Wednesday, April 4, 2012

මම බල්ලෙක්මි...1වන පරිච්චේදය

.මා කලුය තඩිය, උසය මොකක් හෝ ලොකු පරං පරාවකින් පැවත එයි.මං ලොකු වූයේ වෙනත් නිවසකය නමුත් මොකක්හෝ නිසා මටමේ ගෙදරට එන්න විය.මේ ගෙදර සිටින අය මට කැමතිය.මා ආ දිනවල මෙන්ම අදත් මාව නාවා කවා පොවා බලාගනී. නමුත් කූඩුවක ලා තැබීමට වග බලා ගනී. මට නිදහස කියායම් දෙයක් ලැබුනේ වී නම් ඒ අලුතින් පැමිණ සිටින වැඩකාර කොල්ලා නිසාය. දවස තිස්සේම බලු කූඩුවට හෝ වත්තට වි  සිටි මට එලියට යන්නට ලැබුනේ ඒ කොල්ලා නිසාය. බලු කූඩුවේ බලු කක්කා ඉවත් කිරීමටඒ කොල්ලා අකමැතිය.ඌ මාව පාරේ මල පහ කරවීමට පුරුදු කරවීය. පලමු දිනවල පාරේත් කූඩුවෙත් යන දෙකේම මල පහ කලමුත් කාලයක් යනවිටමා වැඩයට පුරුදු විය.
පසුව මට ටිකක් එහෙ මෙහෙ යන්නට ඇර ඒ කොල්ලා පෝං එක කනෙ ගහං කනුවකට පිට දී බිම හාරයි නැත්තං ගසක කොල එකිනෙක කඩා අඹරයි. කුමක් හෝ කරනවා ඇත. එහෙත් මට එය වැදගත් නැත.
නුවර එලියේ බල්ලන් දෙකක්..
ඒ අතරය මට ඩැසී හමු උනේ..ඩැසී අහල පහල ගෙදරක බැල්ලකි. ඇය දුප්පත් ගෙදරක දුප්පත් බැල්ලකි. ඇය බලු කාන්තාවකගේ සියලු ලක්ෂණ වලින් පිරිපුන්ය. මනුස්ස ගෑනු මෙන් ලොකු තන් ලොකු පුකවල් නැති මුත් ඒ බැල්ලි ලස්සනය. ලස්සනද දන්නේ නැත එහෙත් මට හිත ගියේ ඈ වෙතය. වෙනත් බල්ලන් සහ පසුව හමුවූ බැල්ලියන් කිවු පරිදි මගේ කලුපාට විසල් සරීරයට එවන් නාටු බැල්ලියක් සමග යාලු වීම යුතු නැත. ගෙදර ටීවි එකේ රේඩි එකේ කියනු මට ඇසුන පරිදි පේමය අන්ධය. කෙසේ වෙතත් මා ඩැසී සමග පෙමින් වෙලුනි. පෙමින් වෙලීම අවසන ගලවගන්නට බැරිවෙන්නට වෙලුනි. අපි දෙදෙනා වෙලී වැටගාව පාර ලග ඇඹරි ඇඹරි සිටින විට අපේ ගෙදර මගේ කක්කා අරන් දාන්නට සහ ගෙදර පැල වලට වතුර දමන්නට සිට මා බාර කොල්ලා ආවේය. ඌ එනවිට මා වෙලිලාය. ප්‍රේමය දෝරෙ ගලාගොස් ගලවගන්නට බැරි වෙන්නට වෙලිලාය. ඌ වතුර දැම්මේය. හරිගියේ නැත. දැං මා එලියේ සිටි යුතු වෙලාව පැනලාය ඒ නිසා කොල්ලා බයවෙලාය. මේ වෙලාවට නෝනා එයි. නෝනා අසන විට බොක්සර් කෝ කියා කොල්ලාට අද කූඩුව පෙන්නන්නට හො වෙනත් බොරුවක් ඇද දාන්නට බැරිය.
  නෝනා ආවේය. ඇවිත් මා වෙලී ඇති බව කිව්පසු හෝ වෙනත් බොරුවක් ඇද බා හෝ නෝනාද මා බලන්ට ආවේය. ඩෙසීද ලැජ්ජාවේන ඇඹරෙයි ඒත් ගලවගන්නට බැරිය. මා දන්නා කියන දෙයියන්ටත් කීවෙමි ගැලවෙන පාටක් නැත. සාදු කෙනෙකුට මලක් දී අපේ පරපුරේ කෙනෙක් දෙව්ලොව ගිය කතාවක් බණක තිබෙනවායැයි ගෙදර වැඩකාර කෙල්ල මට පෝය දිනක වැඩිපුර මස් කෑලිටිකක් දාන අතර කීවාය. අනේ මාත් කෙසේ හෝ ගැලවෙන්නට අවැසිය. එහෙත් දෙපැත්තට ඇද්දත් ගැලවෙන්නේ නැත.


නෝනා ආවත් වැඩය හරිගියේ නැත. ඉන්පසු දෙපැසට ඇද බොහෝ වෙලාවක් විරිය කිරීමෙන් පසු යම්තම් ගැලවුනි.මා එක්කරං ගිය පසු කොල්ලාට බැනුං අහන්නට විය.දැං බලපං සිරිල්..උඹට තියෙන වැඩේ පැලවලට වතුර දාන එකයිමේ බල්ලව බලාගන්න එකයි. උඹ බලාගන තියෙන්නෙ යසට..
මං යනකොට බල්ල වෙන බැල්ලියෙක් එක්ක හනිමුන්. ඇත්තට බොට ඇස් පේන් නැද්ද. අඩු තරමෙ වැදගත් බැල්ලියෙක් නැං කමක් නෑ. අර පහල ගෙදරක ඉන්නසිකුරිටි කාරයෙක්ගෙ නාටු බැල්ලියෙක්. සික් විතරක්...
තමුසෙටනං සිරිල් පඩිගෙවල තියං ඉන්න එකත් පාඩුද මංද...ඇයි පොඩ්ඩක් බල්ල කක්ක කරන්න එලියට ගියෑ කියමු ඒත් බල්ල වෙන මගුලකුත් කරං හනිමුං ගන්නකල් තමුන් කොහෙද හිටියෙ..


සිරිල්ට මං නිසා බොහෝ ගැහට විය. මට සිරිල් ගැන දුකය. නමුත් කරන්නට දෙයක් නැත. මට බලු ගෑනු සතෙක් හොයා දෙන්නට මේ ගෙදර අයට උවමනා නොවීය. දවසක් මහ ආඩම්බර අහංකාර බැල්ලෙක් ගෙනත් මට දුන්නේය. වටේම මිනිස්සුය. ඈට පැටවු ලැබෙන්නට මා උදව් විය යුතුය. මොකද්දො කරලා මගෙන් මොනවද අරන් බැල්ලට ඉන්ජෙස්සන් ගැහුවේ බැල්ලට වටිනා පැටියෙක් ගන්න යැයි මට කතාවෙන් කියු කරුණු අනුව වැටහුනි. මුලින් ඒ බැල්ල පෙන්නා මා කුලප්පු කරන ලදී. බැල්ල මා වැන්ම එකියක් විය. එහෙත් ඇය තරමක් වයස එකියකි. එතරම් තරුන පෙනුමක් නැත. එහෙත් ආඩම්බර කම ඉහට උඩිනි. ඒ නිසා මට අර අහවල් වැඩයට හැර ඒ බැල්ල වැදගත් නොවුනි. එහෙත් දොනෝ දහක් මැද ඒ අහවල් වැඩය පවා හරියට කරගන්නට අවකාශ නැත. 
ඉතින් ඒ මොකද්දො වැඩපිලිවෙලින් මා සතුටු වුනාය .ම ටගෑණු උවමනා නැතිය කියා සමාරවිට මෙ ගෙදර අය සිතන්නට ඇතිය. නමුත් ඩෙසී පාරේ යන විට එන පුසුඹට මා ඇදි යන තරමට මා ඩෙසිට පෙම් කලෙමි. 
අර පූට්ටු වී සිට අසුවු පසු සිරිල් මට ටිකක් තදට සිටියේය. නමුත් පෝං එකට කෝල් එක එන වෙලාවට සිරිල්ට පොලව හාරන්නටත් ගස් වල කොල කඩන්නටත් ඇඹරෙන්නටත් හැර වෙන වැඩක් මතක නැත. එනිසා මට පරණ බලු ගැන්සියට ටිකක් සෙට් වන්නට පුලුවං විය.
 බොහො නිවෙස් වල ගේට්ටු වල ඇතුලින් සිටි බල්ලන් මට කිව් පරිදි මං කර ඇත්තේ අමන වැඩකි. මොඩ වැඩකි. ඒ බැල්ල හෙවත් මගේ පෙංබරී ඩෙසී වැරදි කොක්කකි. ඇයට බොහෝ වෙනත් කොකු තිබී ඇත. එහෙත් මා ඒවා කනකට ගත්තේ නැත. තවත් පාරේ යන වල් බල්ලන්ද මට සිනාසී ගියේ අර නොමනා සම්බන්ධ කතාව නිසා විය හැක. ඔවුන්ගේ මතය වූයේ මහත් උසස් පරපුරකින් පැවත එන මගේ බලු වංශයට නොගැලපෙන. මගේ හාම්පුතාලට නොගැලපෙන අයුරින් සම්බන්ධතාවයක් පැවැත්වීම බොහෝ වැරැද්දක් ලෙසයි. මා දෙස බලා සිටින අවට ගෙදරක බැල්ලක් මට නොසෑහෙන්න පරිභව කලාය. මා එසේ ඩෙසී සමග ගිය වගක් ඇයට ආරන්චි වෙලාය. එහෙත් ගේට්ටුවෙන් එපිට සිටින ඇයත් පාරේ ටික වෙලාවකට සිටින මාත් අතර ඇතිවිය හැකි බන්ධනයක් නැත. හැමදාම ඇස් දිහා බලාගෙන කට අතුල්ලා ගෙන ගියාට වැඩක් නැත. මට ටික දිනකින් ඒ ලව් එක එපා විය. කෙසේ වෙතත් ඇයට ඉරිසියා හිතී ඇත. 
අපේ නිවසේ හාම්පුතුනුත් අවට වල් බල්ලනුත්, අර කී වෙනත් වත්තක ගේට්ටුවෙන් එපිට සැටි බැල්ලත් බොහො සෙයින් කීවේ මගේ වැරැද්ද බවය. බලු වුවත් වංසයට ගැරහීම නොමනා සම්බන්ධ පැවැත්වීම ඔවුන්ට දිරවූයේනැත.
ටික දිනකින් ඩෙසීට ලමයි හම්බෙන්නට ආවේය.
(ඉතිරි කොටස පසුව)

12 comments:

  1. හප්පේ බලු කතාවක්... කෝමද බං බල්ලෙකුගේ මානසිකත්වයට ගිහින් ලිව්වේ.. ;))

    සිරාය.. සම්මතයෙන් පිට සිතා ඇත. !

    ජය !

    ReplyDelete
  2. සෑමා කිවුවත් වගේ මේක නම් සිරාවටම ලියලා තියෙනවා.. අනිත් කොටසත් බලමු..

    ReplyDelete
  3. කලකින් දුටු නිර්මාණශීලී ලිපියක්. හරිම අගෙයි.
    (අදමයි මේ පැත්තට ආවේ.)

    ReplyDelete
  4. ඇත්තෙන්ම අතිශ්‍ය නිර්මාණශීලි විදියට ලියල තිබෙනවා ..හොඳ නිර්මාණයක් ...ඉදිරි කොටස් බලන්නට අපි ආසාවෙන් එනවා ....

    ReplyDelete
  5. ෂහ්... බලුම තමයි. ලියපං ඉතුරුටිකත් ඉක්මනට...

    ReplyDelete
  6. වැ‍ඩේ නම් හොදය.හරිම බලුය.එල පට්ට පට පට.ඉතිරි එව්වත් බලලා ඉමු

    ReplyDelete
  7. මරු බං. ලියපං ඉතිරි කෑල්ලත් විගහටම

    ReplyDelete
  8. ඈත්තටම ගොඩක් හොද ලිපියක්.ඉතිරි කොටසත් ඉක්මනට ලියන්න අපි බලා ඉන්නවා.

    ReplyDelete
  9. උඹට මොනවා කිව්වත් අමිලයා මේ ලියුමනම් මල් පහයි මචන්....

    ඇත්තටම ගොඩාක් වෙලා දෙපැත්ත බලාගෙන හිටියද බන්... :D

    ReplyDelete
  10. හෙහ් හෙහ් පස්ට!!! පස්ට!!! ඊගාව එකත් දාමු බලන්ට :)

    ReplyDelete
  11. වෙනස් පෝස්ට් එකක්..ඉතුරු කොටසත් බලමු කෝ..

    ReplyDelete
  12. අමුතුම විදියක කතාවක්...:)

    ReplyDelete