Friday, March 14, 2014

ඉඩෝරයක් මැද Idorayak meda

ඉඩෝරයක් මැද වලාකුලක් නැති කල
පිපාසයට දිය බිඳක් වත් නැති කොට
මගේ ළඟ තිබු පතොක් පඳුරේ 
ලොකු මලක් පිපිලා..ලස්සන.. ලොකු මලක් පිපිලා.

පෙනෙනවා දකිනවා සිඹින්නට හිතෙනවා...
රළු පරලු කටු ඇනී යාවි දෝ මන්දා..
සිනා සී වැනි වැනී කටුක නල එහි වැදී 
පේන මල ඇයි අකල් කලෙක දී පිබිදුනේ.

සුවඳ විහිදී ඈත යාවී සතුන් ඇවිදින්
මලට රිදවා මසිත පෙලාවිදෝ..
එක් දිනක් පිබිදෙනා විට මල 
අනුන් සතු බඳනක වැටී සැනසේදෝ..

මේ පහලින් තියෙන්නෙ කවිය කියන විදිය. කවිය කියන විදියත් අහලම යනවනං සන්තෝසයි.




මේ කවිය මෙතනින් අහන්නත් පුලුවනි
https://soundcloud.com/indika27/idorayak-meda


4 comments:

  1. කටහඬ හොඳයි.
    තනුවත් හොඳයි නමුත් සින්දුවේ අදින තැන්වලට
    නැති කල
    නැතිකොට
    වගේ වචන ගැලපෙන්නේ නෑ.

    ඒ වෙනුවට:
    නැති කලේ
    නැතිවෙලේ
    වගේ ඇදෙන වචන දාලා කියා බලන්න

    ReplyDelete
  2. ගායනයත් රස වින්දා. නියමයි නෙ.

    ReplyDelete
  3. ඔයාගේ ක්ලවුඩ් කොහොමත් මං රස විඳිනවා. එව්වා මග හරින්නේ නෑ. වොයිස් එක නියමයි.
    සුබ පැතුම්.. ! මේ වගේ දිගටම ඕනේ. මාසෙකට සැරයක් වත් අඩුම. :)

    ReplyDelete

නූතන පටාචාරාවත

විසිතුරු බඩුව ඇය කිසිවිට නැහැ සැලුනේ.. බියකරු වනය බිය නැහැ ඇය වෙත දැනුනේ.. සිය සැමි නැතිය එන මග දරු අහිමි වුනේ.. නැති විය සිහිය ...