රාජපක්ෂ ආන්ඩුව විසින් හම්බන්තොටට පොම්ප කර ඇති ධනය බිලියන ගනනකි කල හම්බන්තොට සිටින මිලියන බාගයකටත් අඩු ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාවෙන්(467,847) හම්බන්තොටට වැඩ කිරීම පිනිස වියදම් කරන ලද මුදල බෙදා බැලුවොත් රුපියල් ලක්ෂයකට නොඅඩු මුදලක් එක් මිනිසෙක් වෙනුවෙන් රජය වියදම් කොට ඇති බවක් සොයාගත හැකි වෙනු ඇත.
හම්බන්තොට වරායේ ඇස්තමේන්තුගත වියදම = 46,930,000,000 (ඩොලර් මිලියන 360)
හම්බන්තොට ලියාපදිංචි ඡන්දදායකයින් සංඛ්‍යාව = 467,847
එක් ඡන්දදායක යකුගේ වටිනාකම = 100,310.57 (එක්ලක්ෂ තුන්සිය දහයයි ශත පනස් හතයි)
මේ පාලනය හම්බන්තොටට කර ඇති වැඩ..
මේ මට එක්වරම මතක් වුන කිහිපයක් පමනි..හම්බන්තොට තංගල්ල යන රෝහල් නවීකරණය කල අතර තංගල්ල රෝහලේ සමහර වාට්ටු වල ඇති පහසුකම් කොළඹ පුද්ගලික ආරෝග්‍යශාලාවල පවා දක්ණට නැත. හම්බන්තොට වරායේ ඇස්තමේන්තුගත වියදම = 46,930,000,000 (ඩොලර් මිලියන 360)
හම්බන්තොට ලියාපදිංචි ඡන්දදායකයින් සංඛ්‍යාව = 467,847
එක් ඡන්දදායක යකුගේ වටිනාකම = 100,310.57 (එක්ලක්ෂ තුන්සිය දහයයි ශත පනස් හතයි)
හම්බන්තොටට ආවේනික නොවන තලගොයෙක් |
- මාගම්පුර රුහුනුපුර හම්බන්තොට වරාය
- මහින්ද රාජපක්ෂ අන්තර්ජාතික ගුවන්තොටුපල
- රාජපක්ෂ අනුස්මරණ සම්මන්ත්‍රනශාලාව හම්බන්තොට
- හම්බන්තොට රාජපක්ෂ අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගනය
- රුහුනු විජයබා විදුහල
- ධීවර වරායන් සහ වාරිමාර්ග ආදිය ඉදිකර නවීකරණය කිරීම.
බොහෝ පාසැල් වල ගොඩනැගිලි අඩුපාඩු ඇතුලු භෞතික සම්පත් පරිපූර්ණ වී ඇති අතර සම්පූර්ණයෙන් නැතත් මීට අවුරුදු දහයකට එපිට අතීතයට වඩා ඉදිරියට පාසැල් බොහොමයක් පැමිණ ඇත.
කතරගම යන ජනී ජනයා හූල්ලන පරිදි හම්බන්තොට බොහෝ පැතිවල ජනයාට විදුලිය ජලය සහ මංමාවත් වඩාත් හොඳින් නවීකරණය කර තිබේ. සමහර පැතිවල නිවෙස්වලට යන මාර්ග පවා කාපට් දමා අලංකාර කොට ඇත.
සජිත් වැනි රූපයෙන් සමාන අයෙක් |
හම්බන්තොට දිස්ත්‍රික් වැසියෙක් මා සමග වරක් පැවසුවේ ඔවුන්ගේ පලාතේ දැන් කුලී වැඩකට රුපියල් 1500කට වත් මිනිහෙක් හොයාගත නොහැකි බවකි. එනම් හම්බන්තොට ඉදිකර ඇති කුඩා හා මහාපරිමාණ කර්මාන්ත ශාලා සම්පූර්ණයෙන්ම නැතත් බොහෝදුරට මිනිස්සුගේ රැකියා අවශ්‍යතා සපුරමින් පවතී.
මීට පහලොස් වසකට පෙර හම්බන්තොට පැත්තේ සෑම ගමකම අඩුතරමේ හත් අට දෙනෙක් වත් හමුදාවට ගොස් සිටි අතර දැන් හම්බන්තොට පලාතේ සෑම ගමකම අඩු තරමේ හතර පස් දෙනෙකුවත් කොරියාවේ මාසයකට ලක්ෂ ගනනක පඩියකට සේවය කරමින් සිටී.
රජයේ රැකියාවන්ද බොහෝ විට හම්බන්තොට අයට ලැබීමේ සම්භාවිතාවය වැඩි බවක්ද පසුගිය කාලයේ අසන්නට ලැබුනි.
නමුත් 2009දී සියයට 71ක ඡන්ද ප්‍රතිශතයකින් ජයගත් ජනාධිපතිතුමාද ඉඳහිට වැඩවාසය කරන තංගල්ල පලාතේ ඡන්ද පදනම සියයට 56 දක්වා පහත වැටී ඇත. කොළඹ හැර අනෙක් සියලු මැතිවරණ පැවැත්වූ දිස්ත්‍රික්ක සලකා බැලූ කල සියයට 57.42ක ඡන්ද ප්‍රතිශතයකි සන්ධානයට හම්බන්තොටින් ලැබී ඇත්තේ. ඒ අනුව සන්ධානය දිනා ඇති මුත් ඔවුන්ගේ රාජපක්ෂ භූමියේ සැලකිය යුතු ජනයා පිරිසක් අනෙක් පැත්තට හැරී ඇති බවක් පෙනේ.
හම්බන්‍තොට සිටි සිවුරු හොරෙක් |
මෙය සජිත් ප්‍රේමදාසයන්ට ලකුනු වැටෙන වැඩක් වුවද මැතිවරණ සමයේ එක්සත් ජාතික පක්ෂයක් හෝ වෙනත් පෙරමුනක් තිබේදැයි කියා දැනගන්නට වත් බොහෝ හම්බන්තොට ඡන්ද දායකයින්ට හැකි වුනේ නැත. පෝස්ටර් වල මිනිසුන් දැක තිබූ අලිගාන්ට වඩා කතරගම පෙරහැරේ අලි ගාන වැඩි වීමටද ඉඩකඩ තිබුනි. නිල්පාට වලාවකින් වැසී ගිය හම්බන්තොටට සත්‍ය වශයෙන්ම සජිත්ට කරන්නට හැකිව තිබූ කෙංගෙඩියක් නැත.
හම්බන්තොට තවමත් ඩොටේ යැයි සලකන පැත්තක් වන අතර එහි කොළඹ ජනයා බුද්ධිය ලබාගන්නා මහා වස්තුවක් ලෙස සලකන අන්තර්ජාතික චැනල් හෝ අන්තර්ජාල පහසුකම් බොහෝ ජනතාව පාවිච්චි කරන්නේ ද නැත. ඒ ලැබුනත් වැඩිමනක් ඉංගිරිසි දැනුමක් ලැබී, ඒ ඔස්සේ හිතන්නට තරම් විවිධ විකල්ප සංවිධාන වලින් පලල් කර ඇති මනසක්ද හම්බන්තොට බොහෝ ජනයාට නැත.
බත් පැකට් එකටත් අරක්කු බාගයකටත් දුප්පත් ලාංකිකයින් සිය කතිරය ගසන බවත් පුද්ගලික වාසිය තකාම සිය මනාපය පුදන ජනයා ලංකාවේ සිටින බවත් බොහෝවිට බුද්ධිමතුන‍්ගෙන් ඇසෙන කතාවකි. ඒ අනුව වඩාත්ම මිනිස්සුනට පුද්ගලික වාසි ලැබී ඇති ලංකාවේ දිස්ත්‍රික්කය නම් හම්බන්තොට විය හැක. නමුත් එහි සමස්ථ දිස්ත්‍රික් ප්‍රථිපල අනෙක් මාතර කළුතර ගාල්ල,ගම්පහ,දිස්ත්‍රික් වල සමස්ථ දිස්ත්‍රික් ප්‍රථිපල වල සන්දාන ඡන්ද ප්‍රතිශතයට වඩා මඳක් අඩුය.
හම්බන්තොට නිවසක වාහනයක්. |
කෙලෙහි ගුන නොදන්නා රට ජාතිය ගැන නොහිතන හම්බන්තොට මිනිස්සු ගැන තවත් විග්‍රහ කරනවාට වඩා හම්බන්තොට පිහිටා ඇත්තේ ලංකාවේ නොවේ යැයි සිතීම පහසු බව ඔබටද වැටහෙනු ඇත.