Friday, April 25, 2014

තාගෝර් සහ ග්‍රාමීය ප්‍රතිනිර්මාණය Rural Reconstruction of Tagore

මෙය බ්ලොග් රචකයාගේ ලියමනක් නොවේ.

රබීන්ද්‍රනාත් තාගෝර් කවියා,ග්‍රාමීය දකුණු බෙංගාලයේ ,ශාන්ති නිකේතන පාසැල සහ විශ්ව භාරතී විශ්ව විද්‍යාලයය අවට ගම්මාන ප්‍රතිනිර්මාණය කිරීමේ කටයුතු වල යෙදුන බව වැඩි දෙනකුට සිතන්නට බැරිය. ඔවුන් එය දන්නේද නැත. ඔහු ශාන්ති නිකේතන් පාසැල 1901 ද විශ්ව-භාරතී ය 1921 ද පිහිට වූයේය. විශ්ව භාරතියට සමගාමීව 1922 දී සිරි නිකේතන් නම් ග්‍රාමීය ප්‍රතිනිර්මාණ ආයතනයක්ද පිහිටුවන ලදී. ග්‍රාමීය ප්‍රතිනිර්මාණ සේවය නොසලකා හරිනු ලැබූ ගම, පුනරුත්ථාපනය කිරීම සඳහා ගත් පුරෝගාමී ආයතනයක් විය. තාගෝර්ට මේ ආශාව පහල වූයේ 1890 දශකයේ ඔහු වතු කළමනාකාරයකු වශයෙන් නැගෙනහිර බෙංගාලයේ ඔහුගේ පවුලේ කෘෂිකාර්මික වතු වල පදිංචියට ගිය සමයේය. ග්‍රාමීය ලෝකයට ඔහු පළමුවරට නිරාවරණය වූයේ මේ අවස්ථාවේදී ය. එවකට තිස් වියේ පසු වූ ඔහු කවියෙකු වශයෙන් ප්‍රසිද්ධියට පත්ව සිටියද එතෙක් ජීවත් වූයේ කල්කටාවේ පමණය. වතු කළමණාකාරු වශයෙන් ඔහු නැවතුනේ, නදියා දිස්ත්‍රික්කයේ,පද්මා නදිය අසබඩ සිලයිඩා වලය. ශමින්දාර් වරයෙකු වශයෙන් ඔහු ඉඩු කල වැඩ කොටස දිස්ත්‍රික් ගැසට් වල වාර්තා වී ඇත. කවියා මානව වාදී ක්‍රියාකාරිකයෙකු හැටියට හැඩගැසීමට ආරම්භ වූයේ ග්‍රාමීය අත්දැකීම්ය. 

පිටිසර ගතකල මුළු කාලය තුළ ඉතාම සීමිත සුළු විස්තරය පවා සොයා ගැනීමට උත්සාහ කළෙමි. මගේ වැඩ රාජකාරි අනුව සිලයිඩා සිට පටිසාර් දක්වාද,ඇළ දොළ මහා ගංගා සහ මඩවගුරු (බීල්ස්) ඔස්සේ බොහෝ දුර ගමන් කිරීමට සිදුවිය. ග්‍රාමීය ජීවිතයේ සියළුම පැතිකඩ වල් මා දුටුවේ මේ අන්දමින්ය. ගැමියන්ගේ දින චරියාව සහ ඔවුන්ගේ ජීවිත වල විවිධාකාර සංදර්ශන ද අවබෝධ කරගැන්මේ කුහුලින් මා සිත පිරී ගියේය. ක්‍රම ක්‍රමයෙන් ගැමියන්ගේ දුක සහ දුගීභාවය මා වෙත පැහැදිලි විය. එයට කුමක් හෝ පිළියමක් යෙදියි යුතුව ඇතැයි මා නොසන්සුන් විය. ඉඩම් හිමියෙකු වශයෙන් මුදල් හරිහම්බ කිරිමට ලොල්ව මගේ ලාභ අලාභ ගැන පමණක් වෙහෙසීම මොන ලැජ්ජා නැති දෙයක් දැයි මට සිතිණ. (තාගෝර්,“ද හිස්ටරි ඇන්ඩ් අයිඩියල්ස් ඔෆ් සිරි නිකේතන්“ ද මොඩර්න් රිවිව්,කල්කටා, නොවැම්බර් 1941-:.433)
 
සිරි නිකේතන් පසැලේ එකල දසුනක්
උපයෝගීතා වාදියෙකු වශයෙන් මේ දැවැන්ත අවශ්‍යතාවය හමුවේ ඔහුගේ ස්වල්ප ආදායමින් කළ හැකි විශාල දෙයක් නොමැති බව ඔහුට පෙනී ගියේය. එහෙත් මේ කාර්යයේ යම් ආරම්භයක් විය යුතුයැයි ඔහු අධිෂ්ඨාන කරගත්තේය. ඔහු අරමුණු දෙකක් ප්‍රකාශ කලේය. පළමුවැන්න ගැමියා ආත්ම විශ්වාසයට හුරු කිරීමය, අනෙක “අතීත“ කාලයේ මෙන් පුරාණ වීර කාව්‍ය වලට සහ සංගීතයට සවන් දෙන “පුරාණ ජීවිතයක්“ ගම් තුල නැවත බිහිකිරීම ය. “ගම් එකක හෝ දෙකක“ පමණක් මෙය යථාර්ථවාදීව ඉටුකල හැකිනම් තමා සතුටුවන බව තාගෝර් මෙස් ලීවේය.

“අපට එක ගමක් හෝ අසරණ භාවයේ සහ දුගී භාවයේ යදම් වලින් නිදහස් කල හැකිනම්,සමස්ථ ඉන්දියාවටම පොදු පරමාදර්ශයක් ඇති වන්නේය. ගම් කිහිපයක් මෙසේ යළි ගොඩනගමු. එවිට මම ඒවාට මගේ ඉන්දියාව යැයි කියන්නෙමි. සැබෑ ඉන්දියාව සොයාගත හැකි මාර්ගය එයයි.“

ඉංග්‍රීසි අධ්‍යාපනය ලත් ඉන්දියානු ප්‍රභූ පන්තිය අතර වෘත්තිමය පන්තියක් මතුවීම නිසා ප්‍රථම වරට ඉන්දියානු ගම් වල ප්‍රජා ජීවිතය  බිඳ වැටෙන්නට විය. නගරය, ගම් වල සිටි ඉන්දියානුවන් ආකර්ශනය කිරීමට පටන් ගත්තේය. මේ වෘත්තිය පන්තිය මිනිසුන් රැකබලාගැනීම රජයට පවරා සමාජයට තමන් කල යුතු  සම්ප්‍රදායික යුතුකම් පැහැර හැරියේය. මෙහි ප්‍රථිපලය වූයේ නගරය සහ ගම අතර පරතරය වැඩිවීමය. තාගෝර් මෙම පරතරය යා කිරීමට උත්සාහ කලේ විද්‍යාව සහ සම්ප්‍රදාය සංලනය කරන සිරි නිකේතන් අත්හදා බැලීමෙනි. ගැමි ජීවිතයෙන් පමණක් සමන්විත  වන ශිෂ්ඨාචාරයක් සැරැකිය නොහැකි බව ඔහු දැන සිටියේය. 
 
මෙහි දකුනේ සිට හතරවැන්නා එවකට ශාන්ති නිකේතන්හි අධ්‍යාපනය ලැබූ යොවුන් ඉන්දිරා ගාන්ධි මැතිනියයි
“පිටිසරයා“ යනු පටු මනසක් ඇත්තාට කියන පර්යාය පදයකැයි ඔහු ලීවේය. නූතන කාලයෙහි නගරය නව දැනුමේ ගබඩාවක් බවට පත්ව ඇත. එසේ හෙයින් මෙම නව දැනුම ලබා ගැනීම සඳහා ගම නගරය සමඟ සහයෝගය දැක්වීම අත්‍යාවශ්‍යය.
එවැනි විශේෂඥ දැනුමක් ඇති ක්ෂේත්‍රයක් නම් කෘෂිකර්මයයි. වෙනත් කෘෂිකාර්මික රටවල් ගැන හැදෑරු ඔහුට වැටහුනේ විද්‍යාව භාවිත කිරීම නිසා එම රටවල ඉඩම් දෙගුණයක් හෝ තුන්ගුණයක් අස්වැන්න ලබා දෙන බවය. කලින් ඔහුගේ පවුලේ වතු වල කළාක් මෙන්,සිරිනිකේතනයේ ද වගාවන් සහ කෘෂිකාර්මික නිෂ්පාදනය දියුණු කිරීමට ඔහු බටහිරි විද්‍යාෙව් අලුත්ම ශිල්පිය උපක්‍රම හඳුන්වාදීමට උත්සාහ කළේය. 

1906 දි ඔහුගේ පුත්‍රයා වූ රතීන්ද්‍රනාත් සහ බෑණා වූ තාගේන්ද්‍රනාත් ගංගුලි සහ මිත්‍රයකුගේ පුතෙකු වූ සන්තෝෂ් චන්ද්‍රා මජුම්දාර් ඇමරිකා එක්සත් ජනපදයේ අර්බානා හි ඉලිනොයිස් විශ්ව විද්‍යාලයයට පිටත් කළේ ,කෘෂිකර්මය සහ කිරි පට්ටි පාලනය හදාරා විද්‍යාත්ම කෘෂිකාර්මික විධික්‍රම ඉන්දියානු ගමට රැගෙන එනු සඳහාය. 1909-10 කාලයේදී සිය උපාධි සමඟ සිය රට පැමිණි ඔවුහු ග්‍රාමීය ප්‍රතිනිර්මාණයේ සිරිනිකේතන් වැඩ පිළිවෙලට දායක වූහ. තාගෝර් මෙසේ ලීවේය.

මෙම යුගයට බලය දෙන විද්‍යාව අප සතුව ඇත්නම් ,තවමත් අපට දිනිය හැකිය. තවමත් අපට ජීවත් විය හැකිය.
ශාන්ති නිකේතනයේ සිසුවියන් පිරිසක්
සිරිනිකේතන වැඩ පිළිවෙල ගම් සංවිධානය කලේ ඔවුන්ගේ සියලු අවශ්‍යතා සමුපකාර පදනම මත සපයා ගැනීමට හැකිවන පරිදිය. තාගෝර් විශ්වාස කලේ ගැමියන්ට ස්ව-ශක්තිය පුරුදු පුහුණු කලහොත් ඔවුන්ට තමුන්ගේ පාසැල් සහ සහල් ගබඩා,බැංකු සහ සමුපකාර කඩ පවත්වාගෙන ගිය හැකි බවයි. ඔහු අපේක්ෂා කළේ එකී සමුපකාර සම්බන්ධතා ජනතාව අතර සමගිය ඇතිකර නගරය සහ රජය කෙරෙහි පවතින ගැතිකමෙන් ඔවුන් නිදහස් කරන බවය. ජාතිය ගොඩනැඟීමේ සේවාවන සැපයීමට ඉන්දියානුවන් එකමුතු විය යුතු බව තාගෝර් තරයේ පැවසීය. ස්වදේශී සහ ස්වරාජ්‍ය පිළිබඳව ඔහු ජාතික ව්‍යාපාරය සමඟ ඇතිකරගත් මතභේදයට මුල් වූ එක් කුළුණක් මෙයයි. ඔහු “නිර්මාණශීලි ස්වදේශී“ මාවත තෝරා ගත්තේ, එය ස්වරාජ්‍යයට වඩා හදිසි බව කල්පනා කරමිනි.

ඔහු ඉන්දියානු ගමට හඳුන්වාදීමට තැත්කළ වෙනස එයයි. වෙනසක් යනුවෙන් ඔහු අදහස් කලේ ආකල්පයේ වෙනසකි. සමාජය ප්‍රතිනිර්මාණය කිරීමේදී නාගරික ඉන්දියානුවන්ට ගමට නිසි ගරුත්වය පුදකල හැක්කේ ඔවුන්ට දායක විය හැකි දස්කම් හඳුනාගැනීමෙනි. මෙම චින්තනය විශ්ව-භාරතී විශ්ව විද්‍යාලයේ නව සහ විකල්ප අධ්‍යාපන වැඩ පිළීවෙලේ පිළිබිඹු විය. ඔවුහු පන්ති කාමරයෙන් පිටත අතපය හුරු කිරීමෙන් ලබා දුන් අත්දැකීම් සමඟ සංකලනය කළෝය. තාගෝර් සිතුවේ මෙය සමස්ථ රටට ගැලපෙන ආදර්ශයක් බවය.


තාගෝර්ගේ ග්‍රාමීය ප්‍රතිනිර්මාණයේ මූලික පදනම ආත්ම-ශක්තියේ ඉලක්කය වශයෙන් සැලකුවහොත්,අද පවතින ජාතිකවාදී සහ ආර්ථික චින්තනය සිරිනිකේතන් ප්‍රයත්නයෙන් තොරාබේරා ගැනීම ලෙහෙසිය. තාගෝර්ගේ ප්‍රතිචාරය වූයේ,ගොවි ජනතාව සමඟ සෘජුව වැඩ කිරීමය. ගම් එකක් හෝ දෙකක් සීමිත ප්‍රමාණයකට මෙම සේවය පටු වුවත් කම් නැත. ගොවි ජනතාවගේ ප්‍රශ්ණය ගැන උනන්දු වුවද ,ඉන්දීය ජාතික කොන්ග්‍රසයට එවැනි සාධනීය වැඩ පිළීවෙලක් නොමැතිවීම ගැන ඔහු විවේචනාත්මක විය. තාගෝර් තර්ක කලේ ජාතික කොන්ග්‍රසය දේශපාලන දුක්ගැනවිලි සහ ඉන්දියානුවන්ට රජයේ රක්ෂා ලබා ගැනීම සඳහා පමණක් උද්ඝෝෂණය කළ බවයි. 1910 දී පමණ එවකට ග්‍රාමීය කටයුතු වල පුහුනු කරනු ලැබූ සිය පුත්‍ර රතීන්ද්‍රනාත්ට ලිපියක් ලියමින්, ජාතිකවාදීන් ගැන තමන් කළකිරී ඇති බව හෙළි කලේය.

“රට පුරාම ග්‍රාමීය ජීවිතයේ ගැඹුරු කළකිරීමක් පැතිරී යයි. මෙය කොතෙක්ද යත්,“හෝම් රූල්“ “ස්වාධිපත්‍යය“ යන බරපතල සටන් පාඨ මට පෙනෙන්නේ උසුළු විසුළු මෙන්ය. ඒවා උඡ්චාරනය කිරීම පවා ලැජ්ජා සහගතය.“

ඔහු මේ ලියුම ලියූ 1910 වන විට ඉන්දියානු ප්‍රභූ පන්තිය භේද බින්න වී සිටියහ. ඔවුනතර ආතර්මාර්ථකාමී ගැටුම් පවතින විට “ජාතික“ වැඩ පිළිවෙලක් සඳහා කැපවීම නිරර්ථකය. ඔහුගේ පිළියම වූයේ,ගම් වල ජීවත් වී සේවය කිරීමට ඇපකැප වන ප්‍රචාරය හෝ ඝෝෂාකාරී ප්‍රකාශ නොතකන තරුණ උගත් ස්වේච්ඡා සේවකයින් පුද්ගලිකව තෝරා ගැනීමය. ඔවුන්ගේ කාර්යය වනුයේ ගැමියන්ගේ සහයෝගය ලබාගෙන පාරවල් තැනීම, පාසැල්,ජල තටාක ඉදිකිරීම, කැළි කසළ ඉවත් කිරීම,කෘෂිකාර්මික නිහ්පාදන වැඩිදියුනු කිරීම. සහ  නව ගැමි සංගීතයක් නිර්මාණය කිරීම ආදී කටයුතු වල නිරත වෙමින් එමගින් ග්‍රාමීය ජීවිතයට නව අරමුණක් ලබා දීමය. ඔහු අනාගතයේ ස්වේච්ඡා සේවකයින් වශයෙන් මේ සඳහා ඔහුගේ පුත්‍රයා සහ බෑනාද බඳවාගත්තේය.

1912 දී ඔහු ශාන්ති නිකේතනයෙන් හරියට සැතපුම් දෙක්ක බටහිරට සරූල් නම් ගමේ නිවසක් සහිත බිගා විස්සක ඉඩම් කැබැල්ලක් මිලට ගත්තේය. මේ භූමිය සිරි නිකේතන් වශයෙන් නම් කරන ලද අතර එහි කටයුතු 1922 සිට ග්‍රාමීය ප්‍රතිනිර්මාණ ආයතනය මගින් කරගෙන යන ලදී. මීළඟ දශක දෙක ඇතුළතදී ඉහත සඳහන් කළ පරිදි “ගම් එකකින් හෝ දෙකකින් වැඩ ඇරඹූ“ ආයතනයේ කටයුතු ගම් විසි දෙකකට ව්‍යාප්ත කරනු ලැබිණ.

කර්තෘ උමා දාස්ගුප්ත “තාගෝර් ඇන්ඩ් ලයිබ්‍රරි ඉන්ෆොමේෂන් සයන්සස් “ හි විශේෂඥ වරියකි. එමෙන්ම තාගෝර් පිළිබඳ පොත් කාන්ඩ කිහිපයකම සංස්කාරකය. ඇය විශ්ව භාරතියේ රවින්ද්‍ර භාවනා හි විෂේශ නිළදාරී වශයෙන්ද සේවය කර ඇත.

Monday, April 21, 2014

සුපර් සීනි අවුරුද්ද Superstore Festival

සීනි යනු පොදු වස්තුවකි. සීනි සිරුරේ තිබෙන අයට සීනි කන්නට හොඳ නැත. සීනි වැඩිපුර තිබීම දියවැඩියා රෝගයේ ආකාරයකි. තුන්වේල කන්න නැහැ මිනිස්සුන්ට..දැන් කාල හමාරයි යැයි ලංකාවේ මිනිසුන් නිතර කියන වදනකි. බොහෝවිට පෙට්‍රල් බාගයක මිල ඉහල ගිය විටද ලංකාවේ ගැමියෝ ආන්ඩුවට බැන දැන්නම් කාල හමාරයි යැයි කියති. නමුත් කාල හමාරයි යැයි කීවාට හැමෝම කති බොති සැනසෙති. 

සීනි ගන්නවා මෙන්ම උක්ගස් වලින් එතනෝල් ද සාදති. අවුරුදු දිනට පෙර දින ලංකාවේ සෑම බාර් එකක්ම පාහේ කාර්යබහුල වන්නට ඇත. සිංහල ගම්මාන අවට තිබු ඒවා වඩාත් කාර්යබහුල වන්නට ඇත. ඒකපුද්ගල මත්පැන් පරිභෝජනය අතින් ලංකාව තැනකට ඇවිත් ඇති බවක් මා අඩවියක කියවූයෙමි. එය සත්‍යදැයි නොදනිමි. සත්‍යනම් ලංකාව ඒ අතින් ලෝකයෙන්ම 4වන තැන ගැනීමට සිදු වූයේ හොර අරක්කු,කසිප්පු ආදිය ඒ සංගනනයට ගණනය නොවූ නිසා යැයි සිතමි. ඒවාද ලැයිස්තුවට ආවානම් ලංකාවට මතට තිත වැඩපිලිවෙලේ ප්‍රගතිය හේතුවෙන් ලෝක මත් පැන් ලැයිස්තුවේ මුල් තැනට පැමිණීමට හැකි වෙනු ඇත. 

ලංකාවේ ඉස්පිරිතාල වාර්ථා වල දියවැඩියාව,පෙසර්,හදවත් රෝග ආදි වාර්ථා සලකා බැලුවහොත්  සහ මිනිසුන්ගේ මත්පැන්,මත් ද්‍රව්‍ය බොන ප්‍රමාණය සලකා බැලුවහොත් සැබැවින්ම ආන්ඩුවට අපි සංවර්ධිත රටකැයි පෙන්වීමට අමාරු නොවනු ඇත. කොය්යම්ම අමාරු කලක වුව අද ගමක වුව ගල් අරක්කු නැතිනං කසිප්පු ගැලුමක් හෝ උත්සව අවස්ථාවල උත්සව ගෙදරට ගොඩවෙයි. 

මමද අයියලාද  නිවසකට ගොඩවදින විට සීනි කිලෝ දෙකක් අරන් යන්නට හුරු වූයේ තාත්තාගෙනි. බිස්කට් කේක්,කැවිලි,අයිස් ක්‍රීම්,කෝඩියල් ආදි වු තෑගි කෙතෙක් තිබුනත් අපේ තාත්තා නම් බොහෝවිට ගෙවල් වලට අරං යන්නේ සීනි තේකොළ වේ. අවුරුදු කාලයේ අපි නෑගමන් යන විට තොග කඩෙන් කිලෝව රුපියල් 99/= සීනි මිලදී ගත හැකිව තිබු නමුත් තොග කඩේ පෝලිමේ සිටිය නොහැකි බැවින් අපි රුපියල් 110/= ගානේ කිලෝවක් අසල කඩේකින් අරං ගියේ කඩකාරයා 10ක්ම තබාගැනීම ගැන අමනාප වෙමිනි. 


මම අවුරුද්දට පසු කොළඹ ආවෙමි. ඇවිත් බෝඩිමේ තේ වතුර හදාගෙන බීමට සීනි තිබේදැයි බැලූ කල සීනි ඇට කිහිපයක් බෝතල පතුලේ තිබුනත් එය මදි  වූ බැවින් සීනි සොයන්නට ගියෙමි. 
එක් එක් සුපිරි වෙළඳසැලේ සීනි මිල ගනන් මෙසේය.
කාගිල්ස් ෆුඩ් සිටි - කාගිල්ස් නම සහිත පැකට් සහ කිරා ලබාගත හැකි අතර පැකට් රුපියල් 120කි. කිරන සීනි කිලෝව 110කි.
ආපිකෝ සුපර් සෙන්ටර් - ආපිකෛා් නමින්ම සීනි පැකට් ඇති අතර කිලෝවක පැකට්ටුවක් රුපියල් 130/=කි.
කීල්ස් සුපර් සෙන්ටර් -කීල්ස් නමින් සීනි පැකට් ඇති අතර කිලෝවක් රුපියල් 141/=කි.

මා වෙනත් රාජකාරි කිහිපයකට යන ගමන්ම සුපිරි වෙළඳැසල වල සීනි මිල බැලූ අතර අවසන අසල තිබු ගිනිකන මුදලාලියාගේ කඩෙන් රුපියල් 130/=ට සීනි කිලෝවක් ගෙන බෝඩිමට ගියෙමි. අප බෝඩිම අසලම ඇති තොග කඩය අවුරුදු දින සිට සතියක්ම වහලාය. එය ඇරලා තිබුනා නම් එහි මිලද කිලෝව රුපියල් 99/=කි. 

මා හට සුපිරි වෙළඳ සැල් සමග තවත් ඇරියස්ද තිබේ. අවුරුද්දට පෙර බීම ජාති කේක් බඩු ආදිය ෆුඩ්සිටියෙන් රුපියල් 2500කට ආසන්න ගානක මිලදී ගතිමි. බඩු විස්සක් විතර තිබු ලැයිස්තුවේ මිල අඩුකර තිබුනේ එකම එක බඩුවක පමණය. එයද රුපියල් 7.50/=කි. රේඩියෝ වලද පත්තර වලද අඩු කල මිල යැයි දැන්වීම් දැමුවද. සමහර විටෙක රාක්කවල පවා අඩු කර ඇතැයි සඳහන් වූවද බොහෝ බඩු වලට නියම වන්නේ සඳහන් කර ඇති මිලම වේ. බොහෝවිට මිල අඩුකරනු ලබන්නේ නිතර වැඩිපුර විකිනෙන බඩු වල නොවේ. සුපිරි වෙළඳ සැල් වල අඩු කරන්නේ විකින්නේ නැති බඩු ජාතිවලය. බිස්කට් වර්ග වැනි දෙයක් නම් සාමාන්‍ය යෙන් මිල අඩුවන්නේ දියවැඩිය කාරයන්ට දෙන්න සුදුසු බ්‍රෑන් ක්‍රැකර් නැමැති බිස්කට් ජාතිය විතරය. 

අපේ තාත්තා සුපිරි බිල බලා ගමේ තිබු කුඩා තොග කඩෙන් ගත්තේ වී නම් අඩුතරමේ රුපියල් පන් හය සීයක් අඩුවෙන් බඩු ගත හැකි වෙනු ඇතැයි අනාවැකි කීවේය.  ඔහුගේ තාර බර ඉවත් කර සලකා බැලූ විට ගමේ තොග කඩෙන් බඩු ලැයිස්තුව ගත්තේ නම් රුපියල් දෙසීයක් තුන්සීයක් අඩුවෙනු ඇති බව මටද සිතුනි.

අවුරුදු දවස්වල ෆුඩ් සිටිවල ගෑනු ළමයින්ට රෙද්ද අන්දවා ඇත. රෙද්ද සහ හැට්ටය ලස්සන වන්නේ ශරීරයේ ස්ත්‍රින්ට නියමිත කොටස් මනාව කැපී පෙනුනහොත්ය. නැතහොත් පඹයාට රෙදි ඇන්දුවාක් වැනි සිරියක් රෙදි හැට්ට වලින් දිස්වේ. කීල්ස් සහ කාගිල්ස් දෙකේම මා දුටු ගෑනු ලමුන් හේදී ගිය පෙනුමකින් යුක්ත විය. එක අතකින් දුර පැතිවලින් පැමිණ පනම් හතරක් වෙනුවෙන් දවස තිස්සේ හිටගෙන සිට මහන්සි වී සිටින නංගිලා කන බොන පෝෂදායි ආහාරයක් නැත. කකුල සුදු වීමේ සිට මයිල් ගහ ගැලවීම  දක්වා රූප ලාවන්‍යයට ගානකුත්, කොන්ඩ කෙලින් කිරීමේ සිට අඩි උස පාවහන් දක්වා වූ ෆැෂන් වලට ගානකුත් වියදම් වූ පසු ඔවුන්ට ලැබෙන රුපියල් 15,000කටත්(ආසන්න ලෙස ඇමරිකානු ඩොලර් 120) අඩු සමස්ථ මාසික වැටුපෙන් කෑමට බීමට ලොකු වියදමක් කරනවා යැයි සිතන්නට බැරිය.

සීනි කිලෝවකින් විතරක් සාමාන්‍ය වෙළද පොල මිලටත් වඩා රුපියල් 20-40ක් දක්වා ලාභයක් අල්ලන මේ ෆුඩ් සිටි කරුවන්ට මෙම හාල්,පිටි,සීනි,පරිප්පු,කරවල ආදි වියලි අහාර ලැබෙන්නේ අපේ ගමේ තොග කඩවලට ලැබෙන මිලටත් අඩුවෙන් විය හැක. නමුත් ගනන අපේ ගමේ තොග කඩේ මිලට වඩා බොහෝ විට වැඩිය. වෙනත් දියුනු රටවල සාමාන්‍ය වෙළඳපොලට වඩා සුපිරි වෙළඳ සැල් වල බඩු මිලෙන් අඩුය. ඔවුන් සුපර් මාකට් යැයි ව්‍යවහාර කරන්නේ සුපිරි මිල නිසා නොවේ. ගෙදර දොර එදිනෙදා වැඩට අවශ්‍ය සෑම බඩුවක්ම ලෙහෙසියෙන් ගත හැකි සුපිරි කලෙක්ෂන් එකක් සහිත වෙළඳ සැල් වන නිසාය. නමුත් ලංකාවේ දී සීනි පැකට් එකකින් වැඩිපුර අල්ලන රුපියල් 42ක මිලට අපිට ලැබෙන්නේ ටිකක් හීතලට බඩුටික ගන්නට ලැබීම විතරය. 

පොලෙන් හෝ ළඟපාත තොග කඩෙන් බඩු ගන්න සාමාන්‍ය මනුස්සයෙක්, සූපර් මාකට් හෝ ෆුස් සිටි වල වල හීතලට බඩු තේරුවාට කවුන්ටරේ නංගි හිනාවෙවී බිල දික්කරන විට කලින් බඩු තෝරන විට තිබූ හීතල නැතිවෙනවා නිසැකය.

Saturday, April 19, 2014

සිිහනයේ ඉම sihinaye ima


සිහිනයේ ඉම දොර කවුලු හැරගෙන
මම සිටියා පෙර මං බලාගෙන
හදවතේ අග සැලෙන ලා දල්ලක
සිසිලසක් වී තැවරුනා..ප්‍රේමයෙන් නුඹ

ආලයම සිත අක්මන් කර
සංසාරයේම අපි සක්මන් කල
ප්‍රේමයේ පළමු පියවර
තබා හිනහෙමි මේ.......ජන්මයේ අප

හමුවෙමින් ..හිනහෙමින්
සැනසෙමින් හිඳිමින්
නුඹ නමින්..... නුඹ  මා නමින්
ජීවිතයම රැඳෙමින්
සිත තුටින්....ලොව එළි ලමින්
සංසාරයම පතමින්
නුඹ නමින් ...නුඹ මා නමින්
අප අප නමින් රඳනෙම්
මේ පබලුගේ කවියක් මේ තියෙන්නෙ පබලු ගේ බ්ලොග් එක. ඔය තියෙන යූ බට ලිංකුවත් අහලම යනවා නං හොදයි...

Friday, April 18, 2014

ලංකාවෙන් පිටත සන්නිවේදනය International Connectivity Of Sri Lanka

සන්නිවේදනය (Communication) කියන්නෙ තොරතුරු හුවමාරුව වගේ අදහසක්. මුල්කාලෙ තොරතුරු හුවමාරු වුනේ යම් කිසි දෘෂ්‍යමය සහ ශ්‍රව්‍යමය සංඥාවලින්. ඒ කිව්වෙ අපිට පේන්නම ඇඳපු හෝ ලියපු අකුරු වලින්. පසුකාලීනව සෙල්ලිපි,මැටිපුවරු,පැපිරස් හරහා කඩදාසි යුගයට එනවා. කඩදාසි වල හෝ තල්පත් වල හෝ එවන් වූ පත්‍ර වල අකුරු ලියලා ඒ ලියපු සංඥාව තවත් තැනකට අරං ගිහින් කියවනවා. ඒක අවුරුදු සිය ගානක් තිස්සෙ පැවතුනා.

ලංකාව කියන්නෙ හතර අතින්ම මුහුදින් වටවුනු දූපතක්.මේ දූපතේ මිනිස්සු මුල් කාලීනව ආවොත් ආවා ගියොත් ගියා මිසක ඒ තරම් ජාත්‍යන්තර සම්බන්ධතා තිබුන් නැහැ. නමුත් පසුකාලීනව රජවරු දකුණු සහ උතුරු ඉන්දියානු රජවරු සමග සම්බන්ධතා පවත්වලා තිබෙනවා. ඒ වගේම රෝමය ග්‍රීසිය පැත්තෙ ඉඳලා චීනයට දිවෙන මුහුදු සේද මාවතේ මුල්කාලීන තොටුපලක් බවට ලංකාව පත් වෙලා තිබෙනවා. ලංකාවෙ හම්බන්තොට ත්‍රිකුනාමලය මන්නාරම පැති වලින් හමුවුන කාසි චීන මැටිබඳුන් ආදිය නිසා ඒ කාලෙත් ලිපි හෝ එවන් මාර්ගයකින් තොරතුරු හුවමාරු කරගන්න ඇති කියාල අපිට නිගමනය කරන්න පුලුවනි. හම්බන්තොට ගොඩවාය වරායෙ වරායේ අයබදු ආදිය පිළිබඳ පුරාණ සෙල්ලිපයක් පවා හමු වෙලා තිබෙනවා.



කුරුඳුවත්ත ටෙලිග්‍රාෆ් කන්තෝරුව

ලංකාව පෘතුගීසි,ලන්දේසි ඉංග්‍රීසි පාලනයට යටත් වෙනකොට ඉංගිරිසි ආන්ඩුවෙ මුල් කාලෙ වෙනකල් පැවතුනේ ලිපි මාර්ගික ගනුදෙනු විතරයි. ලංකාවෙන් පිටතට තොරතුරු ගෙනියන්නත් ලංකාව තුලට තොරතුරු එන්නත් අපේ රට හරහා යන එන නැව් මාර්ගයෙන් ආපු ලිපි ලේඛන උදව් වුනා. 1818 කැරැල්ල ගැන මහාචාර්ය තෙන්නකෝන් විමලානන්ද මහතා ලියලා තිබෙන උඩරට කැරැල්ල පොතේ එවකට බ්‍රිතාන්‍ය ආන්ඩුකාර රොබට් බ්‍රවුන්රිග් ලියපු ලිපි ලේඛන ආදිය තිබෙනවා. බ්‍රවුන්රිග් ඉන්දියාව, දකුනු ඉන්දියාව, මුරුසිය සහ එංගලන්තය සමග ලිපි හුවමාරු කරගන තියෙන්න ලංකාව හරහා ගියපු නැව් මාර්ගයෙන්.

විදුලිය සොයාගත්තාට පස්සෙ විදුලිය හරහා පණිවුඩ යවන්න හැකියාවක් ලැබුනා. ලෝකෙ මුල්ම විදුලි සංදේශ පණිවුඩය(Telecommunication Massage) යවන්නේ විලියම් කුක් සහ චාල්ස් විට්ස්ටෝන් (william cooke charles wheatstone) කියල දෙන්නෙක් 1837 අවුරුද්දෙදි. ලංකාවෙ සිලෝන් ටෙලිග්‍රාප් දොපාර්ථමේන්තුව(Ceylon Telegraph Department) 1857 හෙන්රි වෝඩ් ආන්ඩුකාරයාගේ පාලන කාලයේදී ඇතිකරනවා.

1858 දි උතුරු කොළඹ, මන්නාරම, තලෙයිමන්නාරම හරහා ඉන්දියාවේ රාමේශ්වරම් තොටුපලට මුහුදු කේබල් (Submarine Cable) එකක් ඇද්දා කියලා තොරතුරු සඳහන් වෙලා තියෙනවා. නමුත් ඒ ගැන වැඩි විස්තරයක් සඳහන් වෙන්නෙ නැහැ. මෙ කාලේ තොරතුරු හුවමාරුවට භාවිත කලේ ටෙලිග්‍රාෆ්(telegraph) කියන ප්‍රාථමික සන්නිවේදන ක්‍රමය. මේ කියන 1850 ආසන්න කාල වකවානුවේදී භාවිත වෙන්නට ඇත්තේ සැමුවෙල් මෝස්(samuel morse) විසින් සොයාගන්නා ලද මෝස් කෝඩ් කියන ක්‍රමය විය යුතුයි.

ලංකාවට එංගලන්තයෙන් ලැබුන මුල්ම ටෙලිග්‍රාෆ් පණිවුඩය ලැබෙන්නෙ 1865 මාර්තුවෙදි ඉන්දියාව හරහා. ඒ අවුරුද්දෙම අගෝස්තුවලදි ඇමරිකාවෙනුත් පණිවුඩයක් ලබාගන්න සිලෝන් ටෙලිග්‍රාෆ් එක සමත් වෙනවා.

1865 දිම ප්‍රංශයේ පැරිස් නුවරදී අන්තර්ජාතික විදුලිසංදේශ සංගමයේ (International Telecommunication Union) මූලික අඩිතාලම වුනු අන්තර්ජාතික ටෙලිග්‍රාෆ් සංගමය (International Telegraph Convention) ඇතිවෙනවා.

ජර්මානු ජාතික පිලිප් රෙස් (philipp reis) 1860දි සංගීත කොටසක් විදුලි කම්බියක් තුලින් ගෙනයාහැකි ආකාරය සොයාගන්නවා. ඔහුගේ ක්‍රමය 1920 දක්වා ජනප්‍රිය වෙලා තියෙනවා.

එලිශා ග්‍රේ(Elisha Gray) කියන විදුලි ඉංජිනේරුවා විසින් මුල්ම ටෙලිපෝනයේ අදහස ඉදිරිපත් කරලා තිබුනා 1876 දි ඇමරිකාවෙ ඉලිනොයිස්(illinois) ප්‍රාන්තනයේදී. නමුත් එලිශා ග්‍රේ ගේ ගොනුව පේටන්ට් කන්තෝරුවල මාස තුනක් තිස්සෙ හිරවෙලා තිබිලා. ඒ වෙනකොට ඒ අදහසම ඇලෙක්සැන්ඩර් ග්‍රැහැම් බෙල්(alexander graham bell) ඉදිරිපත් කරලා පේටන්ට් එක අරගෙන නිශ්පාදන නිපදවන්නත් පටන් අරගෙන ඉවරයි. ඇලෙක්සැන්ඩර් ග්‍රැහැම් බෙල් තමුන්ගේ පේටන්ට් එකට අවශ්‍ය ගොනු ඉදිරිපත් කරන්නෙ ඇමරිකාවෙ චිකාගෝ(Chicago) වල පේටන්ට් කන්තෝරුවකට. බෙල් සහ ග්‍රේනීතිමය ගැටළුවක් පැන නැගුනත් ඒ වෙනකොට පේටන් අරන් තිබුන ග්‍රැහැම් බෙල්ට තැන ලැබෙනවා. හැබැයි මේ දෙන්නා බොහොම දුර ස්ථාන දෙකකදි වෙන වෙනම පර්යේශන කරපු දෙන්නෙක්.



ලෝකයේ දුරකථන පණිවුඩ ගෙනයා හැකි මුල්ම මුහුදු කේබලය 1891 දි එංගලන්තය සහ ප්‍රංශය අතර ඇතිවෙනවා. ලන්ඩනය සහ පැරිසිය අතර දුරකථන පණිවුඩ හුවමාරු කරගන්න මේ කේබලය හරහා හැකි වෙනවා. මීට කලිනුත් රටවල් අතර මුහුදින් කේබල ඇදලා තිබුනත් ඒවා හුදෙක් ටෙලෙක්ස්(Telex) නැමැති පණිවුඩ හුවමාරු වැඩකටයුතු වලට පමණයි භාවිතා කරන්න හැකි වුනේ.

ලංකාවෙ මුල්ම අන්තර්ජාතික දුරකථන පහසුකම සහිත මුහුදු කේබලය කොළඹ-තලෙයිමන්නාරම-පෝක් සමුද්‍ර සන්ධිය හරහා දනුෂ්කෝඩි මදුරාසිය(Colombo-Talaimannar-Palk Strait-Dhanushkodi – Madras) දක්වා 1935 මාර්තු 15 වැනිදා විවෘත වෙනවා. මේ වනවිට ලංකාවෙ සිලෝන් ටෙලිග්‍රාෆ් දෙපාර්ථමේන්තුව යම්තාක් මට්ටමකට දියුනු වෙලා තිබුනා. 1920 දි ලංකාවෙ දුරකථන සංඛ්‍යාව 2300කට අධික වූ බව පත පොතේ දැක්වෙනවා.

වයර් රහිත පසුබිමකදී විද්‍යුත් චුම්භක තරංග මාර්ගයෙන් ශබ්ධයක් තවත් තැනකට යවන්න පුලුවන් කියලා හොයාගත්තෙ ගුග්ලි එල්මෝ මාර්කෝනි(guglielmo Marconi). 1896 දි ඉතාලි ජාතික භෞතික විද්‍යාඥ මාර්කෝනි රේඩියෝවේ සහ රේඩියෝ සන්නිවේදනයේ මුල්ම අදහස සොයාගන්නා විට ඔහු වයස අවුරුදු 22ක තරුණයෙක්.

මාර්කෝනි විසින් පිහිටුවාගත් රේඩියෝ තාක්ෂණය සම්බන්ධ මාර්කෝනි ඉංජිනේරු සමාගමේ අධීක්ෂනය යටතේ,බොම්බාය සහ කොළඹ අතර මුල්ම පණිවුඩය 1912දි යවන්න ලංකාවෙ සිලෝන් ටෙලිග්‍රාෆ් කන්තෝරුව සමත් වෙනවා. මේ රේඩියෝ තාක්ෂනය මගින් නාවුක ගමනාගමනයටද අවශ්‍ය දත්ත සැපයීම සිදු කරනවා. ඒ අනුව ඒ වසරේදීම කොළඹ වරාය ආසන්න නැව් මගින් , වයර් රහිත රේඩියෝ තාක්ෂණය හරහා පණිවුඩ 2700ක් ලබාගන්නත් පණිවුඩ 870ක් නැව් වලට යවන්නත් ලංකාවෙ ටෙලිග්‍රාෆ් ඔෆිස් එක සමර්ථ වෙලා තියෙනවා.

1920දි මාර්කෝනි ඉංජිනේරු සමාගම වෑල්ව් ඇම්ප්ලිෆයර්(Valve Amp) පාවිච්චි කරලා රේඩියෝ තාක්ෂනයේ ප්‍රබලත්වය වැඩිදියුනු කරනවා. ඒ අනුව කොළඹ සිට සැතපුම් 1750ක් තරම් දුරක තිබුන නැවකින් නිකුත් කල සංඥා ලබාගන්නට පවා එකල කොළඹ පිහිටි රේඩියෝ මධ්‍යස්ථානය සමත් වෙලා තිබෙනවා.

බ්‍රිතාන්‍ය ජාතික කේබල් ඇන් වයර්ලස් කම්පැනි කියලා සමාගමක් මගින් 1941දි ලංකාවට තිබෙන අන්තර්ජාතික විදුලි සංදේශ හැකියාව වැඩිකරන්නට කටයුතු කරනවා. එවකට පැවති 2වන ලෝක යුද්ධයේදී ලංකාවත් මූලික යුධ මධ්‍යස්ථානයක් වෙන්න ඇති. ඒ නිසා මේ අන්තර්ජාතික සම්බන්ධතා වැඩිදියුනු වීම යුධමය භාවිත සඳහාද යෙදවුනා කියල තමයි ප්‍රකට මතය තියෙන්නෙ. ඒ අනුව කොළඹ සහ ලන්ඩන්,ඔසාකා,රැන්ගූන්,ෂැංහයි,සිංගප්පූරුව,මෙල්බෝන් වගේ නගර අතර වයර් රහිත අන්තර්ජාතික දුරකථන සම්බන්ධතා ඇතිකරගන්න ක්‍රියාත්මක වෙලා තිබෙනවා. බොහෝ දුර බැහැර නගර අතර ඇති වූ වයර් රහිත අන්තර්ජාතික දුරකථන සම්බන්ධතා ඒ වන විට බොහෝවිට ටෙලිග්‍රාෆ් ටෙලෙක්ස් ආදී පණිවුඩ වලට මූලික තැන දුන්නා.

මෙ මාර්කෝනි ඉංජිනේරු සමාගම හරහා ලංකාවට ගුවන් විදුලි පහසුකම සලසාගන්නත් ලංකාන්ඩුව 1923දි ක්‍රියා කරනවා. ඒ අනුව එවකට ලංකාවේ ආන්ඩුකාර බ්‍රිතාන්‍ය ජාතික සර් විලියම් මැනින් මැතිතුමාගේ කතාව 1924 ජුනි මස 27 වනදා 2.30ට මුලු ලංකාවටම සම්ප්‍රේෂනය කරන්නට හැකියාව ලැබෙනවා. 1932 අවුරුද්දෙදි බී බී සී සේවාවේ වැඩසටහන් ලංකාව හරහා සම්ප්‍රේෂණය කරන්න කොළඹ ගුවන්විදුලි සේවාව සමත් වෙනවා.

1948 නිදහසින් පස්සෙ ලංකාන්ඩුව අන්තර්ජාතික විදුලි සංදේශ ක්ෂේත්‍රය වැඩිදියුනු කරන්න ඕනි කියලා හිතල තියනවා. ඒ අනුව සර් ඔලිවර් ගුණතිලක ලංකාන්ඩුකාර තුමා බ්‍රිතාන්‍ය මහ රජයට කරුණු දැක්වීමෙන් අනතුරුව එවකට රුපියල් වලින් මිලියන 2.6ක් අන්තර්ජාතික සන්නිවේදන කටයුතු වැඩිදියුනු කරන්නට වෙන්කරගෙන තිබෙනවා.

අන්තර්ජාතික සන්නිවේදනයට අදාල නැති වුනත් දේශීය වශයෙන් 1960දි ලංකාවෙ ටෙලිග්‍රාෆ් කන්තෝරුව මහත් අසීරුතාවයකට මුහුනදෙනවා තඹ කේබල් සම්බන්ධයෙන්.දැන් වගේම ඒ දවස්වලත් තඹ කියන්නෙ වටින ලෝහයක්. තඹ කේබල් හොරු කපනවා. මේක නවත්වන්න විදියක් නැතිම වෙනවා. පස්සෙ නොවටිනා ලෝහ වැඩි ප්‍රමාණයකට තඹ මිශ්‍ර කරපු අලුත් කේබල් වර්ගයක් අදින්න ටෙලිකොම් දෙපාර්ථමේන්තුව කටයුතු කරනවා. ඇමරිකාවෙන් ආනයනය කරපු ඒ අලුත් කේබල් ජාතිය දැම්මට පස්සෙ කේබල් කපාල තඹ හොරකමේ ගිහිපුදේශීය හොරු අනාත වෙන්න ඇති.


ගුවන්විදුලි සම්ප්‍රේෂණය මහාමාන්‍ය ඩී ඇස් සේනානයක මහතාගේ නිදහස් දින කතාව, 2වන එලිසබෙත් (චාල්ස් කුමරුගේ මව් රැජින) විවාහ මංගලෝත්සව විස්තරය සහ 1948 ඔලිම්පික් උළෙල විකාශය කරන්න 1948 වසරේදි ගුවන්විදුලි සංස්ථාව ක්‍රියා කරලා තිබෙනවා. මේ වෙනකොට ට්‍රාන්සිස්ටරය කියන අරුම පුදුම උපාංගය ලෝපතල වෙලා නැහැ. ඒනිසා මහා සයිස් වෑල්ව් රේඩියෝ ට්‍රාන්ස්මිටර් සහ රිසිවර් තමයි බොහෝවිට තිබුනෙ. මේ නිසා රේඩියෝව යනු ඒ කාලෙ ඇඳ,මේස රාක්ක අල්මාරි වගේ බර මෙන්ම ලේසියෙන් එහා මෙහා ගෙනියන්න පුලුවන් කෑල්ලක් නෙවෙයි.

ඔය (1950) කාලෙ රේඩියෝ සම්ප්‍රේෂණය සිද්ද වුනාට රේඩියෝ රිසිවර සංඛ්‍යාව සීමිත වන්නට ඇති. ඒ නිදහස ලැබුන කාලෙදිම අපේ රටේ එවක හිටපු ලොකැතැන් අලුත් ව්‍යාපෘතියක් හඳුන්වා දෙනවා අන්තර්ජාතික දැනුම ගමට ගෙනියන්න. ඒ හරහා රට වටා 1,000කට අධික ගම්බද ස්ථානවල නව රේඩියෝ රිසීවර ස්ථාපනය කලා. දූපතක් වුන ලංකාව අවට ලෝකයේ කවරාකාර දේ සිද්ද වෙනවාද කියලා ලංකාවේ ඈත ගම් වල ජනතාවට දැනගන්න ඒ හරහා අවස්ථාව ලැබුනා

Thursday, April 17, 2014

ටිකක් කතා කරමු

ටිකක් කතා කරන්න යමු. යැයි කිවාට එහි මූලික අරමුණ කතා කිරීම නොවේ. එය ඇයද සක්සුදක් සේ දනී. ඇය එය බලාපොරොත්තුවෙන් සිටියා වැනිය.

පොල් රුප්පාවක මුහුද වෙරළක් අසබඩ නැවතුන රථයෙ ්සිටි යුවල මුහුද වෙරළට ගියෝය. කෙමෙන් කෙමෙන් ලංවුනු ඔවුන් එකිනෙකා හා ස්වල් ප වෙලාවකින්ම වෙළුනෝය. නිදහසේ මේ කට්ට අවුවෙන් ටිකක් අයින් වෙලා කතා බහ කර කර ඉන්න තැනකට යමුද? ඔහු ඇසීය.

ඇය හා යැයි කීවාය.
ඒ වුනාට සරේ ඔයා කොච්චර හොද වුනත් ඔවැයිගෙ සමාර ගති හරිම නරකයි. ?

සංසලා කීවාය.

ඔවු ඉතිං මට අරහත් වෙන්න ඕනිත් නැහැ ඒ වගේ පෙන්වන්න ඕනිත් නැහැ..

සරේ හෙවත් සරත් පිළිතුරු දුනි.

චික්..ඒත් අර ගෙදර වැඩට ඉන්න කළු ගෑනි එක්කල ඔයා හැමතැනම රවුං යනවලුු දරුවො දෙන්නත් එක්ක එයා යනවලු..නිකං ෆැමිලි එක වගේ. නිකමට හිතෙන් නැද්ද ඔයාට ඒ ගෑනි ගැලපෙන් නැහැ කියලා. අනික අවුරුදු දහයක් වත් ඔයාට වැඩිය වැඩිමල්. අඩුගානෙ දත්ටික. ඒකත් ඉස්සරහට ඇවිත්.

සංසලා කියාගෙන ගියේ සරත් ඇය කියන දේ අහගෙන නොසැලි සිටීම ඇයට නොදිරවන්නට වූ නිසාය.

ඇයි දත් විතරයිද? කොන්ෙඩ කිසි පිලිවෙලක් නැහැ. මූන වගේම ඒකිගේ පුකත් කලුයි. ඇවිදිනකොට සොකට් බැහැපු අබලං වාහනයක් වගෙයි. කතාකරන්න දන්නෙත් නැහැ..හෙන ගොඩේ ටයිප්..

ඔච්චරයි මට දැන් මතක් වෙන්නෙ..ඒත ්තව ගති තියෙනවා..සරත් එය කීවේ තරහින්ද නැද්ද යන වග විචාරා බැලීමට සංසලා සරත් ගේ මුහුනට එබුනාය.. නමුත් සරත් ගේ මුහුනෙන් හැඟීම් අහුලා ගැනීම අපහසු බව සංසලා මෙවරත් හොඳින්ම පැහැදිලි කරගත්තාය.
 

ම්ම් දැන් ඇති විවාදෙ..ඔන්න ඔයා ගිහින් පොඩි වොස් එකක් දාගෙන එන්න.. සරත් කිව්වේය. සරත් ඒ අතර පෝන් එක ගෙන ගෙදරට කෝල් එකක් දුනි. මෙතෙක් සංසලාට විස්තර කරන ලද ශ්වේතාට කොල් එකක් ගන්නට සරත් තීරණය කලාය. ශ්වේතා යැයි ඇගේ නම තැබුවේ ඇයිදැයි නොදනී. ඇගේ සිරුරේ දතුත් ඇස්වලෙ කාටසකුත් හැර කිසිවක් ශ්වේත නොවූවාය.

නෑ සරත්..ළමයි ඇවිත් අද ක්ලාස් එකට ලැසති වෙනවා. දැන් කලබලේ වැඩ. අද මිස්ගෙදට එනව නේ.. ශ්වේතා පිළිතුරු දුනි...

ශ්වේතා දරුවන් දෙදෙනා ඇගේ ළමුන් මෙන් බලාගැනීම සරත් ට පුදුමයක් ඇති කලේය. සරත් විසින් මුලදී ගෙදර සවිකර තිබූ කැමරා වලින් ශ්වේතා දරුවන්ට සලකන අයුරු බැලුවත් දැන් එය සරත් ඉදලා හිටලා කරන රාජකාරියකි. දරුවන් දෙදෙනා සරත්ටත් වඩා විටෙක ශ්වේතාට කැමති වූවාය.

සංසලා පැමිණි අතර, ඉක්මනින් ඇඟ සෝදාගත් සරත් සංසලා හා එකතුවීය. සංසලා සහ සරත් යනු එකම කන්තෝරුවක වැදගත් තනතුරු දෙකකි. ඉංජිනේරු අංශයේ වැදගත් තනතුරක් සරත් හෙබවූ අතර සංසලා ගිණුම් සහ නීති අංශ කොටසක් පාලනය කය. සංසලාට හා සරත් ආසන්න වශයෙන් සම වයස් වූහ. මුල් කල බොහෝ මීටින් වලදී සරත් සහ සංසලා ගැටුම් ඇති විය. සංසලාද සරත්ද සිය ස්තාවරයන් වෙනස් කිරීමට අසමර්ථ වූයේය. ඔවුන්ගේ ගැටුම් වලට මැදිව විටෙක ප්‍රදාන නිළධාරියාද අසරණ වුනි.

අවසන මේ දෙදෙනා අතර මත ගැටුම් ඇති වූ විට ඒවා විසඳාගන්නට ඒ දෙදෙනාටම ඉඩදීමට ප්‍රධාන නිළධාරියා ඉඩ දුනි. ඔවුන් දෙදෙනාට ගැටළු ඇතිවන්නේ ඔවුන් නියම ලෙස රැකියාව කරන නිසා බව ප්‍රධාන නිලධාරියා දැන සිටියේය. බොහෝවිට කිසිවක් නොපවසා ඕනෑම දේකට ඔලුව වනන නිළධාරින් සිටින සිය කාර්යාලයේ සරත් සහ සංසලා ක්‍රියාකාරී සේවකයින් දෙදෙනෙක් බව ප්‍රධාන නිළධාරි තැන සිතුවේය.

පසුව තත්වය කෙමෙන් වෙනස් විය. සංසලා සරත් සිතන විදියත් සරත් සංසලා සිතනවිදියත් කෙමෙන් තේරුම් ගන්නට සමත් වූවේය. එනිසා ඔවුන් අකමැති පෙදෙස ේගැන වාද විවාදකරගැන්ම පලක් නැති බව දෙදෙනාටම වැටහුනි. ඊට අමතරව දෙදෙනා කෙරෙහි අමුතු ආකර්ශනයක්ද එකිනෙකා අතර ඇතිවෙමින් පැවතුනි.

මේ සදර්න් පැත්තෙ බ්‍රාන්ච් එකක් බලන්න අපි දෙන්නට යන්න වෙනවා. “ සංසලා සරත්ට කිව්වේය.

ඔව් ඉතිං මං මගේ කාර් එකේ යන්නං.. ඔයා ඔෆිස් වාහනේ එන්න \\සරත් උදාසීනව පිළිතුරු දුනි..

වැඩක් නෑනෙ සරත්..අපි දෙන්නම මගේ කාර් එකේ යං. මට ඔයාගේ එක ඩ්‍රයිව් කරන්න බැහැ. අනික මං තනි වුනොත් මට අර අනික් අ එක්ක එකතු වෙලා වෑන් එකෙ යන්නත් වෙයි.කමක් නැහැ ඉතිං ඔයා අකමැති වගේ නං කියන්න..මං තනියම යන්නම්..සංසලා පිළිතුරු දුන්නාය..

අයියෝ එහෙම එකක් නැහැ.. අපි යමු. ඉන් පසු ඔවුන් දෙදෙනා හමු වී ගමන යන්නට පටන් ගත්තෝය.

ක්‍රීඩාව අවසන විවේකයේදී සරත් දෙස ආදරෙයන් බැලූ සංසලා ගැටළුවක් ඉතිරිපත්කිරීමට මාන බැලුවාය.

සරත් ඔයාට පොඩි බඩුවක් කියන්න තරහ වෙන් නැද්ද?සංසලා ඇසීය.

නැහැ කයන්න. ඔයා දන්නවා නේ මම ඒම තරහ වෙන් නැහ නේ..

එක්කො ඕන නැහැ.අනික මම දැනගත්තම ඇති නේ ඔයා ගැන..අනික් අය ගැන මොකටද නේද?

ඔන්න ඉතිං සංසලා ඔයත් බබා වෙන් යනවා. කියනව කෝ දැන්..ඔය හංගන් ඉන්න එක..

සරත් ඔයා මොකුත් බැරි කෙනෙක් කියල තමයි අපේ ඔෆිස් එකේ ගර්ස්ල, ස්ටාෆ් එක හෛම හිතන් ඉන්නෙ. ඒ නිසා ඔයාගේ වයිෆ් ජයන්ති ඔයාව දාලා යන්න ඇති කියල ඔෆිස් එකේ අය කියනවා මට ඇහිල තියෙනවා. කෙල්ලො කීප දෙනෙක්ම ඔයා පස්සෙ පොඩ්ඩක් ඇලෙන්න ආවත් ඔයා වැඩිය ඕ කේ එක දීල නැහැ. හරිම ලැජ්ජ කාරයෙක්..මොකුත් බැරි කෙනෙක් වගේ තමයි ගොඩක් අය හිතන්නෙ..

හැබැයි මම නං එහෙම හිතන් නැහැ. අනික දැන් ඔයා ගැන මම දැන ගත්ත නේ..

සංසලා කිවාය..

ඉතිං ඔයාත් එහෙමම හිතං හිටියනං ඉවරයි නේ..ඇයි හිත වෙනස් කරගත්තෙ..ඒකත් එක අතකින් හොදයි නේ... සරත් කීවේය..

අනේ යනව යන්න.. දැන් මම කෝමද එහෙම මොකුත් බැරි කෙනෙක් කියල හිතන්නෙ. තව බැහැ කියල හිතුවොත් මාව තවත් තලල දාවි. හොර ගෙඩියා.... සංසලා සරත් දෙස කොමල බැල්මක් හෙලමින් කිව්වාය.

මේ ඒක නෙමෙයි ඔයා ඇයි අර ජයන්ති බෝයි ෆ්‍රෙන්ඩ් එක්ක ඉන්න වීඩියො එකක් ඉන්ටනෙට් එකට දැම්මෙ? ජයන්ති ඒකෙ බෝනික්කියක් වගේ. මං ඒව බලන් නැහැ..ඒත් කලිං බෝඩිමේ හිටපු අර අපේ ඔෆිස් සෙට් එකෙ එකියක් මට ලිංක් එක එවල තිබුනා. ඒ ඔයාගෙම ගෙදර ඔයාගේ ඇඳ උඩ කියල තිබුන නිසාම බැලුවා. ඒ බෝයි එන්නෙ ගෙදර වගේ නේද? හරිම කැතයි..සික්..ඒ වගේ ගෙවල් වලට රිංගන පිරිමි මට නං පේන්න බැහැ..ඇත්තමයි.. සංසලා කියාගෙන ගියාය..

ඒ වීඩිෙයා් එක රිලිස් කලේ මම වෙන්න පුලුවන්. ඒක මම දැම්ම කියල සමාරවිට ජයන්තිත් දන්නව ඇති.. මම මුලිනුත් ඔයාට කිවුවනේ සංසලා..මට හොඳ බබා වෙන්න ඕන නැහැ..ඔයා හොයන්නෙ හොද කොල්ලෙක් නම් ඕන තැනකින් එහෙම කෙනෙක් හොයා ගන්නකෝ..මට මෙහෙම ඉන්න පුලුවනි. සරත් කියාගෙන ගියේය.

අයියෝ සරත් ඔයාට තරහ ගියාද? පවු ඉතිං එක අතකට අර ගෙදර ඉන්න ශ්වේතත් එක්කත් ඕන තැනක ඕන විදියට රවුං ගහන්න යන්න ඔයාට පුලුවනි. ඔයාට මොකක් වුනත්, නාඩි වැටෙනවනං එච්චර වෙන්න ඇති. එවර නම් සංසලාට තරහ ගොස් ඇති බවක් පෙනුනේය... සමාරවිට ඔයා ජයන්ති ඉන්න කාලෙත් ඔය වගේ වෙන්න ඇති. අච්චර ලස්සන ජයන්ති ඉද්දිත් ඔයා තැන් තැන්වල කට්ට කලු යක්සනියො හොයං යන්න ඇති.. සංසලා සරත්ට කීවේ සිතාමතා නොවේ. නමුත් ඇගේ සිතේ ශ්වේතා ගැනවූ ඉරිසියාව නිසා ශ්වේතා, සරත් සහ දරුවන් සමග හැම තැනම සංචාරය කිරීමදැඩි ලෙස නොරිස්සුවාය.

ගැහැනු ළමුන් දෙදෙනකු වූ සරත්ගේ දුවනියන් දෙදනා සමග උයන් වතු වලට යෑමට විනෝද වීමට යෑම, මෙන්ම පාසලේ උත්සවවලට යෑමටද ශ්වේතා සමගම යෑම සරත් විසින් සිදු කරන ලදී. බොහෝ අවස්ථාවල ඇය සරත්ගේ බිරිය යැයිද දරුවන්ගේ මව යැයිද මිනිසුන්විසින් හදුන්වන ලදී. එවන් විටක ඒ බොරුයැයි විවාද කරන්නට නොගොස් සරත් කරබාගෙන සිටියේය. ශ්වේතාද මුලින් පෑ ලද බොලද ගතිය හැරපියා මවකට සරිලන සේ සාරි ඇදීමටත් සරත්ගේ තනතුරට සරිලන සේ සැරසීමටත් උත්සාහ කලාය.
පරම පිවිතුරු ප්‍රේමයේ ගොදුරක් වී්මෙන් නැවත කර්කශ ජීවිතය තුලින් මහපොලවට ගොඩ බෑමට වඩා මෙ සිහින ලෝකය මනරම් බවක් ශ්වේතාට සිතෙන්ට ඇත.

සරත් ස්වල්ප වෙලාවක් නිශ්ෂබ්ධව සිටියේය.

ඉන් පසු සංසලාට සරත් ගැන දුක හිතුනි..

සරේ අනේ මං හිතල කිව්වෙ නැහැ..සෙොරි අනේ...ඔයා දන්නවනේ මගෙ කට හොද නැහැ කියල..සංසලා පසුතැවිලි වෙමින් පැවසුවාය.

අයියෝ ඒක ගැන කමක් නැහැ.

සරත් යලිත් සංසලාට පිලිවදන් දුනි..

ඔවන් දෙදෙනා ඇඳගෙන යළිත් කාර් රථයට නැග පිටත් වන්නට සැරසුනේය. රථයට නැගි ස්වල්ප දුරක් ගිය තැන සංසලා..

මොකද සරත් මං එක්ක තරහ වුනාද? අනේ මම ඒ තරං හිතුවෙ නැහැ නේ..ටිකක් හිනාවෙල යං කෝ...

අපෝ එහෙම එකක් නැහැ සංසලා..

සංසලා ඔය සම්පූර්ණකතාව මම ඔයාට කියන්නම්. ඔයා කාටවත් කියන්න එපා. මොකද මම කැමති නැහැ මගේ හිත කාරුවත් කියවනවට.

ඔය ජයන්ති තියා වෙන කිසිම ගෑනියෙක් කසාද බදින්න නෙමෙයි මම උන්නෙ. නමුත් අම්ම මැරෙන්න කලිං මං බදිනව දකින්න ඕන කිව්ව නිසා සහ ජයන්තිට සල්ලි තිබුන නිසා අපි බැන්දා..

ජයන්ති කියන්නෙ මම බලන්න ගිහිපු මුල්ම මනමාලි. මම බදින්න හිතුවෙ නැත්තෙ ඇත්තටම මට කෙල්ලොන්ට ලවුකරන්න තේරෙන් නැහැ. දැන් මේ ඔයා කතාකරල ඔයා එක්ක ආව මිසක් මට ඔයාට කතාකරන්න හිතුනෙ නැහැ. හිතුනත් මං කතාකරල ආවෙ නැතාත් මට වස ලැජ්ජාවක් වෙනව කියලා මම හිතනවා. ඒ වගේ ගොඩක් හේතු නිසා මට හිතුනා පවුල් ජීවිතයක් ගෙනියන්න බැරිවෙයි කියලා.

නමුත් අපේ ගෙද්‍ර හැමෝම හිතුව බැන්දම ඔක්කොම හරියයි කියලා..

අපි ඉක්මනින්ම බැන්දා ජයන්තිට පිට පිටම ගෑනු ලමයි දෙන්නක් ලැබුන අවුරුද්දක පරතරයකින්. ඉතිං මුල් කාලෙ ලමයි හැදිල්ල..ක්ලිනික් යෑම..අනං මනං හැමදේම මම යාලුවොන්ගෙන් අගෙන ගෙදර අයට නියම කල විදියටම කලා. නමුත් ළමයිට අවුරුදු තුන හතර වෙද්දි මට ජයන්ති අමතක වුනාද දන් නැහැ..

එයා අයථා සම්බන්ධෙ පටන් අරන් තිබුනා. වෙන මිනිහෙක් මම ගෙදර නැති වෙලාවට ගෙදරට ඇවිත් සෙක්ස් කරල යනවා. හැබැයි මොන පස්නෙ තිබුනත් ජයන්ති දරුවන්ටයි මටයි වෙනද වගේම සලකනවා. මං එක්කත් හරිම ආදරෙන් හිටියා. ඒ වෙලාවෙ මම මොකක් හරි කරන්නයි තිබුනෙ. ඒත් මහන්සි වෙලා හැන්දෑවට ගෙදර ආවම වෙනද වගේම කිසිම අඩුවක් නැතුව මට සලකනවා..

ඉතිං මම කැමරා සවි කලා. ජයන්ති ඒ අතින් හරි මෝඩයි. එයා හිතුවෙ මම දන්නෙ රෑ තිස්සෙ කොම්පියුටර් අස්සෙ ඔලුව ඔබන් වැඩ කරන්න විතරයි කියලා. ඒ කැමරා වල තිබුන දර්ශනයක් තමයි ඔයා ත් දැකල තිබුනෙ..

ඇයි සරත් ඔයා ඒ විදියෙ වැඩක් කලේ..මොනව වුනත් ඒකට නං මාත් විරුද්ධයි..

සංසලා කිව්වේය..

ඔයා කියයි ලිංගික ඉරිසියාව කියලා. ඇත්ත. එහෙම එකක් ඇති නොවෙන්න මම වෙනස් ජාතියක මිනිහෙක් නෙමෙයි. එහෙම එකක් තිබුනා. ඒත් මට ආපහු හැරෙන්න බැරි කමක් තිබුනෙ. මට ආයිත් ගමට යන්න..දරුවොත් එක්ක ගමේ කුඹුරු කොට ල ජිවත් වෙන්න බැහැ. අපි ඉන්න ගෙදර පවා ජයන්තිට දෑවැද්දට ලැබිච්ච එකක්..මට දැන් යහමින් සල්ලි ලැබුනට ජයන්ති නිසා මට ටිකක් උඩ තැනක් ලැබුනා. දැන් මම ස්ථාවර වුනාට මේ රස්සාව ලැබුනෙත් ජයන්ති ගේ තාත්තගේ කන්ටැක් එකකට..

ආපහු ළමයි එක්ක මේ ඕක්කොම දාල ගෙදර යන්න හිතුනත් ඒක අමාරු දෙයක්.. මම මුලින්ම කලේ ගෙදර වැඩට ශ්වේතා එක්කරං ආපු එක. ඉන් පස්සෙ එයාට ලමයි බලන්න කියලා පැවරුවා. ජයන්තිට කිව්වා වගේ දෙගුනයක් මම ශ්වේතාට ගෙවනවා. එයාට තිබුනෙ ළමයි බලාගන්න..ජයන්තිට කැමති තැනක යන්න ඉඩ දුන්නා.. එයා ඕනි තැන්වල යාගන්න ඇති.

කෝමහරි මම ඔය වීඩියෝ එලියට දාන්න එකම එක ලොකු හේතුවක් හේතු වුනා. ජයන්ති කියන්නෙ අර මිනිහ ගෙදර ගෙන්නගනිපු එකයි මේ කියන හේතුවයි නැත්තං හරි හොද වයිෆ් කෙනෙක්.. එයා නිකංම ගියා මිසක කිසිම රන්ඩුවක් අල්ලල ගියෙ නැහැ.. එයා දවසක් අර මිනිහ ගෙදර එන්න තියෙද්දි දරුවෙො දෙන්නට යෝගට් එකකට දාල මොනවද දෙනවා. ඒක කාපු දරුවො දෙන්න කෙහෙල් ගස් වැටෙන්න වගේ වැටිල නිදා ගන්නවා.

මම හිතන්නෙ අදටත් ජයන්ති දන්නවා ඒ විඩියෝ කෑල්ල මම ගාව තියෙනවා කියලා. ඒක දැක්කට පස්සෙ මම ශ්වේතව වැඩට ගෙනාව.. ජයන්තිට පැහැදිලි කරලා දුන්නා මේ මිනිහ ගෙදරට එනවා..මට ඒකට සාක්කිත් තියෙනවා..ලොකුවට උඩ පනින්න ඕන නැහැ..ඔයා යනවනම් මම සතුටුයි. නැත්තං මම දරුවො අරං යනවා කියලා..

ඒ එක්කම මම අර වීඩියො එක ඉන්ටනෙට් එකට දැම්මා.. ජයන්ති ගියා. සමාරවිට රට..සමාරවිට මෙහෙම අර මිනිහ එක්ක මුඩුක්කුවක ඇති.. ඌ හිතන් ඇති විඩියො‍ෙ එක අයින් කරන්න..ගස් බල්ල... මම ඒ ලොකු වීඩියෝ කඩල කෑලි කෑලි සතියෙන් සතිය දැම්මෙ..ඌ මේ සතියෙ රිපොට් කලත් ඊලග කෑල්ල ලබන සතියෙ එනවා..

ඉතිං සරත්.. අනේ සරත් මට මොකුත් කියන්න මතක් වෙන් නැහැ.. සංසලා කිව්වාය.

ඉන් පස්සෙ ජයන්තිගේ තාත්ත ඇවිත් සමාවගත්තා. ඒ මනුස්සය ඇවිත් මගේ මූණ බලන්න බැහැ වගේ හැසිරුනේ..මගේ පැත්තට පක්ෂපාති විදියකට තමයි එයාට සිද්ධිය ආරංචි වෙන්න ඇත්තෙ. ජයන්තිගේ අම්ම නම් මට බනිනවාලු.. මං කිව්ව අංකල් ඕනි දවසක ඇවිත් දරුවො බලල යන්න කියලා.. කෝම හරි දරුවො ඉන්න වෙලාවෙත් අර ජයන්තිගෙ හොර මිනිහ ගෙට පැනපු එක අංකල්ට මීටර් වෙලාද මන්දා.. පස්සෙ මම අංකල්ව හමුවෙන්න ගෙදර ගිහින් කිව්වා. අංකල් ලට ඕනි නං මට එයාලගෙන් ලැබුන දේවල් ටික ටික දෙන්න පුලුවන් වෙයි කියලා..ගේ පවා.. අංකල් උත්තරයක් නොදී. “ඉක්මන් තරහ අරං මොකුත් බැහැ.අපි හිමීට ඉවසමු කිව්වා“. ඒ අංකල් දෙන්න දූල දෙන්නට ආදරෙයි.. තාමත් ඉදලා හිටලා ඇවිත් යනවා..


සමාර වෙලාවට දූලට ඔය ඉලක්‍යුෂන් ක්ලාසස් හොයන්නෙත් ඒ අංකල්ම තමයි.. මම ඒකට අකමැත්තක් නැහැ.ඒ මනුස්සය හොද කෙනෙක්..

එතකොට සරත් දැන් ඔයාලයි ගෙදර විඩියෝ චෙක් කරල බැලුවොත් ඔයයි ශ්වේතයි ඉන්න විඩියෝ එකක් හොයාගන්න බැරිවෙයි කියලද ඔයා කියන්නෙ?

අයියෝ සංසලා.. ඕක එච්චර හිතන්න එපා.. අපේ කෙල්ලො දෙන්නට මොනව හරි වුනාම ශ්වේතා සමාර විට ජයන්තිටත් වඩා දුක් වෙනවා.. දැන් ශ්වේතට සල්ලි දෙන් නැහැ..එයාට සල්ලි දුන්නම ඒව ගෙදර ගෙනහින් දෙනවා.. ඉන් පස්සෙ ගෙදර උන්නාස්ති කරගන්නවා..

ශ්වේතාට කසාද බදින්න ඕනි කියල අදහසක් තියේද මන්දා..ඒත් මට ශ්වේතව නිකං වැඩකාරියෙක් වගේ තියාගන්න බැහැ.. වැඩකාරියෙක් ඉන්න නම් ගෙරද ස්වාමිදුවක් ඉන්න ඕනි.. ඔයා තේරුම් ගන් නැහැ ඒක.. සරත් මදක් සිනාසෙමින් සංසලාට පැවසුවේය..

හරි හරි ඔයාගේ ගැඹුරු දර්ශන ඕන නැහැ.. මං ඒටික හිතාගන්නම්.. සංසලා කිව්වාය.

ඔයා ඒ වුනාට කිසිම චාන්ස් එකක් ජයන්තිට දුන්නෙ නැහැ ...හරිම කෲරයි.. ඔයා හරි..ඒත් මිනිස්සු අතින් වැරදි වෙනවා නේ.. සංසලා කියන්න ගිය දේ සම්පූර්න නොකලාය..

ඔවු මට ගෑනිට ගහන්න තිබුනා.. බනින්න තිබුනා.. හතර වටේට කියන්න තිබුනා මේ ගැනි “වල්“ කියලා..ජයන්තිගේ අම්මට තාත්තට කියන්න තිබුනා..යාලුවන්ට කියන්න තිබුනා.. මං ඒ මොකුත්ම ඉවර වෙනකල්ම කලේ නැහැ..

ඔය ඔක්කොම හරි..මට සමාව දෙන්න බැරිම සිද්ධියතමයි දරුවො දෙන්නට අර යෝගට් එකට දාල නිදි බෙහෙත් දෙන එක..එතනදි මම නරුමයෙක්.. සමාව දෙන්න දන්නැති යකෙක්.. ඒත් මම ඒ නරුම ගතියට ආසයි.. මොකද දවසක ඔය පිටින් එන එකා මේ ළමයි වදයක් මේ මිනිහ වදයක් කියලා මාවත් දරුවො දෙන්නත් මරන්නත් වස දෙන්න පුලුවන් කියල මට හිතුනා..
 

එහෙම හිතන්නෙ මගේ වාසියට..නමුත් මම එහෙමයි.. සරත් කිව්වේය..
හරි හරි..සරේ..ඔයාගේ හිත රිද්දුවට මට සමා වෙන්න..මම කාටවත් මේක කියන් නැහැ.. මට ඔයා ගැන හිතේ තිබුන ගැන මේ කතාවෙන් සහ ගමනෙන් පස්සෙ වැඩිවුනා මිසක් අඩුවුනේ නැහැ. ජයන්ති ඔයා ලබන්න ගොඩක් පින් කරල තිබුන වගේම ඔයා වගේ නූල් සුත්තරකාර රොබෝ කෙනෙක් නැතිකරගන්නත් ලොකු පවක් කරල තියෙන් ඇති කියල මට හිතුනා..
 

හුම්.. රොබෝ... හහ් හහ් සූත්තරකාර රොබෝ...රොබෝ ඇගේ වදිනකොට ඔයාට ගොඩක් රිදුනද පැටියෝ.. සරත් ගියරයේ තිබු අත මුදාහැර සංසලාගේ උරහිස කොනිත්තන්නට විය.

Sunday, April 13, 2014

අපේ මහ ගෙදර අයිති ලන්දේසින්ටද?

 මෙ තියෙන්නෙ දෙගල්දොුරුව විහාරයේ සිතුවමක්. මේක මම නයා පෙන්නලා දාන එකක් නෙමෙයි සත්‍ය වශයෙන්ම දෙගල්දොරුව විහාරයේ ඇදලා තියෙන නුවර යුගයට අයත් සිතුවමක්. මෙ සිතුවම 1700 ගනන් වල හිටපු  රාජසිංහ කාල සමය හෝ ආසන්න කාලයකට අයත් කියලා තමයි පිළිගන්නෙ. මෙ ඇඳල තියෙන්නෙ මාරයා. දුනු හී කඩු අරගෙන දත් විලිස්සගෙන පිංතූරවලට පෙනී ඉන්න මාරයා තුවක්කුවක් අරගෙන මොකෝ? ඒ වෙනකොට පහතරට ඇතුළු රටේ මුහුදුබඩ පළාත් වල හිටියෙ පෘතුගිසින්. මේ පෘතුගිසින් භාවිත කරපු මාරක ආයුධයක් වෙච්චි තුවක්කුව මාරයාට ආදේශ කරන්නට සිත්තරා පෙළඹිලා තියෙනවා.


මේ තියෙන්නෙ අපේ තාත්තලයි මහ ගෙදර. මේකෙ තමයි මම පුංචි කාලෙ හිටියෙ. නවසිය හැට ගනන් වලෙ මේ ගෙදර හදන්නට ඇතත් මේ ගෙදර ඕලන්ද ගෘහ නිර්මාණ කර්තව්‍යයන් දකින්නට තිබෙනවා කියලා මට හිතෙනවා. ඕලන්ද කිව්වෙ ලංකාව ඉංගිරිසින්ට කලින් පාලනය කරපු ලන්දේසි කාරයින්ට. ලන්දේසි කාරයො ගෙවල් හදන්න හෙම දක්ෂයො. සැබැවින්ම මේ කාලයේ තිබුන ගෘහ නිර්මාණ ශිල්පයේ අවශේෂයන් ඉංගිරිසි පාලනයෙන් පස්සෙත් එහෙමම පරම්පරා වලින් පැවතගෙන ඇවිල්ල තියෙන්න ඇති. ලොකු ඉස්තෝප්පු, කුඩා කාමර, තට්ටු සහ සොල්දර,මැදමිදුල්, ආදිය ලන්දේසි ගෘහනිර්මාණ ශිල්ප වල තියෙනවා කියලා අහල තියෙනවා.
මේ ජනේල දොරවල් වල පවා ඒ ගතිය ඇති කියලා මට හිතෙනවා. නමුත් ඉතිං ඒවා සනාථ කරන්න තරම් පුරාවිද්‍යා දැනුමක් නම් මට නැහැ.මේ ගෙදර සාමාන්‍යයෙන් ලොකු එකක් වුනාට ගෙදරට තියෙන්නෙ එකම එක කාමරයයි. හෝල් තුනක් වගේ අවකාශ තුනක් මුලු ගෙදරටම තියෙනවා.
මේ තියෙන්නෙ අපේ සීයල නිදාගත්ත ලනු ඇඳක්. කොටුවෙ ඕලන්ද කෞතුකාගාරයට ගියොත් මේ වගේ ලනු සහ වියන ලද ඇඳන් දකින්නට හැකි වෙනවා. මේ ඇඳට යොදල තියෙන්නෙ ලනු. මේ ලනු උඩ හොඳ පැදුරු කඩමාල්ලක් දෙකක් දාගෙන තමයි අපි නිදියන්නෙ. දැන් නම් මේ ලනු ඇඳ පාවිච්චි කරන්නෙ මොන මොනවහරි වේලගන්න වගේ රාජකාරියට විතරයි. මේ ඇඳ ගෙනල්ල වියාගන්න ඕන කියලත් මට හිතුනා. මේක හැබැයි අපි අර පාවිච්චි කරන සාමාන්‍ය ඇඳට වඩා දෙගුණයක් විතර උසයි. 
මෙ වියන ලද පුටු කලාවත් ඇවිල්ල ලන්දේසි වැඩක්.දැන් වියන පුුටු අඩුයි. ඉස්සර තිබුනා. ගෙවල් වල මේ විදියට වියාපු විශාල සෙටි පවා ඉස්සර තිබුනා.පොඩිලමයි විදියට අපිට ඒ කාලෙ පැවරුනු එක රාජකාරියක් තමයි පුටු විවිල්ල. පුටුවල තියෙන වැල් කාලයක් යද්දි කැඩිල යනවා. ඉන් පස්සෙ ඔය පුටු වටේ රාමුවෙ තියෙන සුට්ටි සිදුරු වලි වැල් දදා රටා වියන එකත් එක්තරා කලාත්මක වැඩක්. 
හොදින් බැලුවොත් මේ පින්තූරයේ පේන මුදුන් බිත්තියෙ සිදුරක් පේනවා. මෙ සිදුර තියෙන එක ගෙදර පවතින උෂ්ණත්වය අඩු කරන්න කරපු වැඩක්. ඉහලට ගිහිපු උණුසුම් වාතය මේ කවුලු හරහා පිටට යනවා. එතකොට ගෙදර ටිකක් සීතල වෙනවා. මේක සොල්දරේ සිදුර ගැන පොඩි විරිදු කෑල්ලක් තියෙනවා "සිරිවර්ධන සිටානන්ට හිතුනලු හිටගෙන කරන්ට..නැංගා සොල්දරේ උඩට දුන්නා බිත්තියේ හිලට.." මේ ජාතියෙ ගෙවල් වල සොල්දරයක් තියෙනවා. ඒකෙ තමයි ඉස්සර පරණ බඩු ආදිය දාල තිබුනෙ. ඔය කියන සොල්දරේ තිබිල අපේ සීයා ගේ සියද මන්දා කියෝපු එක්දාස් අටසිය ගනන් වල අග කාලෙ පොත් කෑල්ලකුත් මං එකපාරක් හොයාගත්තා. දැන් ඒව කොහෙද දන් නැහැ.

තංගල්ලට ලන්දේසි අාභාෂය.

තංගල්ල ඉංගිරිසියෙන් ලියන්නෙ ටෙන් ගෝල් හෝ ටැන්ගෝල් (tengalle) කියලා. මේ නම ලන්දේසින් විසින් දාන්න ඇති නමක්. තංගල්ලෙත් ඉස්සර කොටුවක් තියෙන්නට ඇති. තංගල්ල බාලිකා විද්‍යාලය, තංගල්ල මූලික රෝහල ආදිය තියෙන ඒරියා එක ඉස්සර කාලෙ ලන්දේසි ඉංගිරිසි බලය බල පැවැතුනු තැන් කියලා හිතන්න පුලුවනි. නමුත් පුරාවිද්‍යාත්මක වශයෙන් වැදගත් කියලා මෙලෝ තැනක් තංගල්ලෙ නම් කරපු බවක් නම් මම දන්නෙ නැහැ. 


තංගල්ල සිට මාතර පාර කලින් වැටිල තිබිල තියෙන්න තංගල්ල බෙලිඅත්ත ගැටමාන්න කිරින්ද පුහුල්වැල්ල තිහගොඩ හරහා මාතර වශයෙන්. පස්සෙ කාලෙක තමයි මුහුදුබඩ තීරයේ තියෙන මාවත ජනප්‍රිය වෙලා තියෙන්නෙ. අපේ සීයලා ගෙදර තියෙන්නෙ ඔන්න ඔය පරණ පාර අසබඩ හරියක. තංගල්ල නගරයෙන් මුහුදට එකතුවෙන කිරම ඔය සහ රන්න නගරය අසලින් ගලා යන ඌරුබොකු ඔය හරහා වේලි ආදිය බැඳලාඒ පැත්තෙ කුඹුරු ලියදි අස්වද්දන්න ලන්දේසින් වැඩකලාය ඒ වැඩ ඉන්ගිරිසින් විසින් තවත් දියුනු පවුනු කලාය කියලා ඉංගිරිසි වාරි ඉංජිනේරු බ්‍රෝහියර් මහත්මයා කියලා තියෙනවා. ඔය දැන් ගිරුවාපත්තු කියලා කියන පැත්ත ඉස්සර හදුන්වල තියෙන්නෙ ගිරාව පත්තු හෝ ගිරවා පත්තු කියන නමින්. 

මුහුදුබඩ පලාත් නුවර සහ අනෙක් රට ඇතුලෙ පලාත් වලට වඩා බොහොම වැඩි කාලයක් ලන්දේසි පෘතුගිසි සහ ඉංගිරිසි පාලනයට නතු වෙලා තිබුනා. ඒ නිසා ඒ පැත්තෙ ගෙවල් දොරවල් සහ සංස්කෘතියට ලැබුනු පුරාණ බටහිර ජාතින්ගේ ගතිගුන තරමක් වැඩි වෙන්න අවස්ථාවක් තිබෙනවා. සංස්කෘතික අතින් යම් වෙනස් කම් තිබුනාට දකුනු මුහුදුබඩ පලාත්වල ජනයා බෞද්ධ ආගම ඒ විදියට පවත්වාගෙන ගියා. ඔවුන් ක්‍රිස්තියානි බවට පත්වෙලා ආගම වෙනස් කරපු ආකාරයක් නම් පෙන්නුම් කරන් නැහැ.

නුවර යුගය අවසාන කාලයේ මහනුවර අවටින් හමුවන ගෘහ නිර්මාණ ශිල්ප වලින් බොහෝවිට දකින්නට තිබෙනවා කියන්නෙ පෘතුගීසි ලන්දේසි ආභාෂය. එහෙම නැතුව අපේ කියලා ඒ දවස්වල ඉතිරි වෙලා තිබුන එකම ගෘහ නිර්මාණ කේස් එක තමයි බිත්ති හතර සහ වහල. ඕකත් ඉතිං අපේ අය පට්ට ගහනවා ඒක බුදු දහමෙ අනිත්‍ය ගතිය නිසා මිනිස්සු හිතල මතලා වැඩිය ලස්සන කරන්නෙ නැතුව ගෙවල් හදන්න ඇති කියලා.  

දකුන හරි ලොකුය ඒ අය යකාටවත් බය නැතිය, ගොඩක් දක්ෂ මිනිස්සු දකුෙන ඉන්නවාය කියලා වැල් බයිල සමාරු බුකියෙ හෙම කියලා තියෙනවා දැක්කා. එහෙම එකක් නැහැ. වම්බොට්ටා,චන්ඩි මල්ලි,සුනිල් රත්නවීර,හින්නි මහත්තයා ආදි ජනප්‍රිය අය හිටියෙ දකුණෙ. ඒ වගේම මුණිදාස කුමාරතුංග, චන්ද්‍රරත්න මානවසිංහ, මාටින් වික්‍රමසිංහ, හිටියෙත් දකුණෙ. ඒත් ඉතිං ඔය කොයි ජාතියෙ කවියො හිටියත් මොඩර්න් යුගයේ බස් කවියෙක් වෙන අජිත් මුතුකුමාරණ හිටියෙත් දකුණෙ. 

දැන් මේ දකුනේ පතල නම් කියනකොට කෙනෙක් හිතන්න පුලුවනි කෝ බොලේ අරයලා නැද්ද කියලා. මං මේ ලගදි ජැක්සන් රූපවාහිනි චැනලයක කියනවා දැක්කා එයාල බොහොම උසස් පෙලපත්වලින් පැවතෙන බුදුන්ට පවා නෑකම් කියන්න පුලුවන් පවුල්වලින් ඇවිත් දකුනු පලාතෙ පදිංචි වුන අය කියලා. ඉතිං අනේඒ පිටින් ආපු උන් ගැන මොන කතාද? ඒ විස්තර ජැකාගෙන්ම අහගන්න පුලුවන් නේ. 

අවුරුද්දට ගම ගිය හැටි

අපේ තාත්ත අපි දැන් ඉන්න ගේ හැදුවෙ අපේ තාත්ත හිටිය ගමෙන් ගොඩක් ඈතට වෙන්න නෙමෙයි. වැඩිම වුනොත් කිලෝමීටර පාලහක් ඇති. කිලෝමීටර් පාලහක් වුනාට වර්ෂා කලාප දෙකකට අයිති වෙන්නෙ. ඉස්සර ගමේ කෙනෙක් හමුවුනාම අහන්නෙ. ගමට වැස්සද? කියලා. ගමට වහින එකයි අපි ඉන්න හරියට වහින එකයි කේස් දෙකක්.

අවුරුදු කැවුම්. 
මේ අවුරුදු කාලේ සිනාවෙයන් රාලේ තෙල් ඉහිරුනු කැවුම් ගෙඩිය වාගේ කියලා රන්වල මහත්තයා නැට්ටිච්චියො ටිකක් වටකරං කියන සිංදුවක් හැමදාම අවුරුදු කාලෙට ටීවි එකේ යනවා. තෙල් ඉහිරුනු කැවුම් ගෙඩිය වගේ වෙන්න නම් ඉතිං ඒ කියන කෑල්ල තෙල් සහිත සමක් තියෙන දිලිසෙන තරං තෙල තියෙන කෑල්ලක් වෙන්න ඕන ඇති. ඒ කාලෙ අපෙ අම්ම අවුරුද්දට කැවිලි ජාති අවුරුද්දට කලිං හදනවා. දොදොල්,මුං කැවුම්, අතිරහ,රුලං වගේ ඒවා අවුරුද්දට අම්මල හදනවා. අපි ඒවා කනවා සහ හදන්න දායක වෙනවා.

අපේ අම්ම ඔය විසිතුරු කෑම ජාති හදන්න ඒ තරං දක්ෂ කෙනෙක් නෙමෙයි. ඔන්න ඉතිං පටන් ගන්නවා කැවුම් උයන්න. මික්සර් එක හරියට එන්නෙ නැහැ. ඒ ගමන කරන්නෙ කැවුම් පිටි ටිකට තව පිටි දාල තලපෙ ඝන කරගෙන හදනවා අතිරස හරි මුං කැවුම් හරි. ඔය වගේ හදන්න යන කෑමට වඩා වෙනස් අවුට්පුට් එකක් ලැබුන අවස්ථා කිහිපයක්ම තිබුනා මතකයි. 

බොහම පුංචි කාලෙ නං අපි කරන්නෙ ඔය රසකැවිලි උයන කොට හදන තැනට වෙලා ඇන තියං වාඩිවෙලා සිද්ධ වෙන වැඩේ බලාකියා ගන්න එක. ඒ දවස්වල කරන්නෙ අම්ම හරි හදන අක්කල නැන්දල මාමල හරි කියන සුලු රාජකාරි වෙන. "පුතා අර පිහිය ගන්න පැටියා" පුතා අර වලඳ අරං දියංකො වගේ රික්වෙස්ට් වලට ප්‍රතිචාර දක්වමින් වාඩි වෙල ඉන්න එක හරි විනෝද වැඩක්. ටික වෙලාවක් ඔහොම හිටියම ඉතිං පවු කාඩ් එකට ඔය හදන ඒවා ටිකක් ලැබෙනවා. ඉන් පස්සෙ ඉතිං තව ප්‍රතිවාදියෙක් හෙම ගෙදර ඉන්නවානං ඌට උජෝ වඩව වඩව අර ලැබෙන සුට්ට ගිලදාන එක තමයි රාජකාරිය.

පස්සෙ කාලෙක ඕක වෙනස්වෙලා අපිටත් වගකීම් එනවා. සාමාන්‍යයෙන් අපේ ගමේ ගෙවල් වලවුනත් ඉස්සරම අපි කුස්සියට යන්නෙ බත් ටික බෙදාගන්න විතරයි. අපේ ගෙදර කුස්සිය අපි ඔක්කොම ැවඩ කරන තැනක් වුනා.මං ටුයිටරේ එහෙම දැක්කා සමාර පුංචි ගෑනු අවුරුද්දට අත්තම්මා මතක් වෙනවා කියල දාල තිබුනා. එතකොට කොල්ලො කෙල්ලන්ට කියනවා අත්තම්මගෙන් කැවුං උයන්න පුරුදු වෙන එක හොදයකියලා. ඇයි බොල කෙල්ලන් කුස්සියටම දක්කන්න හදන්නෙ? බොලාට කැවුං ගෙඩියක් හදං කෑවහම හෙනද? අපේ ගෙදර තිබුන ඒහැමෝම උයන්න දායක වෙන එක මට පස්සෙ කාලෙක බොහොම වැදගත් වුනා. බෝඩිං ගත වුනාම කොහේ හරි ගිහින් උයන්න වුනාම මට කලිං ගෙදරදි අම්මට උයන්න උදව් වෙච්චි එක වැදගත් වුනා ගොඩාරියක්ම. ඒ වගේම ටිකක් උයන්න දන්න නිසා මෙලෝ රහක් නැති දේවල් කනකොට ඒ උයන උන් ඒ ලගදි දවසක ජීවිතේ මුල් වතාවට කුස්සියට ගිය උන් වෙන්න ඇතිය කියලත් මට හිතුන වෙලාවල් තිබුනා.

කාලානුරූපිව අවුරුද්ද වෙනස් වෙන්න ඕනි. දැං ඉස්සර වගේ අපේ ගෙදරත් දොදොලක් පතුගාගන්න අමාුරුයි. අනික දොදොල් කන්නත් අවුරුදු කාලෙට අපේ පැතිවල කට්ටිය නැහැ වගේ. ඉතිං ඒ නිසා අපේ ගෙදරටත් කේක් හදන වැඩේ ඇවිල්ලා. සමාරු ඉතිං ඒකටත් අංචිය අදිනවා. ඕවා බටහිර කෑමය..සිංහල අවුරුද්දට ඔය කෑම හරි නැතිය කියලා එක එක දර්ශන දානවා. ඒත් මම නං හිතන්නෙ අවුරුද්දට කට්ටිය එකතු වෙලා නුවරඑලි හරි පිටරට හරි ට්‍රිප් යන ආතල් එකට වඩා මොන මොනවා හරි අලුත් ආකාරයට ගෙදර දන්න කියන කෑම හදලා අවුරුදු සමරන එක හොදයි.

අපි අලුත් අවුරුද්දට හදන කෑමක්නේ කොකිස්. මට මතක විදියට ඔය කොකිස් කියන්නෙ පෘතුගිසි කාලෙ අපිට එකතු වෙච්චි කෑමක්.අච්චාරුත් ලන්දේසි කෑමක්ද කොහෙද.

වලකජ්ජු සෙල්ලං..
මේ තියෙන්නෙ කජු පුහුලන්. සාමාන්‍යන් මැයි මාසෙ තමයි ගොඩක් ගස්වල පලදරන්නෙ. අප්‍රෙල් වල ගැට සහ මල් හටගන්නවා. නමුත් මේ පාර නම් කජු පුහුලම් හැදිල තිබුන කලින්ම.අපි ගමේ ගිය වෙලාවෙ කජු පුහුලන් කඩා ගත්තා.
මේ කජු නාඹර. කජු නාඹර කඩල ඒවා ගිරෙන් හරි පිහියෙන් හරි පලල ඉවරවෙලා ඉව්වම පුදුම රහක් නෙව තියෙන්නෙ. දැන් කජු එලෝලු හදන්ෙන වේලපු කජු වලින්. ඒ කජු එලෝලු වලට කජු ගන්නෙ ගස් කජ්ජු වේලලා පලල ආයිත් පදමට වේලපු කජු වලින්.  නමුත් මේ නාඹර උයාගන්න පුලුවන් නම් සෝක් කෑමක්.

මේ කජ්ජු ගහ වැස්සට වැටිල බිම දිගේ වගේ තමයි හැදිල තිබුනෙ. ගහ යටත් කජු ඇට වැටිල වවුල්ලු බීපු පුහුලන් වලින්. දැන් නම් මේ කජු ඇහිදින්න,අත පොවන මට්ටමේ තිබුනත් පුහුලමක් කඩල කන්න කාරුවත් නැහැ. ඒත් අපි පුංචි කාලෙ අපි කජ්ජු ඇහිදින්න පාන්දර යනවා. පුහුලන් යාන්තං පාට වෙනකොට පොලුගහල කඩන් කනවා. ඉස්සර ගෙදරට අදින වස්තර වල හැමඑකකම වගේ එක එක ජාතියෙ කහට. කජුපුහුලන් කහට එහෙම අනිවා තියෙනවා. 

දැන් ළමයිට නිවාඩු ලැබෙන්න අඩුවෙන් අවුරුද්දට. අනික අවුරුදු ක්‍රීඩා කියල අපි පුංචි කාලෙ ඉතිරි වෙලා තිබුන ටිකත් ලමයි දැන් දන්නෙ නැහැ. ගොඩක් ගෙවල්වල දැන් දැන් ඔන්චිල්ලා වක් වත් නැහැ.අපි පුංචි කාලෙ වලකජ්ජු ගැහිල්ල,කල්ලි ගැහිල්ල, දාම් ඇදිල්ල,කැට ගැහිල්ල හෙම තිබුනා. අපිට කලිං පරම්පරාවට ඊට වඩා දේවල් තියෙන්නත් ඇති. අපි පුංචි කාලෙ ඒව නැතත් අඩුතරමෙ සෙට් වෙලා දවස තිස්සෙම ක්‍රිකට් ගහන ක්‍රිකට් පිස්සුවක් හරි තිබුනා. 

දැන් ළමෝ පාරවල් හෙම ක්‍රිකට ගහනව අඩුද මන්දා. අපිට නං ඉස්සර අපේ ලොකු වත්ත තිබුනා ක්‍රිකට් ගහන්න. ඒ දවස්වල ඒ වත්ත පෙනුනෙ ලෝඩ්ස් පිට්ටනියටත් වඩා ලොකු එකක් කියලා. දැන් නම් හිතෙනවා ඒ වත්ත හිතුව තරං ලොකු නැහැ කියලා. 

දෙමාපියො ලමයින් දක්කන්න අරගෙන තියෙන නිසා සහ දෙමාපියො ලමයිගේ පස්සෙ පිස්සු බල්ලො වගේ එලවන්න පටන් අරං තියෙන නිසා දරුවො අලුතින් හිතන්න අලුත් සෙල්ලමක් කරන්න කස්ටිය එකතුවෙල සමූහික ක්‍රියා කරන්න දැන් ළමයිට ඉඩක් නැහැ. අනේ උන් පවු. සමාර පොඩි උන් අවුරුද්දෙ වැඩි කාලයක් අයහපත් කාලගුනයක් තියෙන කැනඩාවෙ ඉන්න දරුවො වගේ. දවසෙම ටීවි එක. නැත්තං කොම්පිටරේ.
මේ පාර අපෙ ගමට හෙන පෑවුම. කොයි තරං පෑවිල්ල ගැහුවත් මේ ජාතියෙ මල් වත්තෙ තැන්තැන්වල හැදිල තිබුනා. වත්ත සුද්දකරපු තැනක මේමල් වගාකලාටත් වැඩිය ලස්සනට පිපිල තිබුනා. එක කොලයක් නැහැ. බුග් ගාල පොලවෙන් උඩට එසවුනු මල් පොකුර විතරයි තියෙන්නෙ. මේකෙ නමනං මම දන් නැහැ. හැබැයිමේ මල් ජාතියට විශාල අලයක් නම් තියෙන ආකාරයක් පෙන්නුම් කලා.ඒ අලේ වගේ කෑල්ලෙ අවශ්‍ය කරන පෝෂණය රඳවාගන්නවා ඇති පෑවුම් කාලෙට හරියන්න.
මේ තියෙන්නෙ රත් මල්. මේ නං ඔරිම ජිනල් රත් මල්. මේවා ඉස්සර ගන්නවා ගුරුකං වලට එහම. ඉක්සෝරා වගේ නෙමෙයි ටිකක් ඈතින් තමයි මල් තියෙන්නෙ. රත් මල් ගහ ගාවම එහා පැත්තෙන් තිබුන විසාල උණ පඳුරක්. ඉස්සර අපි වෙසක් එකට බට ගන්න බට කපන්නෙ ඔතනින්. මහ බටයක් කැපුවම අල්ලපු ගෙවල් වලටත් දීලා අපිටත් විසාල කූඩු හදන්න බට ඉතිරි වෙනවා. මේඋණ පදුරක්. අපි ඒ කාලෙ කූඩු හැදුවෙ උණ ගස් වලින්. අපේ පැත්තෙ අර පොඩි සයිස් බට ගස් නං ඒ කාලෙ දැකල තිබුනෙ නැහැ. ඒ දැක්කත් අපි හදන මහා කූඩු පැටවු කූඩු වගේ ඒවට ශක්තිමත් සැකිල්ලක් තියෙන්න ඕනි. අනික දැන් වගේ ලොකු ලයිට් බල්බ් නැති නිසා ඇතුලෙ පිත්තක් ගහල පහනක් වගේ තියන්නත් ඇහැකි වෙන්න එපායැ.

මේත් අපේ ගමේ වත්තෙ තිබුන මලක්. ලස්සනට පොටෝවට අහු වෙල තියෙනවා.

Monday, April 7, 2014

අර්ජුන කප් මාලිංග කප්

ක්‍රිකට් වලට ආශා නොකරන මාගේ මිතුරියක් අම්පාර පැත්තේ සිටී. ඇය අවශ්‍යතාවයකට අද දින කතා කල විට මම ඊයේ මැච් එක ගැන ඇසීය. ඇයද ඇගේ අක්කාද පවුලේ අය සාලේ සිටියදී එළියට විත් ඉස්තෝප්පුවේ කයියක් දාගෙන රාත්‍රී වුවද ඇති රස්න වටපිටාවෙන් මිදී සිටින්ට උත්සාහ ගෙන ඇත. 

රාත්‍රී එක්වරම රතිඤ්ඤා පුපුරන්නට පටන් ගෙන ඇත. පණ්ඩිත අක්කානෝ නංගිට පවසා ඇත්තේ ආහ්..මේ පාරනං අම්පාරට අලි ඇවිල්ල වගේ යැයි කියලාය. නමුත් ටික වෙලාවක් යන විට හතර වටින් රතිඤ්ඤා පත්තු වෙන විට පලපුරුදු දේශපාලකයකුමෙන් ඇය වහා අදහස වෙනස් කොට ෂුවර් එකටම අලුත් අවුරුද්දට මේ පාර නව සඳ බලන්න ඇත්තෙ අද රෑ වෙන්න ඇති යැයි කියා තිබුනි. ඒත් දිගින් දිගටම රතිඤ්ඤා ශබ්ධය ගිගුම් දෙන විට ඇය වැනිම වූ ඇගේ නංගීට සිය පෙම්වතා සමග අද දින මැච් එකකට ඔට්ටුවක් ඇල්ලූ බව මතක් වී ඇත. 
ඉන් පසු ඔවුන්ද සාලයට ගොස් අම්මා තාත්තා සහ අනෙක් අය සමග රූපවාහිනිය දමා මැච් එකේ කප් ගන්නා අවස්ථාව ආඩම්බරයෙන් නරඹා ඇත. මේ නිවසේ තිබෙන්නේ සැටලයිට් රූපවාහිනී ඇන්ටනාවක් නිසා ඒ අය ලේ කෝප කරගැනීමෙන් තොරව මැච් එකේ කප් උස්සන ජවනිකා නරඹා තිබුනි.  රජය විසින් මහජනයාට සෙනෙහසින් ලබාදී ඇති සී ඇස් ඇන් එකේ ඇඩ් වරුසාව බැලීමෙ වාසනාව ඔවුන්ට අහිමි වන්නට ඇත. ඔවුන්ට යකඩ බටයෛ් හෝ උනගහේ අමුණන ලද පරණ ඇන්ටනාවෙන් ඒ අවස්තා නැරඹුවේ නම් බාත්ෆ්ලවර් කිංබැක් තුමාලාගේ දෙමව්පියන්ට පිං පැමිණවීමට සිදුවනු ඇත.

මාලිංග විසින් “ඇයි මාව මීට කලින් දැකල නැද්ද “ යැයි ඇසීමෙන් මානසිකව වැටී අතපය පමණක් නොව වල්ලද කඩාගන්නට ඇතැයි සිතිය හැකි මාධ්‍යෙව්දියාට කුමක් සිතිලාද කියලා බලාගන්නට බැරිවිය. මල් මන්දිරයේත් වෙනත් තැන්වලත් ලැබෙන එතනෝල් ඩිංගට බයිට් එකට ලොල්වී පත්තර වල අකුරු අමුණන අයියලා මාධ්‍ය වේදීන් ලෙස මේ ලංකාවේ දී හඳුන්වයි. ඒ අය ලියන මහත්වරුන් හෝ ලියන්නන් ලෙස මිස මාධ්‍යෙව්දීන් ලෙස හැඳින්වීම වරදකි. 

මාලිංග ක්‍රීඩකයෙකි. එමෙන්ම අනෙක් මහේල සංගක්කාර වැන්නෝද ක්‍රීඩකයෝය. ඔවුන් මේ විස්සයි විස්ස තරඟාවලිය පටන් ගත් කාලයේ ලංකාවේ මාධ්‍යවලට පෙනුනේ මස් රාත්තලම ඉල්ලන ශයිලොක් ලා වැනි පිරිසක් ලෙසය. නමුත් අද ඔවුන් වීරයෝය. සංජීව රණතුංග පවසා තිබුනේ ක්‍රීඩකයින්ට මෙතරම් තොගයක් මුදල් යොදවන ක්‍රිකට් මන්ඩලයක් ලොවෙත් නොමැති බවකි. එහිදී ක්‍රීඩකයින්ට සමස්ථ ක්‍රිකට් ආදායමින් සියයට 20කට වඩා ප්‍රතිශතයක් වැයකරන බව කියා තිබුනි. 

එවිට ඉතිරි සල්ලි වන සියයට 80ක රුපියල් මිලියන ගානක මුදල් වලට සිදුවන්නේ කුමක්ද? ඒවා ක්‍රිකට් දියුනු කරන්නට යොදා ඇත්තේ කෙසේද? ඒ ගැන ඇත්තේ ගැටළුවකි. සෑම විටම පාලක මණ්ඩලය විසින් වෙනස් කරන්නට හදන්නේ ක්‍රීඩකයින්ය. ඔවුන් පහර ගසන්නේ ක්‍රීඩකයින්වෙතය. නමුත් අනික් පැත්තෙන් ක්‍රිකට් නාමයෙන් මුදල් අතගාන කඳ පනුවන් ක්‍රිකට් ආයතනයට පේන්නේ නැත. 

ක්‍රිකට් ආයතනය විසින් කෙනෙහිලි කම් කිරීමේ දෙපැත්තක් ඇත. සමහර විට සංජීව කියන පරිදි ක්‍රීඩකයින්ද අවස්ථාව ලැබුන විට වැඩි කොටස් ඉල්ලනවා විය හැක. නමුත් පාලක මණ්ඩලය පැත්ත බොහෝ කලක සිට ඇත්තේ ගඳ ගසමිනි. එවිට කලක් තිස්සේ යහමින්  ගඳ ගසමින් සිටින අයෙකුට තවත් කෙනෙකුගේ අසුවල් දෙය ගඳයැයි චෝදනා කිරීමේ සදාචාරාත්මක අයිතියක් තිබිය හැක්කේ කෙසේද?

එදා අර්ජුන වීරයෙකි. එදා ක්‍රීඩාව තුල ලංකාවට පැවති බාහිර සතුරන් වෙතින් ආරක්ෂා කරගන්නට අර්ජුන අැතුලු කන්ඩායමට ශක්තිය ලැබුනි. අද වනවිට ක්‍රිකට් වෙත ඇත්තේ බාහිර සතුරන්නොව ඇතුලේම සිටින සතුරන් කොයි වෙලාවේ කකුලෙන් අදීදැයි සිතා බලා සෙල්ලම් කල යුතු වටපිටාවකි. එවන් පසුබිමක සැම විටම ක්‍රීඩාව ක්‍රීඩාවෙන්ම ජය ගැන්මේ මහත් වූ අවධානම් මාවත මාලිංග දැන හෝ නොදැන තෝරාගත්තේය. 

ක්‍රීඩකයින් යනු මිහිපිට දෙවියන් නොවේ. මුලු ලෝකයම මුදල් පිණිස ඇදෙන විට පිනට හෝ අනික් අය ගේ ලාභ පිණිස අප්‍රමාණ කැපකිරීම් කල යුතු වෙස්සන්තරලා බවට ක්‍රිකට් ක්‍රීඩකයින් පත් විය යුතු නැත. ක්‍රීඩකයින් , හැම විටම හිනාවීගෙන ,ඡන්ද කෑල්ල වෙනුවෙන් දරුවන්ගේ හොටු හූරලා වඩාගන්නා දේශපාලකයින් ලෙස ජීවිතයම රඟපෑම කරගැනීමටද අවශ්‍ය නැත. ක්‍රිකට් ක්‍රීඩාව මහත්වරුන්ගේ විය හැක.නමුත් සැබෑවටම මහත්වරු සිටින්නේ පොත් වල මිස සැබෑ ජිවිතයේ නොවේ. 

නායකත්ව මණ්ඩලයක් තිබුනද එහිදීද නායකයා ප්‍රබල චරිතයකි. මාලිංග වෙන කිසිවෙක් නොවේ රට වෙනුවෙන් ක්‍රීඩා කරන දක්ෂ ක්‍රිකට් ක්‍රීඩයෙකි. දැනට නම් ඔහු අපරාජිත නායකයෙකි. මට නම් ඒ ඇතිය. සමහරු ඒ මදි වී දැන් මාලිංගගේ හොඳ ගති,බබා ගති, සෙල්ලක්කාර ගති, පොඩිකාලේ දග වැඩ, ආදිය සොයා මාලිංග නැමැති ක්‍රීඩකයාගේ ඔවුන් කැමති පැත්ත මතුකරගන්නට උත්සාහ දරනු ඇත.

Sunday, April 6, 2014

ගරාදි හැත්ත Gridiron Gang

කැලිෆෝනියාවේ සාන් ප්‍රනාන්දු නිම්නයේ California's San Fernando Valley පිහිටා තිබෙනවා වර්නන් ක්ලිපැට්රික් කියලා පරිවාස කඳවුරක්. මේ කඳවුරේ රඳවාතබාගන්නෙ අවුරුදු 18ට අඩු දරුනු ගනයේ අපරාධකරුවන්. විශේෂයෙන් ලොස් ඇන්ජලිස් නගරය කේන්ද්‍ර කරගෙන තමයි මේ කඳවුර පිහිටා තිබෙන්නෙ.

ලොස් ඇන්ජලීස් නගරය විවිධ ජාතියෙ මිලියන 4 කට ආසන්න මිනිස්සුන්ගෙන් පිරිල තිබෙනවා. සූදුවට සහ ධන කුවේරයින්ට අවශ්‍ය පහසුකම් සපයන ස්ථානයක් විදියට ලොස් ඇන්ජලීස් නගරය ලෝ පතල වෙලා තියෙනවා. මේ නගරයේ 1985 ආසන්න කාලෙකදි පාතාල කල්ලි අතර ගැටුම් නිතර ඇතිවෙනවා.මේක ඇවිල්ලා මහා ලොකූ සයිස් එකක් නෙමෙයි. වීදි දෙකක කන්ඩායම් දෙකක් කාලාන්තරයක් තිස්සෙ තියෙන වෛරයකට ගහමරාගන්න සිද්ධියක්. මේ පාතාල කල්ලි බොහෝවිට සමන්විත වෙලා තිබුන කළු ජාතිකයින්ගෙන්.

මේ පාතාල කන්ඩායම් සහ විවිධාකාර විෂමාචාර අපරාධ වලට පොලිසියට ඇවිත් වැරදිකරුවන්‍ බවට පත්වෙන අයව යොමුකරනවා මුලින් කිව්ව වර්නන් කිලිපැට්රික් කියන පරිවාස කඳවුරට. මේ කඳවු‍රේ ඉන්නවා දක්ෂ පරිවාස නිළධාරියෙක් සීන් පෝටර්(Sean Porter) කියලා. සීන් පෝටර් ඒ වැරදිකාර දරුවො වරදින් මුදවාගන්න සහ එවුන්ට නිසි මග පෙන්වන්න උත්සාහ ගන්නවා.

නමුත් ටික කාලෙකින් පෝටර් තේරුම් ගන්නවා මේක පෙරලුනු කෝප්පෙකට වතුර වක්කරනව වගේ ඵලක් නැති වැඩක් කියලා. ඒ වැරදිකාර 18ට අඩු ලමයි මනසින් බොහොම නරක් වෙලා. එවුන් වැරදි කරන්න කලහ කරන්න තියෙන බය නැතිවෙලා. තවදුරටත් ඔවුන්ට දැඩි දඩුවම් දීලා තදින් කතාකරලා වැරැද්ද පෙන්නුම් කරල දුන්නත් වැරැද්ද තේරුම් ගන්න තරම් තැනක මේ දරුවන් පිරිස නැහැ.

පොටර් ඉන් පස්සෙ ළමයින්ගේ මනස වෙනත් පැත්තකට ගෙනියන්න පුලුවන් විදියක් කල්පනා කරනවා. ඒ අනුව පොටර් ඒ ළමයින්ව ඇමරිකානු පාපන්දු ක්‍රීඩාවට පුරුදු කරනවා. මේ අය ක්‍රීඩාවකට හුරු කරනවා කියන එක ලේසි වැඩක් නෙමෙයි. පොඩ්ඩක් බුරුල දුන්න ගමන් උත්සාහ කරන්නෙ වලියක් කොක්කක් දාගන්නමයි. ඒත් පොටර් අධෛර්යමත් වෙන්නෙ නැහැ. ඔහු තමුන්‍ ගේ උත්සාහය නිර්මාණශීලිව ඉදිරියට ගෙනියනවා. කොහොම හරි පොටර් මස්ටෑන්ග් Mustang කියලා ඇමරිකානු පාපන්දු American football කන්ඩායමක් හදා ගන්නවා.

‍මේ පරිවාස කඳවුරේ දරුවන් පුරුදුවුනාට එයාලට ක්‍රීඩා කරන්න ප්‍රතිවාදී කන්ඩායමක් නැති වෙනවා. අවසානෙ ඉස්කෝල ගානෙ ගිහින් නොවඳිනා වැඳුම් පවත්වලා තමයි යන්තම් ‍ප්‍රතිවාදි කන්ඩායමක් හොයාගන්න මස්ටෑන්ග් පුහුනුකරුට හැකිවෙන්නෙ. ඒ වගේම පරිවාස කඳවුරු පරිපාලනය මේ වැඩේට මුලින් කැමති වෙන් නැහැ. නමුත් පසුව ඔවුන් කැමති වෙනවා.

මේ කට්ටිය ඉතිං ‍කෝමහරි මුල්ම තරඟයට සහභාගී වෙනවා ලොකු නමක් තියෙන කන්ඩායමක් එක්ක. මුලු ග්‍රවුන්ඩ් එකම අර ප්‍රතිවාදී කන්ඩායමට චියර් කරනවා. නමුත් මෙයාලට චියර් කරන්න කවුරුත් නැහැ. මස්ටැන්ග් කන්ඩායම පරිදිනවා 38ට 0ක් විදියට.

මේ කතාව ඇත්ත කතාවක්. ඉන් පස්සෙ ඒ මෂ්ටෑන්ග් කන්ඩායම මානසිකව ගොඩක් වැටෙනවා. ඒ කන්ඩායම සමන්විත වෙන්නෙ පරිවාස භාරයට දාපු වැරදි කරපු ළමයින්ගෙන්. එහෙම ළමයින්ට දරාගන්න පුළුවන් හැකියාව අඩුයි. ඒ නිසා කන්ඩායමේ සාමාජිකයින් මහ හඩින් හඬා වැලපෙනවා. සමහරු සද්දෙ නැතිවුනත් මහත් කළකිරීමකින් ඉන්නවා.

නමුත් ඒ වෙනකොට ඒ අය ආපසු හැරෙන්න බැරි තරමෙ තැනකට ඇවිත්. ක්‍රීඩාව දිගටම කරගෙන යන්න කන්ඩායම තීරණය කරනවා. පසුව කන්ඩායම ජයග්‍රහනය කරා යාවිද? ඒක තමයි Gridiron Gang ෆිල්ම් එකේ බලන්න තියෙන්නෙ. සාමාන්‍ය ඒ වගේ කඳවුරකින් එළියට ගියාම නැවත අපරාධවලට යොමුවන්න තියෙන හැකියාව 75%ක් පමණ වෙනවාලු. නමුත් අර ක්‍රීඩාවට යොමුවුන ළමයින්ගෙන් නැවත පෙර පරිදි අපරාධවලට යොමුවුන අය ඉතාම සීමිත ප්‍රමාණයක් තමයි ඉඳලා තියෙන්නෙ. කොහොම හරි මහා දරුණු ක්‍රීඩාවක් වුනත් ඒක මගින් අර දරුවන් අකාලෙ මරණයට යන්න තිබුන හැකියාව අඩුකරගන්න හැකිවුනා.

මේ ෆිල්ම් එකේ පුහුනුකරු විදියට රඟපාන නළුවා ඩ්වේන් ජොන්සන්(Dwayne Johnson) කියන සුප්‍රකට ඇමරිකානු රෙස්ලින් නළුවෙක්. නමුත් ඔහු ඇමරිකානු ෆුට්බෝල් ක්‍රීඩාවටත් ‍එක්තරා කලකදී දායක වෙලා තිබෙනවා.

ඇත්ත කතාවක් වෙච්චි මේ ෆිල්ම් එකේ ඇත්තම චරිත බෙහොමයක් අද වෙනකොට අපරාද නැති ජීවිත ගතකරනවාලු.

ලංකාවෙදි මෙහෙම මහා පරිමාණ සාර්ථක ව්‍යාපාරයක් විදියට තරුණ සේවා සහ යෞවන සමාජ වැඩපිළිවෙල හඳුන්වන්න පුළුවනි. 1971 සහ 1989 අවුරුදු වල තරුණයින් ලංකාණ්ඩුවට එරෙහිව බොහොම ප්‍රාථමික සහ බොළඳ විදියෙ අවි අතට ගැනිමක් කලා. එතනින් පස්සෙ රජය පරීක්ෂණ පවත්වනවා මේකට හේතුව මොකක්ද විසඳුම මොකක්ද කියාල. එතනදි මෙතන තරුණ අසහනය දරුණු විදියට වැඩිවීමේ ගැටළුවක් තිබෙනවා කියල හොයාගන්න එවකට එක්සත් ජාතික පක්ෂ රජය සමත් වෙනවා.

මේ තරුණ සේවා සභාව සහ යෞවන සමාජ සහ වෙනත් බොහොමයක් වැඩ වල එකල පුරෝගාමින් දෙදෙ‍නෙක් බවට අපේ විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ සහ නැසීගිය ගාමිණි අතුකෝරළ මහත්වරුන් පත්වුනා. රනිල් වික්‍රමසිංහ මහතාගේ නිර්මාණශීලි දායකත්වය සහිතව තරුණ සේවා සභාවත් යෞවන සමාජ ක්‍රමයත් සාර්ථක ලෙස ගම් වල තරුණයින් අතරට ගියා.

සමහර ප්‍රශ්ණවලට ප්‍රශ්ණය විතරක් අතගාල හරියන් නැහැ. ප්‍රශ්ණ අවට අපිට නිර්මාණශීලිව අධ්‍යනය කරලා විසඳුම් හොයන්න සිද්ද වෙනවා. ඒ විදියෙ ලස්සන කතාවක් තමයි ග්‍රිඩි‍රොන් ගැන්ග්. මේ ෆිල්ම් එකේ අධ්‍යක්ෂවරු නළු නිලියො ආදිය ගැන මේ පහත ලිංකුව හරහා ගියාම නමද ගමද වයස එක්ක පිංතූරේ විස්තර තියනවා. ඉතිං මං මොකටද ආයිමත් ඒවා කියන්නෙ.කියලයි මම ඒවා නොලිය ඉන්නෙ.

http://www.imdb.com/title/tt0421206/?ref_=nb_watch_?ref_=nv_wl_img_3

Friday, April 4, 2014

පාන් සහ රෝස Bread and Roses

ලංකාවෙදි කම්කරුවන් ගැන කතාබහ කරන සවිධාන ආදිය තිබිල තිබෙනවා. ඒ අය කම්කරුවන් වෙනුවෙන් පෙනී සිටලා තිබෙනවා. මේක අතීත කාලෙන් කියන්ට යෙදුනෙ දැන් කම්කරුවන් වෙනුවෙන් පෙනී සිටීම කියන එක ඉතාම දුර්ලභ දෙයක් වෙලා තිබෙන නිසා. කම්කරුවන් කිව්වාම සමාගමක ප්‍රධාන විධායක නිළධාරියාත් නීතිය අනුව කම්කරුවෙක්. 

සේවක අයිතිවාසිකම් ලබාගැනීම කියන්නෙ දීර්ඝ ඉතිහාසයක් තිබෙන මාතෘකාවක්. ලෝකයේ ඒබ්‍රහම් ලිංකන් මහත්මයා විසින් තහනම් කරන්නට කලියෙන් වහල් මෙහෙය කියලා එකක් තිබෙනවා. එතනදි වහල්ලු සලකලා තිබෙන්නෙ කරත්ත වල බඳින හරක් ගානට. ඒ මිනිස්සු බොහෝවිට කළු ජාතිකයින්. ඒ කළු ජාතිකයින් වහල් මෙහෙයට යොදාගන්න කතාවක් ආශ්‍රිත 12 years slave චිත්‍රපටියකට පසුගිය ඔස්කාර් සම්මාන උළෙලේ හොඳම චිත්‍රපටය විදියට සම්මාන ලැබුනා. 

මේ කම්කරුවන්ගේ සහ සමස්ථ සමාජය තුල තැලෙන මිනිසුන් ගැන කතාකරන අය බොහෝවිට වාමාංශික මත දරන්නන් වෙනවා. බොහෝ වාමාංශීකයින්ගේ පූර්ව ආචාර්යවරයා ලෙස සලකන්නේ කාල් මාක්ස්. කාල් මාක්ස් විසින් සමාජයේ යාන්ත්‍රීකරණය හරහා කම්කරු ශ්‍රමයට අත්වෙන ඉරණම ගැන අලංකාර විදියට විග්‍රහ වෙලා තිබෙනවා. ඒ වගේම කතාවක් අපේ රටෙ හිටපු ලෝ පතල වියතෙක් වෙන ආනන්ද කුමාරස්වාමි මහත්මයත් 1900 තරම් ඈත කාලෙදි කියලා තිබෙනවා. 

කාල් මාක්ස් සහ විවිධ වාමාංශික දාර්ශනිකයින්ට දුක් විඳින,ශ්‍රමය ඉතාම ලාබෙට විකුනන මිනිසුන් ව විග්‍රහ කරන්න පුළුවන් වුනා. නමුත් කිසිම විටක ඔවුන්ට සැනසීම ලබාදීම කියන කාරණාව නම් ලේසි නැහැ. කාල් මාක්ස් ගේ තියරි සහ වාමාංශික දර්ශනය තේරුම් ගන්න අමාරුයි. නමුත් ඒ තේරුම් ගන්නවාට වඩා සිය දහස් ගුනයක් අමාරුයි සැබැවින්ම දුක් විඳින මිනිස්සු ඒ දුකින් මුදවා ගන්න එක. 

මම අවස්ථා ගනනාවකදී අපේ කන්තෝරුවේ වැඩකරන පිරිසිදු කරන්නියන් ගැන කතාකරලා තිබෙනවා. මේ තියෙන්නෙ ඒ ලියපු ඒවා කිහිපයක්. මේක ඉතාම ඛේදනීය තත්වයක්. එක මනුස්සයෙක්ට දෙන්නෙ රුපියල් හාරසිය පනහයි. වාඩිවෙන්න තැනක් නැහැ. බත් එක ලිහාගෙන කන්න කාමරයක් නැහැ. ඒ මිනිස්සු සමහරු ඉන්නෙ ටොයිලට් වලම මුල්ලක. ඒ මිනිස්සු කැන්ටිමට ගියාම සලකන්නෙත් වෙනස් මිනිස්සු කට්ටියක් විදියට. මම ඇතුලු ඒ මිනිස්සු මහත්තයා කියන ගොඩක් අය ඒ අයව නොදැක්කා වගේ යනවා. රුපියල් හාරසිය පනහ ගන්නත් ඒ මිනිස්සු දවස් පහේම වැඩට එන්න ඕනි. උදේ හයහමාර වෙනකොට ඇවිත් ඉන්න ඔනි. හතර හමාරට තමයි සේවය අවසාන වෙන්නෙ. 

මේ ලංකාවෙ පිරිසිදු කරන්නියන් අපේ කන්තෝරු වටපිටාවෙදි මුහුනදෙන තත්වය. පිට කියලා ලොකු වෙනසක් නැහැ. පාර අතුගාන මිනිස්සු කුනු බක්කිය අරගෙන යන මිනිස්සු මම ඉන්න කන්තෝරුවෙ සී මැදුරු කවුලුවෙන් පාර බලනකොට විටකදි පේනවා. ඒ වෙලාවෙදි අපේ කන්තෝරු සගයෙක් කිව්වා මචං දියුනු රටවල කාර් එකෙන් බැහැලා කුනු අස් කර්නනෙ. ටොයිලට් හෝදන මනුස්සය ලස්සනට ඇදල පැලදල කාර් එකේ එන්නෙ කියලා. එතකොට තව එක්කෙනෙක් කියනව ඇහුන. ලංකාවෙ නගර සබා කොම්පැනිවලින් ඇවිත් පාර අතුගාන ඔය මිනිස්සු සමාරවිට කවමදාවත් කාර් එකක ගිහිල්ලවත් නැතුව ඇති කියලා. 

මේ මම කන්තෝරුව කියනකොට සමාර යාලුවො මට හිනාවෙනවා. මේක මට වැරදීමක් නෙමෙයි. බොහෝ කාරණා අතින් සුද්දා ඔෆිස් කියලා කියන තැනින් අපේ කන්තෝරු වෙනස්. ඔවුන් ඔෆිස් කියල වචනෙන් හඳුන්වන වැඩකරන්න පහසු තෘප්තිමත් වටපිටාවක් අපේ කන්තෝරුවල නැහැ. හැම තැනම කැපිලි කෙටිලි.වැඩ කරනවා ට වඩා නොකර ඉන්න හේතු හොයන එක තමයි සිද්ද වෙන්නෙ. පිරිසිදු කරන්නියන් සම්බන්ධයෙනුත් එහමයි. ඒ මිනිස්සුන්ට අවශ්‍ය බඩු ඇඳුම්, ඉන්න හිටින්න තැන් මොකුත් දීල නැතුව වැඩකරන්න කියන මෝඩ වැඩ දැන් දියුනු රටවල ඔෆිස් වලින් ඈත්වෙලා. ඉතිං කට ඇරල අපි ඔෆිස් යනවා කියල මේ යටත්විජිත යුගයේ කන්තෝරුවට යන ගමනට කියන්න පුලුවන්ද? 

මේ මම අද විස්තර කරන ෆිල්ම් එක දුවන්නෙ පිරිසිදු කරන්නියන් පිරිසක් සිය විමුක්ති සටන මෙහෙයවෙන තැන ඉඳලා. මේක හරිම වේදනා සහිත එකක්. මේ ෆිල්ම් එක සටන ජයගැනීමෙන් සහ දුක් සහිත සිද්ධියකින් නිමා වෙනවා. නමුත් මේ විදියට සටන දිනන එක ඉතාම අහඹු දෙයක්. ඒ රටවලට වඩා මේ වගේ රටවලදි ඒ වගේ වෘත්තිය සටන් කියන්නෙ හීනයක් විතරයි. මේ චිත්‍රපටියෙ ඉන්න ලස්සන නිළඇඳුම් ඇඳුපු පිරිසිදු කරන්නියො දැක්කාම කස්ටියට ලංකාවෙ පිරිසිදු කරන මහත්මියන් සහ පිරිසිදු කරන සේවක මහතුන් මතක් වෙන්නෙ නැතිවෙයි. නමුත් මේ ඉන්නෙ අද ලංකාවෙ අපේ කන්තෝරු පාරවල් අතුගාන මිනිස්සු වගේම ජාතියක්ය කියලා හිතුවා නම් ටිකක් ගැඹුරට වදින චිත්‍රපටියක් බවට මේක පත්වේවි. 

ෆිල්ම් එකේ කතාව කෑලි ගලවලා වෙන් කරල විස්තර කරන්න තරම් සංකීර්ණ නැහැ. බොහොම ලස්සන මනබඳින ගෑනු ලමයෙකුත් ෆිල්ම් එකේ ඉන්නවා. හැන්ඩ්සම් කොල්ලොත් කිහිප දෙනෙක්ම ඉන්නවා. වෘත්තිය සමිති දේශපාලනය,ආදරය සහ ජිවිත ගමන එක්ක යන ලස්සන චිත්‍රපටියක්. 

http://www.imdb.com/title/tt0212826/?ref_=ttmd_md_nm

ඔන්න යාලුවනේ කුනු කන්ද පෙරලුනා ඈ..

පුංචි පැංචි කියල කිඩ්ස් පෝගැම් එකක් ඉස්සර ගියා..ඒකෙ හැමදේම වගේ කියන්නේ එක ස්ටයිල් එකකට.. ඔන්න යාලුවනේ අපි අද බලමු මාලතී නැන්දා අපිට මොනවද ග...