Friday, November 18, 2016

ලාබ වතුර cheap water

නියං සමයේ පොලොන්නරුව දිඹුලාගල 

ලෝකෝත්තර තත්වය
ලංකාවෙන් තුනෙන් දෙකකට වඩා වපසරියකට මිලිමීටර 1500ට වඩා වර්ෂාපතනයක් ලැබේ. මුලු මහත් ඉන්දියානු උප මහද්වීපයම සැලකුවත් එසේ මිලිමීටර 1500ට වඩා වැඩි වර්ශාපතනයක් ලැබෙන භූමිභාගය ඉතාම කුඩාය. 

මේ සිතියම දෙස බැලීමෙන් ඉන්දියාවට වඩා අපිට කොච්චර වහිනවාදැයි දල අදහසක් ඔබට ගන්නට හැකිය. නිල්පාටින් දැක්වෙන්නේ වර්ෂාපතනයේ තීව්රතාවයයි. 

අපිට මෙච්චර වැහැලත් පැරකුම්බා ගේ පුක ඉඹින්න වගේ හැමතිස්සේම අහසින් වැටෙන එක මූදට යන්න දෙන්න එපා කියල ගිරව් වගෙ  කියද්දිත් අපේ රටේ මාස තුනක් කොහේ හරි පලාතකට පෑව්වම නියං.. මිනිස්සු ආන්ඩුවට සහ හතර වටේටම බනිනවා නියගයක් ආවම..හරියට වතුර නැතිකලේ ආන්ඩුව වගේ තමයි මිනිස්සුන්ගේ බැනීම. ඇමරිකාවේ පවා ගම්බද පැතිවල මිනිස්සු වැහි වතුර එකතු කරනවා..ඉන්දියාවේ රාජස්ථාන් වගේ කාන්තාබද පලාත්වල මිනිස්සු මහා ටැංකි පොලව යට ගහගෙන වැහි වතුර එකතු කරනවා..ඒ ගැන මම ලියපු ආටිකල් එකක් තියෙන නිසා වැහි වතුර එකතුකිරීම ගැන වැඩිය කියන් නෑ මේක බලන්න..වැඩි විස්තර වලට.. (http://sinhala.roar.lk/srilanka-life/the-importance-of-conserving-rain-water/) 

ලංකාවටම ජලය සැපයීමට
 රජය වසරකට වියදම් කරන මුදල රු මිලියන 20,000
එක් පවුලකට ජලය සැපයීමට
 රජය දරන ප්‍රාග්ධන වියදම - රු 175,000-රු 300,000 අතර මුදලක්.. 
ජලසම්පාදන මණ්ලයෙන් ජලය සපයන ජනගහනය - 43.4% 
අනෙක් යෝජනා ක්‍රම හරහාත් ඇතුලුව 
සමස්ථ ජලය ලැබෙන ප්‍රමාණය ජනගහනයෙන් - 65%
දිනකට නිපදවන ජලය ප්‍රමාණය - මිලියන 1.5 ඝනමිටර

දිනකට ලාංකික ජල පරිභෝජනය 1%කින් අඩුකරගත හැකිනම් ඒ තුලින් තවත් පවුල් 20,000කට ජලය ලබාදිය හැකි අතර ඒ තුලින් රජයට ඉතිරිවන මුදල  රුපියල් මිලියන 3000කි..එනම් 1%ක් ජලය ඉතිරිකගරන්නේ නම් අපිට නව ජල සම්පාදන ක්‍රම හදුන්වාදීමකින් තොරවම තවත් පිරිසකට ජලය සපයා රජයට විශාල මුදලක් ඉතිරිකර දිය හැකිවනු ඇත. 

ලංකාවට බොහෝවිට විශාල ජල සම්පාදන ක්‍රම ලැබෙන්නෙ ණය ආධාර වශයෙනි.ඇතැම් විට ඒවා විදෙස් ආධාර ලෙස ලැබුනු අවස්ථාද තිබේ. ජල සම්පාදන මණ්ඩලයෙන් සපයන ජලය නිරන්තර පරීක්ෂාවකට ලක් කරන අතර ප්‍රමිතිකරණයෙන් යුක්තව ජලය සැපයීමට ජල සම්පාදන මණ්ඩලය බැඳී සිටී. 

ජලය ඝන මීටරයක් පිරිසිදු කර ඔබ වෙතට දීමට ජල සම්පාදන මණ්ඩලය සියලුම වියදම් ලෙස රුපියල් 160ක මුදලක් වියදම් කරනු ලබන අතර එයින් බොහෝවිට බිල් මගින් අයකරගනු ලබන්නේ රුපියල් 40ක මුදලක් පමණි. එවිට ඔබට ලැබෙන ජලයට ඔබ ගෙවනු ලබන සැබෑ මුදල සමස්ථ වියදමින් 25%ක් වන අතර ඉතිරි 75%ක මුදල රජය මගින් ඔබ වෙනුවෙන් දරනු ලැබේ. 

රජය කොච්චර මුදලක් අපිට වතුර සපයන්න වියදම් කරනවාද කියලා ඔබට ඉහත සටහන් වලින් පේන්නට ඇති. මේ දත්ත  2014 වර්ශයේ ජල සම්පාදන මණ්ඩලයේ වාර්ථාවකින් ගත් ඒවා..වර්ථමානය මීට වඩා අදුරු වන්නට හැකියි. 
අඹතලේ 

ජල ගාස්තු අයකරන ක්‍රමවේදය අනුව මුල් ඒකක කිහිපයට රජය සපයන සහනාධාරය අති විශාලය.ඒකකයක් මුල් ඒකක වලදී ඒකකයක් සදහා බිල මගින් අයකරන මුදල රුපියල් 20-35ත් අතර තරම් අඩු අගයක් ගනී. 

ඉහල දත්ත අනුව පේනවා ලංකාවෙන් 45%ටයි මණ්ඩලයෙන් වතුර ලැබෙන්නේ. එතකොට ඒ අයට වතුර දැන් දෙන්නෙත් අති විශාල සහනධාරයක් සහිතව.ඒ තියාගෙනත් වතුර බිල ටිකක් වැඩිකරන්න යද්දි ආණ්ඩුව නැවතත් සහනාධාර නිකුත් කරන්න තීරණය කරලා හමාරයි..

ඈත ගම්වල ජනයා වතුර පොදක් හොයාගන්න මහා දුරක් පයිං යනවා ඇති.. අහිංසක දුප්පත් පියවරු බයිසිකල් එකක පිටිපස්සෙ ලොකු බූලියක් ගැලුම් කීපයක් බැදගෙන පැයක් හමාරක් බයිසිකල් පදිනවා ඇති බොන්න වතුර ඩිංග ගෙදරට අරං එන්න. ඉතිං ඒ දුක්පත් මිනිහා ගමනක් යනකොට, සිනි පරිප්පු තුනපහ ගන්නකොට සහ එකී මෙකී නොකී මොනවාහරි දෙයක් කරද්දි ආන්ඩුව බදු ගහනවා..ඒ බදු සල්ලි වලින්, බට වලින් හරි ලස්සනේට ගෙදරට වතුර ගන්න උන්ට වතුර නිකංම වගේ දෙනවා.. දැන් ඔබට පේනවා ඇති හොරු ටිකක්..ඒ අය ඔක්කෝම පාර්ලිමේන්තුවෙද? රාජ්ය සේවයේද ඉන්නේ සහෝදරවරුනි? නෑ නේද? 

9 comments:

  1. ලෝකෝත්තර කියන වචනයෙන් අදහස් කරන්නේ මොකක්ද?

    ReplyDelete
  2. ලෝකෝත්තර යන යෙදුමෙන් අදහස් වෙන්නේ ලෝකයෙන් එතෙරවුන යන්නයි. මෙය බුදු දහමේ එන පදයක්.

    ReplyDelete
    Replies
    1. එතකොට මේ ලිපියේ ලෝකෝත්තර තත්වය කියා ලියා තිබෙන්නේ මොන අර්ථයකින්ද?

      Delete
  3. අමිල චතුරන්ග මහතා මෙයට පිලිතුරු දෙන්න......

    ReplyDelete
  4. බදු ගැන වෙනම කතාකරන්න පුළුවන්. බදු ගැහීමේ ක්‍රමවල අඩුපාඩු තියන බව ඇත්ත. කෙනෙකුට කියන්න පුළුවන් තමන්ගෙ මුදලින් තවත් කට්ටියකට නිකං කන්න සමෘද්ධිය දෙනව කියලත්. මම නං කැමතියි ඩිරෙක්ට් ටැක්ස් ක්‍රමයකට යනව නං. සමහර විට වාසි වෙයි, නැත්තං අවාසි වෙයි. හැබැයි බදු ගැන මිනිස්සුන්ට අවබෝධයක් ලැබෙනව එහෙම වුනොත්....

    නියඟය සහ වර්ෂාපතනය ගැන නොදන්න යමක් පහුගිය දවසක දැනගත්ත. ඒ පරිසර වැඩසටහනකදි. ඒකට ආපු මහත්තැන් කෙනෙක් කිව්ව මෙහෙම කතාවක්.
    //පරිසර දූෂණයත් එක්ක පාරිසරික තත්වය අන්බැලන්ස් වීම නිසා වර්ෂාපතනයට බලපෑමක් වෙනව. හැබැයි වාර්ෂික වර්ෂාපතනය අඩු වෙන්නෙ නෑ. සිද්ධවෙන්නෙ අවුරුද්දෙම වහින්න තියන වැස්ස එකපාරකට දෙපාරකට විතර වැටෙන එක. ඉතිං ඒ දවස්වලට ගංවතුර එනව. අනිත් දවස්වලට පෑව්ම නිසා විඳවන්න වෙනව//

    ReplyDelete
  5. අපෙත් වතුර බිල් ඒ නිසා හැමදාම බිලට බැන බැන හිටියට වතුර පිරිසිදු කරන්න මෙච්චර වියදමක් යන බව දැනගත්තෙ අදයි.

    ReplyDelete
  6. ඈත පළාත් වල අයටත් නගරබඳ අයට වගේ පහසුකම් ලැබෙනවා නම්...

    ReplyDelete
  7. මේක හරියට සර්පිලාකාර චක්‍රය වගේ. අපිට අඩුවට දෙනවා. ඒ පාඩුව අපෙන් ගන්න බදු වලින් පියවනවා. අන්තිමට ගෙවලා තියෙන්නේ අපිමයි. හරියට “මට ඌ ගැහැවා. ඌ මට ගැහුවා“ වගේ කතාවක්. අන්තිමට ගුටි කාලා තියෙන්නේ මමම තමයි.

    ReplyDelete