයක් වෙනුවෙන් ජොබ් එක රිස්ක් එකට දානවා කියන්නෙ ඒ මනුස්සයා තනි මෝඩයෙක්.

සංවිධානාත්මක අතින් විපක්ෂ්‍ය තවම දුර්වලයි. මිනිස්සුන්ට විපක්ෂය කෙරහි විශ්වාසයක් නැහැ. ලොකු තැනක් මාධ්‍ය හරහා හදාගන්න පවා විපක්ෂය සමත් නැහැ. ඉතිං මේ වගේ වටපිටාවකදි මිනිස්සු විපක්ෂය තමුන්ගේ ගැලවුම් කාරයා විදියට දකින්නෙ නැහැ.කොච්චර වුනත් අපි ස්ටයික් එකකට ගිහින් ජොබ් එක නැතිවුනොත් යූනියන් එකෙන්.. ඒ පක්ෂවලින් අපිව ගොඩදාල දෙයි කියන ෂුවර් එක තියෙන්න ඕනි. නමුත් රතු පක්ෂය හෝ කොළ පක්ෂය අද තියෙන තැන ඉදන් අපිට එහෙම විශ්වාසයක් ගොඩනගා ගන්න අමාරුයි.

හැමදේම හරියට හදාගෙන අපිට ස්ටයික් කරන්න බැහැ. නමුත් බැලූ බැල්මට ලොකුවට පේන වැරදිත් එක්ක තියෙන ස්ටයික් වලට සහභාගි වෙනවා කියන්නෙ මද්දුම බන්ඩාර කලා වගේ වැඩක්. අඩු තරමෙ ලොකු බන්ඩාර හැංගෙන්න හරි දිව්ව ජීවිතය බේරගන්න. නමුත් මද්දුම බන්ඩාර වීරයා නේ..එයා යනවා එනු සටනට ගනු කඩුව කෝ මනමේ කියාගෙන.

Saturday, May 18, 2013

ප්‍රජාතන්ත්‍රවාදය එක්ක පාන් කන්න පුලුවන්ද?

ලක්ෂණ බැල්ලියක්
ඇයි ප්‍රජාතන්ත්‍රවාදය කියන එකට මේ තරම් ලොකු බරසාර අකුරු තියෙන නමක් තියෙන්නෙ. ඇයි ඒක මාලු හොදි..කිරි හොදි අල හොදි වගේ සරල නමක් හිතුනෙ නැත්තෙ. අධිකරණය, ප්‍රජාතන්ත්‍රවාදය, ව්‍යවස්ථාධායකය ඔය වගේ වචන ගොඩක් බරයි. කියන්න වගේම තේරුං ගන්නත් ටිකක් අමාරුයි. නමුත් අපිට රජතුමා, නිළමෙතුමා, රාජ සභාව, ගම ්නියම්ගම්, කෝරාළ ආරච්චි, වගේ වචන අරිට වඩා ලේසියෙන් තේරෙනවා. පාර්ලිමේන්තු මන්තිරි, ප්‍රා බබා මන්තිරි ඇමති කියනවාට වඩා කලිං කියපු රාජ සභාවෙ මහාදිකාරම් මහ සෙනෙවි වගේ නම් අපිට තේරු යනවා ලේසියෙන්ම.

අපෙ හිරු, අපේ සෙනෙවි.. රටේ දේවතාවා, අපේ පියානෝ වගේ වචන චන්ද කාලෙට පෝසටර් වල කටවුට් වල යනවා..නමුත් ඒ කාලෙට අපේ මන්ත්‍රි අපේ ඇමති කියලා යන්නෙ නැහැ කිසිම තැනක. මොකද ඇමති මන්ත්‍රිට වඩා අපේ අයට සෙනවි, දෙයියෝ, පියානෝ වගේ වචන හුරුයි. කියවන්න වගේම තේරුං ගන්නත් ලේසියි.

ඩික්ෂනරි එකකින් හරි විශ්වකෝෂයකින් හරි මලලසේකර ශබ්ධකෝෂයෙන් හරි බලලා තේරුම බැලුවාම අපි හිතනවා අපිට ඒ වචන වල තේරුම හරියට ම අහුවුනා කියලා. නමුත් එහෙම වෙන්නෙ නැහැ. අපි ජිවත්වෙන පරිසරය අනුව වචන වලට තේරුම වෙනස් වෙනවා. අපි ලංකාවෙදි බස් එකක් කියන්නෙ මිනිස්සු පොල් පොදියට පටවං හැමතැනම කොටන රේස් යන දොරවල් වහපු නැති පොදු වාහනේකට. නමුත් එංගලන්තෙ එකෙක්ට බස් කිව්වම මතක් වෙන්නෙ වෙනමම චිත්‍රයක්. එංගලන්තෙ බස් යන්න කලිං දොරවල් වැහෙන ඒවා. සමහර විට පහ වසරෙ විතර ඉංගිරිසි දන්න පොඩි එකෙක්ගෙන් ලංකාවෙදි බස් එකක් කියන්නෙ මොන වගේ එකක්ද කියලා ඇහුවම දෙන උත්තරෙයි. එංගලන්තෙ එකෙක් දෙන උත්තරයයි වෙනස් වෙන්න පුලුවනි.

ප්‍රජාතන්ත්‍රවාදය කිව්වාම අපි හිතනවා හරිම සරලයි ඔන්න මොකක් හරි සබාවක් තියෙනවා. ඒකට මිනිස්සු පත්කරගන්නවා. පත්කරගත්තෙ දවසෙ ඉදලා අපි උන්ට බනිනවා. උන් ගසා කනවා. අපි හැමදාම බැන බැන ඉදලා නියමිත කාලෙ ඉවර වුනාම වෙන කට්ටියක් හරි නැත්තං උංම හරි පත් කරගන්නවා. සාමාන්‍ය මනුස්සයෙක්ට ලංකාවෙ පොජාතන්ත්‍රවාදය තේරෙන්නෙ ඒ විදියට.

නවසීලන්තෙ එලදෙනෙක් හරි ලොකුයි. කිරි ලීටර් දහයක් විතර එකෙක් ගෙන් ගන්න පුලුවන්. ටිකක් තරමක අලි පැටියෙක් සයිස් එකලු එක එලදෙනක්. අපේ කන්තෝරුවෙ මිස් කෙනෙක් නුවර එළියෙ අඹේවෙල නවසීලන්ත ගොන් පට්ටිය බලන්න ගිහින් ..දැන් හෙන වරුණාව. ඒකෙ ගොන්නු අඩුයිලු. එලදෙන්නු වැඩියි. ඉතිං අපෙ මිස්ලා ගියාම අර එලදෙන්නු පොරකනවාලු සීමිත ගොන් සම්පත බෙදා ගන්න. පට්ට ආතල් කතාව. මිස් රස කරලා කියනවා.

දැන් අපි කතාවට යමු. ඉතිං හම්බන්තොට ගොයියෙක්ගේ පුතෙක් ඉන්නවා නවසීලන්තෙ. ගොයියා එරෙප් පෙලෙන් එකේ නැගලා යනවා නවසීලන්තෙ. ගිහිං නවසීලන්තෙ ගොන්නුන්ගෙ කිරි තනේ දැකලා පුදුම වෙනවා. ඒ මනුස්සයා පුදුම වෙලා නවතින්නෙ නැහැ නවසීලන්ත පට්ටි ගොනෙකුයි එල දෙනකුයි ලංකාවට ගෙන්න ගන්නවා පුතාට කියලා. ඉතිං නවසීලන්ත ගොන්නු හරි ලොකුයි. පුතා එව්වට මොකද හම්බන්තොට දේශගුණය අර ගොන්නුන්ට අල්ලන්නෙ නැහැ. ඒ පාර තාත්තා පුතා එක්ක කතා කරලා ගොන් කපල් එකට ඉන්න ඒ සී කාමරයක් හදනවා. පස්සෙ හම්බන්තොට තණකොල දිරවන්නෙ නැති නිසා උන්ට කන්න තණකොල රටින් ගේනවා. කොහොම හරි දැන් අර නවසීලන්ත ගොන් කපල් එක හිටියාට මොකද නවසීලන්තෙදි තරං තන් ලොකු නැහැ. ඒ කියන්නෙ කිරි එච්චර ගන්න බැහැ. දැන් අර තාත්තා ගොන්නු දෙන්නාව බලන්න එන අයට ටිකට් කඩලා ලොකු ගානක් හොයා ගන්නවා.

දැන් අර ගොවියාගේ මුල් අදහස වෙලා තිබුනෙ නවසීලන්තෙදි ගන්නව වගේ ගොඩාක් ලොකු කිරි එලදෙන්නු හදලා කිරි කර්මාන්තෙ දියුනු කරගන්න. නමුත් නවසීලන්තෙ ගොන්නු කියන්නෙ මෙහෙදි ප්‍රදර්ශනාත්මක සංදර්ශනාත්මක දෙයක් විතරයි. තවදුරටත් ඒ නවසීලන්ත එලදෙන මෙහෙදි කිරි ලීටර් දහයක් දොලහක් ගන්න පුලුවන් වස්තුවක් නෙමෙයි. ලස්සනට ගාල් කරල තියන්න පුලුවන් සෝක් වස්තුවක් විතරයි.

එක්දාස් නවසිය තිස් හතලිස් ගනන් වලදී ලංකාවෙ පොරවල් එංගලන්තෙ ගිහිං එනකොට පොජාතන්ත්‍රවාදය කියලා එකක් උස්සං ඇවිත් මෙහෙ තියලා තියෙනවා. අර කතාවෙ ගොවියාගේ පුතා නවසීලන්තෙ. නමුත් මේ කතාවෙදි සුද්දො අපේ රට අල්ලගත්තා. එංගලන්තෙ ඉන්න සුද්දන්ගේ ඔරිම ජිනල් සුද්දො මෙහ ආවෙ නැහැ. එහෙ ඉන්න වතුවල වැඩකරපු තුන්වෙනි පන්තියෙ සුද්දො ටිකක් මෙහෙට ආවා. ඒ ආපු සුද්දන්ගේ පස්ස පැත්තට වතුර වක්කරපු සේනානායක, වික්‍රමසිංහ, බණ්ඩාරනායක වගේ නම් තියෙන පොරවල් ටිකකට ලංකාව පස්සෙ කාලෙක අයිති වුනා.

ඒ අයට එකපාර බලය ගන්න නිකං මොකද්ද වගේ. ඒ පාර පොඩි පොජාතන්ත්‍රවාදය කියලා ගැටයක් ගහලා බලය ගත්තා. එදා ඉදං මේ ක ප්‍රජාතන්ත්‍රවාදි රටක් ලු. ඒක කාලෙකදි නැතිවෙලා කියලා කට්ටියක් හොයනවා. ආයි කට්ටියක් හොයාගත්තා කියලා බලයට එනවා. නමුත් සමස්ථයක් විදියට ගත්තොත් එංගලන්තෙ අමරිකාවෙ හෝ ඉන්දියාවෙ තියෙන විදි වලට වැඩිය මෙහෙ විදිය අජූතයි. කාටවත් තේරෙන්නෙ නැහැ මොකද වෙන්නෙ කියලා.

අධිකරණය ව්‍යවස්ථාදායකය විධායකය වගේ බර දේවල් ගොඩක් දැන් විනාසවෙලාලු. මට තියෙන පස්නෙ විනාස වෙන්න කලිං ඕවා හොදට තිබුනද කියන එක. සෑම වසර පහලවකටම වරක් වගේ අපේ අය පොඩි පහේ ආතල් වලියක් යනවා. ගිහින් කොල්ලො කෙල්ලො රොත්තක් මැරෙනවා. හරිම ආතල් එකක් තියෙන්නෙ. මාර ප්‍රජාතන්ත්‍රවාදි රටක්. පාරෙ යන බල්ලෙක්ට වඩා පොඩි වැදගත් කමක් එනවා දුප්පත් මිනිස්සුන්ට චන්ද කාලෙට. චන්දෙ නැති කාලෙට ඒ වටින කම නැහැ. ලංකාවෙ බුද්ධිමතුන් කියලා හොරු ටිකක් ඉන්නවා. උන් ලියන්නෙ ඉංගිරිසියෙන්. උන්ට බයයි උන් ලියන ඒවා අපිට තේරේවි කියලා. අපිට තේරුනොත් උන්ට කේස්. මොකද අපිට උන් ලියන ඒවා තේරුනාම අපිට වැටහෙනවා උන්ගේ ටයි කෝට් රෙදි බැනියං අස්සෙ මොකෙක් වත් නැහැ කියලා. සමහර විට ආදි කල්පික වනචාරියෙක් එංගලන්ත ලයිබ්‍රියකට පැන්නා වගේ ආතල් නම් උන්ලියන ඒවායේ තියෙයි.

මේ දවස්වල හරිම ට්‍රැෆික් එකක් කොළඹ තියෙන්නෙ. අර දෙමල පැත්තෙ ලොක්ක අපි හමුදාව දාල 2009 දි මැරුව නේ. ඒකෙ ඇනිවසරි එක තියෙනවා ගෝල් පේස් එකේ. මේ සතියෙම පිටකොටුව පැත්ත මරදාන පැත්ත බම්බා පැත්ත ට්‍රැෆික් එක වැඩියි. මේ වගේ ඉවන්ට් කොළඹ තියෙන එක අපිට හිරිහැරයි. මේ හැමදේම තියන්නෙ ඇයි? ඇයි මේ මැයි දින, සංදර්ශන ගොඩක් ඇයි තියෙන්නෙ. බලය ගන්න නෙව. ඉතිං බලය බෙදන්න ව්‍යවස්ථා හදන්නෙ ඇයි. ඔවා හැදුවා කියලා මොකෝ හතරමහ නිදානෙ ලැබෙනවයි.

ශ්‍රේෂ්ඨාදිකරනෙ හොද වුනා කියලා දුප්පත් මිනිස්සුන්ට මක්කද ලැබෙන්නෙ. මට නං හිතෙන්නෙ මක්කාවත් නැහැ. ලොකු ලොකු බිස්නස් කාරයොන්ගෙ වලි බේරගන්න ඒ වගේ තැන් හොද ඇති. ජනමත විචාරණයක් තියලා හරි ආයිත් අපිට රජකාලෙ තිබුන රාජාන්ඩු ක්‍රමය ගේන්න ඕනි. ජාත්‍යන්තරේ මොන විදියට කෑ ගැහුවත් රාජාන්ඩු ක්‍රමයක් කියන්නෙ අපිට ගැලපෙන ආන්ඩු ක්‍රමය.

එතකොට ඊළඟට රජ වෙන්න එන එකාට අපිට වද නොදී ගිහින් දැන් ඉන්න රජාව මරලා රජ වෙන්න පුලුවනි. ඕනිම නම් කුලි හමුදාවක් කොහෙන් හරි අරං ඇවිත් ගහලා යුද්ද පාරක් දාල රජ කම ගන්න පුලුවනි. මේ චන්ද කෙරුවාව නිසා හැමෝම හදන්නෙ බලය ගන්න. අරහෙම රජ ආන්ඩුවක් තිබුනොත් මිනිස්සු රජකම ගැන හීන දකින්නෙ නැහැ. බලයට මෙච්චර කෑදර වෙන එකක් නැහැ. රජතුමා දෙන දේ කාලා වෙන දේ බලාගෙන ඉඳීවි.

එතකොට චන්ද නැති නිසා බොහොම සාමෙන් මිනිස්සු ජීවත් වේවි. මිනිස්සු එකිනෙකා අතර වලි දාගන්න එකක් නැහැ. මොකද රජතුමා තමයි මූලිකයා. මිනිස්සුන්ගේ තියෙන අතෘප්තිකර ගතිය නැතිවෙලා යාවි. දැන් ලංකාවෙ මිනිස්සු ඉන්නෙ කිසිම විදියක තෘප්තියකින් නෙමෙයි. අපිට ව්‍යවස්ථාව වෙනස් කරලා අලුත් එකක් හදලා රාජාන්ඩුවක් ගන්න පුලුවන් නම්..ඊට වඩා වැදගත් වෙනසක් ගැන මට නම් හිතාගන්නවත් බැහැ. රජතුමා ට කිසි ඇටෑක් එකක් නැහැ. විපක්සෙට උත්තර දෙන්න ඕනි නැහැ.සියලු අධිකරන බලය රජතුමාට. මිනිස්සු බලාගෙන ඉඳීවි රජතුමා වඩිනකල්. 


ප්‍රජාතන්ත්‍රවාදය කියන මෙව්වා එක ලංකාවෙ තියන විදිය අනුව හැමදාම පරාජිතයො ටිකක් ඉතිරි වෙනවා. නමුත් රාජ ආන්ඩුවක් තියෙනකොට පරාජිතයින් කියලා ජාතියක් නැහැ. බොහොම පැහැදිලියි. පියාගෙන් ලොකු පුතාට..ලොකු පුතා නැත්තං වැඩිමල් සහෝදරයට. මිලියන සිය ගනන් දීලා පෙට්ටි උස්සං ගිහිං චන්ද තියන්න ඕනි නැහැ. ඉබේම තැන ලැබෙනවා.

Sunday, May 12, 2013

ඉනෝකා ගේ මීයා (The rat of Inoka)

ඉනෝකා රීසිවරය තැබුවාය.

ඉනෝකාට කෝල් කරන්නට අදහසක් ආවත් කෝල් කිරීමත් එක්තරා කරදරයක් ලෙස විටෙක සිතේ. කෝල් කිරීමට පිරිමි යහලුවන් කිහිප දෙනෙකු සිටියත් ඔවුන් සිනාසෙමින් කතාකර දින දෙක තුනකින් වෙනත් දේවල් වලට කතා කරන ගතියක් පෙන්වන බැවින් ඔවුන් සමඟ ඇසුරද ඉනෝකාට යම් අපුලක් ඇතිවී තිබුනි. මුලින් මනුස්සකමට කතා කල විට ඒ බොහෝ දෙනා සිතන්නේ ඉනෝකාට පාලු කැපීමට සැමියා ප්‍රමාණවත් නැති බැවින් වෙනත් පිරිමින් සමඟ කතා කරන බවකි.

සැමියා අරෝෂ හොඳ අයකු වුවත් කෙතෙක් ගැලපෙතත් වෙනත් පුරුෂයින් සමග කලක් අල්ලාප සල්ලාපයේ යෙදුන විට සිතද චංචල වන බවක් ඉනෝකාට හැඟී ගොස් ඇත. වෙනත් වතුවල මල් සිඹින්නට ගොස් නොයෙක් කරදර වලට මුහුනපා සිටින සහ සමාජයේ කතාන්දර ඇතිකරගෙන සිටින යහලුවන් ගැන ඉනෝකා දනී. ඔවුන්ද මුලදී ඒවා පටන් ගත්තේ හුදෙක් මිතුරු ඇසුරක් පිණිස පමණි. එබැවින් වෙනත් කන්තෝරු පිරිමි ළමයෙකු සහ ඔෆිස් බස් එකේ නිතර හමුවන යහලුවෙකුගේ නොම්බර ඇය සතු වුවත් ඇය පසෙක යන නාගයින් වස්ත්‍රය තුල රුවාගැන්ම පසුවට කරදර විය හැකි බව සිතා ඒ සිත මැඩපවත්වා ගත්තාය.

අරෝෂ මහන්සි වූවාට පසු ඉක්මනින් නිදාගන්න කෙනෙකි. මහන්සි පිට ටීවි බැලීම, පොත් කියවීම හෝ වෙනත් කිසිම රාජකාරියක් අරෝෂට ගෝචර නොවේ. රට වටා ශාඛා ඇති මූල්‍ය ආයතන ජාලයක තාක්ෂණික නිළධාරියෙකු වන අරෝෂට ඉඳහිට පිට වැඩට යා යුතු වෙයි. මුල් කාලයේදී ඉනෝකා ඇගේ මව එවන් විටක කැඳවාගත්තත් දැන් මවට එය තවත් කරදරයක් වෙන නිසා තනිවම සිටින්නට ඇය අදහස් කලාය. වටපිට ගෙවල් වල අයද හොඳ අය නිසාත් වැඩිපුර අනුන් ගැන තැවෙන අය නොවන නිසාත් ඉනෝකාට වැඩිමනක් කරදරයක් ඇතැයි සිතන්නට කාරනා නොවීය.

නිදාගන්නා විට ඇමතුම් ගැනීමෙන් අරෝෂ කෝප විය හැක. මේ වැනි අවස්ථාවලගෙදරට කෝල් ගැනීමෙන් තනියම සිටින්නේ මන්දැයි ඉනෝකාට බැනුම් අසන්නට සිදු වෙනවා ඇත. එබැවින් අැය මිතුරියකට කතා කොට ඇගේ විස්තර අසා රූපවාහිනිය නරඹන්නට පටන් ගත්තාය. මැද කොටස් මුල කොටස් බලනවිටම අවසානය තේරුම් යන නීරස නාටක පෙළ ඉනෝකාගේ සිත නොගත්තාය.

පරිඝනකය ඔන් කර මනුපොතට ලොග් වුවත් ඉනෝකාගේ පරණ මිතුරියන් මේ වෙලාවට ඔන්ලයින් ඉන්නවා අඩුය. ඔවුන් නිවෙස් වල දරුවන් ගේ රාජකාරි හෝ සැමියන් සමඟ වෙලෙමින් මේ වෙලාව ගත කරනු ඇතැයි ඉනෝකා සිතුවාය. යහලුවන් විසින් හුවමාරු කර තිබූ බහුරූ කෝලම් කිහිපයක් මනුපොතේ කියවා පැය බාගයක් පැයක් ගෙවා දැමූ ඇය යලිත් කුස්සියට ගොස් වතුර එකක් බී එන්නට ඇත්නම් මනා යැයි සිතුවාය.

ඇයට කුස්සියට යන්නට බියක් ඇතිවේ. බිය සමඟම එන වරදකාරී හැඟීම ඇගේ සිත පෙළයි. වෙන කිසිවෙකුට මේ සිද්ධිය කියුවත් ඔවුන් ඉනෝකා වැටි ඇති තත්වය නම් ලෙහෙසියෙන් තේරම් ගන්නේ නැත.

මේ අරෝෂ...බලන්න අනේ මගේ අන්ඩ ගාමන්ට්ස් පවා මීයො කනවා..කිසි දෙයක් කුස්සියෙ තියාගන්නත් නැහැ...මේ මී කරදරේ...කියලා ඉනෝකා දැන් දින කීපෙකට කලින් අරෝෂට කීවාය.

ඔවුන් දෙදෙනා අතර දින ගනනක් මීයන් වඳ කිරීම පිළිබඳ සංවාදය ගිය අතර , මීයා වද විඳිනවා පෙනෙන නිසා මී කතුර ප්‍රතික්ෂේප විය.

මීයා කොහේ හෝ මිය ගොස් මුලු ගෙදරම කුණු ගඳ ගසාපු කතාවක් ඔපිස් එකේ මිතුරියක කී නිසා ඉනෝකා මීයන්ට වස තැබීමට අකමැති විය.

මේ අතර මීයා දුටුතැන පොල්ලෙන් ගැසිය යුතුයැයි සිතූ අරෝෂ මීයාට කොස්සෙන් ගසන්නට ගොස් කොහුමිට දෙකඩ කලේය.

මීයා අල්ලන්නට කරවල කෑල්ල පාන් කෑල්ල සහ කම්බිය ආදි මෝඩ උගුල් තැබීම ගැන කතාකර අරෝෂ විසින් ඉනෝකා කෝප ගස්වාගෙන ස්වල්ප වෙලාවක් එයින් ආතල්ද ගන්නා ලදී.

ඒ අතර අරෝෂ මී උගුල් ගැන කතාකරමින් සිටිනවා විනා ඒ ගැන කිසිත් සක්‍රිය දෙයක් කලේ නැත. ඉනෝකාද විටින් විට මතක් කලත් අරෝෂට ඒගැන එතරම් වගක් වූයේ නැත. ඉනෝකාට මීයන් ගැන හොඳටම තරහ ගොස් තිබුනේ ඇගේ යට ඇඳුම් පවා මියන් විසින් කා දමා තිබූ බැවිනි.

පසු දිනෙක අරෝෂටද මීයන් හා තරහා ලෝඩ් වන්නට කාරනාවක් හේතු විය. යට ඇඳුම් කන වල් මීයා අරෝෂගේ යට ඇඳුම්ද කා තිබුනි. අරෝෂගේ යට ඇඳුමේ පිස්තෝල උන්ඩයක් ගියාක් වැනිව තිබූ කුඩා සිදුර කාලතුවක්කු උණ්ඩයක් සයිස් එකට විසාල කරන්නට මීයෝ සමත්ව තිබුනි.

බලන්න ඉනෝ..මේක අරං සති හතරක් ඇති ඕන්නං..පොඩි සිදුරක් තිබුනෙ..මුං මේකම කෑවෙ මොකද්ද මන් දැන් නැහැ... රුපියල් තුන්සිය ගානක් වුනා.. සික් විතරක්..ඔයාට කුස්සියෙ ඉදං සිංදු කිය කිය උයන වෙලේ පොඩ්ඩක් මේ පස්සෙ වැලේ තිබුන රෙදි ටිකවත් අරං තියන්න තිබුන නේ..

යස වැඩේ..යස වැඩේ...ඔයාට ඉතිං මගේ ඒව කෑවට දැනෙන් නැහැ නේ...ඔයා නිකං මං කුස්සිය ඉදන් සිංදු කිය කිය හිටියා කියලා කියන්නෙ ඔයා මහ ලොකු වැඩක් කලා වගේනේ..මොකද්ද ගේම් එකක් යාලුවෙක් ගෙන් ඉල්ලං ඇවිල්ල කැම බීම බලන්නෙත් නැතුව ඒක ප්ලේ කලා නේ.. යස වැඩේ...දැන් ගෝනි ලනුවකින් වත් ගැටගහගෙන යනවා.. හූ... හූ....

ඔව් මං ගැටගහනවා ඔය මීයව අහුවුනොත් ගෝනි ලනුවෙන් නෙමෙයි...කියා දත් මිටි කාගෙන තරහින් අරෝෂ නිවස තුලට ගියේ අදනම් වැඩ ඇරී එනවිට අනිවාර්යෙන් මී කතුරක් සහ අලුත් අන්ඩවෙයාර් එකක් මිලදී ගතයුතුයැයි සිතලාය.

යලිත් ඉනෝකා කන්තෝරුවට ගොස් යාලුවන්ට කීවේ දැන් අරෝෂගේ රෙදිත් මීයො කනවා කියලාය. ඇය විසින් අරෝෂගේ අන්ඩවෙයාර් මීයො කා ඇති බවක් කන්තෝරු යාලුවන්ට කියන්නට ගියේ නැත. මේ දවස්වල කන්තෝරු යාලුවන්ට ඉනෝකාට ඇති ගැටලුව හොඳින් මතකය. ඉනෝකාට ඇත්තේ මී ගැටලුවයි. ඉනෝකාගේ වෙනත් යාලුවෙක්ට ඇත්තේ පෙම්වතා බොන එක නවත්වන ගුරුකමක් කරගැන්මේ ගැටලුවයි. තවත් තරමක් වයස ඉනෝකාගේ යාලුවෙක්ට ඇත්තෙ ළමයා ඉස්කෝලෙ දාගැන්මට හොර සහතික හදන්නට වෙන ගැටලුවයි. ඒ ආදි එකිනෙකාට ආවේනික ගැටලු කිහිපයක් ඇති අතර තේ බොන විටත් කන බොන විටත් ඒවායේ අලුත්ම අප්ඩේට්ස් ඒ අය විසින් හුවමාරු කර ගනිති.

ඒ අනුව අද ඉනෝකාට යෙදි තිබුනේ කුස්සියේ උයන දෑ කෑම, සිය ඇඳුම් කෑම, සිට මීයා සිය සැමියා අරෝෂගේ ඇඳුම්ද කෑම දක්වා වන මී පරිණාමනයේ නවතම පිම්ම යාලුවන්ට විස්තර කිරීමයි. සැමියා පරිඝනක ක්‍රිඩා වලට ඇබ්බැහි වීම. රෙදි නවා ඇල්මාරියේ දාන්නට තමුන්ටද මතක නැතිවීම. අපි කවුරුත් නැිත අවෙලාවේ මීයා රෙදි කෑම ආදී ස්ටෙප් කීපයක් යටතේ ඉනෝකා සිය කතාව යාලුවන්ට කීවාය. ඒ අතර යාලුවන්ද ඔවුන් දන්නා මී නසන විදි ගැන ඉනෝකා සිරිත් පරිදි දැනුවත් කලාය.

තේ බීම් හමාර වූ පසු ඉනෝකාට මතක් වූයේ අද අරෝෂ මි කතුරු බලන්නට ගොස් ප්‍රාණාඝාතය සිදුකරනු පිණිස මීයන් මැරීමට කතුරක් ගේන්නට නියමිත බවකි. වහාම ඉනෝකා අරෝෂට ඇමතුමක් ලබාගන්නා ලදී. ඒ වනවිට මී ගැටලුව වෙනුවට කාර්යාලයේ වෙනත් රාජකාරි අතර සිර වී සිටි අරෝෂගේ සැඟවී තිබුන මී වෛරය යලිත් ඉස්මතු වූයේ ඉනෝකාගේ ඇමතුමෙනි.

මෙයා කතුරක් ගේන්න එපා. අපේ තාත්ති ඉස්සර කතුර තිබ්බම මීයො ලේත් එක්ක තැන් තන් වල දුවනවා.හරි කැත.. ඔයා මී උගුලක් බලන්නකෝ අනේ..

ඔයා කියන විදියට මේ කඩවල් වල බඩු නැහැ..මං බලන්නම් කෝ.. මොකද අද මීයො ගැන හිතන්නෙ ? ඔයාගේ පස්ට බිසි කන්තෝරුවෙ අද වැඩ නැද්ද ඉනෝකා..? අරෝෂ ඇසුවේය.

ආ....ඕනි නැත්තං ඕනි දෙයක් කරගන්න.මට ඕනි නැහැ මී උගුල්... පන්ඩිතයා..එහෙනං අරං එනවකෝ මී කතුර... කිව්ව දේ අහන් නැතුව.. ඉනෝකා බොරු තරහක් මවාගෙන කතා කලාය..

කෙසේ හෝ අරෝෂ මී උගුලක් රැගෙන ආවේය.මී උගුල තුලට පාං කෑල්ලක් හෝ පුලුස්සපු කරවල කැබැල්ලක් දමා මීයා එය කන්නට ආපසු මීයාට එලියට යන්නට බැරි ලෙස උගුල විය. පලමු දිනයේම එකෙක් අසුව තිබුනි.

උදෑසන තේ හදන්නට පැමිණි ඉනෝකා...කලබලව වහා දිවගොස් අරෝෂද නැගිටුවා ගෙන විත් එය පෙන්වුවාය.ඉන් පසු අරෝෂඌ සිලි කවරයක දාගෙන හොඳ රෙදි කඩයක නම ගිය බෑග් එකකද දමා ගත්තේය. ඉන් පසු එය පසෙකින් තබා කන්තෝරු යන ගමන් බයික් එක නවතා කුනුගොඩකට අර මී පාර්සලය විසික් කොට ගියේය.

අරෝෂ ඉන් පසු යලිත් පාං කැබැල්ලක් දමා තිබු මුත් එදා මීයෙක් අසුව තිබුනේ නැත. දැන් මීයෙක් අසුව ඇත. නමුත් ඌ අයින් කරන්නට අරෝෂ ගෙදර නැත.

ඉනෝකා යාලුවන් සමඟ මීයන්ට එරෙහිව නොයෙක් කතා කියා..මට හරිම අප්පිරියයි අනේ..ගහලා මරන්න හිතෙනවා වෙලාවකට කියාලා නොයෙක් ආලවට්ටම් කතා කලත් මීයා ගුල තුල සිටිනු දුටුවිට ඉනෝකාට බිය ඇතිවිය.

ගුල තුල ටික වෙලාවක් සිටින මීයා විටින ්විට කෑ ගසයි. ඉනෝකා සෙමෙන් ලංවී මීයාගේ සද්දය අඩු විට ඌ මැරිලාදැයි කියා බලයි. නමුත් ඌ මියගොස් නැත. පණ බේරාගන්නට නොයෙකුත් වික්‍රම කරමින් මීයා ගුල තුලම සිටී. එලියට එන්නට බැරි බඳුන තුල මීයා සිරවෙලාය.

කුස්සියට ගොස් මීයා දෙස නොබලා ශිතකරණයෙන් වහා බටර් එක රැගෙන සැන්ඩිවිච් පාං ගෙඩියද රැගෙන ඉනෝකා සාලයට ආවේ මීයගේ දර්ශනයෙන් ඈත්වනු පිණිසය. නමුත් බටර් තවරා ටීවි එක දෙස බලාගෙන පාං කන ඉනෝකාට එක් වරම මීයා මතක් විය. පවු සතා..ඌ කාලද දන් නැහැ..

ඉනෝකා පාං කෑල්ලක් ඉතිරි කරගෙන ගොස් මීයා දෙස බැලුවාය. මීයා අසුවන්නට උගුලට යෙදූ පාං කෑල්ලද තවම උගුල තුලය. මීයා කැම කා ඇති බවක් නෙපෙනේ. දැන් මි බෙටි කිහිපයක්ද තිබෙනු ඉනෝකා දුටුවාය.

ඇය එබෙන විට ඒ දෙස බලාසිටින මීයාගේ අහිංසක ඇස් දෙක ඉනෝකාට දුක ඇතිකරන්නට හේතු විය. ඌ මෙයින් ගැලවෙන්නට උත්සාහ කරයි. නමුත් මෙයින් ගලවන්නට තබා මේ උගුල අල්ලන්නටද ඉනෝකාට බියය. මීයන් ඇගේ ඇඳුම් කුස්සියේ උයන දෑ ආහාරයට ගැන්ම නිසා මීයන් ගැන ඇගේ සිතේ ඇතිව තිබුනේ දැඩි වෛරයකි. නමුත් මේ උගුලට අසුව සිටින අහිංසකයාගේ මූන දකිනවිට ඌ ඔලුව පසෙකට වනා අනුකම්පා ඇඩ් එකක් දාන විට ඉනෝකාට සැබැවින්ම දුක සිතුනි.

කුස්සියට ගොස් බටර් පාන් කෑල්ලක් දැමුවත් එය මීයා කන ආකාරයක් පේන්න නැත. මේ කරුණ යාලුවෙකුට කියා සිත සනසාගන්නට හිතුවත් ඒයට සුදුසු යාලුවෙක්ද කල්පනා වූයේ නැත. ඒ අතර ෆේස්බුක් ගොසින් යලිත් කුස්සියට පැමිණි ඉනෝකාට යලිත් මීයා වතුරවත් නැතුව බඩගින්නේ නොවදැය ිකල්පනා විය.

යලිත් සාලයට ගොස් වෙලාව බැලූ ඉනෝකාට තවම අට වත් වී නැතැයි සිත සනසා ගත්තාය. ඉන්ටනෙට් එකට ගොස් ඉනෝකා මී ආහාර ගැන සර්ච් කරන්නට විය. නමුත් මීයන් කන ආහාර ආදිය ඇතැයි ඉනෝකා මින් පෙර අසා නැත. පූසන්ට බල්ලන්ට කුරුල්ලන්ට කන්න දෙන ආහාර ෆුඩ් සිටි වල ඇතැයි ඉනෝකා දැන සිටියත් මීයන්ට කන්නට ආහාර කොහි ඇත්දැයි ඇය දැනගෙන සිටියේ නැත.

බල්ලන්ට පූසන්ට කන්න විශේෂ ආහාර ෆුඩ් සිටි වල ඇත්නම් අනිවාර්යෙන් මීයන්ට ද කෑම ඇතුවා විය යුතුයැයිද? මේ මීයාට එවන් මී කෑමක් වත් ගෙනත් දුන්නොත් ඌ සද්ද නැතුව නිදාගනු ඇතැයිද එයින් තමාට පවු සිදු වෙන එකක් නැති යැයිද ඉනෝකා සිතුවාය. නමුත් ඒ ගැන ගෙදර අයෙකුගෙන් වත් අරෝෂගෙන් වත් ඇසිය නොහැක.

මොකා....අල්ලපු මීය විසික් කරන්නෙ නැතුව ඌට කන්නත් දාන්න.. හැබෑට තමුසෙට පිස්සුද ඉනෝකා..? අරෝෂ විසින් එසේ කියනු ඇතැයි ඉනෝකා සිතුවාය.

යස වැඩේ..තනියම ඉන්න ගියානේ කුමාරිහාමි වගේ...ඔය මීයයි පාඩුවෙ ඉන්න අරිනවා..ඔයැයි ගිහිං නිදාගන්න..අරෝෂ හෙට ආවම අරන් දාවි ඕකා...තාත්තාට කිව්වොත් තාත්තා කියන්නේ එවැනි දෙයක් යැයි ඉනෝකා සිතුවාය.

අවසන සිය පෙම්වතාගේ බීම ගැන නිතර දුක්වෙන කන්තෝරු වේ දුක සැප ළඟ නිතර රැදෙන නිමාලිගෙන් උත්තරයක් ගන්නට පිළිවැනැයි ඉනෝකා සිතීය.

මෙය ඇසු වීගස නිමාලිට සිනා ආ මුත් සිය මිතුරියගේ මෘදු සිත ගැන හොඳින් දන්නා නිමාලි ඇයව බය නොකර ඇයව විහිළුවට නොගෙන උදව් කරන්නට සිතා ගත්තාය. මේ නිමාලි...අර ඩෝග්ස් ලට කැට්ස් ලට ෆුඩ්ස් තියෙනවා නේ ෆුඩ් සිටි වල...මීයන්ට හෙම නැද්ද කෑම ෆුඩ් සිටිවල..කියා සිය විස්තරය කියා ඉනෝකා කෙලින්ම සිය ගැටලුව නිමාලිට යොමු කලාය. එච්චර හිතන්න එපා ඉනෝකා...

උන් රෑට කන්නෙ අපි කන වෙලාවට නෙමෙයි නේ ඉනෝ..රෑ එකට දෙකෙට විතරනේ උන් වැඩ පටන් ගන්නෙ..මගේ යාලුවෙකුත් කිව්වා මීයන්ගේ ඩිනර් එක තියෙන්නෙ රෑදොලහ පහුවෙලා කියලා. ඔයා කෝකටත් තව පාං කෑල්ලක් දාල තියන්න..උගේ ටයිම් එක ආහම කයි ...කියලා නිමාලි විසින් ඉනෝකාගේ සිත සනසන ලදී..

පාන්දර ජාමෙකද ඉනෝකා විසින් නැගිට මීයාගේ තත්වය නිරීක්ෂණය කරන ලද අතර පාං කෑල්ලෙන් කොටසක් කා ඇති බව ඇය දැක ගත්තාය. පසුදින පැමිණි අරෝෂ අසු වී සිටි මීයාට බිරිඳ හොඳින් සලකා ඇති බව දැක්කේය. හොඳයි හොඳයි ඉනෝකා..ඔයා සිරකරුවන්ට පවා හොඳින් සලකන හොඳ පාලිකාවක් නේ..කියලා ඉනෝකාට විහිලු කලාය..

ඉන්පසු පෙර පරිදි මීයා ලක්ෂණ කවර වල බහා ලොකු කුණුගොඩක ඉහලටම අරෝෂ විසින් විසික් කරගෙන යන ලදී.

කලක් යනතෙක් ඉනෝකා උගුලේ සිටිය මීයාට කෑම ෆුඩ්සිටියේ තිබේදැයි සෙවූ කතාව නිමාලිගේ හිතේ තිබුනි. වරින් වර මීයන් ගැන වෙනත් හයලුවන් කතා කරන විට මේ කතාව ඔවුන්ට කියා නිමාලි සිනා සුනාය.

තම බිරිඳගේ කරුණාවන්ත මෘදු සිත ගැන දැනගෙන සිටි අරෝෂ ඇය උගුලට අසුවූ මීයාට කන්න බොන්න දී හොඳින් සැලකුව බවක් කියා ඇය ලැජ්ජාවට පත් කරන්නට ගියේ නැත. මින් පසු දුර යන දිනවල මී උගුල් තබා යන්නට එපා යැයි ඉනෝකා විසින් අරෝෂට දැඩිව අවවාද කරන ලද්දේ මහ රෑ ෆුඩ් සිටි වල ගොස් මී කැම සෙවීමට වේ යැයි බියෙන් විය හැක.

Saturday, May 11, 2013

ටවුන් එකෙනුත් ඩවුන් යන පුල්සේ (After down town pulse)

ලංකාවෙ සංගීතය ආකාර තුන හතරක් ගන්නවා..
  1. එළිමහන් වේදිකා මෙගා සංගීතය..(Outdoor music)
එළිමහන් වේදිකා වල සිංදු කියන ගායකයින් සහ සංගීත විදිය මේ විදියට හඳුන්වන්න පුලුවන්. මේ යටතේ ජනප්‍රිය ගෲප් විශාල සංඛ්‍යාවක් බිහි වෙලාතියෙනවා. ඒ වගේම ජනප්‍රිය වෙච්චි සම්ප්‍රදායකුත් එ රටාවට තියෙනවා. කොහෙත්ම වත්මන් බටහිර සංගීත ශෛලින් වලට අයිති යැයි කියන්න බැරි අතිශය ග්‍රාම්‍ය බීට් එක රිදම් එක මත පමණක් පදනම් වෙච්චි කොත්තු බාස් මියුසික් ඉස්ටයිල් එකක් විදියට එළිමහන් වේදිකා වල මෙගා සංගීත ශෛලිය හඳුන්වන්න පුලුවනි. රට වටා තිබෙන සංගීත සංදර්ශන. සංගීත උපකරණ හා වචන එකතු කොට ගයන ගීත. කෑ කෝ ගැසීම් විවිධ සංදාර්ශනාත්මක යෙදීම් මෙම සම්ප්‍රදායට අයිති දේවල් ලෙස දකින්න පුලුවන්.

2. ඇතුලත වේදිකා සංගීතය.(Indoor music)

ශාලාවක් ඇතුලත හෝ යම් කිසි කොටුකරගත් අවකාශයක පවත්වන සංගීත සංදර්ශන හා ඒ ගීත සංගීත විදිය මේ විිදයට හඳුන්වන්න පුලුවන්. මේ ක්‍රමයේ විශාල පූර්වජයෙක් ලෙස වික්ටර් රත්නායක හඳුනාගත හැකි අතර සුනිල් එදිරිසිංහ, නිරෝෂා, අමරසිරි පීරිස්, කසුන් කල්හාර වැනි බොහෝ පිරිස දැන් ශාලා ඇතුලත පවත්වනු ලබන සංගීත ගිත සාජ්ජ වලට යොමු වෙලා තියෙනවා. ඒ හරහා ප්‍රේක්ෂකයාට එළිමහන් වේදිකා වල තියෙන සංගීත සංදර්ශන වලට ගෙවන ගානට වඩා විසාල ගානක් ගෙවන්න ලැබුනත්..වාඩිවෙන්න පුටුවක්, කැරකෙන ෆැන් එකක්, ටිකක් හොඳ තත්වයේ සංගීත තත්වයක් විඳගන්න අවස්ථාවක් ලැබෙනවා. සත්‍ය වශයෙන්ම මේ ඉවන්ට් වලට  ලොකු මුදලක් දිලා ගියත් ඒ මුදලට සරිලන වින්දනය ලැබෙනවාද කියන එක ගැටලුවක්. ලොකු මුදලක් වියදම් කිරීම මත ඒක ලොකු දෙයක් කියලා හිතෙන් හිතාගෙන හීනමානෙන් ගොඩක් අය මේ ජාතියෙ ඇතුලෙ ප්‍රසංග බලන්න යන වෙලාවලුත් තියෙනවා.

3. ඩිජිටල් සංගීත (Digital music)

අලුතින් ඇවිල්ලා කිව්වට මේක අලුත් නැහැ. භාතියලා විසින් හඳුන්වා දීලා ඉරාජ් විසින් දියුනු කරාල සෙන්ටිග්‍රේඩ් වැනි අය විසින් ලොකු කරා යැයි සලකන සංගීත සම්ප්‍රදාය අපිට ඩිජිටල් සංගීත සම්ප්‍රදාය විදියට හඳුන්වන්න පුලුවන්. මිනිහෙක් කියන චරිතය ඩිජිටල් යුගයේදී තව දුරටත් ලොකු පපුවක්, ලස්සන සරීරයක්, පෞරුෂයක්, නායකත්ව හැකියාවක්, පොරක් කියන භෞතික චරිතයක් වෙන්න අවශ්‍ය නැහැ මේ යුගේදි. කොම්පියුටරයෙන් ජිල් මාට් ටිකක් දාල ඒ ටික සල්ලි දීල ගොඩදාගන්න හැකි නම් ඒ අය මේ ක්‍රමය තුල පොරවල් වෙනවා. පිටරට අපි අහපු නැති හෝ අහලා අඩු සංගීත කෑලි ගෙඩි පිටින් අරගෙන සිංහල වචන දාලා පෙරලලා සිංදු හදලා මාකට් කරන එක තමයි මේ ඩිජිටල් කට්ටිය සංගීත විප්ලවය කියලා කියන්නෙ.. ඒක ඒ විදියටම ගිල්ලවන්න සුදුසු මාධ්‍යමය රාමුවකුත් මේ අයට තියනෙවා..

මේ තුනට අමතරව බස් සංගීතය. පැරණි ජෝති ටයිප් සංගීත ආදි සංගීත කොටස් පැවතුනත් සමාජය පුරා මේ ඉහත කියන සංගීත කොටස් තුනට යටවෙච්චි සංගීත කලාවක් සිරි ලංකාව තුල පවතිනවා. කෙනෙක් කියන්න පුලුවන් මේ විවේචනය කරනවා තරම් ලේසි නැහැ ඔය මොක කරන්නත් කියාල.. ඔව් හැමදේම කරන්න අමාරුයි. ඩිජිටල් මියුසික් වුනත් හිතන තරම් ලේසි සහ සිම්පල් නැහැ. අමාරුයි. මිනිස්සු හොර චන්ද දානවා..හොර චන්ද නොදාන අය හිතන්නෙ ඒක පට්ට සිම්පල් කියලා..ඒත් දාන එකා තමයි ඒකෙ ආතල් එක දන්නෙ. සමාජයේ හොඳ නරක ඇල්වතුර ටයිප් ඕනිම වැඩකට මහන්සි වෙන්න ඕනි. නමුත් මහන්සි වෙලා කට්ට කාල කල පලියට හැම එකක්ම හොඳයි කියාල අපිට පිළිගන්න බැහැ.

ඔය අතර ලංකාවෙ ඉස්මතු වෙනවා අලුත් සංගීත කලාවක් වගේ එකක අංකුරයක්. අංකුරයක් කියන්නෙ අංකුරයක් මිස කොහෙත්ම පැලයක් නම් නෙමෙයි. මේ සම්ප්‍රදාය දිවෙන්නෙ මහා සමාජයේ ජනමාධ්‍ය මත නෙමෙයි. හන්දි ගානෙ රගදක්වපු වීදි නාට්‍ය මත, හුදකලා තැන්වල තියපු ප්‍රසංග මත ගොඩනගාගත්ත ඒ විකල්ප සංගීතයට අදාල සිංදු ආදිය යූ ටියුබ් ආදියේ දකින්න ලැබෙනවා. දැන් මනුපොතේ පවා සෙයා වෙනවා. ගිටාර් එකක් බෙර කෑල්ලක් ගගහා කඨෝර නාදයෙන් කරන ඒ සංගීතය අර ඉන්ඩෝර් හෙවත් ඇතුලත සංගීතය අහන අයට නම් මහ ගෝෂාවක් වෙන්න පුලවන්.

නමුත් තමුංගේ නිර්මාණ සුපිරි සමාජයට විකුනගන්න බැරිවුන හෝ විකුනගන්න උවමනාවක් නැති සෙට් කිහිපයක් හුදකලා සටනක නිරත වෙලා අමුතු ස්ටයිල් ටිකක් අපිට ඇහිච්චි නැති ඉස්ටයිල් ටිකක් අපේ කංවලට දෙන්න පොඩි උත්සාහයක් ගන්නවා. ඒක ප්‍රසංසනීයයි.

පසුගිය මාසෙ හය හෙවත් අප්‍රෙල් 6 මහල්වරාව බේකරි හන්දියේඒ වගේ මියුසික් ප්‍රසංගයක් තිබුනා.මං ඒකට ගියා.ඒ සම්ප්‍රදාය හොඳයි කියාල හිතුනා. ඒත් එයාල අපිට ටිකට් දුන්නෙ නැත්තේ ඇයි. කියන එක මට ගැටලුවක්. සංගීත කාරයො වුනාට එයාල විකුනන්න හැදුවෙ සිංදු නෙමෙයි පොත්. සංගීත කාරයො නම් විකුනන්න ඕනි පොත් නෙමෙයි සිඩීහෝ වීඩියෝ තැටි. සංගීතය කරන අයගේ ප්‍රධාන මාධ්‍යය වෙන්නෙ රූපය සහ ශබ්ධය..එ දෙකෙන් ඈත් වෙලා පත්තර වල, ඉන්ටනෙට් එකේ, පොත් වල එයාලගේ ටෝක්ස් ගොඩක් මට දකින්න ලැබුනා. ඇයි එයාල එහම කරන්නෙ කියන එක ගැටුලුවක්.

බොහොම අලුත් සිංදු ටිකක් සෝ එකේ තිබුනාට තවම ඒවාගේ යූ ටියුබ් වීඩියෝ වත් එලියට දීලා නැහැ. ඒ ගැන කිසිම උනන්දුවකුත් නැහැ. ඒ ප්‍රසංගය තියපු කන්ඩායමම එකතු වෙලා යූ ටියුබ් චැනල් එකක් පටන් ගත්ත නම් බොහොම සාර්ථක වෙන්න තිබුනා. නමුත් එයාල මහ මනෝරාජික සිහින ලෝකවල දවල් හීන දකින සෙට් එකක් මිස පොලොවට බැහැලා තමුංගේ සිංදු මිනිස්සුන්ට ගෙනියන්න උත්සාහ කරන බවක් නම් මට පෙනුනෙ නැහැ.

අජිත් කුමාරසිරි ඒ අයට පොරක්. නමුත් අජිත්ගේ සිංදුවක් යු ටියුබ් වල කී දෙනාද බලලා තියෙන්නෙ.. ඊට වැඩි ගානක් බස් අජියගේ සිංදු යූ ටියුබ් එකේ ජනප්‍රිය වෙලා තියෙනවා. බස් අජියා කියන්නෙත් සුපිරි අනුග්‍රහයක් ලැබෙන බුවෙක් නෙමෙයි. මාධ්‍ය වලිං තැනකට වැද්ද නොගන්නා පත්තර වල විස්තර  අඩු අදෝනා කියලම යාන්තං ගොඩ ගිය සංගීත කාරයෙක්. නමුත් බස් අජියා දැනගෙන හිටියා තමුංගේ ගොඩ යෑම තියෙන්නෙ මිනිස්සු අතරට තමුංගේ නිර්මාණ යන එක මත කියලා.

අපි මොන විප්ලව මොන මතවාද දරාගෙන හිටියත් අපිට ඒවා මිනිස්සුන්ට ගෙනියන්න බැරිනම් අපි අසාර්ථකයි. ඩවුන් ටවුන් පල්ස් ගැන රාවයේ, තරුණයා පත්තරේ ගියාට වැඩක් නැහැ. මොකද එයාලගේ සිංදු අපිට මිලදී ගන්න හොයාගන්න තැනක් ලොවෙත් නැහැ. ගොලුව දැකපු හීනෙ වගේ අදහසක් එනවා ඇත්තෙ ඈත ගමක මිනිස්සුන්ට් ඒ මියුසික් ගෘෘප් ගැන පත්තර වල තියෙන ලිපි දැක්කාම.

අද දුප්පත් තරුණයො ඉදලාම සිංදුවක් කලාම තමුංගෙ සිංදුව අනික් අයට අස්සවන්න පස්ට ගේමක් දෙනවා. බස් ගානෙ ගිහිං සීඩි බෙදනවා. යූටියුබ් චැනල් හදනවා. පේස්බුක් දානවා. අනේ ලයික් දාපං කියලා අඩා වැටෙනවා. ඒ අඩාවැටීම මහ කුජීත නිවට දෙයක් විදියට අපිට පෙනුනාට එයාල ඒ කරන්නෙ කලින් එයාලට තියෙන තැන හදාගන්න එක. මොන දේ කරන්නත් තමුංගෙ නිර්මාණ මිනිස්සු දැනගෙන ඉන්නවත් ඕනි.. මුලින් අපි අඩන ඇඩිල්ලට අපේ වදේට මිනිස්සු මියුසික් වලට ආවට පස්සෙ ඒ අයම අජිත් කුමාරසිරි, ගීතදේව, අමිල සඳරුවන් සර්ච් කරගෙන ඒවි.

අමිල ගීතදේව, අජිත් කුමාරසිරි කියන්නෙ වර්ථමානයේ ඉන්න ජනප්‍රිය යැයි කියාගන්න අය මට්ටමටම යම් කිසි හැකියාවන් රැසක් තියෙන පුද්ගලයො කිහිප දෙනෙක්.මම නම නොදන්න අනෙක් ඩවුන් ටවුන් පල්ස් වලට ආපු අයත් හෙමයි. නමුත් ඒ අයගේ ගීත සමාජ ගත කරන්න එයාලට තියෙන කම්මැලි කම ගැනනම් කියලා වැඩක් නැහැ.ලෝකෙ මොනම සමාජ විප්ලවයක් වත් බන්දේසියෙ තියලා වෙසක් දන්සලේ බීම බෙදන්න වගේ බෙදන්නෙ නැහැ..ඒ තැන තමාම හදාගන්න ඕනි...එහෙම අලුත් තැනක් හදාගන්න වෙහෙසෙන්න පටන් ගන්නකොට මේ සයිබර් හරහා සහ සමාජය හරහා සිටින විකල්ප වලට ආස තරුණයො එකතු වේවි. ඒ එකතුව අලුත් අලුත් නිර්මාණ කරන්නට නව ජවයක් ඒ අයට ලබා දේවි.

මේ දෙහි කැපිල්ලෙන් පස්සෙවත් ඩවුන් ටවුන් පල්ස් වල කියපු සිංදු ටිකේ වීඩියෝ ටික යූ ටියුබ් දාවි කියලා හෝ ඒවා අපිට මිලදි ගන්න පුලුවන් තැනක් විදියට  හදල දෙයි කියලා පොඩි විශ්වාසයක් මට තියෙනවා. එහෙනං කියන්න දෙයක් තියේනං කොමෙන්ට් ඇතුලෙ කියලා යන්න..

මේ ගීතදේවගේ චන්ද්‍රමුඛී කියන සිංදුව පහල තියෙනවා කැමති අය අහලා යන්ට ඈ..මම විකල්ප මියුසික් කියල මෙතෙක් කිව්වෙ මේන්න මේ වගේ සිංදු වලට.. ඕ කේ..

Friday, May 10, 2013

මනමේ ඇයි මටමේ ම කලේ (hi Maname)

දියවී යන වියැකී කුනු වෙන ගත

මෙතරම් ලස්සන කෙරුවේ මොකෝ..

හැඩකාර ඇස් දෙකක් දීලා මදිවට

තඹවන් කෙහෙ රැලි දුන්නේ ඇයි..

දෙයියනේ..



සිනා නොවන රවනා බැල්මේ හිඳ

කතා නොකර තරහින් බලමින්

ගියත් ඇලෙනවා මගෙ හිත ඔබ ලඟ

සුපර් ග්ලූ ගාලදෝ මගෙ හිත යට..

කියාපන් කෝ නගෝ..//



 

පිම්බිලා පපුව ඇත පිට්ටු දෙකක් වාගේ මට අල්ලන්නට බැහැ හීනයකින් හෝ..

දෙපස වැනෙන පැද්දෙන කළවා වන් පෙනේ යසට එකළඟ යන පියවර.

දිවිය සිරිය වන් ඔබ මුහුනේ....සුද..වගේ පාලොස්වකට නගින අහසෙ හඳ

ජම්බු ගෙඩිය වාගේ දෝ....නැහැ තක්කලි ගෙඩියක් වාගෙද මන්දා..

පිරිපුන් සිරුරින් මා කළඹා ...ඈතින් ඈතට යාවී..



සොරදෙටුවෙක්..මං පහරන්නෙක්..හෝ අඩුතරමේ වැදිරජෙක් වත් ....වුනානම්..

ඔබ තැඹිලි වන් රුවට ළඟින් ඇදී යන කළු පරපුටුවා මරා දමා වනසාලා....කර ඝෝෂා..

අත ගන්නෙමි..මා..ගෙන යන්නෙම් ඈතම ලෝකෙකට...කාටවත් නොපෙනෙනා තැනකට..

ගිහින් හඩන නෙත් පිසලා..දෙතොල් පෙති ඔබේ සිපලා...ඇඳක් හොඳට මම හදලා..සතපන්නම් ඉන්න තුරා...



එම්බා. කුමරියේ.... එකවතාවක් වත් බලාපංකෝ..

මේ වැදිරජා උඹ හිතන තරං කැත නැතුව ඇතී..

Thursday, May 9, 2013

The dreamers (සිහින දකින්නෝ)

මං කුනුහබ්බ කෑලි හෙලුවෙං ඉන්න ගෑනු ඉන්න දර්ශන තියෙන ෆිල්ම් එකක් බැලුවා.ඒකෙ නම ද ඩ්‍රීමර්ස්. ඒක යාලුවො එක්ක බෙදාගන්න කලියෙං ඒගැන සුට්ටි විස්තරයක් කරලා ඉන්න එක හොඳයි කියලා හිතුනා. මේ ෆිල්ම් එක අපේ අය ගොඩ දෙනෙක් දැන් බලලා ඇත්තෙ. ඒත් කමක් නැහැ බලලා තියේ නං විචාරෙ බලලා වෙනමම වින්දනයක් ගන්න පුලුවන් වෙයි නෙව.

බැල්කනි ජනතාවට..

මචං සිරා ෆිල්ම් එකක් ලැබුනා. ඒකෙ සිරා පාරක් ඉන්නවා. සිරාවටම ඒකි ඔක්කොම ඇඳුන් ගලවනවා. මරු.. ! සවුත් ඉන්ඩියන්, සිරි ලංකන් තප්පදෝරු වගේ නෙමෙයි නියම කෑල්ල. අර ග්‍රීසියෙන්ද රෝමෙන්ද හොයාගෙන තිබුන අත් දෙක නැති පිලිමෙ වගේ ලස්සනයි. සෙක්ස් කෑලි නං හෙන අමුවෙන් තියෙන්නෙ. ඒ වුනාට නෝටි අමරිකා වලට වඩා ගතියක් තියෙනවා. ස්ටෝරිය කිව්වොත් මචං ඇමරිකන් කොල්ලෙක් හෙන විප්ලව තිබුන කාලෙක එනවා ප්‍රංශෙට ඉගෙනගන්න . එහේදි ඌට කෑල්ලක් සහ කොල්ලෙක් සැට්වෙනවා. මේ කෑල්ල සහ කොල්ලා ඇවිල්ලා සහෝදරයො. නිවුන් සහෝදරයෝ. උන් දෙන්නා නිදාගෙන්නෙත් එකට. පස්සෙ අර අමරිකන් ශිෂ්‍යයා යනවා අර දෙන්නා එක්ක එකට ජිවත් වෙන්න. උන් තුන්දෙනා සෙට් වුනා විතරයි. ඒ ගෙදර අම්මලා තාත්තල කොහේද ගමනක් යනවා දුරක.

ඉතිං අර අමරිකාවෙන් එන එකාට අර දෙන්නා සෙට්වෙලා පස්සෙ අර කෙල්ලයි අමරිකන් කොල්ලයි ලවු කරන්න සෙට් වෙනවා. ඇමරිකන් උන් දෙන්නාගේ ලවට අර අනික් පිරිමි සහෝදරයා කැමති නැති වෙන්න ඕනි හරිනං. අඩේ බං හෙම වෙන්නෙත් නැහැ. උන් තුනම ඇඳුං නැතුව පුල් නිරුවස්තරෙන් නාන බේසමේ බැහැල නානවත් එක්ක. කොහොම වුනත් නිර්වස්තර දර්ශන ටිකනම් සිරා.

හැබැයි අර අම්මයි තාත්තයි කාලෙකින් ගෙදර එනකොට මුං තුන්දෙනා කූඩාරමක් වගේ එකක් කාමරේ මැද ගහං. ඒකෙ ඇතුලෙ අමුම අමු නිරුවස්තරෙන් නිදාගෙන ඉන්න හැටි නං කුජීතයි. වැඩිය මොකද්ද කියලා තේරෙන්න නැති වුනාට ගතියක් තියෙනවා. මං හිතන්නෙ අවසානෙ කෙල්ල මැරෙන්න ඇති.

ඕ ඩි සී ජනතාවට.

අපි සිනමාව තුලින් වඩාත්ම දකින්න ආසා කරන්නෙ මොනවද? කලාත්මක සිනමාව හැර වාණිජ සිනමාව කියන පැත්තෙන් බැලුවොත් අපි ආශා කරන්නෙ අපිට ලේසියෙන් දකින්න නොලැබෙන සිහින දකින්න. අපිට සැබෑ ජිවිතය ඇතුලෙ විඳගන්න බැරි දේවල් ගොඩාරියක් ෆිල්ම් එකක් හරහා අපි විඳගන්න පුලුවනි.

හිතන්න සනී ලියොන් වගේ හරිම කඩවසම් ලස්සන සුදු යුවතියක් ඉන්නවා අපි වැඩකරන තැන. අපි ආසයි එයත් එක්ක ලස්සන තායි මුහුදු වෙරලක තියෙන කුඩයක් යටට වෙලා තේ වතුර එකක් බිබී පොඩි චැට් එකක් දාන්න. අපි කොයි තරම් ආශා කරත් අපිට ඒක කරගන්න ලැබෙන්නෙ නැහැ. කොටින්ම අපිට කැන්ටිමේ එක මේසෙ වාඩිවෙලා තේ වතුර එකක් බොන්න බැරිතරමටත් අපි දුරස්ථ වෙන්න පුලුවනි. ඒ වගේ වෙලාවට අපිට ෆිල්ම් එකක් බලලා ඒ චරිතවලට ආරූඩ වෙලා අර ආතල් එක හීනියට ගත හැකි වෙනවා.

මම හිතන්නෙ ඒ නිසා තමයි බොහොම සැපවත් ජීවිත වල පොඩි අවුල් ගැන කියවෙන ඉන්දියානු බොලිවුඩ් සිනමාව ඉන්දියානු දුප්පතුන් අතර වඩාත් ප්‍රචලිත වෙලා තියෙන්නෙ.

දැන් අපි ඩ්‍රීමර්ස් ෆිල්ම් එකට ආවොත් එතනදි ඒ කොල්ලට ලස්සන කෙල්ලෙක් ලැබෙනවා ඉගෙනගන්න කාලෙදිම. ලව් කරන්නත් කලියෙං සෙක්ස් කරන්නත් ලැබෙනවා. ඒ අස්සෙ ඒ අයට පොඩි ෆිල්ම් හෝල් එකක ෆිල්ම් බලන්න ඒවායේ විචාරය කරන්න අවස්ථාත් ලැබෙනවා. එකට හිතන පතන යාලුවො තුන්දෙනෙක් එකතු වෙනවා. නමුත් අමරිකන් කාරයා ටිකක් වෙනස්. අර දෙන්නා තමුං අදහන දේවල් තුල ජීවත්වෙන්න හදන කොට අමරිකන් කාරයා වෙනස්ම මතයක ඉන්නවා.

කොහොම වුනත් අපි ෆිල්ම් එකක් බලලා ඒකෙ චරිත වලට ආසා කරලා අපි ගන්න යන්නෙ එක්තරා ආතල් එකක්. ඒක මේ ෆිල්ම් එකෙන් ඒ වගේ ආතල් එකක් ඇත්තටම ගන්න පුලුවනි. අපි ආසයි අපි ලව් කරනකොට අපේ තරහ කාරයා අපිට අවි අමෝරාගෙන එන්නෙ නැතිනම්. අපි ආසයි ආදරය කියන දේ ඇඟෙන්ම විඳින්ට.. මං හිතන්නෙ ප්‍රංශ විදිය ඒක වෙන්න ඇති. මේ ෆිල්ම එක ප්‍රංශ කාරයො බලනකොට එක විදියකටත් ඇමරිකන් කාරයො බලනකොට තවත් විදියටත් අපි බලනකොට අපිට වෙනමම මැජික් ලෝකයක් විදියටත් පේනවා ඇති.

අන්තර්ජාලයේ තිබුන විදියට මේක අමරිකාවෙත් එහේ තියෙන ලිංගික දර්ශණ ආදිය ගැන සීමා නිසා සම්පූර්ණ ෆිල්ම් එකම තිරගත කරන්න බැරිවුන ෆිල්ම් එකක්.

 
ගැලරියේ ජනතාවට.

අපි හැමෝටම යෞවන කාලයක් තියෙනවා ගෙවාදමන්න. ඒ යෞවන කාලෙදි අපිට එක එක දේවල් උණ ආකාරයෙන් එනවා. කස්ටියකට එනවා ලව් මාන්දම, කස්ටියකට සමාජවාදය. තව අයට දර්ශනය. තවත් අයට ආගම ඔය විදියට අපි මොකක් හරි සෙට් එකකට සෙට් වෙලා ඒක ඇතුලෙ අමුතු ලෝකයකට වෙලා සිහින දකින්න පුරුදු වෙනවා. සමහර විට ඒ සමාජවාදී, දර්ශනවාදි අදහස් ලියපු ප්‍රකාශ කරපු අයටත් වඩා මේ තරුණ වයසෙ ආසන්නයේ ඉන්න ශිෂ්‍යෙයා් ඒ අදහස් විස්වාස කරනවා. උදාහරණ විදියට තනිකර මනෝරාජිකයි කියලා දැනෙගෙනම ජේ වී පී එකෙන් අන්තරය හරහා යවන වාමාංශික තෙල් මේ මෑතක් වෙනතුරුම ගිලගත්ත සිසු ප්‍රජාවක් කැම්පස් වල සිටියා.

ඔවුන්ට අනුව එය අමුතු ලෝකයක්. ඒ තුල ඒ උගන්වන දර්ශනය හෝ මතවාදය ප්‍රශ්ණ කරන්න ඔවුන් පෙළඹෙන්නේ නැහැ. බෞද්ධ උපාසකයා ශ්‍රද්ධාවෙන්ද, දෙවියන් අදහන්නා භක්තියෙන්ද ඒ ආගම් කෙරෙහි බන්දලා තියෙනවා වගේ අවිඥාණිකවම ඔවුන්ට ඒ පෙන්වන ලෝකය විශ්වාස කරන්නට ඒක යථාර්තය කියලා හිතන්නට පොළඹවලා තියෙනවා ..ඒ පෙන්වන නව ලෝකයන් සත්‍යයි ඇත්තම ඇත්තයි කියලා විශ්වාස කරන ගතිය උසස් අධ්‍යාපනය ලබන යොවුන් කාලෙදි වැඩිවෙනවා කියලයි මට හිතෙන්නෙ.

මේ ෆිල්ම් එක ඇතුලෙත් වෙනමම ලෝකයක ජීවත් වෙන අර ප්‍රංශ සහෝදරයා සහ සහෝදරියට අමරිකන් බෝයිව හමු වෙනවා. ඔවුන් විසින් සමාජවාදය සහ ඔවුන් ආශා කරන සිනමාව මත ගොඩනගාගත්ත එක්තරා රාමුවක අධිරංගනයෙන් ජීවත් වෙනවා. ඔවුන් එයම සත්‍යයක් ලෙස අදහනවා. ඒ ප්‍රංශ තරුණ යුවල මවාගත් ලෝකය විනාශ කරගන්නට ඔවුන් දෙදෙනාම කැමති නැහැ. නමුත් අමරිකානු තරුණයා මීට වඩා වෙනස්. ඔහු ඇතුලතින් මේ දේවල් අර දෙන්නා එක්කම විඳින්නට සැරසුනාට පිටින් ඉන්න අය දකින විදියටත් දකින්න උත්සාහ කරනවා.

තරුණ සිතිවිලි වල පවතින මායාකාරී බැඳෙන ගතිය චමත්කාර ලෙස මේ සිනමාපටය තුල දකින්නට ලැබෙනවා.

අවසානය. 

IMDB Link

The Dreamers

මේ සිනමාපටය ගැන වැඩිදුර තොරතුරු හරේ කියන සහෝදරයා බයිස්කෝප් එල් කේ එක හරහා කියලා තියෙනවා.

විචාරය කියන්නෙ කවදාවත් ඒ කෘතිය කියවන්න පුලුවන් කන්නාඩියක් නෙමෙයි. කොහේද යන මනුස්සයෙක්ගේ ඔලුවට ආපු සිතුවිලි ගොඩක් විතරයි. හරිම විදියනං කුමන කෘතියක් වුනත් විඳින්න කලිං විචාර කියවන්න හොඳ නැහැ. විචාර කියවලා තියෙනං ඒවා අමතක කරලා කෘතිය විඳින්න පුලුවන් නම් ඒක තමයි හොඳ. මොකද අපි දාගන්න ඕනි අපේ ඇස්වලට අපිට හරියන කන්නාඩි මිසක අනුන්ගේ කන්නාඩි නෙමෙයි.

Wednesday, May 8, 2013

ලයිට් බිල සහ කතාන්දර (Elec bill & Nonsense)

ලයිට් අඩු තැනක ගත් පින්තූරයක්

මට මතක හැටියට මා පස් වන වසර තෙක්ම ඉගෙන ගත්තේ කුප්පි ලාම්පු එළියෙනි. මගේ අයියලාගේ අතීතය බැලූ විට ඔවුන්ට උසස් පෙ දක්වාම ඉගනගන්නට ලැබුනේ කුප්පි ලාම්පු චිමිනි ලාම්පු එළියෙනි. අද වන විට ලාම්පු එළියෙන් පොත් බැලීම ඇස් වලට නරක දෙයක් ලෙස තැන් තැන්වල දැක්වුනත් අපිට එකල වෙනත් විකල්පයක් තිබුනේ නැති නිසා හෝ දැන් සෙයාගෙන ඇති අැස් රෝග එවිට සොයාගෙන නොතිබූ නිසා අපි ඇස් වලට වද දිදී පොත් බැලුවේ චිමිනි ලාම්පු එලියෙනි.

කුඩා කල චිමිනි ලාම්පු ආදිය පත්තුකරගෙන මහ රෑ ගනන් හදන්න ගන්නවාට වඩා දෙමාපියන් කරන්නේ අප දවාලියෙන් ගනන් සහ ඉස්කෝලෙ වැඩ කරන්නට පුරුදු කරවීමයි. එවිට රාත්‍රි ලාම්පු එලියේ පාඩම් වැඩ කිරීමට එන බාධා ආදිය නැතිවෙන බව ඔවුන් දැනසිටියා වන්නට ඇත. හත හමාර අට විතර වෙනකොට රෑට කාලා රේඩියෝ එකේ නාට්ටියක් ගියොත් ඒකත් අහලා..නැත්තං පසුකාලෙක නම් කොහේ හරි කාර් බැට්රියකින් දුවන ටීවි එකක් තියෙන තැනකින් ටීවිත් බලලා අපි නමයට විතර දොයියනවාය.

ආයි අපි ඊළඟ දවසේ පාන්දර එළිය වැටෙනවිට ම නැගිටින්නට හුරුව සිටියෙමු. දැන් නම් රෑට ෆිලුම් බලාල චැට් කරලා උදේ හයහමාරට නැගිටින්නටත් අමාරු මුත් එකල පහමාර හය වෙනකොට යසට ඇස් ඇරලා සිටිය හැක. ඉස්කොලෙ නොයන දවසකනම් මම අයියා හෝ තාත්තා අම්මාට උයන්නටද උදව් දෙයි. අපේ ගෙදර ඉවීම ජනසතු කාර්යක් විය. එය අම්මාම කල යුතු දේවකාරියක් නොවීය. උදෑසන ආහාරය අම්මා පිළියෙල කලත් අපි සැවොම ඒ වෙනුයෙන් පොල් ගෑම, ලූණු සුද්ද කිරීම කුස්සිය අස් පරස් කිරීම කල යුතු විය.

අපේ ගෙදර තිබුනේ ගොවි පසුබිමක් නිසා එලිය වැටෙන්නට රස්නෙ වැටෙන්නට කලියෙන් කොරටුවලට යාගන්නට ලැබුනොතින් එය හොඳය. එවිට අපිට ඉර හොඳින් රැස් විහිදන දවල් එකොළහ විතර වෙනකොට වැඩ ගොඩක් කරලා ඇවිත් නිදහස් හෙවනේ ගිමන් හැරිය හැක. නැවත අපි කෑම කා පොඩි පහෙ නින්දක් දාලා හෝ පත්තරයක් පොතක් නවකතාවක් කාරිය කියෝල දාලා වැඩට යන්නේ හවස තුනට විතරය. හවස තුනට විතර කොරටු යන අපි රෑ හත විතර වෙනතුරු කොරටුවේ වැඩ කරලා ඇවිත් යලිත් රෑට කා නින්දට යමු. අපි යැයි මෙතැනදී මමද අයිතිව කිවු මුත් මා මේ ආකාරයට එකල ගතකලේ මාසෙකටම දවසක් හෝ දෙකකි. මාගේ පාඩම් වැඩ අතපසු වෙනවාය කියලා අම්මා ඉස්සර මා කොරටු වැඩට සම්බන්ධ කරගන්නවා අඩුය.

එකල අපි රෙදි මදින්නේ සතියකට වරකි. ගෙදර ඇති පොල්කටු අඟුරු ඉස්තිරික්කයට පොල්කටු දාලා ඒක රත්වෙනතුරු එලියෙ තියං පිඹිමින් පසුව අපි රෙදි ඉස්තිරික්ක කරමු. එය වෙහෙසකර කාරියකි. නමුත් අපේ තාත්තාගේ අදහස නම් තවමත් පොල්කටු ඉස්තිරික්කය විදුලි ඉස්තිරික්කයට වඩා සුපිරි බවය. සමහර විට ලයිට් බිලට යන ගාන ගැන පෙරේත සිතක් තාත්තාගේ සිතේ කොණක උපදින්නට ඇත. නමුත් කොලටි එක අතින් යම් කිසි තැනක් පොල්කටු ඉස්තිරික්කයේද තිබුනි. නමුත් එවිට කට ඇරගෙන ටීවි දිහා බලං හෝ රේඩි එකේ යන කතාවක් අහමින් අපිට රෙදි ඉස්තිරික්ක කරන්න අවස්ථාවක් ලැබෙන් නැත. එහෙම කලොත් රෙදි පිච්චෙනවාය. අප රෙදි ඉස්තිරික්ක කල යුත්තේ යම්කිසි සංයමයකිනි. පිඹලා වැරදිලා හෝ අඟුරු කැටයක් වැටුනොත් ඉඳලා හමාරය.

ලයිට් අවුල් තවත් පින්තූරයක්..

අදටත් මම පංකා භාවිත නොකරන අතර බිම නිදාගැන්මට ආශා කරමි. අද වනවිට බිම නිදාගන්න විට මෙට්ටයක් භාවිත කලත් මා බොහෝ කලක් නවලෝක ප්ලාස්ටික් පැදුරක් දාගෙන බිම නිදාගෙන ඇත. එකල පොඩි ලමයි වූ අපිට බිම නිදාගන්න එක මහා ලොකු දෙයක් වුනේ නැත. සිමෙන්ති දමා තිබෙන පොලොවේ සීතල නිසා බොහෝ විට එකල රස්නයක් දැනුනේ නැත. නමුත් අද දින ලේයර් කිහිපයක් ඇඳේ සිටද ඇති මෙට්ටයට උඩින් පංකාවක් නැතුව නින්ද නොයෑ ම නම් පුදුමයක් නොවේ. අපට ඒවා එතරම් වගේ වගක් නැති කාරණාවක් වුවත් එකල මගේ දෙමාපියෝ මටත් මගේ සහෝදර සහෝදරියන්ටත් ඇඳන් ලබාදීම සුවපහසු ආකාරයට විදුලිය ලබාදීම ආදිය ගැන බොහෝ විට සිතුවෝය. ඔවුන් ඔවුන්ට හැකි පමණ වේගයෙන් අපිට ඒ හැමදේම ලබා දුන්නෝය. අපි ඒ ගැන ඔවුනට කෘතඥ විය යුතුය.

දැන් අපි වර්ථමානයට එමු. මේ ළඟදී අපේ බොඩ්මේ කුඩා මත ගැටුමක් ගියෝය. රෑට උයන්නට අපි සියලු බඩු බාහිරාදිය තනාගෙන ඇති නමුත් බොහෝ දිනවල උයන වැඩය හරියට කෙරෙන්නෙ නැත. එනම් උයන එක සිද්ද වෙන්නෙ නැත. එයට හේතුව ලෙස විවිධාකාර හේතු දක්වතත් මගේ නම් අත්දැකීම වන්නේ සියල්ලෝම පැමිණ ඇඟපත සෝදාගත් පසු පේස්බුක් හෝ ගොසිප් බැලීමට ලැප්ටප් ඇද ගනිති. නැතහොත් මැච් හෝ ෆිල්ම් බැලීමට ටීවි එක අටෝගන්නට හදයි.පෙම් හබ ඇත්තෝ මල් කඩන්ට සැරසෙති .එක්කෝ එහෙමත් එකෙක් පාඩම් කරයි. ඉතිං මේ හේතුව නිසා සියලු ඇඟපත වාත වේදනා උයන වෙලාවට පහල වීම නිසා අප මිතුරන් කැල සිරිත් පරිදිම අදත් කඩෙන් කමු බාං..යන විසඳුමට එයි. එහෙත් සැබවින්ම අප උයන්නේ නැතුව ඉන්න වෙලාවේ අපි කරන වැදගත් රාජකාරියක්ද නොමැත. මෙලෝ සතෙක්ට වැඩක් නොවෙන ලැප්ටප්, ටීවි, කොම්පියුර, පෝන් ගත රාජකාරියකය අපි හැමෝම නිරතවෙලා ඉන්නේ. නමුත් එලියෙන් සිටින අයකුට පේන විදියට අපි පට්ට ලෙස බිසීය.

එහෙත් මීට සය වසකට එපිට අපි හොස්ටල් සිටි සමයේ හවස පහට හයට අධ්‍යයන ආයතනයෙන් පැනගෙන කඩේ ගොස් බඩුද රැගෙන වීරයින් මෙන් හොස්ටලපැමිණ ඉව්වෙමු. එකල උයන තෙක් තිබුනේ මාර හදිසියකි. ඒ කාලයේ උයන්නට නියමිත ඩයල් එක උයන්න හිටියේ නෑ කියන්නේ ඌට විශ්වාස බංග ගේන්න තරම් වෙන වැඩකි. එකල උයනවා කනවා, පොත් බලනවා, වැල පත්තර කියවනවා, මල් කඩනවා වැනි සීමිත රාජකාරි කීපයකි අපිට හොස්ටල් එකේ තිබුනේ. අද මෙන් එකල ලැප්ටප් ටීවි හෝ ස්කයිප් යන්න ඉස්මාට් පෝන් ආදිය තිබුනේද නැත. ඊට අමතරව අපේ ගෝතයන් බොහෝ දෙනකුට එකල කෑලි සෙට්වෙලාද හිටියේ නැත.

ලයිට් බිල් වැඩිවීම හේතුවෙන් අපි පරිණාමයේ ආපස්සට යා යුතු බවක් දැක්වෙන කාටුනයක් මනුපොතේ එහා මෙහා වනු මා දිටිමි. මට සැබැවින්ම එවිට කල්පනා වූයේ අපේ විදුලි පරිභෝජනයේ පවතින කළමනාකරණ දුර්වලතාවයයි.

ගම් බද ගෙවල්වල පවා අද කාලේ ශිතකරණ ඇත. එලෝලු මාලු ගන්නට කඩේට පොලට යන්නට විනාඩි දහයක් හොයාගන්නට නැති ගෑනු ටෙලිපෝං වලිං රට විස්තර පවා කතා කොර කොර පැය ගනන් නාස්ති කරයි. අදටත් ගම්බද පැතිවල මාලුකාරයා. පලා විකුනන ඇන්ටිලා එලෝලු කූඩ කරුවන් ආදිය දකින්නට ඇත. ශීතාගාරයක බහා කුනු වනතෙක් තබා නරක් කොරමින් කනවාට වඩා ලයිට් බිලටත් සීතල වන පරිදි අපිට නැවුම් එලවලු පලතුරු මාලු ආහාරයට ගත හැකිය.

නාගරික මනුෂ්‍යයින්ට වුව පසු දිනට පමණක් සරිලන පරිදි එලවලු ස්වල්පයක් මිලදී ගෙන එය හීත පෙට්ටියේ තියන්නේ නැතුව ආහාරයට ගත හැකිනම් සෞඛ්‍යය පැත්තෙන්ද වැදගත් වෙනු ඇති බව මගේ අදහස වෙයි. බොහෝ නිවෙස්වල පාසැල් යන තරමක් වැඩිමහලු දරුවන් සිටිතත් ඔවුන් උපන්තේකට උදේ පාන්දර නැගිටින්නෙ නැත. අම්මා සහ තාත්තා උදේ නැගිට උයලා බාත් රූම් හෝදලා රෙදි මැදලා ඔක්කොම කල පසු අර ඉස්කෝල යන හාමුලා දෙන්නා හෝ තුන්දෙනා නැගිටලා ඉස්කෝලෙ යන්නට සැරසෙති.

දරුවන් යනු හැමදා දරුවන්නොවේ. ඔවුන් පුංචි සයිස් එකේ සිටියත් ඉදිරියේදි විශාල මනුෂ්‍යයින් වීමට නියමිත නිසා ගෙදර දොරේ වැඩකට බෝංචි කරලක් කඩාගන්නට පොඩියක් තමුංගේම ඇඳුමක්හෝ තනිව අයන් කරගන්නට පුරුදු කරවීම ඔවුන්ටද කරන සෙතකි. එසේම අවසන එය නිවසේ පිරිවැය පාලනය බලශක්ති පාලනයටද වැදගත් වෙන දෙයකි.

බොහෝ නිවෙස්වල විදුලි බිල වැඩිවන්නට එක්තරා ප්‍රධාන හේතුවක් නම් විදුලි පංකාය. නිවෙස් තනන විට නානා මාදිලියේ ප්ලෑන් ඇතුව ලක්ෂණයට ගෙවල් තැනුවත් බොහෝ දෙනා වාතාශ්‍රය සිසිල ගැන සිතන්නේ නිවස තනා ඇඳන්ද දමා නිදාගන්නටද ගිය පසුය. නිවෙස් තැනීමේදීත් කාමර කුලියට ගැනීමේදීත් වාතාශ්‍රය ගැන සැලකිලිමත් විය හැකිනම් පසු කලෙක විදුලි පංකා වලට යන වියදම අඩු කරගත හැකි වෙනු ඇත.


 අපේ ජීවිත ගෙවෙන්නන් වාලේ අයාලේ ගෙවෙන්නට දුන්නොත් අපේ ලයිට් බිල් වතුර බිල් සහ අනෙකුත් බිල් ඉබේම අයාලේ යනු ඇත. ඒවා වෙන්ස කරගන්නට නම් අපි විසින් යම් කිසි වෙනස් කම් ටිකක් අපේ ජීවිත වලට එකතු කරගත යුතුව ඇත. නැතහොත් බලශක්තිය සහ ආර්ථිකය යන රැලිවලට හසුව අපේ පඩිපතෙන් ලොකු කොටසක් බිල් ගෙවීම පිණිස වැයවෙනු ඇත. 

අපි වැනි දුප්පත් වෙනත් රටවල් වලට සාපේක්ෂව බැලුවත් අපේ රටේ විදුලි බිල මෙතෙක් වැඩිවීමට හේතුව දැනගන්න මේන්න මේ රාවය ලිපිය කියවන්න.. 

බිල් වැඩිවෙන කාලෙ ටිකකින් හරි බිල් අඩුකරගන්න හැටි දැනගන්න මේන්න මේ සිළුමිණ ලිපිය කියවන්න...  

Sunday, May 5, 2013

ජාති‍යේ මහා ලොකු බැංකු (Our Nations Great Banks)


පුරාණ බැංකුවක් නොවේ....
ආයතනයේ අලුත් පරිඝනක ගත පද්ධතියක් ස්ථාපනය කරලා. ඒ මගින් තමයි අපේ අතිකාල දීමනා සහ වැටුප් ආදිය ගෙවෙන්නෙ. ලොකු තැන් වල අනුමැතිය ගන්නෙත් මේ පද්ධතිය හරහාමයි. ඉස්සර වගේ කොළ අරගෙන අතන මෙතන යන්න ඕනි නැහැ කියල තමයි මහත්වරු කිව්වෙ. ඒත් ඒ පද්ධතිය ආවට පස්සෙ මටත් මගේ යාලුවොන්ටත් නියම පරිදි වැටුප් ලැබුනෙ නැහැ. ඒ ඒ ලොකු මහත්වරුන්ට ඔබන්න ටික් කරන්න අමතක වුනාම අපෙ අතිකාල දීමනා වල කොටස් අඩුවෙනවා.

ඉතිං සමහර වෙලාවට මේන් මේ ගාන ඔහේට දැන් ගෙවිලා කියලා පද්ධතියෙ පෙන්නුම් කලත් බැංකුවට ගිහිං බැලුවම තියෙන්නෙ පුරුදු ගානමයි. එතකොට අපි විසින් ඒක පැමිනිලි කරලා පලෝ කරලා පඩි ටික දාගන්න ඕනි..

ඒ නිසා මම තීරණය කලා පොතෙන් සල්ලි ගන්න. එතකොට පොතට කොයි තරං සල්ලි වැටිලා තියෙද මගේ ලෝං වලට කොයිතරං කැපිල තියෙද? මේ අපේ පඩි ගැන පද්ධති වල තියෙන ගානම බැර වෙලා තියෙද කියලා බලාගන්න පුලුවනි.

මං සාමාන්‍ය යෙන් පොතෙන් සල්ලි ගන්න යන්නෙ නැහැ. මොකද මගේ අස්සන හැමදාම වරදිනවා. එහෙම වැරදුනාම බැංකුවල ඉන්න ගෑනු මගේ දිහා බලන්නෙ හොරෙක් දිහා බලනවා වගේ. කන්නාඩි දාපු මැදිවයසෙ අංකලෙක් ඇවිල්ලා කන්නාඩියට උඩින් මගෙ දිහා බලනවා. යකෝ මගේ එකවුන්ට් එක මගේ කියලා අදුනගන්න බැරි එක මගේ වැරැද්දක්ද? අනේ මන්දා.

මං සතියකට සමහර කාලවල අස්සන් දෙතුන් සීය ගහනවා. මොකද කන්තෝරු රාජකාරි වලදි අස්සන් ගැහිල්ල තාම ජයට යන නිසා. ඉතිං සදුදා ගහන අස්සන සිකුරාද වෙනකොට වෙනස් වෙනවා පොඩියක්. ඉතිං මාස ගානක් ගියාම ටිකක් අස්සන වෙනස් වෙනවා. බැංකු වල තියෙන බංකු ආදිය එක එක උස...අස්සන ටෙස් කරන තැනදි අපි අස්සන ගහන උසේදි නෙමෙයි සල්ලි ගන්න තැනදි අස්සන ගහන්න තියෙන්නෙ. මේක විහිලු කතාවක් විදියට පේන්න පුුලවන් කෙනෙකුට..ඒත් එක එක උස වලදි ගහන අස්සන් වල ස්වභාවය වෙනස් වෙනවා කියලා මට දැනිලා තියෙනවා.

ඉතිං සල්ලි ගන්න බැංකු පොත අරං ගියාම සල්ලි ගන්න ස්ලිප් එකේ තැන් තුනක් අස්සන් කරන්න ඕනි...මට මතකත් නැහැ කලිං ගැහුවෙ දිග අස්සනද කොට අස්සනද පලල් එකද කියලා.මේ පාර කොට එක ගැහුවා. ඒ කැසියර් කෙල්ල මහත්තයා ගාවට ගියේ මොන්ටිසෝරි පන්තියෙදි කෙල්ලන්ගෙ පුක මිරිකුවාම දුවල ගිහින් ටීචට කියන්න යනවා වගේ. ලොකු මහත්තයා ආවා.මම කලින්ම අත්සනගහපු එකවුන්ට් එක ඕපන් කරපු සාකාවටම ගිහින් සල්ලි ගන්න කිව්වා. ඉතිං මං බොහොම සංවර විදියට හිනාවෙලා බැංකුවෙන් එලියට බැහැලා අනික් සාකාවට ගිහින් පැය බාගයක් විතර පෝලිමෙ ඉදලා..හරි අස්සන විය හැකියැයි කියන එක හොදට හිතලා ගැහුවා..

සල්ලි ලැබුනා. මට හරි සන්තෝසයි. මං වචනයක් වත් කාටවත් කිව්වෙ නැහැ. බැංකුවට බැන්නෙ නැහැ. බනින ටික මං ඉන්ටනෙට් එකේ පෝස්ට් දාන්න ඉතුරු කරගත්තා. මොකද අපි සයිබර් කාඩ්බෝඩ් විරයොනේ..අපේ අනන්‍යතාවය අපි ඉතිරි කරගන්න ඕනි. නැත්තං එතනම බැනලා කරදර කරන්න ගියාම අපි නාට්ටාමිලා ගානට වැටෙනවා.

ඉස්සර කාලෙ කණ අස්සන කියලා එකක් තිබුනාලු..ඒකෙදි කරන්නෙ ඇගිලි සලකුන අස්සන් කරන්න ඕනි තැන තියන එකලු. ඒහෙම තිබුනනං කොයි තරං නම් ලේසිද? අස්සන් ගහන්න හිතන්න ඕනි නැහැ. ගිනුම් අංකෙයි, ඕනි සල්ලි ගානයි ඇගිලි සලකුනයි විතරයි තියන්න ඕනි. නම ගම විස්තර ගිනුම් අංකයෙනුයි ඇගිලි සලකුනෙනුයි සර්ච් කරලා ගන්න පුලුවන් නේ. එතකොට අපේ අකුරු දන්නෙ නැති නැන්දලා මාමලාට අයියලා අක්කලාටත් ලේසියෙන්ම සල්ලි ගන්න පුලුවන්.

අස්සන නං හොරාට වුනත් ගහත හැකි. මං දන්න ලොක්කෙක් ඉන්නවා තැනක. එතන ඉන්න පියන් උන්නැහැ සෝක් එකට බොසාගෙ අස්සන ගහනවා. හොයන්න හරිම අමාරුයි.අපි නිතර දෙවේලෙ දකින අත්සනක් තියෙන මහත්තයෙක් ගමු. ඒ මහත්තයා බැංකුවෙ වැඩට පාවිච්චි කොරන්නෙත් ඒ අස්සනමයි. ඉතිං ඒ වගේ වෙලාවට අපිට අස්සන පැක්ටිස් වෙලා වෙලා ගිහින් මහත්තයාගේ එකවුන්ට් එකේ සල්ලි ගන්න ඇහිකි නේ. මොකෝ අස්සන තියාල අනික් අස්සනත් තියාල ඉස්කැන් කොරලා බලන්නෙ නැහැනේ. බැලු බැල්මට හරි නං එච්චරයි. අයිඩන්ටි කාඩ් හදන තැන් නං ඉතිං කොයි තරං නං සුලබද මේ කාලෙ ...


මේ වගේ වෙලාවට අර ඇගිලි සලකුනු ක්‍රමය එනවනම් පංකාදු පහයි. බැංකුවටත් අපිටත් ලේසියි. මං කලින් කිව්ව කණ අස්සන ක්‍රෙම් නැත්තං පොස් විදියට පිංගර් ස්කෑනර් තියන්න පුලුවන් කවුන්ටර් වල. එතකොට අපිට හිටගෙන නිදාගෙන නෙමෙයි පෙරලීගෙන අත පය කඩාගෙන ආවත් අර ඇගිල්ල චුට්ටක් මැසිමට තියලා සල්ලි ගන් ඇහැකි. අමාරු ලෙඩෙක් වගේ ඉන්නවා නං පෝටබල් මැසිමක් ගෙනියලා ලෙඩාගෙ ඇගිලි සලකුනු අරං ලග ඉන්න නෑයොන්ටත් ලෙඩාගේ එකවුන්ට් වල සල්ලි ගත හැකි එතකොට. කොයි තරං ලේසිද?
බැංකුවකට අදාල නොවන ගල් කණුවක්..
අකුරු දන්නෙ නැති නැන්දිලා මාමලා අයියලා ඉන්නවා කියලා ගොඩක් අය දන්නෙ නැහැ. ලංකාවෙ සාක්සරතාවය මෙච්චරයි කියලා කියනවා. ඒත් සාක්සරතාවය මනින්න බුවෙක් මගේ උපන්තෙකට අපෙ ගෙදරට බෝඩිමට ඇවිල්ලා නැහැ. මගේ යාලු මිත්‍රෙයන්ටත් එහෙම සාක්සරතා පරීක්ෂකයෙක් ආවද කියලා මතකයක් නැහැලු. අකුරු දන්නවද කියලා නං අහනවා සංගනනන වලදි. යකෝ එහෙම අහනකොට කවුද නොදන්නවා කියන්නෙ. ඉලක්කං දන්නවා වුනත් අකුරු සාස්තරේ දන්නෙ නැති අයට ඒ ටී එම් මැසිම හොද තැනක්. ඒත් මට වගේ සල්ලි කොච්චර තියෙද ලෝන් වලට කොච්චර කැපෙනවද කියලා බලාගන්න ඕනි මිනිහෙක් ඒ වෙලාවෙදි අසරණ වෙනවා.

එහෙමත් තැනක සාර්ථක බැංකු මැනේජර් මහත්තුරු ඉන්නවා. ඒ අය මිනිස්සුන්ගේ ඇදුම අමුඩෙ දිහා බලන්නෙ නැතුව සලකනවා. ඒඅයට නම මල් මිටියක් නෙමෙයි බොකියක් දුන්නත් වැඩි වෙන්නෙ නැහැ. නමුත් සමස්ථ ලංකාවෙ බැංකු පද්ධතියම තියෙන්නෙ දුප්පත් සාමාන්‍ය ජනතාව බයකරන මුහුනතකින්. සුහද බව තියෙන්නෙ ලේබල් වල විතරයි.

අප්‍රිකාවෙ ඉන්න සිංහල බ්ලොගර් කෙනෙක් ඉන්නවා. මිනිහා කියලා තිබුනා එයා ඉන්න අප්‍රිකානු රටේ ඒටී එම් මැසිමක් ලග තියෙන්නෙ හෙන දිග පෝලිමක්ලු. එක තැනකින් සල්ලි ගන්න පෝලිමෙ ඉන්නකොට එකපාර සල්ලි නැතිවෙනවාලු.. ඊලග මැසිම හොයාගන්න ගොඩක් දුර යන්න ඕනිලු. ඒ වගේම ඒ පරණ මැසින් වල කාඩ් බොහොම ඉක්මන්ට හිර වෙනවාත් එක්කලු.

ඉතිං අප්‍රිකාවෙ ඒ රටවලත් ලංකාවෙ වගේම බොහොම හොඳ විදේස උපාදි ගහපු අය ඇති. එහෙත් හොඳ මැනේජ්මන්ට් කොස් අනං මනං ගොඩක් තියෙන නමේ අකුරු ගාන්ටත් වැඩිය දිග සුදුසුකං තොගයක් තියෙන මහත්තුරු බැංකුවල ඇති . ඒත් වැඩ සිද්ද වෙන්නෙ අර විදියට.

ඒ අතිං අපි බංගලාදේසෙට අප්‍රිකාවට වඩා හොදයි කියලා සතුටු වෙන්න ඕනි. ඒගැන ආඩම්බර වෙලා සිංහයාගේ ලෝම ගැන ආඩම්බර වෙන්න ඕනි. ජයවේවා.

Friday, May 3, 2013

මඩ ගොඩේ මල් හීන

මල් කඩන අපිට කොයින්
 
මල් ගන්න අයියලා,මාමලා

 
විල් තෙරේ මඩ ගොඩේ

මල් එක්ක අපි තනිවෙලා..


කවි හඩින් මල් ගන්න කියන්න

සවි තියෙනවා අපිට.

ඡවි පාට නැතත් සම

අවි තරම් දරුනු නැහැ අපි.


මඩ දිගේ ඇවිදගිය

පසු තෙමුනු ඇඳුමින්

මා ඇවිද යන දසුන වෙත

නුරා ඇස් වැටෙයි

විල නාන කොල්ලන්ගේ


නෙතින් පිනලා දසුන

පසුව රෑ සිහිනයෙන් මාව

නිරුවත් කරාගෙන

සැප ගනීවි..උන්...සිතින්..


දෙන්න දෑවැද්ද නැති..

ඉන්න තැන හරියට නැති

කන්න බොන්නෙත් අමාරුවෙන්..

එහෙව් අපේ පැලට

ඉර විතරයි නෙව එබෙන්නේ..


වතුරට නිතර තෙමී

මඩ වතුර ගෑවි ගෑවි....

සිටින නාරි ලතා මල..

ඔන්න ඔහෙ හිටපං


තිහත් පැනලා ගියාට.

එකෙක් නැති වුනාට

රොන් ගන්න..

මට උඹව වැඩි නැහැ.

Thursday, May 2, 2013

බරං ගෛ මැයි දින දේශාටනය (Voyage of berg)


හම්බේ උදේ පාන්දරින් නැගිටින්න තිබුන අමාරුව. අපරාදෙ කියන්න බැහැ සෝමක්කා නම් පාන්දරම නැගිටලා තිබුනාය. ඒ ගෑනිට මෙච්චර රෑ වෙලාත් නින්ද යන් නැද්ද මන් දන්න නැත. ඒත් නැගිට්ටුව එක හොදය. නැත්තං මැයි දවසේ එක බස් එකකටවත් සීට් අල්ලලගන්න බැරිවෙනවා ඇත. මැයි දවසේ නිකං යන්න තිබුනාට බස් වල සීට් අරගන් හරි අමාරුය. මං ඊයෙ හවස බොරු නොන්ඩියකුත් තියාගෙන හිටියේ මං සීට් එකක වාඩි වුනත් ආච්චි පතයක් හෝ සීය පොරක් ඇවිත් සිට් එක ගනීවිය කියලාය. මං මැට්ටා වුනාට සමහර දේවල් වලට දක්සයා බව මුදලාලියාද(පුංචි මහත්තයා) ඉදහිට කියයි.

මගේ නම ෂකරබර්ග් ය. අපේ අමරිකන් බාප්පා තිබූ *කන නමකි ඒක. ඌ අමරිකාවෙ නං මොකට තිව්වද මන් දන් නැත. ෂකර හැලී දැං ගමෙ උන් කියන්නෙ බරං කියලාය. බරං වරෙං ආතල් එකක් ගන්න මැයි දවසෙවත්..තෝ හැමදාම තේ හදල හරියනවයි..? මේ මට මැයි දවසේ යන්න ලැබුන ආරාධනයයි. කාලයක් අංගොඩ සහ මුල්ලේරියාවේ සිටි මට හැමදාම පිස්සු බව මුං හිතයි. ඒත් නිකං යන මැයි දවසේ ටිප් එක මරුය. එය මගඅරින්නට හොද නැත.

රතුපාට නාකි සමග ගිය විට ලැබෙන හත්වලාමක් නැත. මහින්ද ලොක්කට එන්න කියාපිය මේවට උත්තර දෙන්න කියාපිය කියලා උන් මහ හයියෙන් කෑ ගහයි.. ඒ වුනාට ඒවා කාටවත් වැදෙන් නැත. ගිරිය තුවාල වෙනවා විතරය. කොලපාට උන් සමග යනවිට සෝමසිරි අයියා ඒ සෙට් එකේ ඇත. සෝමසිරි අයියා එන පාට හොඳ නැත.ඌ බුරිය අල්ලයි. තව ටිකක් බිව්ව විට පයියෙනුත් අල්ලයි. මිරිකයි. ඇයි වදේ සෝමසිරි අයියටද ඇත්තෙ එකම මට වගේම මැන්ටල් කෑල්ලකි. ඒත් උගේ ලයින් එක අමුතුය. උගේ පක්සේ ලොකු උන්ටද එහෙම ලයින් එකක් ඇති බව මං ඒක පුංචි මහත්තයාට කිව් විට ඔහු කිව්වේය. ගොඩක් බිව්ව විට සෝම සිරි මගේ චූ කෑල්ලෙන් අල්ලලා මිරිකයි. චික් වනචරයා.. මට උගේ පක්සෙත් එක්ක එපාවිය. ලබ්බෙ පක්සෙ කවදාවත් බලේට එන්නෙ නැත.

මේ නිල් කුට්ටිය එක්ක ගියද එකෙක් දෙන්නෙක් නිකමට වගේ චූ කෑල්ලෙන් අල්ලලා අමුතු විදියට හො හෝහ් ගායි. ඒත් ඒ තරං වදයක් නැත. ඉඳහිට එකෙක් මගේ කිචි පින් එකෙන් ද අල්ලයි. බඩ දෙපැත්තෙන් ඇල්ලුවාම මා හට හිකිස් ගා හිනා පනී.එතන හරි කිතිය. විටෙක අම්ම මූ නැතිව කුනුහබ්බද කටට එයි. දවසක් පංසලේදී මොකෙක්ද වාහෙ කෙනෙක් මගේ බඩ දෙපැත්ත අල්ලුවේ හාමුදුරුවො පංසිල් දෙන විටය. බොලෑ අම්මට...කියා පටන් ගත්විට වටපිට සිටි කී සියක් උන් මගෙ දිහා බැලුවෝය. ඒ බඩ දෙපැත්ත ඇල්ලූ විට සිනා යන එකට පුංචි මහත්තයා කියන්නේ බරං ගේ කිචි පින් එක කියලාය.

ඔය බරංගෙ කිචි පින් එක අතෑරපල්ලා...තොපේ තියෙන ලබ්බක් අල්ලගනිල්ල ඔය බරං කාරයට ඉන්න ඇරලා. අනික බොලා ගේ බාප්පලෑ වයසෙ එකෙක් නෙව බරං කියන්නෙ. ඕක නිකං බරං නෙමෙයි ෂකරබරං... තොපි කුනුහබ්බ බලන්න යන පේස්බුක් එක හදල තියෙන්නෙත් සකරබරග් කෙනෙක්ලු... ඒ අපේ පුංචි මහත්තයා මගේ කිචි පින් අල්ලන්නට ආවිට ස්කෝලෙ සහ පන්ති යන කොල්ලන්ට බනින්නෙ එහෙමය. ඉස්කොලේ සහ පන්ති යන කොල්ලෝ කියන්නනෙ පේස්බුක් එකෙ කුනුහබ්බ නැහැයි කියලාය. ඒ වුනාට කඩේ පුංචි මහත්තයා දෝනියැන්දාට පේස්බුක් යන්නට දෙන්නෙ නැත. ඒකෙ කුනුහබ්බ ඇතැයි පුංචි මහත්තයා සිතයි.

කුනුහබ්බ කෑලි බලන්න මක්කටෙයි කොම්පිතර...අර බෝක්කුව ගාව හැන්දෑවට ඉන්න උන් පෝං ඔබ ඔබ බලන්නෙ ඕව නෙව. මුං මට ඒව පෙන්නලා ටික වෙලාවක එනවා මගේ චූ කෑල්ල අල්ලන්න..ඒක මහත් වෙලානං මුං හිනාවෙනවා හොක හොක ගගා... ඒ නිසා මං ඒ හෙලු කෑලි බලන්නට පනින්න යන්නෙ නැත. “පරං බක ලොකු වෙලා නෙව මේ ඩිංගට“ඒ වෙලාවට බෝක්කුඩ(බෝක්කුව උඩ) ඉන්න උන් කියයි.

බස්තුනක් ආව අතර මට යන්න ට ලැබුනේ හොද වෙලාවට ගෑනු ඉන්න බස් සෙකකය. ගෑනු කීවාට උන් අම්මන්ඩිලාය. ඇහට කණට පේන උන් නැත. මැයි පලවෙනිදා තියෙන වැඩේ නාකින්ගේ වැඩක් විය යුතුය. යන තරමක් පස්ස වලිං යන්නේ නාකි හැත්තය. මං කොලපාට රතුපාට නිල්පාට තුනටම එකේක (එක එක ) අවුරුදු වල ගිහිල්ල තිබුනාට ඒ හැම එකේම වැඩි නාකින්ය. නාකි වෙන්නට ඔන්න මෙන්න ගෑනුද එයි. ගෑනු බස් එක එක අතකින් හොඳය. අරක්කු හෙම බොනවිට එතරම් වදයක් නැත.හිමීට හැංගිලා වගේ බොයි.

යකෝ කාටවත් කියන්න එපා...තොපි දන්නවනේ අපේ කඩේ වැඩකොරන සෝමා...අර කඩේ ගෙදරයි වැඩකරන්නෙ..ඔන්න ඕකිත් අරක්කු බොනවලු ...මටනං අහුවල නැහැ. ඒත් අරක්කු ටිකක් වද කොරලා පොවාගත්තනං සැපක් ගන්න ඇහැකි වෙයි කියලා දෙන්නෙක් කතාවෙනවා ඇහුනා. ඔය ගෑනිගෙන් මොන සැපද.? අනේ මන්දන් නැහැ. ඒකි මේ බස්සකට නැගල නැහැ. මට අහුවෙයි කියලා වෙන්න ඇති අරක්කු බිව්වම.

දැන් බස්සෙකට නැග්ග වෙලාවෙ ඉදලා පක්සෙ ගැන වරුණාව කියවන්නට එකෙක් දෙන්නෙක් පටන් ගනී. ඒත් ඒවා වැඩිවෙලාදුවන්නෙ නැත. පාරවල්, වරාය, ආයි පාරවල්, ආයි වරාය, ආයි අලුත් ගුවන් තොටුපල, ආයි නෙලුම්පොකුණ ආයි වෙන එකක්...ඔය ටික හැමතිස්සෙම ඇහිලා දැන් අතිවෙලාය. කඩේට තේවතුර බොන්න එන නිල් පාට උන්ද ඔය ටික පස්ට ගහයි.




පිස්සං කොටුවෙ ඉදලා එනකොට වැඩිය මේ ගමන හොදය. මටද අරක්කු ටිකක් ලැබෙයි. මේ පාරනං කෑමත් හොඳය. ඉඳලා හිටලා අපේ වීල්ගොඩ මහත්තයා පැමිණ ආයිබෝං කියලා යයි. වීල්ගොඩ...අපි වීල්ගොඩට වීල්ගොඩ අපිට. වීල්ගොඩ එනවිට පස්සෙන් අරක්කු කොක කෝලා පැනි බීම *ංජා ආදියද එයි. අනේ වීල්ගොඩ මහත්තයා දෙයියෙක්... විටින් විට බස්රිය නවත්ව නවත්වා යන අතර සමහර තැන්වලදි නගරවලදී බස්රියෙන් ඔලුව එලියට දාගත් සමහර අය ජයවෙවා ජයවෙවා යයි කෑ ගසති. මාද නිකං යන ට්‍රිප් එකේ ආතල් එකක් තියෙන්න ඕන නිසා ඔලුව එලියට දමා කෑ ගැසුවේය.

මුලින් දේසාබිමානී සිංදු කියන අතර ඒවායේ පද වැඩිය කට්ටිය දන්නෙ නැත පස්සෙ පට්ට ගහන්න ගන්නේ ජෝතිපාලය. මං කැමති අජිත් මුතුකුමාරණ දමිත් අසංක චාමර ගේ සිංදු කියන්න ලැබෙන්නේ ලොක්කො ටික හෙම්බත් වුනාමය. මං සිංදු කියනවා ලස්සන නැත.ඒත් හොද අනාගතයක් තියෙනවා යැයි ඇන්ටිලා කියති. අනේ උන්දැලෑ අනාගතේ. දැං ඉතිං මුකුත් කොරගන්න බැරි කාලෙ යනවා ටිප්..පුලුවං කාලෙ ගෙවල් ඇතුල ඉදලා..

මෙය ආන්ඩුවෙ වැඩක් නිසා කට්ටිය වැඩිය.හැමපැත්තෙන්ම බස් එනෝ අපි දැක්කෝය. ගොඩක් සී ටී බී බස්ය. අපෙ ගමටත් උඩහා ගම් වලට යන බස් අද නැත. ඒ පැත්තේ උන් කලිං දවසේ ටවුමට යන ඒවා ඔක්කොම කොරගන්න ඕනය. නැත්තං බස් නැිත එකට බැනලා වැඩක් නැත. පුංචි මහත්තයාද පුංචි මහත්තයාගේ පියාද කියන පරිදි ඒ ගොල්ල දන්නා කියන කාලෙ ්ඉදලා මැයි දවස එහෙමය. මිනිස්සු බුරුතු පිටින් වන්දනාව යන්න මෙන් කොළඹ ගොස් පෙලපාලි යයි.

ඇත්තටම පාරවල් නම් ඉස්සිලාය. නැගුම නිසා නැගලා ඇති බව මටද පෙනෙයි. නැග්ගාට පාරවල් පලල් වෙලා නැතැයි කොල පාටියේ කට්ටිය කඩේට තේ බොන්න ආවිට කියයි. අනේ උන්ගේ කුනුහබ්බ. මග නැග්ගුවම කියනවා නැග්ගුව විතරයි පලල් කලේ නැහැ කියලා. මග පලල් කලොත් කියයි කෝ පලල් කොරල විතරයි නේ මග නග්ගල නැහැ කියලා. ඔය කියන කියන විදියට කොරන්න ඇහැක ආන්ඩුවට.

කොළඹට කිට්ටු විය. මට හොඳ නින්දකුත් ගියේය. මගදී දුන්න බත් එකත් වැරැද්දක් නැත. මාලු කෑල්ල නම් පොඩි වුනාට වීල්ගොඩ මහත්තයා කෑම හොඳට තෝරලා ඇත. මක්ක නැතත් කන්න ටික නං දුන්නා හොදයි..නාකි ගෑනු ටිකද කිව්වෝය. කන්න ටික විතරක් නැතුව බොලාට ඉතිං මේ නහින කාලෙ වෙන මක්ක දෙන්නද? යැයි අහන්ට කටට ආවත් මට ගුටිකන්න බැරි නිසා නිකං හිටියේය.


කොළඹ වෙල් මැද පාරවල් හදලා ඇත. ඒවායේ අර ගැංගම් ඉස්ටයිල් සිංදුවේ ගෑනු වගේ ලස්සන ගෑනු බාගෙට හෙලුවෙන් දුවන බව කොළඹ පුරුදු එකෙක් කීවේය. ගැංගම් ඉස්ටයිල් සිංදුව හැම චීන පෝං එකේම ඇත. මට පෝං එකක් ගන්න ඕන නැත්තේ මට කෝල් එන්න නැති නිසාය. ඔය සිංදු වීඩියෝ නං අනික් උන්ගෙ පෝං වලිං අහන්න බලන්න ඇහැකිනේ. පුංචි බබා (බබා කිව්වාට මේකි ලොකුය..ඒත් පුංචි මහත්තයාගේ දුවට පොඩිකල සිට කියන්නේ පුංචි බබා කියලාය) ද මගෙන් පෝන් එකක් නැ්තතේ මොකෝ යැයි අසුවාය. මට කෝල් කරන්න කාරුත් නැහැ යි කිව්වාම..


ඇයි බරං අයියගේ ගේල් පෙන් කෙනෙක් නැද්දැයි අසුවාය. අනේ මගෙ කට...කටේ පැණි සුවද යන්නට කලිං ඒකි කොල්ලො අමාරුවෙ දැම්මට මට කොහේද ගෑනු. බස් එක මැද අරක්කු සුවඳ සිගරට් සුවඳ එහෙ මෙහෙ යන්නට විය. මටද ගමේ උන්දැ කෙනෙක් වරෙං බං බරං...තොගෙත් තියෙන ආලපන. කියලා කතාකලේය. බරංටද සොට් දෙක තුනක් වැටුන විට සිංදු ආදිය එලියට ආවේය. ටිකකින් සොට් පහක් විතර ගත් පසු මා බස්සෙකේ මැද බාර් එක අල්ලං නැටුව බව පසුව ආච්චිලා ටික දැන්නුවාය.


මේ යන ගොඩක් උන් පවුල් කාරයෝය. වීල්ගොඩ මහත්තයා ගෙන් පුතාට දුවට රස්සාවක් ගන්නට සමහර එවුං යති. තව සමහර උන් මේක චාරිත්තරයක් විදියට ගෙන හැමදාම යයි. මං වැනි කිසිම වැඩකට නැති හාල් කෑලි මිනිස්සු තවත් ඔලුවක් වෙනුවෙන් යනවා නොවේදැයි දවසක් ඉස්කෝලෙ මහත්තයා ඇසුවේය. ඈ බං බරං...තෝ රතු පැත්තෙ වැඩවලටත් යනවා..නිල් පැත්තෙ වැඩවලටත් යනවා..කොළ එවුං කතා කලොත් ඒවටත් යනවා...තෝත් හරියට අර පඳුරක් ගානෙ රුපියල් පන්සීයට නිදාගන්න ගෑනු වගෙ නේ බං..

ඉතිං ඉස්කෝලෙ මහත්තයො ඔය පාට තුනේම උන්ට තේ බොන්නයි පච හලන්නයි අපේ කඩේට රිංගන්න හොදයි. උන් තුං ගොල්ලන්ටම අපේ සෝමක්කයි පුක මිරිකන්න විහිලු කරන්න හොදයි. ආප්ප තැම්බෙනකල් පච කිය කිය බංකුවෙ ඉන්න හොදයි. ඉතිං ඒ කඩේ ඉන්න මං තුන් ගොල්ලගෙම මිටිං වලට ගියාං හොද නැහැ කියලා ස්කෝල මහත්තයා කියනවා. ඉස්කෝලයා වැඩිය මං කතාකරනවාට ආස නැත. ඌ කියන පන්ඩිත කමක් කට බලියං ගහගෙන අහං ඉන්නවාට ඉස්කෝලයා ආසය. මං අනික් උන් කියනකොට කට වහං හිටියාට කෝපි කඩේ කුරුමා වැනිව පන්ඩිතයා වෙන්න හදන ඉස්කෝලයා ගේ වචන වලට මට තරහ යයි.

ඒ බං කඩේ තියෙන පණ නැති ඒව නේ හැමෝම පාවිච්චි කරන්නෙ..උඹට පණ තියෙනව නේ.. ඉස්කෝලයා පිලිතුරු දෙයි...
හුම් හුම් ඉස්කෝලෙ මහත්තයාත් කොල පාටියෙන් රස්සාව අරගෙන පිංසිපල් කම ගන්න නිල් පාටිය පස්සෙ යනවා කියලා මිනිස්සු කියනවා..අනේ මන්දා ඉස්කෝලෙ මහත්තයො අපි ඉතිං පොඩ්ඩක් පාට තුනටම ගියාම තමයි පස්නෙ..මහත්තැලා ඉතිං...

කියලා කියනකොටම ඉස්කෝලෙයා කොහේද මක බෑ වෙලාය. මිනිහා පේන තෙක් මානෙක නැත. දැන් ඉස්කෝලයා මං වැනි පිස්සෝ එක්ක කතාකොරන එක මෝඩකමක් යැයි කාටහරි කිය කියා යනවා ඇතිය. මට පිස්සුයැයි ලෝකෙට පෙන්වන්න හදන එකෙකි ඔය ඉස්කෝලයා. ඌ හිතන්නේ හැමදාම ගෙනියන පොත් ටික උස්සගෙන ගිහිං හැමදාම උගන්නන බොරු ටික ලමයිට කියලා ආවම ඌට කඩෙං නිකං තේ වතුර දෙන්න ඕනිය කියලාය. ඒවා මං එක්ක නැත..ඉස්කෝලයාගෙන් වුනත් ආප්පෙට හරියන ගාන ඉල්ලගන තේවතුර එකට හරියන ගාන ඉල්ලගෙන මිස මම පස්ස බලන්නෙ නැත. පුංචි මහත්තයා එහෙම කොරන්න එපාය කියන තුරු මම එහෙමය...

දැන් ඉස්සර වගේ පක්ස කෙරුවාව කරන්න බැරිය. මිනිස්සු වැඩිමනක් එන්න බැරි යැයි කියයි. පහුගිය දොහක රුපියල් පන්සීය ගානෙ දීලා ගල් බෝතල් බාගෙකුයි බත් පැකට් එකකුයි දීලත් මිනිස්සු බස් දෙකක් හොයාගන්න දහ දුකක් වින්ද බව වීල්ගොඩ මහත්තයාගේ කකුලක් වෙන පැන්ටිස් අයියා කිව්වේය. ඒ වුනාට මැයි දවස නිවාඩු නිසාත් කලිං ලෑස්ති වෙන්න ඇහැකි නිසා කොළඹටම යන නිසාත් කට්ටිය මැයි දවසේ නම් වැඩිය එන්න බැහැයි කියන්නෙ නැත.

දවල් දොලහ එක විතර වෙනකොට මැයි පෙලපාලි පටං ගනී. එතකොට නෙලුම් පොකුණ ලගට යන්න ඕනලු. හා හා අන්න අර බස් සෝල්ට් එක..අර වීරවංශයා හදපු එක..ඕක සල්ලි ගහගන්න ඇති හොද ගානක්..

ඒ වුනාට ඒක ලස්සනයි අනේ අපේ ගම් ඔල කොහොමයි ඔහොම ලස්සන ඒවා තියාගන්නෙ...කොල්ලයි බල්ලයි ඇවිත් ලගින්න ගන්නවනේ......කොළපාට ඉටිකොලයක් වගේ එකක් ගහපු යූ ඇන් පී පාට පක්ස කාර්යාලයක් වගේ මොකද්ද මඩුවක් වගේ එකක් පෙන්න පෙන්න පෙන්න බස් එකේ උන් මොකක් ද කියවයි. මම දැන් අමුතු වෙලාය.මට අනික් උන් කියන ඒවාද කොරන ඒවාද කැරකිලා පෙනෙයි.ඩෝප් එක ඇගට දැනෙමින් එයි...

ඔන්න පොකුනට ගෙනත් බැස්සුවාය. පොකුණ කිව්වට ඒකෙ වතුර නැත. බිත්තර ආප්පයක් වගේ ලොකු බිල්ඩිමක් තිබුනි. කොළඹ අලුතින් බිල්ඩින් හැදිලා ඇති බව ඒවායේ වැඩකොරන කොල්ලෙක් කිව්වේය. බිල්ඩින් වල වැඩකරනෝය කිව්වේ උන් බිල්ඩිමේ මහත්තුරු නොවේය. ගමෙන් කලිසම ගහලා ආවට උන් ඒවායේ කම්බි අමුනයි නැත්තං සිමෙන්ති අනයි.

මෙච්චර ලස්සනට මේ ටවුං තියෙනව..හැම තැනම පේමන්ට් පවා හදල නෙව. බලන්න පාරවල් වල බත් දාං කන්න ඇහැකි..එහෙමට තියාගෙන මේ කොළඹ හැත්ත තාම යූ ඇප් පීනෙ... මුං ඔක්කොම තම්බි එලවන්න ඕනි රටටම. මුංට ඇස් දෙකට පේන කන් වලට ඇහෙන දේවල් විස්වාස කරන් බැරි හැටි. සික් අම්මපා..මිනිස්සු වුනා ට මුං මහ කුඩුකේඩු ජාතියක්.

එකෙක් කුඩුවෙන්න ගහලාද කොහෙද ආන්ඩුවෙ හොඳ කියයි.

සහෝදරවරුනි මේ ලස්සනට තිබුනාට මේ ව චීන බඩු ..මේ චින සල්ලි නැත්තං අමරිකන් සල්ලි.. මේ හැම එකකටම අපි නයයි. මේ පාගන ටයිල් කැටයක් මේ පාගන පාරක ගලක් ගලක් ගානෙ අපේ පරම්පරා ගානකට අපි ණයයි. අපිට මේ ධනපති ආන්ඩුව එක්ක තවත් දීග යන්න අදහසක් නැහැ. තවත තවත් ජනතාව ණය බර තුල සිරවෙලා..අද කන්න බොන්න නැතුව ජනතාව ඉන්නකොට මේ අය කොළඹ අමුතු සුරපුරයක් හදලා තමුංගෙ පන්තිය නඩත්තු කරන්න යනවා..

මීට පෙර අවුරුද්දක රතුපාට කට්ටිය එක්ක ආවම එකෙක් කියපු කතාවක් බරං ට මතක් වුනා..

මේ අවුරුද්ද ඉවරවෙන්න ඉස්සරවෙලා අපි ආන්ඩුවට කියනවා ජනතාවට සහන දෙන් කියලා..අද ජාත්‍යන්තරය පවා මේ රට ගැන කළකිරිලා ඉන්නෙ.. අද හැමදේම එක නමකට යට වෙලා..නීතිය වල් වැදිලා.. මිනිස්සුන්ට කන්න බොන්න නැහැ. ඒත් අලුත් වංචාකාරයො ටිකක් හදලා ඒගොල්ල රේස් යනවා..

ඒ පහුගිය පාර කොළපාට කට්ටියගේ මැයි දවසේ කතා කෑල්ලකි.

මේවා කියන විට මොන තැනදී අත්පුඩි ගහන්න ඕනදැයි කතාවෙන්ම අල්ලා ගන්නට දැන් බරංට හැක. මුල් දවස්වල චන්ද රැස්වීම ්වලට යනවිට බරං අනික් අය දෙස හොඳින් බලං ඉන්නේ කොයි වෙලාවෙ අප්පුඩි ගහන්න ඕනද කියලාය. දැන් නම් බරං කටහඩින්ම කොතැන අත්පුඩි වැදිය යුතුදැයි දනී.

එකපාර කඩාපාත්වුන වැස්සට බරං තෙමුනේය. සමහර ගම්වල ගෑනුන්ගේ පිටට පේන සාරි බෑය හෝ හැට්ට කෑල්ලට යටින් ඇති ගෙවී ගිය එල්ලෙන බොඩි කෑලි පේන්නට විය. ඒත් ඒ තෙමුන හැට්ට අතරින් පේන පරණ බොඩි කෑලි ටීවි වල පෙන්නුවේ නැත. වතුර බේරි බේරි ඇදෙන සුදු සරං අස්සේ තියෙන සීයට තුනේ ජොක්කු ද ටීවි එකේ පෙන්නුවේ නැත. අරක්කු උඩින් කෑ ගහ ගහ ඉදිරියට යන රැලට බරං ද එකතු විය. මේ කියන්නේ මක්කාද කියා දන්න මුත් හැමදාම කියන ඒවා කිය කිය පස්සෙං ගියේය..

සමහර එකෙක් කියන ගමං නටයි. තවත් එකෙක් උගුර දෙක වෙන්නට මහ හඩින් කෑ ගසයි. බත් එකටත් අරක්කු බාගෙටත් පන්සීයටත් එහා ගිය අනාගත අරමුණු මේ මනුස්සොයොන්ට තියෙන්නට ඇතිදයි දන්නෙනැත. එකෙක් ජාතිය ගලවගත්ත එක ගැන ස්තූති කරයි. තව එකෙක් සංවර්ධනය ගැන ඉස්තුති කරයි.

ඒත් බරංට කල්පනා වුනේ මේ බරං ලගින් යන කමලක්කා ජාතිය ගැලවෙන්නට පෙරත් ඉදි ආප්ප හදා කෙල්ලො දෙන්නාට උගන්වන්න මාන්සි ගත්තේය. දැනුත් ඉදිආප්ප ආප්ප තම්බලා උන් දෙන්නාගේ පුකවල් ලොකු වෙලා තියෙද්දිත් කමලක්කා උන්ට රස්සා අරං දෙන්නට මාන්සි වෙයි.. සමහර විට රස්සා ගත්ත විට කමලක්කාගේ දුවලා කොළම හෝ කොහේ හෝ ගොස් ජීවත් වෙන්න යනු ඇත. එත් කමලක්කා පුරුදු විදියට ඉදිආප්ප අරං කඩගානෙ යනවා ඇත. සංවර්ධනේ වුනත් නැතත් අපි අපිමය. ජාතිය තිබුනත් අපි අපිමය. යුක්තිය සාධාරනේ නීතිය තිබුනත් නැතත් අපෙ ගමේ උන්ට වෙන ලොකු විසාල වෙනසක් නැත.

ලයිට් බිල වැඩියැයි කඩේගාව එකෙක් දෙස් තියන විට අපේ පුංචි මහත්තයා ඇසුවේ බොට ලයිට් බිල කීයක් එනවාද කියලාය. රුපියල් තුන්සියක් විතර එනවායැයි ඌ කිව්වේය. දැන් ඒහෙනං බොට පන්සියක් එයි ලයිට් බිල. කියා පුංචි මහත්තයා කිව්වේය. ඌට රුපියල් එක්දාස් දෙසියක් වැඩකරන දවසකට ලැබෙන බවත් ඌ ආන්ඩුවට බනින්න කසිප්පු බොන්නම රුපියල් දෙතුං දාහක් මාසෙට වියදං කරන බවත් පුංචි මහත්තයා පසුව වෙන එකකුට කිව්වේය.

අපි එනගමනුත් නැවති නැවති අතන මෙතන ඉද ඉද ආවේය.බස් පෝලිං තිබුනේය. කොළබඳ බැලුවේය. කතා ටිකත් අහගත්තේය. ටීවි එකෙන් බලනවාට වඩා හොද පෝර්ති ටිකක්ද බලාගත්තේය. සීට් එකේ නිකංම පුක තියාගෙන ගොස් දෙන අරක්කු ටික බීලා බත් ගෙඩිද කාලා හොද දවසක් ගත කර ආවේය.

අපෙ කඩේ සෝමක්කාට පහල වත්තේ පොල් කඩන සයිබුවා සෙට් වී සිටියේය. සයිබුවා සහ සෝමා කපල් එක වගේ හැමිණි හැමිනි පෙලපාලි ගියෝය. සයිබුවාගේ ගෑනි දන්නවනං සෝමක්කා ඉදලා හමාරය. සමහර විට සෝමක්කාද බීල ඉන්න ඇත. වන්දනා ගමං ගියාට කවදාවත් සෝමක්කාට බොන්න ලැබෙන්නෙත් නැත. ඒ අතින් සෝමක්කාට නම් මේ ටිප් එක මරුය.

පුංචි බබාට විස්තරය කියන විට ඇයට ඉරිසියා හිතෙන්න ඇත. පුංචි මහත්තයා කාර් රෙකේ යන පංසල් ගමන වන්දනා ගමනට වඩා පන් එකක් තිබුන මේ ගමන ගැන පුංචි බබා ඉරිසියා කරන්නට ඇත. පුංචි බබාටට මං සෝමා ගැන කිව්ව එක වැරදි වෙන්න ඇත. ඒත් පුංචි නෝනා ඒක කාටවත් කියන එකක් නැත. පුංච් නෝනා කොළඹ ගොස් හෝ ටවුං ගොස් දැක්ක දේවල් පොඩිකාලෙ ලොකු කර කර කියනවා වගේ මමද කොළඹ ලස්සන පුංචි නෝනට කිව්වේය. ලබන අවුරුද්දෙත් නිල්පාට උන් එක්කම යන්න ඕනි..කෑමත්හොදයි අරක්කු ටිකත් හොදයි..බස් එකේ ඉඩත් තිබුනා... නෙලුං පොකුනත් බැලුවා. ටිකක් වැස්ස තිබුනාට පංකාදු ටිප් එක..