Sunday, December 9, 2012

අපේ ගම හොරු සහ පියා

අපේ තාත්තා එලවලු ගොවියෙකි. හේ තෙමේ මා දන්නා කියන කාලයේ සිට පහතරට එලවලු වගා කරයි. පියානෝ පවසන පරිදි යාන්තම් සාමාන්‍ය පෙළ සමත් අවධියේ පටන්ම හේ තෙමේ ගොවියෙකි.. 

කුකුල් සොරකම

ඉස්සර අපි හිටියේ තාත්තලාගේ මහ ගෙදරය. එහිදී අපිට යාලුවෝ ගොඩක් සිටියෝය. එවුන් අපේ ලේ ඥාතීනුත් අහල පහල ගෙවලින් වට වූ අයවලුනුත් වූහ. එකල අපේ මහ ගෙදර කුකුලන් ඇති කලේය. කුකුලන් ඇතිකිරීම තාත්තා නැවැත්වුවේ හේතු කිහිපයක් නිසාය. එයින් එක හේතුවක් හොරු මරාගෙන කෑමය. එනම් නිවස වටේ සහ වත්තේ නොයෙක් තැන සාරමින් ද අප විසින් සාදා දමන හාල් කුඩු වලින්ද පෝෂනය ලැබ නිදැල්ලේ වෙසෙන කුකුලන් කිකිලියන් සොරු අල්වාගෙන උන් ආහාරයට ගනිති. අපි ගෙදර එකල කුකුලන් කිකිලියන් හැදුවාට මට මතක ඇත කාලයක උන් මසට ගන්නේ නැත. ඉදලා හිටලා උන් බිත්තර දමන කාලයක් එයි. එකලට බිත්තර එකතු කරගැන්ම පමණක් අපි කරමු. ඒ කිකිලි බිත්තර රක්කවා පැටවුන් සෑදීම ආදිය කරන්නේද අපේ තාත්තාය. ඔහු ඒවා කොහෙන් පුරුදු වුනාදැයි නොදනී. නමුත් බොහෝ කලකට පෙර කෘෂි විද්‍යාලවල කෘෂිකර්මය ගැන පුරුදු පුහුනු වුන වගක් අපේ තාත්තා අපිට නොයෙක් විට කියා ඇත..

රතු කුකුලා වයිරං කුකුලා..තිත් කුකුලා ආදී නම් වලින් අපි විසින් හඳුන්වනු ලැබූ කුකුලන් හොරු මරාගෙන කෑම එකල කුඩාවුන් වූ අපිටද දුකකි. නිතර දෙවේලේ කොක් කොකේ ගගා වත්තේ කැරකුනු කුකුලන් මරාගෙන උන් කන්නේ කෙසේදැයි අපිට නම් ගැටලුවක් ඇතිවිය. නමුත් කන තැනැත්තා ගම් කුකුලන් නොවැ කියා රසබලා කන්නට ඇත.. එකල අප විසු නිවසේ මා දන්නා කලක පටන් සිටි තඩි කුකුලෙකු සිටියේය. සුවිසල් ශරීරයකින් හෙබි එම කුකුලා අඩුවශයෙන් කිලෝ තුනහමාරක් වත් ඇති බව තාත්තා කියයි. එසේම අම්මා සහ අපි පාරේ යනවිට මොණරෙක් ලොකු කුකුලෙක් දැක්ක විට මූනං කිලෝ පහක් විතර ඇතැයි තාත්තා කියන්නේ අම්මා කෝප ගැන්වීමේ අදහසිනි. සික් සතෙක් දිහා බැලුවත් පව්කාරකම යන්නෙ නැති හැටි..අනික කතරගම දෙවියන්ගේ වාහනේ නේ.. යැයි අම්මා ආඩපාලි කියයි. තාත්තාගේ මේ පුරුද්ද දෝ මටත් ඇති වී දෝ ළඟ දිනෙක අපේ බෝඩිම අසල ලොකු කලුකුමෙක් දුටුවනම මූනං කිලෝ හයක් වත් ඇතියැයි මටද කියවුනි. එය අසා සිටි සද්ගුනවත් චිකන් කන එහෙත මස් නොකන මාගේ සිංහල බොදු මිතුරන්..සික් මූ වගේ පෙරේතයෙක් මූට කලුකුමාගේ ලස්සන නෙවෙයි පේන්නෙ උගෙ බර.. මූ ගමේ ඉද්දි කුරුල්ලොත් මරං කාලද කොහේද යැයි උදාන වැකි කීවෝය.. 

සමහර දිනෙක එසේ කුකුලන් සොරකම් කරන්නේ කවුද ඔවුන් මරා කන්නේ කවුදැයි තාත්තාට ආරංචි වෙයි. විටෙක අපේ වත්තේ කොනකම පිහාටු ගොඩක් දක්ණට ලැබෙන්නේ උන් එතැනදීම සතා මරාගෙන හෝ අල්ලාගෙන ඇති බවට වූ සාධක සපයමිනි. මාද ඒ අයවලුන් යන්තම් දැනගෙන සිටියෙමි. ඔවුන් කවුදැයි දැනගෙන සිටිමුත් තාත්තා කුකුලන් ඇතිකිරීමෙන් ඈත්වුනා විනා එවුන් සමග වලි දාගන්නට තාත්තා ගියේ නැත. ඉඳහිට ඔවුන් දැනුවත් කරන්නට සිතා නොයෙක් වැඩ කලත් එතනින් එහාට උන්ට හයිකාරකම් පාන්නට ගියේ නැත. දුරින් නෑයින් වෙන හෝ නැත්නං කිට්ටුව පහත කොල්ලන්ගේ වැඩ ලෙස සලකන එවන් සිද්දි වලට පොලිසි යෑම ඔහුටත් පවුලටත් ලැජ්ජාවක් කොට ඔහු විසින් සලකන ලදී. 

එලවලු සොරකම්..

අපි ඉස්සර ජීවත් වූ ගමේ එලවලු වගාවට සුදුසු ඉඩම් එතරම් නොතිබිනි. එබැවින් බොහෝ දුරගොස් වාඩි පැල් අටවාගෙන ගොවිත්ැන් කලයුතු විය. ඉතිං එවන් දවසක ඉඳහිට ගෙදර බලන්නට ගොස් යන විට සමහර විට වාඩියේ ඇති සීනි තේකොල මුට්ටි වලංගෙඩි පවා හොරු හැත්ත උස්සාගෙන ගොසිනි. දැන් මෙන් පාරවල් වාහන සුලභ නොවන එකල ගමන් යන්නේ බයිසිකලයෙනි. හොදහැටි ඇද ගෙන බයිසිකලයේ නැගී යන විට ඒ ගම්වල සිටින කුසීතයෝ අලුතින් ආ එව්වොන්ට විරෝධ කම් පාන්නට දෝ අර වාඩිවල ඇති සබ්බ සකල මනාවම සුද්ද කරගනිති. පසුකලෙක තාත්තා එයට යම් යම් පිලියම් සොයාගන්නා ලදී. එකල තාත්තා විසින් උදලු කැති පොරෝ ආදිය එක එක බැදි පල්ලවල් පඳුරු පල්ලවල් සොයා ඒවායේ ඇතුලට පේන්න නැතිවෙන්න දමයි.

 ඉන්පසු එවන්නක් නොපෙනෙන සේ කොළ අතු ආදියෙන් වසා නිසොල්මන්ව තබයි. කොටින්ම මෑත කලක අපේ අයියා විසින් අටවන ලද වාඩියක වුව කිසිම හට්ටියක් මුට්ටියක් වත් එලිපහලියේ දමා එන්නට තාත්තා කැමති නැත.ඒවා නිසිතැන්වල සඟවා දමා එයි. එහෙමත් දිනෙක හට්ටි මුට්ටි සඟවන තැන් තාත්තාට අමතක වෙයි. එවිට අපිට තේවතුරු උනුකර බොන්න යන වෙලාවට වැඩි වෙලාවක් හට්ටි මුට්ටි හොයන්නට වැය වෙයි. එවන් විටක කුමක් හෝ ආයුදයක් හෝ මෙවලමක් බැදි අකුල්වල සොයා සොයාගන්නට බැරිවුන තැන ඒකත් හොරු උස්සගෙන ගිහින්ද කොහෙදෙ පාහර හොර හැත්තයැයි තාත්තා දෙස් තියයි. නමුත් අපි පසුකලෙක බැදි එලිකරන විට මේන් බොලේ මුට්ටි කෑලි උදලු කෙටි ආදිය එවිට තැන් තැන් වලින් මතු වෙයි.. 

ඒ වාඩිවලට තාත්තා යන එන වෙලාවල් පවා වෙනස් කලේ හොරු නොමග යවනු පිණිසයි.. ඇලක් හෝ දියකඩිත්තක් සෙව් වෙනතෙක් බයිසිකලයෙන් පරණවැඩට අදින ගොමස්කඩයම ඇගට ලාගෙන විත් ඇගපත සෝදාගෙන රෑ වු පසු බයිසකලෙන් ගමන් කිරීම තාත්තා විසින් කලේය. එසේම උදේ වැඩට එද්දීද රෑ තිස්සේම වාඩියේ සිටියායැයි ඇගෙවෙන පිනිස පාන්දර කුකුලන් අඩන වෙලාවට තාත්තා කොරටුවට යයි.. 
 මේ මොක කලත් තාත්තා වැඩිකලක් ගෙදරට වැඩිය වාඩිවල ගතකලේ වගා කටයුතු සොර සතුරන්ගෙන් බේරගන්නට බැරි නිසාය. එකම ජාතියේ දුක්පත් මනුෂ්‍යයින් වූ සොරුන් අපේ පියා දාඩිය මහන්සියෙන් දවසම අව්වේ පිච්චි පිච්චි හදාගන්නා බෝග ජාති සොරකම් කිරීම මහා ජරා වැඩකි. නමුත් සෝක වූවාට පලක් නැත.. සොරු නම් කිසිදාක අපේ තාත්තාගේ වගා කටයුතු වලට මදි පාඩු වූයේ නැත. සොරු එලවලු මැහි වල ඇති වැටකොලු පතෝල කරිවිල ආදිය කඩා මලු වල දමාගෙන රහසේම ගෙනගොස් ඊලග දවසේ පොලට හෝ වෙනත් අතරමැදියන්ට දෙති. මේ අතර සිටි ජරාම හොරුන් ජාතියක් වෙති. උන් කරන්නේ වැල් වල ඇති පිපිඤ්ඤා වට්ටක්කා වැටකොල ආදි බෝග කිසිදු වගවිභාගයකින් තොරව ඇද කැඩීමයි. ඇදීමෙන් කඩන විට නැට්ට කපනවාට වඩා හානි බොහෝය. නිරපරාදේ වැල් හානි වෙයි.. එහෙත් වගා කොරන මිනිහාට දැනෙන ඒ දේවල් සොරාට දැනෙන්නේ නැත.. 

බෝග ජාතිවලට වහන කෘමි සතුන් ලෙඩරෝග වලට බෙහෙත් ඉසීමත්..වඳුරන් මොණරුන් සාවුන්ගෙන් වගාව ආරක්ෂා කිරීමත් ඉන් අමතරව සොරුන්ගෙන් වගා ආරක්ෂා කරගැන්මත් මහා විසාල රාජකාරියකි.. සමහර එලවලු මිල ගිය කලෙක තාත්තා වාඩියේ සිටියත් දිවාකල මාන්සියට වාඩියේ රාත්‍රි වී යන්තම් ඇහැ පියවෙන ඩිංගට වත්තේ කොණක වවා ඇති පිපිඤ්ඥා ගෙඩි ටිකක් ඈත තැනක ඇති වැටකොලු පතෝල ටිකක් අතුරුදන් වෙති..ඒ හේතුවෙන් තාත්තා දිගට නිදාගන්නේ නැත.. පැයෙන් පැය අවදිවී මැස්ස හෝ වගාබිම තුල වට දෙකතුනක් කැරකී ආපසු යයි.මේ පුරුද්ද ඔහුට අද වෙනතුරුද පවතී..රාත්‍රි භාගයේ අවධි වී ටෝච් එක හතර වටේ උරුක්කු කොට වටයක් කැරකී අඩුතරමේ කුස්සිය වටේවත් ගොස් යලිත් නිදාගන්න එක දැනටද තාත්තාගේ පුරුද්දය.. 

සොරුන් පැමිණ කෙතෙක් කෙණහිලි කම් කලද අපිට යමක් නැති කලෙක වුවත් අනුන්ගේ දෙයක් නිකමට වත් ගැන්ම තාත්තා පිලිකුල් කෙලේය.. අපි වගා කටයුතු කරන විට අවට වතු වලද සිටින්නේ අපේ ගමෙන්ම ආ අයය. එවුන්ද අප වැනිම බෝග ජාති වවාගෙන ජිවිකාව ගෙනියති. සමහර විටක ඔවුන් දවාලියෙන් මැසි හෝ වගා හමාර කර අපිට කලින් ගොවිතැන හැරදා යති. සමහර දිනෙක ඔවුන්ද ගෙවල් වල යති..මගුල් තුලාවලට දින ගනන් නෑවිදින් සිටිති. එවන් දිනෙක අනුන්ගේ එලවලු කොටුවකින් අපිට නොතිබුනු මොකක්දෝ එලෝලුවක් දානෙකට යැයි කියා කඩාගෙන ආවායැයි අම්මා තාත්තාගෙන් බැනුම් ඇසුවාය. කොටින්ම අපේ වත්තේ ගසක කුරුම්බා ගෙඩියක් දෙකක් ඕන්නං බොනවා විනා කොතරම් සොරු බිව්වත් අල්ලපු වත්තක කුරුම්බා ගෙඩි වලට ලයින් දැමීම තාත්තා විසින් නොරුස්සන ලදී. කිසිවෙකු නැති වාඩි අසල ගස්ලබු කැකිරි ආදි දේවල් ඒ ගස්වැල් වලම ඉදී කුනු වී යන නිසා අපේ අම්මා විටෙක ගොස් ඒවා කඩාෙගන එයි. නමුත් ඒ දේවල් කරන්නේ තාත්තාට හොරාය. තාත්තා කිසිම හේතුවක් නිසා අනෙකකුගේ දෙයක් අපි විසින් ප්‍රයෝජනයට ගන්නවාට කැමති නැත.. 

අවුරුදු විස්සක පටන් අපේ තාත්තාගෙන් සහ ගමේ අනෙක් උදවියගෙන් සොරකම් කර ජීවිත ගෙනගිය පුද්ගලයන් කිහිප දෙනෙකු ගැන මා දැන සිටියෙමි. තාත්තාද උන් අපෙන් හොරකම් කලේ යැයි දැන සිටියේය. නමුත් කිසි විටෙක පොලිසි ගානේ ගියේ නැත. අතටම අසුවූ සොරකමක් ගැන අවට සිටි බොහෝ දෙනා පොලිසි යන්නයැයි බල කලේය. පොලිසිය පැත්තේ දන්නා ඇදුනුම් කම් අවශ්‍ය නම් ඒවාද අපේ තාත්තාට ලබාගත හැකිකම තිබුනි. නමුත් ඒ මනුස්සයාගේ ගෑනිත් ඒ පැටවු දෙක තුනත් අර යෝදයා පොලිසි එක්කං ගියාම කන්නෙ බොන්නෙ කොහාමදැයි කියා තාත්තා පොලිසි ගියේ නැත. එම වෙස්සන්තර ගතියට අපේ අම්මා පවා විටෙක තාත්තාට බැන වැදුන මුත් කිසි විටක හෙතම ඒ දරු පවුල් අනාත වෙනවාට කැමති වූයේ නැත. නමුත් නිතර සොර සිත ඇති වූ ඔවුන් අනුන්ගේ දේවල් කඩාවඩාගෙන ගෙවූ විනෝද දිවිය හැමදාම ගෙනයන්නට බැරි විය..

ඒ එක් අයෙකු කසිප්පු විස වී මලේය. ඒ මිනිහාගේ වාඩිය දෙවරක්ම ඒ මිනිහා විසින්ම ඩෝප් පිට ගිනිතියාගන්නා ලදී. එවිට සිටි ගෑනිත් දරුවන් දෙදෙනාත් බේරී තිබුනේ කැලෑ පැනීමෙනි..එසේම අනිකුත් සොරෙක්ද සිටිමුත් කාලයක් තිස්සේ ඔහුටත් ඇති හොදක් නැත. දවසක් අපේ වත්තේ පොල් සොරකමකට තාත්තාගේ අතටම හසු වූ ඔහුට තාත්තා "ඈ බොල ....තෝ කරදඩු උස්මහත් වෙච්චි කොල්ලො කෙල්ලො ඉන්න තාත්ත කෙනෙක් නේ බං..අම්මප බොලා ට ලැජ්ජාව කියල එකක් හෙම නැතෙයි.." කියා අසා තිබුනේ අර අතට අසු වූ සොරා ඇඹරෙමින් ගසක් අස්සේ සැගවෙන්ට වෑයම් කරද්දීය. මේ ආකාරයෙන් මඳක් විමසා බැලූවිට එදා ඒ අපේ ගමේ සිටි සහ පසුකලෙක අපේ වගාබිම්වල සිටි පතල සොරුන් අද ගෙවන්නේද මහා දුක්ඛිත ජීවිතය..සමහරෙක් අකාලයේ මිය ගිහිල්ලාය.. සමහරු හිගා නොකා හිගා කති.

අපි අවට සමාජය සීරුවෙන් බැලූ විටද විවිධාකාර සොරුන් අපට හමු වෙයි..සමහරු එලිපිට සොරකම් කරන අතර තවකෙක් ඇගට නොදැනෙන්ට සීරුවෙන් ඔවුන්වත් නොදන්නා තාලටෙ සොරකම් කරයි.. නමුත් අනුන්ගේ දෙයක් හෝ අනුන්ට ලැබෙන්ට යන දෙයක් වක්‍රාකාරයෙන් කඩාවඩාගන්න මනුස්සයෝ සැප විදිනවාසේ අපිට බොහොම යසට පෙනෙයි..කාර් යාන වාහන ගෙවල් සරුසාරෙට ඔවුන්ට ඇත. ඇති කරම් මිල මුදල්ද ඇත. නමුත් අප බුදුන් වහන්සේ විසින් වදාරන ලද පරම ධනයවූ සිතේ සතටු ඔවුන් කෙරෙන් කෙතරම් පලා ගොස් ඇතිද..ඒ නිසාම නොයෙකුත් ලෙඩ රෝග විනාස ආදිය ඔවුන්ට ඇතිවෙන බැව් මගේ මැටි මොලයට සිතේ.. කර්මය පුනර්භවය ධර්මය හැරදා බුදුන් වහන්සේට ගෞතම යැයි අමතන්ට නොපැකිලෙන වත්මන් මොඩ් සමාජය විශ්වාස කරන්නේ අද ලෝකයේ ධනය ලබාගැන්ම ධනය ලබාගන්නා මාර්ගයෙන් ස්වායත්තවේ යන්නයි. නමුත් ඒ ධනය විසින් කෙතෙක් ඒ ධනය සහිත සරුසාර මනුෂ්‍යයාට සතුට ශාන්තිය උදා කරනවාද යන්න අපි සිතන්නේ නැත.. 

14 comments:

  1. මාක්ස්වාදීන් අපට උගන්වන්නේ පීඩිතයන්ව සූරා කන්නේ පීඩක (එනම් ධනපති) පන්තිය කියාය. නමුත් සූරා කෑම පීඩිතයන් විසින්ද කළ හැකි බවට කදිම උදාහරණයකි මේ පෝස්ට් එක.

    ReplyDelete
  2. මේවනේ බං පෝස්ට්...
    උඹ අර ලියන කෙහෙල්මලවල් පැත්තකට විසි කරලා, මේ වගේ රියැලිටි ලේබලේ ඒවාම ලියහං...
    උඹ වගේ ලියන එවුං ඉන්නේ උඹම විතරයි...
    ඒක නිසා ලියහං.


    ජයවේවා!!!

    ReplyDelete
  3. බොහොම අව්‍යාජ ලියැවිල්ලක්. අපි හැමෝම දන්නේ ගැම් සුවඳනේ. මෙන්න ගැමි ගඳෙන් ටිකක්.මොනදේ කළත් ඉවසන් වගාව දිගටම කරන්නේ ගැමි සුවඳ නිසයි. මටත් මේ අද්දැකිම බොහොම සමීපය. හොඳ ලිපියක් සහෝ
    මම සමකය වටේ ලියන නලීන්

    ReplyDelete
  4. වන්නි වනපෙතේ,
    ගම් දනව් පුරා නිවහන
    වංක ගිරි වනේ වෙසතුරු
    සදිසි පියවරුන්....
    අත් මුදුන් තබා බැතියෙන්
    වන්දනා කරම්.....

    ReplyDelete
  5. මචන් උබලගේ ගමේ උන්ව අල්ලලා හිරේ දාන්න ඕනේ..
    තනිකර නීතිය වල් වැදුන තැනක් ..ඔය දේ මුළු රටටම
    ව්‍යාප්ත වෙන්න කලින් මේක කරොත් ලොකු දෙයක්...
    නැත්නම් ලංකාවත් එක්ක ඉවරයි බන්...


    ( මේකයි මචන් උබේ ලිපි මන් ගොඩක් කියවනවා .ඒවා හොදයි ගොඩක්
    ඒත් මචන් උබල අපි කියවනවා විතරයි..උබත් පවුලක් පන්සලක් උන දාට
    ඔහොමම හිතන්නේ නැහැ .සමහර විට උබ අන්තිම පහර ජඩ අලුගුත්තේරු
    වනචර බල්ලෙක් වෙන්නත් පුළුවන්..දැනුත් එහෙම එකෙක් වෙන්නත් පුළුවන්..
    ඉස්සරහට එහෙම නොවෙයි කියන්නත් බැහැ ..ඒත් අපේ පස්සෙන් එන
    මල්ලිලා එදාට අපේ පාරේ යයි ..උන් හැබැයි අපේම පොස්ට් දැකල වචන
    ඉගෙන ගෙන අපිටම බනී..ඕක තමා බන් වෙන්නේ හැමදාකම..
    20 ඉඳන් 27 වෙනකම් ඔය උණ තියෙනවා..ඊට පස්සේ ගානට බෙහෙත්
    හම්බෙනවා සමාජය විසින් .සමාජයට බෙහෙත් කවදාවත් දෙන්න බැහැ ,
    සමාජය විසින් අපිට ඉන්ජෙක්සන් එක දෙනවා මිස...
    නමුත් ඔබගේ උත්සාහය වටී .
    මාද නුඹේ ගොඩේ තවදුරටත් සිටී ..)

    ReplyDelete
    Replies
    1. දැඩි ලෙස හඹායෑම බාධක දැඩිලෙස මර්ධනය කිරීම තුල සාර්ථකත්වය ලැබෙනවා කියලා අපි සිතන් ඉන්නවා...ඒත් බොහෝ මානුෂිය ගුනාංග ආරක්ෂා කරගෙන අනුන්ව තලා පෙලන්නෙ නැතුව ලොකු තැනකට යන්නට අපේ තාත්තාට හැකිවෙලා තියෙනවා...ඒ විදියට උඩුගම්බලා ගිහින් එක්තරා තැනක බොහොම සාමයෙන් ජීවත්වෙන මිනිස්සු ගොඩක් ඉන්නවා...නමුත් ඒ අය මැද ලෙවල් එක මිසක් දීප්තිමත්ම හෝ පහත්ම අය නෙමෙයි..
      ඒ නිසා කාරුවත් එයාල ගැන කතාකරන්නෙ නැහැ...

      Delete
  6. කියවා සිත පහන් විය!

    ReplyDelete
  7. නියම කතාව මචන්

    ReplyDelete
  8. බොක්කෙන් ලියලා තියනවා

    ඔය හොරුන්ට හරියන එකම තැන ඉතින් දියවන්නාව

    ReplyDelete
  9. මුගේ තාත්තා කැරි ගොනෙක්.මූ ගොනෙක්ට ජාතක වෙච්ච කම්බ කැරි පොන්නයෙක්.මූ මුගේ තාත්තා ගැන වර්ණා කරලා රටේ ඉන්න හැම ගෑනිටම අරින්න යනවා.මූ ගොං කැරි වලින් හැදිච්ච පකෙක්.තාත්තලා ගැන නැත්නම් නේ කුණු කූඩෙ ලියයිද?

    ReplyDelete
    Replies
    1. අපරාදෙ ඇනෝ උඹ හරියට උඹ කවුද කීවනං අමිලයා උඹේ තාත්ත ගැනත් ලියයි සමහරවිට උගෙ මේ කුනු කූඩෙ

      Delete
    2. @ඇනෝ: මොන හුත්තටද පකෝ එහෙනම් කුණු කූඩේ බලන්නේ? අනේ නිකම් පුක නොදී පල වේසාවා!!

      @අමිල: කතාව එළ කොල්ලෝ. මහා බරක් ගැඹුරක් නොතිබ්බට, මෙහෙමත් මිනිස්සු ඉන්නවා නේද කියල කියවල පපුව සැහැල්ලු කරගන්න ෆට්ට කතාව. සුබ!

      Delete