01 වන කොටස...
පියුමිකා ඉස්කෝලෙට
එනකොට ඉස්කෝලෙ උන්නෙ ඉංගිරිසි
ගුරුවරු එක්කෙනයි.
එයැයිතුත් ටිකක් පරණ
එක්කෙනෙක්..
ටීච කෙනෙක්ගෙන් ඉගනගත්තම
කොල්ලො ගොඩක් පාස්වෙනවා
වැඩියි. අනේ
මන් දන්නෙ නැහැ.
ඒ ටීච නොහොත් පියුමිකා
බුරියෙන් උගන්වපු ටීච කෙනෙක්
නෙමෙයි. ගාන්ට
සාරිය ඇන්දා.
හරිම ලස්සනට කට ඇරලා ටීචර්
කියනන පුලුවන් ටීචර් කෙනෙක්.
ගුරුසේවයත්
එක්ක පරිණත වෙලා වෙන්න පුලුවන්.
නැත්තං සමහර විට ඇගේ සැමියා
ඇයට මේ විදියට අඳින්න දෙන්න
නැතුව ඇති. හේතු
මොනවා උනත් පියුමිකා හරිම
නිවුන කෙනෙක්.
පියුමිකා ගිහිපු ගමන්
ලොකුවට කිසිම දෙයක් වෙනස්
වුනේ නැහැ. තමුං
උන්නා කියල පෙන්වන්න පියුමිකාට
කිසිම උනන්දුවක් තිබුනෙ නැහැ.
නමුත් පියුමිකා ඉස්කෝලෙ
ඉගැන්නුවා කියලා ප්‍රතිපල
සටහන් වලින් පෙන්නුම් කලා.
කිසිම විදියක කැපී පෙනෙන
වැඩ නොකරපු පියුමිකා නිසා
ළමයි පාස්වුනා කියල පිලිගන්න
අනික් අය අදිමදි කලා.
කාලෙ වෙනසක්.
දැන් ළමයිට ඉංගිරිසි ඇහැකි.
හැමතැනම ඉංගිරිසි ඇහෙනවා..
අනික
දැන් පොත් ලේසියි.
ඇයි විභාග ඒවත් ලේසි ඇති.
නොයෙක් හේතු පියුමිකා
වෙනුවට ආවා.
ඇයි පියුමිකා ඒ හේතු වලට
ආවෙ නැත්තෙ.
පියුමිකා ඉංගිරිසි උගන්වන්න
ආවට පස්සෙ ළමයි ඉගනගන්නවා
වැඩි වෙලා නැද්ද?
ඉංගිරිසි පාඩම වෙලාවෙ කස්ටි
පැන පැන හිටපු අය ඇයි දැන්
ඉංගිරිසි වලට පන්තියෙ ඉන්නෙ.
ගලන ගඟක් උඩ කාටත් පේන්න
පාවෙන කෝම්බයක් වගේ වෙන්න
පියුමිකාට ඕනි වුනේ නැහැ.
පන්තියට ඇවිත් ඕකේ ගායිස්
ලෙට්ස් ඕපන් යුවර් බුක් කියාල
පටන් ගන්නවා.
පියුමිකා කියන දෙයක් ඇහුවෙ
නැත්තං ලොකුම දඩුවම වුනේ එලියට
දාන එක තමයි.
ළමයි ඒකට බයයි.
ගනන් සර්ගෙ වේවැලට..
සිංහල ටීචගේ දරුනු කුනුහබ්බ
වගේ කියවෙන දැඩි වචන වලට වඩා
පියුමිකා එලියට දාන එකට ළමයි
බයයි.
ඇයි
ළමයි පියුමිකා ඉන්න වෙලාවට
දඟ නොකරන්නෙ.
ඉතිං ඉස්ටාෆ් එකේ ඉන්න ලොංත
පෝල් පරණ ගුරුවරුන්ට ඉරිසියාව.
ළමයි පාඩමට අල්ලලා තියාගන්න
ගුරුවරයා අසමත් වුනාම ළමයි
පිස්සු කෙලිනවා.
ඒත් ඒක ගැන මේ ගුරුවරු
හිතුවෙවත් නැහැ.
ඔහේ කටපාඩමින් වමාරලා
මොනාහරි කියලා ප්‍රශ්ණ ටිකක්
දුන්නාම ඒව හරි කියලා හිතුවෙ.
පියුමිකා එහෙම නැහැ.
එක එක ජාතියෙ ගේම්ස් එක එක
විදියෙ ක්‍රම උගන්වන්න පාවිච්චි
කලා. පොත
කියන්නෙ මහමෙරක් නෙමෙයි.
පොත උස්සගෙන ඒකෙ තියෙන ඒවා
උගන්වන්න ගියෙ නැහැ.
නමුත් විෂය හරියට කෙරුනා.
ළමයිට තමං ගැන ලියන්න
දුන්නා..ළමයි
ලියපු පච ගැන ළමයිට හිනා යන්නත්
එක්ක තමුංගෙ යාලුවාගෙ තියෙන
වැරදි ගැන ලියන්න පියුමිකා
දුන්නා.. ඉතිං
වැරදි ලියන්න උවමනාව තදින්
තිබුනත් ළමයිට වචන නැහැ.
ඒ පාර පියුමිකා මිනිස්සුන්ට
තියෙන වැරදි ගැන තියෙන ඉංගරිසි
වදන් ටිකත් ඒ වැරදි ලියන ආකාරයත්
කලා. කස්ටියම
කට ඇරගෙන අහගෙන හිටියා මොකද
තමුංගෙ යාලුවාගේ වැරදි ටික
ඉංගිරිසියෙන් ලියාගන්න පාඩම
අහන් ඉන්නම ඕනි නිසා..
උච්චාරනය
හදන්න ටිකක් අමාරුයි..ඒත්
ඉංගිරිසියෙන් ලියපු බොලඳ කවි
අනං මනං ටිකක් ටිච හොයාගෙන
ආවා. ඒවා එක
එක ළමයාට කියවන්න දීලා අමාරු
වචන තේරුම් කරලා දුන්නා..
ගම්පෙරළිය යුගාන්තයේ තියෙන
නාලිකා සයිමන් කබලාන අරවින්ද
එක්ක සිංහල වෙලාවෙදි අතීත
ලව් හුටං දැන් මැරිල ගිහිපු
ආදර කතා අස්සෙ ඉංගිරිසි මිස්
ගෙනත් උගන්වපු පොඩි ආදර කතා
පොඩි පොඩි හිත කිතිකැවෙන වචන
වලට කොල්ලො ආස කලා.
කෙල්ලොත් ඒවටම ආස කලා.
සම්ඩේ ද සන් විල් පොගෙට්
ටු රයිස්..දි
ඕෂන් විල් බී අ ඩෙසර්ට්..බට්
නතින් විල් සෙපරේට් යූ ෆොම්
මයි මෙමරි..
සමහර
ළමයිට තමුන්ගෙ හැඟීම් කියාගන්න
විදියක් නැතුව ඉන්න කොට මේ
පහල වෙච්චි ඉංගිරිසිය වැදගත්
කියලා හිතුනා.
නවය දහයෙ ලමයි තුල තියෙන
රොකට් උණ,,අභ්‍යාවකාශ
උණ..ආදිය ගැන
ටිකක් ගැඹුරට උගන්වන්නත්
පියුමිකාට පුලුවන් වුනා.
ඒත් ඉදලා හිටලා කඩාපාත්වෙන
පරීක්ෂක වරුනගෙන් පොත කරලා
නැහැ කියලා පියුමිකාට බැනුම්
අහන්නත් වුනා.
විදුහල්පති තුමා හෙමත් ඒ
වගේ තැන්වලදි අවාසනාවට වගේ
පියුමිකාගේ පැත්තෙ නෙමෙයි.
පියුමිකාගේ මහත්තයා දල
කාරයෙක්. කවදාවත්
පියුමිකා කාර් එකේ වැඩට නොආවට
එයාට එහෙම එන්න බැරි කමක්
නැහැ. ඉතිං
පියුමිකාට මේ රස්සාවෙං ලැබනෙ
මහාර්ඝ සම්පතක් වෙන විශ්‍රාම
වැටුප වත් ලැබෙන සොච්චමවත්
ලොකු දෙයක් නෙමෙයි.
ඉන්න
ළමයි දෙන්න බලාගන්නත් පියුමිකාගේත්
ඇගේ මහත්තයාගේත් අම්මලා
තාත්තලා පොරේ.
ඉතිං පියුමිකාගේ ළමයි සීයලා
ආච්චිලා ගාව බොහෝම සැහැල්ලුවෙන්
හැදෙනවා කියලා පියුමිකාට
හිතුනා. ආයේත
මේ දෙන්නා තමුංගෙ අනසකට ගන්නවාට
වඩා බොහොම දැනුම් තේරුම් තිබුන
ඒ වැඩිහිටියන්ටම ඒ ළමයි දෙන්නා
හැදුනාවෙ කියලා පියුමිකා
හිතුවා. ඕනිම
දෙයක් ගැන ගැඹුරටම නොහිතන
නිසා ඒ තරම් සැර නැතිව බොහොම
හෙමින් ගලන ගඟක් වගේ පියුමිකාගෙ
ජීවිතය ගලලා ගියා.
ඉතිරි කොටස අනික් දවසේ......
බලමුකෝ පියුමිකාගේ අනාගතය ;)
ReplyDeleteපියුමිකා.... පියුමිකා...ඔයා කොහෙද ගියේ......;)
ReplyDeleteඔය ගුරුවරුන්ගේ ඊරිසියාව කියන එක නම් මාත් හොඳට දැකලා තියෙනවා.. මොකද අපේ ගෙදර දෙපැත්තෙම තිබ්බේ ටීචර්ලගේ ගෙවල්... හපොයි... මට ඒක නිසාද මන්දා එදා ඉඳලම ටීචර්ලා පෙන්නන්න බෑ... ටීචිං කියන්නේ මං අකමැතිම ජොබ් එකක් උනෙත් ඒක නිසා වෙන්න ඇති.. මගේ අවාසනවටද දන්නේ නෑ මේ වගේ ටීචර් කෙනෙක් මෙග් ජීවිතේට හම්බුවෙලා නෑ...
ReplyDelete
ReplyDeleteගොඩක් ලස්සනයි කතාව..ඒත් අමිල මේ සියල්ල
පිටුපසින් එකම කතාවක් දුවන බව නම් තේරෙනව ...
මාත් ඊළඟ කොටස කියවන්න එනවා... මේ වගේ චරිතයක් මං කොහේ හරි හැබැවට දැක්කා කියලා මතක තිබ්බට කරුමෙට කවුද කින්ද මන්ද කියලා මෙමරියට එන්නෑ... මෙමරියක මහිම!
ReplyDeleteමේ ටික නම් මාර රසරයි....! ඉතිරියත් එහෙම වෙයි....!
ReplyDeleteපියුමිකාගේ අනාගතය කෙසේ විසඳේවි ද..??
ReplyDeleteරත්මලානේ ගුරුවරියගේ කතාවේ තවත් වර්ෂන් එකක්ද?
ReplyDelete