කුඩේ තිබුනෙ කපුරු බෝල සුවඳක්.. කපුරු බෝල සුවඳ හෝ විලවුන් සුවඳ වෙන්න ඇති. මට හරියටම වෙන් කරගන්න බැරිවුනා. හැන්දෑවෙ හත හමාරට විතර ඇති වෙලාව ඒ වෙලාවෙ කළුවරයි. පොඩි පොද වැස්සකුත් තියෙනවා. කඩිමුඩියෙ පාරෙ වැඩ මිනිස්සු වගයක්. පාර හදනවා හෙන කලබලේකින්. මූනිච්චාවට හෙල්මට් සහ ඕවරෝල් ඇඳගනිපු මිනිස්සු ටිකක්.
අද වැස්ස කලිං කුඩේ ගෙනියපු දවසෙ තරම්ම තද නැහැ. වැස්ස කිව්වට පොඩි පොදක් තමයි වැටෙන්නෙ. ඒ වැස්ස පොඩි නිසාම මම කුඩේ ටිකක් පල්ලෙහාට ගත්තා. කුඩේ සුවඳ හිතට අමුතු කිතියක් ඇතිකරනවා. මේ එයාගෙ සුවඳද? නැහැ එයා සුවඳ විහිදන්න සෙන්ට් බෝතලයක් හෝ පව්ඩර් මලක්යැ. මේ කුඩේට සෙන්ට් ගහල කියල මට හොඳටම වැටහුනා. ඒත් කුඩේ යටින් තනියම යනකොට දැනුන පස්ට සනීපයක්.
මෙහා හෝල්ට් එකට ටිකට් ගත්තෙ.. කඩේ ගාවට ඒ හෝල්ට් එකේ ඉඳල වැඩි දුරක් නැහැ. ලාබයි ඒ කඩේ රයිස්. අපේ සෙට් එක කන්නෙ එතනින්. මං කන්නෙ තෝසෙ. තෝසෙ ලාබයි. බාගෙදා පරාටත් කනවා. අපි බෝඩ් වෙල ඉන්න හරියෙ කඩ කිහිපයක් ම තිබෙනවා. නමුත් කෑම මේ තරම් ලාබ නැහැ. රෑට කන්නෙ ලාබෙ බලාගෙන ම නෙමෙයි. නමුත් අපි කාල කොරන මහ ලොකු දෙයක් නැහැ. ඒ නිසා අඩුම මිලට ටෙන්ඩර් එක පාස් වෙනවා.
ලාබ කඩේ ඉඳල බෝඩිමට මීටර් අටසීයක් විතර දුර. මීටර් සීයක් විතර එහා තියෙන කඩ තුනක් පහු කරලා අර කඩෙන් ලාබෙට කන්න යනවා. ඒක සාධාරනී කරනය කරන්න හේතු ටිකක් මං හිතාගෙනයි ඉන්නෙ. පොඩි එක්සයිස් එකක් ඇගට ලැබෙනවා. වතුර පිරිච්ච ඇල ගාවින් එනකොට සීතලක් එනවා ඒක හරි සනීපයි. පොඩ්ඩක් පාරෙ ඇවිදින එක මනසට හොඳයි. ලාබ කඩෙන් කන එක බජට් එකට හොඳයි. නමුත් ඒ වටේ තියෙන සරුව පිත්තල හේතු ඇතුලෙ ලොකු හේතු දෙකක් හිටියා. ඒ තමයි කඩේ වැඩකල කෑලි දෙක.
බඩු දෙකම ලස්සනයි . ආකාර දෙකක්. හරිම ප්‍රියමනාපයි. තෝ ඕක දිහා බලං ඉඳල හැමදාම මගේ එකට මාලු හොදි දාගෙන එනවා..ඒ අපේ බෝඩිමෙ වෙජිටේරියන් බුවෙක්.. ඒ වගේ කෑම කියපු විදියට නොගෙනාපු දවස් තිබුනෙ එක දෙකක් නෙමෙයි. දවස් දෙක තුනකට වතාවක් කෑම ලිස්ට එකේ මොකක් හරි අවුලක්. හේතු දෙකක් තියෙනවා. එයාල බෙදන විදියක් තියෙනවා නේ හැමෝටම. සංසාර පුරුද්දට අනුව බෙදාගෙන යන එයාලට අරක එපා මේක එපා කියල කිව්වත් එයාලගේ අතින් බෙදනවා. අනික තමයි මට කෙල්ලො දෙන්න දිහා බලං උන්නම අරුං බෙදන්න එපා කියපුව මතක නැති වෙනවා. තව කාරණාවක් තියෙනවා. ඒ තමයි උන් දෙන්නත් පිස්සු කෙලිනවා මගේ කෑම ටික බෙදල දෙන්න ගියාම.
ඒ දෙන්න අක්කයි නංගියි ලු. ටිකක් සේප් එකෙන් එකම අච්චුවෙ ගතියක් තිබුනත් ටිකක් සමේ පැහැය සහ කතාව වෙනස්. අක්කා කරුණාවයි. නංගී කටකාරයි මඳක් සැරයි. සෙක්සි අතින් ගත්තොත් නංගි සෙක්සි වැඩි. නමුත් මටනම් නිවුන කතාව නිසා අක්කත් හොඳයි වගේ හිතෙන්නෙ. පිවිතුරු ලෙස ආලය කරනවා නම් ගෑනු ලමයිගේ හැඩය ගැන වැඩිය බලන්න හොඳ නැහැ ලු. ඉතිං දැන් අවුලක් නැහැ නේ. මෙතන පිවිතුරු ආලයක් නැහැ ඕයි. මේක නිකං සිහින ලවක් විතරයි.
පොඩි කෙල්ලට තියෙන්නෙ පස්සට නෙරා ගිහිපු පස්ස පැත්තක්. කෑම ටික බෙදලා අනික් පැත්ත හැරිල කෑම පැක් කරන කොට මම ඒක දකිනවා. මං ඒක දිහා නොබල ඉන්න හදනවා. නමුත් බැලෙනවා. හරියටම එය වැඩේ කැෂියර් එකේදි උන් දෙන්නටත් වෙනවා. මේ දෙන්නගෙන් එක්කෙනක් තමයි කැෂියර් එකේ ඉන්නෙත්. ඉතිං මං කෙලින්ම එයාලගේ ඇස් දෙක දිහා බලාගෙන ලිස්ට් එක කියෝගෙන යනවා. දෙන්නගෙන් මොකී හමුඋනත් බිල වරද්දගන්නවා උන් දෙන්නා ගොඩක් වෙලාවට. මොකද ඇස් දිහා බලං හිටියම ඒ දෙන්නම ඇස් දෙක අහකට ගන්නෙ පොඩි ඩිලේ එකකින් ..මොකක් හෝ අවාසනාවට ඒ ඩිලේ එක උන්ගෙ මෙමරියටත් යනවා. මට ආයිත් ලිස්ට් එක කියන්න වෙනවා . මික්ස් එකයි..නූඩ්ල්ස් එකයි..තෝසෙ දෙකයි..පරාට පහයි..හොදියි..වඩෙයි..
කලිං දවසක තනි වැස්ස. මං එලියට බැහැල යාර දහයක් ඉස්සරහට ගියෙ නැහැ හොඳට තෙමෙන්න ගත්ත. මං ආයි හැරිල බාගෙට තෙමිල මෙව්ව වෙච්චි කුකුල් පැටිය වගේ කඩේට ගියා. පොඩි එකී ඒකිගේ පෙඳ කෑල්ල වගේ හැමතිස්සෙම මූණට වැටෙන කොන්ඩ කෑල්ල උස්සන ගමන් මාව දැකල හිනා පලනවා. “පණ්ඩිතයා.. ගියා නේද වැස්සෙ.. ඉල්ලුවනම් කුඩේ දෙනවනේ..“ කෝ ඉතිං දෙන්න. හැබැයි මට ගෙනත් දෙන්නෙ වෙන්නෙ හෙට හැන්දෑවට.. “කෙල්ල මගේ ඇස් ගෙඩි දෙක දිහා බලලා කමක් නැහැ කිව්වා.
ඊලග දවසෙ මට යන්න බැරි වුන කඩේට. ඊටත් පහු වෙනිද මං කුඩේ අරං යනවා. එදා යනකොට මුලු කඩේම නිකං මනමාලි බලන්න මනාලයා ආව වගේ. කුඩේ සීන්ස් එක කඩේම දන්නවා. කොටින්ම කුස්සියෙ උයන එකා පවා දන්නවා වැඩේ. නංගි අක්කට කියලා අක්ක හැමතැනම ගිනි තියල. කඩේ ඉන්නව තව කෑඹ බෙදන්න රයිස් දාන්න කොල්ලො තුන් හතර දෙනෙක්. උනුත් බලාගෙන. නංගත් ටිකක් ලැජ්ජ පාටයි අද.මටත් වෙනදට ටිකක් අඩුවෙන් ලෝඩ් වෙන ලැජ්ජා පැක් එක එදා ඉන්ස්ටෝල් වුනා.
බිම බලාගෙන කුඩේ දුන්නා. දීල කෑම අරං ආවා. ඊයෙ මරුමුස් අයිතිකාරයත් හිටියා. ඌ නං පස්ට අයිතිකාරයෙක්. මේ ඔයාලයි ලොක්කගේ ගේ වැස්සට තෙමෙනවද? කියල මම ඇහුව පොඩි කෙල්ලගෙන්. කෙල්ලට හිකිස් ගෑවුනා. නමුත් හිකිස් නෙමෙයි මොක ගෑවුනත් ලොක්ක ඉන්න වෙලාවට හිමින් තමයි සද්දෙ. කොටින්ම කඩේ ඉස්සරහ තියෙන මාලු ටැංකියෙ මාලු පවා වේගෙන් පීනන එක නවත්වනවා ලොක්ක ආවම. කඩේම සයිලන්ට් වෙනවා. ඒකා ආමි එකේ හිටපු මරුමුස් බුවෙක්. වැඩි කතා බහක් නැහැ. සිලෙක්ටඩ් කස්ටම උන් එක්ක විතරයි කතාව.
එක තරහකාරයෙක් ලොක්කා. නංගී දාගන්න ඕනි කියන රාමුවට ආවොතින් ඉන්න ප්‍රධාන තරහකාරයො තමයි අක්කා..කඩේ අයිතිකාරයා.. සහ කඩේ ඉන්න පැණි පාට බුවෙක්.. නංගි විතරක් ඉන්න වෙලාවට මේ පැනි පාට බුවා නිකං අමුතු ලයින් එකක් දෙනවා. අක්කා සෙට් කරගන්න ඕනි කියන තැනට ආවොත් අවුල තමයි නංගී,කඩේ ඉන්න කලු මහත බුවා..කඩේ අයිති කාරයා සහ අනික් උන්.. මොක ටෝක් කරන්න ගියත් හරියට මාලු කඩේ මාලු විකුනන මාරියම්මට අයි ලව් යූ කියන්න ගියා වගේ.. වටේටම චාටර් වෙනවා.
තොට තේරෙන් නැද්ද යකෝ.. ඔය කෙල්ලො දෙන්නම පැණිය දාන්නෙ තෝ ආයිත් ඊ ලග දවසෙ කඩේට ගෙන්නගන්න.. ආහ් එහෙම වෙන්න බැහැ. මොකද උන් මට කුඩේ දෙනවා. වැඩිපුර හොදි මාලු පිණිබෙදනවා. තෝසෙනම් සාම්බාරුව දානවා සොපින් බාගයක් විතර.. ඒ නිසා උන් දෙන්න ඒ දාන්නෙ කොමර්ශල් එකක් නෙමෙයි. කියලා මට හිතෙනවා..
දවසක් බිල ගැහුවා රොටි වලට යීස්ට් රොටි දැම්මත් එක්ක. නමුත් යීස්ට් රොටි එක පැක් කරන අතරෙ ලොකු එක කැෂියර් එක පැත්තට මට කතා කලා. මං ගියා. තේරෙන් නැද්ද හලෝ.. ඔය රොටි ඊයෙ ඒවා..බිල කැන්සල් කරලා තෝසෙම ගන්න. තෝසෙ දැන් දැම්මෙ..කාටත් නැහෙන රහස් හඩින් කෙල්ල මට කියාගෙන ගියා.. කිව්ව විදියටම යීස්ට් රොටි ටිකක් ආයිත් පුලුස්සපු ගතිය තිබුනා. තෝසෙ ටික නම් බබා වගේ දුම් දමමින් තිබුනා. මං අදා කැන්සල් කරලා තෝසෙ ගත්තා.
හහ්. දැන් කොට කොට ඉඳල හරියන් නැහැ. අද බෝඩිමට ගිහිං පොඩි කෙල්ලගේ කුඩේ ගිහිං දෙන්න ඕනි .. පවු. කෙල්ල සෙන් ගහගෙන ඒක තියාගන්නවා ඇති හරි ආදරෙන්.. ලස්සන තද අඳුරු රෝසපාට කුඩයක්. බාගෙදා ඒක කෙල්ල කොල්ලත් එක්ක ඇවිදින්න යන එකවත්ද? මොක වුනාම මොකෑ ගත්ත එක දෙන්න එපැයි. යන් ඕනි ඒක ගිහින් දෙන්න.
තව ටික දවසකින් නිකම්ම කන්න පුලුවන්වෙයි. පරිස්සමෙන් ලොක්කට අහුඋනොත් කුඩේ කුඩු.
ReplyDeleteඔව් ඌ දැක්කොත් කුඩය කඩාල දාවි..
Deleteඅමිලගේ හොද්ද බොර වෙන්න වගේ යන්නේ ...
ReplyDeleteකාල් ගාන්න එහෙම ඕනේ උණොත් කියපන් .මොන තූත්තුකුඩුවේ උන්නත් එනවා සප් එකට..
Deleteඅමිල ගේ මුල්ම කෙටිකතා පොතට ඇතුලත් කළ යුතුම කතාවක් මේක.
ReplyDeleteWHY ? PUKA, JEE, CHOO, PADA, JOKKU WAGE KATHAWALUTH NARAKA NEHE
ReplyDeleteකොහෙන්ද හලෝ මෙව්වා ඔලුවට එන්නේ ඔහේගේ
ReplyDeleteනියම කතාවක් අමිල. කොහොම උනත් නංගා කොල්ලත් එක්ක බීච් යත්දි ගෙනියන කුඩේද දන්නෑ.
ReplyDelete"මහරගමට වහින් නැතුව
වහින්න ඕනෑ තැනකට...
කුඩයක් වත් අතේ නැතුව
ඈ ඇති බස් නැවතුම ලග...." ඒ හන්දා කුඩේ නංගිටම දෙන්න.
කැමූ කතා ශෛලියෙන් බොහොම අපුරුවට රචනා කොට ඇති කතාවක් අමිල.
ReplyDeleteඋඹ මේ කියන්නේ සෙත්සිරිපාය මායිමේ තියෙන 50 ප්‍රයිඩ් රයිස් කඩේ ගැන ද ??? :D හිටපන් මම මේක ප්‍රින්ට්අවුට් දාල ගෙනිහින් දෙනවා අර කෙල්ලෝ දෙන්නට..... :D
ReplyDeleteආ දැන් පලයං ඉන්නවා හොද දෙමල කොල්ලො දෙන්නෙක්.. සිංහලත් දන්නෙ නැති උන් වගේ පෙනුනෙ..
Delete