මේ පාර පොල් මුරේ වෙලාවට සල්ලි කොරගන්න ලැබුන් නැහැ කියල තාත්ත කිව්වා. අපි පොල් දෙන විදි දෙකක් තියෙනෝ. එකක් තමයි ගෙඩි පොල් දෙන එක. ගෙඩි පොල් කිව්වෙ කඩවල් වල සිල්ලරට මිලදී ගන්න තියෙන විදියට ඇස්ස එක්කම (පොල් ලෙලි ටිකක් එක්ක) ම පොල් ගෙඩි දෙන එකට නෙවි. අපේ පැත්තෙ තනිකර ලෙලි සම්පූර්ණයෙන් ඉවත් කරපු පොල් කිරල ගන්නවා. කිරල අරගෙන එයාල මොකක් නමුත් නිෂ්පාදනයකට යොදාගන්නවා ඇති.
මේ පොල් සම්බන්ධ පරණ ක්‍රමය තමයි කොප්පරා සෑදීම කොප්පරා හදන එක හරි ලේස් වැඩක් නෙමෙයි. ඒකට පොල් ටිකත් එක්ක දෙතුන් වතාවක් අපිත් මැරෙන්න ඕන.
මේ තියෙන්නෙ පොල් ලෙලි ගහන අවස්ථාව. මේ පාර පොල් ගොඩ ටිකක් පරණ වෙලා වැඩියි. ගෙඩි ඔක්කොම කලු ගැහිල තිබුනා. මේ ලෙලි ගැහිල්ලට ඇත්තටම අපේ දිහා කියන්නෙ පොල් ඔයනවා කියලා.
මේ තියෙන්නෙ අපේ පොල් ගොඩ. පොල් කැඩුවට පස්සෙ පොල් ටික වීල් බැරෝවකින් හරි කරත්තෙකින් හරි ඇදලා ගොඩවල් වලට එකතු කරනවා. ඒ එකතු කරල ඉවර වෙලා පොල් ටික ටික දවසක් තියෙනවා නැටි තැම්බෙන්න එහෙම. ඉන් පස්සෙ පොල් ලෙලි ගහන කෙරුවාව තමය ිතියෙන්නෙ. මේක ටිකක් අමාරු වැඩක්. පොල් ලෙලි ගහන කොට උල් ආයුද්‍ය විදියට පොල් උල භාවිතා කරනවා. පොල් ඔයන එක අවධානම් වැඩක්. ඔය උලට අත අහුවොනාත් අතත් ඉරාගෙන යනවා. ඒ වගේම ටිකක් නුපුරුදු කෙනෙක්ටත් අමාරුයි පොල් ලෙලි ගැහිලිල් ඉක්මන්ට කරන්න.
මෙදා පහුගිය දවස්වල තිබුන වැස්ස නිසයි අපිට ඉඩයක් නැතිවුන නිසයි නිකං අපරාදෙ පොල් ගොඩ පැලවෙන්න ගත්තා. වැඩියත්ම වතුර ගතිය නැති නිස වෙන්න ඇති මේ පාර පොල්ගොඩන් සියට හැත්තැවක් විතර යාන්තම් හරි පැලවෙන්න අරං තිබුනා.
ඒ විදියට ලෙලි ඉවත් කරගත්ත කටුව සමග තියෙන පොල් ගෙඩි තමයි මේ. පේනැවැති මෙ ්ෙපාල් සමහර ඒවා පැලවෙලා තියෙනවා කියලා.
පොල් ගෙඩිය පැලවෙනකොට පොල් ගෙඩිය ඇතුලෙ හැදෙනවා රස මදයක්. මේකට අපි කියන්නෙ පැල මද කියලා. පැල මද පොඩි ඒව රසයි මහ ඒවට වැඩිය. පැල මද ගලවන්නත් තව වෙලාවක් යනවා පොල් ගෙඩි පැල වුනාම. පැල මද රස කෑමක්. ෆිජ් එකේ තියල පරණ වුනාම වැඩිය රහක් නැහැ හීතල විතරයි. එවෙලෙම පොල් ගෙඩි බිදින ගමන්ම කටේ දාගන්න පැල මද කෑලි නම් පංකාදුයි. පැල මද දකින්න නම ඉතිං පොල් ගොඩ මාස දෙක තුනක් විතර පරණ වෙන්න ඕන. ඒ වගේම වැහි කාලෙ ආවමත් පොල් පැලවෙනෝ වැඩියි.
ඉස්සර අපේ තාත්තට ලොකු පොල් වත්තක් තිබුනෙ. ඒකෙ පොල් ඇද්දෙ ලොකු අත්කරත්ත වලින්. දැන් අපේ වත්ත පොඩියි. ඒ නිසා මේ විල් බැරෝවක් තමයි පොල් ප්‍රවාහනයට යොදා ගන්නෙ. මේ පොල් ටික ලෙලි ගහන තැනම ඉදන් බිදිනවා. බිදලා ඉවල වෙලා වේලන්න අවුව තියෙන තැනකට මේ වන් වීල් එකෙන් අරගෙන යනවා.
අවුවට ගෙනියලා අවුවෙ මේන්න මේ විදියට සුදුපැත්ත අවුවට අහුවෙන්න ඉහලට හරවලා නවල අවුවට අහුවෙන්න තියෙනවා. ඒ තියල හවසට මේ ටික ආයිත් පොල් මැස්සට ගෙනියනවා. පොල් මැස්ස කියන්නෙ පොල් දුම් ගහන්න හදාපු තැනක්. ඒකෙ යටින් ගින්දර සහ දුම ලැබෙන්න පොල්ලෙලි දාල පත්තු කරනවා. මැස්ස උඩ අපි මේ කටු පොල් දානවා.
ඒ විදියට එක දවසක් මැස්සට දාල ගත්තම පොල් වල කටුව ගැලවෙන්න ගන්නවා . ඒත් ඔක්කොන්ගෙම කටු ගැලවෙන් නැහැ. ඒ ගැලවෙන ටික පොඩි ආයුධයක් දාල ගලවගෙන ආයිත් අවුවෙ දානවා. දවස් දෙකක් විතර අවුවටයි මැස්සටයි යන පොල් ටික ඉන් පස්සෙ ඉතිං කඩේට යනවා. මේ සවස්වල පොල් ටිකක් ගනන්. ඒ නිසා කෙරුවාව පාඩු නැහැ මහන්සි වුනාට.
මම කටින් කියනවාට වඩා හොදින් වැඩේ පෙන්වන්න වීඩියෝ කලා පහල තියෙන්නෙ ඒ වීඩියෝ එක. යූ ටියුබ් වීඩියො එක වැඩියම බර නැතුව ඇති. බැලුවනම ්විස්තරේ සෝක් එකට ඔලුවට දාගන්න හැකියාව තියෙනවා.

ඉතා අගනා පර්යේෂණයක් කිව්වැකි..............
ReplyDeleteඅපි කියන්නෙ ඉතිං පැල පිහි කියලනෙ... අම්මේ... දැක්කමත් පෙරේතකමේ බැරුවා....
ReplyDelete( මෙයාල මේ පොල් වේලනව.. අපි මෙහෙ පොල් නැතුව වේලෙනව... පහුගිය ටිකේ කඩේට පොල් කේක් හොයං එන අයටත් කියන්න උනා පොල් හොයල දුන්නොත් කේක් හදල දෙන්නං කියල.... )
බිස්නස් නොදන්නා කෙනෙක් බව පේනවා. කේක් ගන්න එන අයට එහෙම කිව්වම ඒ මිනිස්සු ආයේ එයිද
Delete!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
ReplyDeleteයකෝ අපේ පැත්තේ පොල් ගෙඩියක් රු60.. පොල් ඔය විදියට කළු ගැහෙන්න දාලා තියන්නේ නැතුව පටවලා මෙහෙ එවපං..ලාභදායී බිස්නස් එකක්
ReplyDeleteඅපේ පොල් සාපේක්ෂව පොඩියි..ඉතිං සිල්ලරට විකුනද්දි එච්චර මාකට් කරන්න අමාරුයි..දැන් අපි ලගපාත ඉන්නපොල් සල්ලිවලට ගන්න බලං නෙරවං එන අයට පවා පොල්නෑ කියල බොරු කියල යවනවා...
Deleteඑයාල රුපියල්තිහට විතර පොල් ඉල්ලන්නෙ...
ජනා,
Deleteපොල් 60 නං කොප්පරාත් ඊට සාපේක්ශව ඉහල මිලක් තියනව.අවාසියක් නෑ කොප්පරා වේලුව කියල. ඇයි පොල්කටු අඟුටු විකුනන්නත් පුලුවන්.
උබ දකුණේ කෙනෙක්ද? පැල මද කියන්නේ දකුණේ අය. බස්නාහිර පළාතේ නම් පැල පී.
ReplyDeleteකාටද බන් ඇඳේ චූ ගියේ. මෙට්ට වේලෙන්න දාන්න
මකසි,
Deleteඅපි ඕවට පැල පි කියන්නේ නැහැනේ බං.
අපි කියන්නේ "පොල් මද" කියල... :)
පොල් පැලවෙනකල් තියන එක අපරාදයක්නේ...
ReplyDeleteඋඹ කිව්වට මේ පොල් පොඩියි කියල මීටත් වඩා පොඩි සහ කලටි පොල් කඩලා අව්වේ වේලපුව තමයි දැන් කොළඹ තියෙන්නේ.
ගිය සතියේ පොල් ගෙඩි 2 ක් ගත්තා. එකක් රු.73 යි.
ඕව කොළඹට ගෙනත් විකුණුවත් පාඩු නැහැ
පොල් ගෙඩිවලට නිදා ගන්නද අර මෙට්ට දාලා තියෙන්නේ පුටු උඩ?
ReplyDelete