මෑන් පවර් කියලා කට්ටියක් අර්ධ රාජ්‍ය සංස්ථාපිත මණ්ඩල වගේ ආයතන වලට බදවා ගෙන ඉන්නවා..මේ අය ස්ථීර කරන්න කියලා විවිධ ආකාරයේ කලබල විටින් විට ඇතිවෙනවා.. මේ බදවා ගැනීම් සම්බන්ධ පොදු ගතිගුණ කීපයක් ගැන අපි මදක් සලකා බලමු..
ආයතනයක ඉහල නිලවලදි පරිපාලනය කියන්නෙ නිකාංම උදේ ඇවිත් කොල වලට අත්සන් කරල යන එක නෙමෙයි.. යම් යම් දේවල් ආයතනය වෙනුවෙන් හිතන්න මතන්න ඕනි. ආයතනයේ මෙහෙයුම් කරගෙන යන්න සේවකයින් බදවාගැනීමත් එහෙමයි.. ආයතනික මෙහෙයුම් කරගෙන යන්න සේවකයින් අවශ්‍යයි කියලා මැද ස්ථර මගින් ඉහලට දැනුම් දෙනවා..
එතැනදී මැද සහ ඉහල ස්ථරය එකතුවෙලා මේකට විසදුම් හොයාගන්නට ඕනි..අලුතින් සේවකයින් බදවාගත්තා කියලා අලුත් ආදායමක්..අලුතින් වියදම් අඩුවීමක් වෙන්නෙ නැතුව තියෙන ආදායමම තවදුරටත් සේවකයින්ට සුබසාධනයටම වියදං වෙනෝ නම් එතන ගැටළුවක් තියෙනවා..
මේ කිව්වෙ ඉතාම සරලව..ආයතනයක සේවකයින් සදහා පුරප්පාඩු ඇතිවීම හා ඒ හිදැස පිරවීමට තියෙන එකම විසදුම නව සේවකයින් අනුයුක්ත කිරීමම නෙමෙයි.. දැන් දැන් ආයතන වල සේවාවන් විවිධ අන්දමින් නවීකරනය වුනු පද්ධතින් වලට ඇතුලත් කරනවා..උදාහරණ විදියට මම ක්‍රෙඩිට් කාඩ් එක ගත්ත මුල් දවස්වල ඒකෙ බැලන්ස් බලන්න වෙන්නෙ කස්ටමර් කෙයාර් ගෑනුලමයෙක් ගෙන්..ඒත් දැන් ඒ කොම්පැනියෙන් ඒක ස්වයංක්‍රීය කරලා.. අංකය ගහල රහස් අංකයත් ගැහුවාම ටෙලිපෝන් එකෙන් ම බැලන්ස් එක සහ විස්තර ගොඩක් ගන්න පුලුවනි.. ඇතැම් සමාගම් වල යම් යම් කටයුතු පරිඝනක ගත කරලා පාරිබෝගිකයාට ගැටලු තියේනං ඒ පරිඝනක ගත ක්‍රමවේදයෙන් රපෝර්තු කරන්න පුලුවනි.. ලංකා බැංකුව වගේ රාජ්‍ය බැංකු පවා දැන් ඔන්ලයින් එකවුන්ට් තබාගන්න සිය ගනුදෙනුකරුවන් දිරිමත් කරනවා..
මේක සේවා අංශයට ගියොත් මම දැකල තියෙනවා ඩී ඇච් ඇල් කියන බඩු භාන්ඩ බෙදාහරින කොම්පැනියෙ වැඩකරන අය ගාව පොඩි මැසිමක් වගේ එකක් තියෙනවා..ඒකෙන් ඒ පාර්සලය ගැන විස්තර පාර්සලය ලබන්නා ගැන විස්තර ආදිය යාවත්කාලීන වෙනවා.. ඒ වගේම එක්තරා ඔෆිස් මැෂින් රෙපයාර් කරන සමාගමක වැඩකරන තාක්ෂණික අයට ඇන්ඩොයිඩ් ඇප් එකක් දීල.. ඒ ඇප් එකෙන් එක තැනක වැඩ ඉවර වුනාම කෙලින්ම වැඩපොලට වැඩ ඉවරයි කියල දැනුන් දෙන්න පුලුවනි.. ඒ කියන්නෙ ඔන්න හතරෙ කනුවෙ ඔපිස් එකක මැසිමක් කැඩිල ගිහින් හැදුව කියමු.. ඊලගට එනවා පෝලට් එකක් 4.5 කණුව ගාව.. ආයිත් ඔෆිස් ඇවිත් ඉස්සර කාලෙ වගේ 4.5 කනුවෙ කොම්පැනියෙ පෝල්ට් එකෙ විස්තර අරං යන්න ඕනි නෑ.. ඉබේම පෝන් එකට අලුතින් ලගපාත තියෙන පෝල්ට් එක හෝ රාජකාරිය රපෝර්තු වෙනවා..
මේවා විප්ලවීය භාෂාවෙන් කියනවා නම් සේවකයින්ගේ ශ්‍රමය සූරාකන ක්‍රමවේද.. නමුත් සල්ලි තියෙන මිනිහෙක් බිස්නස් එකක් සේවාවක් පටන් ගන්නෙ දානපතියෙක් පංසලක් පල්ලියක් , දන්සැලක් පටන්ගන්න පරම පිවිතුරු චේතනාවෙන් නෙමෙයි.. සේවකයින්ට සැලකිම තියෙන්න ඕනි තමයි.. ආයෝජකයින් ව්‍යාපාරිකයින් විදියට ඔවුන් හිතන්නෙ තමුන් ආයෝජනය කරන මුදලින් ලාභ ලබන්න... කොයි තරම් විප්ලවීය කතාන්දර කිව්වත් දැන් ලංකාවෙ තියෙන අතලොස්සක් වූ කොම්පැනි ටිකත් මේක දාල වෙන රටවලට ගියොත්..රක්ෂාව නැතිවෙන අයට රක්ෂා දෙන්න රතු පක්ෂ වලට බෑ.. හැමදේකම මැදක් තියෙන්න ඕනි.. රජය විසින් වැඩිවශයෙන් කම්කරුවගේ පැත්ත අරගෙන කම්කරුවා සුඛිත මුදිත කරන්න ගියොත් මෙහෙ කම්කරුවො එක්ක කරන්න බෑ කියලා මෙහෙ කොම්පැනි දාන්න ඉන්න දේශීය සල්ලිකාරයොත් මීට වඩා කම්කරු කේස් වලට අවධානය අඩු දූපතකට යන්නට යනවා..
ඉතිං ඉස්තීර කරන්න කියලා මොර දෙන සේවකයින් ඉන්න ආයතන වලට පෝඩ්ඩක් ඔලුව දැම්මොත් මේ සේවකයින් බදවාගැනිම් වල තිබුන ලොකු අවුල් කීපයක් ඔබට බලාගන්න පුලුවනි..ඇතැම් අර්ධ රාජ්‍ය සංස්ථාපිත මන්ඩල වල සේවකයින් බදවා ගනිද්දි මෑන්පවර් ක්‍රමයට ගත්තාට ඒ මෑන්පවර් සමාගම් කොහෙන් පාත්වුන ඒවාද කියලා සිතාගන්නට බෑ.. ඒ සමහර ඒවා ඒ ආයතන වල ඉදලා විශ්‍රාම ගිය අය පටන් ගත් ඒවා..ඇතැම් ආයතන වලින් සේවකයින් සපයන්නෙ අදාල ආයතනයට විතරයි.. නිසි ශක්තිමත් පදනමක් ඒ මෑන්පවර් සේවා සපයන ආයතන වලට නෑ.. රජයට යාන්තම් හරි ගෑවිච්චි සමාගම් වල තියෙන තවත් පොදු ලක්ෂනයක් තමයි මෑන් පවර් ක්‍රමයට ආවත් බොහෝ සේවකයින් ඇවිත් තියෙන්නෙ දේශපාලන හිතවත් කම්වලට...නැත්නම් විවිධ මාර්ගයේ ඇදුනුම් කම් වලට.. ඒ ඇතැම් සමාගම් වලදි මෑන්පවර් ක්‍රමය හරහා බදවාගත්තත් බදවාගැනීමේ පටිපාටිය ලොල් සහගතයි.. කුමන පදනමක් මත මොන සුදුසුකම් මත බදවාගත්තාද කියලා හිතාගන්නත් බෑ ඉන්න අයගේ සුදුසකම් වල පරාසය දැක්කාම..
මෙතනදි ඇදෙන තවත් දෙයක් තමයි සුදුසුකම්.. රාජ්‍ය අංශයට සම්බන්ධ වූ සමාගම් වලට බදවාගත්ත මෑන්පවර් සේවකයින් බොහෝවිට බදවාගන්නේ පහල මට්ටමේ නිලතල වලට..තාක්ෂණික, පාරිබෝගික සේවා, ලිපිකරු, යෙදවුම් සහායක, වගේ තනතුරු වලට තමයි මේ අය බදවාගන්නෙ. දැන් කාලෙ බදවාගැනීමේ පටිපාටිවලට අනුව නම් සාමාන්‍ය පෙල වගේ එකක් අසමත් නම් ඒ මනුස්සයාට යන්න පුලුවන් ජොබ් ගාන බොහොම අඩුයි.. එ් පුද්ගලයා අසමත් වන්නේ විශය දැනුමෙන්..නමුත් ආයතනයක පහල මට්ටමේ සේවකයින් ගාව විශේෂයේන කාර්මිකයින් සහ තාක්ෂණ ශිල්පීන් ගාව වැඩිපුර තියෙන්න ඕනි අතේ හුරුව නැත්නම් ශිල්පීය නිපුනතාවය.. ඉතිං මේ ශිල්පීය නිපුනතාවය අර විශයානුබද්ධ විභාග සමර්ථ වීමේ නිපුනතාවයට වඩා වෙනස්..
අවාසනාවකට වගේ ලංකාවේ කාර්මික සහ පහල මට්ටමේ සේවාවන් වලට බදවාගැනීමේදීත් සාමාන්‍ය පෙල උසස් පෙල ආදී දේවල් දැන් දැන් බලනවා.. සමහර විට ආයතන වලට එතකොට එන ඉල්ලුම් පත් ප්‍රමාණය අඩු නිසා ඒක ලේසි ඇති.. අත් හුරුව සහ කාර්මික හැකියාව ඇති පුද්ගලයෙක්ට රක්ෂාවක් ලබාගන්න තියෙන ලොකු බාදාවක් තමයි තමුන්ගේ කාර්මික වැඩවලට ලොකු වනපොත් කාරයින් අහසින් සැපත් වීම.. කටපාඩම් විභාග සමර්ථයෝ ගොඩාරියක් ඉන්නකොට අර වැඩකරන්න ආස වැඩකරන්න කැමති ඒත් විෂය දැනුම අසමත් වෙච්චි ඒත් අත් හුරු හොදටම තියෙන කෙනාට අසාධාරනයක් වෙනවා..
ඉතිං මේ අසමත් වෙන පිරිස ඊලගට යොමු වෙන්නෙ දේශපාලනයට..ඇතැම් විට සමත් පිරිසත් දේශපාලකයින් පිටුපසම යනවා.. මේ අය ගිහින් මොනවාහරි ක්‍රමයකින් ආයතනයක මෑන්පවර් කොන්ත්‍රාක් පදනම මත එල්ලිලා අනේ අපි මුන්ව අයින් කරයිද දන් නෑ කියන පරාන බයේ අවුරුදු ගනන් කට්ට කාගෙන කැපවීමෙන් වැඩ කරනවා.. නමුත් කවදාහරි ස්ථිර කරන්න කතා කරද්දි ලොකු අය ආයෙත් මුලට යනවා..ආයතනයේ ඉන්න වැඩ කරන වැඩ දන්න හැමදාම මේකෙ එල්ලිලා හිටපු මෑන්පවර් හාල්කෑලි ටික අමතක කරලා අලුතින් උගත්තු ඒ තනතුරු වලට බදවාගන්න කියලා ඉහල නිළධාරින් නැවතත් කියනවා.. බදවාගැනීමේ පටිපාටි ආදිය හැදුවත් එක්කෝ කාලෙකින් කවුරුවත් දැකපු නැති පරණ පටිපාටියක් අහුල ගන්නවා නැත්තං දාන්න පුලුවන් බැරියර් හැටක් විතර දාල සුදුසුකම් රැසක් දාල සුපර් මෑන්ලා සේවයට ගන්න අටියෙන් වාගේ අලුත් බදවාගැනීමේ සුදුසුකම් සකස් කරනවා..
උගතුන්ගේ අතිරික්තය නිසා උගතුන් පහල තැන්වල පියන් වැඩවලටත් දැන් දැන් යොමුවනවා..ඒ නිසා ලොකුවටම අසාධාරනයට ලක්වෙන පිරිසක් තමයි තමුන්ට විශය දැනුම නොමැති වීම නිසාම සමාජයෙන් නොයෙක් තැන්වලදී අසමත් වෙන පිරිස..ඔවුන් එක පැත්තකින් යම් යම් නොහැකියාවන් නිසා සමාජයෙන් කොන් වෙනවා..අනික් පැත්තෙන් උගත්තු ඇවිල්ලා එයාලගේ උගත් මට්ටමේ රැකියා හොයාගන්න නැතුව හැම දේකටම කඩා පාත්වෙන්න ගත්තාම අර නූගත් අයට තිබුන රස්සාවක් කරන්න තිබුන අවස්ථාවලුත් නැති වෙනවා..
එක්තරා මම දන්න ආයතනයක මීට වසර 30-40කට පෙර බදවා ගනිද්දි බැලුවෙ ගස් නගින්න පුලුවන්ද සහ බයිසිකල් පදින්න පුලුවන්ද කියලා විතරයි..මොකද ආයතනයේ වැඩිපුරම තියෙන්නෙ කනු වල නගින්නයි.. කනු තියෙන තැන්වලට බයිසිකලෙන් යන්නයි විතරයි.. නමුත් අද ඒ ආයතනයට තාක්ෂණික සේවකයෙක් ගනිද්දි ලොකු ලොකු දේවල් ටිකක් බලලා මහ පන්ඩිත මහත්තයෙක් අර තාක්ෂණික තනතුරට බදවාගන්නවා..තාමත් අර සමාගමේ කණු තියෙනවා..තාමත් බයිසිකල් එකේ පැදං ගිහින් හෝ සේවාව ලබාදිමේ අවශ්‍යතාවය දැඩිව තියෙනවා..නමුත් අලුතින් බදවාගන්න පණ්ඩිතයින්ට කණු නගින්නත් බෑ.. බයිසිකල් පදින්නත් බෑ.. ඉතිං අලුතින් එවුන් බදවගෙන ඉන් පස්සෙ උන්ට යන්න කැබ් වෑන් වගේ වාහන ගන්නත් වෙනවා.. ඉන් පස්සෙ උන්ට කනු නගින්න බැරි නිසා අලුතින් අර කොම්පෙසර් දාල උස්සලා කනුව ගාවට වඩම්මන බකට් තියෙන වාහන මිලියන ගනන් දීල ගේන්නත් ආයතනයට සිද්ද වෙනවා..
ඇත්තටම පණ්ඩිත උන්නැහේලා බදවාගෙන රැස්පට් බලනවාට වඩා වැඩකරන්න කැමති කුනු ගාගෙන ගස් නගින්න කැමති වෑර් එකක් අමුණලා කොරන වැඩක්..තාක්ෂණික දෙයක් හත් අට වතාවක් හෝ දහ දොලොස් වතාවක් කරන විදිය බලලා හරි අල්ලගන්න ඇහැක් ටිකක් මැටි පහේ කොටසකුත් තාක්ෂණික සේවාවට ආවානම් අර කොම්පැනියට වැදගත් වෙයි.. ඒ වගේම ඒ වගේ පහල මට්ටමේ අයගේ බොහෝවිට මිනිසුන් සමග ගනුදෙනු කිරීමේ හැකියාව උගත් අයට වඩා වැඩියි කියලා මම බොහෝ අවස්ථාවලදි දැකල තියෙනවා..
මෑන්පවර් පිරිසක් උද්ගෝෂණය කරද්දි පොදු මහජනතාවට ඔය මොකද්ද කියල තේරෙන්නෙ නෑ.. ටිකක් ඕක ගැන දන්න අය දන්නවා මේ ඉන්නෙ මේ ආයතනයේ වැඩ කරන ඇත්තටම බැහල වැඩ කරන මිනිස්සු ටික කියලා.. ඒ වගේම ඒ අය බොහෝවිට දන්නවා මේ අයට ලැබෙන්නෙ අඩු වරප්‍රසාද තමයි කියලත්. පාරෙ ඉන්න මෑන්පවර් සේවකයෝ පාරෙ ඉන්නෙ ආයතනයේ සහ ක්‍රමයේ වරදක් නිසා..ඒක සේවකයින්ගේ විතරක් වැරැද්දක් නෙමෙයි.. යම්කිසි ආයතනයක සේවකයින් පිරිසක් මහාමාර්ගයේ උද්ඝෝෂනය කරන එකට ආයතන පාලනය වගකියන්න ඕනි.. ඒ වගේම ඒක රජයට සම්බන්ධ සහ හැම දේකදිම රජයට බැදීමක් තියෙනවා කියල පේනවනම් ඒකට රජයත් වග කියන්නට ඕනි..
ඕකුන් මැට්ටො..ඕකුන් එක එකාගෙ පස්සෙ ගිහිල්ල රස්සාව ගත්ත බත් ගොට්ටො.. උන්ට ඇහැක්කෙ ඕව විතරයි.. මෑන්පවර් එනවද බං ඔලුව තියෙන එකෙක්, මුන් පන්නලා දාන්න ඕනි, මුන්ට ඇහැක් වැඩක් නෑ.. වගේ කතාන්දර කියන්න කලිං පොඩ්ඩක් හිතල බලන්න ඇත්තටම ඒ ආයතන වගකීමෙන් වැඩ කලානම්. ඔය උගත් නිළධාරින් බලධාරින් නියම විදියට මහත්මා විදියට තීරණ ගත්ත නම්.. උසස් තැන් වල ඉන්න ලොක්කො ගන්න පඩියට ලැබෙන වරප්‍රසාද වලට අනුව ආයතනය ගැන හිතුව නම් අර වගේ ආයතනය ඇතුලෙ ඉන්න ඒත් ඒකෙම නොවෙන. අපේ නොවන අපේම සේවකයෙක් හිටියා.. කියල සේවකයින් පිරිසක් පාරෙ ඉන්න බෑ..
විදේශිය විදියට හිතුවොත් ආගමට අනුව හිතුවොත් අස්ථිර ලෝකෙ ඉස්ථිර රස්සාවක් හොයන එක විහිලුවක්.. නමුත් සමාජයේ මොනම හරි අවස්ථාවකට සහභාගි වෙද්දි ඒ සමාගමේ නම් මිනිස්සු අහනවා ඔහේ මෑන්පවර්ද නැත්තං ස්ථිරද කියලා.. ණයක් ගන්න බැංකුවක් ලගට ගිහින් මෑන්පවර් සේවකයෙක් ඉද්දි ඒ මිනිහාගෙන් බැංකුව ප්‍රශ්ණ කරන්නෙ හරියට එෆ් සී අයි ඩී එකෙන් ප්‍රශ්ණ කරනවා වගේ..ඒ අහලත් බාධා බරගානක් වැටෙනවා පොඩි පහේ ණයක් ගන්න ගියත්.. මෑන්පවර් සේවකයෙක් මලමාලියෙක් බලන්න ගියත් මනමාලි පාර්සවේ එවුං අහනවා ඔහේ ඕකෙ ඉස්තිරද මෑන්පවර්ද කියලා.. ගෑනු ලමේක්ට වුනත් ඉතිං ඒ සරණම තමයි.. ටිකක් යමක් කමක් යසට තියෙන හොදට පුරවපු ජම්බු පෙනුමක් තියෙන කෙල්ලෙක් ඒ ආයතනයෙන් එලියට එද්දි පිට කොල්ලො ටිකක් ඒකි ගැන කතා වෙනවා.. නමුත් ඒ අතර එකෙක් ඇතැම් විට කියනවා..වැඩන් නෑ බං.. ඕකි මෑන්පවර්.. කියලා..
මිනිස්සු රක්ෂාවේ ස්වභාවය අනුව කොන් කරන එක හෝ කොන්වෙන එක සුදුසු දෙයක් නෙමෙයි. ඒත් නුසුදුසු දේවල් ගොඩක් කිසිම හිරිකිතයක් නැතුව එදිනෙදා දේවල් වගේ සිද්ද වෙන රටකදි මෑන්පවර් සේවකයෙක් කියන්නෙ ලැබෙන වැටුප සම්බන්ධ ගැටළුවක්ම විතරක් නෙමෙයි.. එතනින් එහාට ගියාම සමාජිය පිලිගැනීම ගැන කතාවස්තුවකුත් ඒ හා සමපාතවම තියෙනවා..
ප. ලි
1. මම උසස් පෙළ ගණිත අංශයෙන් විශයන් තුනටම සම්මාන සාමාර්ථ සහිතව සමත් වුන අයෙක්.
2. දැනට ලංකාවෙ විශාල සමාගමක කුඩා තනතුරක සතුටින් සේවය කරනවා.
3. මගේ ගම මැදමුලනට කිට්ටුව වුනත් මම රැකියාවට ආවෙ රාජපක්ෂ අනුහසින් නම් නෙමෙයි.
මේ කාරණා දැම්මෙ ඇතැම් අය මේ වගේ ලිපි දැම්මාම, ලියන්නාගේ පුද්ගලික තොරතුරු සහ ඒ අනුව ගණනය කරලා ලියන කෙනාගේ මනෝ විශ්ලේශන කරන්න ගොඩක් මහන්සි වෙනවා.. ඉතිං එයාලට පහසු වෙයි මේ වගේ මං ගැන තොරතුරු දැම්මහම.
ආයතන තුල යහපත් මානව සම්පත් කළමනාකරන ක්‍රමවේදයක් නොමැති වීම
ආයතනයක ඉහල නිලවලදි පරිපාලනය කියන්නෙ නිකාංම උදේ ඇවිත් කොල වලට අත්සන් කරල යන එක නෙමෙයි.. යම් යම් දේවල් ආයතනය වෙනුවෙන් හිතන්න මතන්න ඕනි. ආයතනයේ මෙහෙයුම් කරගෙන යන්න සේවකයින් බදවාගැනීමත් එහෙමයි.. ආයතනික මෙහෙයුම් කරගෙන යන්න සේවකයින් අවශ්‍යයි කියලා මැද ස්ථර මගින් ඉහලට දැනුම් දෙනවා..
එතැනදී මැද සහ ඉහල ස්ථරය එකතුවෙලා මේකට විසදුම් හොයාගන්නට ඕනි..අලුතින් සේවකයින් බදවාගත්තා කියලා අලුත් ආදායමක්..අලුතින් වියදම් අඩුවීමක් වෙන්නෙ නැතුව තියෙන ආදායමම තවදුරටත් සේවකයින්ට සුබසාධනයටම වියදං වෙනෝ නම් එතන ගැටළුවක් තියෙනවා..
මේ කිව්වෙ ඉතාම සරලව..ආයතනයක සේවකයින් සදහා පුරප්පාඩු ඇතිවීම හා ඒ හිදැස පිරවීමට තියෙන එකම විසදුම නව සේවකයින් අනුයුක්ත කිරීමම නෙමෙයි.. දැන් දැන් ආයතන වල සේවාවන් විවිධ අන්දමින් නවීකරනය වුනු පද්ධතින් වලට ඇතුලත් කරනවා..උදාහරණ විදියට මම ක්‍රෙඩිට් කාඩ් එක ගත්ත මුල් දවස්වල ඒකෙ බැලන්ස් බලන්න වෙන්නෙ කස්ටමර් කෙයාර් ගෑනුලමයෙක් ගෙන්..ඒත් දැන් ඒ කොම්පැනියෙන් ඒක ස්වයංක්‍රීය කරලා.. අංකය ගහල රහස් අංකයත් ගැහුවාම ටෙලිපෝන් එකෙන් ම බැලන්ස් එක සහ විස්තර ගොඩක් ගන්න පුලුවනි.. ඇතැම් සමාගම් වල යම් යම් කටයුතු පරිඝනක ගත කරලා පාරිබෝගිකයාට ගැටලු තියේනං ඒ පරිඝනක ගත ක්‍රමවේදයෙන් රපෝර්තු කරන්න පුලුවනි.. ලංකා බැංකුව වගේ රාජ්‍ය බැංකු පවා දැන් ඔන්ලයින් එකවුන්ට් තබාගන්න සිය ගනුදෙනුකරුවන් දිරිමත් කරනවා..
මේක සේවා අංශයට ගියොත් මම දැකල තියෙනවා ඩී ඇච් ඇල් කියන බඩු භාන්ඩ බෙදාහරින කොම්පැනියෙ වැඩකරන අය ගාව පොඩි මැසිමක් වගේ එකක් තියෙනවා..ඒකෙන් ඒ පාර්සලය ගැන විස්තර පාර්සලය ලබන්නා ගැන විස්තර ආදිය යාවත්කාලීන වෙනවා.. ඒ වගේම එක්තරා ඔෆිස් මැෂින් රෙපයාර් කරන සමාගමක වැඩකරන තාක්ෂණික අයට ඇන්ඩොයිඩ් ඇප් එකක් දීල.. ඒ ඇප් එකෙන් එක තැනක වැඩ ඉවර වුනාම කෙලින්ම වැඩපොලට වැඩ ඉවරයි කියල දැනුන් දෙන්න පුලුවනි.. ඒ කියන්නෙ ඔන්න හතරෙ කනුවෙ ඔපිස් එකක මැසිමක් කැඩිල ගිහින් හැදුව කියමු.. ඊලගට එනවා පෝලට් එකක් 4.5 කණුව ගාව.. ආයිත් ඔෆිස් ඇවිත් ඉස්සර කාලෙ වගේ 4.5 කනුවෙ කොම්පැනියෙ පෝල්ට් එකෙ විස්තර අරං යන්න ඕනි නෑ.. ඉබේම පෝන් එකට අලුතින් ලගපාත තියෙන පෝල්ට් එක හෝ රාජකාරිය රපෝර්තු වෙනවා..
මේවා විප්ලවීය භාෂාවෙන් කියනවා නම් සේවකයින්ගේ ශ්‍රමය සූරාකන ක්‍රමවේද.. නමුත් සල්ලි තියෙන මිනිහෙක් බිස්නස් එකක් සේවාවක් පටන් ගන්නෙ දානපතියෙක් පංසලක් පල්ලියක් , දන්සැලක් පටන්ගන්න පරම පිවිතුරු චේතනාවෙන් නෙමෙයි.. සේවකයින්ට සැලකිම තියෙන්න ඕනි තමයි.. ආයෝජකයින් ව්‍යාපාරිකයින් විදියට ඔවුන් හිතන්නෙ තමුන් ආයෝජනය කරන මුදලින් ලාභ ලබන්න... කොයි තරම් විප්ලවීය කතාන්දර කිව්වත් දැන් ලංකාවෙ තියෙන අතලොස්සක් වූ කොම්පැනි ටිකත් මේක දාල වෙන රටවලට ගියොත්..රක්ෂාව නැතිවෙන අයට රක්ෂා දෙන්න රතු පක්ෂ වලට බෑ.. හැමදේකම මැදක් තියෙන්න ඕනි.. රජය විසින් වැඩිවශයෙන් කම්කරුවගේ පැත්ත අරගෙන කම්කරුවා සුඛිත මුදිත කරන්න ගියොත් මෙහෙ කම්කරුවො එක්ක කරන්න බෑ කියලා මෙහෙ කොම්පැනි දාන්න ඉන්න දේශීය සල්ලිකාරයොත් මීට වඩා කම්කරු කේස් වලට අවධානය අඩු දූපතකට යන්නට යනවා..
ඉතිං ඉස්තීර කරන්න කියලා මොර දෙන සේවකයින් ඉන්න ආයතන වලට පෝඩ්ඩක් ඔලුව දැම්මොත් මේ සේවකයින් බදවාගැනිම් වල තිබුන ලොකු අවුල් කීපයක් ඔබට බලාගන්න පුලුවනි..ඇතැම් අර්ධ රාජ්‍ය සංස්ථාපිත මන්ඩල වල සේවකයින් බදවා ගනිද්දි මෑන්පවර් ක්‍රමයට ගත්තාට ඒ මෑන්පවර් සමාගම් කොහෙන් පාත්වුන ඒවාද කියලා සිතාගන්නට බෑ.. ඒ සමහර ඒවා ඒ ආයතන වල ඉදලා විශ්‍රාම ගිය අය පටන් ගත් ඒවා..ඇතැම් ආයතන වලින් සේවකයින් සපයන්නෙ අදාල ආයතනයට විතරයි.. නිසි ශක්තිමත් පදනමක් ඒ මෑන්පවර් සේවා සපයන ආයතන වලට නෑ.. රජයට යාන්තම් හරි ගෑවිච්චි සමාගම් වල තියෙන තවත් පොදු ලක්ෂනයක් තමයි මෑන් පවර් ක්‍රමයට ආවත් බොහෝ සේවකයින් ඇවිත් තියෙන්නෙ දේශපාලන හිතවත් කම්වලට...නැත්නම් විවිධ මාර්ගයේ ඇදුනුම් කම් වලට.. ඒ ඇතැම් සමාගම් වලදි මෑන්පවර් ක්‍රමය හරහා බදවාගත්තත් බදවාගැනීමේ පටිපාටිය ලොල් සහගතයි.. කුමන පදනමක් මත මොන සුදුසුකම් මත බදවාගත්තාද කියලා හිතාගන්නත් බෑ ඉන්න අයගේ සුදුසකම් වල පරාසය දැක්කාම..
ස්ථිර කිරීම සහ සුදුසුකම්
මෑන්පවර් සේවකයින් ස්ථිර කරන්න කියලා උද්ඝෝෂනය කරන කොට ඒකට ඒ අය හේතු දක්වනවා.. එයින් එක් හේතුවක් තමයි මේ සේවකයින් වැඩට ආපු දා සිට කලක් තිස්සේ ඒ අදාල ආයතනයේ තුල රාජකාරි තමයි කරලා තියෙන්නෙ.. එතකොට ඒ ආයතන වල වැඩකරන ස්ථිර සේවකයින් විශාල ප්‍රතිලාභ රාශියක් ගනිද්දි ඒ සමානවම වැඩ කරන මෑන්පවර් අය ගන්නෙ සොච්චමක් වූ වැටුපක් සහ වරප්‍රසාද ටිකක් විතරයි..මෙතනදි ඇදෙන තවත් දෙයක් තමයි සුදුසුකම්.. රාජ්‍ය අංශයට සම්බන්ධ වූ සමාගම් වලට බදවාගත්ත මෑන්පවර් සේවකයින් බොහෝවිට බදවාගන්නේ පහල මට්ටමේ නිලතල වලට..තාක්ෂණික, පාරිබෝගික සේවා, ලිපිකරු, යෙදවුම් සහායක, වගේ තනතුරු වලට තමයි මේ අය බදවාගන්නෙ. දැන් කාලෙ බදවාගැනීමේ පටිපාටිවලට අනුව නම් සාමාන්‍ය පෙල වගේ එකක් අසමත් නම් ඒ මනුස්සයාට යන්න පුලුවන් ජොබ් ගාන බොහොම අඩුයි.. එ් පුද්ගලයා අසමත් වන්නේ විශය දැනුමෙන්..නමුත් ආයතනයක පහල මට්ටමේ සේවකයින් ගාව විශේෂයේන කාර්මිකයින් සහ තාක්ෂණ ශිල්පීන් ගාව වැඩිපුර තියෙන්න ඕනි අතේ හුරුව නැත්නම් ශිල්පීය නිපුනතාවය.. ඉතිං මේ ශිල්පීය නිපුනතාවය අර විශයානුබද්ධ විභාග සමර්ථ වීමේ නිපුනතාවයට වඩා වෙනස්..