Sunday, September 28, 2014

වීය බඹදත් An Illustrious King Called Bambadath


වර්ථමාන ‍ලෝකය කලා නිර්මාණකරනයේදී අකුරු වලට වඩා රූපවලට ප්‍රමුඛතාවය ලැබෙන කාලය පැමිණ තිබේ. ඒ නිසා පුරාතනයේ සිට පැවත එන පුරාවෘත ආදිය රසවත් ටෙලිනාට්‍ය සහ සිනමා කෘති ලෙස ඉදිරිපත් වීමේ ප්‍රවනතාවයක් ඇතිවෙමින් පවතී. ගේම් ඔෆ්ද ත්‍රෝන් නැරඹූ මගේ මිතුරකු එහි ආතර් මැරෙන විට විස්සෝප වෙමින් ඒ ගැන දුක් වූයේ තමුන්ගේ සෙනෙහබර ආත්ත,මුත්තා මැරුණා ලෙස වූ ශෝක‍යකිනි. නමුත් ලංකාවේ දැන් දැන් පහල වෙන ඉතිහාස කතා බලා පටන් ගත් තැන පටන් අවසානය දක්වා පේන අඩුපාඩු වලට සිනාසිය හැකි කෘති විනා වටිනාකමක් ඇති ඒවා බිහිවෙන ආකාරයක් පේන්නෙ නැත.
කුවේණියට රඟපෑ නාකි පෙනුමක් ඇති ගෑනිය ඇහැළේපොල කුමාරිහාමි ලෙස තෝරාගෙන චිත්‍රපටියක් පහුගිය දිනවල තිරගත විය. ශ්‍රී වික්‍රම රාජසිංහ රජු පවා කෙළ හලමින් සිටි එවකට කන්‍ද උඩරට ලක්ෂණ රූපයෙන් යුතු කුල කාන්තාවගේ මනෝ චිත්‍රය පවා ඒ නාකි පෙනුමැති නිළිය විසින් අපට අහිමි කරන ලදී. බාගෙදා ශ්‍රී වික්‍රම රාජසිංහට රඟපෑ ජැකාගේ සිත හෝ වෙනත් යමක් ඇද උරාගත් එකියක් වූ නිසා එසේ ඒ චරිතය ඇයට ලැබුනාදැයි දන්නේ නැත.
ලාංකික පුරාවෘත බොහොමයක් ආගම සහ ඇදහීම් හා සෘජු ලෙසම සම්බන්ධය.රූප පෙට්ටියේ පෙන්වන දුම් දමන අලංකාර කරන ලද කෑම ආදිය තලුමරමින් කන අයුරු පෙන්වන විට එහි සුවඳ පොදක්වත් රසින් බිඳක්වත් අපට නෙදැනුනත් අපේ කටට කෙළ උනයි. . එසේම යම් වැදගත් ධර්ම කාරණාවෝ වුවද කතාන්දරයකට හෝ වෙනත් උපමා රූපක ආදිය යොදා පැහැදිලි කරන විට අපිට අමුවෙන්ම ධර්මය දෙසනවාට වඩා ධර්ම කොටස් ගැන ආසාවක් උපදී.
බෞද්ධ ධර්ම කොටස් පැහැදිලි කරනු වස් ඇති වූ සාහිත්‍ය කෘති පසුකාලීනව වෙනස්ම මගක් ගොස් හින්දු දේව සංකල්ප හා මුසුවීමේ අවස්ථාවකට එළැඹේ, කතරගම, ඝන, විශ්නු ආදි දේව වන්දනාවන්ද, මහා බ්‍රහ්මයා, සුරා සුර ලෝක, යම ලෝකය ආදී සංකල්පද එසේ යම්යම් මිශ්‍ර වීම් මගින් ඇතිවන්නට ඇත.
ලෝකයේ දැනට ජනප්‍රිය බොහෝ ආගම් පුද්ගලයා මූලික කොට ගෙන විමුක්තිය උදාකරන ඒවා වෙයි. ඒ ඒ පුද්ගලයාට දෙවියන්ට සමීප වීමට හෝ මෝක්ෂය ලබාගන්නට ලේසි පාරක් ආගම් මගින් පහදා දෙයි. ඒ ආගම් වලට නැඹුරු වන සමාජයන් වඩාත් දියුනු වේ යැයි අපිට බැලූබැල්මට සිතෙන නමුදු වර්ථමාන ලෝකය දෙස නෙත් යොමා බැලුවොත් ආගම කෙරෙහි වඩාත් ඇළුන ජාතින් අතර නිරන්තර කෝලහාල ඇති බවක් ඔබට පෙනී යනවා ඇත.
බෞද්ධ සාහිත්‍ය දෙස බැලුවොත් සද්ධර්මාලංකාරය, සද්ධර්ම රත්නාවලිය,ජාතක පොත ආදී කෘතිවල ඒ ඒ පුද්ගලයින් හා සම්බන්ධ කතාන්දර ආදිය ඇතිමුත් සාමූහික දේශපාලනය හා සම්බන්ධ අවස්ථාවන් ඉතාම විරලය. රජවරුන් සිටුවරුන් බලාධිකාරින් විසින් කරනු ලබන පිංකම් සැහැසිකම් ආදිය ගැන විස්තර ඇතිමුත් ඒ බලාධිකාරින්ට විරුද්ධ වෙන හෝ රජතුමාට එරෙහිව මත පළකරන කතා ආදිය ඇත්තේ ඉතාම කළාතුරකිනි. මිනිසුන් සිය ගනනක් මරා දැමීමෙන් ජීවිකාව කරගත් වධකයෙකු පවා අවසන තෙර නමකට දානයක් දීමෙන් බොහෝ කලක් දිව්‍ය සම්පත් ලැබූ කතාවක්ද ඒ පොත් හි ඇත. කවර වූ අයහපත් ක්‍රමයකට මුදල් ඉපයූයේ වුවද අවසන මහා දන්වැට පවත්වා, සති ගානක් දන් පින් කරන ලද්දේ වී නම් ඒ පුද්ගලයා බොහෝවිට දිවියලෝක සම්පත්තිය ලබන බවක් මේ පොත් හී බොහෝ කතාවන් වල අන්තර්ගතය.
බුදු දහම ව්‍යාප්ත කර සාමාන්‍ය ජනයාට ආගම දහම ඉගැන්වීම,ශ්‍රද්ධාව නැංවීම මෙන්ම සියලු පුද්ගලයින් පුද්ගලිකව පින් දහම් කොරගනිමින් පුද්ගලික අභිමතාර්ථයන් ඔස‍්සේ පුද්ගල මනස දැක්කීමක් මේ පුරාණ බෞද්ධ කෘති හරහා සිද්ධ වේ යැයි මට සිතේ. අද ලංකාවේ පලවන රජයට පක්ෂපාතී පුවත්පත්හී රජය අතින් සිදුවන වරදක් ඉඳහිට පළ වුවද ඒ වරද ඉබේ සිද්ධ වූ ආකාරයක්‍ පෙන්නුම් කරන මුත් එයට හේතු භූත වූ දේශපාලනය වත් ඒ පිටුපස සිටින පුද්ගලයින් වත් හෙළිවන්නේ නැත. එසේම එකලද පොත් පත් ලිවීමට හැකියාව තිබූ අයට රාජ්‍යය බලය අභියෝගයට ලක් නොවන ආකාරයට ලිවීමේ යම් කිසි ස්වයං විනය සම්ප්‍රදායක් තිබෙන්නට ඇත.
අප සමාජයට ගැලපෙන දේශපාලන ක්‍රම ආදියගැන විවිධ කතිකාවත් විවිධ කාලයන්හි ඇති වේ. අයෙක් බටහිර ඉතා සාර්ථක ක්‍රම අමු අමුවේ මෙහෙට හරියතැයි සිතා සිටිති. නමුත් අප දකුනු ආසියානු මනස වැඩකරන්නේ බටහිර යුරෝපයේ මිනිසුන්ගේ මනස වැඩකරන ආකාරයට නොවේ. ඒ රටවල ඇති දේවල් එලෙසම කොපි‍කොට මෙහි දැමූ කල ඒවා අසාර්ථක වන බවට උදාහරණ කොතෙකුත් අප සමාජයෙන්ම සොයාගත හැක.
සුගතපාල ද සිල්වා මහතාගේ පවර නි‍රි‍ඳෙක් වී ද බඹදත් යනු මේ අප රට පුරාණ සාහිත්‍ය කෘති හරහා උකහා ගත් තොරතුරු වලින් ලෝකයේ මැවුම් වාදය ගැන නැවුම් කතාවක් ඉදිරිපත් කරන පොතකි. ඒ කතාව ලෝකයේ මුල්ම මනුෂ්‍යවාස ඇතිවීම පිලිබද හින්දු හා බෞද්ධ මතාවද වලට සමීප වුවත් එය ලක්ෂණ කතාවක් ලෙස මනාකොට ඉදිරිපත් කරන්නට සුගතපාල ද සිල්වා මහතා සමත් වී තිබේ. එවැනි වූ බෞද්ධ හා හින්දු මනස් හී පවතින මනෝරාජික ‍ලෝක මැවුම් වාදය සියුම් ලෙස උපහාසයට ලක් කරන්නට ද සුගතපාල මහතා කටයුතු කර ඇත.
මේ කතා පොත ගැන වූ විචාර ආදිය මට වැඩිපුර හමු වූ‍යේ නැත. ලාංකික විචාරකයින් බොහොමයක් බාස්කට් තනා ඒ තුලට කතා රචකයා එබී‍මේ දක්ෂයෝ වෙති. ඔවුන්ට ළඟ බොළඳ නවකතා කාරයෝය. වාමාංසික සමාජවාදී හොරුය, පස්චාත් නූතනවාදියෝය, ඉතිහාසය විකෘත කරන්නෝය,. අම්මා වුව විකුනාගත හැකි තරම් වෙලෙන්දෝය. පිටරට ආබාසය ලබා පොත් කොපි කරන්නෝය. ක්ෂානර, ධාරාවන්, නිමිති ආදියෙන් විශේස වන්නෝය වශයෙන් බාස්කට් තිබේ. යම් නවකතාවක් පල වූ කල ඔවුන් කරන්නේ මේ බාස්කට් දෙක තුනකට අර කෘතිය ඔබා ඉන් පසු පොතත් කතුවරයාත් තැලීම හෝ උඩදැමීමයි. සුගතපාලද සිල්වා වැනි කෙනෙකුගේ මෙවන් කෘතියක් දමන බාස්කට් ඔවුන්ට ලේසියෙන් තෝරාගත නොහැකි නිසාම මේ ගැන වැඩිපුර පෙරලිකාර විචාර කතා ආදිය උපදින්නේ නැතිව ඇතැයි මට සිතේ.
අද කාලයේ ජනප්‍රිය කතාවක් වන්නට නම් එයට ලිංගික ජවනිකාද ඇතුලත් විය යුතුව ඇත. මේ කතාවේද බුරියේ උපත, පර අඹුවන් සොයා යෑමේ පුරුද්දේ උපත, නපුංසක පරපුරේ ආරම්භය,ස්ත්‍රීන්‍ ගේද පුරුෂයින්ගේද රහස් අවශ්‍යතාවන්හී මූලය , ආදී වූ සෘංගාරාත්මක දේ ගැන කාව්‍යමය බසකින් නවතම ආකාරයට පහදා ඇත. යම් යම් වදන් හි ගැඹුර නිසා නොතේරී ගියොත් හැර ‍සමහර ලිංගික ජවනිකා විස්තර කරන විට ඒ හා සම්බන්ධ කදිම මනෝ චිත්‍ර ඇතිකරන්නට ද මේ පොත සමත්ය.
යම් පුද්ගලයෙකු මා කියවූ හොඳම නවකතාව කිමෙක්දැයි ඇසුවෝතින් මා දැනට කියවා ඇති පොත් පත් ස්වල්පයෙන් මා තෝරන්නේ මේ පොතය. කතාන්දර රසය විඳින අයට එයත්, ප්‍රේම කතා බොළද කතා රුචි අයට ආදරනීය ප්‍රේම කතාවකුත්, ‍ඓතිහාසික කතා වලට ආසා අයට පුරාණ ශ්‍රී විභූතිය ගැන වූ විස්තර ආදියත්, දේශපාලනික අදහස් දරන අයට ඒ දේශපාලනයේ පවතින සදාතනික කුණු රසයත්, ශෘංගාරාත්මක දේට කැමති අයට ශෘංගාරාත්මක ජවනිකාත්, ඒ මෙලෝ දෙයක් නොදන්නා කෙනෙකුට අලුත්ම වර්ගයේ පොතකුත් පවර නිරි‍ඳෙකු වීය බඹදත් කෘතිය හරහා සුගතපාල ද සිල්වා මහතා අපට ලබා දෙයි.
පොතේ නම : පවර නිරි‍ඳෙක් වීය බඹදත්
කතුවරයා : සුගතපාල ද සිල්වා
ප්‍රකාශනය : ඇස් ගොඩගේ සහ ස‍හෝදරයෝ (ප්‍රථම මුද්‍රනය 1997)
පොතේ අංකය : ISBN-955-20-2403X

Thursday, September 25, 2014

පඩ්-මි-කා Pa-d-mika 2

ඇයට අනුර නැමැති පියන් ඥාතිවශයෙන් ඇගේ නැන්දාගේ පුතාය. අනුර මඳක් මැයට වඩා වයසය. ඔහුට වඩා මේ කෙල්ලට බුද්ධිය ඇත. මා මුලින් සිතුවේ අනුර වැනිම ගොන් කොටයක් මට පහත්වේවිය කියලාය. නමුත් එහෙමම වුනේ නැත.
අනුරගේ මවට පිස්සුය. එය මානසික රෝගයකි. අනුරගේ මව මේ මගේ කන්තෝරුවේ වැඩකරන පද්මිකාගේ මවගේ සහෝදරියයි. ඇයට පිස්සුව තද වී රෝහල් ගත කොට ඇත. ඇය දවසක් හැර දවසක් වැඩ ඇරී ඇගේ නැන්දා බලන්නට යයි. මටද දිනක් ඇය සමග යෑමට සිත් විය.
මාත් එන්නං ඔයත් එක්ක යන්න. මටත් අනුරලයි අම්මව බලන්න ඕන. මා කීවෙමි.
හා පසිදු සර්.. එන්න. බස්සෙකේ තමයි යන්නෙ. පැයක් විතර යයි.
මා එන ස්ටාෆ් වෑන් එකට කෝල් එකක් ගෙන මා එන්නේ නැති බව කීවෙමි.
මා දැන් යන්ට සැරසුනි. ඇය හා බසයට නැගුන පසු බසය ඉගිල්ලුනි. හෝල්ට් දෙක තුනකින් නැගුන සෙනග කන්දරාව මගේ ඇඟ මතය. ඇය සිටගෙනය. මාද සිටගෙනය. ඇය මගේ ඉදිරියෙනි. මා මගේ යහපත් චර්යාව ආරක්ෂා කරගන්නට බොහෝ වැර වෑයම් කලෙමි. නමුත් අවසන ඒ සියල්ල වතුරේ ගියේය.
ඇයටද සේදී යන යමක් ඇත්නම් එසේම යන්නට දීම මනා යැයි සිතෙන්නට ඇත. ඇයට හැරෙන්නට වත් ඉඩක් නැත. ඇගේ නාරි දේහය මගේ ස්පර්ශයෙන් රත් වීගෙන එයි. මාගේ පුරෂ දේහය කිසිදු සදාචාර ලකුණකට ඉඩ නොතබමින් ඉලිප්පෙමින් ඇගේ පසුපස වදියි. ඒ අතර ඇය හා මා කතා කරයි.
මා ඔබත් එක්ක පේම කතාවක්
ඔබෙ ඇසුත් එක්ක තවත් කතාවක්. කියල සිංදුක් තියෙනවා.
ඒකෙදි ඇස් එක් එකයි ඔබ එක්ක එකයි. කතා දෙකක්. මේකත් ඒ වගේ. කටින් කතාව එයාගේ ෆැමිලි එක. වෙන දේවල් ආදිය. නමුත් ස්පර්ශීය කතාව වෙනත් දිහාක.
හරි අපි බහින්න ලඟයි නේද? ආහ් ඔවු නේ.ඇය කීවාය.
ඇයට එය අමතක වී ද නැද්ද මා නොදනී. නමුත් මා මතක් කලෙමි.
ඇය ඉදිරිපසින් ගියොත් මට මේ තදවෙන ප්‍රමාණය අනුව තවත් ප්‍රෙමා්දයක් ලබාගත හැකිය. මා ඇය හැරෙන තුරු සිටිමි. නමුත්..
සර් ඉස්සර වෙන්න මං එන්නං යැයි ඇය කීවාය.
මා ලැජ්ජාවෙන් එළීයට ආමි. ඇවිත් ඇයට ඈතින් යන්නට පටන් ගති.
නමුත් ඇය මාගේ උරහිසේ වදිමින් කිසි හැලහොල්මනක් නැතුවම යයි. මාද ඉන් පසු උරහිස වැදීම ගැන තැකිමක් නොකෙලෙමි.
මෙය අද්බූත හමුවීමකි. මා ලෙඩාට කෙසෙල් ගෙඩි ගතිමි. මේ දිනයේ අපේ අනුර පියන් උදෑසන වරුවේ අම්මා බැලීමට පැමිණ ඇත. මා සෙට් වූයේ හවස වරුවේ පුංචි අම් බැලීමට යන නිලක්ෂි සමගය.
මේ මේ නිලක්ෂී ඇවිත්. ඔයා බලන්න. එයාලයි ගෙදර අපිට යන්න පුලුවන් වේවි ඉක්මනටම. මෙතනින් පිටවෙලා. මේව කන්න. අනුරගේ පියා යැයි සැලකිය හැකි අයෙක් අපි යනවිට ඇයට කවමින් සිටියාය.
ඒ පිස්සු වාට්ටුවක ගෑනු එකකි. එහි යනවිට ජීවිතය ගැන විවිධ සිතිවිලි කදම්භයෝ දේදුන්නක් පරිදි මනසේ හෝල්මන් කරති. ලස්සන යොවුන් වියේ ගැහැනු, මැදිවියේ ගැහැනු. තලත්තෑනි අය, නාකි අය, ආදී විවිධ මට්ටම් හි මානසික රෝගීහු වෙති.
පුංචි...පුංචී...හ්..
මේං අනුරයියයි ඔෆිස් සෙකේ මහත්තයෙක් ඇවිත්. මං වැඩකරන්නෙත් එයා ළඟ..
අනුරගේ අම්මා මා දෙස බැලූමුත්මා හඳුනාගත්තේ නැත. සැබැවින්ම අනුරයා පවා මා ඇය බලන්නට පැමිණෙන බවක් දන්නවාද දන්නේ නැත. බාගෙදා නිලක්ෂිම පසුව ඔහුට කියනු ඇත.
නිලක්ෂි යකඩ ගැහැණියක වැනි දෘඩ ගතිගුන ඇත්තියකි.
නැන්දේ.ඔය විදියට නොකා හටියොත් නං ඉතිං..ගෙදර යන් වෙන එකක් නැහැ.
හොදට කන්නෝන.. කෝ මං කවන්න. ඇය වහා ඇගේ ගමන් මල්ල පසෙක ලා ඒ ගැහැනියට කවන්නට විය. ඇය කන්නට බැරි යැයි මුහුන හරවයි.නමුත් නිලක්ෂි සිය පෙරැත්තය පසෙක ලාන්නේ නැත.
ඉන් අනතුරුව ලෙඩාගේ ඇඟපත සෝදවන්නට බාර වූයේ නිලක්ෂිටය. ඇය එය ස්වේචාචාවෙන්ම බාරගෙන ඇඳුම් ගෙන ලෙඩා සමග නික්මුනේය. නිලක්ෂි ගොස් ඇය හොඳන් පිරිසිදු කොට විනාඩි දහයකින් පාලවකින් ඇයගේ කොන්ඩය පීරමින් එළීයට ආවේය. මා එතෙක් වාට්ටුවෙන් එපිට සිටියෙමි.
පිස්සු වාට්ටුව වනාහි යකඩ අඟුල් දමන ලද සිරගෙයක් වැනි එකකි. එහි සැමවිටම මිනිසුන් සිරගතව සිටිනවාක් වැනිය. මන්ද ඇතැම් මානසික රෝගීහු සැනින් පැන යන්නට හදති.ඇතුලට ගිය විට ගැහැනුන් ගේ මුහුන බැලීමට බැරිය.ඇතැම් ගෑනු කඩා පනින්නට හැක. එබැවින් පිස්සු වාට්ටුවට යෑම පරිස්සමින් කල යුත්තකි.
ඊටත් අපිරිසිදු ගැහැනුන් කිහිප දෙනෙක් සිටින මේ වාට්ටුවෙ දුඟද මගේ නැහැය පාරවන්නට විය. නමුත් මේ තරම් තැනක නිලක්ෂි කරන රාජකාරිය ගැන මට ඇති වූයේ හදවතින්ම පැහැදීමකි.
උදෑසන සිය මව බලන්නට පැමිණෙන අනුර ඇය ගැන අවශ්‍ය කටයුතු සිදුකරයි. සවසට ඇය බලන්නටම පැමිණෙන නිලක්ෂි මවගේ පිරිසිදු කිරීම් ආදිය සිදුකරයි..කොල්ලන්ම දෙදෙනෙකු සිටින අනුරගේ පවුලෙහි ගෑනු ලමයෙකු නැති නිසා නිලක්ෂි පද්මිකා වැනි ඥාති සොයුරියක සිටීම ඔවුනට අස්වැසිල්ලකි.
ඉස්පිරිතාලයෙන් එළියට බට ඇය කෙරේ මගේ ගෞරවය දැඩි විය. ඇය මල්ලට අත දමා තැළුනු ඉස්පන්චියක් අතට ගති. නිලක්ෂි දැන් කලින් තරම් මා අසලට එන්නෙ නැත. ඒ ඇගේ ඥාතියකුද අප සමග යෑමට සිටින බැවිනි. ඇය වෙනත් දිහාකට යන බැවින් මා දැන් තනිවම යා යුතුව ඇත. ඇය මල්ලට අත දමා තැලුනු ස්පන්චියක් අතට ගත්තේය.

සර් මං මේක ගත්තෙ අරයට දෙන්න. ඒත් බස් එකේදි මේක තැලිල. දැන් ඕක එයාට ගිහින් දෙන්න බැහැ. සර්ලයි කැන්ටිමෙ ඉස්පන්චි වලට එයා හරි ආසයි. මං ඉතිං ගෙනිහින් දෙනව. එයා එනවා බස්සෝල්ට් එක ලගට මාව ඇරලන්න.

ඒ ස්පන්චිය තැලුවෙ මමද? ඇය එය මට පෙන්වූයේ ඇයි? අනේ මන්දා..කාටද පිස්සු. කියල හොයාගන්න එකත් වෙලාවකට අමාරුයි.

Wednesday, September 24, 2014

පඩ්-මි-කා Pa-d-mika 1

ඒ කුමාරිකාවෝ රතැඹුලපෙති දෙකක් මෙන් ඉතා රත් වු පතුල් දෙකක් ඇතියහ. ඔප් නැඟූ කනකරූපයක් සේ බබලන රන්වන් ශරීර ඇතියහ. රන්මොනරකර දෙකක් මෙන් යහපත් වූ කෙණ්ඩාසඟලක් ඇතියහ. වටමටසිලුටු වූ කලවා සඟලක් ඇතියහ. ඉතා පළල් වූ උකුළු පෙදෙස් ඇතියහ. සිහින් වූ කටී පෙදෙස් ඇතියහ. නීලපුෂ්පාකාර වූ උස් නාසිකාවක් ඇතියහ. ලිනඟලාපෙති සේ ලීලෝපෙත ව වට වූ ඇඟිලිපෙලක් ඇතියහ. රන් හස් පැටවුන් වැනි මනහර තන සඟලක් ඇතියහ. ඉතා මොලෙක් වූ බාහුයුග්මයක් ඇතියහ. අඳුන්වන් සිනිඳු තුනු රෝමයන් ඇතියහ. නිලුපුල්පෙති පරයන දිගුපුළුල් වූ නිල් නුවන් ඇතියහ. කොඳකැකුළු සේ සුදු සිනිඳු වූ දන්ත පංක්තීන් ඇතියහ. රනොවිලි දෙකක් වැනි කන්වැල් සඟලක් ඇතියහ. උතුරු මුහුදැ දියසළාවක් සේ පළල් වූ පිටක් ඇතියහ. වැල දෙකක් සේ නිල් වූ බැම සඟලක් ඇතියහ. රන්කලසැ කරක් සේ වට වූ ග්‍රීවයක් ඇතිවහ. අක්බඹරු දික් මොළොක් වූ නිල් කෙස්වැටියක් ඇතියහ. බොහෝ කොට කීමෙන් ප්‍රයෝජන කිම්ද? ඒ කුමාරිකාවෝ තමන්ගේ ශරීරයෙහි රන්වන් පැහැයෙන් දසදිග් හොබවා හිර මඬල සේ බබලති.

ඒ සද්ධර්මාලංකාරයේ එන පද්මාවතී බිසොවුන්ගේ වර්ණනාවයි. නිලක්ෂි පද්මිකා නම් වූ කෙසඟ වූ කෙල්ල තුල මේ ආකාරයේ කුමාරිකා ලක්ෂන බොහොමයක් නැත. සියලු කුකුලන් සිය පිහාටු පාට කරගත් කල්හී පිටින් ආ එකකු පිහාටු පාට නොකර සාමාන්‍ය විදියට සිටියොත් පිහාටු පාට නොකල එකා කැපී පෙනෙයි. මෙහිද එසේයැ. නිලක්ෂි පද්මිකාට මූනේත් සමේත් රූපාලංකාරක දේවල් උලන්නට අවශ්‍යතාවයක් තිබුනත් ඒ සඳහා ඇයට මිලක් මුදලක් එහෙමට නැති බැවින් ඇය සාමාන්‍ය රූපයෙන් ආඩ්‍ය විය.

මුලින් ආ දිනවල ඇගේ ලඟ වූයේ මුත්තලා ලග හමන බෙහෙත් තෙල් කුයිලයකි. ඇය මා අසලට රාජකාරි අසාගන්නට පැමිණි කල මගේ මනසේ වූ ඇය පිළීබඳ සියලු ප්‍රියජනක සිතුවිලි යට කී කුයිලය මගින් යට වී ගෙන යයි. මා දිනක් ඇගේ මුහුනටම “නංගි ඔයා පීනස් තෙල් ගානවද? ඔයා ලඟ පීනස් තෙල් ගඳයි“ යැයි කීවෙමි. ඇය එයට සිනාසී බිම බලාගත්තා මිස වචනයක් දුන්නේ නැත. නමුත් දෙතුන් දිනක් ගිය තැන ඇගේ කුයිලය නැතිවුනි. ලාබ සුවඳක්ද දින කිහිපයක් ගිය තැන ඇය කෙරෙන් වහනය වන්නට විය.

ඒ සිද්ද වූයේ ඇගේ පෙම්වතා නිසා දැයි නොදනිමි. නමුත් කිසිවක් වෙනස් විය. ඇය දැන් පෙරට වඩා පිරිසිදුය. යම්තම් පවුඩර් ස්වල්පයක් දා කොන්ඩය කදිමෙට පීරා එයි. ඇය ඈත සිට බලද්දී සිත ඇදී යන මනහර පෙනුමෙකින් යුක්ත වීය. කෙසේ වෙතත් ඇය යොවුන් වියේ ස්ත්‍රියකි. යොවුන් වියේ කෙල්ලන් කෙරෙන් බහුලවම පහල වෙන කලබල ගතියත් කෙළිලොල් ගතියත් ඇය අසල නිබඳවම තිබුනි. කෙතෙක් රූපයෙන් අවලක්ෂන වුවද ඇගේ සමහර යුවතියනගේ හැසිරීම මන බඳින සුලු ඉරියව්වන්ගෙන් සැදී ඇත.

ඇය මේ පුරාණ කන්තෝරු සංකීර්ණයේ සිටින දේශපාලන පත්වීමක් වූ පියොන් අනුර ගේ නෑයෙකි. මැය අනුර පියොන්ගේ ලොකු අම්මාගේ දුවය. මේ කන්තෝරු සංකීර්ණයට නිලක්ෂි පද්මිකා පැමිණ සිටින්නේ පුහුනුවන කාර්යාල සේවිකාවක ලෙසයි. ඇය හදාරන ලද පරිඝනක පාඨමාලාවට මේ වැනි සේවයක් කර තිබීම අමතර සුදුසුකමකි. ඇරත් රුපියල් තුන්සීයක් දවසට ට්‍රේනින් වලට ගෙවනු ලැබීම ම ඇයට මහත් දෙයක් වන්නට ඇත. ඒ හැර ඇය කවර වූ තරාතිරමක රැකියාව කලත් ලෝකයාට අනුව ඇතුල ගරාවැටෙමින් යන නමුත් පිටින් බොහෝ ඔපවත්ව පවතින කන්තෝරුවක වැඩකරන සේවිකාවකි. එවන් වූ සේවිකාවකගේ සමාජීය අගය තරමක් වැඩිය.

මා ළඟ ඇය වැඩට යොමුකල විට මට එය එතරම් දිරවන්නක් නොවීය. නමුත් මා විසින් මාගේ වැඩකටයුතු පහසු වන පිණිස තවත් පරිඝනකයක් සහ අලුත් මුහුනක් ඉල්ලීය. පැරණි මුහුනු නිතර ගැටීමෙන් ඇතිවන අප්‍රසන්නතාවයකින් යුක්තය. නමුත් අළුත් මුහුනක් ඉල්ලීමට එයම විශාල කාරණාවක් නොවීය. මේ ආයතනයේ සිටින බොහෝ ගැහැනුන්ගේ පරිඝනක භාවිතයේ ඇති වේගය මදිය. පිට හා සන්සන්දනය නොකර කොටුවූ මහල් ගොඩනැගිල්ලක සිටින පාලු කන්තෝරුවක මෙන් මෙහි ගෑනු පිට ලෝකය ගැන නොදනිති. ඔවුන්ට කියලා ලියුමක් ගස්සවා ගැනීමට ගත වන කාලය පරාක්‍රමබාහු රජතුමා කල වඩ්ඩෙකු ලවා සෙල්ලිපියක් අච්චු ගස්සවා ගැනීමට යන කාලයට සමාන වුවොත් මිසක් අඩු නම් නොවේ.

ඒ ගෑනුන්ට අනුව ඔවුන්ගේ ඉස්ත්‍රී ලිංගයටත්, මහන්තතත්කමටත්, කොහේ හෝ කටපාඩම් කොර ලියා ගන්නා ලද සහතික කොළ ටිකටත් ආයතනය පඩි ගෙවිය යුතුව ඇත. මොවුන් විසින් කයිය ගැසීමටත්, පංකා හෙවනේ කල් ගත කිරීමටත් සිය රූපය ගැන සැලකීමටත්, දුරකථනයෙන් රට වටා තෙරතුරු බෙදා ගැනීමටත් සලසන පහසුකම් වලට මොවුන් විසින් ආයතනයට ගානක් ගෙවිය යුතුය. නමුත් වවුල්ලු උපන්දා සිට පුරුදු ගස්වල පුරුදු ලෙන්වල එල්ලෙති. ලෙනට හෝ ගසට වවුලන් සිටියාද නැද්ද යන වග එතරම් වගක් නැත.

පද්මිකා. එය ඉංගිරිසියෙන් ලියන විට පෑඩ් මි කා ලෙස කඩා ලිවීමට මා ආසා කරමි. නමුත් ඇයට පද්මි යැයි ඇමතීමට මා හුරුවූයෙමි.

ඇය සමග වැඩකරන්නට මට ලැබුනේ ඇයට හිමි කුඩා මේසය පුටුව සහ ඇය පමණි. පද්මිකාට පරිගනකයක් නැත. පරිගනකයක් දෙන්නට බැරිනම් මොන උලව්වකට පරිගනක දැනුම ඇති යුවතියක් පරිගණක විද්‍යාව හැදෑරු යුවතියක් ගත්තේ දැයි දන්නේ මානව සම්පත් අංශයේ සිටින ඇවිදින පොත් ටික පමණි. ඒ අංශයේ වැඩකරන උන්ට මිනිස්සු යැයි කීමට සිත් නොදේ. මානව සම්පත් පැත්තේ බොහෝ උන්ට ඩිග්රි ඇත. උන් නීති පොත් ආදිය යහමින් කියවති. නමුත් උන් ගැටළු විසඳීමක් නැත. උන් අර පොත් වල තියෙන වාක්‍ය කටපාඩමින් තියාගෙන ඒ වැඩය කරන්නට බැරි හේතුව අපිට කියා දෙයි. එක අතකින් එහෙම ඔටුවෝ සිටින එක වාසියකි. උන්ට දෙයක් නොකර සිටීමට ඕනාම හේතුවක් සොයා දිය හැකිය.

ඇය මා හට සේවයට ආවත් ඇය සමඟ පරිගණකයක් නො ආ කාරණාව ලොකු ගෑණියෙකුට කීවෙමි.

පසිඳු?

ඔයා මේ ආයතනයේ නොවෙයිද ඇත්තට ඉන්නෙ? ඔයා දන්නවනේ ඔයාගේ සෙක්ෂන් එකේ අයිටී කෝඩිනෙටින් ඔෆිසර්ස්ලා කීයක් ඉන්නවද කියලා. ? ඔ්‍යාට ලොකු වැඩක් තියේනං එයාල කරල දෙයි. අනික ඔයාගේ හිතේ තියෙනවැඩ එයාලට කරන්න බැහැ. ඔයා හිතන තරම් ලොකුවට වැඩ කරන්නත් බැහැ. හැමෝටම ලිමිට් එකක් තියෙනවා තේරුම් ගන්න ඒක.

අනික මේ ඔෆිස් එකේ ට්‍රේනීස්ලට කම්පියුටර් දෙන්න තියා අපේ පර්මනන්ට් ස්ටාෆ් අයටත් කොම්පියුටර් දෙන්න විදියක් නැතුව ඉන්නෙ. පියන්ලටත් කොම්පියුටර් දෙන්න වෙයි ඔය හයමාසෙ ට්‍රේනිස්ලට දෙන්න ගියොත්.

ඔයා අලුතින් ආපු කෙනෙක් නිසයි කියන්නෙ. මේ කොම්පියුටර් එන්න කලිනුත් මිනිස්සු හොඳට වැඩ කලා. ට්‍රේනින් වෙන ලමයෙකුට ඒ දැනුම ඇති දෙයක් ඉගෙනගන්න. අද කොම්පුයුටර් හැම තැනම. ඒ ලමයි මනසින් හුරු වෙන්න ඕනි කම්පියුටරේ තිබුනනම් මෙහෙමයි කියලා පුරුදු වෙන්න.

මා ඇයට කිසිවක් නොකියාම පැමිණියෙමි. ඇය ගේ කතාව අවසන් වීමට මත්තෙන් මා පැමිණියෙමි. ඇයට අනුව ඇය මේ පුහුනු වන්නට පැමිණී ගැහැනු ලමයාට පරිගනක යන්ත්‍රයක් ටෙලිෆෝනයක් ලබා දීම පිනිස කිසිම මැදිහත්වීමක් සිදු කල යුතු නැත. එසේ නොකරන්නෙ ඇයි දැයි මා නොදනී. ඇය අකුරට නිසි ලෙස රාජකාරී කටයුතු කරන හොඳ සේවිකාවක් වන්න ට ද ඇත. නමුත් මට ඇය කෙරේ ඇතිවන්නේ කෝපයකි.

මේ නිලක්ෂි නම් යුවතියට පරිගණකයක් ලබා දීම ගැන මේ කන්තෝරු සංකීර්ණයේ මත විචාරනයක් පැවැත්වුවොත් සියයට අසූවකටත් වඩා පිරිසක් ඒ ගැන දරනු ඇත්තේ උදාසීන මතයකි. ඔව් ඉතිං කොම්පියුටරටයක් තිබුනොත් හොද ඇති. ඒත් ඉතිං මේ ආයතනවල ඒව කරන්න අමාරුයි. පසිඳුට තියෙන්නෙ මෙතන හරි නැත්තං යන්න. එච්චරයි. බොහෝ දෙනෙකු කියනු ඇත.

මේ ආයතනයෙන් වැඩක් කරගන්නට පැමිණෙන අය රස්තියාදු වීම කිසිවෙකුටත් ගැටළුවක් නොවේ. සියල්ලෝම සියලල්ලන්ම විසින් තනාගත් වෙන වෙනම මනෝ ආගාර තුලට වී පැලපදියම් වී දිවි ගෙවති. ලොක්කා යනු තවත් එවැනි කුටියක් පමණි. ඒ කුටියට එන්නේ ඉහලින් එන ඕඩර් පමණි. ඒ හරහා කරන්නේ ඉහලින් පහලට අණ දීම පමණි.

පහ පාස් නැති ඇමතියෙකු මේ ට්‍රේනින් කෙල්ල එවා ඇය විසින් පරිගනකයක් ඉල්ලුවේ වී නම් මේ උසස් නිල තල ඇති ගෑනුන්ගේ අනුකම්පා සිත උණු වී දෝරෙ ගලා යනු ඇත. එසේ වී නම් ඇතැම්විට වෙනත් අයෙකුගේ පරිගණකයක් හෝ නැතිනම් අලුත්ම එකක් අැය වෙත ලැබෙන්නට සලස්වනු ඇත. එවිට නීති රෙගුලාසි හෝ අණපනත් වල ඇති වාක්‍ය වලට සිදුවන්නෙ කුමක්දැයි දන්නේ නැත.

නමුත් පියන් අනුර විසින් එවන ලද තුට්ටු දෙකේ කෑල්ලක් වූ නිලක්ෂි පද්මිකා යනු මේසයක් පුටුවක් පමණක් හිමි ගැහැනු ලමයෙක් පමණි. මා හට මතක් වන්නේ මා විසින් බලන ලද අසැබි වීඩියෝවකි. එහිදී කාර්යාලයට පැමිණි අලුත් යුවතියක සමග සම්බන්ධතාවයට එළැඹෙන කතා නායකයා ඒ යුවතිය මේසය මත හිඳුවා ඒ මතම සිට ඇය වේගයෙන් කෑ ගසද්දී ඇයට ශිෂ්ණයෙන් පහර දෙයි. එවිට ඇය වහලදෙස බලා මහ හයියෙන් මර ලතෝනි දෙයි.

ඒ ඇසැබි වීඩියෝව රූගත කරන ලද කාමරේද පරිගනකයක් මේසයක් ටෙලිපෝනයක් ඒ අලුත් සේවිකාවට තිබුනි. නමුත් මෙහි? ඇයට ඇත්තේ මේසයකුත් පුටුවකුත් පමණි. ඇය හට අමතර වූ යමක් වී නම් ඒ මා දෙන ලද කැල්කියුලේටරය, බොක්ස් ෆයිල් කිහිපයක්. පෑන් පැන්සල් රඳවනයක් ආදී දෙයකි.

සත්‍ය වශයෙන්ම මා හට ලබා දී ඇති පහසුකම් අනුව ඇයගෙන් මා හට ලබාගති ලෙහෙසිම රාජකාරිය වන්නේ ලිංගික රාජකාරියයයි. රෑට බටු වවුලන් ලගින පරණ කන්තෝරුවක් වන නමුදු අලුත් ජංගි වලින් දවල් ට පිරෙන මේ කන්තෝරු සංකීර්ණයේ මේ පුහුනු වන යුවතියට හෙවත් නිලක්ෂිට මා මේසය මත තබා ලිංගිකව සංග්‍රහ කරන්ට ගතහොත්, ඇය මේ පුරාණ කන්තෝරුවේ බටු වවුලන් ඉගිල යන්නට මහ හඬින් කෑ ගසනු ඇත. එවිට ඒ ශබ්ධයට මුලු කන්තෝරුවම පිබිදෙනු ඇත. එවිට එය වරදකි.

ආහ්..පසිඳු.? නේද ඒ.. හැමෝම කතා වෙනු ඇත. බොහෝ විට එය විශාල සිද්ධියකි.

මේ දුක්පත් නිලක්ෂි නම් යුවතියගේ වටිනාකම ඇති එකම ස්ථානය විය හැක්කේ ඒ ස්ත්‍රී නිමිත්ත පමණි. දුක දිනා ජයගත්තාය කියා හැඳින්වෙන මේ ආයතනයේම වැඩ වාසය කරන විශාල එක්සෙල් සයිස් ජංගි රාශියෙන් ඇයට පිළිසරණක් නැත. නමුත් ඇගේ ස්ත්‍රී නිමිත්තට වඩාත් විශඝෝර ප්‍රෙමා්දයක් ලැබූ කල මේ ගෑනු සදාචාරය නැමැති උන්ට නැති රෙද්ද උස්සාගෙන ඉදිරියට විත් සෙළුව පෙන්වනු ඇත. එවිට මා හට දී ඇති පහසුකම් අනුව ඇය හා මේ මේසය පුටුව මත සිට කල හැකි එකම සෙල්ලම මෙය යැයි කීවාට උන් කිසිවෙකුට එය ඇසෙන්නේ නැත.

මගේ ටෙලිපෝනයට දිගුවක් ඇතුලත් කර ඇයට වෙනම ටෙලිපෝනයක් දෙන්නැයි කීවාට කිසිවෙකුට එය ගානක් නැත. නමුත් මා මේසය ලිංගික යහනාවක් කරගතහෝත එවිට සියල්ලන්ම එය දකින්නට පොරකනු ඇත. අහෝ අනුන්ගේ විනෝදය පමණක් අනෙකාට ගැටළුවක් වූ සැටි. එවිට මාද ට්‍රේනින් යුවතියද අසාමාන්‍ය විනෝදයක් ඒ හරහා ලබයි. එය සදාචාරයට පටහැනිය.

කෝල් හරහා චැට් මගින් මිනිසුන් හා නොයෙක් වල් පල් කියවන ගෑනු ඇතැමෙක් මහත් වූ ආයතනික අපහරණයක් ඒ වැනි සිදුවීමක් තුල දකිනු ඇත. ඒ එසේ ටෙලිපොන් වලිනුත් කොම්පියුටර් වලිනුත් මිනිසුන් සමග වලත්ත කතා වල නිරත වන උනුත් චේතනාවෙන් කරනු ලබන්නේ එකම දෙයකැයි කීවොත් එතැනදී උන් චේතනා හං භික්කවේ කම්මං වදාමි යනු බුදු දහමට අදාල බණපදයක් ලෙස නොසලකනු ඇත.

මා සිටින්නේ කුඩා ආගාරයකය. එහි පසෙක ෆයිල් කැබිනට්ටුවකි. තවත් අතෙක වසන ලද ලාච්චු කිහිපයකි. අලුතින් පැමිණි නිලක්ෂී පද්මිකා පසෙක සිටී. මා ඇයට ෆයිල් තෝරන්නට දුනි. තෝරා පුරවන්ට එක්සෙල් සීට්ටුවක් මුද්‍රනය කොට දුනි. ඇය එය බලාගෙන පුරවයි. නමුත් ඇය එසේ කලා ය කියලා මට මහා වාසියක් නැත. මා විසින් නැවත ඒ දත්ත යළිත් පරීගණකයට කැවිය යුතුය.

මා සිතුවේ නිලක්ෂි මං තේබොන්න කතා කලාම එන එකක් නැහැ කියල. ඒත් එයා ආවා.

වෙන ගොඩක් කතාවල වගේම මම එයාට ..

නිලක්ෂි මට සර් කියන්න එපා. පසිඳු කියල කියන්න. කියලා කිව්වා.

ඒත් පසිදු සර් කියන එක ලස්සනයි. මම එහම කියන්නං. ගොඩක් අය එහෙම කියනවා නේ..කිය ඇය කීවාය.

ඇයට මා හා කැන්ටිමට යාම තේ බීම හෝ එකට ගමනාගමනය කිසිදු ගැටළුවක් නොවීය. ඇයට අනුව එය අවුලක් නැති දෙයකි. මා සිතුවේම ඇය අකමැති වේ කියලාය. නමුත් ඇය මා සිතුවට වඩා වෙනස්ය. ඇයට අනුන්ගේ ඇනුම් බැනුම් සමහරක් තේරෙන්නේ නැත. එක්කෝ ඇය ගනන් ගන්නේ නැත.

ගංවතුරට කෙහෙල් කොට ආවම සමහරු ඒව එක්කමයි නේද ගමන. ගෑනියෙක් එසේ මට ඇසෙන්නට ම කැන්ටිමේදී කීවේය.

නිලක්ෂි ඔයා කෙසෙල් මුවකාල තියෙනවද? කෙසෙල් මුව කෑවම ඉක්මන්ට මහත් වෙනව ලු. ඔයාත් කන්න.

මා කීවෙමි.

මා එය කීවේ අර මට ගතු කී මහත ගෑනියට ඇනුම් පදයක් ලෙස යැයි. නිලක්ෂි පද්මිකාට වැටහුනේ නැත. මං ආස නෑ පසිඳු සර් කෙහෙල් මුව වලට. ඒත් මං අම්ම උයන අලුකෙසෙල් නම් කනවා. ඇය කීවාය.

ඇයට අවශ්‍ය පහසුකම් නොමැතිවීම සහ ට්‍රේනින් අයෙකු ලෙස සැමවිටම පහත් ලෙස සැලකීම මට පෙනෙන්ට බැරි විය. නමුත් මට ඇති ගැටළු ඇයට නැත. ඇය දෙන වැඩය කර ඉන් අවසන නිකම් බලාගෙන සිටී. ඒ මුහුනේ විශේෂ දුකක් සතුටක් හෝ වැඩිදෙයක් පේන්නේ නැත.

මා ඇයට මා කියවන පොත් කිහිපයක් ගෙනත් දුනිමි. ඇය ඒවා කියවන්නේ ඉතා සෙමිනි. ඇයගේ කියවීමේ රුචිය ඇත්තේ සරල නවකතා වලට පමණි. මා කියවන ගැඹුරු දෑ අැයට දිරවන්නේ නැත.

මා පොත් දහයක් විතර ගෙනැවිත් දුන් නමුත් ඇය කියවූයේ එයින් පොත් එකක් පමණි. ඇයට බෝයි ෆෙන් කෙනෙකු සිටී. මා එයට සතුටින් කන් දුනිමි. එයා සර්ට කැමති නැහැ වගේ. එයා හිතන්නෙ සර් එක්ක කැන්ටින් යන එක ඕන නැති දෙයක් කියල. මන් ද..එයා ට සැක වෙන්න ඇති.

ඇය වරක් එසේ කීවාය.

Tuesday, September 23, 2014

විලාසිතාවෙන් නංවන නිරුවත Fasion n nudity



ඉතා සරලව පෙනෙන දේවල් සංකීර්ණ කොට විමසා බැලීම විග්‍රහ කිරීම් දර්ශන ආදී දේ තුලින් සිදු වෙයි. යම් පද්ධතියක් ගණිතමය හෝ විද්‍යානුකූලව අපිට ග්‍රහනය කොට ගත හොත් එය අනාගත සැලසුම් වලට මහත් වූ පිටුවහලකි.
ගෑනුන් මේක් අප් නැතහොත් රූපලාවන්‍ය සහ විලාසිතා වලට ඇතිවන නැඹුරුව එන්න එන්නම වැඩිවේ. මතයක් සහිත පුද්ගලයෙකු වන උපුල්ශාන්ත සන්නස්ගල කියන්නේ “ ඉස්සර බස්වල යන්න බැහැ දාඩිය ගඳ, ගෑනු හරියට මූන අතපය වත් හෝදන්නෙ නැහැ ඒ දවස්වල.වර්ථමානයේ ගෑනු රූපවාහිනී රූපලාවන්‍ය වැඩසටහන් වලට පිංසිද්ද වෙන්න දැන් ඇසට ප්‍රිය විදියට අඳිනවා, දැන් ගොඩක් ගෑනු ලමයි පිරිසිදුවට අඳිනවා, එයාලත් පිරිසිදුව ඉන්නවා. ඒක ඒ රූපවැඩසටහන් වලින් වුන හොඳ දෙයක්. නමුත් මෙයාලයි රූප ලස්සන වීමට සාපේක්ෂව එයාලගේ මනස මොඩර්න් වෙලා නැහැ. ලස්සන මේක් අප් එක යට ලස්සන නවීන විලාසිතා යට ජිවත්වෙන්න තාමත් හණමිටි අදහස් ගොන්නක් හිතේ තියාගත්ත පරණ තාලේ ගෑනිම තමයි“ වගේ අදහසක් සන්නස්ගල ඉදිරිපත් කරනවා.
සන්නස්ගල එතනදි හරි. ගෑනුන් ගේ රූපය තිබෙන උනන්දුවට සහ ඒ කෙරෙහි දක්වන උනන්දුවට සාපේක්ෂව ඔවුන්ගේ ආකල්ප වෙනස් වී නැහැ. ඔවුන් තාමත් සමහර විට පුරාණ බමුණු මත අනුව ජීවත්වෙන නමුත් අයි පෑඩ් ෆෝන් පාවිච්චි කරන තැනකට ඇවිත්දෝ කියලාත් මටත් වෙලාවකට හිතිලා තිබෙනවා.
මේ සිරි ලංකාවෙ ෆැෂන් සහ රූපලාවන්‍ය ගැන මට නම් ඒ තරම් ම හොඳ පැහැදීමක් නැහැ. ගොඩක් ලස්සන කරන විදි ක්‍රම තිබුනත් ඒවා භාවිත කිරීම තවමත් තියෙන්නෙ කලාත්මක මට්ටමක නෙමෙයි. ඔහේ උලනවා. අඳින්නන් වාලේ අඳිනවා. වගේ දෙයක් බොහෝ තැන්වල තියෙනවා.
බටහිර දියුනු රටක වීදියක ගමන් කරන ගෑනු අඳින ඇදුම් වල විදිය සහ ඔවුන් මේක් අප් වලින් ශරීරය ලස්සන කරගෙන තියෙන විදිය දැක්කහම ඒ තුල බොහෝදුරට නැචුරල් ගතියක් ඉතිරිවෙලා තිබෙනවා. නමුත් කොළඹ 7 පැත්තෙ තියෙන ඉවන්ට් එකකට ගියාම අපිට දකින්නට ලැබෙන නාරි දේහවලට පිටතින් කෘතිමව කවන ලද ලස්සනක් තිබෙනවා කියලා තමයි මට බොහෝ වෙලාවට පෙනිලා තියෙන්නෙ.
ආර්ද්‍රතාවය
ලිවයිස් හෝ ලුවයිස් කියන ඩෙනිම් කොම්පැනියේ සභාපති තුමා පසුගිය කලෙක කියලා තිබුනා ඩෙනිම් කලිසම යනු නිතර හෝදන්නට උවමනා නොවන දෙයක් කියලා. ඒ මහත්මයා ජීවත්වෙන සෞම්‍ය කලාපීය පරිසරයේ තිබෙන තත්වයට හාත්පසින්ම වෙනස් නිවර්ථන දේශගුනයකදි ඒ විදියට ඩෙනිම සෝදන්නේ නැතිව ඇඳීම අඳින අයට කෙසේ වෙතත් ඒ අසල යන අයගේ නාසයට නම් හොඳක් සිද්ද කරන එකක් නැහැ.
අපේ රටේ සාමාන්‍ය ආර්ද්‍රතාවය හෙවත් වාතයේ තිබෙන ජලවාශ්ප ප්‍රමාණය වැඩියි. බොහොමයක් උත්සව පවත්වන ස්ථාන තවමත් නිසිලෙස වායුසමනය වෙලා නැහැ. සමහර උත්සව අවස්ථා සහ විවිධ සැමරුම් එළිමහනේත් පැවැත්වෙනවා. ඒ වගේ තැනකදි අපේ දේශගුනයේ පවතින අධික දහදිය දැමීමේ සංසිද්ධිය සලකන්නේ නැතුව ගැහැනුන් විලාසිතා කරන්නට යනවා. එහිදී මුහුනේ හෝ සිරුරේ උලනු ලබන බොහෝ දෑ දහදිය හමුවේ නියම ලෙස ක්‍රියා කරන්නේ නැහැ. ඒවායින් අපේක්ෂා කරන පෙනුම ලැබෙන්නේත් නැහැ. ඒ වගේම මිල අධික යුරෝපා රටවල ජනප්‍රිය විලවුන් ආදිය පවා දහදිය තියෙන පරිසරයකදී පතුරුවන කුයිලය නාසයට එතරම්ම පිරියක් ඇතිකරන්නේත් නැහැ. ගෑනු විලාසිතා කරන විට,නිසි ලෙස වායුසමන නොකරන ලද වටපිටාවකදි ඇඳුම් පැළඳුම්, සුවඳ විලවුන්, රූපලාවන්‍ය කටයුතු ගැන දෙතුන් වඩියක් හිතන්න යොමුවෙන එක වැදගත් . ඇනුවල් වෝක් එකක් වගේ එකක් අපිට කොහොමත් වායුසමන වටපිටාවක යන්න ලැබෙන් නැහැ. ගස් අස්සෙ සීතලේ ගියත් හීන් දාඩිය පාරක් දානවා. ඒ වගේ එකකට මේක් අප් තලි උලාගෙන ආවම ඒවා ටිකෙන් ටික දියවෙන්න ගත්තාම නිකං හිටියාට වඩා විකාරරූපී යක්ෂනියක් දකින්නට ලැබෙනවා.

ගැලපීම

ලස්සන සහ ආකර්ශනය කියන්නෙ කාන්තාවන් සම්බන්ධයෙන් නම් හැමවෙලාවෙම සමපාත වෙන්නෙ නැති කාරණාවක්. පිරිසක් අතර සිටින ලක්ෂණ යුවතිය සැමවිටම එහි ආකර්ශණී්‍ය චරිතය වන්නෙ නැහැ. සුළු වෙලාවකට ලස්සන යුවතිය දින්නත් ස්වල්ප වේලාවකින් ආකර්ශණ්‍ය වැඩිපුර ලබාගන්නා කාන්තාව ඇය නොවිය හැකියි.
කාන්තාව කියන්නෙ පොලිෂ් කරපු මැටි බඩුවක් නොවෙයි. ඇයගේ හැසිරීම, සිනහව, සමාජශීලි බව, ආචාරශීලි ගතිය, කෙළිලොල් කම, කට හැකර ස්වභාවය, කාන්තා ඉන්ද්‍රියන්හි ස්වභාවය ආදී බොහෝ කාරණාමත ආකර්ශනය අඩු වැඩි වෙනවා. අති විශාල තන් සහ පස්සවල් නැති කාන්තාවෝ බොහෝ විට සිය නැතිකම ගැන ලතැවීමකින් සිටිනවා. නමුත් ඇතැම් අවස්ථාවන් වලදී බලන්නට යමක් නැති කමම එය දෙස අවධානයෙන් බලන්නට යොමු වන අවස්ථා තිබෙනවා. ඒ හරහාද ආකර්ශණය ලබාගන්නට සමත් ගැහැනුන් සිටිනවා.
විසිතුරු මෝස්තර සාප්පු වල බෝනික්කන්ට ලක්ෂණ ඇදුම් අන්දලා තිබෙනවා. ඒ බෝනික්කන් බොහෝවිට ඉඟ සුග මිටින් ගත හැකි එකම ප්‍රමාණයේ කඳ ස්වභාවයන් ඇති ඒවා වෙනවා. ඒ බෝනික්කන්ට ඇන්දුවාම ගොඩක් හැඩට පේන ඇඳුම් සාමාන්‍ය බැරල් ආකාර මහත දෙහෙත ඇති හෝ ගැරඪි ආකාර සිහින් සිරුරැති යුවතියන්ට ගැලපීම අඩුයි. සමහර අවස්ථාවල ඒ ඇදුම් පැලදුම් වලට ඇති කවර හෝ ආසාවක් නිසා ස්වභාවික රූපය තවත් පහලට හෙලන නොයෙක් විලාසිතා එල්ලගෙන පාර තොටේ යනවා මා කොතෙකුත් දැක තිබෙනවා.
සමහර යුවතියන් සහ ඔවුනගේ විලාසිතා දුටුවිට ඔවුන්ගේ නිවෙස්හී කන්නාඩියක් හෝ නැතිනම් හැඩ බැලීමට වතුර බාල්දියක් වත් නැද්දෝ හෝයි සිතෙන වෙලාවලුත් එනවා.

විශ්වාසය

කොටට ඇඳගෙන ඇවිත් නිතර ඒ කොට්ට උරය වැනි සාය කෑල්ල පහත් කරන්නට වැර වෑයම් කරන යුවතියන් බස් දුම්රිය වලදී හමුවෙනවා. ඩෙනිම පහලට ගොස් ටී ෂර්ට් එක ඉහල ගොස් යට ඇඳුම පෙනේදෝ හෝ යි යන බියෙන් නිතර ටී ෂර්ට් එක පහලට දාන සහ කලිසම උස්සන කාන්තාවන්ගෙන් අපේ සමාජය හිඟ නැහැ. ටී ෂර්ට් එක උඩගොස් යට කලිසම පෙනුනත් ඒ පෙනෙන්නේ උපරිම අඟල් දෙක තුනක් පමණයි. ඒ මාර්ගයෙන් ගොස් අදාල ලිංගික අවයව දැකීම නම් කරගන්න ඉතා අමාරු වැඩක්. ඉතිං මගේ නම් අදහස ඒක ෆැෂන් එකක් විදියට ගෑනු ලමයි සුපර්මෑන් විදියට යට ඇඳුම පෙන්වන්නම ඇඳුම් අඳිනවා නම් එහි කිසි වරදක් නැහැ. නමුත් ෆැෂන් එකට ඇඳලා ඒක තමුන්ටම දරාගන්න බැරුව නිතර වටපිට බලමින් ටී ෂර්ට් පහලට කිරීම, ඩෙනිම එසවීම, කොට සාය දික්කරගන්නට වැර වෑයම් කිරීම බලන කෙනෙක්ට ඇති කරන්නේ හොඳ අදහසක් නෙමෙයි.
අපේ කන්තෝරුවෙ ලිෆ්ට් එකේ කන්නාඩි සවි කරලා තිබෙනවා. ලිෆ්ට් එකේ යනවිට පවා සමහර කාන්තාවන් සිය සාරි හැට්ටය හොඳින් අල්ලා ගස්සා සකසාගැන්ම, ටී ෂර්ට් පහත් කරගැන්ම, ඇඳුම කරකවා සුසර කරගැනීම් ආදී මෝස්තර වැඩ වල යෙදෙමින් යනවා. මට අනුව නම් එය ඒ කාන්තාවන්ගේ ලකුණු අඩුවන්ට හේතුවන දෙයක්. යම් අයෙක් යම් ඇඳුමක් ඇන්දා නම් එය ගැන නිතර සැකෙන් සහ බියෙන් පසුවීම සුදුසු නැහැ. කලිසම කඩාවැටෙන්නෙ නැහැ කියාල හොඳම ෂුවර් එකක් තියේ නම් ආයෙත් හැම වතාවෙම කලිසං උස්සන එක පිරිමි කෙනෙක්ට වුනත් සුදුසු වැඩක් නෙමෙයි. ඒවගේ සුළු දේවල් වලින් තමුන් අනුන්ට පේන ආකර්ශණීය විදිය සැලකිය යුතු ලෙසින් වෙනස් වෙනවා.

ඉරියව් සහ පැවතුම්

ඇඳුම් සහ මෝස්තර එක්කම ඒවාට අදාල ඉරියව් ආදියත් තිබෙනවා. කොට සායක් ඇඳලා ඉන් පස්සෙ නිතරම කකුල් දෙක බෝක්කුව වගේ පලල් කරගෙන ඉන්න එක නොහොබිනා දෙයක්. තැනට අදාල නොවෙන දේවල් ඇන්දාමත් විවිධ ආකාරයේ සිද්ධීන් ඇතිවෙනවා. පංසලකට කොටට ඇඳීම හෝ කර ගැඹුරට කැපූ ඇඳුම් ඇඳීම වරදක් කියන්න අමාරුයි. මොකද බෞද්ධ ආගම අනුව සිත සංසුන් කරගන්න උත්සාහ කරන පිරිස තමයි පංසලේ ඉන්නෙ. නමුත් කොටට ඇඳලා නැමිලා කියලා වඳිනකොට සමහර විට පිටුපසින් සිට වඳින අයට කඳ බඩ ටයර් ඉන්දියාව සහිත මහා රූපං ජීරති නාටකයක් දර්ශනය වෙනවා. එතනදී වඩාත් ලස්සන වෙන්න හිතාන ගෑනු පංසලට කොටට හිරට සහ කර කැපූ ඇඳුම ඇන්දත් වන්දනාවන් කිරීමේදී අවට සිටින බැතිමතුන් ඒ දර්ශන දෙස පිලිකුල් භාවනා සිතින් බැලීමට යොමුවෙනවා.
එහෙම ඇඳන් ගිහින් නැමෙනකොට ඒවා දිහා නොබලන හොඳ සිල්වත් මහත්වරුත් මේ සමාජයේ ඇති පදන් ඉන්නවා. නමුත් මම නම් කිසිවිටෙක ඒ වගේ දෙයක් පේනවා නම් බලෙන් ඇස් ඈතට ගන්න උත්සාහ කරන් නැහැ.  වඳින්න පුදන්න නැමෙන්න (පංසල අතුපතුගාන සහ යම් යම් පහන් දැල්වීම් ආදියේදී නැමෙන්න සිදු වෙනවා) තියෙන තැනකට කොටට හිරට කර කැපූ ඒවා ඇඳන් එන අය,එයාලගේ සැඟවූ තැන් අපිට පෙන්වන්නට රු පිරිසක් කියලා තමයි මම හිතන්නෙ. ඒ නිසා මම ඒ අයට කරන උපකාරයක් විදියට යම් විදියකින් පේනදෙයක් තියෙනවා නම් හොඳින් එය බලාගන්න උත්සාහ කරනවා.

Saturday, September 13, 2014

‪#‎SLAmuMirisChallenge‬ ගැන එන පැන

අපි දන්නවා ගොඩ වෙදකම් විදියට අපි එක එක දේවල් කරනවා ලොකු රෝගවලට..ඩෙංගු හැදුනාම ගස්ලබු කොල, පැපොල හැදුනාම කොහොඹ කොල, වගේ දේවල් පාවිච්චි කරනවා.. ඇත්තටම මේ වකුගඩු රෝග අමු මිරිස් වලිං හොඳ කරන්න පුලුවන් වෙයිද? අමු මිරිස් කෑවම වකුගඩු හොද වෙනවද?
වරදවා වටහා ගන් එපා. අමු මිරිස් වලිං වකුගඩු ලෙඩ හොද වෙන් නැහැ. මේක රජරට වකුගඩු රෝගෙට මුදල් එකතු කිරීම පිණිස ක්‍රියාත්මක කරන තවත් සාර්ථක වැඩපිලිවෙලක් විතරයි. මේකෙදි යමෙක් අමුමිරිස් කාලා තව අයට චැලෙන්ජ් කරනවා. ඒ වගේම අමු මිරස් ඇහැට නොදැක්කත් හරිම ලේසියෙන් SL AID මුදල් ගිණුමට බැර කරලා සත්කාරයට දායක වෙන්න හැකියාව තියෙනවා. 


මේ ඉහල තියෙන්නෙ ගිණුම් විස්තර..

අමු මිරිස් චැලෙන්ජ් එකෙන් වකුගඩු රෝගීන්ට මොකක්ද ඇත්තටම කරන්න යන්නෙ? 


පොලොන්නරුව මහ රෝහලට අවශ්‍ය Reverse Osmosis (RO) ඒකකයක් පරිත්‍යාග කිරීම.ඒ යන්ත්‍රයක මිල රුපියල් ලක්ෂ 30කට අධිකයි. 

දැන් වකුගඩු රෝගීන්ට ඕකෙන් වෙන සෙතේ මොකද්ද?
වකුගඩු වල ආබාධයක් තිබෙන අවස්ථාවෙදි රෝගීන්ගේ ලේ නිසියාකාරව පිරිසිදු වීම සිද්ද වන්නේ නැහැ. ඒ වගේ අවස්ථාවක ඒ කාර්යය බාහිරින් කරන්න යම් යම් යන්ත්‍රෝපකරණ භාවිත වෙනවා. වකුගඩු රෝගය වැළඳුන රෝගින් ඉස්පිරිතාලෙට ඇවිත් සතියට දෙතුන් පාරක් මේ ප්‍රතිකාරය ලබාගන්නවා. ඒ හරහා රෝගීන්ට තවත් කාලයක් මේ ලෝකෙ ජීවත් වීම් වාසනාව ලැබෙනවා.  අමු මිරිස් චැලෙන්ජ් එකෙන්, SL AID අරන් දෙන්න යන මැෂිමෙන් ඒ වගේ සැලකිය යුතු රෝගීන් ප්‍රමාණයකට සතියක් තුල ලේ පිරිසිදු කරගැනීමේ අවස්ථාව ලැබෙනවා. 

පිංකමක් විදියට ගත්තොත් මේක විශාල පිංකමක්. පාර තොටේදි හමුවෙන හිගන්නෙකුට රුපියල් සියක් දීල හිගන්නාගේ ජීවිතය සාර්ථක වෙනවාට වඩා මහත්ඵල මහානිසංස ලැබෙන එකක්.  මොකද අමු මිරිස් චැලෙන්ජ් හරහා අරන් දෙන්නට යන මැසිමෙන් ජීවිතවලට සහනයක් ලබාගන්නෙ එක අයකු දෙන්නෙකු නෙමෙයි..දහස් ගානක් ගොවිජනතාවගේ අසරණ ජීවිත වලට ජීවත් වීමේ අවස්ථාව ලැබෙනවා. 
රෝගියෙකු යන්ත්‍ර ආධාරයෙන් ලේ පිරිසිදු කරගන්නා අවස්ථාවක් 
දැන් ඕකක් ඕනි කියල පිදුවට වැඩක්යැ..සමහර විට ස්පිරිතාලෙට ඕනත් නැතුව ඇති ඕවා.තියෙන ටික ඇතුවැති.පිස්සු වැඩ? අද කාලෙ ඉතිං ජනප්‍රිය වෙන්න කැමති උන් මොනවද නොකරන්නෙ නේද? 

අමු මිරිස් චැලෙන්ජ් එක කියන්නෙ නිකම්ම නිකං සල්ලි එකතු කරන වැඩසටහනක් නෙමෙයි. මේකට මූලික වුනු රසික නානායක්කාර සහ SL AID පිරිස පොලොන්නරු රෝහලට ගිහින් රෝගීන් වෛද්‍ය කාර්ය මන්ඩල සහ මූලික රෝහලේ ප්‍රධාන තැන් කිහිපයක්ම හමු වෙනවා. ඔවුන් වකුගඩු රෝගීන්ට මේ අවස්ථාවේ විශාල වශයෙන් වැදගත් විය හැකි පරිත්‍යාග මොනවාද කියලා දොස්තර මහත්වරුන්ගෙන්ම අසා දැනෙගෙන ඉන් පසුව තමයි අමු මිරිස් චැලෙන්ජ් එකෙන් එකතු වෙන මුදල් ඒ සඳහා වියදම් කරන්න සැලසුම කරලා තියෙන්නෙ.

පහල ඡායාරූපයේ ඉන්න SL AID හා සම්බන්ධදොස්තර පුෂ්පික අබේසේකර මහතා පොලොන්නරුව ප්‍රදේශයේ රෝහලේ කලක් වෛද්‍ය නිළධාරීතුමා විදියට වසර කිහිපයක් රාජකාරි කරපු කෙනෙක්.
පොලොන්නරුව රෝහලේ බළධාරින් සමග අමුමිරිස් කන්ඩායම(SL AID) 
ඒකත් නරක නැහැ නේ..රනාටයි සෙට් එකටයි නිකංම පොලනේනරු ටිප් යන්න..එක එක තැන්වලට නොමිලෙම කැරකෙන්න ගානක් හොයාගන්න මරු වැඩේ තමයි මේක..

මේ මුදල් එකතු කිරීම විනිවිද බවකින් කෙරෙන්න ඕනි නිසා තමයි ඒ අය SL AID ආයතනික ගිණුමක් හරහා මුදල් එකතුකරන්නට තීරණය කරලා තියෙන්නෙ. මේ එකවුන්ට් එකේ තිබෙන මුදල සතියකට දෙනුන් දිනක් අන්තර්ජාලය හරහා ප්‍රචාරය කරනවා. දැනට එම සම්පත් බැංකු එස් එල් ඒඩ් SL AID එකවුන්ට එකෙන් කිසිම මුදලක් කිසිවෙකු අරගෙන නැහැ. ඒ එකතුවෙන සියලු මුදල් අදාල යන්ත්‍ර සඳහා පමණක් යොදවන එක තමයි පිරිසගේ මූලික බලාපොරොත්තුව.  ඒ නිසා මෙ අපිට පේන වීඩියෝ කිරීම්, මාධ්‍ය සාකච්චා, වෙබ් අඩවි සෑදීම්, පිංතූර ගැනීම්, පොලොන්නරු සවාරි ආදී බොහෙමයක් පරිපාලනමය  දේවල්  ඒ ඒ පුද්ගලයින්ගේ පුද්ගලිකවම කාලය, ශ්‍රමය ධනය වියදම් කරලා සිද්ද කරන දේවල්. 
ලස්සන මිස්ලා කිහිප දෙනෙක්ට කරුනාවෙන් කරුණු පැහැදිලි කරන SL AID සභාපති
අපි පහුගිය දවසෙ දැක්කා ආන්ඩුවෙන් සෞඛ්‍යට වෙන්කරපු සල්ලි ආයිත් බාන්ඩාගාරයට ගිහින්. එහම වෙලාවක ඇයි ඒවා ගැන නොදැක්කා වගේ ඉදලා නින්දෙන් ඇහැරිල වගේමේ වගේ දේවල් කරන්න යන්නෙ? නරකද ඒවා ගැනත් හොයල බැලුවොත්. ?

ලෝකයේ එක් එක් රජයයන් විසින් මිනිස්සුන්ගේ සෞඛ්‍ය පහසුකම් වෙනුවෙන් වියදම් කරන මුදල් පිළිබඳ ලැයිස්තුව ඔබට විකිපීඩියොවෙන් ගන්න පුලුවනි. ඒ අනුව ලංකාව තියෙන්නෙ රජය සෞඛ්‍යට වියදම් කරන ඩොලර් සංඛාව අනුවත් සමස්ථ ජාතික ආදායමෙන් සෞඛ්‍යය වෙනුවෙන් වියදම් කරන මුදල් ප්‍රතිශතය අනුවත් 135 ආසන්න ස්ථානයක. එතනදි රජය අයවැයෙන් වෙන් කරන මුදලත් වියදම් කරන්නෙ නැහැ කියන්නෙ අපේ රට සෞඛ්‍ය වෙනුවෙන් වියදම් කරන සැබෑ මුදල් ප්‍රමාණය අනික් රටවල් එක්ක සන්සන්දනය කරද්දි සාපේක්ශව අඩුයි. 

අපේ රට කියන විශාල ඒකකය ගත්තොත් වෙන්නෙ බදු හරහා අපෙන් මුදල් ගන්නවා. ඉන් පස්සෙ විශාල ක්‍රමවේද ගනනාවක් න්‍යාය පත්‍රයන් ගනනාවක් හරහා අපේ රටේ මිනිසුන්සට ඒ රජය විසින් සේවාවන් සපයනවා. අපි සරලවම හිතමු අපිකන හාල් සීනි පිටි පරිප්පු වලට ගහන බදු වලින් රජය සිතනවා කොටසක් වෙන් කරන්න ඕනි ඉස්පිරිතාල මැසින් වලට. එතනදි බදු හරහා අපෙන් රජය රුපියල් සීයක් ගත්තොතින් රජයේ පරිපාලන වියදම් විදියට සාමාන්‍යෙයන් කොටසක් වියදම් වෙනවා. ඒ වගේම සිද්දවෙනවා කියල කියන කොමිස්, වංචා දූෂණ ආදිය හරහා අර රජය ඇත්තටම බදු වලින්  අපෙන් ලබාගන්න රුපියල් සීයෙන් රුපියල් හැට හැත්තෑවක් තමයි අර ඉස්පිරිතාලෙ මැසිමට වියදම් වෙන්නෙ. ඒ අනුව බැලුවාම නම් අමු මිරිස් චැලෙන්ජ් හරහා සාමාන්‍ය අයෙක් ලබාදෙන රුපියල් සීයෙන් සියයට අනූ නවයක වගේ ප්‍රතිපලදායකව අදාල වැඩේට විතරක්ම වියදම් වෙනවා. ඒක විශාල සාර්ථකත්වයක්. 
දොස්තර,චීටා ,රසික සහ අනුරාධ ඇතුලු  SL AID, ලේ පිරිසිදු කිරීම් කරන  වාට්ටුවේදී 
රජරට වකුගඩු රෝගයට මූලික වෙලා තිබෙන්නෙ ආසනික් සහ අපිරිසිදු ජලය කියලා අපි හොඳින්ම දන්නවා. ඒවා මැඩපවත්වන්න වැඩ කරන්නෙ නැතුව මැසින් වලට හැමදාම සල්ලි වියදම් කරල පැලැස්තර අලවල වැඩක් තියෙද? 

රජරට වකුගඩු රෝගයට ඉංග්‍රීසියෙන් කියන්නෙ Chronic kidney desease sri lanka කියල. අපි හොදින්ම දන්නවා අපි බෙහෙතක් හේතක් ගන්න ගියාම දොස්තර මහත්තුරු බෙහෙත් ලියන්නෙ ඉංගිරිසියෙන්. බටහිර විද්‍යාෙව් බොහෝ දේවල් ඉංගිරිසි බාසාවෙන් තමයි සිද්ද වෙන්නෙ. මේ කියන Chronic kidney desease sri lanka කියලා ගූගල් සර්ච් කලාම එන තොරතුරු අනුව වකුගඩු රෝගයට තාම නිසි පිළිතුරක් සොයාගෙන නැහැ. ඒකට හේතුව විද්‍යානුකූලව තවමත් සොයාගෙන නැහැ. ආසනික්, කැඩ්මියම්,කෘමිනාශක ආදී බොහෝ හේතු කිව්වත් ඒ එකක්වත් සනාථ වෙලා නැහැ. උදාහරණ විදියට ආසනික් හේතුවුනා කීවාට ජලයේ ආසනික් වැඩුපුරම තිබෙන උතුරු මැද පළාතේ ප්‍රෙද්ශ සහ වකුගඩු රෝගය පැතිරුනු ප්‍රෙද්ශ සමපාත වෙන් නැහැ. ඒ වගේම මේ ආකාරයටම ගොවිතැනේ යෙදෙන මේ ආකාරයේ පසේ සංයුතියතියෙන,  සමරූපී ජීවන රටා පසුබිමක් තිබෙන, එහෙත් වකුගඩු රෝගය එතරම් පැතිරෙන්නෙ නැති පලාත් තිබෙනවා. ඒ නිසා දැනට වකුගඩු රෝගයට හේතුවන්නේ ජානමය හේතුවක්ද? මිනිස්සුන්ගේ ජීවන රටාව පිළිබඳ ගැටළුවක්ද? කෘෂිරසායන අධිභාවිතයනිසා සිදුවුන දෙයක්ද? භූගත ජලයේ යම් කිසි වෙනස් වීමක් නිසා සිදුවුන දෙයක්ද? කියලා හරියටම සොයාගෙන නැහැ. බොහෝවිට ප්‍රධාන හේතුන් එකකට වඩා මේ සඳහා බලපාන්නත් පුලුවනි. 

විශාල යායන් වශයෙන් වාණිජ වශයෙන් ගොවිතැන් කරන අවස්ථාවක, ඒක විනෝදෙට කරන සෙල්ලමක් නෙවෙයි. අපිට කන්න වම්බටු ගහක් පෝච්චියක හදාගන්නවට වඩා ලොකු වැඩක්. එතනදි ඇතිවන කෘමි හානි වලක්වන්න කෘමිනාශක,බෝගයේ පෝෂ පදාර්ථ වෙනුවෙන් පොහොර කෘතිමව එකතු කරන්න වෙනවා. යායෙම මිනිස්සු කෘෂිරසායන පාවිච්චි කරද්දි එක ගොවියෙක් පොහොර අඩුවෙන් දාන කෘමිනාශක නොයොදන අත්හදාබැලීම් කරන්න ගිහින් සවුත්තු වුනොත් නාස්ති වෙන්නෙ ඒ ගොවි මහත්වරුන්ගේ ජීවිතය. ඔවුන් ගේ පවුලේ අය කන්නෙ බොන්නෙ ජීවිතය ගෙනියන්නෙ ඒ බෝගයේ ඵලදාවෙන්. ඵලදාව අඩු අසාර්ථක ගොවිතැන කියන්නෙ ඔහුට විශාල ගැටළුවක්. එතනදි ඔය ෆැසන් එකට කෘමිනාශක එපා කියන කවුරුත් අර ගොවියාගේ පවුලට වන්දි දෙන්න එන එකක් නැහැ. 

රජරට වකුගඩු රෝගයට හරියටම හේතුවන්නෙ කුමක්ද කියලා ලොව පතල (ආසනික් සහල් නිසා ලොව පතල වූ අය නොවේ) විද්‍යාඥ ගොල්ලන්ට පවා හොයාගන්න බැරිකොට අපේ හිතේ තියෙන අදහස් අනුව මේවා කන්න එපාය, අරවා පාවිච්චි කරන්න එපාය, ඒ විදියට වැඩ කරන්න එපාය කියලා වැදි බණ කියනවාට වඩා ඇත්තටම ගැටළුවට පත්වෙලා ඉන්න ජනතාවට සහනයක් සලසන වැඩක් කරන එක ඉදිරිගාමීයි. මීට වඩා එහාට යනවා නම් මේ පළාත්වල ජනයා ලිං ඇලවල් වැව් වලින් අරන්  බොන වතුර, බොන වතුරවලට තියෙන ලෝක මට්ටමට වඩා දූෂිතයි කියලා වාර්ථා ගනනාවක් තිබුනා. ආන්න ඒ වගේ ගැටළු ගැන කතිකාවක් ඇතිවෙලා වතුර ප්‍රතිකාරයට ලක් කරලා බොන්න ගන්න විදි හඳුන්වාදෙන්න පුළුවන් නම් හොඳයි. මම දන්න විදියට යම් යම් සංවිධාන හරහා ඒ විදියෙ ජලය පෙරන උපාංග මේ වනවිට ඒ ප්‍රෙද්ශවලට හඳුන්වාදීගෙන යනවා. 

හා හා බණ ඇති එපාවෙනෝ ඕවනං. .හරි දැං ඕක කොරන හැටි කියපං..? 

* මුලින්ම සම්පත් බැංකුවට ගිහින් තමුන් කැමති රුපියල් සීයට වැඩි මුදලක් හැකි පමණ SL AID හි තැම්පත් කොරනවා. විදේස රටවල අය ඉන්නවා නම් ඒ අයටත් මේ ගිණුමට මුදල් බැරකරන්න හැකියාව තියෙනවා. 

* කුස්සියට හරි ෆිජ් එකට හරි එහෙම නැත්තං කඩේකට හරි ගොඩවෙලා හොඳ ළපටි අමු මිරිස් කරල් තුනක් තොරාගන්නවා. 

* ඉන් පස්සෙ ගෙදර ඇවිත් වෙබ් කැමරාව හරි අටෝගත්ත වෙන පෝන් කැමරාවක් හරි වීඩියෝ හැකියාව තිබෙන කැමරා කෑල්ලක් සොයාගෙන සැට් කොරගන්නවා.

* දැන් අමුමිරිස් කාල තව යාලුවො හතර දෙනෙක් හෝ කිහිප දෙනෙක්ට එයාලටත් කන්න කියලා අභියෝග කරනවා. අභියෝග කරලා යූටියුබ් හරි ෆේස්බුක් හරි වීඩියෝ එක දාල අර යාලුවන්ව ෆේස්බුක් එකෙන්, ගූගල් එකෙන්, ටුයිට්ර් එකෙන් සෙට්කරගෙන ටැග් කරනවා..ටැග් කොරලා උන්ව මේගැන දැනුවත් කරනවනම් හොදයි.

* මේ ගැන කතාවෙන හැම තැනදිම #‎SLAmuMirisChallenge‬ කියලාත් දාන්න. එතකොට සුටු ගාල සර්ච වෙනව.

දාන හැම වීඩියෝවක් ගැනම මේ ෆේස්බුක් පේජ් එකේ සඳහන් කරන එකත් හොඳ පුරුද්දක්. හැබැයි මේ වැඩේ මූලික අරමුණ ජාතියට අමුමිරිස් කෑම හුරු කිරීම නම් නෙමෙයි. ඒනිසා හැම වෙලාවෙම මේකෙදි මුදල් එකතුවීම ගැන සහ අසරණ වකුගඩු රෝගින් ගැන කතාබහ කරන්න උත්සාහ ගන්න එකත් වැදගත් වෙනවා. 

ඔන්න යාලුවනේ කුනු කන්ද පෙරලුනා ඈ..

පුංචි පැංචි කියල කිඩ්ස් පෝගැම් එකක් ඉස්සර ගියා..ඒකෙ හැමදේම වගේ කියන්නේ එක ස්ටයිල් එකකට.. ඔන්න යාලුවනේ අපි අද බලමු මාලතී නැන්දා අපිට මොනවද ග...