Thursday, February 20, 2014

වෙළඳාම් කොරන්නෙ කොහෙමෙයි මේ වගේ තැනක Doing Business

පොලවල් වල කෙහෙල්ගෙඩි බිස්නොස් කරන මා දන්න නෑයෙක් ඉන්නවා. ඇය කරන්නෙ කෙසෙල්ගෙඩි තොග වශයෙන් අරගෙන පොලේ විකුනන එක. ඇය සතියේ දින කිහිපයකදී පොලවල් ..තුන හතරකට යනවා. ඇගේ වෙළ හෙළඳාම් වලට බලපාන සාධක ගනනාවක් තියෙනවා.
කෙහෙල්ගෙඩි මිල :- කෙහෙල්ගෙඩි විකුනනකොට ලාබයක් තියාගෙන තමුන්ට කෙසෙල්ගෙඩි වෙනුවෙන් වැයකරන ශ්‍රමයට වටිනාකමක් තියෙන විදියට විකුනන්න වෙනවා. එතනදි තොග වෙළඳපොලේ කෙහෙල්ගෙඩි මිල වැඩිවුනොත් විකුනන්න වෙන්නෙ වැඩිමිලට. කෙහෙල්ගෙඩි කියන්නෙ අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍යයක් නෙමෙයි. රුපියල් පනහට විතර ඇඹුල් ඇවරි කෑල්ලක් ගන්න බැරිනම් කෙහෙල්ගෙඩි වලට තියෙන අදහස අතහැර ගන්න මිනිස්සු ක්‍රියාකරනවා. ඒ නිසා තොග වෙළඳපොලේ කෙසෙල් මිල වැඩිවන කාලයේදී කෙසෙල් වෙළඳාම අඩුවෙන නිසා පොලේ කෙසෙල් වෙලෙන්දන්ට විකුනන කෙසෙල් ගෙඩි ටික තවත් වැඩිමිලට විකුනලා තමුන්ගේ ලාභය පවත්වාගන්න සිද්ද වෙනවා.

කඩ කුලිය :- පොලවල් හතර පහකට ගියාට ඒ පොලවල් හැම එකේම බඩු විකිනෙන ප්‍රමාණය සමාන නැහැ. සමහර ඒවයි විකිනෙනවා වැඩියි. සමහර පොලවල් වල පොෂ් මට්ටමේ කෙසෙල් ගෙඩියක් වන කෝලිකුට්ටු වගේ ඒවා වැඩියෙන් විකිනෙනවා. මේ පොලවල් වල භූමිය වෙන්කරගන්න මුදලක් පොලේ මුදල් එකතු කරන අයට ගෙවන්න වෙනවා. මේ පොලවල් සමහරක් ප්‍රාෙද්ශිය සභා වලින් බදු දෙනවා. බදුදුන්නම අපිට ඒ බදුගත් අයට සල්ලි ගෙවන්න ඕන අපේ කට්ටිය වෙනුවෙන්.

වාහන කුලිය :- කෙහෙල්ගෙඩි තොග වෙළඳපොලෙන් අරගෙන කෙලින්ම විකුනන්න බැහැ. අමු කෙසෙල් අරගෙන ඒවා ඉදවල තමයි ගොඩක් කෙහෙල් ගෙඩි වෙලෙන්දො සිල්ලරට පොලේ විකුනන්නෙ. ඒ විදියට අමු කෙසෙල් ගේන්නත් ඉදුනු කෙසෙල් ගෙනියන්නත් අපිට ප්‍රවාහන වියදමක් වියදම් වෙනවා. ඒක ලොරි කුලිය කියලා කියනවා. සමහර වෙලාවට පොදු ලොරියක් පොලේ යනවා. එතකොට පාන්දරම අර ලොරියට බඩු ටික පටෝල සමාර විට වෙලඳන් කරන කෙනාට බස් එකේ වුනත් යත හැකි.

කෙසෙල් සැකසීම :- කලින් කිව්වා වගේ අමු කෙසෙල් අරගෙන ඉදවලා විකුනන කොට ඉදවන්න විවිධ ක්‍රම යොදාගන්නවා. ඒකට තිබෙන සුදුස්‍රම ක්‍රමය ලෙස දක්වන්නෙ දුම් ගැසීම. නමුත් ඒක හිතන තරම් ලේසි නැහැ වාණිජමය වැඩ වලදි. ඒ නිසා කාබයිඩ් හෝ ඒ ආසන්න රසායන ද්‍රව්‍ය කෙසෙල් ගෙඩි වලට පිටතින් ඉසිනවා. ඉතිං මේ විදියට ගෙඩි ඉදවන එක ගැන දැන්නම් විවිධ විරෝධතා නැගෙන නිසා මහජන සෞඛ්‍ය පරීක්ෂක මහතුන් මේ කෙසෙල් වෙලෙන්දියන්ගේ නිවෙස් පරීක්ෂාකරන්න පවා යොමුවෙලා තිබෙනවා. මේ කියන කෙසෙල් ගෙඩි නිසි පරිදි ඉදවන්නත් සමහර වෙලාවට කාලය ශ්‍රමය සහ කුලීකාරයෙක් ගත්තොත් ඒ මිනිහට සල්ලි ගෙවන්නත් සිද්ද වෙනවා.

අලුතින් අපි පොලේ පලතුරු විකුනන රස්සාවක් කරන්න හිතුවත් ඒක පිටිපස්සෙ තියෙන වියහියදම්. ශ්‍රමය වැයවෙන තැන්, සල්ලි වියදං වෙන තැන්, අපි ව්‍යාපාරය නීති රෙගුලාසිවලට යටත්ව පවත්ව ගෙන යන්න අවශ්‍ය කරන දේවල්. ආදිය දැනගෙන ඉන්න ඕන. එහෙම නැතිවුනොත් බිස්නොස් එක කඩාගෙන වැටෙනවා. දැන් අපි හිතමු අපේ ගම පැත්තෙම අලුත් පොලක් දැම්මය කියල. ඕක අලුතින් දැම්ම කියල එකපාර වෙලෙන්දියො කඩා පාත් වෙන් නැහැ. ඒ මිනිස්සු ඒ අලුත් පොලට එන්න කලින් ටිකක් හොයල බලනවා වැඩේ ලාබද? මිනිස්සු එයිද? තව ටිකක් එරෙන වැඩද්ද කියල ඒ වෙලෙන්දියො තම නැණ පමණින් සැට් එක(සැටලයිට්) දාල බලනවා.

මං දන්න කියන අනූව දශකෙ මුල් කාලෙ ඉඳලා අපේ රටේ ජනාධිපතිවරු අගමැතිවරු පිටරට යනවා. ගිහින් ඒ රටවල ව්‍යාපාරික මහත්වරු හමුවෙලා කතා බහ කරනවා. ඒ කතාබහ ප්‍රවෘත්ති වල පෙන්නන කොට ඒ ප්‍රවෘත්ති කියන ඇන්ටි හෝ අක්කා කියනවා අදාල රටේ ආයෝජකයො ව්‍යාපාරිකයෝ විශාල පිරිසක් අපේ රටේ ව්‍යාපාර වලට ආයෝජනය කරන්න කැමති වුනා කියලා. ඒ අපේ ජනාධීපති වරු ගිහින් හමුවෙලා හිනාවෙලා අතට අත දුන්න ව්‍යාපාරිකයො ඇවිත් මෙහෙ බිස්නොස් පටන් අරං ෆැක්ටරි දැම්මනං දැනට මේ රටේ තියෙන සිල්ලර කඩ ගානටත් වඩා පිටරට ආයෝජන ඇවිත් තියෙන්න ඕන. නමුත් එහෙම වෙන් නැහැ. ඒ බිස්නොස්කාර මිනිස්සු එදා අපේ ජනාධිපතිවරු එක්ක හිනාවෙල කතාකරල අඩියක් ගහල ගියාට බිස්නස් කොරන්න එන පාටක් නැහැ.

ඇයි මේ එන්නැත්තෙ කියල හිතුවොත් අර මං මුලින් කිව්වා වගේ අලුත් පොලක් දැම්මහම පරණ පොලේ කෙසෙල් වෙලෙන්දියො අලුත් පොලට යන්න කලින් හිතනවා වගේ මේ ආයෝජකයොත් මේ අලුත් සිරි ලංකාද්වීපය කියන රටේ බිස්න්ස කොරනවාද? අපිට ඒ රටේ නිකං වගේ වැඩගන්න පුලුවන් ගෑනු මිනිස්සු ටිකක් අඩුවට හොයාගන්න ඇහැකි නිසා අපේ ෆැක්ටරියක් දෙකක් එහේ දානවද කියලා හොයලා බලනවා. එහෙම හොයල බලල අපේ ඇත්තන්ගේ තියෙන සැබෑ තත්වය ගැන දැකල සන්තෝස වෙනව ඇති. අතින් කාල හරක් බලන්නැහේ මේ රටේ ආයෝජනය කරන්න ඉන්න සල්ලි ටික පොතේ දාල පොලියෙන් බඩුවග් ගහ ගහ ඉන්න එක සැපයි කියල ඒ රටවල ව්‍යාපාරික මහත් වරු හිතනවා ඇති. ඒ නිසා ආයෝජකයෝ ලංකාවට එන්නෙ ඉතාම අඩුවෙන්.

ව්‍යාපාරයක් පටන් අරගෙන කරගෙන යන්න සුදුසු රටවල් ලැයිස්තු ගත කරලා තිබෙනවා. ඒ අනුව යම් රටක ව්‍යාපාර කරන්න හිතන අය මේ කියන දේවල් ගැන සොයලා බලලා තීන්දු තීරන අරගෙන අදාල රටේ ව්‍යාපාර කිරීමට කොතරම් සුදුසු වටපිටාවක් තිබේද කියලා ආයෝජකයෝ හිතනවා. මෙයින් මූලික මට්ටමේ දර්ශකයක් තමයි ලෝක බැංකු දර්ශකය.

මේ දර්ශකයේ අපි ඉන්නෙ 85 කියන තැන පහුගිය අවුරුද්දෙ අපි ඉඳල තියෙන්නෙ 83 කියන තැන. ඒ ගැන වැඩි විස්තර මේ කියන තැනින් (http://www.doingbusiness.org/data/exploreeconomies/sri-lanka) බලාගන්න පුලුවනි. පොඩ්ඩක් ගිහින් එතන බලලා වෙන රටවල් කොහේද තියෙන්නෙ කියලා හොයලා බලන්නකෝ. ඒ වගේම මුල් තැන් ගතපු රටවල් කොහොමද ඒ තැන අරං තියෙන්නෙ කියලත් මේ ලකුණු ක්‍රමය හරහා බලාන්න පුලුවනි. හැමදාම අනුර කුමාරයයි,වික්‍රමසිංහයයි,රාජපක්සයයි,අරුයි මූයි කියන දේවල් ඉහ මුදුනින් පිලි අරං අහගෙන ඉන්නෙ නැතුව තමනුත් මේ වගෙ දෙයක් බලලා තේරුං අරගන්න හුරුවෙනවා නම් හොදයි. මං මේ ගැන මට හිතෙන දේ ඊලග පෝස්ටුවකින් දමන්නම්.

8 comments:

  1. //හැමදාම අනුර කුමාරයයි,වික්‍රමසිංහයයි,රාජපක්සයයි,අරුයි මූයි කියන දේවල් ඉහ මුදුනින් පිලි අරං අහගෙන ඉන්නෙ නැතුව තමනුත් මේ වගෙ දෙයක් බලලා තේරුං අරගන්න හුරුවෙනවා නම් හොදයි. // මෙන්න මේ වචන ටික නම් මසුරන් වටිනවා. ඒ වගේම ලියල තියෙන දේවලුත් බොහොම වටිනවා...

    ReplyDelete
  2. //ඒ අපේ ජනාධීපති වරු ගිහින් හමුවෙලා හිනාවෙලා අතට අත දුන්න ව්‍යාපාරිකයො ඇවිත් මෙහෙ බිස්නොස් පටන් අරං ෆැක්ටරි දැම්මනං දැනට මේ රටේ තියෙන සිල්ලර කඩ ගානටත් වඩා පිටරට ආයෝජන ඇවිත් තියෙන්න ඕන. ///

    නයි.ටී.එන් බලන කස්ටිය මේක පිලි ගන්න එකක් නැහැ :)

    ReplyDelete
  3. බ්ලොග් කියවන්න එන්න Lanka Blogs වලට . ලංකාවේ වැඩියෙන්ම ලිපි යන සින්ඩියට හැමදාම එන්න අමතක කරන්න එපා http://lankablogs.com

    ReplyDelete
  4. අනේ බං ආයෝජකයො උඹ කියල තියෙනව වගේ සිල්ලර කදවලටත් ඉන්න ඕන.
    මමත් කී සැරයක් අරන් ගියාද.අපේ එවුන් එහෙ ගොහිල්ල බොම් සැප කම් සැප ගන්නවා.ගිවිසුම් ගහන පින්තුර අරං ඇවිල්ල මීඩියා වල දානවා එරටේ වෙළද ඇමති සමග කියල.පට්ට බොරු.
    එරටේ අපේ එම්බසි යට ඇහිදන් එන කබ්බෝ සෙට් එක්ක දෙරටෙ කොඩි දෙක දාල ගන්නව පින්තුර.(සියල්ලන්ම නොව)
    ආයජකයෝ ලංකාවට ආවත් දැනට සිටින ආයෝජකයො මුන ගැසෙනව අනිවා.
    එයාල දේශපාලුවෝ සහ නිලධාරින් නිසා විදින දුක අහල පස්ස නොබලා දුවනවා.
    ආයෝජකයො කියල ඉන්නවනම් ඉන්නෙ වල්ලපට්ට,කොතල හිඹුටු වගේ තවත් දෑ හොරෙන් යවන එවුන්.

    ReplyDelete
  5. ඔහොම ආයොජකයො එනව නම් මොනව කරන්න බරිඩ...හෙහ් :)

    ReplyDelete
  6. මිත්‍රයා ව්‍යාපාරයක් ඇරඹීමට සුදුසු වටපිටාව සඳහා බලපාන සාධක වගේම ව්‍යාපාරයක් තෝරාගැනීමේදී බලපාන සාධක වල සම්මිශ්‍රණයක් විදියට තමයි ව්‍යාපාරයේ සාර්ථකත්වය තීරණය වන්නේ. බොහෝ වෙලාවට අද වනවිට ව්‍යවසාය නිර්මාණකරණය (Venture creation) කියන සංකල්පය තුලදි ව්‍යාපාර සඳහා බාහරිව සුදුසුකම් අඩු වාතාරවරණවලදී පවා තමන් ආරම්භකරන ව්‍යාපාර සංකල්පයේ සාර්ථකත්වය සහ අපේක්ෂිත වර්ධනය අනුව එය සාර්ථක කරගැනීමට අවශ්‍ය කළමණාකරණ උපායමාර්ග දකින්නට පුළුවන්. ඒක සුළු, මධ්‍ය හෝ මහා යන පරිමාණ සියල්ලටම අදාලයි. අදවන විට වැඩි නැඹුරුවක් තියන කුඩා ව්‍යවසාය සංවර්ධනයෙදි ව්‍යාපාරයක් ඇරඹීමට සුදුසු වටිපිටාව, ණය පොලිය, ව්‍යාපාර සංවර්ධන ආයතනික පහසුකම් (BDS) මේවා සියල්ල බලපානවා. එදා සමාජය වගේ ආර්ථිකමය ඉල්ලුම් සැපයුම් න්‍යායට අනුව පමණක් ව්‍යාපාර කරපු කාලය යල්පැනලා දැන් සුළු ව්‍යවසාය පවා සාධක මත ක්‍රියාත්මකවීම අරඹලා

    ReplyDelete
  7. එක අතකට හොද argument එකක්, නමුත් මන් නම් හිතන්නේ පොලක් සහ ආයෝජකයෝ සමාන කරන්න බැහැ (මන් commerce ගැන මෙලෝ දෙයක් දන්නේ නැත). එහෙම වෙනවා නම් ලංකාවට කවදාවත් මේ ඉන්න තැනින් ගොඩ එන්න බැරි වේවි නේද?

    කෙසේවතත් හොද ලිපියක්, බ්ලොග් එක දියුණු කරගන්න ක්‍රම ගැන දැනගන්න ඕනේ නම් මෙහෙට පොඩ්ඩක් ඇවිල්ල බලන්න: http://sinhalahelp.com/

    ReplyDelete