Tuesday, October 25, 2016

රොබෝ අත්, කරත්ත, සබ්මැරීන් කැම්පස් චූටි බබාල

පහුගිය කාලේ තරගයට වගේ කැම්පස් වල අයියලා අලුත් ඒවා හොයාගන්න සමත් වුනා. ඒ අතර දිය යට යන්න පුලුවන් සබ්මැරීන් කිහිපයක්, රොබෝ අත් කිහිපයක් කුඩා කාර් ආකෘතියක් වගේ කිහිපයක්ම තිබුනා මතකයි. දැන් මේක එක්තරා ෆැෂන් එකක් වෙලා වගේ.. හැම කැම්පස් එකකම ඉන්ජිනියරින් කම්පියුටර ලමයි එකතු වෙලා මේ වගේ මොකක් හරි හත්වලාමක් හදනවා..ඉන් පස්සේ කොහේටහරි දාල සම්මානයක් ගන්නවා. ඉන් පස්සේ අනේ අපේ නිර්මාණයට තැන නෑ කියල අඩන ගමන්ම ඒව පත්තර වල දානවා..නැත්තං අන්තරේ පිකට් එකක් වයිරල් වෙද්දි අපි පාරේ ඉන්නෑ කරන්නේ මේවා කියලා පේන්න දානවා පත්තරේ හෝ සයිට් වල‍ හෝ පේස්බුක්.. 

ඇත්තටම මේ රොබෝ අත් කරත්ත සබ්මැරින් හදන එක හොදයි.. වැරැද්දක් කියන්න බෑ.ඒත් කැම්පස් සිසුවෙක් කියන්නේ කැම්පස් ලමයෙක්..ඌ ඇවිල්ල ඉස්කෝලෙ යන සුප්පං බබෙක් නෙමෙයි.. එංගලන්ත රටේ රාස්බෙරි පයි කියන පොඩි මයික්‍රො කොම්පියුටරේ තියෙන්නේ පුංචි ලමයින්ට සෙල්ලම් කරන්න..උන් ඇවිල්ල එකේන් කරත්ත හදනවා, රොබෝ අත් හදනවා..යානා හදනවා..ඒක තුලින් ලමයින්ගේ හැකියාවන් දියුනු වෙනවා.. ඒ එංගලන්තේ නේ.. මෙහෙ කැම්පස් උන් කැම්පස් අවිත් අපේ දූපත් වාසින්ට මැජික්ස් පෙන්වන්න කොරන්නෙත් අර එංගලන්තේ 8 වසර සී පන්තියේ ළමෝ කරන ජාතියේ වැඩ.. කිඩ.. 

කැම්පස් කියන්නේ අපේ රටේ අවුරුදු 20 පනිනකල් ඉගෙන ගන්න ඩෑල් එකක්..ඒ වගේ එකක් කියන්නේ සමාජය එක්ක ගැටිලා සමාජයට ඕනි දේවල් හිතලා සප්ලයි කරන්න පුලුවන් කෙනෙක් වෙන්න ඕනි.. 

හනේ අපිට මාකට් එකක් නෑ.. 

ඕ ගොල්ල අහල තියෙනවාද මුලින්ම සකරබරග් ෆේස්බුක් එක හදලා ආන්ඩ‍ුවෙන් ඒක මාකට් කරන්න ආදාර ඉල්ලනවා.. ඇපල් හැදුව ස්ටිව් ජොබා අාන්ඩුවෙන් හරි වෙන කාගෙන් හරි ආදාර ඉල්ලුවද? මයික්‍රොසප්ට් හදපු බිල් ගේට්ස් ආන්ඩුවෙන් හරි කාගෙන් හරි හිගාකෑවද ඒව හදලා වෙලදපොලට දාන්න? නෑනෙ.. දක්ශයෙක් කියන්නේ කෑල්ලක් හදාගෙන ඒක පත්ත‍ේරේ හෝ නිවුස් වලට දාගන්න මනුස්සයෙක්ම නෙමෙයි..එතනින් එහාට තමන් හදන දේ තමුන්ගේ සංකල්පය මාකට් කරගන්න හැකියාවක් තියෙන්නට ඕනි.. හිතන්න හොද පෝගැමර් බුවෙක් ඉන්නවා..පොර ට ගොඩක් දේවල් පුලුවන්..ඒත් මිනිහා ලොකු කමට ඉන්ටවිව් වලට යන් නෑ.. 

ඉතිං ඉන්ටවිව් වලට ලොකු සබා වලට පීචං වෙවී හරි ඌ යන්නේ නැත්තං කොහොමද මිනිහට ලොකු ටැලන්ට් එකක් තියෙන වගක් ලෝකයා දන්නේ? එතකොට ඌ කැපෙනවා.. කැපිල වන වෙලාම යනවා.. වෙලදපොල කියන්නෙත් ඒ වගේ අරුමැති තැනක්... මගේ යාලුවෙක් උන්නා මිනිහ ඉලෙක්ටොනික් වැඩ වලට දක්සයා..පස්සෙ කාලෙක පී ඇල් සී, ඵී අයි සී වගේ අයි සී වැඩ කිඩ ප්‍රෝගැමිනුත් ඉගෙන ගත්තා.. ලගදි මෙයා අලුතින් එල් ඊ ඩී බල්බ් එකක් හැදුවා ස්මාට් විදියට වැඩ කරන..ඒ කිව්වේ පෝන් එකෙන් පුලුවනි ලයිට් එක කොන්ටොල් කරන්න..මේක හිතුවට වඩා සංකීර්ණයි.. බල්බ් එක..සර්කිට් එක.. කල්පවතින විදියට හදන්න ඕනි වුනා..පස්සෙ මේ යාලුවා ඒ තමුන් හොයාගත්ත තාක්සනේ විකුන්නා බලුප් කම්පැනියකට..කුනු කොල්ලෙට දුන්නේ.. නමුත් ඉතිං මිනිහ තියාගත්තා කියල පොරට මේක තනියම හදන් අමාරුයි.. ඒ නිසා විකුනල දැම්මා.. 

අපි ඉන්න තැන හා නිර්මාණ 

ඉන්දියාවේ රාජස්ථාන් කියන්නේ කාන්තාර වගේ වේලෙන පලාතක්..ඕකට ගිහිපු එක මිනිහෙක් වතුර එක්කරාසු කරන්න වැඩ පිලිවෙලක් දියත් කරලා..මිනිස්සු එක්ක එක්කහු වෙලා වේලි බැදලා වතුරු ඉතුරු කරගත්තා.. ඒ වගේම සමහර රාජස්ථාන් පැතිවල වැහි ජලය එකතු කරන්න වැඩ පිලිවෙලවල් හැදුනා.. ඉතිං ඒ ගම්මාන වල මිනිස්සු අර පිටින් ආපු මිනිහට දෙයියොන්ට වගේ සලකන්න ගත්තා.. මේක ටිකක් ජනප්‍රිය කතාවක්.. 
ඒ වගේම ලංකාවේත් බුවාල හිටියා..අත් ටැක්ටර් එක..කොන්ක්‍රිට් තාක්ෂණය, විදුලි සම්ප්‍රේෂණ සැලසුම් වගේ ඒවා නිර්මානය වුනේ අපේම අය අතින්.. 

අද කාලේ වෙද්දි තනි පුද්ගලයින්ට අර ඉස්සර කාලේ එඩිසන් වගේ දේවල් හොයාගන්න අමාරුයි...ඒම හොයාගත්තා වුනත් ඒවා සමාජගත කරගන්න විකුනගන්න ගියාම කේස්.. ඒ නිසා ඒ අය එකතු වෙනවා.එකතු වෙලා විවිධ නිර්මාණ ආදිය කරනවා.. අපේ රටේ බහුතරයකට බලපාන ප්‍රශ්ණ තියෙනවා.. ගොවි ජනතාවට අදාල පස්න තියෙනවා.. වැඩට යන මිනිස්සුන්ට එහෙන් ප්‍රවාහන පස්න තියෙනවා.. ගාමන්ට් වල හිටං මහන අයට වෙනමම පස්න තියෙනවා.. මාලු අල්ලන මිනිස්සුන්ට වෙනමම තාක්ෂණික පස්න තියෙනවා.. 

සමහර පස්න වලට ඇත්තටම විසදුම් නැතුවාම නෙමෙයි.. එක යාලුවෙක් උන්නා ගමන්ට් ෆැක්ටරියක.. ඒකෙදි ඉස්සර විවිධ ඩිසයින් වල ඇදුම් ආවම ඒවා මැසිමෙන් අමාරුවෙන් මහන්න වුනාලු.. පස්සේ මේ යාලුවා ඒකට මැසිමට විවිධ කෑලි බෑලි සෙට් කරලා අලුත් මැසින් කෑලි හදලා දෙනවාලු..ඒ වගේම එක එක විච්චූරන ඇදුම් කෑලි සකසාගන්න අවශ්‍ය කරන කුඩා නිර්මාණ මේ යෝදයා නිතරම කරලා ඒ සේවකයින්ට සහනයක් ලබාදෙන්න කටයුතු කරලා තියෙනවා.. 

නිර්මාණ කියන්නේ හැම නිර්මාණයම බැලූ බැල්මට වටිනවා කියල පෙනුනට මාකට් කරන්න අමාරුයි.. හැම එකම ප්‍රායෝගිකත් නෑ.. මොනවා හරි නිර්මාණ කරන එක වැදගත්..ඒ රොබෝ අත් කරත්ත, සබ්මැරින් වගේ සුට්ටි සුට්ටි ස්කෝල ගෙදර වැඩ වලින් එහාට අපේ කැම්පස් ලමයි යන්නට ඕනි. විශාල සැලසුම් හදන්නට ඕනි.. ඒවායේ ආදර්ශ හදන්න ඕනි.. ලොකු කම්පැනි සහ ආයතන වල ක්‍රමවේද වල දුර්වලතා වලට විසදුම් දෙන්නට ඕනි.. අලුත් යාන්ත්‍රික කොටස් ගේන්නට ඕනි.. එහෙම නැතුව ඉස්කෝලෙ හදපු ගැජට් ටිකම කැම්පස් එකේ ගිහිල්ල හදල පදර්ශන වලට නිවුස් වලට ඒවා ගැහුවම රටක් දියිනු  වෙයිද් ආයිබොවන්ඩ.. 

9 comments:

  1. කරන්ඩ දේවල් ඔලුවට ආවාට මටත් හිතෙනවා බං මොනවටද කියල බොබින් මාරු නොකර දිගටම මහන්න මෙෂින් එකක් ඔලුවට ඇවිත් තියනවා , ඒක හදලා මට වැඩක් නැ මොකටද අතේ තියන තුට්ටුවට දෙකට කෙලවගන්නෙ

    ReplyDelete
    Replies
    1. ඔව් සමාර අතේ පත්තුවෙනේව නම් නොකොර ඉන්නෙක වාසී...

      Delete
  2. //ඒ අතර දිය යට යන්න පුලුවන් සබ්මැරීන්//

    ඇයි දිය උඩ යන සබ්මැරීනුත් තියනවද?

    //ඉන්ජිනියරින් කම්පියුටර ලමයි//

    මේ ළමයි මොනවගේද? අනික් ළමයි වගේ අම්මලාගෙන් බිහිවෙච්චි අය නෙවෙයිද?

    //අන්තරේ පිකට් එකක් වයිරල් වෙද්දි//

    මේ අර කෙසෙල් වගාවට හැදෙන ලෙඩේ නේද?

    //එංගලන්ත රටේ රාස්බෙරි පයි කියන පොඩි මයික්‍රො කොම්පියුටරේ තියෙන්නේ පුංචි ලමයින්ට සෙල්ලම් කරන්න..උන් ඇවිල්ල එකේන් කරත්ත හදනවා, රොබෝ අත් හදනවා..යානා හදනවා//

    යක්ස කොල්ලොනේ උන් කම්පියුටරෙන් මෙව්වා හදන්න ගියාම සතියකට එක කම්පියුටරේ ගානේ අරන් දෙන්න වෙනවනේ. කම්පියුටරේ තියන මොන මොන කෑලිවලින්ද මේවා හදන්නේ

    //කැම්පස් කියන්නේ අපේ රටේ අවුරුදු 20 පනිනකල් ඉගෙන ගන්න ඩෑල් එකක්//

    අපේ පැත්තේ ඒවා තියෙන්නේ ඔරලෝසු කඩවල් වල විතරයි.

    //ඇපල් හැදුව ස්ටිව් ජොබා// අපරාදෙ අන්නාසි හදන්නයි තිබුණේ මාර මාකට් බිග්මැච් කාලෙට

    //මයික්‍රොසප්ට්// චූන් පාන් වෑන් එකේ මෙව්වා තියනවා.

    //හොද පෝගැමර් බුවෙක් ඉන්නවා// අම්මෝ ඔවුන් දෂ්ට කලාම බේත් නෑ පරිස්සමෙන්

    //ඉලෙක්ටොනික්// කොහෙද මලේ ඒ ටොනික් ජාතිය තියෙන්නේ මම බීලම නෑ

    //කොන්ටොල්// ඊට වඩා හොඳයි නැස්ටමෝල්

    //ඕකට ගිහිපු එක මිනිහෙක් වතුර එක්කරාසු කරන්න// ගිහි මිනිහෙක්ද පැවිදි මිනිහෙක්ද වතුර එක්ක රාසු කියලා මිනිහෙක් නෙවෙයි වැඩ කලේ

    //සමහර පස්න// මේවා අර පුස්නාප්ප වගේද

    // පදර්ශන වලට නිවුස් වලට ඒවා ගැහුවම රටක් දියිනු වෙයිද් ආයිබොවන්ඩ//

    වෙන්නේ නෑ ගූ බාසාව නිසා වෙන්නෙම නෑ

    ReplyDelete
  3. //කොන්ක්‍රිට් තාක්ෂණය,//

    A.N.S කුලසිංහ මහතා හඳුන්වා දුන්නේ කොන්ක්‍රීට් පරාල, සහ කණු යොදාගණිමින් ගොඩනැගිළි ඉදිකරන පෙරසවි තාක්ෂණය

    ReplyDelete
  4. ප්‍රමාණෙට වැඩිය පණ්ඩිත බව පෙන්නන්න ගියහම ට්කක් සවුත්තු වෙනවා

    ලංකාවෙ සරසවි ලමයින්ගෙ නිර්මාන Raspberry Pi ගැජට් එකත් එක්ක සමාන නොකල නං තමයි හොද , මොකටද හරියට නොදැන උපකල්පන උඩ ලියන ඒවා ගම කතන්දර වගෙ

    ReplyDelete
  5. හෙහ් හෙහ් හෙහ්..
    බුදුහාමුදුරුවෝ බුදු වෙද්දි කාලය දීපය දේසය කුලය මව බලල බුදුවුනා..අවාසනාවට මං බ්ලොග් ලිපි ලියද්දි මට එහෙම පස් මහ බැලුං බලල කොලිපිකේසන් සම්පූර්ණ කරගෙන මේ වැඩේ කරන්න අමාරුයි..

    මිනිස්සු තව දෙයක් ගැන විචාරය කරන්න ඒ දේ සම්පූර්ණයෙන් දැ‍නගෙන ඉන්න ඕනි නෑ.. මම කියන දේ ඔබට යම් තරමකින් වැටහෙනවා නම් ඒ ඇති..එතනින් එහාට අකුරින් අකුර වචනයෙන් වචනය නිවැරදි කරගෙන මම ඔබේ සමාජ අධ්‍යනය හෝ විද්‍යාව හා තාක්ෂණවේදය අච්චු පොත ලියනවා නෙමෙයි නේ..

    මම කියන්නේ ලංකාවේ මිනිස්සුන්ට තියෙන පස්න තියෙනවා.. ඒ වගේම ඉන්ඩස්ට්‍රි එකෙත් තාක්ෂණිකව දියුනු වෙන්න දේවල් තියෙනවා.. ලංකාවෙ විශ්ව විද්‍යාල සිසුන් රාස්බෙරි පයි වලින් එහා ගිය දේවල් කරනවා ඇති.. නමුත් තවමත් ඔවුන් නිපදවන්නේ ප්‍රදර්ශන භාන්ඩ මට්ටමේ නිශ්පාදන.. විශාල ව්‍යාපෘති විශාල අධ්‍යනය කිරීම් දියුනු විසදුම් ඔවුන් සතුව තිබෙන බවක් පේන්නට නෑ..
    කැම්පස් සහ වෙළදපොල කර්මාන්ත අංශ අතර කෙලින්ම සම්බන්ධ්‍යකුත් පේන තෙක් මොනයක නෑ..

    ReplyDelete
    Replies
    1. ඔබ තුමාගේ වැඩේ සාර්ථකයි. මේවගේ ලිපියක් පල කලාට ඉස්තුතියි. ඔබතුමා ඔය ලියපු ලියුමේ වැරදි හොයන්න එන කට්ටියට පෙන්නන අර දේවදත්තයව. පෙන්නලා "ඉඳ ඉඳ එක වෙහෙර..." කවියත් කියන්න.

      Delete
  6. කම්පස් ලමයින්ගෙ නිර්මාන ගැන මුලදි සතුටින් සිටි මටත් පසුව හිතෙන්න ගත්ත මේව මේ සෙල්ලම් වැඩ නේද කියල.වෙළදපොල ජයගන්න බැරි වාර විභාගෙ අඛන්ඩ ඇගයීම්වලට සුදුසු ඒව වගෙ . ඒ වගේම මැජික් ලෙස ඉදිරිපත් කරන සමහර ඒව වෙන රටවල දශක ගනන් පරන බව පස්සෙ දැනගත්ත. හැබැයි ආට් ෆැකල්ටියෙ කරන මුට්ටි කාසි එකතු කිරීම ,කෙහෙකන් පිබීම වගෙ දේවල් වලට වඩා නම් ධනාත්මකයි

    ReplyDelete
  7. වටිනා අදහස් ටිකක්.

    ReplyDelete

නූතන පටාචාරාවත

විසිතුරු බඩුව ඇය කිසිවිට නැහැ සැලුනේ.. බියකරු වනය බිය නැහැ ඇය වෙත දැනුනේ.. සිය සැමි නැතිය එන මග දරු අහිමි වුනේ.. නැති විය සිහිය ...