Thursday, March 31, 2016

මා ලංකාවේ ටුවරිසම් ඇමති වුනොත් 1

බොහෝදෙනා ටුවරිසම් කිව්වාම හිතන්නෙ ඉස්සර කාලෙ වගේ මහා පරිමාණ සුද්දො ගැන. ඇත්තටම ඒ ගැන හිතුවොත් මහා පරිමාණ තරු හෝටල් අයිතිකාරයො කවුද? ඒවා අයිති එක්කෝ බහුජාතික සමාගම් වලට නැත්තං ලංකාවෙම විසාල සල්ලිකාරයින්ට.. ඉතිං ඒ හෝටල් වලට සුද්දො ගියාය කියලා අපිට ආර්ථිකමය වාසිය ලැබෙන්නෙ ඒවායේ සොච්චං වැටුපට වැඩකරන සේවකයින්ගෙන් විතරයි.. මේක හරියට අර ගාමන්ට් වගේ නූලුයි රෙදියි ඩිසයින් එකයි ඔක්කොම රටින් එනවා..අපිට තියෙන්නෙ මහලා යවන එක විතරයි..ඒකට ලැබෙන තුට්ටු දෙක විතරයි ඉතුරු..

මහා හොටල් ටුවරිසම් ටිකක් ඒ වගේ..ලොකුවට තිබුනාට සුද්දො ගේන සල්ලි ආයෙම කැරකෙන්නෙ උඩම ලැවල් එකක විතරයි.. එතනින් පහලට එන්නෙ ගාමන්ට් වල ජංගි මහලා සල්ලි හොයනවා වගේ පහල ලේයර වල වැඩකරන සේවකයින්ට ලැබෙන ගතමනාවක් විතරයි..

නමුත් ලංකාවට බහින අයිල සුද්දෙක් අපේ බස් එකක ගියාම කොන්ද බබාට වැඩිපුර ගානක් තට්ටු වෙනවා..ඌ පාරෙ තැඹිලි කාරයගෙන් තැඹිලි ගෙඩියක් බිව්වත් ඒක ඒ මිනිහට නෙව..කොත්තු කඩේකින් කොත්තු කාල අපේ පහල ලේයර් එක එක්කම ජීවත්වෙලා යන බැක්පැකින් අයිල සුද්දන් අපේ රටේ දුප්පත් මනුස්සයින්ට විසාල සුද්දන්ට වැඩිය වැදගත් වෙනවා.. හන්දියේ වීල්කාරයට පවා ඔය මලු බැදන් යන බැක්පැකින් සුද්දෝ එන එක ටිකක් හොද කලක් යන්නට හේතුවෙනවා.

අරුගම්බේ , මිරිස්ස, ඇල්ල වගේ පැති වල මේ බැක්පැකින් සෙට් දැන් බහිනවා..ඒ නිසා ඒ පැත්තෙ දැන් මිනිස්සු ගෙවල් වල කාමර කුලියට දෙනවා..කොටින්ම ඒ පැතිවල සතිපොලවල් පවා සුද්දො ඇවිදිනවා..මේක ටිකක් අවුල් සහගත සහ අඩු ආදායම් හිගන වැඩක් කියලා කෙනෙක්ට පේනවා ඇති.. නමුත් මම නම් හිතන්නෙ මේ සුද්දො ප්‍රමාණය වැඩිවීමත් එක්ක උන් අතර ටිකක් වියදමට කැමති උන් ඉදිවි.. ඒ මින්ස්සුන්ට ඒ ෂී කාමර ඕනි වෙයි.. සැප ඕනි වෙයි.. ඒ අනුව අලුතින් ඒ සංචාරක සේවාවන් දියුනු වේවි. ඒ විදියෙ සංචාරකයො ප්‍රමාණය වැඩිවෙනකොට ඉල්ලුම වැඩියි..එතකොට ඉතිං අපේ උන්දැලා තව තව මොනා හරි පෙන්වලා විකුනලා කීයක් හරි වැඩියෙන් ගරන්න ඉඩකඩ හදාගනීවි.

උදාහරණ විදියට ලංකාවෙන් ඉන්දියාවට ඇදෙන අපේ ආච්චිල සීයලාගේ දඹදිව ගමනින් ඉන්දියාවට ලැබෙන ඇත්තම සල්ලිය බොහොම ටිකයි.. නමුත් ලංකාවෙන් ඉන්දියාවට ඇදෙන ඒ මහා දඹදිව නඩ කියන්නෙ ඉන්දියාවෙ ඒ දුප්පත් ගම්මාන වලට විශේෂ ආදායම් මාර්ගයක්. ඒ නිසා අපේ දඹදිව නඩ වලට පහර දෙන අවස්ථාවන්වලදී ඇතැම් විට මධ්‍යම රජය පවා මැදිහත් වෙලා ඒවා නවත්වන්න කටයුතු කරනවා. ඒ වගේම මුල් කාලවල දූවිලි කාගෙන බස් වල කෝච්චි වල ගිය අපේ නඩ දැන් යන්නෙ බොහොම සැප බස් වල හීතලත් ඔන් කරගෙනමයි.. එතකොට ඒ විදියට දියුනු වෙන්න වෙන්න ඒ වැඩියෙන් වියදං වෙන සල්ලිත් අර රටටම නෙව ඇදෙන්නෙ.

නමුත් අපේ රජය හැමදාම හදන්නෙ ලොකු මෝරු අල්ලන්න. ඒකෙත් ඉතිං ගැන්මක් නැත්තෙ නෑ..හැබැයි සැප ටුවරිසම් කියද්දිම මේ රීජන් එකේ ස්ථාන ගනනාවක් අපිට මතක් වෙනවා.. මේ කලාපයේ අග්නිදිග ආසියා රටවල් බොහොමයකත් තියෙන්නෙ මෙහෙ දේසගුණය සහ පරිසර තත්වයන්ම තමයි. ඒ රටවල ඇතැම් තැන්වල මෙහෙට වඩා සංචාරක කර්මාන්තය බොහොම දියුනුයි. මාලදිවයින සැප ටුවරිසම් වල ලොකුම මෝරෙක්.. අපිට සැප ටුවරිසම් මාකට් කල හැකි වුනත් ඒ එක්තරා ප්‍රමානයකට විතරයි.. ඒත් හිගන ටුවරිසම් කියන්නෙ හරියට ගොඩදාගත්තොත් ලොකු ඉල්ලමක්.. 


ලංකාවේ ටුවරිසම් වෙබ් සයිට් එක අලුතින් හැදීම

ලංකාවෙ ටුවරිසම් වෙබ් එක පොඩියි. ඒකට තව කෑලි එකතුවෙන්නට ඕනි..ප්‍රධාන වශයෙන් ටුවරිස්ට් ලා ලංකාවට එන හේතු කිහිපයක් ම තියෙනවා..ඒ හැම හේතුවටම අදාල..උදාහරණ විදියට ලංකාවට පිරිසක් එනෝ නම් පැනලා කැලේ ඇවිදලා ෆන් ගන්න බලාගෙන ඒක ඇවිල්ල ඇඩ්වෙන්චර ටුවරිසම්..පරණ ගල් ගඩොල් රජකාලෙ බලන්න එනෝ නම් ඒ කට්ටිය පුරාවස්තු ටුවරිස්ට්ලා.. ඉතිං ඔය විදියට හැපනින් වෙන විදියට බෙදලා ඉන් පස්සෙ ඒවට අදාල විස්තර ආදිය ඇතුලත් කරනවා.. සරලව හිතුවොත් අපිට ඇඩ්වෙන්චර ගොඩට ලේසියෙන්ම දැන් අරුගම්බේ කිතුල්ගල වගේ එක්ක දාන්නට හැකියි..

ඒ වගේම දාන ලොකේෂන් වල නවාතැන් ගන්න තියෙන තැන්..එතනට යන පාර..තියෙන බස් දුම්රිය පහසුකම් ගැන කෙටි විස්තර ඒ ඒ ටොපික් එකට යටින් දාන්නට ඕනි. 


ට්‍රාන්ස්පොටේසන් ප්ලෑන් ඇප් එකක් හැදීම.. සහ එය අන්තර්ජාලයට එකතු කිරීම.

ඊට අමතරව ලංකාවට පැමි‍නෙන බැක්පැකර්ස්ලට මුහුනදෙන්ටන වෙන එක අවුලක් තමයි බස් පාරවල් මාර්ග අංක හා ගමන් ගාස්තු.. උදාහරණ විදියට ගත්තොතින් කටුනායකින් බහින සංචාරකයෙකුට නුවර යන්න නං ලේසියෙන්ම පාරෙ බස් එකක් අල්ලගන්නෙ කෝමද? ඒ කොතනින්ද පුලුවන් වෙන්නෙ..? ඒ වගේ දෙයක් හොයාගන්න බෑ දැන් තියෙන විදිය අනුව.. ටිකක් සරල විදියට ඇප් එකක් හරහා හෝ වෙබ් එකකින් බස් කාලසටහන්..බස් ධාවනය වන මාර්ගය සහ ගමන් ගාස්තු ඇතුලත් යම් කිසි දියුනු මට්ටමක වෙබ් පහසුකමක් ඇතිකරනවා නම් වැදගත්..එතකොට අපිට වුනත් මාතලේ ඉදලා වැල්ලවායට යනෝ නං බස් එකේ ලේසියෙන්ම යන්න පුලුවන් කොහොමද බස් තියෙන වෙලාවල් කොහොමද කියලා ලේසියෙන්ම හොයාගන්නට හැකි වෙනවා..

මේක මිලියන ගානක් වියදම් වෙන වැඩක්..ඒත් හරියට කර ගත්තොතින් අපිට ඕකටම බුකින් පහසුවකුත් ඇඩ් කරලා සෙනග වැඩි පාරවල් හොයාගෙන සැප බස් සේවාවක් පටන් ගන්න වුනත් පුලුවන් කමක් තියෙනවා ඒ හරහා.. 


ගණිකා වෘත්තිය නීතිගත කිරීම හෝ මසාජ් පිලිවෙලයිස් කිරීම

මේ කලාපය ගතහොත් තායිලන්තය කාම්බෝජය ඉන්දියාව ඉන්දුනීසියාව පිලිපීනය ආදී රටවල මසාජ් සෙන්ටර් තිබුනාට ඒ බොහෝ තැන්වලදි ගණිකා වෘත්තිය නීතිගත නැහැ. නීතිගත නොවුනට නැත්තෙ නැහැ.. නමුත් එක පැත්තකින් ලෙඩ හැදෙන හැකියාව ැවඩියි අනික් පැත්තෙන් නීතිගත නැති නිසා හරියට මිලක් නියමයක් නෑ.. අපිට ගණිකා වෘත්තිය නීතිගත කරගන්න පුලුවන් නම් මේ කලාපයේ එහෙම රටකට තියෙන්නෙ අපි විතරයි.. යම් ස්ත්‍රියක් මසාජ් එකකදි මිනිස්සු දහයක් තලලා ගන්න සල්ලි ඉතාම ලේසියෙන් සුද්දෙක් එක්ක පොඩි ෆන් එකක් අරගෙන උපයාගන්න අපේ කාන්තාවන්ට පුලුවනි ගණිකා වෘත්තිය නීතිගත වුනොත්..

ඒත් එක්කම ලිංගාශ්‍රිත රෝග වලට මාස්පතා සෝදිසි කරගැනීමට නියම කිරීම. ගණිකා මධ්‍යස්ථාන ගැන දත්ත පවත්වා ගැනීම.. කුඩා ළමයින් ඒ සදහා යොමුවීමට ඇති නැඹුරුව අඩු කිරීම. ගණිකා වෘත්තිය තුල ලෝකය පුරාම පැතිර ඇති දැඩි මත්ද්‍රව්‍ය ඇබ්බැහිය සීමා කිරීමට කටයුතු කිරීම. ගැන අපිට අලුතින් සිතන්නට වෙනවා.. නමුත් සියල්ල එකවර අපිට කරන්නට බෑ..අපි මුලින්ම යමක් මුල් පියවර ලෙස කල යුතුයි. ඉන් මනත තමයි අපි අනෙක් වා කරන්නට වෙන්නෙ. අන්තර්ජාල අඩවි පුරා හැමදෙයක් ගැනම දැන් හොද නරක රිවිව්ස් තිබෙනවා..

උදාහරණ විදියට මම කොටුවෙ ටෙලිකොම් අතගාව තියෙන චූටිමල්ලිගේ පෙට්ටි කඩේ ගැන ට්‍රිප් ඇඩ්වයිසර් එකේ හොද කියල දැම්මොත් හෙට ඒකට සුද්දෙක් යාවි.. හැබැයි ඌ ගිහින් ඇවිත් කරන පලවෙනි වැඩේ තමයි තැන රෙකමන්ඩ් කරපු එකාගේ අම්ම තාත්ත පවා මතක් කරලා බනින එක.. මොකද සිගරට් ගදයි..රස්නෙයි.. ඒක ඇතුලෙ තියෙන අජූත ගතියයි..කෑම වල තියෙන පිරිසිදුවයි එක්ක ප්ලේන්ටිය හොදට තිබුනත් තැන අජපල්..

ඒ වගේ ගණිකා වෘත්තිය වගේ එකක් නීතිගත කලොත් ඒක ගැන විවෘත මාධ්‍යයන් වලින් පිරිස කතා කරාවි හොද ඒවාගැන අන්තර්ජාලයේ පල වේවි..එවිට නිකංම හොද තැන් ටික ඉතුරු වෙලා මෙලෝ රහක් නැති නාකි බඩවල් තියෙන කලු ඇන්ටිලා එක්ක අඩුවට ඒ සේවා සපයන ස්ථාන හොයන අයට ඒවා ලාබෙට සොයාගන්නට ලේසි වේවි..

ආන්ඩුව සාර්ථක පියවරක් විදියට අසභ්‍ය අඩවි තහනම සැලකිය යුතු ලෙස ඉවත් කලා..නමුත් ඒක ඉවත් කලා කියලා ස්ත්‍රී දූෂණ ලමා අපචාර එක රැයෙන් සුටුස් ගාල වැඩිවුනේ නෑ.. පෝන් සහ ස්ත්‍රි අපචාර දූෂණ අතර රේඛීය සම්බන්ධයක් තාම තියෙනවා කියල විද්‍යාත්මක ව කොහෙවත් හොයාගෙනත් නෑ..

මේ කාන්තාවන් අපේ රටෙත් නෙමෙයි වෙන රටවල් වල ගිහින් දුක් විදින හැටි ගැන කතාන්දර හැමදාම අපි අහනවා..මේ එක කතාවක්..

''අපේ පඩි සල්ලි දෙන්නේ නැහැ. ඒ සල්ලි ඒජන්සි තියා ගන්නවා. ගණිකා සේවයට යොදා ගන්නවා වගේ උදේ හවස එන්න කියලා ඒජන්සි කාමරයක් ඉස්සරහා තියා ගන්නවා. මිනිස්සු එනවා, මෙයා හොදයි කියලා වැඩට එක්ක යනවා.''

මෙතනදි ඒ මිනිස්සු ගෑනුන්ව අර ං ගිහින් මොන හිංසා පීඩා කොරනවාද කොයි විදියට පාවිච්චි කරනවාද කියලා නිච්චියක් නෑ.. 


ඇත්තටම ගණිකා වෘත්තිය නීතිගත කරන්නට පුලුවන් වුනොත් ඒක අපේ ටුවරිසම් ඉන්ඩස්ට්‍රි එකට ලොකු වැදගත් කමක් එකතු කරාවි.. මේ හරහා කාන්තාවන්ට යම් කිසි අවුලක් තිබෙනවා තමයි. ඒත් අරාබි රටවල ගිහින් කසිසේත් නොදන්නා හාම්පුතකුගේ කුරිරු කම් වලට සහ ඒවායේ ගෑනුන්ගේ නොයෙක් තාඩන පීඩන වලට යට වෙලා යාන්ත්‍රික ජීවිතයක් ගත කරන තැනකට පත් වෙනවාට වඩා ගණිකාවක් ලෙස නම්බුකාර ලෙස ජීවත් වන්නට හැකිනම්.. මට අනුව එය හොදයි..කුවේට් සහ මොකද බුදුන් කාලෙත් ගණිකා වෘත්තිය තිබුනා..ඒ වගේම බණකතා වල තිබෙන ආකාරයට එකල එය නීතිගත දෙයක් නිසා යම් කිසි විශේෂ සමාජ තත්වයක්ද ඇතැම් ගණිකාවන්ට හිමිවුනා.. ඇතැම් විට කාල තරණය හරහා එකල අනේ පිඩු සිටානන්ගේ සහායකයෙක් මේ කාලේ ලංකාවට ඇවිත් දවල් දවසෙ පිංකම් කරලා හැන්දෑවට ආතල් එක්ක ගන්න ගණිකාවො ඉන්න තැනක් හොයද්දි එහෙම තැනක්වත් නෑ කියලා හොයාගත්තොත් හෙම අනේ මේක බුද්ධ කාලෙත් නොතිබුන තරං මහ කැත රටක් නෙව කියාල ආයිත් යන්තරේ නැගල බුද්ධ කාලෙට ම යන්නට යාවි..

23 comments:

  1. බලාගෙන හිටන් මහත්තයා උඹව උස්සගෙන යයි හිටං.....

    මේ දේවල් ලංකාවේ ප්‍රසිද්ධියේ කරන්න බෑ කවදාවත් නමුත් සද්ද බද්ද නැතිව සමහර දේ වෙනවා....

    ReplyDelete
    Replies
    1. සාමාන්‍යයෙන් මේ කලාපයේ ඔය දේ හැමදාම වෙන්නෙ බ්ලැක් මාකට් නේ.. ඕපන් මාකට් වුනොත් ඒක පට්ටම චාන්ස් එකක් අපිට.. ඉල්ලීගල් වෙද්දි වටෙන් ගන්න පුලුවන් වුනත් සමහර උන් බයයි අහුවෙයි කියලා..
      මේ දැන් තියෙන ආර්ථික අර්බුදෙන් ලේසියෙන් ගොඩ එන්න පුලුවන් චාන්ස් එකක් තමයි ඕක ඕපන් කරලා පිලිවෙලයිස් කරන එක.. එතකොට එහේ ආගම් වලින් හිරවෙල ඉන්න ඉන්ඩියන් පකිස් බංගලි උන් පවා මෙහෙ ඇවිත් වීකන්ඩ් එක ගතකරල යන්න යාවි..

      ටිකක් විතර කැත සහ අමන ගතියක් තියෙනවා.. හැබැයි ඔය විදියෙ මාස්ටර් ප්ලෑන් එකක් ගැහුවොත් මත්තල වුනත් ගොඩදාත හැකි වෙයි.. ලේසියෙන්ම..

      Delete
    2. උඹට කියන්නේ... මාතලන් ඉන්නේ.... වී වෙනුවට ගංජා වවලා... නිදහසේ ගංජා ගහන රටක් කලා නම් අම්බානක සල්ලි හොයන්න පුළුවන්... ඒත් මේවා කවදාවත් වෙන්නේ නෑ... අරක්කු බොන්න කලින් අපේ උන් මත් වෙන්න ගැහුවේ ගංජා... බොබ් මාලේ ගංජා කාරයෙක් වෙන්නේ සුද්දගෙ රහමෙරවලට වහ වැටිලා හිටපු උන් ගංජා වලට ඇදලා අරගෙන රේන්ද කාරයෝ නැති කරන්න... ඒත් අපි...

      ඊශ්‍රායලය ගංජා හරිතාගාරවල වවලා බේත් හදලා සල්ලි හොයනවා.. අපි ආන්ඩුවෙන් වී වවලා ආන්ඩුවෙන්ම අරගන්නවා.. අර පොඩි කාලේ සෙල්ලම් ගෙවල් දානවා වගේ...

      Delete
  2. අමිල ඔයා anthony bordain ගේ No Reservations කලම්බු එපිසෝඩ් එක බලන්න...ලෝකෙම අපිව මාර්කට් කරන්නේ ස්පොන්ටේනියස් ටුවරිස්ම් වලට....මිනිමම් රූම් රේට් දාලා ටුවරිස්ම් කන්නේ මෝඩ තකතීරු ආන්ඩුව...මාතෙයි මමයි දන්නවා කේස් එක...මිරිස්ස ඉඳන් කුඩාවැල්ලට යනකන් ඩවුන් සවුත් වල දැන් සර්ෆින් ලොකේශන්ස් සෑහෙන්න රෙකග්නෛස් සිස්ටම් එකේ....
    ඌප්ස් රහනේ අවුට්....යකෝ මැච් එක බලන්න දීපල්ලා...."

    ReplyDelete
  3. අමිල ඔයා anthony bordain ගේ No Reservations කලම්බු එපිසෝඩ් එක බලන්න...ලෝකෙම අපිව මාර්කට් කරන්නේ ස්පොන්ටේනියස් ටුවරිස්ම් වලට....මිනිමම් රූම් රේට් දාලා ටුවරිස්ම් කන්නේ මෝඩ තකතීරු ආන්ඩුව...මාතෙයි මමයි දන්නවා කේස් එක...මිරිස්ස ඉඳන් කුඩාවැල්ලට යනකන් ඩවුන් සවුත් වල දැන් සර්ෆින් ලොකේශන්ස් සෑහෙන්න රෙකග්නෛස් සිස්ටම් එකේ....
    ඌප්ස් රහනේ අවුට්....යකෝ මැච් එක බලන්න දීපල්ලා...."

    ReplyDelete
    Replies
    1. ඕක හැමදාම එක මට්ටමකින් වැඩිවෙනවා..නමුත් යුද්දෙ ඉවර වෙලා රට ඕපන් වෙද්දි මේ මට්ටමට වැඩිය සංචාරක ව්‍යාපාරය දියුනු වෙයි කියල හැමෝම හිතුවා.. නමුත් හිතුව තරම්ම උඩ ගියේ නෑ..

      Delete
    2. ඔයාට ඊයේ පෙරේදා කම්මලයව හම්බුනාද.

      Delete
    3. ආ..ඔව් අපි දෙන්න එදා බීච් පාටිය වෙලාවෙ එක ලග, චෙෆා එක පාරක් මම දාපු ෂොට් එකක් ගැහුව , දැන් බඩුම තමයි.

      Delete
  4. ඔය යෝජනා ඉදිරිපත් කළාට මෙහෙ ඡන්දෙ දෙන්නෙ නෑ

    ReplyDelete
    Replies
    1. සියල්ල වෙළෙඳාම මත නේ තීරනේ වෙන්නෙ...සබන් කෑල්ලෙ දෙහි තියෙනව කියල ඇඩ්වටයිසින් වල ගියාට දෙහි නෑනෙ ඒවයි....ඒ වගෙ තමයි..ඇඩ්වටයිසින් කියන්නෙ රියලිටි නෙමෙයි..පොලිටික්ස් වලදිත් එමමයි..

      Delete
  5. මචං රට යන එක නැවැත්වීමයි.... උන් මෙහෙ තියං ගණිකාවන් කිරීමයි කියන්නේ දෙකක්....... උඹ ඒ ඇමති නොවී හිටිං... ඒක තමා කරන්න හැකි හොදම දේ....

    ReplyDelete
    Replies
    1. ඔයා කලබල වෙන්න එපා... ඒවා මෙහේ නැගලම යනවා... අපේ අය නෙමේ නම් ඔයාලට අවුලක් නෑ නේ... අපේ අය සිංහ දේනුවෝ නේ... ඒක නිසාමද කොහෙදෝ සුද්දෝ අපේ ඒවට කැමති නෑ...

      Delete
  6. ගෙදර ගියොත් තෝ නසී
    මග හිටියොත් අඹු නසී.

    ReplyDelete
  7. අන්තිම එක ඇරෙන්න අනිත් එව්වා ගැන කලින් කෙටුවා වගේ මතකයි! ඒවානම් අනිවා වෙන්න ඕනේ දේවල් බං

    ReplyDelete
    Replies
    1. අන්තිම එක නිතිමය රාමුවට ගේනවා කියන්නෙ ඒක නියාමනය කරන්නට අපිට හැකිවෙනවා. එතකොට ඒක තත්වය පාලනය කරන්න පුලුවනි.. නියාමනය ඇතුව නීතිමය පද්ධතිය හැදුවොත් ලංකාවෙ ගෑනුන්ට වඩා ඔය ෆීල්ඩ් එකට එන්න කොලිෆිකේෂ්න තියෙන වෙනත් ආසියා රටවල ගෑනු එමට ඉන්නවා.. දැන් තියෙන නීතිමය අවුල් නිසා තමයි උන් එන්නෙත් නැත්තෙ..

      මිනිස් මාංශ වෙලදාම හොද දෙයක් නෙමෙයි..ඒත් ඉතිං ඕක අපි අකමැති වුනත් හැමදා කොහොම කොහොම හරි ජයටම සිද්ද වෙන ජාවාරමක්..

      Delete
  8. ලිපියේ අන්තර්ගතයට එකගයි. ඒත් මාලදිවයින වගෙ සැප ටුවරිසම් වලටත් ලංකාව යොමු විය යුතුයි. දැනටත් මාලදිවයිනෙ සමහර ලොකු හොටෙල් john Keells, Aitken Spence/Adaaran වගෙ සමාගම් වලට අයිති.

    ReplyDelete
    Replies
    1. ඔව්...ඒත් මං හිතන්නෙ ඔය කොම්පනි වලටත් මාලදිවයින් දූපතක් අරන් ටුවරිසම් කරන එක ලාබයි මෙහෙ වාතවෙනවට වඩා..

      Delete
  9. ලෝකල් ප්‍රයිස් සහ ෆොරින් ප්‍රයිස් කියල මිල දෙකක් තියන රටක ටුවරිසම් දියුණු කරන්න බැහැ.. අපේ රට කියන්නේ විදේශ සංචාරකයින් මංකොල්ල කන රටක්.. සාමාන්‍ය කඩේ රුපියල් සීයට තියන ගම්මිරිස් පැකට් එක රුපියල් දෙතුන්දාහට වික්ක කියල දැනගන්න සුද්දො ආයේ ලංකාව පැත්ත හැරිලා කෑම කන්නෙත් නැහැ වගේම දන්න කියන කෙනෙකුට එන්න දෙන්නෙත් නැහැ.

    මොකක් හරි බෝරුවක් කියල හෝ වංචාවක් කරලා සුද්දව සුද්ද කරන්න දඟලන ගයිඩ් මහත්තුරු ඉන්නකම් ටුවරිසම් එන්න එන්නම වල පල්ලට යනවා මිසක් දියුණු වෙන්නේ නැහැ.. ඒ දේවල් හදල ඉන්න ඕන ටුවරිසම් හදන්න කතා කරන්න..

    මේ ටික ලිව්වේ මට ඔය සම්භන්ධ අත්දැකීම් තියන නිසා..ඊට එහා කතා කරලා වැඩක් නැහැ වංචාව සහ හොරකම නවත්වන්නේ නැතුව..

    ReplyDelete
    Replies
    1. මචං මෙහෙමයි ඕක ඇවිල්ල අපේ රටේ විතරක් වෙන දෙයක් නෙමෙයි..මේ පලාත ගැන දැනුමක් තේරුමක් ඇතුව ඇවිදින සුද්දන් ඔය දේ දන්නවා.. උදාහරණ විදියට අපි කිව්වට මෙහෙ සීගිරියට 2500ට වැඩියි කියලා ටජ් මහල් අග්‍රා බලකොටුව බලන්න ඉන්දියානුවන්ට යන්නෙ රුපියල් 30යි අපිට ඉන්දියන් රුපියල් 1050ක් යනවා අපි දකුනු ආසියාවෙ වෙලත්.. අපි නම් එතනදි ඉන්දියන් කාරයො වගේ ගියා..ඒත් ඉන්දියාවෙ ටිප් ඕගනයිස් කරපු ටීම් එක අපෙන් දත ගැලෙව්වා උන්ට වැඩියෙන් දෙන්න වුනා කියලා..

      ඔය විදියට දන නමල ඇන්දෙන සුද්දො ටිකක් ඉන්නවා..ඒත් එහෙම නැති එවුනුත් ඉන්නවා.. ඕක ඇත්තටම ටිකක් පැතිරුනු විශයක්.. දැන් ඔය ලංකාවෙ ටුවර් පැකේජ් කියලා ගහන අය පැකේජ් එකට කඩන්නෙ නොසෑහෙන බිලක්.. උන්ට හොටෙල් බුක් කරලා කෑමත් දීල තැනුත් පෙන්නලා තව ලොකු කුට්ටියක් ඉතුරුත් වෙනවා.

      ඒක තමයි ඉතිං බිස්නොස් කියන්නෙ.. නමුත් මම මේ කොටුවෙ එහෙම දැකල තියෙනවා සුද්දන්ට තර්ජනය කරලා ඇගිලි දික් කරලා සල්ලි ගරන්න හදන පාදඩයො.. ආන්න එවුන් නම් අල්ලලා අඩුම තරමෙ ප්‍රසිද්ධියේ කණට ගහලා හරි නැතිබංගස්ථාන කරන්න ඕනි..

      බොරුව වංචාව කියන්නෙ අපිට උරුම අපේම දෙයක් නම් නෙමෙයි.. තායි ඉන්දුනීසියා කාම්බෝජෙ ගියත්..නේපාල් ඉන්දියා පැත්තෙ ගියත් .. කොහෙ ගියත් වංචා කාරයො නම් එමට.. ඒත් ඔන්ලයින් කතා බහ ආදියෙන් ඒ වගේ වංචා කාරයින් ගෙන් බේරෙන විදිය ගැන යම් අවබෝධයක් අපි හැමෝටම ලැබෙනවා..

      Delete
    2. මම කියන්නේ සීගිරිය පෙන්නන්න සුද්දන්ගෙන් වැඩිපුර සල්ලි ගන්න එක ගැන නෙවෙයි මචන්.. එත් මම ඒකටත් පුද්ගලිකව කැමති නැහැ. ඒක බොහොම කැත වැඩක්. ජාතිකත්වය මුල්කරගෙන එකම දේ මුදල් දෙකකට විකුණන එක සදාචාරයක් තියන ජාතියකට ගැලපෙන්නේ නැහැ.. ඉන්දියාවවත් වෙනත් රටකවත් කළා කියල අපි නුසුදුසු දේ කලයුතු නැහැ.

      ඊට වඩා තදින් මංකොල්ලය සිද්දවෙන්නේ සුද්දන්ට බඩු විකුණන කඩවල් වල.. ඔයා ටුවරිසම් ෆීල්ඩ් එකේ ඉන්නවනම් ඒ ගැන දැනුවත් ඇති කියල මම හිතනවා.. සුද්ද බඩු අරන් කාර් එකට නගින්න් කලින් පිටිපස්සේ දොරෙන් 50% කොමිස් එක ගයිඩ්ට හොරෙන් ගෙනත්දෙන මහා වංචාසහගත ජාවරාමක හවුල් කරුවෝ වෙලා උපයන මුදල් වල වටිනාකමක් තියනවද බන්.. ඒ කරන්නේ තනිකරම හොරකමක් නේද.. ටුවරිසම් වැඩි කරන්න නම් සුද්දගේ ටුවර් එකේ පිරිවැය අඩුවෙන්න ඕන.. එහෙම උනාම තමයි නිවාඩුවක් ගතකරන්න සුද්දො ලංකාවට එන්නේ..

      Delete
    3. ඔය පොඩි හොරවැඩ...ලංකාවෙ ජනප්‍රිය පුද්ගලික රෝහලකට වැරදිලාවත් සුද්දෙක් ගියෝතින් ගලෝනව ගැලවිල්ලක්...සුද්දව නැතිම වෙන්න....ලැගුම්හල් ටැක්සි ගැන ඉන්දියාවෙ කශ්මීර් වලදි නම් එහෙ පලාත් ටුවරිසම් සයිට් එකේ ලැගුම්හල් වර්ග කරලා කාමර ගාස්තු එක්කම ලැයිස්තුවේ දාල තියෙනව කන්ටැක් නම්බර් එක්කම...ඒ වගෙම ටැක්සි ගාස්තුත් ඒ පලාත් ටුවරිසම් ආන්ඩුවෙ සයිට් එකේ වඩාත් ජනප්‍රිය තැන් සඳහා කරන අයකිරිම දක්වලා තිබුනා... .. මෙහෙත් නවාතැන් ලැයිස්තු කරලා වර්ගකරලා ඒවයෙ ගනන් ඉම් මිමි එක්ක ඒ දත්ත අන්තර්ජාලෙට දානෝ නම් ඔයි ගයිඩ් කාක්කන්ට ලේසි වෙන් නෑ...මෙහෙ තාම කෝච්චිය බුක්කරගන්න බෑ සයිට් එකෙන්...බස් රූට් බලාගන්න බස් බුකින් වලට වෙබ් පහසුවක් නෑ...ටැක්සි සේවාවන්ට අනුමත ගාස්තු රාමු ලේසියෙන් දක්වලා නෑ... ඉතිං ඒ වගේ නියම ක්‍රමයක් සහ යාවත්කාලීන වෙබ් පහසුකම් නැතිවෙද්දි හැම දේකටම සපෝටිව් මාජින් කාක්කො බිහිවෙනවා...

      Delete
    4. ඔය පොඩි හොරවැඩ...ලංකාවෙ ජනප්‍රිය පුද්ගලික රෝහලකට වැරදිලාවත් සුද්දෙක් ගියෝතින් ගලෝනව ගැලවිල්ලක්...සුද්දව නැතිම වෙන්න....ලැගුම්හල් ටැක්සි ගැන ඉන්දියාවෙ කශ්මීර් වලදි නම් එහෙ පලාත් ටුවරිසම් සයිට් එකේ ලැගුම්හල් වර්ග කරලා කාමර ගාස්තු එක්කම ලැයිස්තුවේ දාල තියෙනව කන්ටැක් නම්බර් එක්කම...ඒ වගෙම ටැක්සි ගාස්තුත් ඒ පලාත් ටුවරිසම් ආන්ඩුවෙ සයිට් එකේ වඩාත් ජනප්‍රිය තැන් සඳහා කරන අයකිරිම දක්වලා තිබුනා... .. මෙහෙත් නවාතැන් ලැයිස්තු කරලා වර්ගකරලා ඒවයෙ ගනන් ඉම් මිමි එක්ක ඒ දත්ත අන්තර්ජාලෙට දානෝ නම් ඔයි ගයිඩ් කාක්කන්ට ලේසි වෙන් නෑ...මෙහෙ තාම කෝච්චිය බුක්කරගන්න බෑ සයිට් එකෙන්...බස් රූට් බලාගන්න බස් බුකින් වලට වෙබ් පහසුවක් නෑ...ටැක්සි සේවාවන්ට අනුමත ගාස්තු රාමු ලේසියෙන් දක්වලා නෑ... ඉතිං ඒ වගේ නියම ක්‍රමයක් සහ යාවත්කාලීන වෙබ් පහසුකම් නැතිවෙද්දි හැම දේකටම සපෝටිව් මාජින් කාක්කො බිහිවෙනවා...

      Delete
  10. අනේ යකෝ..අමිලයෝ..
    පින් සිද්ධ වෙයි ඔය කතාව ලොක්කා ඉන්න තැනක නම් දිග අරින්න එපා..
    ඊට පස්සේ පොර කොහේ හරි රැස්වීමකට ගිහින් කියයි ඉතින් ආයේ බ්‍රා ටෝක් එකට දෙවෙනි නොවෙන්න...

    (මට දැනුත් මැවෙනවා ලොක්කා ඉස්ටෙජ් එකේ කරන කතාව...)

    ReplyDelete