Monday, February 3, 2014

රට කුරුල්ලා



ඕව ඉගෙනගත්ත කියල මොකටද බං? ඔය උපාදි අරගෙනත් අර කන්තෝරු ගානෙ ගිහින් ගෙවල් ගානෙ යවන්නෙ දැන්. රුපියල් පාලොස්දාහයි ලැබෙන්නෙ. උඹ මොකද මේකට අකමැති කියපං.?

උඹ මුලින් කැමති වෙල වගේ හිටියෙ. ඒත් දැන් වෙනස් වෙලා.තොපිටත් ඇටෙන් පොත්තෙන් එලියට එන්න කලිං මදන විසේ ගහනව. ඒකවෙන් ඇති මේ.

පියදාස සිය දුවනියට ඔහේ කියවාගෙන ගියත් දුවනිය මුවින් නොබැන සිටියාය.

සාමාන්‍ය පෙල යාන්තමට පාස් වුනි. ඇයට ගණිතය සී එකක් තිබුන බැවින් ගුරුවරු ඇයට උසස් පෙළ වාණිජ්‍යය කරන්නැයි කීවෝය. ඇය වසර දෙකක් අමාරුවෙන් ක්ලාස්ගොස් ගත් සාමාර්ථය බී තුනක් විය. එය කැම්පස් යන්නට හොදටම මදිය. වෙනත් දේකට යන්න වත් කිසිවෙකුගෙන් හව්හරණක් නැත.

දුවේ,..මං උඹට සල්ලි එවල ඉගැන්නුව. උඹ ඔයින් හරි පාස්සුනා ඇති. අර අනික් උන්ගෙ උන් පාස් වුන් නැති නිසා උන් බොට ඉරිසිය කරනව ඇති. පරිස්සමින් හිටහං. ඊලගට මොකක් කොරනවද කියල හිතාගන්න බැහැ.

නිම්ෂාට සිය මව ස්කයිපියේන කතා කල විට එසේ දැනමුතු කම් දුන්නාය. නිම්ෂාගේ පියාට නැතිව නිම්ෂාට කෙලින්ම මුදල් එවීමට නිම්ගේ මව කටයුතු කලාය. බොහෝ දෙනා හිතුවේ මවත් නැති නිසා නිම්ෂා පංති යන අතර කොල්ලෙක් සමග එකතු වී එයින් මතු ඔවුන් පැනයාවි යැයි කියලාය. නමුත් කුමක් හෝ පුදුමයක් නිසා එගම යුවතියන් බොහොමයක් ගිය මග නිම්ෂා නොගියාය.

දිනක් නිම්ෂාට බස්රියේදී අයියා කෙනෙක් හමු විය. ඔහු සේනක විය. සේනක විදෙස් රැකියාවන්ට කාන්තාවන් යොමුකරන ඒජන්තයෙක් බව නිම්ෂා දනී. එහෙත් ඒ ගැන වැඩිවිස්තරයක් ඇය නොදනී. ඇය සමග බලෙන්ම මෙන් කතා කල සේනක පසු දිනෙක පියාද නැති විටෙක නවකතාවක් කියවමින් සිටි නිම්ෂා හමුවන්ට ආවේය.

නංගි මේ රට යන විදිය හොද නැහැ. ඕගොල්ල ඉගන ගෙන තියෙන නිසා හොදටම පේනව නේ. කසාදයක් ඉතිං බැඳගත්තොතින් බැන්ද ම තමයි. ආයි ඉගනගැනිල්ලක් සල්ලි හෙවිල්ලක් ගැන හිතන්න බැහැ. නංගි තරහවෙන් එපා මං මෙහෙම කිව්වට. හැමදාම ඔය විබාග ඉවරවුනාම තැපැල් කන්තෝරුවෙ ලියුං ගොඩගැහෙනව විබාගෙ පාස් වෙච්චි අය රස්සාවලට දාන ඉල්ලුම් පත්තර වලින්. ඒත් ඒවට උත්තර එන්නෙ එහෙමත් එකකින්. ඒකෙනුත් තැපැල් කන්තෝරු පෝසත් වෙනව විතරයි.

සේනක කියාගෙන යයි. නිම්ෂාට මේ සියල්ල හැරදා රට යන්නට සිතක් පහල වී තිබුනි. නමුත් දැන් දැන් ඇයට එන ඇවිටිලි නිසාම ඇයට රට යෑමට තිබූ සිත මඳක් පසුබාගෙන එයි. කුඩා කල සිටම ඇයට හිතුන දෙයක් මිස බලෙන් ඇය මත පටවන දැයට අකමැති වීමේ ගතියක් නිම්ෂා සතු විය. ඇයට බොහෝ අය උසස් පෙළට ජීව විද්‍යාව කරන්නැය ිබල කරන්නට වුයේ ඇයට සයන්ස් වලට හොඳ සාමාර්ථයක් තිබුන නිසාය. නමුත් ඇය විශාල පිරිසක ්බල කරන ලද නිසාම ඇගේ කැමැත්ත කොමස් වලට දුන්නාය.

සේනක අයිය කියන කතාව ඇත්ත. ඒත් මං තාම එච්චර ලොකු නැහැ. මට කසාද බඳින්නත් ඕන නැහැ. තරහවෙන් එපා මෙහෙම කිව්වට සේනක අයිය වෙන කෙනෙක් අල්ලගන්න මං රට යන එකක් නැහැ.

එකවර කුරුල්ලා බිම දාගත නොහැකි තැන මස්වැද්දා විසින් උපායෙන් උගුල් අටවා කුරුල්ලා අල්වාගන්නට තනයි. නිම්ෂාගේ පියා වන පියදාස උන්නැහේ හමු වූ සේනක. දින කිහිපයක්ම පියදාස උන්නැහේ සමග කතා බහ කරමින් කුලුපගු වන්නට වෑයම් කලාය.

අනේ කොහොමෙය් සේනක ලමයො දෝනියැන්ද යවල. උන්දැ විතරයි නේ ඉන්නෙ දැන්. මුලින් පියදාස එසේ කීවේය.

නමුත් ටිකෙන් ටික දැල එලූ සේනකට අවසානයේ.

ම්ම් සේනක කියන එකත් ඇත්ත එකාතකින්. අපේ මහ එකීළ වගේ හැමදාම රට ඉ්නනවට වඩා ඒ දරුවට කීයක් හරි හම්බක රගන්න අවස්ථාව ලැබුන නම් හොඳයි නේ. යැයි කියන මට්ටමට ආවේය.

පියදාස උන්නැහේ මෙහෙම කිව්වට තරහ වෙන් එපා. දුව කෝමහරි යන්න කැමති වෙල එහෙ ගියොත් ඔහෙටත් රුපියල් විසිදාහක් ලැබෙනවා. මොකද ඒ රටවල කට්ටිය දැන් අම්මන්ඩිලා ට වඩා ගෙයක් දොරක් හරියට කඩිසරව පාලනේ කොරග්නන කැමති කට්ටිය දූවරු විදියට ගෙවල් වල තියාගන්න කැමතියි. සමහර සවුදි ගිහිපු ගෙවල් වල කෙල්ලන්ට කොම්පියුටර්,වෙනම කාමර හොද ඇදන් කෑම බීම යසට ලැබෙනව ඒ වගේම දුවෙකුට වගේ ඒ මහත්තුරු සලකනවා. අනික මං කතාකරල යැව්වොත් ඉතිං ආයි අහන්න දෙයක් නැහැ නේ. මේ ගමේම කී දෙනෙක් යවල තියෙද? සමාර ඔය වෙස අම්මන්ඩිල ඉන් බැරුව ආවට ගොඩ දෙනෙක් හොද තැන්වල.

පියදාස උන්නැහෙට දුව කෝමහරි රට යන්න ප්ලේන් එකට නැග්ග දවසට පහුවෙනිද විසිදාහ අතේ. හොඳ සීල් අරක්කු බොත හැකි හැමදාම රා බොන වෙලේ. නැද්ද මං අහන්නෙ?

සේනක පැවසීය. පියදාස කිසිත් නොබැන සිටිය මුත් විසිදාහ ගැන ලෝභය ඔහුගේ සිත තුලට ඇතුල්විය.

නිම්ෂාගේ මව දැන් පියදාසට සල්ලි එවන්නේ නැත. ඉඳහිට ලැබෙන කුලියක් මලියක් කල විට පියදාසට බොන්න ගාන හොයාගත හැක. ගේ දොර අඩුම කුඩුම නිම්ෂා විසින් රැගෙන එන්නේ අම්මා එවන මුදල් වලිනි. නිතර සිය ගෙදර තොරතුරු හොයා බලන නිම්ෂාගේ නැන්දනිය ගිමාරා නිම්ෂාලාගේ පවුලේම අයෙක් මෙන් විය.

ගිමාරාගේ පවුලේ දරුවන් දෙදෙනෙකි. ඔවුන් දෙදෙනාම අඩු වයසෙන් දීග තල ගොස් ඇත ිනිසා ගිමාරා සහ සැමියා ඒ නිවසේ තනි විය. ඉඳහිට මුනුබුරන් දකිනු රිසියෙන් ගිමාරා සිය දරුවන් බලන්නට ගියත් ඔවුන් සමග වසන වාට වඩා සැමියා සමග තනිව වාසය ප්‍රිය කලාය.

සේනක අවසන ගිමාරාටද කිට්ටු කලාය. ගිමාරක්කේ වැරදියෙට හිතන් එපා. ඔහේ දන්නව නේ. නිකංම වැඩ කෙරුවෙ ඉස්සර කාලෙ. අනික කෙල්ලට නරකක් කොරනව නෙමෙයි නේ. කෝමහරි අනාගතේ නොදකින එකීට අනාගතේ පෙන්නල දෙන වැඩක් නේ. ඔහොම හිටියත් තව ටික දොහකින් මොකෙක් හරි එක්ක පැනල යන එක නේ. ගිමාරක්කට ඉතිං ඒව කියල වැඩක් නැහැ නෙව. ඔහෙට මං දහදහක් දෙනවා නිම්ෂා ප්ලේන් එකට නැග්ගම. ඔය පිටරටම මහත්තුරු දෙන සන්තෝසං වලිං තමයි උඹලටත් ඕව ලැබෙන්නෙ. වැරදි දෙයක් නෙමෙයි නේ. කෙල්ලගෙම හොඳට නේ.

ගිමාරාද රුපියල් දහදහක් එකවර ලැබීමේ පින ගැන සිතා බැලුවාය.

නිම්ෂා දරුවෝ. දැන් මෙහෙට වෙලා කොරන්න ඇහැක් ලොකුම විබාගෙ කොරා. ඉතිං තව මොකද්ද කොරන්න තියෙන්නෙ. තව ඉගනගත්තත් ඉතිං ඔතනම තමයි. දැන් ඉතිං අර අම්මල වගේ නාකිවෙල රට යන්න බලං ඉන්නෙ නැතුව හිතල මතල කලිංම ගිහින් ආවොත් හොදයි නේද? ගිමාරා නිම්ෂාට කිව්වාය.

අනේ ගිමාර නැන්දෙ..දැන් අපේ තාත්තත් ඔ්‍ය කතාවම කියනව දැන් සතියක දෙකක ඉදල. මට සේනක අයියත් මගදි හමුවෙල කතාකරනව රට හොඳම තැනක් හොයල දෙන්නංලු. අපේ අම්මගෙන් මං තාම ඇහුවෙත් නැහැ. ඒත් ගිමාර නැන්දෙ මට රට යන්න එච්චර ආසාවක් නැහැ. කලිං නං තිබුනා. ඒත් අර ඇගේ කටු ගහං ලංකාවට එන ගෑනු දැක්කම මට රට යන එක එපා වුනා.

ඉතිං මෝඩ ලමයෝ ..ඔය් ලමයි ඉගනගත්තට ඔය දේවල් ගැන දන් නැහැ නේ. ඔය සේනක ලමය හොද තැන් තමයි හොයල දෙනව කියන්නෙ. අනික ඒ මහත්තුරු දුවෙක්ට වගේ සලකනවය කියල තමයි ගමේ කට්ටිය කියන්නෙ. අම්මප මං ඔය ලමයයි වයසෙ උන්න නම් විබාගෙ ලිව්ව දවසට පස්සෙ දවසෙම ප්ලේන එකෙන් එහෙ. මෙහෙ මොන මගුල බලං ඉන්නවද බං? අනික අපිට කියල මහ ලොකු ඉඩ කඩං දේපල තියෙන එකක්යැ. තියෙන අක්කර බාගෙ ඉඩං කෑල්ලයි මේ හදාගත්ත ගේ කෑල්ලයි විතරයි. ටිකක් ඔය ඉගනගත්ත මොලේ හිතල බලහං කෝ. ගිමාරා රුපියල් දහදාහට ඇතිවන තෙක් උපදෙස් නිම්ෂාට දුන්නාය.

දිනක් බීගෙන පැමිණි තාත්තා නිම්ෂාට දැඩිව දෙස් තියන්නට විය. තෝ මෙතන ගෙදර ඉන්නකොට එන මදාවියොන්ගෙන් ආරස්ස කොරන්න මට බැහැ. තොට එහෙ හොද මහත්තයෙක්ගේ ගෙයක් හොයා දෙන්නං කියලත් තෝ නොයන්නෙ මෙහෙ උන් එක්ක ඉස්සර වගෙ අර ක්ලාස්ය මේ ක්ලාස්ය කියල රවුං යන්න බැරි හින්ද වෙන් ඇති. අවුරුදු දෙකක් උඹ ගිහින් කොරගත්තෙ. ඉඳපං බලාගෙන ජවුසං නටන්න. මට අහුවෙනකං විතරයි ඔය ඔක්කොම සෙල්ලං. මට ආරංචි වුන දවස් කීපයක්ම උඹ ඔය පන්ති යන ගමන ්බස්වල කොල්ලො එක්ක කතා කොර කොර ගිහින් තියනවය කියල. මං ගනන් ගත්තෙ නැහැ. ඒත් දැන් ඉතිං කියන දේ නාහන්නත් පටං අරං නේ. අනික අපි මරන්න යවනවයි. අර ගිමාරයි මායි කොයි තරං නං කියනවද බොට?

නිම්ෂාට හැඬුම් ආවේය. ඇය ඉකිගසාගෙන ඇඩුවාය. ඇයට දරන්නට බැරි වූයේ ඇය ඉතාම පරිස්සමින් රැකගත් චරිතයට සිය පියාම දැඩි ලෙස දෝස කියන්නට වූ නිසාය. දුර දේශයක සිට තමුන්ගේ සුවදුක් විමසන මවට සමාර දිනවල ගෙදරට ඇමතීමට නිම්ෂාට කතා කිරීමට වත ්විවේකයක් නැත ිබව ඇය දනී. ගෙවල් හොඳ වුනත් අලුතින් ආ ගෙදර වැඩ වැඩි බව අම්මා කිව්වාය. තරුණ සේවිකාවන් ඉන්න නිවෙස් වල අතවර ස්වාමින් විසින් කරනවා මෙන්ම මෙහෙන් යන ගෑනුද අතවර කරගන්නට බලාගෙන සිටින බවක් ද අම්මා කියා තිබුනි. නිම්ෂාට මේ විස්තර කීමට යුතු නැතත් අම්මා ට ඒවා කියා හිත හෑල්ලු කරගන්නට සිටියෙ නිම්ෂා පමණි.

දිනක් ගතවිය. පෙරදින මෙන් පියදාසට තේ එක ලැබුනේ නැත. වෙනදා මෙන්ම ගිමාරාද උදෑසන ඇගේ නිවසේ උදා ආහාරයට සැදූ යමක් රැගෙන නිම්ෂාගේ ගෙදරට පැමිණ තිබුනි. කෝ ළමය කැමති නැහැ වගේ බං. මං නං දැන් සේනකට කියනව මේකි කැමතිනැහැ වෙන කක් හොයාගනිං කියල. කෙල්ල තාම නිදිද් දන් නැහැ. පියදාස ගිමාරාට කිව්වේය.

ටික වෙලාවක් ගත විය. කෙල්ලා ලියුමක් ලියා නිවසින් පැන ගොස් තිබුනි.

තාත්තේ ඔයාලට මාව බරක් නම් තවත් මං මේ ගෙදර ඉන්නෙ නැහැ. මං මැරෙන්නෙ නැහැ. ජීවත් වෙනවා. ගිමාර නැන්දටත් කියන්න ගියා කියල. අම්මට මං කෝල් පස්සෙ දැනුං දෙන්නම්.

මීට දුව

නිම්ෂා.

පියදාසට රුපියල් විසිදාහ විසිරි ඔහු ඉදිරියේ යන්නාක් මෙන් වැටහුනි. ගිමාරාටද දහදාහට තිබූ ආසාව සුනු විසුනු වී ගියාක් මෙන් වැටහුනි. බීගත් පියදාස සේනකට පහර දෙන්නට ගොස් පොලිසියේ රිමන්ඩ් එකට වැටුනි. “ෂැහ් ගුටිකාපු එකට වඩා දුක මට ලැබෙන්න තිබුන රුපියල් තිස්දාහ නැතිවුන එකට.“ යැයි සිතමින් සේනක දුක්වන්නට විය.


ප.ලි :- ගෘහසේවිකාවක් විදෙස් ගත කරන විට අදාල ඒජන්සි කරුවාට රුපියල් ලක්ෂයකට අධික මුදලක් පිටරට ස්වාමියාගෙන් ලැබේ. ඊට අමතරව සමහර ඒජන්සි කරුවන් ගෘහ සේවිකාවන් ගෙන්ද මුදල් ලබා ගනී. මෙසේ මේ ලැබෙන අධික මුදල නිසාම රට යන්නට හීනෙන් වත් අදහසක් නැති ගෑනුද විවිධ වෙළඳ දැන්වීම් පෙන්වා බ්‍රෝකර් වරුන් යොදවා රට පැටවීමේ සිද්ධි ද ඇත. කෙසේ හෝ මනුස්ස ගෑනියෙක් ඒජන්සිය හරහා රට යෑම යනු ඒජන්සියට ද ඒ අදාල බ්‍රෝකර් වරුන්ටද එකවර විශාල මුදලක් ලැබෙන සිද්ධියකි. දැනුදු කුරුණෑගල වැනි විදෙස් රැකියාවලට පතල පැතිවල දුප්පත් ගම්වල මෙවන් බ්‍රෝකර්වරු නැති ප්‍රශ්ණ පෙන්වමින් ගැමි ගැහැනුන් රට පටවති.

එසේ පටවන අය යන්නේ බොහෝවිට ගණිකා වෘත්තිය නීතිගත නොවූ අරාබි රටවලට ය. ගණිකා වෘත්තිය නීතිගත නොවූ විට ඒ රටවල මුදල් ඇත්තන්ට ගෘහ සේවිකාවක් ඒ ගණිකාව වෙනුවෙන් පාවිච්චි කිරීමේ හැකියාවක් ද පවතී. බොහෝ විට එසේමැ නොවුනත් සියයට පහක් වැනි සුලු ප්‍රමාණයක් ගෘහ සේවිකා පිණිස රට යන පිරිස එවැන් අවධානමක් දරන බව මගේ විශ්වාසයයි. සමහර ඒජනසි කරුවෝ එසේ අවධානම දැන දැනම ගැහැනුන් එවන් තැන්වලට යොමු කරන අවස්ථා ද ඇත.

ලක්ෂයකට අධික විශාල මුදලක් එකවර ඒජන්සි කාරයාට ලැබීම යනු මෙය ව්‍යසනයක් ලෙස සමාජය ගිලගන්නා පිළිලයක් වීමට හැකි අවධානම වැඩි කරන හේතුවකි.

15 comments:

  1. ගෘහ සෙවෙට ගැනු යැවිල්ලෙ නම් ලොකු ජාවරමක් තියෙනව.ආන්ඩුවත් මොනව කිවුවත් වැඩක් ඇති වැඩක් කරන්නෙ නැ.අර රන්ජන් ගොයියන ඔය ගැන ටිකක් කතා කලා

    ReplyDelete
    Replies
    1. රන්ජන් ඒ ගැන කතාකිරීම වැදගත් විදෙස් ගත ශ්‍රමිකයන් විඳින සැබෑ දුක සමාජයට එළිදරව් කරන්න රන්ජන් ගේ මැදිහත්වීම සැබෑවටම දායක වුනා. රන්ජන් නළුවෙක් විදියට වඩා ඒ මැදිහත්වීම අතින් සැබෑ මිනිසෙක් බවට පත්වුනා කියලයි මට හිතෙන්නෙ.

      Delete
  2. ඔන්න අපේ විදේශ ශ්‍රමිකයෝ

    ReplyDelete
    Replies
    1. විදෙස් ශ්‍රමිකයින් විදියට කිසියම් සැලකිය යුතු පුහුනුවක් දීලා වැදගත් රැකියා වලට මිනිස්සු යොමුකරන්න පුලුවනි නම් අපිට ලබාගන්න පුලුවන් වාසි වැඩියි. නමුත් බාගෙන කනවට වඩා ඉහගෙන කන එක තමයි අපේ රටේ වැඩිමනක් තැන්වල වෙන්නෙ.

      Delete
  3. මේ ශෝචනීය තත්වයට සහමුලින්ම වගකිව යුත්තේ සිරි ලංකාවේ හෙළ බොදු උත්තර සමාජයට පිළිලයක් වෙමින් වැඩෙමින් පවතින "ස්ත්‍රීවාදය" නම් වූ බටහිර ක්‍රිස්තියානි මර උගුලයි.

    ස්ත්‍රීවාදය භංගවේවා!

    ReplyDelete
    Replies
    1. ඔය කොළඹ පැත්තෙ ඉන්න ගෑනු අය ටිකක් නියෝජනය කරන එක්තරා සංවිධානයක ලිපියක් මට පසුගිය දවසක ඇසගැටුනා. ඔවුන්ට තියෙන ලොකුම ගැටලු තමයි දලදා මාලිගාවෙ සමාර තැන්වලට ගෑනුන්ට යන්න නොදීම,ශ්‍රී මහා බෝධිය අතගාන්න ගෑනු අයට අවස්ථාවක් නොදීම වාගේ ඒවා. ඇත්තටම එයාල නියෝජනය කරන සල්ලි තියෙන තියෙන සල්ලි වලිං කරන්න වැඩක් නැතිවට සංගම් ගහගෙන කන බොන සමාජයේ ගෑනුන්ට තියෙන්නෙ ඒ වගේ ප්‍රශ්ණ වෙන්න ඇති. නමුත් ලංකාවෙ සමස්ථ කාන්තා පරම්පරාවම ගත්තොත් ඔයිට වැඩිය විසාල ප්‍රශ්ණ ගානකින් දුක්විඳිනවා.

      Delete
  4. අනේ මන්දා අමිල. මට හිතෙන්නේ අපේ මනුස්ස සම්බන්දතා කියලා දෙයක් නෑ. තියෙන්නේ ඔක්කොම ව්‍යාජ සම්බන්දතා. එහෙම නැත්නම් මේ වගේ ව්‍යසන වෙයිද?

    අපි කොහෙන් ගියත් බලන්නේ අපේ ගොඩ ලොකු කරගන්න විතරමයි. ඒකයි මේ අවුල.

    ReplyDelete
    Replies
    1. මේකතාව වුනත් කෙනෙක් හිතන්න පුලුවනි අමුවෙන්ම ගොතාපු පට්ට බේගලයක් කියලා. මේ චරිත සහ නම් නැතිවුනාට පොඩ්ඩක් රටගිය අය වැඩිපුර ඉන්න ගම්මානයකට ගියොත් රට නොගිහින් ඉන්න ගෑනු අයට කොයි තරම් පීඩනයක් ඒ සමාජය තුලින් එල්ල වෙනවාද කියලා බලන්න පුලුවනි.

      Delete
  5. රට නොයන තරමට හොඳය ......

    ReplyDelete
    Replies
    1. ගෑනු අය රට යෑම කියන්නෙ ලොකු සමාජ ගැටලුවක්..ඒ තුලින් පැනනගින සමාජ ගැටලුවල බර බැලුවාම ඇත්තටම ලැබෙන තුට්ටු දෙකට වඩා සමාජයට වෙන හානිය වැඩියි. නමුත් මේ පවතින ක්‍රමය තුල මුදල් වැඩියෙන් එන තැනක් නවත්වන්න ලොක්කන් මැදිහත් වෙන්නෙ නැහැ එයාලට හානියක් වෙන්නෙ නැත්නම්.

      Delete
  6. මෙතන සේනක තමයි අවුල... සේනක වෙනුවට අපි ගමු සෙනුකී. සෙනුකී නිමේෂා එක්ක යාලු වෙනවා... අදහස දානවා... ඕනෙ නම් සමලිංගික සම්බන්ධයකටත් පොළඹවා ගන්නවා. ඊට පස්සේ කොහොමහරි නිමේෂාව කැමති කරව ගන්නවා රට යන්න. ගිමාරා ලැබෙන දහදාහ අරගෙන පවුල කඩා ඉහිරුවාගෙන තව පිරිමියෙක් එක්ක පැනලා යනවා.. ඊට පස්සෙ සැමියව මරන්න ප්ලෑන් කරනවා (ඒකෙ ඉතුරු ටික යකාගෙ අඩවියෙන් කියවන්න). ඊට පස්සෙ පියදාසට චෝදනා එනවා දුව රට ගියේ පියදාස දුවට අතවර කරපු නිසා කියලා. පියදාස අර විසිදාහෙම අරක්කු බීලා පිස්සු හැදෙනවා. (ඊට පස්සෙ ටික කියවන්න සමකය වටේ බ්ලොග් එකට යන්න, මැද හරියේ ඉඳන් කියවන පටන් ගන්න).

    ReplyDelete
    Replies
    1. ඔය ජාතියේ ගුවන්විදුලි නාටකත් යනවා දැන්. ඒ ගුවන්විදුලි නාට්ටි වල අනිවාර්යෙන් ලිංගික සම්බන්ධයක් හෝ ජවනිකාවක් අන්තර්ගත වෙනවා. නමුත් එහෙම කරන්න සිද්ද වෙලා තියෙන්නෙ ලිංගිකත්වයෙන් තොර නිර්මාණවලට ලැබෙන අයහපත් කලදසාව නිසා. දැන් මේ කතාව ගත්තත් මගේම ලිංගිකත්වය සම්බන්ධ කතාන්දර වලට වඩා මේකට ලැබිල තියෙන හිට්ස් ගාන බාගෙට බාගයක්ම අඩුයි.

      Delete
  7. මැද පෙරදිග රැකියාවලට ගැහැණුන් යෑම නිසි පරිදි ක්‍රමවත් කරපු රටක් තමයි ඉංදියාව. 1980 අගභාගයේ ඉඳන්ම ඒ ඒ රටවල් වලට එන ස්ත්‍රීන් වැඩ කරන තැන පිළිබඳ ඉන්දීයා තානාපති කාර්යාලය සොයා බලා අනුමත කල යුතු ක්‍රමයක් තිබුනා. මේ සොයා බැලීම් නිසා ආරාබි හාම්පුත්තු ඉංදීය කාන්තාවන් ගෘහ සේවයට ගෙන්වා ගැනීමට මැලි උනා.ඒ නිසා අපේ ඒජන්සි කාරයෝ (අරාබියේත්, ලංකාවෙත් )ඕන ඕන විදිහට වැඩේ කරගෙන ගියා. මම කියන්නේ 1987-2000 කාලය. දැන් කොහොමද දන්නේ නැහැ.

    ReplyDelete
  8. මෙහෙම හරි මේ ගැන කතාවෙන එකත් ලොකු දෙයක්. මට හරියට මතක නෑ සිද්ධිය, රිසානාගෙ හිස ගසා දැමිල්ලද, නැත්නම් ගෘහ සේවිකාවකට අරාබියො කරපු වධහිංසාද කියල. කොහොමින් හරි, ඒ අවස්ථාවෙ , අපේ ගෑණු රට පැටවීම නවත්තන්න ඕනෙ කියල හඬක් ආවා. අදාල ඇමති, ආඳා වගේ කතාවෙන් ලිස්සල ගියා :)

    ඇයි, හත්වලාමෙ , ඒක නැවැත්තුවොත් අපි කොහොමද ජීවත් වෙන්නෙ. ලංකාවෙ ප්‍රධාන ආදායම් මාර්ගය නේද? :)

    කොස්ස තියෙන්නෙ මෙතනයි. ගෑණු රට යන එක නැවත්වන්න බෑ කියමුකො. අඩුමගානෙ, රට ගෙනියන්නෙ, මේ අහිංසකයො එවන සල්ලි වලින් කියලවත් ගානක්වත් තියනවාද? ඔන්න, මුලින්ම ඒජ්න්සි කාරයා හූරා කනවා. කිසිම පාලනයක් නෑ. ඊලඟට, අරාබියො . තානාපති කාර්යාල තියනවා, උන් බුදි, නැත්නම් උන්ට මැදිහත් වෙන්න බලයක් නෑ. ආණ්ඩුවෙනුත් මොන, මොනවද කියල ගාණක් කපාගන්නව නේද?

    ලොකුම ඛේදවාචකය, අර කියාපු "ස්ත්‍රි වාදී" සංවිධාන, NGO, ආණ්ඩුව, මේ අපි පවා මේ ප්‍රශ්ණයට නොදැක්කා වගේ ඉන්න එකයි. මෙන්න උදාහරණ:

    // දැන් මේ කතාව ගත්තත් මගේම ලිංගිකත්වය සම්බන්ධ කතාන්දර වලට වඩා මේකට ලැබිල තියෙන හිට්ස් ගාන බාගෙට බාගයක්ම අඩුයි.//

    ReplyDelete
  9. තත්වය ශෝචනීයයි.. !

    ReplyDelete

නූතන පටාචාරාවත

විසිතුරු බඩුව ඇය කිසිවිට නැහැ සැලුනේ.. බියකරු වනය බිය නැහැ ඇය වෙත දැනුනේ.. සිය සැමි නැතිය එන මග දරු අහිමි වුනේ.. නැති විය සිහිය ...