ට්‍රැකින් කියලා හඳුන්වන්නේ දුෂ්කර මාර්ගයක පයින් ගමන් කිරීමේ ව්‍යායාමය. ලංකාවේ දි නම් ට්‍රැකින් වලට කියාපු තැන් බොොහ්මයක් තියෙනවා. එයිනුත් සිරිපාද කන්ද තරණය යාල හරහා කතරගමට පැමිණීම වගේ ආගමික හේතුන් මත ජනප්‍රිය වූ ට්‍රැකින් වඩාත් ජනප්‍රියයි.
මේ කළුපහන ඔහිය ට්‍රැකින් එක සාමාන්‍යයෙන් බොහෝවිට යන්නේ රාත්‍රී තැපැල් දුම්රියෙන් ඔහියට ගිහින් එතන ඉදලා පයින් යෑමෙන්. අපි ගියේ අනික් පසට. රාත්‍රී තැපැල් දුම්රියේ ටිකට් වෙන්කරගන්න අපහසුයි. සාමාන්‍යයෙන් අපි ගියපු විදේස සංචාරය හැර මම සති දෙක තුනකට වඩා ගන්නේ නෑ ට්‍රිප් ප්ලෑනින් වලට. ඉතිං ඒ කාලෙ ඇතුලත බදුල්ල රාත්‍රි තැපැල් දුම්රියේ ටිකට් වෙන්කරගන්න හැකියාවක් නෑ.. සිකුරාදා හවස එකත් ඉරිද රෑ එන නයිට් මේල් එකත් ලොකු සෙනගක් ඉන්න කෝච්චි දෙකක්. ටිකට් වෙන් කරගන්නේ නැතුව තෙරපිලා ගිහින් ඒ මදිවට නිදිමරගාතේ කිලෝමීටර 22ක ට්‍රැකින් එකක් සාමාන්‍යයෙන් අපිට උසස් පෙළ හමාර කරපු සෙල්ලං වයසට හොදයි. ඒත් දැන් අපිත් ටිකක් තලත්තෑනි වයසට ඇවිත් නෙව. කොල්ලො කාලේ කරපු හයි රිස්ක් ට්‍රිප් දැන් ඉතිං අමාරුයි.
කලුපහනින් පටන් ගත්තම මුලින්ම බඹරකන්ද සහ ඒ අවට තියෙන තෙල් කෑල්ල වගේ සුන්දර පරිසරය පාන්දරම සෙට් වෙනවා.. ඔහිය පැත්තට වඩා උදේ පාන්දරට බඹරකන්ද සයිඩ් එක ලස්සනයි කියල මට හිතෙන්නේ. මේ පාරම හෝටන් තැන්න හරහා ගිහින් යන්නත් පුලුවන් කමක් තියේලු..ඒත් හෝටන් තැන්න හරහා යන්න අපි පාර දැනං උන්නේ නැ..දැනං උන්නත් අපි ඔහිය පැත්තට කිට්ටු වෙද්දි ඉර හැරිල ගොඩක්ම.
යන කොට මේන්න මේ වගේ පොඩි පහේ දිය ඇල්ලකුත් හම්බ වුනා..ඒකෙන් වතුර පුරෝගන්න හිතුනත් ඔන්නෙ ඔ මිනිස්සු බොන තැනකින්ම පුරෝගන්නෝ කියල නිකං හිටියා.
ඒ අතර අපි දල බෑවුමක් එක්ක වංගුවක් තියෙන ප්ලේස් එකක නැවතුනා. නැවතිලා කොන්ක්‍රිට් දාපු පාරේ වාඩිවෙල උදේ ඔතාගෙන ආපු බත් මුල් ටික ලෙහාගෙන කැවා..පාන්දර පාන් කන්න දුන්නු චිකන් කැලි සීනි සම්බෝල එහෙමත් තිබුනා..අපරාදෙ කියන්න බෑ බත් ඩිංග නං සෝක් එකට උ්‍යල තිබුනා රත්නජෝති අයියා හෝ මායියා..මේ වගේ ගමනකට පොත් වල තිෙයන විදියට සැහැල්ලු අාහාර ගන්න ඕනි. ඒත් අපි ඉතිං තුන්වේල බත් කන මනුස්සයො නෙව..ඒ නිසා බත්ම කාල දැම්මා දවාටත්.
මේ පාර නං අර මගුල් වලට කලිං පොටෝ ගහන ප්‍රී සූට් එකකට මියුසික් වීඩියෝ වලට එහෙම කියාපු පාර.. ජෝඩු දාල මීදුම ්ගලන හීතලේ පොටෝ විතරක් නෙමයි තව දේවලුත් කරන්න හිතෙනවා ඇති ජෝඩු වලට නම්. ලංකාවේ කොච්චර ලස්සන තැන් තිබුනත් ලස්සන කෙල්ලො හිටියත් හැමදාම අපිට ගොඩක් වෙලාවට දකින්න ලැබෙන්නේ එකම ආකාරයේ දේවල් කම්මලට දාල ඇද ඇරල ගතපු වගේ මේක් අප් වලින් අවුල් වහපු ගෑනුයි..දහස් වතාවක් දැකපු දියවන්නාව වගේ පට්ට කොමෙන් ලොකේසනුයි..
තේ වතු සහ ඒවාට සුද්ද කරපු ලස්සන බෑවුමේ අපි ආපු පාර පේනවා යසට.. ඒ දර්ශනය මනරම් එකක්.
ආවයින් පස්සේ හංදියකට සේන්දු වුනා..මම හිතන්නේ ඒ පාර දිගේ කෙලින්ම ගියත් යන්නේ ඔහිය හෝටන් තැන්න පාරටම තමයි. ඒත් අපි ලකුනු කරලා තිබුන විදියට උඩහට යන්න පිටත් වුනා.
ඔහිය හෝටන් තැන්න පාරේ අපි වැටුන තැනත් කිලෝමිටර 5ක් විතර තියෙනවා ඔහිය ස්ටේෂමට..ඒ පාර කළුවරයි..ගුප්තයි අඳුරු හරියට ලෙනක් වගේ.. ඒ රූස්ස ගස් පිරුනු අදුරු වනාන්තරේ යද්දි අර ඉස්සර ටාසන් පොත්වල කේ ජී කරුණාතිලක මහත්තයා කියපු ආදිකල්පික වනය කියන වචනය මතක ්වුනා.. ඇත්තටම ඒ වගේ රැහැයි සද්දේ මහ විසාල ගස්.. අව්ව නොවැටෙන හෙවන නිසා..ඒ හරිය නිකං ආදිකල්පික ලුක් එකක් තමයි තිබුනේ.
ඔහිය ස්ටේශමට ටිකක් කිට්ටුවුනාම තමයි මේ අංක 2 බල්ලා දිස්වුනේ. ඌ හිටිය හරියේ නං කදිම හෝටලයක් තිබුනා ඌව පලාත් සභාවට අයිති..අපි ඉතිං කෝකටත් කියල ගිහින් ඔලුව දාල ඇහුවා ඩබල් කාමරේ 3000ක් වගේ ගානක් කිව්වේ. එතන ලස්සන සහ හොද තැනක් වුනත් අපේ අදහස තිබුනේ හපුතලේට යන්න.
පහලට එද්දි එද්දි බැහිල්ලක් තමයි තිබුනේ..උදේ නැග්ග ටික බහින්නත් එපැයි.. මාස තුන හතරක විතර පේන. පටියකුත් පලදින්න ඕනි බඩවල් තියෙන යාලුවන්ට මේ වගේ ට්‍රිප් හොදයි.. මොකද නිකංම තෙල බහිනවාට වඩා මහන්සිවෙලා තෙල බස්සගන්න එක තමයි සුදුසු ක්‍රමය.
අපි ඔහිය නැවතුනේ නෑ..ඉස්සරහ කඩෙන් තේවතුර එකක් බීල හපුතලේ පැත්තට ආපු හවස කෝච්චියේ හපුතලේට ගියා..ඇගපත මහන්සිය නිවාගන්න එතනෝල් ටිකක් බොන්න ඕනකමකුත් තිබුනා..අනික ඊලග දවස කෝච්චියේ එන්නයි අපේ ප්ළෑන් එක තිබුනේ..කෝච්චි ටිකට් වෙන්කරන්න පුලුවන් ලු හපුතලෙන්..මම නං දනංඋන්නා ලොවෙත් ටිකට් නං නෑ කියලා..ඒත් මටත් හිතුනා හපුතලේට ගියොත් හොදයි කියලා..ටවුම නිසා කාල බීල පොඩි ගෙස්ට් එකක් සෙට් කරගන නිදාගෙන ආතල් එකේ පාන්දර කෝච්චියේ නැගල එන එක නෙව.
වෙලාවට අපි හොද ලමයි නෙමෙයි. ඒ නිසා රෑට අපි ගමන් විඩාව යන්න එතනෝල් බිව්වා. හපුතලේ එතනෝල් නගරයක්ද මන්දා මුස්ලිම් මිනිස්සු ගොඩක් උන්නාට බාර්ම තියෙනවා හතර පහක්ම එක ලගම වගේ.. හපුතලේ අපි දන්න කියන තැනක් තියෙනවා පොලිසිය පාරේ..ඒ ප්ලේස් එක බුක් වෙලා.. ඒ තැනින් අපිට වෙන තැනක් සෙට ්කරලා දුන්නා..රුපියල් දෙදාහක් ඩබලට කාබරේ...ලොකුවට හොදකුත් නෑ..කියන්න වරදකුත් නැ..කන්න බොන්න තියා තේ වතුර එකක් වත් ලැබෙන් නෑ..කාබරේ විතරයි.. ඒ මදිවට යුක්රේන් වගේ පැත්තක ලුක් එකක් තියෙන ආච්චියෙක් සෙට් වෙලා අපි හිටපු නවාතැන බලාගත්තු දෙමල කොල්ලට.. ආච්චියෙක් කීවට 45-60 වගේ වයස එකක්..හප්පා ඒ ගෑනි අර කොල්ලගේ ඇගේ ඇතිල්ලෙන ගමන් මොනවදො උගෙන් අහනවා..
සාමාන්‍යයෙන් මෙහෙට එන බැක්පැකර්ස්ලත් ලෝකේ හෝදං බීපු උන්.. අර ගෑනිට පතිවත පොඩ්ඩක් එහෙට මෙහෙට වුනත් අවුලක් නැතුවැති නයිට් දෙක තුනක් මෙතනම ඇදගන්න පුලුවන් නම්..පෙනුමෙන් සහ විදියෙන් නම් අහම එකක් වෙන්න ඇති කියලයි මට හිතුනේ.. කාන්තාවෝ දිහා බලන්න ඕනි එහෙම නෙමෙයි..අහිංසක විදියට..ඒත් ඉතිං බඩුවක් බඩුවක් විදියට පේනවා නම් නෑ ඒ සිල් මාතාවක් කියල බොරුවට නිකං ලකුනු දාගන්න ලියල වැඩක් නෑනෙව.. ඔයින් මෙයින් ඒ නවාතැන බාර කොල්ලට අපි ගැන බලන්න තියා අපිට දුන්න ග්ලාස් ටිකවත් හෝදල දෙන්න වගේ වගක් නෑ..පවු එකාතකින් ..නැට්ටට පැලවිනි කිරි එන කාලේ නෙව උගේ..
උදේ හතකුත් ගාන්ට තිබුනේ කොළඹ එන කෝච්චිය..බිව්වට මොකද උදේ වෙද්දි ඒ තරං ගානක් නෑ.. රොක්ලන්ඩ් රත්තරං ලේබල් එකක් තමයි බිව්වේ.. උදේම අපි ස්ටේසම ගාව කිලුටු කැෆේ එකකින් ඉදිආප්ප පිට්ටු කාල කොළම එන කෝච්චියට නැග්ගා.. නැගලා එනගමන් අවට කදුකර සිරියා බල බල ආවා. සිරියා නං නොඅඩුව හිටියා.ඒ මදිවට සුද්දියො සහ ලෝකල් ලෑන්තරස් යුවතියන් එහෙමත් හිටියා කෝච්චි පෙට්ටිය ඇතුලේ..ඇතුලෙ සිරියාවයි එලියෙ සිරියාවයි දෙකම බල බල අපි නුවරට ඇවිත් කොළම ආවා..
නානුඔය හරියෙදි මම පොටෝ ගහන එක නැවැත්තුව.. මොකද නුවරඑළිය දිහා කෙල්ලෙක්ට කාලයක් මම ඒකපාර්ශවිකව ආලය කලා.. ඉතිං ඒ කාලේ මම තනියම නුවරඑළියේ ඉදලා ආපු දවසුත් තිබුනා.. ඩබල්ව ගිහිපු දවසුත් තිබුනා.. ඒකපාර්ශවික ද්වීපාර්ශවික කරගන්න මට නොහැකිවුනා.. නානුඔය කොයි තරං සීතල තිබුනත් ඒ අදුරු මතක ස්ලයිඩ්ස් ලේසියෙන් අමතක වෙන්නේ නෑ..
ට්‍රැකින් කියන්නේ වටින දෙයක්..අනික එක වීකන්ඩ් එකකින් ට්‍රැකින් එකයි..බ්‍රේක් එකකුයි තව කෝච්චි සවාරියකුයි අයිතම කීපයක්ම කවර් කරගන්නත් ලැබුනා.. පාරේ බස්වලකෝච්චියෙේ ගිහින් මැද සහ පහල පන්තියේ කෑම නවාතැන් පාවිච්චි කරපු නිසා ලොකු වියදමක් ගියේත් නෑ එක් අයෙකුට..
නලින් අයියලත් ගිහිං පොටෝ වගයක් දාල තිබ්බෙ
ReplyDeleteඅපූරු සවාරියක් වගෙයි
නලියලගෙ රූට් එක මදක් වෙනස්..
DeleteTrekking
ReplyDeleteTracking කියන එක ටිකක් වෙනස් තේරුමක්
Deleteඔව්
Deleteකාලෙකින් මේ වගේ ගමනක් යන්න බැරි උනා...
ReplyDeleteආපහු යන්න වෙන එකත් ෂුවර් නැහැ...
දැන් තියෙන්නේ වාහන වල යන ෆැමිලි සවාරි, පයින් ගමන් ඉබේම කැන්සල් වෙලා...