Tuesday, February 4, 2014

ව්‍යාජ ආදේශනය (the changeling)

උරුමය සහිත දරුවන් හදිසියේ අතුරුදහන් වීමේ සංසිද්ධි අපේ රටේ පුරාවිද්‍යාව අධ්‍යනය කරන විට අපිට හමු වන සිද්ධියක්. යසලාලක තිස්ස කියන රජතුමා රාජ්‍යය කරපු කාලෙ දොරටුපාලය වෙච්චි සුභ විසින් සිංහාසනය පැහැරගතපු කතාව අපි කුඩාකාලෙ අහල තියෙනවා. අහල නැත්තං මෙතනින් බලාගන්න පුලුවනි. එතනදි සිංහාසනය වංචාවෙන් පැහැරගැනීමක් සිද්ද වෙලා තිබෙනවා. 

අපේ රටේ වගේම වෙනත් රටවලත් ඉතිහාසයෙ ්මෙසේ උරුමකරුවන් අදිසියේ මරා දැමීම් සිද්ද වෙලා තිබෙනවා. සමහර උරුමකරුවන් කුඩා කලදීම ඝාතනය කර දමන්නට රජවරුන් සහ බිසෝවරුන් කටයුතු කොට තිබෙනවා. ඒ වගේම යම්කිසි වස්තුව සහ උරුමවන්නට නියමිත විශාල බූදලයක් සහිත දරුවනුත් ඒ වැනි විශාල අවධානමකට මුහුනදෙනවා.ක්‍රිස්තු චරිතයේ වගේම බෞද්ධ සාහිත්‍යයට සම්බන්ධ පන්සිය පන්ස ජාතක පොතේත් ඒ විදියට කුඩා කල උරුමකරුවන් ඝාතනය කරපු කතාන්දර තිබෙනවා.

මේ නිසාමදෝ මන්දා සමහර ජනප්‍රිය මුදල් ඇති අයගේ දරුවන් වඩාත් ආරක්ෂාකාරී පසුබිමක තබන්න ධනවත් දෙමාපියන් කටයුුතු කරනවා. අපේ රටෙත් ගොඩක් මුදල් ඇති අයගේ දරුවන් පිටරට ඉගෙනගන්න තීරණය කරන්න එක හේතුවක් වෙන්න ඇති දරුවන් මෙහෙදි අනතුරට ලක් වෙන එක නැවැත්වීම. 

මේ විදියට ධනවත් ව්‍යාපාරිකයකුගේ පුත්‍රෙයක් ධනය ලබාගැනීම පිණිස පැහැරගැනීමේ සත්‍ය සිද්ධියක් පදනම් කරගෙන “පන්තියෙ පළවෙනිය වුනේ සමන් කුමාර“ කියල ගීතයක් අපේ ඇන්ටන් ජෝන්ස් මහතා විසිනුත් ගායනා කරනවා. මේ සමන් කුමාර අද හිටියනම් අවුරුදු හතලිස් ගානක් වෙන මනුස්සයෙක්.  තිලකරත්න කියන මතුගම හිටපු ව්‍යාපාරික මහතාගේ හොඳම හිතවතෙක් තමයි තිලකරත්න මහතාගේ දරුවා මේ විදියට පැහැරගෙන  ඝාතනය සිදු කරලා තියෙන්නෙ. ඒ වෙලාවෙ ප්‍රධාන ඇසින් දුටු සාක්කිය කියල තිබුනෙ කුඩා ගැහැනු ලමයෙක්. ඒ කුඩා ගැහැනු ළමයා අද වෙනවිට පොලිස් කාන්තාවක්. ඝාතකයා විසි අවුරුදු සිර දඬුවම අවසාන වෙලා දැන් නිදහස් වෙලා ඉන්නවා. එතනදි දරුවා ඝාතනය කරන්නෙ කප්පමක් වෙනුවෙන්. ඒක ඒ කාලෙ රටම හොල්ලපු මහා අනුවේදනීය සිද්ධියක් වෙලා තිබුනා.

එක්තරා නිවෙසක සිටින ධනවත් වංශාධිපතියෙක් තමුන්ගේ උරුමය වෙනස් කිරීමට හිතාමතාම තම ලෙයින් උපන් පුත්‍රයාව ඝාතනය කරනවා. ඒ ඝාතනය කලාට පස්සෙ ඒ දරුවා ඒ පැරණි නිවසේ හොල්මන් කරන්න පටන් ගන්නවා. හොල්මන සම්බන්ධ කතා වස්තුව තමයි මේ සිනමාපටයට වස්තු බීජය වෙලා තියෙන්නෙ. මේ ෆිල්ම් එක හැදුව අධ්‍යක්ෂවරයාගේ පුද්ගලික අත්දැකීමක් අනුව මෙහි තිරනාටකය ලියවුනා කියලත් කතාවක් තියෙනවා.ෆිල්ම් එකේ පෙන්වන විදියට ඒ සංගීතකාර කතානායකයාගේ සංගීතයට තමයි හොල්මන නැවත පනනැංවිලා එන්නෙ. ඒ මනුස්සය නං බය නැති යකෙක්. ඔන්න මං වුනානං එක දවසයි හොල්මන් සද්ද අහන්නෙ ඊලග දවසෙ නිදන කාමරෙත් හෝදලම ගෙදරින් එලියට බහින්න වෙනවා.

මේ ෆිල්ම් එක ඇවිත් තියන්නෙ 1980 අවුරුද්දෙ. එවකට පැවති තාක්ෂණික උපකරණ ආදිය වෙනස්. ඔවුන් රෙකෝඩින් කටයුතු සඳහා යොදාගන්නෙ ටේප් පටි. කැසට් පටි නම් දැන් උපදින පරම්පරාවෙ අය දකින්නෙත් නැති වස්තුවක් වේවි.  ඒ කාලෙ පරිඝනක වුනත් ඒ තරම් චිත්‍රපටි කර්මාන්තයට යොදාගන්නෙ නැතුව ඇති. පරිඝනකය අද මේ අපි දකින ආකාරයේ මුහුනකට ඇවිත් තියෙන්නෙත් 1990ට කිට්ටු කාලෙකදි.

පරිඝනක භාවිතය ආදි අද පරම්පරාවේ තාක්ෂණය නැති වුනාට සිනමාපටියේ දෘෂ්‍ය ප්‍රෙයා්ග ඉතාම හොඳින් ඉදිරිපත් කරලා තිබෙනවා. අද කාලෙ තිරගත වෙන සිනමාපටයක විලාසෙන්ම හඬ සැකසීමත් කරලා තිබෙනවා. හොඳ ජාතියේ ශ්‍රවණාධාර(Headphones)   ගසාගෙන ෆිල්ම් එක බැලුවොත් ඇත්තටම යසට බයවෙන්න පුලුවන් සිනමාපටියක් තමයි චේන්ජ්ලින් කියන්නෙ. මේ ෆිල්ම් එක බයහිතෙන පරණ ගෙවල් සම්බන්ධ කතා අතුරින් විශිෂ්ඨ එකක් වෙන්න ඕනි. මේ ළඟදි නිකුත් වුන හොල්මන් සිනමාපටි කීපයක්ම මම බැලුවත් මේක තරම් ගතියට ඒවායෙ කතාව සහ ප්‍රෙයා්ග තිබුනෙ නැහැ. 

කොහොම වුනත් බයහිතෙන සිනමාවට කැමති අයට කියාපු ෆිල්ම් එකක් තමයි මේ the changeling  ෆිල්ම් එක.

11 comments:

  1. මේ ‍ෆිල්ම් එක නම් බලල නෑ. හොයාගෙන බලන්නං. තෑන්ක්ස්.
    හැබැයි 2008'දි ''changeling'' නමිං ආපු ‍ෆිල්ම් එක බැලුවා. එකෙ තියෙන්නෙත් ළමයෙක් පැහැරගැනීමක් සම්බන්ධ කතාවක්මයි. clint eastwood'ගෙ ‍ෆිල්ම් එකක්. ගොඩක් චිත්‍රපට උලෙළ වලදී සම්මාන ගොඩකට නාමයෝජනා වෙලා කීපයක් ලැබිලත් තියෙනවා. මේකෙ angelina jolie'ගෙ විෂිශ්ට රංගනයක් තියෙනවා. කැමති කෙනෙක් බාගෙන බලන්න. මෙන්න torrent link එක...
    changeling movie torrent

    ReplyDelete
    Replies
    1. මටත් සර්ච් කරද්දි ජොලී ආන්ටිගේ ෆිල්්ම එක ලැබුනා. ඒකත් ලැබුනොත් බලන්න ඕනි. මට ෆිල්ම් ලැබෙන ආකාරය වෙනස්. ලැබෙන විදියට බලාගෙන යනවා මිසක පිලිවෙලකට බැලීමක් නැහැ මගේ නම්.

      Delete
  2. මේ ෆිල්ම් එක නම් බලල නැහැ...2008 ආපු එක නම් බැලුවා. මේක බලන්න නිවාඩු දවසක මහ දවාලක් හොයාගන්න ඕනේ :)
    චේන්ජලින් කියන වචනයේ තේරුම එන්නේ මධ්‍යතන යුගයේ යුරෝපයෙන්. ඒ කාලේ විශ්වාසයක් තිබුණා සුරංගනාවන් මිනිස් දරුවන් පැහැරගෙන ඒ වෙනුවට ඒ හැඩ රුවම ඇති ඔවුන්ගේ කෙනෙක් මිනිස් දෙමාපියන් ළඟ තියල යනවා කියලා. ගොඩක් වෙලාවට එහෙම චෙන්ජලින් ලා පෙනුමෙන් සමාන උනාට ගති ගුණ වලින් වෙනස්. සුරංගනාවන් එහෙම කරන්නේ ගොඩක් වෙලාවට නපුරු චේතනා ඇතිව.
    ඉංග්‍රීසි සුරංගනා සාහිත්‍යයේ චෙන්ජලින් ලා ඉන්න කතා බොහොමයක් හොයාගන්න පුළුවනි.

    ReplyDelete
    Replies
    1. ඔය වචනයේ තේරුම හොයන්න මමත් වෙහෙසුනා. සැබෑ තේරුම සොයාගන්න බැරිවුනා. නිරෝෂනී කියන හේතුවත් එක්ක නම් අදහස ගාන්ට වැටහෙනවා. ස්තූතියි ඒ ගැන දොඩන්නට ආවාට.

      Delete
  3. හරි හොයාගෙන බලලා බය උනේ නැත්නම් කොමෙන්ටුවක් දාන්නම්කො

    ReplyDelete
  4. හොඳ කතාවක්. බලන්න ඕන හොයාගෙන

    ReplyDelete
  5. ස්තුතියි ඔත්තුවට හා විග්‍රහයට

    ReplyDelete
  6. අමිල පොඩි නිවැරදි කිරීමක් මේක ඔබේ ලිපි වල හරියට එන වචනයක් නිසා. පරිඝනක යන්න පරිගණක ලෙස නිවැරදි වියයුතුයි. ඝනක කියන්නේ cube වලට.

    ReplyDelete
    Replies
    1. ඔව් එහෙම වැරැදි තිබෙනවා. සාමාන්‍යෙයන් ලිිපියක් ලියන අයට ඒ වගේ වැරදි පේනවා අඩුයි. නමුත් වෙනත් අයකුගේ ලිපියක් දුටුවිට වැරදි පේනවා. දැන් නම් මම ටිකක් ව්‍යාකරණ අනුව අක්ෂර වින්‍යාස ගලපල ලියන්න උත්සාහ කරනවා.

      Delete
  7. මේ නමම තියෙන තවත් ෆිල්ම් එකක් තියෙනවා නේද මෑතකදි ආව.. ඒකේ ඉන්නේ ඇන්ජලීනා ජොලී.. මේක නම් මමත් බලලා නෑ..

    ReplyDelete