Tuesday, July 13, 2010

බයෝමෙට්‍රික්ස් biometrics


බයෝමෙට්‍රික්ස් කියන්නෙ පුද්ගලයෙකු සතුව තියෙන මනින්න පුලුවන් වෙනස් නොවන දේවල්,,...පිළිබඳ අධ්‍යනය කිරීම..උදාහරණ විදිහට ඇස් වල ස්වභාවය,ඇඟිලි සලකුනු,මුහුණ,ශරීරයේ හැඩය වාගේ දේවල් භාවිතා කර මිනිසුන් වෙන්කර හඳුනා ගැනීම...මෙම ක්‍රමය අමෙරිකාව මහා බ්‍රිතාන්‍යය ආදී රටවල ගොඩක් දුරට භාවිතා වෙනව..මෙහෙම අඳුනගන්න පුලුවන් ඇඟිලි මාක් මැශින් නම් ඔයාල දැකල ඇති මයෙ හිතේ..ඒත් අපේ රටේ භාවිතා වෙන ක්‍රමවලට වඩා බොහොම දියුනු විදිහෙ බයෝමෙට්‍රික්ස් භාවිතාවන් තියන්ව..
සාමාන්‍ය බයෝමෙට්‍රික්ස් භාවිතාවන් කිපයක් පහත තියනව..
*වෛද්‍යමය අවශ්‍යතා සඳහා..
*ආරක්ශක සේවාවන් සඳහා..
*දත්ත ගබඩා සඳහා..

වෛද්‍යමය අවශ්‍යතා සඳහා..
අපි සරලව හිතමු ලන්කාවෙ කෙනෙක් හදිසි අනතුරකින් රෝහල් ගත කලා කියල එතින් ඒ වෙලාවට ලේ දෙන්න උනොත් ලේ වර්ගය හොයාගන්න තියෙන විශ්වාසනීය ක්‍රමය මොකක්ද??අපිටනම් ලේ ටෙස්ට් එකක් කරන්නම වෙනව අමෙරිකාව වාගෙ රටවල බොහෝ ජීවී දත්ත ලේ වර්ගය හෙම හැඳුනුම් කාඩ් එකෙම තියෙන නිසා වැඩේ ලේසියි..ඒ වාගෙම මම කලින් කිව්ව බයෝමෙට්‍රික්ස් වලින් ශරීරයේ යම් යම් සංරචකයන් මැනීමට ලක්වෙනව කියල...ඔය සංරචක වෙනස්වීම රෝග විනිශ්චයන්ටත් ගන්න පුලුවනි..විශේශයෙන් ඇස් සහ මුහුනේ වෙනස්වීම් මඟින් සමහර මානසික හා කායික රෝග හඳුනාගන්න පුලුවනි....

ආරක්ශක සේවාවන්

අපි ලන්කාව ගත්තොත් ලංකාවෙ හැඳුනුම් කාඩ් එකක තියෙන්නෙ,,හඳුනාගැනීමේ පින්තූරයක් විතරයි,,ඒත් බොහෝ රටවල ඇඟිලි සලකුනු වාගෙ දේවලුත් දැන් හැඳුනුම් කාඩ් එකට ඇතුලත් කරනවා..ඒක පුද්ගලයින් වෙන්කර හඳුනාගැනීමට පහසුවක් වෙනව...ආරක්ශක කැමරා හා සන්වේදක මඟින් පුද්ගලයින් හඳුනාගැනීමටත් ආරක්ශාවට බයෝමෙට්‍රික්ස් වැදගත් වෙනව,,,ඇත්තටම ඇඟිලි සලකුනු කියන්නෙ දැන් ටිකක් පරණ අපරාද පරීක්ශන ක්‍රමවේදයක් වෙලා..අලුතින් ආපු ඩී එන් ඒ අක්ශි පරීක්ශා වාගෙ එව්ව දැන් දැන් බයෝමෙට්‍රික්ස් විදිහට ආරක්ශක අංශවලට යොදා ගන්නව...

දත්ත ගබඩා සඳහා..

අපිට කාර්යාලයක ලේඛන සකස් කිරීම්වලට අත්සනට වඩා විශ්වාසී දෙයක් විදිහට අද එක එක බයෝමෙට්‍රික්ස් ක්‍රමවේද භා විතා වෙනව..ඇටෙන්ඩන්ස් මාක් කරන්න..පුදගලයින් හඳුනාගන්න ආදී දේවල් අද පහසුවෙලා තියනව..ඇඟිලි මාක් සහ ඇස් පරීක්ශා මැශින් නිසා..ඒ වාගෙම දත්ත ගබඩා ආරක්ශාවට මුරපද ලෙසත් භාඅවිතයන් තියනවා..විශාල දත්ත ගබඩා හැසිරවීමේදී ඒ ඒ පුද්ගලයා වෙන්කර හඳුනා ගැනීම සඳහා සමාගම් සහ රාජ්‍ය අංශය නවීන උපක්‍රම භාවිතා කරනව..උදාහරණ විදිහට අපි අඩුආදායම් ලාභීන්ට ලබාදෙන සමෘද්දිය ගනිමු ඉත්න් අපේ සමාජේ එකම ක්‍රමේකට මිනිසු හඳුනාගැනීමේ ක්‍රමයක් අනුගමනය කරනවනම් විනාඩි ගනන කින් ඒ පුද්ගලයාගෙ ආදායම හොයාගන්න පුලුවනි...තව හිතන්න අපි උප්පැන්න සහතිකේ කොපියක් ගන්නව කියල ඉතින් ඒ කාර්යාලෙට ගිහින් ඇඟිලි මාක් එක ගහල බොත්තම් කීපයක් එබුවම අපිට සහතිකේ ගන්න පුලුවනි නම්..ඔය රාජ්‍ය ආයතනවල කැන්ටින් වැඩක් වෙන්නෙ නෑ..මොකද මිනිස්සුන්ට රැඳෙන්න පෝලිමක් ඉතිරි නොවෙන නිසා..

3 comments:

  1. හොඳ අදහසක්. මම කියන්නෙ පුද්ගලයෙකුගේ ID No. එක උපතේදීම දීල ෆයිල් එකක් අරින්න පුළුවන්නම් රාජ්‍ය සේවකයින් තුනෙන් එකකට අඩු කරන්න පුළුවන්. රස්තියාදුව 0 කරන්නත් පුළුවන්.
    අනික මං දන්න තරමින් රාජ්‍ය අංශයේ බහුතර සංඛ්‍යා ලේඛණ (විශේෂයෙන් ජනගහන සහ සංවර්ධන)බරපතල විදිහට වැරදි. ඒකත් අවම වෙනවා. ආදායම් බදු ක්‍රමාණුකූල වෙනවා.
    (ඒත් ඉතින් ඕවා කලාම රස්සාවල් දෙන්නෙ කොහෙන්ද නේද? Hiks..)

    ReplyDelete
  2. UCSC Public Lecture Series එකේ ඔය විෂයය සම්බන්ධ විශේෂ දේශනයක් ඊයේ හවස පැවැත්වුණා. මට යන්න බැරි වුණා නෙව... තියෙන වැඩත් එක්ක...! :(

    ReplyDelete
  3. ලංකාවට ඔව්ව යොදාගන්න බැරි ඒකට අතිවිශාල ධනයක් වැය වෙන නිසා...කොළඹ නගරයේ ප්‍රධාන පිවිසුම් මන්සන්දි අසල කැමරා සවි කිරීම දැන් අවුරුදු 4 ඉඳල කෙරෙන ව්‍යාපෘතියක්...ඒත් වෙනරටක නම් ඕක මාස 2ක වැඩක්...අනික අනික අපේ සමාජෙ ලොකු බලයක් තියෙන මිනිස්සු ගොඩක් හොරු හෝ වන්චාවෙන් දියුනු උන අය(politics,business,engineering,medical...etc) ඉතින් ඒ අයට අහිතකර වෙන,හොර වැඩට බාදාවෙන දේවල් එකතු කරන්න ඔවුන් කැමති වෙයිද??

    ReplyDelete