Friday, June 20, 2014

මළ මිනිස්සු

මා පවුලේ අයද නෑයින් පිරිසක්ද වෙනත් දන්න කියන අය කන්ඩායමක්ද සමග අප ඥාතියෙකුග් මලගෙදරක ගියෙමි. ගොස් එහි අවසාන කටයුතු වලදී දෙසුම් පැවැත්වූ ගිහියනුත් සංඝයා වහන්සේලාත් දෙසූ ආකාරයට මියගිය සිංඥෝරිස් උපාසක මහතා අවට ගම්වාසින්ට නිහඬ සේවයක් කල කාටත් කරදරයක් නැති පංසලට හිතවත් ඥාතිනගේ මිතුරන්ගෙ දුකේදී පිහිටවෙන මහා කරුණාවන්ත අයෙකි. අපි කුඩාකල අපේ නිවසට පැමිනෙන විට ටොපි චොකලට් ආදිය රැගෙනවිත් අපිට දෙන නිසා සිංඥෝරිස් ආතා කරුණාවන්ත වැදගතෙකු යැයි මනසේ ඇඳගත්තෝය. 

අපේ වාහනය දැන් එන්නට පිටත් විය. වාහනසේ සිටි අපේ නැන්දලා, අක්කලා, සහ දන්න කියන අඳුනන අය සිංඥෝරිස් සීයාගේ මහත් ගුණ මතක් කරමින් බොහෝ සෙයින් ශෝක කතාවෙහි යෙදෙමින් ආහ. අපේ පියාද ඒ කතාවලට එකතුව “කොච්චර වුනත් හැම නෑදෑ ගෙදරම සිද්දවෙන මගුලක්,මරනයක් දානයක් මගෑරපුනැති හොද මනුස්සයා“ යැයි ගුණ ටිකක් කියාගෙන ගියේය.  මගදී හදිසි අවශ්‍යතාවයකට ටවුන් එකක් මැද වාහනය නවත්වන ලදී. ගඳක් හෝ අරක්කු බෝතලයක රුවක් දුටුවේ නැතිමු්ත ඉන් පසු වාහනය තුල වූ කතා ආදියෙහි වෙනස් වූ වෙනස් වීමත් අපේ පියාගේ ත් පුංචි තාත්තාගේත් කටවල් කෂණිකව ප්‍රාණවත් වූ ආකාරයත් සලකා බැලූ විට ඔවුන් වාහනය නවත්වා ඇත්තේ අරක්කු ස්වල්පයක් මිලදී ගැනීමට බව අප නිමානය කලෙමු.

එක්වරම අපේ පුංචි තාත්තා..

සිංඥෝරිස් ඉස්සර ගුරුකං කරන ඇදුරෙක් පස්සෙං ගියා නේද? මිනිහ ඒ වැඩත් දැනං හිටිය මං හිතන්නෙ.. යැයි කීය. 
ඔව් වොවු..මිනිහ ඒ ඇදුර එක්ක එකතුවෙල සමහර පවුල් නැතිවෙන්නම සල්ලි ගැරුවා. නුලක් දාන්නත් දාහක් දේවල් පූජ වට්ටි ඉල්ලනවා. ඒ ඇදුරත් හොද ගරානා කෙනෙක්. සල්ලිම තමයි. ඒවයිං තමයි ඉතිං ඔය පෙරහැරක් වගේ ඉන්න සිංඥෝරිස්ගෙ දරුපවුල නඩත්තු කලේ. ඇයි ඉතිං අවුරුද්දට එක ගානෙ පැටවු ගහන එක නේ ඒ ගෑනිගේ වැඩේ වුනේ. එක පෙළට ලමයි. සමහරු මරෙනෙටත් නැද්ද කොහෙද. මිනිහ මැරුන නිස හැමෝම හොඳ කියනවා. 

අපේ තාත්තා මැරුණ අයගේ ගුණ ගයන්නට පටන් ගත් අතර වාහනයේ ඇතැමෙක් එතෙක් කරගෙන ගිය වෙනත් කතා නවතා ඒ අපේ තාත්තාගේ ගුණ වරුණ අසාගෙන සිටින්නට විය. මෙතෙක් වෙලා මැරුන අයගේ ගුණ ගයමින් බොහෝ සොවින් ගිය ගෑනු පිරිසගේ මුහුනු වෙනස් වුන ආකාරය මට බලාගන්නට බැරිවීම ගැන මා දුක්වුනෙමි. 

ඒක ඇත්ත අයියෙ. ඔය මිනිහයි ඇති හොඳක් නැහැ. සමහර ගෙවල් වලට ඔය මිනිහ වැද්ද ගත්තෙත් නැහැයි කියල කතාවක් තියෙනව නේ..ඒ අපේ පුංචි තාත්තාය.. 

නැතුව නැතුව.. ඔහෙට කියන්න ඕකා ගෙදරකට රිංගන්න හදන්නෙ මිනිස්සු ඉන්න වෙලාවක නෙවෙයි. නැතිවෙලාවට. මනුස්සයෙක් වැඩට ගිහින් ඉන්න ගිනිදවාලක මනුස්සයෙක් ගෙදරකට එන සිරිතක් නැහැ නෙව. එක්කො පාන්දර නැත්තං හවසට තමයි නෑ හෑ දෑයො එන්නෝන. මේ මිනිහ ඒකටත් එක්ක. ඔය මලගෙදර නාපු නෑයො කිීප දෙනෙක්ම ඉන්නව මුන්දැගෙන් ළමයිතුත් ඉන්න. ගුරුකං වලට බයේ සමහර ගෑනු කැමති වෙන්න ඇති. අනිත් එක මිනිහ නිකං කකා බිබී ගුරයි පස්සෙ ගිය එක නෙව කරේ. ඒ යකාට ඒ තරං ඇදිල ගිය පෙනුමක් තිබුන් නැහැ නාකි වෙනකම්ම. ගෙදරකට වද්ද ගන්න හොඳ මිනිහෙක් නෙවෙයි ඔය මිනිහ. දැන් මැරුන නිසා මක්කවත් කියන්න හොද නැහැ. නැත්තං මං දන්නව උන්දැ වලං දැට්ට ඔලුවෙ දාගෙන ආපු කතා දෙක තුනකුත්.. අපේ තාත්තා කියා නිමකලේ හිනාවකුත් සමගය.

හෙහ් හෙහ ්හෙහ්.. දෙදෙනා සිනාවෙන්නට විය. 

ඉන්පසු වාහනයේ ඉදිරිපස හරියේ ගිය ගැහැනුද ඒ මියගිය සිංඥෝරිස්ගේ අනියම් සම්බන්ධතා ඒවායේ ළමයි, හොර සිල්, පංසලේ වැඩ වලදී ගසා කෑ සැටි ආදිය ගැන කුනු කුනු ගාන්නට විය. අපේ තාත්තාත් පුංචි තාත්තාත් තවත් විස්තර සිංඥෝරිස් ගැන කියූ අතර ඇතැම් ඒවා අසැබි වදන් වලින්ද සමන්විත වූයේ කතාකාරයින්ට උත්ප්‍රේරක වැඩි වූ නිසා වන්නට ඇත. 

මිනිසෙකු මිය ගිය පසු ඔහුගේ හොඳ ගැයීමත් හොඳ කීමත් සාමාන්‍ය සිරිතකි. නමුත් පුද්ගලිකව මෙන්ම පොදුවේද ඔහුගෙන් අවැඩ සිදු වූ මනුෂ්‍යෙයා් ඔහුගේ නුගුන කියති. ඒ අනුව ඒ නුගුන කියන අයගේත් ගුණ කියන අයගේත් අනෙක් මැදහත් අයගේත් අදහස් සියල්ල සලකා බැලූ කල ඒ පුද්ගලයා ගේ නියම චරිත ස්වභාවය ගැන අපිට දල අදහසක් ලබාගත හැක. 

නිකොලායි ගොගොල්ගේ මළ මිනිස්සු නම් නවකතාවක් ඇත. එය නිම වූ නවකතාවක් නොවේ. වෙළුම් තුනකින් සමන්විත පොතේ එක් කොටසක් ගොගොල් විසින්ම ගිනිතබා විනාසකොට ඇත. අනෙක් කොටස්ද විටින් විට ගිනිතබා ඇත. ගොගොල් මේ පොත පළ කර ඇත්තේ 1847 තරම් ඈත කාලයකදීය. එකල පැවති ඉඩම් හිමියන් ගැන දාසයින් ගැන රුසියාවේ වාසය කල එකී මෙකී නොකී බොහෝ මිනිසුන් ගැන විස්තර මේ නවකතාවේ ඇතුලත්ය. මේ නවකතාවේ වෙනස නම් එහි අන්තර්ගත විවිධ මිනිසුන් ගැන වූ අව්‍යාජ විස්තර කතාවයි. හොඳ ගති අලස ගති සහ ඔවුන් මහා සමාජයට දක්වන බැඳීම ගොගොල් විසින් කදිමට විස්තර කරයි.

මළ මිනිස්සු හි හොඳ පුද්ගලයින් කිහිප දෙනෙකු සිටින මුත් නවකතාව පුරාවට ගොගොල් විසින් උත්සාහ කොට ඇත්තේ හොඳ මිනිස්සුන්ට වඩා පොලොවේ ජිවත්වෙන හොඳ නරක ඇතුලත් සාමාන්‍ය මිනිස්සුන් ගැන විස්තර කිරීමටය. මෙය නීරස යැයි කෙනෙක්ට හැගෙන්ට පුලුවන් නමුත්  ගොගොල් යනු උපහාසය මතු කිරීමේ දක්ෂයෙකි. ඔහු චරිත වල ඇති කවර ගතියක් වුවද උපහාසයට ලක් කිරිමේ උපන් ගෙයි සමතෙකි.ගොගොල්ගේ මුල් පරිච්ඡේදය වඩාත් අපක්ෂපාතී වන අතර අවසාන කොටස් වලදී ඔහු දෙවියන්ට වැඩිපුර තැනක් ලබාදීමට කටයුුතු කොට තිබෙන අයුරක් පෙනේ. 

නිකොලායි ගොගොල් ගැන සිරිල් සී පෙරේරා මහතා ලියා ඇති පෙරවදන අනුව ගොගොල්ගේ මව දේව භක්තිය ඇත්තියක වූ අතර ගොගොල් මවට වඩාත් ආදරය කලේය. ඒ නිසාදෝ හෝ ගොගොල් පසුකලෙක දැඩි දේව භක්තිකයෙක් විය. මුල් කාලයේදී ගොගොල් ,අප්‍රසිද්ධ පුද්ගලයකු ලෙස මියයන්ට සිදුවේ යැයි දැඩි බියකින් වරින් වර පෙළුන බව ඔහු කියා ඇත. පසුකලෙක ක්‍රිස්තියානි ආගමේ දෙවියන් වහන්සේට ඇළුන ගොගොල් වටා එයට අනුබල දෙන පිරිසක්ද  ඇතිවන්නට විය. ගොගොල් විසින් ලියන්නට යෙදුන මේ මළ මිනිස්සු කතාවට වස්තු බීජය ලබා දුන්නේ රුසියාවේ මහා කවියෙකු ලෙස එවකට සැලකූ අලෙක්සන්දර් පුෂ්කින් විසිනි. පුෂ්කින්ට එය ලබා දී ඇත්තේ ඔහු තුරඟ තරඟයක් නරඹන අතර සිටි ඔහුගේ මිතුරකු විසිනි.

කතාන්දර කියවා පුරුදු වුන චූටි දරුවෝ කතාවල අවසානයක් අපේක්ෂා කරති. ඔවුන්ට අනුව සෑම කතාවකටම මුලක් මැදක් සහ අවසානයක් තිබිය යුතුය. සමහර පාඨකයෝ කෙතෙක් වයසට ගියද දැනුමෙන් පෙනුමෙන් මුහුකුරා ගියද අර කුඩා කල කියවන කතා වලින් එහාට යන්නේ නැත. ඔවුන්ට කතාවක් නම් ඔවුන් සිතන පරිදි මුල මැද අග පිරිසිදුව පැහැදිලිව තිබිය යුතුයැ. එසේම ටොම් ඇන් ජෙරී කතාවේ මෙන් නිසි ලෙස පේන්නට සතුරා සහ හොඳ මිතුරා තිබේනම් වඩාත් ඒ පාඨකයින්ට පහසුය. 

නමුත් සැබෑ ලෝකයේ කිසිදු තැනක සම්පූර්ණ වැරදි පමණක් කරන මිනිස්සු නැත. ශුද්ධවන්තයෝ යැයි නම් කරන ලද පිරිසක් ඇති මුත් ඔවුන් ශුද්ධවන්තයින් බවට පත්වන්නේ ඔවුන්ගේ ශුද්ධ නොවූ ගුනාංග නොපෙනෙන පිරිසකට පමණි.  කතාන්දර හෝ බාල චිත්‍රපට වල මෙන් මුල මැද අග ලස්සනට ඇති කතාන්දරද මහපොලොවේ ඇතිවන්නේ ද නැත. 

මෙවනි රුසියානු ළමා කතාවක් වැනි කතාවක් ලංකාවේ පාඨකයින් බොහොමයක් අතර ජනප්‍රියය. එහි නම ගුරු ගීතය වෙයි. එක් කලෙක මා උගත් උසස් පාසලේ ගුරුවරයෙක් ගුරුගීතය නොදන්නා සහ නොකියවූ ලමුන් උපහාසයට ලක් කොලේය. එවකට මාද ගුරු ගීතය කියවා තිබූ මුත් එහි කිසිදු අමුත්තක් ඒ වනතෙක් නොදැක සිටි මා සිතා සිටියේ ගුරු ගීතය නමින් විශාල පොතක්ද තිබිය හැකි බවකි. නමුත් ශෝකය නම් මගේ ගුරුවරයා මහා කෘතියකැයි කියා තිබුනේ අර මා කියවූ කුඩා පොතටය. එය කියවූ මා හට එය හුදෙක් අහඹු චරිතයක් ඇතුලත් එය එවකට සෝවියට් දේශයේ පැවති පැවති රජයේ අවශ්‍යතාවයට ලියන ලද මිනිහෙකුගේ හුදකලා කතාවක් පමණකි. දුයිෂෙන් ලා ගණනින් වැඩි වූ පලියට සමාජයක් වඩාත් සාධාරන හෝ ලක්ෂණ වේ යැයි සිතීම මුළාවකි.

ගොගොල් ගේ මළ මිනිස්සු නවකතාව සෑම පිටුවකම පාහේ අලුත් දෙයක් අපට සම්භවෙන මායා කතාවක් වැනිය. නමුත් කතාවේ විස්තර කෙරෙන චරිත සැබෑ ලොව සිටින මිනිසුන් තරමට අපිට සමීප ගතියක්ද දැනේ. වසර එකසිය හැත්තෑවකට පෙර ගොගොල් විසින් මෙම පොත ලියන ලද්දේ වුවද අද අපේ සමාජයේද මේ ගොගොල්ගේ පොතේ දැක්වෙන විපරීත සහ සාමාන්‍ය චරිත පේන්නට ඇත. 
මේ පොතේ අවසාන පරිචඡේදවල කොටස් කිහිපයක්ම අඩු අතර ඉංග්‍රීසි පිටපත් ගනනාවක් කියවා කතාව මැනවින් ග්‍රහනය කොටගෙන පරිවර්ථන කාර්යය සිදු කලා යැයි සිරිල් සී පෙරේරා මහතා කියා ඇත. ඒ මහතා මේ කෘතිය පරිවර්ථනය කිරීමට වසර ගානක් තිස්සේ අධ්‍යයන කටයුතු කර ඇත.  සිරිල් සී පෙරේරා මහතා ඒ අතින් ගත්විට පිටු පන්සිය ගනනකින් සමන්විත මේ පොත පරිවර්ථනයට ගොඩාක් මහන්සි වන්නට ඇත. ඔහුගේ ඒ මහන්සිය සිංහල කියවන අපිට වඩාත් වැදගත්ය. සිරිල් සී පෙරේරා මහතා ඇතැම් යෙදුම් අපේ බස සමග මනාව ගලපා තිබේ. 

මේ පොත ගොඩගේ ප්‍රකාශනයක් වන අතර මා මිලදී ගත් පොත රු 300/=ක් ලෙස මිල නියම කොට ඇත.

12 comments:

  1. සාමාන්‍යයෙන් පොඩි කාලෙන් පස්සේ පරිවර්තන මිලයට අරන් නැති වුණත්, මාත් ඔය බුකියේ අරෙහේ මෙහේ ගුණ වරුණ දැකලා පොත් දෙකක් ගත්තා 2012 දී.

    එකක් ගුරු ගීතය, අනික සන්තියාගෝ නම් සැරිසරන්නා.

    දෙවෙනි එක කියවා ඇතිවූ ඉච්ඡාභංගත්වය නිසා තාම ගුරුගීතය කියන එක කියවන්නට හිත හදාගන්නට බැරිවුණා!

    ReplyDelete
    Replies
    1. ඒ පොත් දෙකම මම කියවපු හොදම පොත් දෙකක්....
      අයිත්මාතව් ගේ ගුරු ගීතය ඕනේ කෙනෙතුට තේර‍ෙන පට්ට කතාවක්
      බට්....කොය්යෝ ගේ සැරිසරන්නා නම් දාර්ශනික පොතක්....

      Delete
    2. මා මලගෙදරක ගියෙමි.අපි මනසේ ඇඳගත්තෝය.අප නිමානය කලෙමු.මා දුක්වුනෙමි. දෙදෙනා සිනාවෙන්නට විය.පාඨකයෝ එහාට යන්නේ නැත. ඉතා හොඳයි.සුපිරි ! ඔහොම යං! අමිල ! පට්ටයි අමිල!පහේ ශිෂ්‍යත්වෙ පාස් නැහැ කියල නම් තෙරුම් ගන්න පුලුවනි. ඒත් අඩු ගනනෙ මූලික ව්‍යාකරන ටික වත් ඉගෙන ගත්තෙ නැත්තෙ ඒ කාලෙත් දාර්ශනිකයෙක් වෙන්ඩැ...!

      Delete
    3. +++++++++++++++++++++++++++++++++++++++++++++++++

      Delete
  2. මැරිච්ච වහලුන් එකතු කර කර ගිය චිචිකෝව් වගේ තමා අද ඉන්න දේශපාලුවොත්.......මැරිච්ච මිනිස්සුන්ගේ ඡන්ද කාඩ් එකතු කරනවා...

    ReplyDelete
  3. වෙලාවට පොත් දෙකම කියවලා නෑ....ආය බොරු මොටද

    ReplyDelete
  4. ''අපේ පියාගේ ත් පුංචි තාත්තාගේත් කටවල් කෂණිකව ප්‍රාණවත් වූ ආකාරයත් සලකා බැලූ විට ඔවුන් වාහනය නවත්වා ඇත්තේ අරක්කු ස්වල්පයක් මිලදී ගැනීමට බව අප නිමානය කලෙමු.'' ''අපේ තාත්තාත් පුංචි තාත්තාත් තවත් විස්තර සිංඥෝරිස් ගැන කියූ අතර ඇතැම් ඒවා අසැබි වදන් වලින්ද සමන්විත වූයේ කතාකාරයින්ට උත්ප්‍රේරක වැඩි වූ නිසා වන්නට ඇත.''දරුවො ඉන්න තැන අරක්කු බොන සහ අසැබි වදන් කියන තාත්තලා සහ අයියලා මල්ලිලා සිංඥෝරිස්ට වඩා හොඳ වන්නේ කෙසේද? පුතාට මෙහෙම වුනේ ඇයි කියා දැන් අපට වැටහේ.

    ReplyDelete
  5. මළ මිනිස්සු නං කියවලා නෑ... ඒත් ගුරු ගීතය කයවලා තියේ...

    හිහි...
    අපේ මිනිස්සු දෙබිඩි ස්වභාවය පෙන්නන්න හරි දස්සයි නෙව..
    ඒ හින්ද වෙන්න ඇති හොද නරක කලවමේ කියවුනේ

    ReplyDelete
  6. හෆූයි.. බස්සී,මාතලන්,හැලප කඩේ,කකා,ඕනමැන්ටල්,වරෙල්ලා...මේ පාරේ...!මරු බ්ලොග් එකක් තිබේ රටට ගමට වැඩක් නැතේ.... වරෙල්ලා ......මේ පාරේ...//

    ReplyDelete
  7. මට රුසියන් පරිවර්තන පිස්සුව හැදුණෙ ගුරු ගීතයෙන්..
    මළ මිනිස්සු නං කියවල නෑ..
    බලමු හොයාගන්න..

    ReplyDelete
  8. ගොගොල්ගේ කෙටි කතා කියවා ඇත. එහෙත් මළ මිනිසුන් කියවා නැත සිරිල් සී පෙරේරා මෙන්ම දැදිගම වී රුද්රිගු මහතාද රුසියානු සාහිත්‍යය සිංහලට නගන්නට ප්‍රමුඛ උත්සාහයක් ගත් අයෙකි..

    ReplyDelete
  9. බර බඩද සරුවාලේ......!?

    ReplyDelete

නූතන පටාචාරාවත

විසිතුරු බඩුව ඇය කිසිවිට නැහැ සැලුනේ.. බියකරු වනය බිය නැහැ ඇය වෙත දැනුනේ.. සිය සැමි නැතිය එන මග දරු අහිමි වුනේ.. නැති විය සිහිය ...