ඒ කුමාරිකාවෝ රතැඹුලපෙති දෙකක් මෙන් ඉතා රත් වු පතුල් දෙකක් ඇතියහ. ඔප් නැඟූ කනකරූපයක් සේ බබලන රන්වන් ශරීර ඇතියහ. රන්මොනරකර දෙකක් මෙන් යහපත් වූ කෙණ්ඩාසඟලක් ඇතියහ. වටමටසිලුටු වූ කලවා සඟලක් ඇතියහ. ඉතා පළල් වූ උකුළු පෙදෙස් ඇතියහ. සිහින් වූ කටී පෙදෙස් ඇතියහ. නීලපුෂ්පාකාර වූ උස් නාසිකාවක් ඇතියහ. ලිනඟලාපෙති සේ ලීලෝපෙත ව වට වූ ඇඟිලිපෙලක් ඇතියහ. රන් හස් පැටවුන් වැනි මනහර තන සඟලක් ඇතියහ. ඉතා මොලෙක් වූ බාහුයුග්මයක් ඇතියහ. අඳුන්වන් සිනිඳු තුනු රෝමයන් ඇතියහ. නිලුපුල්පෙති පරයන දිගුපුළුල් වූ නිල් නුවන් ඇතියහ. කොඳකැකුළු සේ සුදු සිනිඳු වූ දන්ත පංක්තීන් ඇතියහ. රනොවිලි දෙකක් වැනි කන්වැල් සඟලක් ඇතියහ. උතුරු මුහුදැ දියසළාවක් සේ පළල් වූ පිටක් ඇතියහ. වැල දෙකක් සේ නිල් වූ බැම සඟලක් ඇතියහ. රන්කලසැ කරක් සේ වට වූ ග්‍රීවයක් ඇතිවහ. අක්බඹරු දික් මොළොක් වූ නිල් කෙස්වැටියක් ඇතියහ. බොහෝ කොට කීමෙන් ප්‍රයෝජන කිම්ද? ඒ කුමාරිකාවෝ තමන්ගේ ශරීරයෙහි රන්වන් පැහැයෙන් දසදිග් හොබවා හිර මඬල සේ බබලති.
ඒ සද්ධර්මාලංකාරයේ එන පද්මාවතී බිසොවුන්ගේ වර්ණනාවයි. නිලක්ෂි පද්මිකා නම් වූ කෙසඟ වූ කෙල්ල තුල මේ ආකාරයේ කුමාරිකා ලක්ෂන බොහොමයක් නැත. සියලු කුකුලන් සිය පිහාටු පාට කරගත් කල්හී පිටින් ආ එකකු පිහාටු පාට නොකර සාමාන්‍ය විදියට සිටියොත් පිහාටු පාට නොකල එකා කැපී පෙනෙයි. මෙහිද එසේයැ. නිලක්ෂි පද්මිකාට මූනේත් සමේත් රූපාලංකාරක දේවල් උලන්නට අවශ්‍යතාවයක් තිබුනත් ඒ සඳහා ඇයට මිලක් මුදලක් එහෙමට නැති බැවින් ඇය සාමාන්‍ය රූපයෙන් ආඩ්‍ය විය.
මුලින් ආ දිනවල ඇගේ ලඟ වූයේ මුත්තලා ලග හමන බෙහෙත් තෙල් කුයිලයකි. ඇය මා අසලට රාජකාරි අසාගන්නට පැමිණි කල මගේ මනසේ වූ ඇය පිළීබඳ සියලු ප්‍රියජනක සිතුවිලි යට කී කුයිලය මගින් යට වී ගෙන යයි. මා දිනක් ඇගේ මුහුනටම “නංගි ඔයා පීනස් තෙල් ගානවද? ඔයා ලඟ පීනස් තෙල් ගඳයි“ යැයි කීවෙමි. ඇය එයට සිනාසී බිම බලාගත්තා මිස වචනයක් දුන්නේ නැත. නමුත් දෙතුන් දිනක් ගිය තැන ඇගේ කුයිලය නැතිවුනි. ලාබ සුවඳක්ද දින කිහිපයක් ගිය තැන ඇය කෙරෙන් වහනය වන්නට විය.
ඒ සිද්ද වූයේ ඇගේ පෙම්වතා නිසා දැයි නොදනිමි. නමුත් කිසිවක් වෙනස් විය. ඇය දැන් පෙරට වඩා පිරිසිදුය. යම්තම් පවුඩර් ස්වල්පයක් දා කොන්ඩය කදිමෙට පීරා එයි. ඇය ඈත සිට බලද්දී සිත ඇදී යන මනහර පෙනුමෙකින් යුක්ත වීය. කෙසේ වෙතත් ඇය යොවුන් වියේ ස්ත්‍රියකි. යොවුන් වියේ කෙල්ලන් කෙරෙන් බහුලවම පහල වෙන කලබල ගතියත් කෙළිලොල් ගතියත් ඇය අසල නිබඳවම තිබුනි. කෙතෙක් රූපයෙන් අවලක්ෂන වුවද ඇගේ සමහර යුවතියනගේ හැසිරීම මන බඳින සුලු ඉරියව්වන්ගෙන් සැදී ඇත.
ඇය මේ පුරාණ කන්තෝරු සංකීර්ණයේ සිටින දේශපාලන පත්වීමක් වූ පියොන් අනුර ගේ නෑයෙකි. මැය අනුර පියොන්ගේ ලොකු අම්මාගේ දුවය. මේ කන්තෝරු සංකීර්ණයට නිලක්ෂි පද්මිකා පැමිණ සිටින්නේ පුහුනුවන කාර්යාල සේවිකාවක ලෙසයි. ඇය හදාරන ලද පරිඝනක පාඨමාලාවට මේ වැනි සේවයක් කර තිබීම අමතර සුදුසුකමකි. ඇරත් රුපියල් තුන්සීයක් දවසට ට්‍රේනින් වලට ගෙවනු ලැබීම ම ඇයට මහත් දෙයක් වන්නට ඇත. ඒ හැර ඇය කවර වූ තරාතිරමක රැකියාව කලත් ලෝකයාට අනුව ඇතුල ගරාවැටෙමින් යන නමුත් පිටින් බොහෝ ඔපවත්ව පවතින කන්තෝරුවක වැඩකරන සේවිකාවකි. එවන් වූ සේවිකාවකගේ සමාජීය අගය තරමක් වැඩිය.
මා ළඟ ඇය වැඩට යොමුකල විට මට එය එතරම් දිරවන්නක් නොවීය. නමුත් මා විසින් මාගේ වැඩකටයුතු පහසු වන පිණිස තවත් පරිඝනකයක් සහ අලුත් මුහුනක් ඉල්ලීය. පැරණි මුහුනු නිතර ගැටීමෙන් ඇතිවන අප්‍රසන්නතාවයකින් යුක්තය. නමුත් අළුත් මුහුනක් ඉල්ලීමට එයම විශාල කාරණාවක් නොවීය. මේ ආයතනයේ සිටින බොහෝ ගැහැනුන්ගේ පරිඝනක භාවිතයේ ඇති වේගය මදිය. පිට හා සන්සන්දනය නොකර කොටුවූ මහල් ගොඩනැගිල්ලක සිටින පාලු කන්තෝරුවක මෙන් මෙහි ගෑනු පිට ලෝකය ගැන නොදනිති. ඔවුන්ට කියලා ලියුමක් ගස්සවා ගැනීමට ගත වන කාලය පරාක්‍රමබාහු රජතුමා කල වඩ්ඩෙකු ලවා සෙල්ලිපියක් අච්චු ගස්සවා ගැනීමට යන කාලයට සමාන වුවොත් මිසක් අඩු නම් නොවේ.
ඒ ගෑනුන්ට අනුව ඔවුන්ගේ ඉස්ත්‍රී ලිංගයටත්, මහන්තතත්කමටත්, කොහේ හෝ කටපාඩම් කොර ලියා ගන්නා ලද සහතික කොළ ටිකටත් ආයතනය පඩි ගෙවිය යුතුව ඇත. මොවුන් විසින් කයිය ගැසීමටත්, පංකා හෙවනේ කල් ගත කිරීමටත් සිය රූපය ගැන සැලකීමටත්, දුරකථනයෙන් රට වටා තෙරතුරු බෙදා ගැනීමටත් සලසන පහසුකම් වලට මොවුන් විසින් ආයතනයට ගානක් ගෙවිය යුතුය. නමුත් වවුල්ලු උපන්දා සිට පුරුදු ගස්වල පුරුදු ලෙන්වල එල්ලෙති. ලෙනට හෝ ගසට වවුලන් සිටියාද නැද්ද යන වග එතරම් වගක් නැත.
පද්මිකා. එය ඉංගිරිසියෙන් ලියන විට පෑඩ් මි කා ලෙස කඩා ලිවීමට මා ආසා කරමි. නමුත් ඇයට පද්මි යැයි ඇමතීමට මා හුරුවූයෙමි.
ඇය සමග වැඩකරන්නට මට ලැබුනේ ඇයට හිමි කුඩා මේසය පුටුව සහ ඇය පමණි. පද්මිකාට පරිගනකයක් නැත. පරිගනකයක් දෙන්නට බැරිනම් මොන උලව්වකට පරිගනක දැනුම ඇති යුවතියක් පරිගණක විද්‍යාව හැදෑරු යුවතියක් ගත්තේ දැයි දන්නේ මානව සම්පත් අංශයේ සිටින ඇවිදින පොත් ටික පමණි. ඒ අංශයේ වැඩකරන උන්ට මිනිස්සු යැයි කීමට සිත් නොදේ. මානව සම්පත් පැත්තේ බොහෝ උන්ට ඩිග්රි ඇත. උන් නීති පොත් ආදිය යහමින් කියවති. නමුත් උන් ගැටළු විසඳීමක් නැත. උන් අර පොත් වල තියෙන වාක්‍ය කටපාඩමින් තියාගෙන ඒ වැඩය කරන්නට බැරි හේතුව අපිට කියා දෙයි. එක අතකින් එහෙම ඔටුවෝ සිටින එක වාසියකි. උන්ට දෙයක් නොකර සිටීමට ඕනාම හේතුවක් සොයා දිය හැකිය.
ඇය මා හට සේවයට ආවත් ඇය සමඟ පරිගණකයක් නො ආ කාරණාව ලොකු ගෑණියෙකුට කීවෙමි.
පසිඳු?
ඔයා මේ ආයතනයේ නොවෙයිද ඇත්තට ඉන්නෙ? ඔයා දන්නවනේ ඔයාගේ සෙක්ෂන් එකේ අයිටී කෝඩිනෙටින් ඔෆිසර්ස්ලා කීයක් ඉන්නවද කියලා. ? ඔ්‍යාට ලොකු වැඩක් තියේනං එයාල කරල දෙයි. අනික ඔයාගේ හිතේ තියෙනවැඩ එයාලට කරන්න බැහැ. ඔයා හිතන තරම් ලොකුවට වැඩ කරන්නත් බැහැ. හැමෝටම ලිමිට් එකක් තියෙනවා තේරුම් ගන්න ඒක.
අනික මේ ඔෆිස් එකේ ට්‍රේනීස්ලට කම්පියුටර් දෙන්න තියා අපේ පර්මනන්ට් ස්ටාෆ් අයටත් කොම්පියුටර් දෙන්න විදියක් නැතුව ඉන්නෙ. පියන්ලටත් කොම්පියුටර් දෙන්න වෙයි ඔය හයමාසෙ ට්‍රේනිස්ලට දෙන්න ගියොත්.
ඔයා අලුතින් ආපු කෙනෙක් නිසයි කියන්නෙ. මේ කොම්පියුටර් එන්න කලිනුත් මිනිස්සු හොඳට වැඩ කලා. ට්‍රේනින් වෙන ලමයෙකුට ඒ දැනුම ඇති දෙයක් ඉගෙනගන්න. අද කොම්පුයුටර් හැම තැනම. ඒ ලමයි මනසින් හුරු වෙන්න ඕනි කම්පියුටරේ තිබුනනම් මෙහෙමයි කියලා පුරුදු වෙන්න.
මා ඇයට කිසිවක් නොකියාම පැමිණියෙමි. ඇය ගේ කතාව අවසන් වීමට මත්තෙන් මා පැමිණියෙමි. ඇයට අනුව ඇය මේ පුහුනු වන්නට පැමිණී ගැහැනු ලමයාට පරිගනක යන්ත්‍රයක් ටෙලිෆෝනයක් ලබා දීම පිනිස කිසිම මැදිහත්වීමක් සිදු කල යුතු නැත. එසේ නොකරන්නෙ ඇයි දැයි මා නොදනී. ඇය අකුරට නිසි ලෙස රාජකාරී කටයුතු කරන හොඳ සේවිකාවක් වන්න ට ද ඇත. නමුත් මට ඇය කෙරේ ඇතිවන්නේ කෝපයකි.
මේ නිලක්ෂි නම් යුවතියට පරිගණකයක් ලබා දීම ගැන මේ කන්තෝරු සංකීර්ණයේ මත විචාරනයක් පැවැත්වුවොත් සියයට අසූවකටත් වඩා පිරිසක් ඒ ගැන දරනු ඇත්තේ උදාසීන මතයකි. ඔව් ඉතිං කොම්පියුටරටයක් තිබුනොත් හොද ඇති. ඒත් ඉතිං මේ ආයතනවල ඒව කරන්න අමාරුයි. පසිඳුට තියෙන්නෙ මෙතන හරි නැත්තං යන්න. එච්චරයි. බොහෝ දෙනෙකු කියනු ඇත.
මේ ආයතනයෙන් වැඩක් කරගන්නට පැමිණෙන අය රස්තියාදු වීම කිසිවෙකුටත් ගැටළුවක් නොවේ. සියල්ලෝම සියලල්ලන්ම විසින් තනාගත් වෙන වෙනම මනෝ ආගාර තුලට වී පැලපදියම් වී දිවි ගෙවති. ලොක්කා යනු තවත් එවැනි කුටියක් පමණි. ඒ කුටියට එන්නේ ඉහලින් එන ඕඩර් පමණි. ඒ හරහා කරන්නේ ඉහලින් පහලට අණ දීම පමණි.
පහ පාස් නැති ඇමතියෙකු මේ ට්‍රේනින් කෙල්ල එවා ඇය විසින් පරිගනකයක් ඉල්ලුවේ වී නම් මේ උසස් නිල තල ඇති ගෑනුන්ගේ අනුකම්පා සිත උණු වී දෝරෙ ගලා යනු ඇත. එසේ වී නම් ඇතැම්විට වෙනත් අයෙකුගේ පරිගණකයක් හෝ නැතිනම් අලුත්ම එකක් අැය වෙත ලැබෙන්නට සලස්වනු ඇත. එවිට නීති රෙගුලාසි හෝ අණපනත් වල ඇති වාක්‍ය වලට සිදුවන්නෙ කුමක්දැයි දන්නේ නැත.
නමුත් පියන් අනුර විසින් එවන ලද තුට්ටු දෙකේ කෑල්ලක් වූ නිලක්ෂි පද්මිකා යනු මේසයක් පුටුවක් පමණක් හිමි ගැහැනු ලමයෙක් පමණි. මා හට මතක් වන්නේ මා විසින් බලන ලද අසැබි වීඩියෝවකි. එහිදී කාර්යාලයට පැමිණි අලුත් යුවතියක සමග සම්බන්ධතාවයට එළැඹෙන කතා නායකයා ඒ යුවතිය මේසය මත හිඳුවා ඒ මතම සිට ඇය වේගයෙන් කෑ ගසද්දී ඇයට ශිෂ්ණයෙන් පහර දෙයි. එවිට ඇය වහලදෙස බලා මහ හයියෙන් මර ලතෝනි දෙයි.
ඒ ඇසැබි වීඩියෝව රූගත කරන ලද කාමරේද පරිගනකයක් මේසයක් ටෙලිපෝනයක් ඒ අලුත් සේවිකාවට තිබුනි. නමුත් මෙහි? ඇයට ඇත්තේ මේසයකුත් පුටුවකුත් පමණි. ඇය හට අමතර වූ යමක් වී නම් ඒ මා දෙන ලද කැල්කියුලේටරය, බොක්ස් ෆයිල් කිහිපයක්. පෑන් පැන්සල් රඳවනයක් ආදී දෙයකි.
සත්‍ය වශයෙන්ම මා හට ලබා දී ඇති පහසුකම් අනුව ඇයගෙන් මා හට ලබාගති ලෙහෙසිම රාජකාරිය වන්නේ ලිංගික රාජකාරියයයි. රෑට බටු වවුලන් ලගින පරණ කන්තෝරුවක් වන නමුදු අලුත් ජංගි වලින් දවල් ට පිරෙන මේ කන්තෝරු සංකීර්ණයේ මේ පුහුනු වන යුවතියට හෙවත් නිලක්ෂිට මා මේසය මත තබා ලිංගිකව සංග්‍රහ කරන්ට ගතහොත්, ඇය මේ පුරාණ කන්තෝරුවේ බටු වවුලන් ඉගිල යන්නට මහ හඬින් කෑ ගසනු ඇත. එවිට ඒ ශබ්ධයට මුලු කන්තෝරුවම පිබිදෙනු ඇත. එවිට එය වරදකි.
ආහ්..පසිඳු.? නේද ඒ.. හැමෝම කතා වෙනු ඇත. බොහෝ විට එය විශාල සිද්ධියකි.
මේ දුක්පත් නිලක්ෂි නම් යුවතියගේ වටිනාකම ඇති එකම ස්ථානය විය හැක්කේ ඒ ස්ත්‍රී නිමිත්ත පමණි. දුක දිනා ජයගත්තාය කියා හැඳින්වෙන මේ ආයතනයේම වැඩ වාසය කරන විශාල එක්සෙල් සයිස් ජංගි රාශියෙන් ඇයට පිළිසරණක් නැත. නමුත් ඇගේ ස්ත්‍රී නිමිත්තට වඩාත් විශඝෝර ප්‍රෙමා්දයක් ලැබූ කල මේ ගෑනු සදාචාරය නැමැති උන්ට නැති රෙද්ද උස්සාගෙන ඉදිරියට විත් සෙළුව පෙන්වනු ඇත. එවිට මා හට දී ඇති පහසුකම් අනුව ඇය හා මේ මේසය පුටුව මත සිට කල හැකි එකම සෙල්ලම මෙය යැයි කීවාට උන් කිසිවෙකුට එය ඇසෙන්නේ නැත.
මගේ ටෙලිපෝනයට දිගුවක් ඇතුලත් කර ඇයට වෙනම ටෙලිපෝනයක් දෙන්නැයි කීවාට කිසිවෙකුට එය ගානක් නැත. නමුත් මා මේසය ලිංගික යහනාවක් කරගතහෝත එවිට සියල්ලන්ම එය දකින්නට පොරකනු ඇත. අහෝ අනුන්ගේ විනෝදය පමණක් අනෙකාට ගැටළුවක් වූ සැටි. එවිට මාද ට්‍රේනින් යුවතියද අසාමාන්‍ය විනෝදයක් ඒ හරහා ලබයි. එය සදාචාරයට පටහැනිය.
කෝල් හරහා චැට් මගින් මිනිසුන් හා නොයෙක් වල් පල් කියවන ගෑනු ඇතැමෙක් මහත් වූ ආයතනික අපහරණයක් ඒ වැනි සිදුවීමක් තුල දකිනු ඇත. ඒ එසේ ටෙලිපොන් වලිනුත් කොම්පියුටර් වලිනුත් මිනිසුන් සමග වලත්ත කතා වල නිරත වන උනුත් චේතනාවෙන් කරනු ලබන්නේ එකම දෙයකැයි කීවොත් එතැනදී උන් චේතනා හං භික්කවේ කම්මං වදාමි යනු බුදු දහමට අදාල බණපදයක් ලෙස නොසලකනු ඇත.
මා සිටින්නේ කුඩා ආගාරයකය. එහි පසෙක ෆයිල් කැබිනට්ටුවකි. තවත් අතෙක වසන ලද ලාච්චු කිහිපයකි. අලුතින් පැමිණි නිලක්ෂී පද්මිකා පසෙක සිටී. මා ඇයට ෆයිල් තෝරන්නට දුනි. තෝරා පුරවන්ට එක්සෙල් සීට්ටුවක් මුද්‍රනය කොට දුනි. ඇය එය බලාගෙන පුරවයි. නමුත් ඇය එසේ කලා ය කියලා මට මහා වාසියක් නැත. මා විසින් නැවත ඒ දත්ත යළිත් පරීගණකයට කැවිය යුතුය.
මා සිතුවේ නිලක්ෂි මං තේබොන්න කතා කලාම එන එකක් නැහැ කියල. ඒත් එයා ආවා.
වෙන ගොඩක් කතාවල වගේම මම එයාට ..
නිලක්ෂි මට සර් කියන්න එපා. පසිඳු කියල කියන්න. කියලා කිව්වා.
ඒත් පසිදු සර් කියන එක ලස්සනයි. මම එහම කියන්නං. ගොඩක් අය එහෙම කියනවා නේ..කිය ඇය කීවාය.
ඇයට මා හා කැන්ටිමට යාම තේ බීම හෝ එකට ගමනාගමනය කිසිදු ගැටළුවක් නොවීය. ඇයට අනුව එය අවුලක් නැති දෙයකි. මා සිතුවේම ඇය අකමැති වේ කියලාය. නමුත් ඇය මා සිතුවට වඩා වෙනස්ය. ඇයට අනුන්ගේ ඇනුම් බැනුම් සමහරක් තේරෙන්නේ නැත. එක්කෝ ඇය ගනන් ගන්නේ නැත.
ගංවතුරට කෙහෙල් කොට ආවම සමහරු ඒව එක්කමයි නේද ගමන. ගෑනියෙක් එසේ මට ඇසෙන්නට ම කැන්ටිමේදී කීවේය.
නිලක්ෂි ඔයා කෙසෙල් මුවකාල තියෙනවද? කෙසෙල් මුව කෑවම ඉක්මන්ට මහත් වෙනව ලු. ඔයාත් කන්න.
මා කීවෙමි.
මා එය කීවේ අර මට ගතු කී මහත ගෑනියට ඇනුම් පදයක් ලෙස යැයි. නිලක්ෂි පද්මිකාට වැටහුනේ නැත. මං ආස නෑ පසිඳු සර් කෙහෙල් මුව වලට. ඒත් මං අම්ම උයන අලුකෙසෙල් නම් කනවා. ඇය කීවාය.
ඇයට අවශ්‍ය පහසුකම් නොමැතිවීම සහ ට්‍රේනින් අයෙකු ලෙස සැමවිටම පහත් ලෙස සැලකීම මට පෙනෙන්ට බැරි විය. නමුත් මට ඇති ගැටළු ඇයට නැත. ඇය දෙන වැඩය කර ඉන් අවසන නිකම් බලාගෙන සිටී. ඒ මුහුනේ විශේෂ දුකක් සතුටක් හෝ වැඩිදෙයක් පේන්නේ නැත.
මා ඇයට මා කියවන පොත් කිහිපයක් ගෙනත් දුනිමි. ඇය ඒවා කියවන්නේ ඉතා සෙමිනි. ඇයගේ කියවීමේ රුචිය ඇත්තේ සරල නවකතා වලට පමණි. මා කියවන ගැඹුරු දෑ අැයට දිරවන්නේ නැත.
මා පොත් දහයක් විතර ගෙනැවිත් දුන් නමුත් ඇය කියවූයේ එයින් පොත් එකක් පමණි. ඇයට බෝයි ෆෙන් කෙනෙකු සිටී. මා එයට සතුටින් කන් දුනිමි. එයා සර්ට කැමති නැහැ වගේ. එයා හිතන්නෙ සර් එක්ක කැන්ටින් යන එක ඕන නැති දෙයක් කියල. මන් ද..එයා ට සැක වෙන්න ඇති.
ඇය වරක් එසේ කීවාය.

දැන් ඉතිං තව ටික දවසකින් කියයි ඔෆිස් එන එකත් ඕනේ නැති එකක් කියලා... මොකෝ එහෙමනේ ඔය බෝයි ෆෙන් ලා කියන උන්
ReplyDeleteඋඹ ඇත්තටම මානසික රෝගියෙක්...
ReplyDeleteMu ipadenna maasa 10 kata kalin piya parshawaya madana modake thamay pradhana aharaya washayen aran thiyenne. Muge oluwe kunuharupa pirila
Delete40 ශ්‍රී ලොරියක් විකිණීමට තිබේ.
ReplyDeleteඅයිතිකරු 2015 ජනාධිපතිවරණයෙන් පසුව විදේශ ගත වීමට අපේක්ෂා කරන නිසා ගැනුම්කරුවකු සොයයි. ගොඩක් දෙනා මේ ලොරිය එළවා තිබුණත් අයිතිකාරයින් (වර්තමාන අයිතිකරුද සමඟ ) සිට ඇත්තේ කිහිප දෙනෙක් පමණකි. අළුතින් තෙල් මාරු කොට ඇත. බ්‍රේක් හොඳයි. හොඳ ටයර් සෙට් එකක්ද තිබේ. වැඩිම ඉල්ලුමට සැපයේ. අදම ඉල්ලුම් කරන්න. ණයක් ගන්න අවශ්‍ය නම් ඉන්දික කොඩිතුවක්කු මහතා අමතන්න.
ආනමාලු කාල තියනවද???
ReplyDeleteබෝයි ෆෙන් ආපු ගමන් කථාව නැවතුනේ බෝයි ෆෙන් ඉන්න කෙල්ලො එක්ක මොන කථාද කියල හිතුන නිසාද
ReplyDeleteහ්ම්ම් කාලා තියෙනව හොදට ඉදුන ආනමාලු කිරට උයල කැකුලු බත් එක්ක මරු ආ
ReplyDeleteසැහ්..අපරාදෙ..
ReplyDeleteහොඳට පුරෝල පටන් අරන් අතරමග ඔහේ ගහල දාපු පැදුරක් වගේ බාගෙට ඉවර කලේ ඇයි? තව විශේෂත්වයක් තිබිය යුතුයි මේ කතාව පටන් ගත්ත විදියට නම්.
ReplyDelete