Wednesday, March 5, 2014

ඇට අස්සෙන් රට through balls

ඇයි අපිට එක පාරට හිතට එන දේවල් ලියල දාන්න බැරි. අනේ මන්දා. ලියන එක ඇවිල්ල තනි බොරුවක් නේ. අපි මේව ලියන්න හදන්නෙ අපි හොදයි,චෝක් බබාල කියල පෙන්වන්න. එතනින් සාමාන්‍ය ජීවිතේ අපිට නොලැබෙන පට්ට තැනක් අපි සයිබර් ඉස්පේස් එක ඇතුලෙ යාලුවන් අතර හදාගන්න යනවා.

මේක අස්සෙ මම කියන්නෙත් ඔබ කියන්නෙත් තව එක නෝඩ් එකක් විතරයි. පොත් පත් කියෙව්වම චිත්‍රපටි බැලුවම,බ්ලොග් අවකාසෙට ගියාම සංවේදි මනසක් ඇතිවෙල සංවේදි මිනිස්සු වෙනවලු. ආච්චිගෙ බ්ලවුස් එකේ සංවේදී කම. අනික් මිනිහ දිහා හොරෙන් බලන එක අපේ ජානගත පුරුද්දක්. ඒකුනු ආතල් එකට හුරුවුන අපි අනුන්ගේ ජිවිත සහ සමාජ සිද්දි දිහා බලන්න විවිධ ටූල්ස් යොදාගන්නවා. ෆිල්ම්,නවකතා, කෙටිකතා,කවි, සයිබර් ස්පේස් එක වගේ ඒවා එතනදි අපිට අනුන් දිහා බලන්න යොදාගන්න පුලුවනි. 


හැබැයි ඔය අනුන් දිහා බැලුව කියල ලංකාවෙ මිනිස්සු වෙනස් වෙනවද? නැහැ නෙව. ඒ හොරෙන් බැලීම කියන සංසිද්ධිය මගින් වඩාත් හොද දර්ශන පෙන්වන්න පුලුවන් ෆිල්ම් ටෙලි,පොත්,පත්තර,කෙටිකතා ජනප්‍රිය වෙනවා. ඒවා කරන උන් පොරවල් වෙනවා. හැබැයි ඒ රසවිඳින මිනිස්සු න්ගේ ඔලුව තාම එතනමයි. 

ඔලුවෙන් ඉදිරියට යන පොදු සමාජයක් විදියට අපි කාරුවත් හිතන් නැහැ. ඔන්න අපේ කන්තෝරුවෙ තිබුන කැන්ටිමක්. ඒක තේ කඩයක් වගේ. ඒකෙ තේ වතුර බොන්න වෙන්නෙ හිටගෙන. තේ බොනෙකොට ඒ මිනිස්සු තේ බොනව කියල හැමතැනටම පේනවා. ටක ටක ගාල තේ ගහනවා යාරයක් උසට තේ දානවා. ඒ නිසාද මන්දා මේකෙ කිරි තේ එකත් රසයි. 

මේක නිකං කඩයක් කිව්වට කවුන්ටරයක් විතරයි තියෙන්නෙ.හැබැයි කවුන්ටරෙන් මයියොක්ක කිරිබත් ජෑම්පාන් මාලුපාන් ආදි වගේ ගොඩක් පරාසයක කෑම ජාති ගන්න හැකියාවක් තිබුනා. තේ ඉල්ලුවම තේ, යෝගට් ඉල්ලුවම යෝගට් වගේ දේවල් දෙනවා. ඒක පිටිපස්සෙ පොඩි අවකාශයක් තියෙන්නෙ. ඔය පොඩි අවකාශෙ ඇතුලෙ මේ කට්ටිය පාන් ටෝස්ට් කරනවා. කිරිබත් හදනවා. පෘට් සැලට් හදනවා. ඒක කැතයි. සෞඛ්‍යාරක්ෂිත නැහැ.

ඔය වැඩේ නවත්වන්න කියල අපේ මානව සම්පත් අංශෙන් කියලා. මොකක් හෝ තවත් හේතු හින්දා අර තේ වතුර හිටගෙන බොන එකත් අසෝබනයි කියල ඒකත් නවත්වන්න කියලා තිබුන. දැන් එතන කලිං වගේ කෑම තේවතුර නැහැ. බිස්කට් යෝගට් වගේ ඒව තිබුනත් ඒව අරං ගිහින් කන්න ඕන. කලිං එතන මී මැහි පොදිය වගේ මිනිස්සු හිටියට දැන් බල්ලෙක් වත් නැහැ. මිනිස්සුන්ට මාර ගැටලුවක්. දැන් ඒ ගැන ඉහල සිට පහල දක්වා අපේ කන්තෝරු වල කතාවෙනවා.

සමහර ගෑනු අර කැන්ටින් එකේ අයිතිකාර මුදලාලිය ගැන දුක හිතිල බොහොම සොවින් මුදලාලිගෙන් දුක අහනවා. ඒ වගේම දැන් මේ කවුන්ටරය වැහුන නිසා අනික් කැන්ටිමෙ පෝලිමෙ ඉන්න කට්ටියට සිද්ද වෙල. මේ නිසා මේ ගැන ලොකු කතාවක් ඇතිවෙල. ඕක තව දවස් දෙකෙකින් විතර හොද වෙයි. ගොඩක් වෙලාවට අර පෙර තිබුන මජර ක්‍රමයට හිටගෙන තේ බොන්න. අපිරිසිදුවට හදන කෑම කන්න අපේ කට්ටියට අවස්ථාව ලැබේවි.

පොඩි අවුලක් තියෙනවා තමයි. මිනිස්සු කලිසං ඇන්දට ලස්සන හිරට දාර පේන්න සාරි ඇන්දට ගොඩක් මිනිස්සුන්ගේ ඇතුල ඇවිල්ල තාම පරණයි. ඒ මිනිස්සුන්ට තාම අර උණූ වතුර එක දුන්නම තේ පැකට් එක දාල තේ එක හදාගන්න සීන් එක වැටෙන් නැහැ. ඒ ඇරත් මිනිස්සු වාඩිවෙල වැඩකරන අයනේ ඒ නිසා ගෑනු මිනිස්සු බලන්නත් මිනිස්සු ගෑනු බලන්නත් චැට් එකක් දාන්නත් හිටගෙන ටික වෙලාවක් රෙස්ට් එකක් ගන්නත් මෙතන පාවිච්චි කරනවා. කෝකටත් මේක එකපාර එංගලන්තෙ කොරන්න බැහැ නෙව. එහෙම කොරන්න නං ඉතිං එංගලන්තෙ විදියට අනික්වත් තියෙන්න එපාය.

දැන් නවීන ආයතන වල අපේ වගේ කුනු පරිපාලන විදි නැහැලු. කෑම ජාති ෆිජ් වල දාල නෙස්කැෆේ මැෂින් තියල මිනිස්සුන්ට ඕන තරං කන්න බොන්න ජාති තියෙනවා. මං ඒජාතියෙ මෘදුකාංග නිර්මාණ කොම්පැනියක දවසක් වැඩකටත් ගියා. ෂහ් පට්ට සැප. පිටරට ඉන්න යාලුවෙක් කිව්ව එයා ඉන්න රටේ සිකුරාදා ගොඩක් කාර්යාල වල හවසට කන්තෝරුව ගානෙ පාටිලු. අරක්කු එහෙමත් කොම්පැනිය ගානෙ දෙනවලු. ඉතිං අපෙ මිනිස්සුන්ට අරක්කු දෙන්න ඕන නැහැ අඩුතරමෙ නෙස්කැපේ මැසින් එක තට්ටුවට එක ගානෙ හයි කරල කන්න බනිස් ගෙඩියක් ඉන්න තැනට ගෙනත් දෙනවනං කොච්චර එකක්ද? ඒත් ඒ වගේ දියුනු ආකල්පිය තැනකට යන්න අපේ කොම්පැනි වල මැනේජ්මන්ට් උන්ට බැහැ. මොකද උන් දන්නවා පොඩි එකා පොඩි එකා වීම මතම ඌ ලොකු එකා වෙනව මිසක් උන්ට වෙන කිසිම ලොකු කමක් කියල පෙන්වන්න දෙයක් නැති විත්තිය.

මේ ගැටලුවෙ මම දැක්ක තව පැත්තක් තමයි මේක මිනිස්සුන්ට දැනෙන පස්නයක් වෙච්චි එක. අපේ කොම්පැනිය රෙන්ට් එකට අරං ඉන්න මෑංපවර් සේවක කට්ටියක් මිට අවුරුදු එකමාරකට කලිං මහ දැවැන්ත උද්ගෝසනයක් කලා. ඒක කරනකොට අහන අහන හැමෝම කිව්වෙ එයාලයි සහයෝගෙ තියනව කියලා. ඒත් ඒ බාහිර සේවකයො පඩි වැඩිකරන්නය, ස්තිර කරන්නය කියලා උද්ගෝසනය කලාට වැඩ වර්ජනේ කොරාට වැඩේ හරිගියෙ නැහැ. පත්තර වල ටීවි වල ගියෙ නැත්තෙ ඇයි වගේ බොලද පස්න අහන්න එපා. මූලික උනු තුන් හතර දෙනා බුකැස් ගාල වැඩ තහනම් කරලා ටික කාලෙකින් අස් කරලා දැම්මා.

ඒ මිනිස්සු මේ වැඩකරන ලොකු මිනිස්සුන්ගෙම පොඩි පොඩි වැඩ කරපු අය. නැත්තං පොඩි තනතුරු වල අය. උදාහරන විදියට රියදුරු වගේ තනතුරු. මේ අයගෙ ඇගේ වැදි වැදි වැඩකරපු එකට පඩිපෙලෙ ගිහිපු මිනිස්සු. ඉතිං මේ මිනිස්සු හතර දෙනාගේ වැඩ තහනං වෙල ගෙදර ඉන්න වුනාම ඒ තරං කතාවක් අපේ කන්තෝරු වල ඇතිවුනේ නැහැ. හැමෝම බැන්නෙ සංවිධායකයින්ට. හැමෝම බැන්නෙ යූනියන් කාරයින්ට. නමුත් වැඩේ හරි ගියානං අයිතිකාරයො ගොඩාරියක් ඉන්න තිබුනා. ඒ කතාවෙදි මේ කැන්ටිමේ කෑම නැතිවුනා වගේ මහා උනන්දුවක් ඇතිවුනෙ ්නැහැ. අර ගිහිපු උන් දැන් වෙන රස්සා හොයාගෙන මේ තැනට වඩා හොදටත් ඇති. නමුත් අපේ අයගේ සත්ව කරුනාවේ මායිම අන්න අර වගේ තැනක්.

බොහොම ජනාකිර්න කොළඹ පසුබිමක තියන මේ ආයතනයේ රෑට පත්තුවෙන බෝඩ් ලෑලි දිහ බලල එලියෙ මිනිස්සු හිතනවා ඇති අඩේ පට්ට දියුනු කොම්පැනියක් කියලා. ආන්ඩුවෙන් පිනට ඉගෙනගෙන පොරවල් වෙලා අනික් පහල උන් ගැන නොබලන මේ බහුතරයක් මහත්වරුන්ට වඩා මුට්ට කරගහන පිටකොටු නාට්ටාමි මහත්වරු අතර හොදගති තිබෙනවා. කූඩ කේස් එකක් ඇවිත් කූඩ නිසා අවුලක් ඇති වුනාම මාකට් එකම තනිකර වැහුන. දවසට ප්‍රොෆිට් එක විතරක් ලක්ෂෙ පනින මුදලාලිල එක්ක උරෙන් උර ගැටිල නාට්ටාමි මහත්වරුත් කොටුව ස්ටේසම ඉස්සරහ මහ පාරට ඇවිත් බිම වාඩිවුනා

. ඒකට අපේ කන්තෝරු, එකට වැඩකරපු උන් හතරදෙනෙක් නොකවුට් වෙද්දි මේකෙ ඉන්න උන් මුර්ජා වෙලා වගේ ඒක නොපෙනි නොදැක උන්නා. ඒත් දැන් උන්ගෙම තේ වතුර බොන ආතල් එක කැඩෙනකොට ඒක වෙනුයෙන් ආයිත් නැගිටල මයිල් කෙලින්වෙල දගලන්න හදනවා. හැබැයි ඉතිං ඕකත් කටින් පමණක් දැගලිල්ල විතරයි. ඕකටත් පොඩ්ඩක් කට්ටිය එලියට ඇවිත් සද්දයක් දාල බලමුද කිව්වොත් “මට නං සීනි මේ දවස්වල මම තේ බොනඑ ක නවත්තන්නයි අනේ හිටියෙ“කියල නිදහසට කාරනා කියන නෝන මහත්වරු ගොඩක් ඉඳීවි.

යුක්රේනෙ මිනිස්සු පාරට බැහැල මොකද්ද ජරමරයක් තියෙනවා. ඒකට එක හේතුවක් තමයි රුසියාව අත පොවන එකට විරුද්ධ වීම සහ යුරෝපිය සංගමයට තමුන්ගේ රට ඇතුලත් කරගන්න කියන ඉල්ලීම. මේ වගේ දෙයක් කොයි තරම් සංකීර්ණද? ඒ මිනිස්සු පාරට බැහැල අල ලූනු, සීනි, කිරිපිටි, පඩි බෝනස්,හරක් නිසා කෑගැහුව නෙමෙයි. ඊට වඩා දිග අනාගතයේ තමුන්ගේ අනාගතය සම්බන්ධ දේකට. අපේ රටේ පේන හරක් වෙනුවෙන් මිස අර වගේ දිග අරමුණක් වෙනුවෙන් පෙලගැහෙන්න හිතන්න වත් බැහැ.

මේ වගේ නොදියුනු සමාජයක් සංවිධානය කරල ඉස්සරහට ගනිපු උදාහරනයක් හොයාගන්න අමාරුයි. ගාන්ධි මැන්ඩෙලා වගේ මිනිස්සුන්ට වුනත් ඒ රටවල් ගෙනියන්න පුලුවන් වුනේ එක්තරා සීමාවකට විතරයි. ඒකෙදි පොදු විරෝධයක් ගොඩනගාගන්න “සුද්දො“ කියන පොදු සතුරා හිටියා. දැන් මම මෙ කියපු සුලු කාරණාවත් සමාරවිට අපේ කන්තෝරුවල ලොක්කන්ට පෙන්වන්න, පෙන්නල ලොක්කගේ මූනෙ ඇඳෙන කෘතඥතාවයෙ හීන් ඉර දකින්න ආස කරන බත්බැලයො හැමතැනම ඉන්නවා. සමාරවිට උන්ට ඒ නිසා ලැබෙන එකම මහ ලොකු සම්පත තමයි අර ලොක්කගේ මූනෙන් ඌ වෙත ලැබෙන හීන් හිනා පොද. ඊට වැඩිය කිසිම දෙයක් ඒ වගේ කඩේ යන උන්ට ලැබෙන්නෙ නැහැ ගොඩක් වෙලාවට.

මහා සමාජය කියල ලොකු වෙනසක් නැහැ. මේ කෂුද්‍ර සමාජයේ තියෙන ලක්ෂණ ටිකම විසාල සමාජයෙදිත් ඒ විදියටම තියෙනවා.

මේ ලබුගෙඩි රටේ සමහර දෙනෙක් දැන් රජාට එරෙහි වෙන්න නම් අලුත් රජෙක් ඉන්න ඕන කියන මතයේ ඉන්නවා. මේක හරි පරණ කේස් එකක්. 1818දි කැරැල්ල අසාර්ථක වන්න එක හේතුවක් වුනේ අපේ මිනිස්සුන්ට පිලිගන්න පුලුවන් ගැලපෙන රජෙක් තෝරගන්න බැරි වුන එක. එතකොට හිටපු උන් අපේ මුත්තල. අපේ මුත්තලටත් පුද්ගලයින් මිස ක්‍රමයක් ගැන අදහසක් තිබුන් නැහැ. වඩාත් සාධාරන සමාජයක්, සංවර්ධිත අවකාශයක් දියුනුවෙන ලෝකයක් ගැන අපේ මුත්තලට කිසි අදහසක් තිබුන් නැහැ. අරුං සුදුයි ඒ නිසා අපේ ගෑනු උන්ට කැමතිවෙයි. ඊට වඩා අපේ රජතුමා හොදයි කියන පොඩි ඉරිසියාවක් විතරක් තිබුන මුත්තල ටිකක් එදා ඉන්න ඇති. ඕකම 1848,1971,1989 දි ආයෙ ආයෙ සිද්ද වුනා. ඒ කට්ටියට ඕන වුනෙත් දැන් ඉන්න සුද්ද පන්නල අපේ රජෙක් කියන අවශ්‍යතාවය විතරයි. එක අතකින් රජෙක් නැතුව දැන් වගේ රනිල්,ෆොනී,අනුරකුමාර වගේ රජකමට අඩුපාඩු තියෙන සෙට් එකක් ඉන්න එක හොදයි.

රනිල්ට නගින් නැහැ. කට පුරෝල බොරුවට හිනාවෙන්න දන්නෙත් නැහැ. අනුර කුමාර ජෙප්පා නිසා වැඩක් නැහැ. පොන්සේක ගෙ කුලේ ටිකක් මදි. ඒ නිසා මුන් තුන්දෙනාටම තැනක් නැහැ. ඒ කියන්නෙ වර්ථමාන රජතුමා ආතල් කැඩුවත් අපිට සෙට්වෙලා අනාගත හීන දකින්න හීන ලෝකෙන් අනාගත රජතුමාව පත්කරලා දරුවට රස්සාව අරං දෙන්න, පාරට ලයිට් එක දාගන්න, ප්‍රමෝෂන් එක ගන්න, අලුත් ටෙන්ඩරයක් ගන්න, කීයක් හරි හොයාගන්න, පර්මිට් එකක් ගන්න චාන්ස් එකක් පේනතෙක් මානෙක නැහැ. රජා හොද නැහැ. අලුත් රජෙක් ඇත්තෙත් නැහැ. මරු ආතල් එක. අර රජාගෙන් ගැලවෙන සැට් එකට එල්ලෙන්න අලුත් ඔටුන්නක් නැති වුන එකත් අජරාමර ෆන් එකක්.


(මට ඇති වී ඇති මානසික රෝගය සොයා කමෙන්ට් නොකරන මෙන් ඉල්ලා සිටින අතර එසේ මගේ මානසික රෝගය නිමානය කොට කමෙන්ට් එකක් දැමීමට අවශ්‍යම නම් ඒ වෙනුයෙන් මුදල් ගෙවා එය සිදුකරගත හැකි බව සතුටින් දන්වා සිටිමි.)

19 comments:

  1. හම්මේ...කරකවල අත ඇරියා වගේ. නියම අදහස් ගොන්නක් එක දිගට එක හුස්මට ලියල දාල.

    මොනවා වුනත් අකුරක් නෑර කතාව නම් සහතික ඇත්ත.

    ReplyDelete
    Replies
    1. මට කියන්ට ඕනි ටිකම මෙයා කියලා...:)

      Delete
  2. "අපේ රටේ පේන හරක් වෙනුවෙන් මිස අර වගේ දිග අරමුණක් වෙනුවෙන් පෙලගැහෙන්න හිතන්න වත් බැහැ."
    කනගාටුයි. ඒත් ඇත්තයි.

    ReplyDelete
  3. අනුන්ගෙ ඩයරියක් දැන් කියවන එක හරි නෑ.ඔෆිස් එකේ වුන්ට පේනවා.පස්සෙ හොරෙන් බලනවා යාළුවා

    ReplyDelete
  4. අර කීවත් වගේ ජානගත පුරුදු නිසා ඇත්තටම අපි මොන තරං කුහක වෙලා ඉන්නවද... අපි අපි මයි කීවට අපි බලනවද ඇත්තටම අපි අපි වෙන්න... කොටින්ම නිදහස් මනසක් තියාගන්න... අනුන් දිහා බලන පුරුද්දෙන් ඈත් වෙන්න...

    ReplyDelete

  5. //818දි කැරැල්ල අසාර්ථක වන්න එක හේතුවක් වුනේ අපේ මිනිස්සුන්ට පිලිගන්න පුලුවන් ගැලපෙන රජෙක් තෝරගන්න බැරි වුන එක.//
    මේටිකනම් මටත් හිතාගන්න බැරි ඇත්ත.
    සටනට රජෙක් නැතිකොට ,හීරලුවෙක්ව වෙස් මාරු කරල රජ කරන්ඩ් කල්පනා කොරන වෙලේ,ඇයි කැප්පෙටිපොලට බැරි උනේ 'මන් රජ වෙන්නන්' කියල හිතන්න.
    එතනින් ගියාම ඉතුරු ටිකත් ඇත්ත.

    ReplyDelete
    Replies
    1. ඒ අපේ ඒ දිනවල චින්තනයේ අඩුපාඩුව තමයි.

      ප්‍රංශේ වුනත් ලුවීලාව නැතිකරලා විප්ලවයෙන් බලේට ආපු බොනපාට් අන්තිමේදී අධිරාජායා වුනා නේ.

      එහෙම බැලුවාම නියම කැරුල්ල වුනේ ඇමරිකාවේ. එංගලන්තේ රජාට විරුද්ධව තවත් රාජාණ්ඩුවක් ණැතුව ජනරජයක් පිහිටෙව්වා, ව්‍යවස්ථාවක් එක්ක.

      Delete
  6. මචන් උඹට තියෙන්නෙ ලොකු හීන මානයක්.... උඹව දැක්ක දවසෙ තමා ඒක කන්ෆර්ම් උනේ... මේක ලියන්න හිතුවෙ ප. ලි.ය දකින්න කලින්... ඒක නිසා මෙතන දානවා...

    ReplyDelete
    Replies
    1. මචං මට මේ ලගදි හම්බුනා මාර යාලුවෙක්.පොරදැන් හෝටලේක ලොකු පුටුවක වැඩ කරන්නෙ. පොරයි මායි පාර අයිනෙ චැටක් දාගෙන ඉන්නකොට අපි දෙන්න පහුකරං විවිදාකාර ගාෑනු යනවා. මූ ගෑනුන්ගේ පුක පැද්දෙන විලාශය බලලා කියනවා මේක දෙන එකක්ද? මේක බඩුවක්ද? එහෙම නැත්තං සුවිනීත කෑල්ලක්ද කියලා. ඌ එහෙම ඒකාන්තයෙන්ම මේක ඊසි ගොයින් බඩුවක් කියපු කෑල්ලක් අපි දෙන්න චැට දාපු විනාඩි පාලව ඇතුලත වීල් එකක නැගල වෙන එකෙක් එක්ක ගියා. සමාරවිට මූ හෝටලේ වැඩ නිසා දන්නව ඇති බඩුව මොකද්ද නැත්තෙ මොකද්ද කියලා. ඒත් මූ පුක වැනෙන හැටි බලලා බඩුවක්ද කියල සාස්තර කියන වැඩේ මට නම් මාර ෆන් එකක් තිබුන වැඩක්..

      නරකද බං නිකං ඔය කෙල්ලො කොල්ලො ඉන්න බීච් එකක් පැත්තෙ ගිහින් අර සාස්තර ගෑනු අත බලා සාස්තර කියනව වගේ උඹත් මූන බලල සාත්තර කියන්න සෙට් වුනොත්.

      Delete
  7. /* ඇයි අපිට එක පාරට හිතට එන දේවල් ලියල දාන්න බැරි. අනේ මන්දා. ලියන එක ඇවිල්ල තනි බොරුවක් නේ.
    */

    හිතට එන ඒවා ලියන්න බෑ කියන්නේ ඇයි?

    මට නං එහෙම ප්‍රශ්ණයක් නෑ. කතන්දරයක් ලිව්වත්, කමෙන්ට් එකක් දැම්මත් හිතට එන දේ තමයි ලියන්නේ!

    පත්තරේකට, නිවුස් ලෙටර් එකකට, ඔෆීසියේ රිපෝට් එකකට තමයි මවාගත්තු සංයමයකින් ලියන්නේ!

    ReplyDelete
    Replies
    1. කකා මං ඉන්නෙ ලංකාවෙ නේ. අනික මම ලියන ඒවා මම අවට ඉන්න උන්ගෙන් සියට හැත්තපහක් කියෝනවා. එතකොට ඒ අය ඩිරෙක්ට් තරහ වෙන් නැති විදියට ලියන්න වෙනවා. මොකද මේක ෆෑන්ටෑස්ටික් අවකාශයක් කියන එක ගොඩක් අය තේරුම් ගන් නැහැ.

      Delete
    2. අමිල, ඔබ ලියන්නෙ ඔබේ නමින්. එය ඔබේ කැමැත්ත. ඒ නිසා තමයි ඔබට හිතට එන ඒවා ලියන්න බැරි. ඒක තමයි ඔබ ගෙවන ගාස්තුව, නමින් ලියුපු නිසා.

      සමහරු කියනවා, නමින් ලියන්නෙ නැත්තෙ කොන්ද පණ නැති අය කියල. මම ඒ කතාවට විරුද්ධයි. මේ කියපු හේතුවත්, තවත් පෞද්ගලික හේතූන් නිසාත් බොහෝ අය, නිර්නාමික හෝ අර්ධ-නිර්නාමිකව ඉන්නව. නිර්නාමික භාවය කියන්නෙ පහසුකමක්, එය අප ප්‍රයෝජනවත් ලෙස පාවිච්චි කරන එකේ වරදක් මම නං දකින්නෙ නෑ

      Delete
    3. දැන් මේක ආයෙත් බලන අය අඩු නිසා මම පොඩි දෙයක් කියන්නම්...මගේ යාලුවෙක් පිටරටක ගිහින් එහේදි හෙන ලස්සන බෝනික්කො වගේ කොරියන් කෙල්ලො වගේ විදිහෙ කෙල්ලො වගයක් රිසිප්සන් එකේ ඉන්නව දැකල තියෙනවා. මූට ඒත් පොඩි පස්නයක් තියෙනවා. මොකද කොරියන් කෙල්ලො ටොයිලට් යන්නෙ මු ටෙම්පරි වාඩිවෙල හිටපු තැනින්ලු. අර බෝනික්කියො වගේ ඉන්න කෙල්ලන්ටත් චූ බර හැදිල ටොයිලට් යනකොට මූට වැටහුනාලු අනේ මේ ලස්සනට පෙන්නගෙන හිටියට මෙයාලටත් චූ කක්කා යනවා නේ කියලා. ඌ සුරංගනාවියක් කියල හිතං හිටපු මනෝ චිත්‍රය බිම ඇදගෙන වැටුනා.

      ඔය එක එක නම් වලින් දේශපාලනය ලියන බොහෝ දෙනාට තියෙන්නෙ දේසපාලනික ජීවිතයක් විතරයි නේ. ඒ අය ලව් කරන් නැහැ..ගෑනු නිසා අමාරුවෙ වැටෙන් නැහැ.. සත්ව හිංසා කරන් නැහැ..වැරදිලාවත් වැරැද්දක් කරන්නෙ නැහැ.පට්ට පරමාදර්ශී චරිත. එතකොට ඒ ලේඛකයා මාර ආදර්ශමත් බුවෙක් කියලා නමක් ඇතිකරගන්නවා. ඌ ලියන ලිපි බලන්න අනික් උන් යන්නෙ වැඳගෙන...අනේ සර් නියමයි කියල කොමන්ට් එක ටයිප් කරල තමයි බ්ලොග් එක බලන්නෙ සමාර ශ්‍රාවකයො.. එතකොට ලේඛකයා මේ ලබ්බෙ රට ඇතුලෙ මාර පූජනීය වස්තුවක්..

      නමුත් මම මේ හැම බහුබූතම එකම බ්ලොග් එකට අමුනන එකේ අරමුණ තමයි මම මේ සමාජයේ ජීවත්වෙන සාමාන්‍ය මිනිහෙක් පමණක් කියල පෙන්වන එක...සමාරුන්ට සමාර පෝස්ට් දැක්කම අර ලස්සන කොරියන් ටයිප් කෙල්ලා ටොයිලට් යනකොට අනේ මේකි චූත් යනව නේ කියලා ටයිප් දුකක් හිතෙනවා ඇති. ඇනෝ නමකින් ඇවිත් ආන්ඩුවටයි නිලදාරින්ටයි සමාජෙටයි බැනලා ඈත ඉඳන් මල්ටිබැරල් ගහල දුවනවාට වඩා මගේ ක්‍රමයවන ලගට ගිහින් බෝම්බ තියලා යන විදිය මට ආතල්..

      Delete
  8. මේකනේ බං වැඩේ.ඕනෑවට වඩා ආත්මාර්ථකාමී එවුන් එක්ක ඔහොම වැඩ වෙනවා.මොකද උන් මහ ලොකුවට පොර ටෝක් දුන්නට ලොක්කන්ට විරුද්ධව උන්ටත් වෙනම ගතමන්ට් එකක් එනවා ඒකේන්.නිකං හිතන්නකෝ.හොස්පිටල් ස්ට්‍රයික් කරපු දවසක බේත් ගන්න යන කෝච්චි සේවකයෙක් තරහෙන් කියනවා මේවා ප්‍රයිවටයිස් කරා නම් ඉවරයිනෙ කියලා.
    ඒ වුනාට දුම්රිය පුද්ගලීකරණය කරන්න ගියාම ඒ මනුස්සයම විරුද්ධයි.ඒ මනුස්සයත් කිසි කතාවක් නැතිව රෝහල් වගේම වර්ජනය කරනවා.

    කොහොමහරි උඹලගේ මානව සම්පතාට වැඩ නැද්ද බං කැන්ටින් අස්සේ පරිපාලනය කරන්න යන්නේ?www.amuthusithuwili.wordpress.com

    ReplyDelete
    Replies
    1. හැමදාම උදේට ජාතික ගීය කියන සඳුදට ආයතනයේ ගීතය කියන නියමිත ඩ්‍රෙස් කෝඩ් එකක් තියෙන..අයි ඩී එක අනිවාර්යෙන් දාගෙන ඉන්න ඕන. ඒව හරියට කෙරෙනවද කියල බලන්න කට්ටිය පත්කරල ඉන්න පුද්ගලික සීමාසහිත සමාගමක් උඹ දන්නවද?
      ආන්න එයින් එකක් මං ඉන්න එක.

      Delete
    2. පිටකොටුව ස්ටේසමට කලින් බස් නවත්තන හෝල්ට් එක ගාව තියෙන එක වෙන්නෝනේ....

      ඒ ඒක නම්,
      ඉදපු මාස හයටත් මට ඔය කතාව සහ සුද්දෙන්ම තේරුනා

      Delete
  9. ලොකු ආවෙගෙකින් ලියාගෙන ගිහින් වගෙ.හැබැයි අමුලික ඇත්ත.

    ReplyDelete
  10. සහතික ඇත්ත බන්

    //මේ ලබුගෙඩි රටේ සමහර දෙනෙක් දැන් රජාට එරෙහි වෙන්න නම් අලුත් රජෙක් ඉන්න ඕන කියන මතයේ ඉන්නවා. මේක හරි පරණ කේස් එකක්. 1818දි කැරැල්ල අසාර්ථක වන්න එක හේතුවක් වුනේ අපේ මිනිස්සුන්ට පිලිගන්න පුලුවන් ගැලපෙන රජෙක් තෝරගන්න බැරි වුන එක. //

    මාර ආයතනයක් නෙ බන් උඹ ඉන්නේ
    එක එක හැදිච්ච ක්‍රම නේ

    ReplyDelete

නූතන පටාචාරාවත

විසිතුරු බඩුව ඇය කිසිවිට නැහැ සැලුනේ.. බියකරු වනය බිය නැහැ ඇය වෙත දැනුනේ.. සිය සැමි නැතිය එන මග දරු අහිමි වුනේ.. නැති විය සිහිය ...