Wednesday, November 16, 2016

ටැබ්

ඉස්කෝලෙ වල ඉගෙනගන්න දරුවන්ට ටැබ්ලට් පරිගනක දෙනෝ කියල කතාවක් ඇදිල ආවා. හිතුවෙ නැති විදියට මිනිස්සු ඒක ට විරුද්ධයි..අපි මේ ගැන කාරණා කාරණා සලකා බලමු.. 

වැල බලාවි ස්කෝලෙත්. 
අසභ්‍ය දේවල් වලට දරුවන්‍කොයි කාලෙදිත් ආසයි..වීඩියෝ තිබුන කාලේ වීඩියෝ පීස් සහ සීඩි ජනප්‍රිය වුනා..දැන්න්ම පෙන් ඩ්‍රයිව් සහ අන්තර්ජාලය..ඊට කලිං යුගවල වල් පත්තර සහ පිංතුර ආදිය ජනප්‍රිය වුනා. ඉතිං මේ ළමෝ මොන ක්‍රමයෙන් හරි ඔය අවශ්‍යතාවය සම්පූර්ණකරගන්න වා නේ.. ටැබ් තිබුනා කියලා ඕකේ ටිකක් පැතිරීමක් තියේවි..එ්ත් ලිංගික ආසාව කියන දේ නැතිකරන්න අමාරුයි..ටැබ් වලින් ගන්න ඇහැක් හොද එක්ක බැලුවාම වැල බැලීමේ අවධානම කියන්නෙ තරමක් නොසලකා හරින්න පුලුවන් දෙයක්. 

ඈත ඉස්කෝලෙට පුටු නෑ..මුන් ටැබ් කතාව
හැම ස්කෝලෙටම හැම ලමයටම සමාන අයිතිය තියෙන්න ඔනි පොතේ විදියට. ඒත් ප්‍රායෝගිකව යම් යම් දුර්වලතා තිබෙනවා..ඈත සෑම ස්කෝලෛකටම ඔක්කෝම දීල අහක් වෙලා ටැබ් දෙන්න ගියොත් අපිට දෙදාස් කීයෙදි විතර ටැබ් දෙන්න පටන් ගන්න ඇහැක්‍ වෙයිද ආයිබොවන්ඩ? 

ආන්ඩුව ගසා කන්න හදන්නේ
ටැබ් ගන්න දෙන සල්ලි වලින් පුටු ගන්න හිතුවා කියමු. ආන්ඩුව පුටු වලින් ගසා කන්නේ නැද්ද? කනවා පිංවතුනි කනවා..දරුවන්ට රටට ජාතියට ආදරෙයි කියලා නිළධාරි බළධාරි කිව්වට ඇහැක් නං මුන් අපේ ඉහ මොල ටික හරි විකුනං උන්ගේ සැප පිණිස වැඩ කරනවා ඒක මෙහෙ අයගේ ජාතික ගතිය...ඉතිං ඔය ටැබ් ගන්න සල්ලි වෙන ඕනිම වැඩකට යෙදෙව්වත් කෑම සහ ගසාකෑම ස්ථිරයි. 

ටැබ්ලට් දීම ගැන තියෙන වැරදි මත නැතුව අපි දැන් සලකා බලමු ටිකක්හොද පැත්තකින්.. 

පොත් ප්‍රින්ට් කරන්න ආන්ඩුව වසරකට සෑහෙන මුදලක් වියදම් කරනවා.ඒ කලත් පොතක් කියන්නේ තරමක සීමිත අවකාශයක්.. පොතකට බෑ වීඩියෝ එකක් පෙන්වන්න..පොතකට බෑ යම්කිසි චලනයක් විදහා පෙන්වන්න. පොතකට බැහැ අපිට ඕඩියෝ මාර්ගෙන් දෙයක් කියාදෙන්න. 

සැබැවින්ම පොත් වලට වඩා වැඩි යමක් කරන්න හැකියාව තියෙනවා ටැබ් එකෙන්..පිංතුර චලන චිත්‍ර, ඕඩියෝ වැනි දේ හරහා අපිට පුලුවනි සම්පූර්ණ මල්ටිමීඩියා වලින් දරුවා ට අවැසි දේ ලබාදෙන්න.. සරලවම හිතමු ලක්ෂණ කවි පංති අපේ සිංහල‍පොත් වල තිබුනා..ලස්සන ගායනා තිබුනා..අපේ පංතිවල කවි කියන්න දන්න මම වගේ පොරවල්..(ඇත්තටම මම ඉස්සර සිංහල ‍ පොතේ කවි ගායනා කරපු ඩෑල් එකක් ) අපිට හිතුන තාලෙකට කවි කියනවා..ඒක කියන්න ඕනි කරන තාලේ.. අපිට වැටෙන්නේ නැ හරියට.. සිංහල ගුරා දන්නවයි සංගීතයක් ඉතිං..

ඔය වගේ දෙයක් වුනත් ඕඩියෝ ක්ලිප් එකකින් ලේසියෙන්ම දරුවන්ට කවන්න හැකියාව තියෙනවා ටැබ්ලට් හරහා අධයාපනය කටයුතු කලොත්.. 

අනාගතයට සිංකි කිරිල්ල.

අද වෙද්දි ලංක බැංකුව බොහොමයක් ශාඛා වල ඔවුන්ගේ සල්ලි දාන මැසින් හයි කරලා ඉවරයි..ඒ කියන්නෙේමීඨ කලිං කාඩ් එකනේ සල්ලි ගන්න විතරක් පුලුවන් වුනාට දැන් සල්ලි දාන්නත් හැකියාව ලැබෙනවා ලංකා බැංකුවේදි..ඒක ඔපරේට් කරන්න ිතයෙන්නෙත් බොත්තම් ඔබලා..මේක හැමදාම එතන ඉන්න සිකුරිටි ට කියා දෙන්න අමාරුයි.. මේ වගේ ‍දැන් දැන් හැමදේම ලෝකය තුල ඩිජිටල් වේගෙන එනවා..පොත් පත් ඈත් වෙනවා වැසිකිලි යනකොටත් ඉස්සරහට ටච් ස්කිරින් එකකින් ඔබලා සල්ලි දාන්න තිබුනොත් අපි ඒ ගැන පුදුම වෙන්න දෙයක් නෑ.. 

දියුනු රටවල් එක්ක අපි මුහුන් වෙන්න නං අපෙ දරුවන්ට ටැබ්ලොට් එකක් වත් ඕන..නැත්තං ඉස්සර අර බැද්දේගම එකේ සිලිදු වගේ කොම්පියුටර ටැබ් පාවිච්චි කරන අස්සේ අපේ පොත් පාඩං කරපු අය ගිහින් නිකාං පීච්චං වෙලා වගේ තමයි ඉන්න වෙන්නේ. 

අලුතින් එන හැමදේම අවුල් කියල හිතන්න නරකයි..ඕක දැන් කොළඹ 7 රෝයල් එකේ වත් පටන් ගත්තෝතින් ලබන අවුරුද්ද වෙද්දි ඕක පොලොන්නරුව රෝයල් එකට යාවි..ඉන් පස්සේ තා අවුරුදු තුනකින් වත් ගොංකටුආර කනිෂ්ඨ විද්‍යාලයේ දරුවන් දෙතුන් දෙනෙක්ට එක ගානෙවත් ටැබ්ලට් ලැබෙයි..එහෙම නැතුව හැමදාම ගල් යුගේ වගේ පොත් බදාන ස්කෝලෙ යන්න බලාන හිටියොත් ලෝකේ එහේ යනෝ අපේ පොඩි උන් කිලෝ පාලහේ මල්ලක් කරගහං පරණ ස්කෝලේට යනෝ.. 

දැන් මම සිංහල රෝර් සයිට් එකටත් ලියනවා.එතන ගුණාත්මක ලිපි යනවා. කැමති කෙනෙක්ට ඒතැනට ඇවිත් ඒවත් බලාගන්න පුලුවනි. 
http://sinhala.roar.lk/

15 comments:

  1. ටැබ් එකත් එක්කම ඉන්ටර්නෙට් දෙන්න පුලුවන් ක්‍රමයකුත් හදන්න පුලුවන් නම් හොඳයි.

    ReplyDelete
    Replies
    1. ඉන්ටනෙට් දුන්හම ඒක පාලනය කරන්න ඕනි..ඒක ටිකක් සංකීර්ණ වැඩක්..අනික ඒකට යන වියදමත් සාපේක්ෂව වැඩියි.. අභ්‍යන්තර වෙනමම පුස්තකාලයක් විඩියෝ ගැලරියක් ඔන්ලයින් හැදුවාට කමක් නෑ,.ඒත් ඉන්ටනෙට් කියන්නෙ ටික්ක දුර සීහිනයක්..

      Delete
  2. මාත් කැමතියි මේ ළමයින්ට ටැබ් දෙන එකට නම්. කොටින්ම බොහෝ රටවල ටැබ් එකෙන් ස්කෝලේ සිලබස් එකම ඔබලා ළමයින්ට දුන්නේ මීට බොහෝ කලින්. බොහෝ පොඩි ළමයින්ට පවා. ලංකාව වගේ සම්පත් අඩු රටක ටෙක්නොලජි නොලේජ් එකට අනාගතේ ඉඩ තියෙනවා.

    අනික ඔය කියන තරම් පෙඔන් අරවා මේවා ගැන කියවන්නේ ඉරිසියාවට වෙන්න ඕනේ මට හිතෙන විදියට. අපේ අක්කලාගේ ළමයි හෙම පොඩි කාලේ ඉඳන්ම ටැබ් ඉන්ටර්නෙට් පාවිච්චි කරනවා මට නම් තවම ඔය වගේ බයක් දැනිලා නෑ.

    ReplyDelete
    Replies
    1. වර්ථමානයේ ලංකාවේ ඉන්න බුද්ධිමතුන් සහ ගුරුවරුන් සතුව තිබෙන්නේ ඉතා සීමිත පොතේ දැනුමක්..අන්තර්ජාලය හරහා සම්බන්ධ වුනු සාමාන්‍ය අයෙක්ට අපේ රටේ ගුරුවරුන්ට වඩා දැනුමක් තිබෙනවා..එක අතකින් ඔවුන් කල්පෙකට විතර කලිං ගනිපු ඩිග්රිය හෝ ඩිප් එකේ ලොකුකම නැතිවයි කියල බයක් ඇති ලමයි ඩිජිටල් ලෝකෙට ගියොත්..

      Delete
  3. ලෝකය ඉස්සරහට යනවා මිස පස්සට යන්නෙ නෑ. පස්සට යන්න හදන රටක් හරි මිනිස්සු හරි ඉන්නවා ද

    ReplyDelete
    Replies
    1. ඔවු.. කවුරුත් කැමතියි ඉස්සරහට යන්න..කලින් ගිය අය දිනුම්..

      Delete
  4. දරුවන්ට ටැබ් දෙන්න කලින් තීරණ ගන්න උන්ගේ සරම් ඔළුවෙන් ගලවන්න පුළුවන් නම් ළොකු දෙයක්...

    ReplyDelete
    Replies
    1. නායකයින් කියන්නේ කවුද? අපිම පත්කරගන්න අපි අතර ඉන්න අය.. එයාල කරන කියන හැමදෙයක්ම අපි වගේම තමයි..

      Delete
  5. මේ වැඩසටහන ඉස්සරවෙලාම විශ්වවිද්‍යාල සිසුන්ට ලැප් ටොප් එකක් දීලා ආරම්භ කලානම් මීට වඩා ප්‍රැක්ටිකල් වෙන්න තිබුණා. හැබැයි 18+ ඡන්දවලට නම් ආමන්ත්‍රණය කරන්න බෑ එතකොට.

    ReplyDelete
    Replies
    1. දැන් බොහෝ විශ්ව විද්‍යාල සිසුන්ට ලැප්ටොප් එකක් රැගෙන එන්නට යැයි නියම ොකට තිබනෙවා.. බොහෝ විස්ව විද්‍යාල සිසුන්ට ලැප්ටොප් තියෙනවා..විසේසයෙන් ගණිත විද්‍යා අංශවලින් උසස් පෙල හදාරා කැම්පස් යන අයට..

      Delete
  6. ටැබ් දෙන එක හොඳයි හැබැයි ඊට කලින් මුළු රටටම අඩුම වශයෙන් 3g ආවරණයවත් හරියාකාරව දෙන්න ඕනෙ මොකද 4G ගැන කතා කරන අද කාලේ
    අපිට තාමත් හරියාකාර 3g සම්බන්ධතාවක්වත් අඛන්ඩව ලබාදෙන්න කිසිම දුරකථන සමාගමකට හැකිවෙලා නෑනේ. අපේ ගෙදරට(නගර සීමාවක තිබිලත්)
    3g hspa+ ඒකාකාරී ලැබෙන්නෙ ඩයලොග් විතරයි (ඇඩ් එකක් නෙමෙයි).
    ටැබ් එකත් යම් ප්‍රමිතියක් ඇති එකක් විය යුතුයි, මොකද මට හිතෙන විදියට
    ඔය වැඩෙත් කීයක් හරි යටිමඩි ගහගන්න කරන වැඩක්.
    අනිත් කාරණේ ටැබ් දෙනවා වගේම ඔවුන්ට යම් සහනදායී අන්තර්ජාල පැකේජයක් ලබාදෙන්න ඕනෙ. මොකද ඉගෙන ගන්නවා කියන එක ඩේටා
    ලෙවකාලා කරන්න බැරි නිසා.
    porn බැලීමේ අවධානමක් තියනව තමයි ඒ වුනත් ටැබ් දුන්නා නොදුන්නා
    කියල වෙනසක් නෑ බලන්න ඕනෙ කෙනා කොහොමත් බලනවා. ඔබ කියනව වගේම ටැබ් එකෙන් ලැබෙන වාසිත් එක්ක බැලුවහම ඒක නොසලකා හරින්න පුළුවන් දෙයක්. ඇත්තටම අපි පොත්වලින් ඉගෙන ගන්නවට වඩා බොහොම සාර්ථකයි වීඩියෝ එකකින් ඉගෙන ගන්න එක පොතකින් කියල නොතේරෙන
    බොහොමයක් දේවල් වීඩියෝ එකකින් බොහොම සාර්ථකව කරන්න පුළුවන්.
    වැඩපිළිවෙල කටින් බතල හිටවනව නොවී කෙරුණොත් ලොකු දෙයක් මොකද
    අපේ උන්නාන්සෙලා කියන කිසි දෙයක් කරන්නෙ නෑනෙ, නිකන වයි-ෆයි දෙනවා කිව්වා ඒකත් නෑ. නිකංනං කොහොමත් ඕනෙ නෑ ගණන්වත් අඩුකලානම්.

    ReplyDelete
    Replies
    1. අන්තර්ජාලය කියන්නේ බොහෝම විවෘත අවකාශයක්.. ජාලයක් නම් තිබිය යුතුයි..ඒ්ත අන්තර්ජාලය විවෘත කොට ඒක කරන්න අමාරුයි..

      ලංකාව තවම දියුනු වෙමින් පවතින රටක්..

      Delete
  7. ලොකුම ප්‍රශ්ණෙ ආණ්ඩුව දෙනවාය කියන එක...
    ආණ්ඩුව දෙන්නේ කොහෙන්ද?
    මිනිස්සුන්ගේ බදුවලින්නේ...
    ඉතින් රාජ්‍ය සේවකයන්ට බයික් දෙනවා කිව්වාම අපි සතුටු වෙනවා... ඒත් බහුතරයක් මිනිස්සුන්ගේ පොකට් එකට ගහලා සුළුතරයක් වන රාජ්‍ය සේවකයන්ට දෙනවා..
    දායකත්වයක් නැති විශ්‍රාම වැටුප කියලා ලබ්බක් දෙනවා.... රාජ්‍ය සේවකයන්ට...
    අර පෞද්ගලික අංශයේ සේවකයායි ගොවියායි හැම එකාම බදු ගෙවනවා මේ නිකමුන්ගෙ නාකි කාලෙ නඩත්තු කරන්න...
    ටැබ් දෙනවාලු ළමයින්ට... කැම්පස් ළමයින්ට ලැප් දෙනවාලු...
    ඉස්කෝලෙ අටෙන් වැටිලා පාරේ හිඟාකන එකාත් පිටකොටුවෙ මුට්ට කරගහන එකාත් බනිස ගද්දී බදු ගෙවනවා අරුන්ට ටැබ් දෙන්න...
    ආණ්ඩුව කිසිවෙක්ට කිසිවක් දෙන්න ඕන නැහැ...
    හරියට බදු ටික කළමණාකරණය කරලා හොඳ ප්‍රවාහනයක්, අධ්‍යාපනයක්, සෞඛ්‍යයක් දුන්නාම ඇති... වෘත්තිය පුහුණුවක් දුන්නාම ඇති....

    ReplyDelete
    Replies
    1. ඕක මහා දෙයක් නම් නෙමෙයි.. බල්ක් එකක් ගනිද්දි වයිෆයි නැත්නම් ඩිස්ප්ලේ එක විතරයි නේ.. කොස්ට් එක එකකට ඩොලර් 50ක් වගේ ගානකට ගත හැකි චීන කෑල්ලක් හොද මට්ටමේ එකක්.. ඇත්තටම රස්බෙරි පායි එකට ඩිස්ප්ලේ එකක් හයිකරලා ටිකක් රලුවට තිබුනත් අවුලක් නෑ..එත් එතකොට හසුරුවන්න ටිකක් අමාරුයි..

      ඔබ කියන කාරණාව ඇතුලේ තව කතාවක් තිබෙනවා..රජයේ අධ්‍යාපනය ප්‍රතික්ෂේප කරන ඇතැමුන් ජාත්‍යන්තර පාසැල් වලට ලමුන් ඇතුලත් කරනවා..දැන් අපේ ජාත්‍යන්තර පාසැල් ජාත්‍යන්තර මට්ටමෙේතියෙනවාද? නෑනෙ..ඒව නිකං හරියට අපේ තිබෙන රාජ්‍ය පාසැල් වලම පොටෝක‍ොපියක් වගේ.. ඇත්තටම පුද්ගලික අංශයට විසල් මුදලක් ගෙවලා ලමයෙක් ඇතුලත් කලත් ජාත්‍යන්තර පාසැල් වල භාෂාව සහ පොඩි නිදහසක් ඇරුනම උගන්වන විශ්‍ය කරුනු සහ රටාවන් සියල්ල අනික් පාසැල් වගේ..නිවැරදි ක්‍රමයට ජාත්‍යන්තර මට්ටමෙේතිබුන නම් දැන් මේ වෙද්දි ජාත්‍යන්තර පාසැල් වලින් ටැබ්ලට් දීළ තියෙන්න ඕනි..මම දන්න තරමට එහෙම ෆැෂන් එකක් නෑ තවම..

      ඇත්තටම ඉලෙක්ට්‍රොනික්ස් කියන්නේ තවදුරටත් මිල අධික දෙයක් නෙමෙයි.. මූලික මට්ටමේ දෙයක් ඉතාම අඩුමිලට චීනට කියලා හදවගන්න පුලුවන් අපේ අවශ්‍යතාවයන් ටික හරියට පෙලගස්වා ගතහොත්..

      Delete
  8. රටක් ඉස්සරහට යනවද පස්සට යනවද කියන එක ගැන හිතන කොට ලංකාව කොහෙටද යන්නේ...

    ReplyDelete