Thursday, December 31, 2015

එතනෝල් සහ මේක් අප් ෆැෂන්

ගෑනු පාරෙ යනකොට සම්පූර්ණයෙන් වහගෙන ගියාට හදිස්සියෙ වහපු තැන් වලින් යාන්තං දාර පේනවා.. ඇතැම් විට ටී සර්ට් එක උඩයෑම නිසා හෝ සාරිය පහත්වීම නිසා පුකට උඩින් තියෙන ඉන හරිය පේනවා. මේ යාන්තං පේන යට කලිසම ට උඩින් කෑල්ලයි මූන බෙල්ල හරියය් එකපාර දැක්කාම නිකං නුවරඑලියයි හම්බන්තොටයි දැක්ක වගේ. මූන කෑල්ල බෙල්ල හරිය සුදුයි..ලස්සනයි..මෘදුයි..පෙනුමයි.. පැල්ලම් රහිතයි.. 

නමුත් ටී සර්ට් එක උඩ ගියාම පේන හරිය කළුයි..කැතයි, පැල්ලම් සහිතයි, රලුයි.. ඇයි දෙයියනේ හෙම වුනේ. ගෑනු මේක් අප් දානවා..ෆැෂන් කරනව. ඒ හැමදේම පිටට පේන්න. පිටට පේන්න ඒ කට්ටිය ඕවට හරියට සල්ලිය බාගෙ වියදම් කරනවා. එක පවුලක පිරිමියා සතියට වතාවක් බොනවා නම් සහ ගෑනිය ෆැෂන් සහ මේක් අප් වලට ටිකක්  වැඩියෙන් වියදම් කරනවා නම් ඒ පවුලේ පිරිමියා බොන්න වියදම් කරන ගාන අර ගෑනු මේක් අප් දාන්න යන වියදමට සමානුපාතිකයි.

දැන් දැන් කොළඹ කෙල්ලෙක් දැක්කාම නිකං රේල් පාර අයිනෙ කෙහෙල් ගස් දැක්ක වගේ. පොලොන්නරුව පැත්තෙ රේල් පාර අයිනෙ කෙහෙල් ගස් දැක්කත්, කඩුගන්නාවෙ කෙහෙල් ගස් දැක්කත්..වැලිගම දිහා කෙහෙල් ගස් දැක්කත් එකම ජාතියෙම ගස් නෙව. කිසි වෙනසක් නෑ.. කොළ ගස් එකම වගේ .. ඒ වගේ දැන් කොන්ඩේ මැදලා,පස්ස පුම්බලා.. පුෂ් අප් බ්‍රාස් දාලා, මූන බෙල්ල සුදු කරලා, රෝම විනාස කරලා.. දැන් හැම කෑල්ලම එකම අච්චුවෙ ගඩොල් වාගේ.. තට්ටුවේ ගනකම විතරයි ටිකක් වෙනස් වෙන්නෙ.. 

ධර්මය පැත්තෙන් රී ලෝඩ් එකක් දාගෙන බැලුවොත් ඔය මේක් අප් කියන්නෙ වැඩකට නැති දෙයක්. ඒකත් අරක්කු බීම වගේම නොවුනත් ටිකක් සමානකමක් තියෙනවා..ස්ථිර නෑ..වැදගැම්මක් නෑ..සල්ලි අපරාදෙ..වාගේ  ගති වලින් සමානයි වගේ.. 

හැමදාම ආන්ඩුවලින් අයවැය ගේද්දි එතනෝල් හෙවත් මධ්‍යසාර වලට ගහන බද්ද වැඩි කරනවා
 ඒක නිසා අරක්කු මිල වැඩිවෙනවා. බියර් මිල වැඩිවෙනවා. 

ලංකාවෙ මිනිස්සු බොනවා වැඩියි. සමහර විට ඒක අපේ රටේ වරදක් වෙන්න පුලුවනි. ඉන්දියාවෙ ලංකාවට සමරූපි මිනිස්සු ඉන්නෙ කේරල වල..කේරලේ තමයි ඉන්දියාවෙත් වැඩිම මධ්‍යසාර පාවිච්චියක් තියෙන මිනිස්සු ඉන්නෙ. ඒ වගේම වැඩිමනක් බොන්ෙන නැති උන් ඉන්න රටකට අපේ උන් ගියත් උනුත් වලේ දාල අේප උන් බොන්න පටන් ගන්නවා.. ලෝකෙ මොන තරං ස්ට්‍රෙස් අඩු වටපිටාවකට ලංකාවෙ ඩෑල් ගිහින් දැම්මත් උන්ට ඉස්ට්‍රෙස් ඇතා නැතා...වැඩක් ඇතා නැතා බොනවා බොනවා.. ඒකෙ කිසි වෙනසක් නෑ.. 

බොන්න තියෙන හේතු අතින් බැලුවාම මට හිතෙන්නෙ ජානමය බලපෑම මත බීම තීරණය වෙනවා ඇති. ඕක ස්වාභාවික වරණයෙන් වර්ණදේහවාදයෙන් පැහැදිලි කරන්න අමාරු වෙයි. ඒත් අපේ ලාංකික ජාන සැට් එක බොන්න නැඹුරු වැඩියි. ඒක කවුරු ආවත් වෙනස් කරන්න අමාරු දෙයක්.. බීම නතර කලාම බොනවාට වඩා මිනිස්සු ස්ට්‍රෙස් වෙනවා. 

බීම ටැක්ස් එක කියන්නෙ ඉස්සර කාලෙ ඉදන් ආන්ඩු සල්ලි හොයන්න ගහපු ගැටයක්. ආන්ඩුව සල්ලි හොයන්න ඉස්සර බල්ලොන්ටත් බදු ගැහුවා. ඔය අතරෙ හම්බෙච්චි සුපිරි බද්දක් තමයි රේන්ද බද්ද. ඉස්සර කාලෙ යටත් විජිත යුගේදි ඉංගිරිසින්ට කලිං ඉදලා ලංකාවෙ මූදුකරේ පොල් වගා කලා. ඒකෙදි පොල් වගා කරන උන් කරපු එක ජාති බිස්නොස් එකක් තමයි රා සහ අරක්කු පෙරීම. ඒවා එක එකා තමුන්ට ඕනි විදියට කරගෙන ගියාට ආන්ඩුවට ගානක් එන්නෙ නෑ..ඉතිං බිස්නොස් එකකට ආන්ඩුවෙන් පහසුකම් සලසන්න ඕනි..පාරව්ල හදන්න ඕනි.. ඒවා ට ඕනි සංනිවේදන අනම් මනම් සේවා දෙන්න ඔ්නි..ඉතිං ඒවාට සල්ලි හොයන්න ආන්ඩුව බදු ගහන්න ඕනි..ඒ නිසා වෙන්න ඇති රේන්ද බදු ඇතිවෙන්න ඇත්තෙ. 

අද වෙද්දි  තත්වෙ සම්පූර්ණ වෙනස්.. නමුත් බල්ලා කැලෙන් එලියට ඇවිත් මාසයක් ගියත් වාඩිවෙන්න ඉස්සෙල්ල කැරකෙනවා..ඒ වගේ හැම පාරම මොනාහරි ආන්ඩුවෙ වැඩි කරද්දි මුලින්ම වැඩිවෙන්ෙන මධ්‍යසාර නොහෝත එතනෝල්.. 

අපේ ලංකාවෙ ඉන්න පිරිමින්ගෙන් සියේට අසූවක් විතර බොනවා..ගන්න මාසික ආදායමින් බොන්න වියදම් කරනවා සුලු ගානක් හරි.. පොල් කඩන මනුස්සයාගේ ඉදලා පාර අතුගාන එක්කෙනා දක්වා බොනවා. ඉතිං ඒ බොන්න වියදම් වෙන ගානින් ආන්ඩුව ලොකු කුට්ටියක් කඩාගත්තාම වෙන්නෙ මොකද්ද? එක්කෝ ඒ මිනිහා ගෙදරට දෙන සල්ලි අඩුකරලා බොනවා. නැත්තං පඩිය වැඩිවුනොත් වැඩිවුන ගානින් බොනවා. ඒ වගේම මේ අනියමින් වැඩිවෙන්නෙ මොකද්ද? මිනිස්සුන්ගෙන් වැඩක් ගන්න අපිට වියදම් වෙන මුදල.. 

උදාහරණ විදියට මේ අරක්කු සිගරට් වැඩිවෙන්න වැඩිවෙන්න මේසන් බාසෙක් ගන්න ගාන දවසකට සීයකින් විතර වැඩිවෙනවා.. යන්තං ගහක අත්තක් කපාගන්න හයර් කරන එකෙක් රුපියල් දෙසීයකින් ිවතර ගාන වැඩිකරනවා.. ඒ වගේම අපි පොඩියට කරුමාන්තයක් කොරන්න ගත්තත් දැන් රුපියල් දාහට වත් මිනිස්සු හොයාගන් බැරිවෙනවා.. කුනු ගෙනියන්න එන එකාට වුනත් අපි ගෙදරටම ඇවිත් කුනු ටික අරං යනවාට රුපියල් පනහක් දෙනවා නම් අරක්කු වැඩිකලාම ඒකත් හැටක් වත් දෙන්න වෙනවා.

මිනිස්සු මිල වැඩිවුනා කියල බොන එක අඩුකරනවාද? මම හිතන්නෙ නම් ඒම නෑ..ඒක කරන්න බෑ අමාරුයි.. ගොඩක්ම වෙන්නෙ බොන ප්‍රමාණය සුට්ටක් අඩු වුනත් බීම කියන දේ නැතිවෙන්නෙ නෑ.. එතනෝල් මසක ට වාර හතරක් බොන එකෙක් ඒක තුනක් කරගනී..නමුත් ඒක නැතිම වෙන්නෙ නෑ.. 

මේ එතනෝල් වැඩිකරලා රටවල් දියුනු කරනවා කියන්නෙ ගොන් පාරට් එකක්. මේකෙන් වෙන්නෙ අපේ රටේ මිනිස්සුන්ගේ ශ්‍රමයට වැඩි මිලක් නියම වෙන එක විතරයි.. මේක ටිකක් සීරියස් කේස් එකක්. අපි අද එලෝලු ගනන්ය හාල් ගනන්ය කියලා කියනවා. ඉතිං මේ හාල් එලෝලු ගනන් යන්නත් මේ කේස් එක බලපානවා.. එලෝලු හදන්න වියදම් වෙන මුදලට අර කුලීකාරයින්ට අරක්කු වලට යන වියදම ත් එකතු වෙනවා..ඉන් පස්සෙ සුට්ටකින් මිල වැඩිවෙනවා. එලෝලු ඇට හිටෝල ඒවා අපේ අතට එන කඩ මැහි කාරයා දක්වා ජාලයේ ඉන්න දහයක් විතර මිනිස්සු ටික හැමෝම බොනවා නම් ඒ හැමෝටම බොන්න වියදම් වෙන ගාන වැඩිවෙනවා කියන්නෙ උන් කන බොන දේවලින් වත් වෙන දේවල් වලින් වත් කපලා බොන්නෙ නෑ..

ඒ මිනිස්සු ඔක්කෝම බොන්නෙ තමුන්ට ලැබෙන කුට්ටිය වැඩිකරගෙන හෝ ඒ කුට්ටියෙන්ම තමයි. එතකොට අපිට ලැබෙන ප්‍රඩක්ට් වල මිල වැඩිවෙනවා. මේක මේ වක්‍ර බදු ක්‍රමයේ තියෙන අවුලක්. නමුත් මේකෙන් ගොඩ යන්න ක්‍රමයක් අපිට නෑ වගේ තමයි පේන්නෙ.. 

විනෝද වැඩකට ආන්ඩුව මේ විදියට බදු ගහන එක අමානුෂිකයි. ඒත් අපි බොනවා ඕයි..අපිට බොන්න දෙන්න බැරි මේ ආන්ඩුව පලයව් කියලා උද්ගෝෂණ කරන්න අපේ කස්ටිය බයයි. නමුත් එහෙම ප්‍රසිද්ධියේ අරක්කු මිල වැඩිවීමට එරෙහි වෙලා දාස් ගනන් පාරට බහිනකල්ම අපේ කාලකන්නි පාලකයො එතනෝල් මිල වැඩි කරාවි.. 

4 comments:

  1. ela ela ela ela ela ela ela ela ela ela ela ela ela

    ReplyDelete
  2. මුල හරිය හොදටම ලියං ඇවිත් අන්තිම අන්තිම වෙන්න එතනෝල් වලටම යට වෙලා.. නිකං අරක්කු වැඩි කල එකෙන් සෑහෙන්න රිදුන වගේ...

    මක්ක හරි කමන් නෑ
    බොලාටත් සුභ නව වසරක් වේවා

    ReplyDelete
  3. කෙල්ලෝ සහ අරක්කු ගැන කතාකරනවා නං දවස් ගානක් කතා කෙරුවහැකි.

    මම හිතන්නේ මගේ සම වයසේ අනික් උන් එක්ක බලද්දී මම අරක්කු,සිගරට් බොන ඒක, කෙල්ලෝ එක්ක යාලු වෙන එක, කෙල්ලෝ එක්ක අහවල් වැඩේ කරන එක බොහොම පොඩි වයස් වලම කරාද කොහෙද.

    මම කොහොම හරි බොහොම සුළුවෙන් පටන්ගත්තු මගේ බීම නං අන්තිමේදී ජයටම ගියා. මුලදී මුලදී යාලුවෝ එක්ක විතරයි බිව්වේ. පස්සේ නං තනියම බොන්න පුරුදු උනා. කොහොමත් දවසට බියර් බෝතල් දෙකක්, අරකු නං බෝතල් භාගයක් වත් අවමය බිව්වා.

    සිගරට් බීම නං අවුරුදු 20 වෙනකොට නැවැත්තුවා නේ. සිගරට් බීම ගැන කියනවා නං මම අවුරුදු 15 විතර කාලේ සිගරට් 7-8 උදේට බිලා ඉස්කෝලේ ගිය දවසුත් තිබුනා.

    කොහොම හරි මගේ අරක්කු බීම නතර උනේ යාළුවෙලා හිටපු කෙල්ල නිසා. කෙල්ලගේ හිත රිද්දන්න බැරි කමට මම ඔලුවේ අත තියලා පොරොන්දු උනා ආයේ නං බොන්නේ නෑ කියලා. දැන් නං ඒ ලව් එකත් බ්‍රේක් වෙලා සැහෙන කාලයක්. ඒත් බොන එක නං නතර උනා.

    ගොඩක් උන්ට තියෙන ප්‍රශ්නේ තමයි අරක්කු වගේ දේවල් බොන එක නතර කරාට යාලුවෝන්ගේ පෙලබවිම නිසා ආයේ බොන්න වෙන එක. මට ඒක උනේ නැත්තේ කාරනා දෙකක් නිසා. එකක් තමයි මම වැඩිපුරම, ඒ කියන්නේ සියට 95% ක් විතරම බිව්වේ තනියෙම. අනික තමයි මගේ යාලුවෝ හැමෝටම වඩා මං අරක්කු ගැන දැනමුත්තෙක් වීම. ඒ නිසා උන් කවුරුත් මට බොන්න කියන්නේ නෑ. කොච්චර බොන සෙට් එකක් මැද්දේ උනත් මම දැන් නොබී ඉන්නවා.

    හැබැයි මෑතක් වෙනකන් මලක් එහෙම නං ගැහැව්වා. අන්තිම දවසේ රුපියල් 7000 ක මල් ගහලා එකත් නවත්තලා දැම්මා.

    මගේ තියෙන අවුල තමයි මම සතුටු වෙන්න කියලා මොන දේ කරත් ටික දවසක් යනකොට ඒක එපා වෙලා යන එක. ඒ කියන්නේ අරක්කු බීම, සිගරට් බීම, මලක් ගැසීම මේ ඔක්කොම මට එපා උනා.

    මම හිතුවේ මට මගේ ජිවිතේට අරක්කු බීම සහ ජිල් බැලීම නතර කරගන්න බැරි වෙයි කියලා. මට ඒ දෙකත් නතර කරා.

    හැබැයි ඉතින් අරක්කු බොන මිනිහා අනික් එකාට වදයක් නොවී තමන්ගේ සතුටට බොනවා නං මගේ විරෝධයක් නෑ. සිගරට් උනත් එහෙමයි. නොබොන උන්ට ඒ දුම ආග්‍රහණය නොවන විදියට පාවිච්චි කරාට කමක් නෑ.

    මෙතන තව දෙයක් තියෙනවා. ඒ තමයි ගොඩක්ම මත්පැන්,සිගරට්,බිඩී වගේ දේවල් වලට තමුන්ගේ අදායමෙන් වැඩිම ප්‍රමණයක් වෙන්කරන්නේ කම්කරු ජනතාව. මගේ ගාව වැඩ කරන මිනිස්සු ගැන මම හොයලා බැලුවා. ඒ අයගෙන් සියලුම දෙනා පාහේ දිනක අදායම වන රුපියල් 1300 න් 600 ක් වගේ මුදලක් වැය කරන්නෙම මත්පැන්,සිගරට්, රේස් දැමීම වගේ දේවල් වලට. මාස් පඩියට වැඩ කරන කම්කරු ජනතාව එතරම් මෙවැනි දේට යොමු වන ඉඩකඩ අඩුයි.

    ReplyDelete
  4. අරක්කු මිල අඩු කලා කියලා අනිත් එවයේ ගනන් අඩු වෙයිද?? නෑනෙ??

    ReplyDelete