කාලයක් බුදු හාමුදුරුවො කුඹුරක් අසලින් දිනපතා වඩිනවා. දවසක් ගොවියා සීසානවා. තව ටික දිනකින් ගොයියා ගොයම් හිටවනවා.තව දවස් ටිකකින් ගොවියා කුරුල්ලො එලවනවා. කුඹුරට පෝර දානවා සාත්තු කරනවා.. ඒ විදියට බුදු හාමුදුරුවො මේ කුඹුර අස්වද්දන තෙක්ම කුඹුර අසලින් දිනපතා වැඩියා. ඒ හැම දවසකදිම ගොවියා හමුවෙන්න නැතුව ඇති. නමුත් එකම කෙත වුනාට ගොවියා කරන වැඩ වෙනස්. එකම ගොවියා වුනත් කරන වැඩ වෙනස්.
දැන් ඔන්න අපි ෆේස් බුක් යනවා. හැමදාම එකම නිල්පාට ටිකක් වෙනස් වෙවී අලුත් වෙවී යන වෝල් එක හරියට අර හැමදාම ගොවියා විසින් වෙනස් කරන කෙත වගේ. මාක් සකර්බර්ග් සහ අපේ මිතුරන් පිරිස අපි කැමති ආස හිතෙන විදියට අපේ මනස වඩාත් ලෝල කරන විදියට කෙත හදලා දෙනවා. කලිං කතාවෙ බුදුන් වහන්සෙ දැක්කෙ එක ගොවියෙක් විතරක් වෙන්න බැහැ නෙව. තව කුඹුරු වල වැඩකරන අය දකින්න ඇති. ඒ අයත් එක එක වැඩ කොරන්න ඇති. ඒ වගේ අපි ෆේස්බුක් ගියාමත් ඉන්නවා අපිට පේන්න පොරවල් ටිකක්. එයාල මොනව හරි කරනවා. අපි ඒ අය කරන දේවල් වලට හෝ ඒ අය දන්න කියන නිසා ඒ අයව ඇඩ් කරගෙන අපි එයාල විසින් ෂෙයා කරන දේවල් දාන ස්ටේටස් බලනවා. හැබැයි අපි කැමති අය විතරයි අපිට සෙට් වෙන්නෙ. හරියට නිකං අර බුදුන් වහන්සේ කෙත ගාවින් වැඩියට ඒ හැම ගොවියා ගැනම අවධානය යොමු කලේ නැහැ. පිං බලය තිබුන ගොවිය ගැන විතරයි අවධානය යොමු කලේ.
කාලයක් යුද්දෙ සහ දේශීය විරුවො,..ඉන් පස්සෙ හලාල් සහ තම්බි ...ඒ අස්සෙ ලව් සහ තවත් කතා.හිනා කතා හිනා නොයන කතා ඛේදනීය තත්වයන්. යූ ඇන් පී ජේ වීපී අදහස්.. අලුතින්ම මේ දවස්වල සෙයා වෙනව ඇත්තේ චෝගම් සහ කතාන්දර. මං හිතන්නෙ ප්‍රශ්ණ තියෙන රටක අපි ජීවත්වෙන එක පූරුවෙ කරපු පිනක්. හැබෑවට ප්‍රශ්ණ අඩු ස්විට්සර්ලන්තෙ, ඇමරිකාව, යුරෝපා රටවල මිනිස්සු මාර අසහනේකින් ඇත්තෙ. ඇයි උන්ට සෙයා කරන්න දෙයක් නැහැ නෙව. ලංකාවෙන් රට යන ඇත්තොත් මෙහෙ වෙන දේවල්ම හොය හොය ඉන්නෙ මම හිතන්නෙ ඒ රටවල උන්ට කතා බහ කරන්න වත් ප්‍රශ්ණ නැති නිසා වෙන්න ඇති. උගත්, බුද්ධිමත්, වෘත්තිය නිපුණ..ආදි එකී මෙකී නොකී හැම එකා එකීම මොන දේසයට ගියත් බාගයක් මෙහෙ.. හරියට අර බුද්ධදාස රජතුමා ගෙඩිය පලනකල් ඔලුව කෑල්ල තුඹස ඇතුලෙ දාගෙන හිටපු චිත්‍රයෙ ඉන්න නයා වගේ.
මෙහෙ හොද නැහැ. එහේ හරී සෝක්..එහේ සණීපායි...කියලා යනවා. ගිහිං ගිය දවසෙ ඉදං මෙහෙ යාලුවො එක්ක තමයි ආස්සරේ..එතකොට දේසීය දේ වල් මතක් වෙනවා. සික් ජරාව කියලා මාතර බත් කඩේ පැත්තකවත් නොගිහිපු ඩයල් මාතර බත් කඩේ ගැන තියෙන කාටුන් සෙයා කරනවා. ඇයි යකෝ මේක හොඳ නැත්තං ගිහිපු තැනකට වෙලා එහේ ආතල් ගනිවුකො..ඇයි අපිත් එක්කම හැමිනෙන්න එන්නෙ..?
මං හිතන විදියට උන්ටත් තියෙන්නෙ අවුල් නැතිකම. අවුලක් නැත්තං හෙන අවුලක් නෙව ඒකත්. මට පේන්නෙ නිකං ෆේස්බුක් කියන්නෙ ලැට් එක වගේ තැනක්. අපි හොදට කාල බීල හිටියට, කොච්චර රස දේවල් කෑවත් ඒවා තියාගන්න බැහැ. ඒවා පිටකරන්න ඕනි අවශ්‍ය සුලු දෙයක් සරීරෙට අරගෙන. ඒ වගේ අපේ මනස ටිකක් ලොකුයි සතුන්ට වඩා.අපි එදිනෙදා ජීවිතේ ගෙවාගන්න ඕකෙන් සුට්ටක් තිබුනම ඇති. ඉතිරි මනස හෝ මොල කොටස ඇතුලෙ එදිනෙදා ජීවිතේ ගෙවනකොට ඇතිවෙන පොඩි පොඩි කොන් කෑලි ඉතිරි වෙනවා. ඔය ඉතිරිවෙන මානසික ජරාව ටික අයින් කරගන්න අපිට ෆේස්බුක් සහ සයිබරය හේතුවාසනා වෙනවා.
දැන් ඕක සාධනය කරන්න පිට උදාහරණ නැතුව මම කියන පුද්ගලයාම සලකමු. දැන් මාත් ටිකක් ස්ටාර්ස් කෙනෙක් නෙව. මම ගිය අවුරුද්දෙ මේ කොම්පැනිය ඉස්සරහ මහ අයියෙන් උද්ගෝෂනය කලා වැටුප් වැඩිකරගන්න වෘත්තිය සුරක්ෂිතතාවය රැකගන්න. එහෙම කලාට මම නොට් වුන් නැති නිසා මාව බේරිලා ඒක ඕගනයිස් කරන්න සෙට් වුන පස්දෙනෙක්ට ගෙදර යන්න වුනා. පවු. උන් සමහරුන්ට ගෑනු සහ ලමයිතුත් ඉන්නවා. උන්ගේ අවාසනාව සහ අපේ කරුමෙ.
මේ වෘත්තියට මම එන්නෙ සුදෝ සුදු ක්‍රමයකට නෙමෙයි. ඕනවටත් වඩා සුදුසුකම් තිබුනට මම එන්නෙ ජැක් එකක් හේතු වාසනා වෙන්න ඕනි. එහෙම එනකොට හිතුවෙ ටික කලක් යනකොට හරි යයි කියල නමුත් එහෙම එකක් නැහැ නේ. හැමදාම එකම තැන. ඒ නිසා පඩි පිණිස සහ රැකියාව ගැන හිතල අපි උද්ගෝෂණය කලා. ඒ කරනකොට අපි මිනිස්සුන්ට කියන්නෙ අපි ආයතනය ගැනත් හිතනවා කියලා. අපි පේස්බුක් සෙයා කරන්නෙ අපි ආයතනයේ අනාගතය වෙනුවෙන් තමයි මේ වෘත්තිය අරගල කරන්නෙ කියලා. ඒක බැලූ බැල්මට පට්ට ඇත්ත. මැනේජ්මන්ට් එක සේවකයා නිසිලෙස තෘප්ත කරන්නෙ නැතිව මෝටිවෙට් කරනනෙ නැතුව ගාලෙ හරක් වගේ අයාලේ යන්න දුන්නම ඔය වගේ දේවල් වෙනවා.
නමුත් සිරාවටම හිතුවොත් මම කරන ජාතියෙ තනතුරක් රස්සාවක් ලෝකෙ වෙන මේ වගේ ආයතන වල නැහැ. ලංකාවෙත් ටිකක් අමාරුයි හොයන්න. හොයාගත්තත් සමාරවිට මේටත් වඩා සවුත්තුයි රස්සාව. ආයිත් පේස්බුකි පැත්තට හැරුනොත් තමුංගෙ රස්සාව දවල්ට හරියට නොකර පුලුවාන් තරං ආන්ඩුවෙන් හරි කොම්පැනියෙන් හරි ගසාකාල රෑට රට ගොඩනගන්න රට වෙනුවෙන් හඩනගන අයට ලොකු වර්චුවල් යුධ පිටියක් තමයි ෆේස්බුක් එක.
ඒ වගේම ලංකාවෙ ඈත ගම්වල මිනිස්සු කන සීනි ඇටෙන් පවා ගන්න බදු මුදලින් ඉගෙන ගෙන ලංකාවෙ එක අවුරුද්දක් ඉන්නෙ නැතුව රට පැනලා එහේ ඩොලර් දාස් ගනන් ගන්න අතර රට ගැන වාත කැක්කුම හැදිලා තටමන අයත් එමටයි. එයාලගෙන් ඇහුවම ඇයි ඔයාලට අයිඩියා එකක් නැත්ද ලංකාවට ඇවිත් සේවය කරන්න කියලා උත්තරේ තමයි.. අපිත් කැමතියි ඒත් අපිට අවස්තාවක් දෙන්නෙ නැහැ නේ ආන්ඩුව. අනේ කේ ටන්නානේ.. එතකොට ඔය ගිහිපු දියුනු රටවල් ඔයාලට චාන්ස් එක දීලද ඔයාල ගියේ? නැහැ නේද? කරන්න පුලුවන් හැම මරි වැඩේම කරල බොනිකර තරුව දාල වීස එක අරගෙන රට පැන්න. ඒත් පස්සෙ කාලෙක අපේ රටට එන්න කිව්වාම රටින් ප්ලේන් එකක් යවල ගෙන්වගන්න ඕනි වගේ අදාසක් තමයි දාන්නෙ.
මගේ යාලුවො ඉන්නවා ගොඩක් ආන්ඩු කන්තෝරු සහ වෙනත් පුද්ගලික ආයතන වල. ඒ ගොඩක් ආයතන වල වැඩකරන උන් කරන රස්සාව (ඒ කිව්වෙ තනතුර නෙමෙයි රැකියාව හෙවත් කරන දේ) වෙන රටවල හරිම සිම්පල් දෙයක්. හිතන්න ප්‍රාෙද්සිය ලේඛම් කාර්යාලෙක සමහර ලියන්නෙක් අමාරුවෙන් මාසෙම කරන සමාර වැඩ දැන් ලෝකෙ මට්ටමේදි සොෆ්ටවෙයා එකක කෑල්ලක් විතරයි. ඉතිං මේ වගේ බොහොම සරල රස්සාවක් ලක්ෂන නමක් හොද කම්පැනි නමක් එක්ක කරන මිනිස්සුන්ට යාන්තමින් තේරෙනවා තමුන් කරන්නෙ වරදක් කියලා. ඉතිං ඒ වරද වසාගන්න එයාල හයියෙන් ආන්ඩුවට බනිනවා. හරියට මේක නිකං කාරුහරි අපිට බනිනකොට අපි උන්ටත් වැඩිය හයියෙන් ආපස්සට බනිනවා වගේ. එතකොට අපේ කන් ලොක් වෙලා මුකුත්ම ඇහෙන් නැහැ.
සරලවම හිතුවොත් ලංකාව දියුනු වුනොත්. ලංකාව ඇත්තටම ආශ්චරිය කරා ගිහින් මේක ස්විට්සර්ලන්තෙ,මැලේසියාව, සිංගප්පූරුව වගේ වුනොත් හෙම අපි වගේ ගෝත රැකියා කරන සියට අසූවකට විතර පාරට වැටෙන්න වෙනවා. මොකද ඒ රටවල අපි වගේ බොරු කරන හොර කරන්න උපන් අයට රස්සා නැති නිසා. කෙනෙක් කියන්න පුලුවනි අනේ මම උදේ ගිය වෙලේ ඉදලා හරි කැපවීමෙන් රස්සාව කරනවා කියලා. නමුත් කොච්චර කලත් ඔයා කරන රස්සාව ඔයාගේ කොම්පැනියට හෝ පද්ධතියට කොයි තරම් වැදගත්ද කියලා හිතුවොත්...? උදාහරන විදියට පැරණි කාර්යාල කටයුතු වලදි ෆයිල් මිටි ගනන් හැඩල් කරපු අය හිතනවා අඩේ අපි පස්ට වැඩ තොගයක් කරනවා කියලා. නමුත් ඇත්තම තත්වෙ බැලුවොත් ඒ කරන කිලෝ ගානක වැඩ අද වෙනකොට පොඩි මෙමරි චිප් එකකට සෙට් වෙලා ඉවරයි.
ඇත්තටම ලංකාව දියුනු වුනොත් මම? කොහේද? ඔයා පිටරට නම් ඔයාට බලලා හූල්ලන්න රටක් නැති වෙනවා. ඔයා ආන්ඩුවෙ කන්තෝරුවක නම් අනිවාර්යෙන් ඔයාගේ වර්ක් ලෝඩ් එක වැඩිවෙනවා සහ කොම්පියුටර් ඉගෙනගන්න සිද්ද වෙනවා.ඔයා ප්‍රෝග්‍රැමර් කෙනෙක් නම් ඔයාට තුට්ටු දෙකට ප්‍රෝග්‍රැම් ලියන ඉන්ඩියන් කාරයො එක්ක හැප්පෙන්න වෙනවා. පුද්ගලික ආයතනයක නම් දැනට වඩා දෙතුන් ගුනයක් වේගෙන් වැඩකරන්න සිද්ද වෙනවා. ඉතිං යාලුවනේ..ඒ නිසා අපි හැමදාම අපට පිටින් තියෙන ප්‍රශ්ණ එක්ක විතරක් හිතමු.. කවදාවත් අපි හරහා යන ප්‍රශ්ණ නොබලා ඉමු.

When people are born and raised in a country their souls get programmed with a link to their original culture. As long as they live they are linked to the original country.
ReplyDeleteThere are people who have made huge sacrifices for the benefit of their motherland which you do not know. You do not know how they have been exploited by the society inorder to make money.You do not know their resentment.
The above article represents your poor mentality.
you do not know.
Just because
do not know.
The above article represents your poor mentality.
Deleteමේ ඇති
සිරාවටම අපේ රජයේ ආයතන වලට තාක්සනේ හරියට යෙදුවොත් ජොබ් අඩු වෙනවා.
ReplyDeleteඋදා - අපේ කාලගුනේටත් වුනේ ඒ වගේම අනිත් පැත්ත නේද? උන් නිකං ඉන්නවා එහෙම දෙපාර්තුමේන්තුවක් තියෙන්න ඕන නිසා. රිපෝට් එක දෙනවා වෙනත් රටකින් අරගෙන.
බොහොම අපූරු අදහසක් ගොඩනගලා තියෙන්නේ අමිල. අපි අපේ කොටස හරියට කරන දාක හිතමු ඔබ පතනා රටක් ගැන.
ReplyDeleteසිරාවටම ගොඩාක් තැන්වල බෙසික් දෙවල් වත් භාවිතා වෙන්නෙ නැ නෙ
ReplyDeleteරාජ්‍ය අන්ස්හෙට සේවකයෝ වැඩියි.ඒක රටට ලොකුම ලොකු බරක්.
ReplyDeleteඅඹට කොහොමද බං මෙව්වා ලියන්ඩහිතට එන‍්නේ , දවසක උඹ ගැනත් කතා කරයි , ( නැතිදාට ) , සමනල විප්ලවය , ටැබු සබ්ජට් ගැන කතා කරවා වාගේ ,
ReplyDeleteබොරුනං බලහං ටික දවසක් බ්ලොග් එක බොරුවට අකුලලා
මේක නම් පිටරටවල ඉන්න අපේ අය ගැන බලවත් ඉරිසියාවකින් ලියපු එකක්. විදේශවල ඉඳගෙන මව්බිම දිහාට ඇහැ ගහගෙන ඉන්න වරදක්ද?
ReplyDeleteඔය ඇ හැ ගහගෙන ඉන්න මිනිස්සු උපයන ධනයෙන් සිය පවුලේ අයට සල්ලි එවනවා.. ඒකෙන් ආර්තිකෙත් හැදෙනවා ඇති...
Deleteනමුත් ඒ අය ලංකාවෙ ඉන්න රස්සාවක් නැති මිනිස්සු ගැන හොයල බලල ඒ අයට වැදගත් වෙන වැඩකට සල්ලි කීයක් හරි දෙන්න ඉදිරිපත් වෙන්නෙ කීයෙන් කී දෙනාද?
දෙමල මිනිස්සු පිටරට ඉදගෙන එල් ටී ටී එකට සල්ලි දුන්නා..නමුත් අද වහලට ටකරමක් දාගෙන යන්තං පැලක් අටෝගෙන දුකෙන් ඉන්න අය ගැන ඇහැක් ඇරල බලන් නැහැ..
සිංහල මිනිස්සු ජේ වී පී එකට සල්ලි දෙනවා..නමුත් එකතුවෙලා අනුරාධපුරේ වකුගඩු රෝගෙන් දිනපතා මැරෙන්න බලං ඉන්න මිනිස්සුන්ට බේත් පෙත්තක් ගන්න කීයක්වත් එවන්නෙත් නැැහැ...
මං කියන්නෙ හැමෝම ගැන නෙමෙයි සී්‍යට අනුවකට වඩා අති බහුතරය ගැන..
ජාතිය ගැන පස්ට කැක්කුම ඒත් ඒ කැක්කුම එයාලයි ආතල් එක ගන්න ඕනි නිසා සහ ඒ රටවල් වල ඉන්න සුද්දො අපේ උන්ව ගනන් ගන්නෙ නැති නිසා විතරයි..
අමිල පාට කන්නාඩි ගෙන බලන යට පෙන්නේ කණ්ණාඩියේ පාටත් එක්ක ..... ඒ වගේම කන්නාඩිය නැතුව බලනවාය කියන ය හිතන්නේ අපි දැක්කේ හැබෑ පටමය කියලය..... මමනම් කියන්නේ ඔය දෙගොල්ලොම සත්‍යය හරියටම දකින්නේ නැහැ කියලයි ..... හේතුව සත්‍යය දකින්න උවමනාවක් නැතිකමද දන්නේ නැති කමද කියලා මටත් තෙරෙන්නේ නෑ මචන්
Deleteඅමිල,
ReplyDeleteමිනිස්සු මානසික අසහනය නැති කරගැනීම සඳහා නොයෙකුත් දේ කරනවා. අද කාලේ අහන්ට තියෙන දේවල් දිහා බැලුවාම, අනුන්ට කරදරයක් නොවෙන, තමන්ට කරදරයක් වෙන මූණු පොතට ඇබ්බැහිවෙන එක හොඳයි කියලා එක අතකට හිතෙනවා.
විදේශයක ජීවත්වෙන්ට ගිය මිනිස්සු හැමෝටම තමන්ගේ 'මව් රට' ගැන මැරෙනකල්ම හැඟීමක් තියෙනවා. (ඒත් ඊලඟ පරම්පරාව එහෙම වෙන එකක් නෑ.) සමහරු ඉන්නේ තනිකමින්. එයාලා ඉන්න රටවල් ගැන මූණු පොතේ කියන්ට ගොයොත්, ඒ දේවල් ගොඩක් අය නොදැන ඉන්ට පුලුවන්. අනෙක් එක ඒ අයට ඕනි තමන්ගේ මව් රටේ අයත් එක්ක එකතු වෙන්ට. ඒ හන්දා මට නම් හිතෙන්නේ ඔය කවුරු මොනවා කලත් කමක් නෑ කියන එක.
තමන්ට කැමති දෙයක් කරන්ට ඕනිම අයෙකුට නිදහස තියෙනවලුනේ. ඔන්න ඒ හන්දා මගේ අදහස කියලා කමෙන්ට් එකක් දැම්මා. මම නම් ඔයාගේ හෙඩිමට කැමති නෑ. :D
ම්ම් ඔව් ඒකෙ ඇත්තක් තියෙනවා.. ඒත් හලාල් කේස් එක වෙලාවෙ එක පිංතූරයක් සෙයා කරන සිංහල බොදු මනුස්සයෙක් හිතනවා තමුන් ජාතියට රටට මහා සේවයක් කරනවාය.. මේ කරන දේ අනාගත පරපුරට වැදගත් වෙනවාය කියලා.. මම කියන්නෙ සයිබර් එක අද යන විදියට මේක කිසිම දේශපාලනික වැදගත් කමක් නැති හුදෙක් තත්‍ය වූ (වර්සුවල්) වවටපිටාවක් විතරයි..
Deleteමදකට හිතන්න ඊයෙ රෑ උපන්දින පාටිය සැමරුව චාල්ස් මැතිඳා එංගලන්තෙ 1976 දි පිහිටවපු ආධාර වැඩපිලිවෙලක් යටතේ මේ වනවිට තරුණයින් ලක්ෂ 3කට වෘත්තිය පුහුනුව ලබාදීලා තිබෙනවා.. ඒ තුලින් කුමාරයට එංගලන්ත තරුණයින්ට පුහුනුව මත රැකියාව ලබාගන්න හැකියාවක් ඇතිකරලා තියෙනවා... ලංකාවෙ මම දන්න ඒ විදියෙ විසාල පරිමාන වැදගත් වැඩක් කලේ ජිනරතන කාර්මික විද්‍යාලයේන් විතරයි..
මචන් උඹ බොරු කියලා පුක දීලා රස්සාව හොයාගත්ත වගේ හැම එකාම වීසා අරන් පිට රට යන්නෙ නෑ..... තමන්ගෙ සුදුසුකම් පෙන්නලා තමයි යන්නෙ...
ReplyDeleteඅනෙක උඹගෙ ටොපික් එක ෆේස් බුක් හැබැයි බැනුම් අහන්නෙ පිටරට ඉන්න එවුන්.... උඹ හරියට ඉගෙන ගත්තෙ නෑ කියලා අපි මොනවා කරන්නද බං...... උඹටත් ඔය නිදහස් අධ්‍යාපනේ කියන ඔපචුනිටි එක ලැබුනා නේද?
උන් මානසික අසහනේ නැති කරගන්න ෆේස් බුක් එකේ එක එක ඒවා දානවා වගේ තමයි උඹ හීන මානෙන් දාන පෝස්ට් ටිකත්....
උඹ බොරු කියලා පුක දීලා රස්සාව හොයාගත්ත වගේ
Deleteඋගත් මහතානනි ඔබගෙ තේරුම් ගැනීමේ හැකියාවේ ඇති මද ගතිය ගැන මා පුදුම නොවෙමි.. මා මෙසේ බොරු කීවේවත් පුක දුන්නේවත් නැත. මට උවමනාවටත් වඩා සුදුසුකම් ඇත..
ෆේස් බුක් හැබැයි බැනුම් අහන්නෙ පිටරට ඉන්න එවුන්
ෆේස්බුක් එකේ කතාවෙන්නෙ මිනිස්සුන්ගෙ ඇත්ත පස්න නෙමෙයි.. එතන තිනේනෙ බොරු වර්චුවල් සමාජයක්..ඒ සමාජයේ බහුතරයක් පිටරට ඉන්නවා..
උඹ හරියට ඉගෙන ගත්තෙ නෑ කියලා අපි මොනවා කරන්නද බං
ලියන දේ ගැන නැතුව ලියන පුද්ගලයාගේ පුද්ගලික ජීවිතයත් ඒ ලියන කෙනාගේ තනතුර තත්වය හොයන එක ටිපිකල් සිරි ලංකන් නිදහස් අධ්‍යාපනයේ අග්‍රඵල වල ගතිය. කවදාවත් සාධක එක්ක ලිව්වත් ඊට වඩා පුද්ගලික කෝන්තර ඇදගෙන දගලනවා.. ඒකට මට කරන්න දෙයක් නැහැ.. මේ යුගයේ නිදහස් අධ්‍යාපනය හරහා උඩ ගිය බොහෝ දෙනා අපි හරි ලොකුවට ජීවිතේ විඳිනවා කියල පෙන්වන්න ලොකු උත්සාහයක් ගන්නවා.. අහ් අපිට ලොකු දේවල් ලැබිලා කියල පේන්න රගපානවා. නමුත් සත්‍ය වශයෙන්ම කොතනද ඉන්නෙ? අර ඕ ලෙවල් වත් හරියට පාස් නැති ඇමතිවරු ටිකට බෝලයක් බස්සල වැඩක් කරගන්න බැරිනිසා උන් විසික් කරන කටුකාලා ඒ තැන්වල.. ලංකාවෙදි..පිටරටදි ඉන්න තැන ගැන ආයිත් කියන්න ඕනි නැහැ..
ලෝකෙ හැමෝටම හරියන්න නිර්මාණ කරන්න අමාරුයි.. හැමෝටම හරියන්න ලිපි ලියන්නත් අමාරුයි.. අපි හරි ලොකුයි කියල ලොකු පොරසිටි එකක ඉන්න මාන්නක්කාර මිනිස්සු සාමාන්‍යෙයන් එදා ඉදලාම මගේ පෝස්ට් වලට බනිනවා.. මට මහත්වරුන්ගේ රෙදි අයන් කරන්න ඕනි නැහැ.. මම ලියන්නෙ මට හිතෙන දේ..
දැන් ඔය උගත් බුද්ධිමත් අයට පුලුවන් මට වඩා නිර්මාණ කරලා මට වැඩිය හිට් අරගෙන තමුන්ගේ මතය සනාථ කරන්න අවකාශයක් හදාගන්න..
ඔයාගේ පොස්ට් එකට සමහර අයට සෑහෙන්න රිදිලා,මොකද තමන්ගේ ආත්මීය නිරුවත එලියට පේන්න පටන් අරන් තියෙන හින්දා.තමන්ට අවස්ථා නැති හින්දා රට ගිය අය ඉන්නවා,ආචාර්ය සරත් ගුණපාල,රේ විජයවර්ධන ඒ වගේ අය.ඒත් හැමෝම එහෙම නෙවෙයි.අර මෙහා ඉවුරේ තණකොල කන ගොනා සින්දුව අහන්න පුලුවන් නම් මේකට උත්තරේ හම්බවෙනවා.මමwww.amuthusithuwili.wordpress.com හිමපියලි.
ReplyDelete//හැබෑවට ප්‍රශ්ණ අඩු ස්විට්සර්ලන්තෙ, ඇමරිකාව, යුරෝපා රටවල මිනිස්සු මාර අසහනේකින් ඇත්තෙ. ඇයි උන්ට සෙයා කරන්න දෙයක් නැහැ නෙව//
ReplyDelete:-)
උඹ කියන ගානට දියුණු උනොත් රාජ්‍ය සේවයයන් 75% විතර අයින් කරන්න පුළුවන්. ඒ තත්වය අපිට පරක්කු වෙලා එන්‍නෙ. බොහොම හෙමින්. මම ඒ ගැන ලියල ඇති මෙතන.
http://raj1st.blogspot.com/2011/12/blog-post_07.html
පහුගිය කාලේ අපේ ඔපීසියේ කස්ටිය වියදම් අඩු කිරිල්ලක් ගැන කතා කරද්දී මං යෝජනාවක් දැම්මා. ලංකාවේ රාජ්‍ය සේවේ 90% ක් ම දෙනා කරන්නේ ලියකියවිලි වැඩ. මහා ලොකු ටෙක්නොලොජි එකක් නැතුව උනත් ඇඩ්වාන්ස් ඩොකියුමන්ට් ෂෙයාරින් සිස්ටම් එකක් නැතුවත් ඊ මේල් වලින්ම කරන්න පුළුවන් ඔය වැඩ වලින් වැඩි කොටසක්. කොළ වලට යන වියදමත් ඉතුරුයි. ගස් ටිකත් ඉතුරුයි. අනික ගෙදර ඉඳල වැඩ කරන්න පුළුවන් නම් ඒ මිනිස්සුන්ට ගෙදර ලමයි බලා ගැනිල්ලේ ඉඳල තියන ගොඩක් ප්‍රශ්ණත් විසඳෙනවා. (අපේ සංස්කෘතියත් ආරක්ෂා කරගෙන රට දියුණු කරනවා නම් මිනිස්සුන්ට ගෙදර ඉඳන් වැඩ කරන එක තමයි ගැලපෙනම දේ. හැබැයි පඩි ගෙවිල්ල පර්ෆොර්මන්ස් බේස්ඩ් වෙන්න ඕනේ. එහෙම නැත්නම් ගෙදරට වෙලා රස්සාව නොකර නිකං පඩි ගනීවි. අපේ අය එහෙම නේ.) ඔය දේ කරන්න අමිල කියනවා වගේ මහා ලොකුවට රට දියුණු වෙන්න ඕනෙත් නෑ. හැබැයි දැනට රස්සා කරන අයගේ රස්සාවල් නැති වෙන්නෙත් නෑ. වැඩ කරන සෙනග අඩු වෙනකොට ඔෆිස් ගොඩනැගිලි හදන්න, නඩත්තු කරන්න යන වියදමත් අඩුයි. ලයිට් බිල් වතුර බිල් අඩුයි. ඊටත් වඩා ලක්ෂ ගානක් උදේට හවසට වැඩට යන එක අඩු උනාම වාහන පාවිච්චිය අඩුයි.ඒ නිසාම වාහන තද බදයත් අඩුයි. රටට ඉන්ධන වලට යන වියදමත් අඩුයි. (අපි උදේ පාන්දර නැගිටින්න ඕනෙත් නෑ).
ReplyDeleteහැබැයි කරුමේ කියන්නේ මං ඕක කිව්වට ඔපීසියේ උන් ඔය වගේ විසඳුමකට කැමතිත් නෑ. උඹ කිව්වා වගේ උන්ගෙන් වැඩි දෙනෙක් කරන්නේ අත්‍යවශ්‍ය වැඩ නෙවෙයි. ඒ කරන වැඩ එකක් වත් නොකරත් ඒ තරං පාඩුවක් වෙන්නේ නෑ.( අනික උඹ කිව්වා වගේ ඒ දේවල් තාක්ෂනෙට බාර දුන්න නම් ඔය එකෙක් වත් ඕනෙත් නෑ. හැබැයි එහෙම වෙන්න කල් යාවි නේ. මං අර යෝජනා කළේ ඉක්මනටම කරන්න පුළුවන් දෙයක්. ඒත් වඩක් නෑ.)
මොනවා උනත් කාට රිදුනත් පට්ට කතා ටිකක් උඹ කියල තියෙන්නේ. ඇත්තට මූණ දෙන්න ගියාම රිදෙනවලු නේ.