Tuesday, May 15, 2018

අනේ හුකේ තොපේ වියත් සෙට් එක

දන්සලකට පෝලිමේ ඇදෙන පිරිසක්
වඩ්ඩෙක් මොකක් හරි වැඩකට යද්දි උගේ ආයුධ සෙට් එකක් ගෙනියනවා. ඒක ඕනි නං කියත් සෙට් එක කියලත් කියත හැකි. ඒ වගේ අපේ රටේ දේශපාලන පක්ෂ දේශපාලකයින් මාරු වෙද්දි ඒ මාරුවට උපකාර කරන්න සෙට් එකක් ඉන්නවා.. උගතුන් බුජ්ජිමතුන් කලාකාරයින් ආදී විවිධ කන්ඩායම් ඡන්දයකට කලින් මාර විදියට කුලප්පු වෙනවා. වෙල අහක් වෙලා අහවල් දේසපාලකයා අහවල් පක්සේ තමයි මේ රට කියන වැල ගෙඩිය බිමට බාලා අපිට කන්න දෙන්නේ..එයා හෝ එයාලා තමයි හොද කියලා මිනිස්සුන්ට  කියනවා. රටක් පාලනේ තියා හරියට ග්‍රවුන්ඩ් එකෙන් එලියට බැහැපු නැති ක්‍රිකට් ක්‍රීඩකයෝ.. ලොකේසන් එකේ රෙද්ද උස්සලා උඩට ගිය නිලියෝ .. කැම්පස් එකෙන් පිට අඩියක් නොතියපු මහාචාරියෝ පත්තර වලට ලියලා රට පෙරලුවේ අපි කියලා හිතන ලේඛකයෝ ආදී විවිධ පාර්සව ඡන්දයක් කිට්ටු වෙද්දි ෆෝම් වෙනවා. මේ අය හැමෝම කියන්නේ මේ රට දිනවන්න නම් අහවල් පක්සේ අහවල් තුමා දිනවන්න කියලා. 

කවදා ඉදන්ද මේක සිද්ද වෙන්නේ 

මට මතක 1994 සිට. එදා ඉදන් රජයක් පෙරලෙන අලුත් විධායක ජනාධිපතියෙක් පත්වෙන හැම වෙලාවකම මේක වෙනවා. රටේ නමගිය සෙට් එකක් එකතුවෙලා කඩේ යනවා.. කඩේ ගිහි්න මොකෙක් හරි පත්කරගන්නවා. නැත්තං පක්සයක් දිනවනවා.. සමහර එහෙම එතුමා හෝ ඒ පක්සේ දිනවන්න බහින අයට සාරයි. ඉන්පසු ඒ සමහර උගතුන් බුජ්ජිමතුන් කලාකාරයින්ට තානාන්තර ලැබෙනවා. ආණ්ඩුවේ පුටු ආදිය හම්බෙනවා. සමහර අයට කොන්ත්‍රාක් හම්බෙනවා..කෝ ඉතිං රට..ආහ් රට ඕනි දිනන්න විතරයි. ඉතුරු ටික එතනමයි. 

රට වෙනස් කරන්න කල හැකි දේවල්
  • * අපි කොච්චියට ටිකට් එකක් ගන්නගියාම එතන එකා පෝරුවෙන් ටිකට් එක තෝරලා සීල් කරලා අතට දෙන්න විනාඩි දෙකක් විතර ගන්නවා.. පයිවට් බස් කාරයත් මැසිමෙන් ටිකට් දෙද්දි උන් තාම මැනුවල්.
  • * බස් එකට නැග්ගම ඉතුරු රුපියල දෙක ඉල්ලලා කොන්දා එක්ක මරාගන්න වෙලා. බස් හෝල්ට් රේන්ජ් එක වැඩිකරලා බස් ගාස්තු රු දහයේ ගුණාකාර වලට ගන්න එක රොකට් තාක්ෂනයක් නෙමෙයි. 
  • * ඉන්දියාවෙත් ප්‍රධාන නගර කීපෙකම මේ වෙද්දි නගරය ඇතුලේ ට්‍රාන්ස්පෝට් වලට මෙට්‍රො සිස්ටම් එකක් ගෙනල්ලා තියෙනවා.පාරවල් පලල් කරලා උඩින් පාරවල් ගහලා අදින්න බැරි ලෝඩ් එකකට මෙට්‍රො හෝ මොනෝ රේල් හැර විසදුමක් නැහ 
 
  • ගංවතුරක් ගැලුවාමනායක් ගියාම ඔහේ මිනිස්සු මැරෙනවා.. ගැලුවට පස්සේ ටීවි වල කට පුරෝල අදහස් කියන අය ගලන් නැති කාලෙට මීක් නැහැ. කොටින්ම මේ ලංකාවේ තාමත් අද වැස්සම අප්ඩේට් එක කාලගුනේට යන්නේ හෙට..ඕක හරියට පිලිවලක් කරලා වැහැලා විනාඩි දහයකින් අප්ඩේට් එක වැටෙන්න හදන්න කාටවත් උවමනා නැහැ..ඒත් හැමදාම වහිනවා.. නාය යනවා. ගලනවා යටවෙනවා ආදාර එනවා. මොකද්ද චක්කරේ වගේ හැමදාම එක ම තැන. 
මේ වගේ පොඩි දේවල් වෙනස් කරන්න තබා එවා මතක් කරන්නවත් අපේ ඔය කියන බුජ්ජිමතුන්ට වෙලාවක් නැහැ. වියතුන්ට ඒ තරම් වැඩ. 

දියුනු රටක බැලුවාම ඒ රටේ විද්‍යාඥයින් බුද්ධිමතුන් කියන්නේ ආන්ඩුවෙන් හිගාකන පල් හිගන්නෝ ටිකක් නෙමෙයි.එයාල රටට සේවය කරන්න විවිධ ක්‍රමවේද හොයනවා. මිනිස්සුන්ට වඩාත් පලදායී වෙන දේවල් අලුතින්නිපදවනවා. මිනිස්සුන්ගේ ජීවන තත්වය ඉහල දැමීම ගැන පර්යේෂණ කරනවා. කලාකාරයෝ පවතින ක්‍රමය නිර්මාණ ශීලිව විවේචනය කරනවා. එයාලට ලැබෙන අවකාශ්‍ය ජනතාව දැනුවත් කරන්න පාවිච්චි කරනවා.

අපේවියතුන් කරන එකම මහවිසාල පර්යේෂණයේ ඡන්දයක් ඉස්සරහට තියේ නම් මොන පක්සෙට් මොන පාලකයට මම කඩේ යනවාද කියලා තෝරන එක විතරයි. ඉන් පස්සේ ඉතිං අර පත්කරන්න ඉන්න එකාගේ ගූත් සුවදයි කියලා රෙද්ද ගලවලා කඩේ යනවා. 

පාට කූට්ටං අමතක කරලා හිතුවාම අපි මිට කලින් වියතුන් උගතුන් බුද්ධිමතුන් කලාකරුව්න එකතුවෙලා දේශපාලකයින්ට දේශපාලනයට කඩේ යන අවස්ථා කීයක් දැක්කාද?ඒ ඡන්ද වලට කලින් කියන බයිලා..හදනවා කියන සුන්දර රට උන් හැදුවද? සංවර්ධනේ කියන ගහේ තියන වැල ගෙඩිය හොයලා බාලා අපිට කන්න ලුනු ඉහලා දුන්නද? 

හොදට කල්පනා කරල බැලුවොත් ගමේ බත් පැකට් එකට අරක්කු කාලට කඩේ යන දුප්පත් මිනිහාගේම ලොකු එකක් තමයි මේ වියතුන් සහ බුද්දිමතුන් කියන්නේ. වෙනස එයාල අරක්කු නැතුව විස්කි බොනවා ඇති. කෑමට බත් පැකට ්නැතුව ලොකු හෝටල වලින් කනවා ඇති. ගමේ මනුස්සයා දුවට රස්සාවක් ගන්න හිතද්දි වියතා බුද්ධිමතා තමුන්ට අලුත් තානාන්තරයක් බලාපොරෝතතු වෙනවා ඇති. 

අලුත් වියත් සෙට් එකක් ෆෝම් කරගෙන උඩදාගෙන රට ගොඩදාන්න කියලා ඇඹරෙද්දි අපිට නම් ඒකේ අලුත් දෙයක් නැහැ.. රනිල්, මහින්ද, චන්ද්‍රිකා, සිරිසේන ඔය ඔක්කොමල්ලා ඔය උගචුන් බජ්ජිමතුන් කලාකරුවන් වියතුන් ලෙසටම කඩේ යැව්වා. දැන් අලුත්  අපේක්සක බුවත් වැඩේ කලින්ම පටන් අරං.. පොඩ්ඩක් සටන් පාට මූනු තීම් එක වෙනස් වුනත් කෝර් එක ඔක්කෝම එකයි. කාරිය කෙරෙන තුරු කාගෙත් සෙලවිල්ල..

7 comments:

  1. https://gadyanohothkavi.blogspot.com/2018/05/blog-post_38.html

    ReplyDelete
  2. වියත් සෙට් එක :-p

    ReplyDelete
  3. What else people can do? They do something to change the bad situation. 'Bakan nila siteema vikalpaya nove'

    ReplyDelete
    Replies
    1. මූ කියන්නේ අපිට උඩ පනින්න කියලා, ලොකු ටෝක් දුන්නට පොළවට ගැලපෙන උත්තර මු ගාවත් නැහැ, අර කඩේ යන උන් ගාවත් නැහැ.
      සෝ බෙස්ට් තින් තමයි උන් අපි හැමෝම කරන්නේ, නිකන් කට වහන් හිටු අමිල.

      Delete
    2. මම දේශපාලනේ ගැන යාන්තම් දන්න 1994 සිට මේ දක්වා ‍රටේ අද්‍යාපනයට, ආර්ථිකයට,ප්‍රවාහනයට, කෘශිකර්මෙට, ආදී කිසිම ක්ශේත්‍රයකට ප්‍රබල වැඩපිලිවෙලක් වෙනස් එන්ටරන්ස් එකක් ඔය කියන ප්‍රධාන පක්ශ දෙකේවත් ඒවට කඩේ යන මුක්කු ගහන සෙට් එකේවත් නැහැ.. හැමෝම කරන්නෙ එකම දේ.. සරලව ඕ 2020 ඉල්ලන සෙට් එකට හෙට ඉඳන් බලේ දෙමු
      . මේ රටේ එක ක්ශේත්‍රයක් ඕකුන් දියුණු කරයිද? නැහැ.. මේක ඇවිල්ල බෝඩ් එක විතරක් මාරුවෙන එක එක කාලෙද එක එක ඩ්‍රයිවර්ලා ගෙනියන ලකඩං බස් එකක්... රටක බුද්ධිමතුන්ට සහ ඒ අදාල මිනිස්සුන්ට එක එකාගෙ දේසපාලන ගේම්වලට නොබැස රටවෙනුවෙන් හෝ තමුන් වෙනුවෙන් වැඩ කලෑකි.. ඒම කරන්නත් ඕනා.. ඒම නැතුව හැමෝම එකතුවෙලා ඊලග ෆිල්ම් එක එනකල් හෝල් එකේ බලං ඉන්න ප්‍රේක්සකයො වගේ බලං ඉඳන් හුරේ දැම්මට මොකවත් ව්‍ර්න්නෙ නෑ.. දේසපාලකයො බුදුවරු කරන් මිනිස්සු උන් පස්සෙ ගිහින් හැම ලබ්බටම විසඳුම් ඉල්ලන තාක් කල් මේ රට ගොඩයන් නැ..මිනිස්සුම වෙනත් විකල්ප මාර්ග හොයාගන්න ඕනා රටට සහ තමුන්ට ගොඩ යන්න.. මට විකල්ප නෑ කියන කෙනා පොඩ්ඩක් ආයෙ අනික් පැත්ත හැරිලා බලන්න තියෙන විකල්පෙ කඩේ යෑම විතරක් ද කියල..

      Delete
  4. ලංකාවේ නියම බුද්ධිමතෙක් මොකක් හරි ප්‍රශ්නෙකට විසඳුමක් ගෙනාවා කියාංකෝ. කවුද ඉතිං ඕක ක්‍රියාත්මක කරන්නේ?. එහෙම එකක් කරගන්නනම් කාට හරි ගුද මාර්ගේ බද්දට දෙන්න වෙනවා. ඉතිං එහෙම වැඩක් කරන්න හිතෙන මිනිස්සු පැත්තකට වෙද්දි අර ගුද මාර්ගේ බද්දට දීලා කන්න කීයක් හරි හොයාගන්න හදන සෙට් එක රජ වෙනවා.

    ReplyDelete
  5. Lee Kuan Yew (or his son) will not contest for 2019 election, its Sirisena+ or Mahinda+ choose wisely. We did well in 2015, 'Gal lena bidala len dora arala' only dogs and foxes came out, not the lion ha ha ha

    ReplyDelete