Wednesday, June 28, 2017

අසිරිමත් කුමරා උපන් එ ලුම්බිණිය

බුදුදම සහ ලෝක දහම 

ලෝකයේ වැඩිම පිරිසක් වර්ථමානයේ අදහන ආගම ක්‍රිස්තියානි ආගම. ඒ වර්ථමානයේ එහෙත් ඉතිහාසයේ ක්‍රිස්තුස් වහන්සේ මීට වසර ෙ1500කට පෙර පැරණි ලෝකයේ ජනප්‍රියම ආගම කුමක්ද? එවැන්නක් තවම ස්ථිර වශයෙන්ම කිව නොහැකි මුත් බොහෝවිට ඒ බුදුදහම මැ විය යුතුයි. 
ලෝකය තනි යායක් බවට පත්වීමේ මූලික අඩිතාලම වැටෙන්නේ සේද මාවත සමග. එතෙක් ලෝකයේ එක් එක් පැතිවල සිටි ජනයා එකතු කරන්නට මෙම සේද මාවත ඉවහල් වෙනවා. සේද මාවත හරහා එහා මෙහො යන්නේ බඩු පමණක් නොවෙයි. සංස්කෘතිය, ආගම, මනුෂ්‍ය ඇවතුම් පැවතුම් වගේ බොහෝ දේ ජාත්‍යන්තරයට යන්නට මෙම සේද මාවත ඉවහල් වුනා. මේ සේද මාවත නිසා බුදු දහමේ පැතිරීම වඩාත් වේගවත් වුනා. 

අශෝක රජතුමාගේ අධිරාජ්‍යය පැතිර තිබුන වපසරිය ඉන්දියාව පසුකර පාකිස්ථානය ආැෆ්ඝනිස්ථානය පසුකොට ඉරානය තෙක් දිව යන්නක්. අශෝකට පෙර ඉන්දියාවට පැමිණි මහා ඇලෙක්සැන්දර ඊජිප්තු කෙළවරේ සිට ඉන්දියාව දක්වා එකම පාලමක් ලෙස සිය අධිරාජ්‍යය ව්‍යාප්ත කලා..මේ අවධියේදී බුද්ධ ධර්මය අපරදිග කෙළවර මැදපෙරදිග දක්වාම ව්‍යාප්ත වන්නට ඇති. බුදුපිළිමයේ ඉතිහාසය ගෙන බලන විට බුදුපිළිමයේ මුල් කාලීන ලක්ෂණ ග්‍රීසියේ ඇපලෝ දෙවඟනගේ හැඩතල වලට බොහෝ සමානයි. එනම් ඒ සංස්කෘතික බලපෑම එකල ඉන්දියාව තෙක් විහිදී ගොස් තිබෙන්නට ඇති. 

පෙරදිග දිශාවෙන් බුදුදහම අග්නිදිග ආසියාවේ ඉන්දුනීසියානු දිවයින් හි කෙළවර වූ බලි දිවයින (Bali Islands) කරා පැතිර ගිය දහමක් වුනා..අදද ඉන්දුනිසියාවේ ගොඩබිම  මෙන්ම මුහුද යටද බුදුපිළිම සහ පැරණි විහාර නටඹුන් හමුවෙනවා. මැදපෙරදිග සහ අග්නිදිග ආසියාව ඉන් පසුව යටත් වුනේ මුස්ලිම් ජාතිකයින්ට.. මොහොමඩ් නබි වගේම අනුගාමිකයොත් පිළිම වලට වෛර කරන ජාතියක්..ඔවුන්ට යටත් වූ දේශයන්හි ඉතිරි වූ පිළිම සහ අන්‍යාගමික සිද්ධස්ථාන වෙත් නම් ඒවා මහ පුදුමයකින් මෙන් ඉතිරි වූ ඒවා ලෙස සලකන්නට පුලුවනි. උදාහරණ ලෙස ඉන්දුනීසියාවේ ජාවා සුමාත්‍රා වසා පැතිරී තිබු නටඹුන් බෙහෝ ප්‍රමාණයක් විනාස වෙද්දී ඔබ අද කදිමෙට  දකින බෝරොබුදුර් නැමැත් ඉන්දුනීසියානු පිළිම පමණක් ඉතිරි වී තිබෙනවා.. මන්ද ඒ ගිණිකන්දක අලු වලට හසුව එම ස්ථානය කාලයේ වැලිතලාවට හසුව යටවී තිබූ නිසාවෙන්.. එය ද පෙනෙන මායිමක තිබුනේ වී නම් එහි පිළිම වලටද එත් වන්නේ මුස්ලිම් වරුන්ට හසු වු අනෙක් පිළිම වලට හිමි වූ කල දසාවමයි. 

පෙරදිගින් චීනය ජපානය දක්වාත් මධ්‍යම ආසියාවේ මොංගෝලියාව දක්වාත් පැතිර ගිය බුදුදහම මීට ශතවර්ශ 15කට පෙර බොහෝ කලක්ලොව වැඩිම පිරිසක් අදහන දහම බවට පත් ව තිබෙන්නට ඇති. 

බුදුන් ඉපදුන තැන. 

බුදුන් ඉපදුන තැන සෙවීමේදී ෆාහියන් සහ හියුං සාන් යන චීන භීක්ෂූන් ගේ වාර්ථ ාබොහෝ සෙයින් වැදගත් කොට සලකනු ලැබුවෘ. ක්‍රි.ව 406 දී පාහියන්ගේ දේශාටන වලද ක්‍රි ව 634 දී හියුං සානගේ දේශාටන වාර්ථා වලද ලුම්බිණිය බුදුන් ඉපදුන තැන ලෙස විස්තර කොට තිබූ අතර එවකට ලුම්බිණියේ වග විස්තරද ඔවුන් කදිමට විස්තර කර තිබුනා. 

බ්‍රිතාන්‍ය ඉන්දියානු කාලය තුල මෙම බුදුන් උපන් ස්ථානය යැයි ස්ථාන ගනනාවක් සලකා තිබුනා. එහෙත් අවසානයේ මෙම නේපාල ලුම්බිණිය බුදුන් ඉපදුන තැනමැයි සනාථ කොට ගන්නට අවකාශ ලැබී තිබුනා. චීන භික්ෂුන් වූ හියුං සාං සහ  පාහියන්ගේ වාර්ථා අනුව මෙම බුදුන් උපන් නා යැයි සැලකෙන ලුම්බිණි පුදබිමේ අලංකාර පොකුණක්, විශාල වෘක්ශයක් සහ අශෝක රජතුමා විසින් ඉදිකල අශෝක ස්ථම්භයක් තිබී තිබෙනවා.. හියුං සං එනවිට අශෝක රජතුමා මියපරලොව ගිහින් වසර 800කට වඩා නැහැ..ඉතිං එකල අශෝක කුළුන සහ පොකුණ අදට වඩා හොදින් දර්ශනය වන්නට ඇති. 

මෙම වාර්ථා වල ලක්ෂණ අනුව මොනවට ගැලපෙන තැනක් 1900 ගනන් වල මුල් අවකාශයේදී සොයාගනු ලබනවා.. ඒ නේපාල ලුම්බිණිය. 

අශෝක සෙල් ලිපිය 

අශෝක කුළුන සමග හමු වූ සෙල් ලිපියක “ දෙවන පියදස්සී රජුගේ අභිෂේකයෙන් අවුරුදු විස්සක් ගිය කල් හී , මෙහි ශාක්‍ය මුණි බුදුරදුන් උපන්නේ යැයි සලකා තමාම පැමිණ ගෞරව කළේය. භාග්‍යවත් බුදරජාන්න වහන්සේ මෙහි උපන්නේ යැයි අසා දැඩි ඇල්මකින් යුක්තවම ශිලා ටැඹක් පිහිටු විය. ලුම්බිණි ග්‍රාමය බද්දෙන් නිදහස් කොට අර්ථ ලාභය ඇති කලේය. “ 

යැයි සඳහන් වේ. ඒ අනුව එවකට සුවිසල් මෞර්ය අධිරාජ්‍යෙය් මහ රජානන් වූ අශෝක පාඨලීපුත්‍රෙය් සිට (වත්මන් පැට්නා) ලුම්බිණිය කරා පැමිණ බුදුන් උපන් ස්ථානය මෙතැන යැයි සලකා වන්දනාමාන කොට තිබෙන බවට සනාථ වේ. එපමණකින් නොනැවතී වර්ථමානයේ පංසල් වලට ආධාර කරන්නාක් මෙන් ඒ අවට වූ  ගම් බිම් හි වත්කම්ද ලුම්බිණි පුදබිම වෙත පවරා ගොස් තිබේ. 


ලුම්බිණිය ඇයි වැදගත් වන්නේ.. 


බුදුරජානන් වහන්සේගේ අවසාන අවධිය සහ එසමයෙහි උන්වහන්සේ කල කී දෙසූ දෑ ඇතුළත්  සූත්‍රයෙකි මහා පරණිර්වාණ සූත්‍රය. සූත්‍ර පිටකයේ දීඝ නිකායෙහි මහා පරණිර්වාණ සූත්‍රයේදී ආනන්ද හිමියෝ මෙසේ බුදුන් විමසන්නේය.  “තථාගතයන් දකින්නට පෙර කල වස් විසූ තැන්වල සිටින බවුන් වඩන හිමිවරුන් පැමිණි කල නුඹ වහන්සේ පිරිණිවී වදාල කල කුමක් ඔවුන් වන්දනාමාන කෙරෙත්ද ?  කෙසේ නම් ඔවුනගේ තථාගතයන් වහන්සේ දකිනට ලැබේදැ “ 

එවිට බුදුන් වහන්සේ.. ඇවැත්නි..තථාගතයන් වහන්සේ උපන් ස්ථානය, සම්බුද්ධත්වයට පත් වූ ස්ථානය, පළමු දම් දෙසූ ස්ථානය සහ පිරිණිවී වදාල ස්ථානය යන ස්ථාන හතර බුදුන් වෙනුවෙන් සංවේග උපදවාලීමට සමත් ස්ථාන යැයි වදාල සේක. 

ඒ අනුව සම්බුද්ධ දේශනාව අනුවම බුදුන් වහන්සේ උපන් ස්ථානය වන්දනාමාන කිරීම බුදුන් දක්නට සංවේග උපදවා ගන්නට රිසි වූ තැනකි. 

ලුම්බිණියේ නටඹුන් 

ලුම්බිණිය යනු සම්බුද්ධ පරණිර්වාණයේ පටන්ම කාලාන්තරයක් තිස්සේ බොහෝ බොහෝ පිරිස් දීප දේශාන්තර වල සිට වන්දනාමාන කිරීමට පැමිණි තැනකි. වර්ථමාන ලුම්බිණි කලාපය තුල සියවස් 20කටත් අධික කාලයකට අයත් නටඹුන් රැසකි. එයින් මායාදේවී පංසල  ලෙස වත්මන හඳුන්වන සිද්ධාර්ථ කුමරෝප්පත්තිය සිදු වී යැයි සලකන සල්ගස තිබූ තැන වඩාත් වැදගත් තැනකි. 

ඉතාම මෑතකදි කරන ලද කැනීම් වලින් කාල නිර්ණය අනුව බුදුන්  කල හා සමපාත වූ  මිනිසුන් වන්දනා කල වෘක්ෂයක් තිබී ඇතැයි සාධක සොයාගනු ලැබීය. මහාමායා දේවිය විසින් පැන සනහා පිරිසිදු වූ පොකුණ යැයි සැලකිය හැකි පොකුණක්ද ඒ අසබඩින්ම සම්භ වී තිබේ. 

නවීන විද්‍යාත්මක කාල නිර්ණ කටයුතු වලින්ද  වෙනත් පුරාවිද්‍යා සාධක අනුවද මෙම ස්ථානය බුදුන් උපන් තැනයැයි වන්දනාමාන කල ස්ථානය යැයි හදුනාගත හැකි සාධක රැසකි. ලුම්බිණියේ වූ සල් ගස් ඉතාම මෑත කාලයක් දක්වාම ඒ ලුම්බිණි පලාතේ  ජනයා දරුවන් ලැබීම උද්දීපනය කරන යම් යම් ඇදහිලි සහ  දේව විශ්වාසයන් සදහා සම්බන්ධ කොට ගෙන ඇත. ඇතැම් විට එකලද සල් ගසක අත්තක් අල්වාගෙන සිද්ධාර්ථ කුමාරෝප්පත්තිය නිරූපනය කරන්නේ එහිදීද ව්‍යාධියකින් තොර දරුපල සහ සල් ගස අතර සම්බන්ධයක් තිබේයැයි සලකනවා විය හැකිය. 

කෙසේ වෙතත් පුරාවිද්‍යා  තැනක් සනාථ කරන්නට නූතනයේදී භාවිතා කරන විදයාත්මක ක්‍රම රැසකි.  ජපානය, චීනය, කොරියාව වැනි දියුනු රටවල්වල විද්‍යාඥයෝද බටහිර රටවල විදයාඥයෝද මෙම ලුම්බිණිය බුදුන් උප්න තැනම විය හැකියැයි බොහෝ තැන්වල ශපථ කොට තිබේ. 

ඉන්දීය පුරා විද්‍යාඥයින් පිරිසක් බුදුන් උපන් ඉන්දීය කපිලවස්තුවක් සොයාගෙන ඇති මුත් ලෝක මට්ටමේදී එය තවත් එක ඉන්දීය කල්පිත වගාඩම්බරයක් පමණි. . ලංකාවේ පිරිසක්ද එවන් සම්ප්‍රප්ප්‍රලාපයක් දොඩන නමුත් ශිලා ලේඛන, කාබන් කාල නිර්ණය, අවට නටඹුන්, දේශාටන සහ වෙනත් වාර්ථා. අවට පරිසරය, ඉතිහාසයේ අනුපිලිවෙල සහ යාබද පලාතේ  වූ ඉතිහාසය සමග වූ වඩාත් සාධාරනව ගැලපෙන ලුම්බිණියේ හැර ලංකාවේ බුදුන් උපන්නා යැයි කීම ලොකු  විහිලුවකි. වර්ථමානයේ පුරා විද්‍යාව යනු දියුනු විශයකි..හුදෙක් පොතක තිබූ ඇලපිල්ලක් ඉස්පිල්ලක් වචනයක් මාරු කරගෙන දැගලුවාට එය ඉතිහාසය යැයි වර්ථාමාන මැදහත් පුරාවිද්‍යා උගතුන් සලකන්නේ නැත. එබැවින් ලංකාවේ බුදුන් උපන්නැය වැනි  මට්ටමේ විහිළු ප්‍රචාරය කිරීමෙන් අපගේ නූගත් කම ලොවට පෙන්වීම හැර වෙනත් කිසිවක් සිදු වන්නේ නැත. 


ලුම්බිණිය වර්ථමානය 


වර්ථමානයේ පවා ලෝකයෙන් සියයට 7කට ආසන්න පිිරිසක් බෞද්ධ ධර්මය අදහන බව විකිපීඩියානෝ අපිට පවසති. ලුම්බිණියට ගිය කල එය ලෝකයේ මාර්කැට්ටුවක් මෙනි.. 

  • පසෙක ඇදහුවේ නැතත් වසර 2500කටත් එපිට ගිය වර්ථමානයේද අදහන ඒ ශාස්තෘෘවරයානන්ගේ සනාථ කොට ඇති උපන් බිම නරඹනු රිසි බටහිර උස සුදු යුරෝපීය සම්භවයක් සහිත ජාතිකයෝය. 
  • පසෙක අපි හින්දු වුවත් මේ නේපාලි රටේ බිහිවූ ඒ උතුමානන් දැකබලාගෙන එතැන සිට සෙල්ෆියක් ගනිමුයි පැමිණි නේපාලි කොල්ලෝ කෙල්ලෝ සහ බාල මහලු මිනිසුන් ගෑනුන් කැලය. 
  • පසෙක අප රටදී  බුදුහු බුදු වුවත් මේ යාබද දේශයේ නොවැ ඉපදුනේ යැයි සිතමින් කනස්සලෙන් මුත් ලුම්බිණිය වදින උද්දච්ච ඉන්දියානුවෝය. 
  • තව අන්තයක නැවත කවර කලක නම් යලි අපි මේ බුදුන් උපන් තැනක වඳිමු දැයි සලකා මහත් භක්තියෙන් වඳින පුදන ලංකාවෙන් තායිලන්තයෙන් සියමෙන්, ලාඕසයෙන් කොරියාවෙන්, ජපානෙන් චිනෙන් ලුම්බිණිය වඳිනට ගිය ආත්තලාය, මුත්තලාය. 
මෙම පුදබිම වඳින පුදන බලන ඇවිදන සරන පිරිස විවිධය. පිරිසක් අපි බෙරයකුත් ගසා වඳිමුයි කියා සිතා මහායාන අදහස් පරිදි බෙර ගසා වඳිති..ඇතැමෙක් අපි ගාථාවක් කියා තාලෙට වදිමුයි කියා සිතා එසේ වඳිති. තවත් අය ඇසෙන නෑසෙන වචනයෙන් මන්තර කියන්නාක් මෙන් බිම වාඩි වී කුටු කුටු ගගා වඳිති. ඒ සියලු වැදුම් පිදුම් එලියේ උද්‍යානයේය.   ඒ අස්සේ මායාදේවී පංසල තුල මහ පෝලිමකි. මිනිසුන් පෙල සැදී සිදුරකින් බුදුන් උපන් විහාර ස්ථානය ගඩොලු අතරින් දැකබලා ගනිති. 


ලුම්බිණියට පිවිසීම 

දිල්ලියට යන එන අයෙක්ට දින දෙක තුනක් විවේක තිබේනම් ගොරක්පූර් හංදියට දුම්රියෙන් පැමිණ එතැනින් සොනෝලි බොඩ්රය හරහා ලුම්බිණියට පැමිණිය හැකිය. සොනොලි පිවිසුම  හෙවත් නේපාල පිවිසුමේ මං කටම ලුම්බිණි යන බස් රිය නවතා තිබේ. 

කාමර හෝ හෝටල් , මහ මිල වැඩියක් නැත. රැයකට රුපියල් 500කට හොඳ ඇමිණූ නානකාමර සහිත යුගල ඇඳක් සහිත කාමරයක් මා වෙන් කරගතිමිි. නවාතැන් හි සිට ලුම්බිණි පුදබිමට රික්ෂෝ සහ රික්සෝවම දියුනු කල බැටරි බයිසිකල් තිබේ. ඒ නැතත් සැන්දෑවක නම් පයින් ගමනද සුවදායකය. 

ලුම්බිණියට නම් ලාංකිකයින් ආගන්තුකයින් නොවේ. ඇතැම් විට ලාංකික වන්දනා නඩද ඔබට තනිව ගියොත් හමු වේ. ලංකාවේ ලුනු ඇඹුල් රසට ගෙදර මෙන් කෑමට මාතර බත් කඩ ලුම්බිණියේ නැත. එහෙත් වේල බඩපිරෙන්නට කන්නට නම් විවිධ අන්දමේ කෑම සහිත බත් පාන් රොටි වැනි දෑ ඇතුලත් කෑම කඩ නම් රැසක් ලුම්බිණියේ තිබේ. 


අවසානය 

වර්ථමානයේ වන්දනා නඩ වලට එකතු වෙන වැඩිහිටි සහ තරුණ පිරිස තමුන් වඳින්නේ පුදන්නේ කුමන ස්ථානදැයි වැඩි අවබෝධයක් නැත. ඔහේ චාරිකා සංවිධායකයා පෙන්වන ගඩොල් ගොඩට මේ එතැනැයි සිතා වඳිති පුදති. ඇතැම් සිද්ධස්ථානවලදී සංවිධායකයෝ විශාල බැතිබර අතිශයෝක්ති කතා කියා පිරිස මුලාවට පත් කරන සිදුවීම්ද  නැතුවා නොවේ. 

දඹදිව ගමනක් යන්නට රිසි නම් වර්ථමානයේ තාක්ෂණයෙන් දියුනු මෙකල තමුන් බලන්නට යනවා යැයි කියන තැන් ගැන විස්තර කලින් බලා දැනකියාගෙන ඒ තැන්වල ශාසනික විස්තර තමුන්ම සොයා බලා දැනගෙන අවබෝධයෙන් වැඳීම බුද්ධිමත් බෞද්ධ උපාසක උපාසිකාවන්ගේ වගකීමකි.

 ඔබට මේ ලිපියෙන් ලුම්බිණිය ගැන යම් කරුනු ටිකක් දැනගන්නට ලැබෙන්ට ඇති. තවත් කරුණු තිබේනම් අදහස් තීරුවට ඒවා එකතුකරගෙන යන එක පසුව එන පිරිසගේ හිතසුව පිණිස හේතුවාසනා වේවි. 

ග්‍රීක ආභාෂය සහිත මුල්  අවධියේ ගාන්ධාර බුදු පිළිමයක්. 

බලි දිවයින අසල මුහුදේ වූ ඉපැරණි විහාරයක නටඹුන් 

අශෝක රජුගේ මෞර්ය අධිරාජ්‍යය
ලුම්බිණි අශෝක කුළුණ. 

මහින්ද රාජපක්ෂ නම සදහන් ලක් ආධාරයෙන්  කල ලුම්බිණි පිවිසුම් මාර්ගයක් 

සිද්ධාර්ථ කුමාරයානන් දක්වෙන මූර්තියක් 

මායාදේවී පංසල සහ එය වඳින බැතිමතුන් 

ලුම්බිණි කඩමන්ඩිය 

Saturday, June 24, 2017

අඩු කුලේ නිසා තව සමහරු කැලෑවේ

කුලය කියන්නේ මොකද්ද දන් නෑ.ඒ කිව්වෙ ්නිසි අර්ථදැක්වීමක් අමාරුයි.  ඉස්සර කාලේ රජතුමාගේ කාලේ තිබුන පද්ධතියක් තමයි කුල ක්‍රමය. තරමක් විවෘතව හිතුවොත් හොද ක්‍රමයක් ඒක. හැම මනුස්සයාම විශාල සම්පත් ප්‍රමාණයක් පරිභෝජනය කිරීම තුලින් ඉක්මනින් සම්පත් හානි වෙනවා.. එතකොට එකිනෙකා අතර අසහනය සහ මානසික අසමතුලිතතාවය වැඩි වෙනවා..අන්න අර යට කාර් එකක් තියෙනවා මට නැහ කියල කාර් එකනැති එකා හිතනවා..ආන්න අරූට ලස්සන ගෙයක් කෝ මට කියලා පැලේ ඉන්න කෙනා හිතනවා.. 

ඒත් එදා තිබුන විදියටඅඩු කුලේ එකාට ගෙයක් ගැන හීන දකින එක තේරුමක් නෑ..වාහන ගැන හිතන එක තේරුමක් නෑ,.ඒම වුනාම අද වගේ ඒවා ගැන මහා බලාපොරොත්තු තියාගෙන ණය බරින් මිරිකිලා ඒව හඹායන්න ඕනි නෑ,. 

මගේ කුලය සහ කෙරුම්කාරයෝ.. 

කුලය කියන්නේ සගවන්න ඕනි ත්‍රස්ථවාදය වගේ මතයක් නෙමෙයි..කුලය කසාද බදිනකොට එහෙම හොයනවා..මම දුරාව. දුරාවේ මිනිස්සු තමයි විජය කුමාරතුංග, ගාමිණී පොන්සේකා, මංගල සමරවීර, මර්වින් සිල්වා වගේ අය. තවත් දුරාවේ ජනප්‍රිය මිනිස්සු ඇති ඒත් මම දන්නේ නෑ,.දුරාවේ අය සලකන විදියට අන්දරේත් දුරාවේ මිනිහෙක්.. කුමාරතුංග මුනිදාසත් දුරාවේ ඩෑල් එකක් ලු.

දැන් ඔබට යමක් පේනෝ ඇති විජය කුමාරතුංග වගේ වැදගත් හැමෝම ගරුකරන චරිත අසසේ මර්වින් සිල්වා වගේ දැක්කත් තූහ් කියවෙන චරිත ඉන්නවා..ඒ කියන්නේ මගේ කුලේය කියලා මහ ලොකු බක්කක් නෑ.. ලොකුකමක් නෑ.. හොද මිනිස්සුත ඉන්නවා නරක මිනිස්සුත ්ඉන්නවා.. 

දුරාව කුලේ මිනිස්සු කරන්නේ රා මදින එක..ඉස්සර කාලේ දුරාවේ උන් කරල තියෙන්නේ ඒක. පොල් ගස් නැගීම රා මැදීම. ඔහොම වුනාට මගේ මව් පරම්පරාවේ සීය පප්පා වරු දන්න කියන අය ඔක්කෝම ගොයියෝ..ඒ ගොල්ලයි වත්තේ පොල් කැඩුවෙත් පිටගංකාරයෝ.. තාත්තාගේ පියානෝ ඇවිල්ල පෙදරේරු මහත්මයෙක්.. 

ඇත්තම කිව්වොත් දුරාවේ කුලේ වුනාට මට ගහකට නැගගන්න හරියට බෑ.. අපේ කුලේ වර්ථමානයේ එහෙම ගස් නගිනු බැරි මිනිස්සුත් ගොඩක් ඉන්නවා.. දැන් ඉති අවසාන රජා එලවලා අපි අවුරුදු දෙසීයක් වෙනවා.. රජා එලෙව්වේ සුද්දෝ නෙමෙයි නේ..රජා එලෙව්වේ අපේ උන්දැලා..රජාට වඩාසුද්දාගේ මෙව්ාව එක හොදයි කියලා එලෙව්වා.. ඉතිං රජාත් නැති එකේ ඉන් පස්සේ? තව මක්කටද කුල මල..

වර්ථමාන කුල.  

අපි පොඩි කාලේ කුඹුරු තිබුනා..ඒවයි හෙලුවෙන් නැටුවා.. ඇලවල් වල ජබුං ගහල නැටුවා.. හිටියෙ පැලක ඒක පොඩියි.. ඔහොම පරණ කතාවක් කිය කිය ඉද්දී මගේ නෑයෙක් ඇවිල්ල.. ඕව ඔහොම නෙමෙ කියන්නේ.. " අපි මේම හිටියට ඇලේ දොලේ නාල ඉපනැල්ලේ ගිහිල්ල හොදට පදම ්ෙවච්ච මිනිස්සු " ආන්න එහෙම ආඩම්බරේට කියන්න ඕනිය කියලා මට කියලා දුන්නා.. ඒත් මඩකරි ඉන්න ඇලේ පැනල නාපු එක මොකද්ද නම්බුවක් වෙන්නේ..ඇගපුරා කසන පාවරේ ඉදලා ගොයං උස්සං ගිහිපු එක කොහොමද ලොකු වැඩක් වෙන්නේ..ඒක සාමාන්‍ය දෙයක්.. ඒ නිසා මට ඒ නම්බු තියාගෙන කතාකිරීම එදත් අදත් කරන්න අමාරු වැඩක්.. 

කුල මල කීම කියන එකේ කුල නම් වලින් කීමම නෙමෙයි..අද වුනත් ආන්ඩුවෙ තැනක සහ පරණ ළුිදියට තියෙන ඔපීසියක පිරිසිදු කරන මහත්මයාට තේ හදන මහත්මයාට එතරම් සැලකීමක් නෑ.. ලොක්කාගේ හොර ගැනිට ලෙඩක් හැදුනත් හොයල බලන කන්තෝරු වසංගත ටික අර මනුස්සයා දවස් දෙක තුනක් ආවේ නැතත් මොකද කියලා හොයන්නේ නෑ,.කෑම බීමට පවා එකට යන්නේ නෑ..ඒක ඇවිල්ල එක ජාතියක කුල බෙදිල්ලක්.. 

තව අධ්‍යාපන කුල තියෙනවා..ඉදලා හිටලා ඔය යටම මනුස්සයෙක් උසස්වීම් ලැබිලා උඩට යනවා.ගිහින් වැදගත් උඵදෙසක් දුන්නත් අනික් පහල අය කියන්නේ..අරූ ඉස්සර බඩු උස්සසං ගියා වාහන හේදුවා..දැන් තමයි නිකං ලෝඩ් වගේ එන්නේ.. ඕකා දන්නේ නැද්ද ඉස්සර බස් එකේ ආවේ.. කියලාඒ මිනිහාගේ අතීත පැවතුම් දුප්පත් කාලේ හිටපු හැටි ආදිය ගැන ඕනනැති දේවල් කියලාඒ මිනිහා පාච්චල් කරනවා.. 

ඒ වගේමයි ඉගෙනගත් තැන, ගිය ඉස්කෝලේ, ඉන්න නගරය, සේවා කාලය, වෘත්තිය, වෘත්තිය මට්ටම, තනතුර ආදී විවධ ක්ෂේත්‍ර වලින් මිනිස්සු අනිකාව පුංචි කරන්නත් තමුන් ලොකු වෙන්නත් දගලනවා අපිට ඕනි තරම් මේ සයිබර් එක තුල පවා පේනවා.. 

තමුන් උඩ ගියාට නම් කිසිම අවුලක් නෑ.ඒත් අනුන්ව පෙලා දැමීම..අනුන්ට වෙනස් කොට සැලකීම තමයි වරද. 

මමගිය ඉස්කෝලේ හොද එවුන් එක දෙන්නෙක් උන්නා..ඒ වගේම ගංජ කුඩු කාර යෝ, මංකොල්ල කාරයොත් උන්නා..ඒ වුනාට අපේ උන් උජාරුවෙන් කතාකර්නනේ අර ලොකු ඩෑල් ටික ගැන විතරයි.. අනික් උන් අපේ ස්කෝලේ නෙමෙයි ද? උන් අපේ විදුහල් මාතාවගේ අවජාතක පුතාලද? 

අවසාන වසේන් කුලේනොසැලකීම කියනනේ ගොවිගම කරාව විදියට බෙදීමම නෙමෙයි.. විවිධ හේතුන් මත අනික් මිනිහාව පහත්කොට සැලකීමත් අයිති වෙන්නේ කුල බැලීඹටම තමයි.. 

Tuesday, June 20, 2017

28 මොකෝ මිනිහ දාල ටවුන් යන්නේ

28 ෆිල්ම් එකේ ඉන්න ගෑනි මිනිහ දාල යනවනේ ටවුමට.. ඒ ගෑනි මොකෝ ඒ ටවුමට යන්නේ? කියාපල්ලකෝ බලන්න උත්තර..? 
සදාචාරවත් සමාජය විසින් ඇසිය හැකි පස්නයක් තමයි ඒ..ඇත්තටම මොකද එහෙම ගෑනු ගමට වෙලා කකා බිබී හොදට ඉන්න තියෙද්දි ටවුමට ඇවිත් රස්සා කරන්නේ ඇයි මේ ගමේ හොදට ඉන්න තියෙද්දි රට යන්නේ.. 
මේක ආගමක ඩයල් එකකින් ඇහුවනම් දෙන්නේ.. හරි පැතලි උත්තරයක්.. ගෑනියෙක් වුනාම ජීවත් වෙන්න ඕනි විදිහ මේ විදියට මේ විදියට පොතේ ලියල තියෙනවා.මෙන්න මෙතන මෙන්න මේම ඒක විග්‍රහ වෙලා තියෙනවා..උන් වහන්සේ,එතුමා කියල තියෙන විදියට ජීවත් වුනා නම් ඒක තමයි ගැහැනියට තිබෙන මේ සමාජයේ එකම ගැලවීම..අපි උදාහරණයකට ගතහොත් එදා ජීවත් වූ ඒ *^$%^$*%#*^$ කාන්තාව..බලන්න එතරම් කටුක එයාගේ ජීවිතය සාර්ථක කරගන්න ආකාරය අහගන්න ඒ තැනැත්තිය අපේ එතුමා ගාවට ආවා..ඉන් පස්සේ ඇය උත්සාහයෙන් එමෙ කරගෙන ඇයට ජීවිතේ සාර්ථක කරගන්න ලැබුනා.. 

පොඩ්ඩකට හිතුවොත් මේක නිකං කවදාවත් දැකපු නැති නමින් විතරක් දන්න වැඩි ඇයි හොදයියක් නැති ගෑනියෙක් බලන්න අපි කොළඹ ඉදන් යනෝ.  යද්දි ඒ ගෑනිට අපි කැමති සයිස් එකෙන් ජංගියක් අරගෙන යනවා . මේ ආගම අනුව සදාචාරය අනුව ගෑනු හැඩගැස්වීම කියන්නෙත් අර නොදැකපු ගෑනි  බලන්න ජංගි අරං යනව වගේ නේද?  ඒ කියන්නේ අපි කලින් තීරණය කරලා ඉවරයි පොත් අනුව සමාජය අනුව ගෑනි ඉන්න ඕනි මොතන..ගෑනි කරන්න ඕනි මෙහෙම..ගෑනිට විමුක්තිය මේක..ගෑනි ට සාර්ථක වෙන්න මේමය ිකියල අපි කලින් හිතල ඉවරයි..කලින් උදාහරනේදි ටවුමෙන් ජංගියක් අරගෙන නොදන්න ගෑනියෙක් බලන්න යන මිනිස්සු වගේ තමයි ගෑනු හදන්න යන පිරිමි අපි ඔක්කොම.. 

ඔන්න ගෑනියෙක්ට හිතෙනවා මොනවා හරි ලිංගික අමාරුවකට හරි..තනිකම පාලුව නිසා හරි.. නැත්තං ගමේ තියන සදා කෝපිකඩේ වගේ බෝරිං ජීවිතය නිසා හරි පිට යන්න..පිට කිව්වේ රට පිට හෝ ගමෙන් පිටට. ඉතිං බැදලා ඉන්න දරුවෝ ඉන්න ගෑනියෙක් ට නම් ඇත්තටම ප්‍රාෙයා්ගිකව අපේ රටේදි එය කරන්න අමාරු දෙය්ක නෙමෙයි බැරි දෙයක්..දරුවොත් නැති එකියෙක් නම්..ඒකිම පැනලා ගියොත් මිසක අපේ ඉන්න නෑයෝ යාලුවෝ අමම්ල තාත්තලා සැමියෝ අරකිට යන්න දෙනවාද? නෑ හිතවතුනි නෑ.. ඒ කෙල්ල කිව්වොත් එහෙම මට මේ ගම ජිවිතේ බෝරිං..මං යනෝ පොඩි ආතල් එකක් ගන්න කියලා. ඒකි ගන්න යන ආතල් එක මොනවගේද කියලා අපේ හිතේ මැවෙන්නේම මහ වල් වනචර අසික්කිත චිත්‍රයක්.. 

ගෑනු පිට ගියාට පස්සේ 

ගෑනු පිට ගියාට පස්සේ අප ිදකින්න ආසම දර්ශනය තමයි බඩ වෙලා ආපහු අපිට වැදගෙන ගෙදරට හෝ සැමියා ගාවට එන එක.. ඒත් අද කාලේ ඒම වෙනවා අඩුයි. පිට යන හැම ගෑනිම මේ 28 ෆිල්ම් එකේ වගේ පෙට්ටියෙන් එන්නෙ නෑ..ඒත් පිට යන ගෑනුන්ගේ ඉරණම මොකද්ද? අපි නිකමට හිතල බැලුවොත්.. 

අපි දන්නවා මේ ලංකාවේ නෙමෙයි ලෝකේ වුනත් ගණිතය සමත් වෙන්නේ නෑ ඔක්කෝම.. හැමෝටම දුබලතා තිබෙනවා.. ඉතිං මේ විශයෙන් අසමත් වන ලංකාවේ කාන්තාව කියන්නේ බොහෝවිට ඒකාකාරී හවුස් වයිෆ් රාමුවට හිර වෙනවා.. ඒ ගෑනිට නිදහස ලැබෙන්නෙ සැමියා හෝ ගෙදරින් පෙන්වන ජනේලය හරහා පමණයි.. 

මෙහෙම ඉන්න ගෑනිට වෙලාවකට හිතෙනවා මේ ඔක්කෝම දාල ඩුබයි වල හෝ ඕමාන් වල ගිහින් වලං ටිකක් හෝදල ආවනං හොදයි කියලා..නැත්තං හිතෙනවා කටුනායක පැතතට ගිහින්  කී්‍යක් හරි හොයාගන ආවොත් හොදය ිකියලා . ඉතිං එයා යනවා.. ගිහින් හම්බ කරන තුට්ටු දෙක වියදම් කරනවා ගෙදර ඉන්න අය වෙනුවෙන්.. 


28 කතාව ගැන 

28 ගැන කියද්දි මම හිතන්නේ අපිට හමුවෙන කාන්තාව මලේ ඇයි කියල හිතන එක ඇවිල්ල පට්ට රස වැඩක්..දූෂණය වෙලා එපා එපා අත තියන්න එපා යද්දිත් ඒකිව මරලා දාන්න ඇති .. හෝ කොහොම හරි පිරිමින්ගේන හිංසා වෙලා මැරෙන්නට ඇති.. 

ඒත් ගැටලුව ඒක නෙමෙයි අදටත් අපේ ගම්වල ඉන්න ගණිතය අසමත් කාන්තාවන්ගේ සහ අජ්ජාපන බලුපොරයෙන් හැලෙන කාන්තාවන්ගේ වටපිටාව මොකද්ද? ඔවුන් ජීවත්වෙන්නෙත් මිනී පෙට්ටියක් වගෙ කොටු අවකාශයක නේද? 

ඒ ගෑනිට හිතුනද මේ මම වගේ නේපාලේ ගිහින් එන්න..යන්න ඇහැකිද? ඒ ගෑනිට හිතොනුත් අඩේ ඉඩමක් විකුනල හරි මං මැලේසියා ගිහින් ෂොපින් කරල ආතල් එකක් අරං එනවා කියලා ඒ ගෑනිට යන්න ඇහැකිද? 

මම නේපාලේ ගිහින් තනියම එහේ මෙහේ යද්දි මට හමුවෙනවා ඉතාලි ජෝඩුවක් .ගෑනුම ජෝඩුවක්.එ.් එක ගෑනියෙක් ලංකාවේ යුද්ද කාලේ ලංකාවට ආපු එකියක්.. ඔවුන් ඇත්තටම මගේ ගමන ගැන සතුටවුනා.. අපි රෑට බත හැදෙනකල් නවාතැනේ රත්වුනු පෝරනේ ගාවට වෙලා ගිනිතපිමින් පොඩි චැට් එකක් දැම්මා පැය බාගයක් විතර.. ඒ ගෑනු ටික රස්සසාව කරනවා සල්ලි එකතු කරනවා ඇවිදනවා..ආයේ රටට යනවා සල්ලි ටිකක්  හොයාගන්නවා ඇවිදිනවා.. 

මම  කියන්නේ එහෙම නිදහස නෙමෙයි..ඊට වඩා සරල නිදහසක් වත් ලංකාවේ ගම් වල ඉන්න අධ්‍යාපනයෙන් හැලුන ගෑනුන්ට තියෙද? ණෑනේද?  

28 ගැන

ප්‍රසන්න දක්ෂයෙක්..මහෙන්ද්‍ර දක්ෂයෙක්, සේමිනි දක්ෂයෙක්..රුක්මල් නිරෝෂ් දක්ෂයෙක්.. ඉතිං දක්ශයිනගේ ප්‍රතිභාවෙන් හැඩවුනු ලස්සන චිත්‍රපටියක් තමයි 28. ලොකු දෙයක් නෑ..පොඩි කෑල්ලක් තියෙන්නේ..ඒත් හිතන්න දෙයක් තියෙනවා.. මම ආසම කෑල්ල තමයි 
“ ඇයි නාවෙ මා සොයලා සිතේ සංකා මවා තියා...“ කියල රුක්මාල් සහ සරත් කියද්දි මහේන්ද්‍රට මල පනිනවා..නවත්තපියව් ඕක කියල බෙරිහන් දීල නවත්වනවා.. 

දැන් නිකමට ආයෙත් මම උඩින් ලිව්ව එක ගැන හිතන්න..ගෑනියෙක්ට නිකං හිතෙනවා අද හවස ඔන්නොහේ ෆිල්ම් එකක් බලල එනවා තනියම ගිහින් කියලා..? ඒකට අවසර ගන්න බැරුව, වරං ගන්න බැරුව, ඒකට සල්ලි කීයක් හරි හොයාගන්න බැරුව ගැනු කී ලක්ෂයක් ඉන්නවද මේ සිරි ලංකාවේ. 

Monday, June 19, 2017

මා ගිය කේන්දර බැලීමක්

මට මංගල යෝග නැත්තෙ මොකද කියලා බලන්න මම කේන්දරය බලවන්න ගියා. එතනට ගිහින් ඒ වැඩේ දිහා බලං ඉදදි මට හිතුනේ කේන්දර බැලීම කියන්නේ එක්තරා හැකියාවක්. ඒකට යම් යම් දක්ෂතා දියුනු කරගන්නට ඕනි.. ඇත්තටම හොදට දක්ෂතා දියුනු කරගෙන කේන්දර බාසාවේ වචන ටිකක් දශා, යෝග ග්‍රහ පිහිටීම්, ලග්න,නවාංශක ආදිය කටපාඩම ්කරගත්තාම වැඩේ ලේසියෙන්ම අදින්න පුලුවනි.

ආපු කාරණාව නිමානය කිරිම

මිනිස්සු නිකං ඉන්න ගමන් කේන්දරය බලන්න යන්නේ නෑ.. ඒකට හේතු තියෙනවා..වර්ථමානයේ නම් දරුවා ඒ ලෙවල් වලට පෙනී ඉන්නෝ ඌ පොත් බලන්නේ නෑ.. ඒවගේ වෙලාවකට දෙමාපියෝ කේන්දර කාරයා ව හමුවෙන්නට යනවා.. ඉතිං මම ඉන්න වෙලාවෙ කෙන්දර ඇන්ටිට එහෙම කෝල් එකක් ආවා..උපන් දිනෙයි වෙලාවයි දුන්නා.. එතකොටම මෙයා සටස් ගාල ඇහුවා ඒ ලෙවල් ලියන ලමයෙක් නේද කියලා..ඉතිං උපන් දිනේ දුන්නම ඒ ලෙවල්දඕ ලෙවල්ද කියලා කියන එක මහ ලොකු බක්කක් නෙමෙයි නේ..

මම අවුරුදු 33ක් මගේ කේන්දරය බාරදිපු කෙනා මේ මට කසාද කාරණාවක් හරියන්නේ නැති නිසාය කියලා ඒ ගෑනිව දැනුවත් කරලායි තිබුනේ. ඒ නිසා කේන්දර ගෑනි හරියටම දන්නවා ආමේ එන්නේ මගුල් හරිනොයන එකට කේන්දර බලවන්න කියලා..

ඉතිං අපි සාමාන්‍ය සමාජය අධ්‍යනය කලොත් 33 වෙනකල් මගුලක් නැති කෙනෙක් කියන්නේ මොන වගේ ඩෑල් එකක්ද? අපි ඒ ගැනබලමු..

කසාද මාකට් එක සහ එහි වටිනාකම්

විවාහ වීම සමහර අය යාලුවිමෙන් සහ පෙලක් අය යෝජනා යන ආකාර දෙකටම සිදු වෙනවා.. ෆිල්ම් වලදි කතා වලදි නම් දුප්පත් කෙල්ලෝ පෝසත් කොල්ලෝ එකට හමු වෙනවා.ඒත් සාමාන්‍යයෙන් එහෙම වෙනවා අඩුයි..
රූපය
 සමාජ තත්වය
උගත්කම
මිල මුදල් දේපල
ස්ථිර රැකියාව
තට්ටු දෙකේ ගෙයක්
හොද නෑදැ පරපුර..
අපි හිතමු දැන් කැම්පස් ගිහින් කැම්පස් කොල්ලෙක් සෙට් කරගන්න කෙල්ලෙක් ගැන.ඒ ගොල්ලන්ගේ ආදරය පිවිතුරුයිද ? නෑ එහෙම නැ.. කැම්ප්ස යෑම කියන්නේ හොද කෝස් එකක් නම් ඊලගට ඒ පුද්ගලයාගේ රැකියාව සමාජ භාවය සහ අනාගත ජීවිතය යම් ස්තාවරයක් තිබෙනවා කියල ලොකු විශ්වාසයක් තිබෙනවා..ඒ වගේ කෙනෙක් තුල රිස්ක් එක අඩුයි.. එහෙම කොල්ලෙක් තෝරාගැනීම තුල අහිමිවෙන්න තියෙන දේවල් අඩුයි..

මේක මේ කෙල්ලන් විතරක් කරන දෙයක් නෙමෙයි..කොල්ලො වුනත් එහෙමයි.. ඉතිං යාලුවෙනකොට ආදරය කරද්දි මහා හතරවරං බොලද කතා කිව්වත් ඇත්තටම යාලු වෙන්න කොල්ලෙක් කෙල්ලෙක් සොයාගැනීමේදී බොහෝ අමතර සාධක අපි නොදැනුවත්වම බලපානවා.. හිතන්න කන්ොතා්රු කෝචචියෙදි අහම්බෙන් හමුවන පෙම් ජෝඩුවක්..කොච්චිය වුනත් එක එක කන්ඩායම් එකතු වෙලා යනවා.ඒ යන අය බොහෝවිට එකම රැකියා මට්ටම් වල අය..උදාහරණ විදියට නගරසභාවේ කුනු අයින්කරන අය යන තැන්වල නෙමෙයි හොද අත්දිග සර්ට් ඇදපු මහත්වරු සාරි නෝනල යන්නේ..එතකොට ඒ පරිසරයෙන් හොයාගන්න සහකාරයා ඒ ගතිගුන වලින් යුක්ත වෙනවා..

මේකම පොඩ්ඩක් මංගල යෝජනා පත්තර දැන්වීම ්වලට එද්දි පොඩ්ඩක් විතර කැතයි.. මොකද එතනදි අවට සමාජය අනුව ඉබේ මැච් වීමක් නෙමෙයි මැච් කිරීමක් වෙන්නේ.. මෙහෙම මංගල යෝජනා වලට යොමුවන පිරිස බැලුවාම ඒ අයගෙත් පොදු සාධක අපිට හොයාගන්න හැකියාවක් ලැබෙනවා..

කොහොම වුනත් අවුරුදු 33ක් වන කොළඹ රැකියාවක් කරන අයෙක් යුවතියක් සොයාගන්නේ නෑ කියන්නේ ඔහුට මොකක් හෝ නරක දශාවක් තිබෙන බව කීම අපහසු දෙයක් නෙමෙයි.ඒ වගේම අවුරුදු 33 අඩු පහසුකම් සහිත ඒ කිව්වේ කාර්, ලොකු ගෙවල්, ඉඩකඩම්, වතුපිටි, හොද නෑයෝ නැති කෙනෙක්ට හමු වෙන්නේ තේරුනු ගෑනුලමෙක්.. සිංහලෙන්ම මේ පිරිමි ලමයා ඇවිල්ලා ලෝ එන්ඩ් එකේ බඩුවක්..එතකොට හමුවෙන ගැනු ලමයා ලක්ෂණ අඩුකම, රැකියාවක් නැතිකම, රැකියාව අස්ථීර, වගේ කුමක් හෝ අඩුපාඩුවක් සහිත වීමේ හැකියාව බොහෝම වැඩියි.. ඉතිං අපේ කේන්දර ආන්ටි මට ලැබෙන යුවතිය ඒ විදියේ කුමක් හෝ අඩුපාඩුවක් තිබෙන කෙනෙක්ය කියලත් ටක්කෙටම වගේ කිව්වා..

කතාන්දර කීම

ඔය කේන්දර බැලීමේදි අපේ ගැටළුව මොකද්ද කියලාත් යම් විමසීමක් කලා මම මුහුනදුන් අවස්ථෘවේදී.. එතකොට ටිකක් හාර වුස්සද්දි මේ ගැනු කෙනා කියනවා මම රැකියාව ලබාගත්තේ 2010ට පස්සේ ලු.. ඇත්තටම ඒක එයා කියන්නේ මම ඒ ලෙවල් කලානම්.ඒක පාස් නම් ඊලගට කෝස එකුත් කරන්න ඇති.ඊට පස්සේ රස්සාව කරන්න ඇත්තේ මේ කාලේ කියනඅදහසින් වෙන්නට ඕනි.ඒත් ඒකත් වැරදියි.ඇත්තටම මම රස්සාවට ගියේ කෝස් එකක් මග දාලා ඒ නිසා රස්සාවට ගිය අවුරුද්ද 2008.

ඊට කලින් පූර්වාපර සංධි ගලපලා තව අනාවැකියක් කිව්වා මම ඒලෙවල් පාස් නෑ හෝ අඩු රිසල්ට් කියලා..ඇත්තටම ඒකත් ගල් බොරුවක් වුනා..මොකද මම ඒ ලෙවල් ඇත්තටම සූප්පර්  නැතිවුනත් මම කරපු විශය ධාරාවේ හැටියට සැලකිය යුතු ලෙස පාස් .

හැමෝටම ෆයර් වෙන පොයින්ට්ස්..

ඔයට තියපු දෙයක් අමතක වෙන ගතියක් තියෙනවා සමහර වෙලාවට..
මුලින් ලොකු උනන්දුවක් තිබුනත් වැඩ මගදි අතැහැරල යන ගතියක් තියෙනවා.
උත්සාහවන්තයි ඒත් ඒ දේව්ල ලබන්න යම් වාසනා ගුනයේ අඩුවක් තියෙනවා..
උත්සාහය දිගටම පවත්වාගන්නට යම් ග්‍රහ බලපෑම් වල බාධා තිබෙනවා..
කරන්නේ ලිපි ලේඛන පරිගණක වැඩ ( මේ කාලේ ඔෆිස් රස්සාවක් කරනවා කිව්වොත් ඔ්‍ය වැඩ නොකරන කෙනෙක් හොයාගන්න පුුලවනිද? )
පොඩි පොඩි සෙම් රෝග හිස කැක්කුම් නිතර ඇතිවෙනවා..
ඔය වගේ දේවල් අපිට කියන කොට අනේ මටත් තියනවා නේද කියලා හුටස් ගාල අපි පුදුම වෙනවා..ඒත් හොදට බැලුවෙොත් ඕවා හැමෝටම තියෙන දේවල්.. තව කක් කිව්වා ඒ තමයි මගේ කේන්දරය අනුව අපේ ගෙදර ඉන්න වැඩිමහලු අයට අපලයි ලු..ඒ කියන්නේ මේග ආච්චිල සී්‍යල හිටියනම් එයාලට මාරක.වගේ.. මට 30ක්නම් මගේ ආච්චිල සීයල කොහොමත් ඉතිං ජීවත් වුනත් මේ වෙද්දි මැරෙන්න ඕන්න මෙන්න වගේ.. එයාලට මාරක නෙමෙයි මරනය කට ගාව ඉන්නවා කියලා වුනත් කියන්න පුලුවන් කිසිම අවුලක් නැතුව..

තව ඔ්‍ය මුලින් එක..ඒ කිවවේ මට බඩු තියප තැන් අමතක වෙන ගතියක් තියෙනවා කියල මටත් කිව්වා. ඇත්තටම මම එහෙම ලොකු ජීනියස් බුවෙක් නෙමෙයි.ඒත් ඔෆිස් වැඩ වලදි මම සමග ඉන්න අයට වඩා මගේ මතකය තරමක් ප්‍රබලයි.. මට දෙයක් හොයාගැනීමේ හැකියාව අනික් අයට වඩා වැඩියි.මටත් ඉතිං ඔය පෑනක් පැන්සලක් තියපු තැන අමතක වෙනවා..ඒත් අනික් අය එක්ක සන්සන්දනය කලාම අමතක වෙන හැකියාව අඩුයි.
ඒත් සාමාන්‍ය කෙනෙක්ට ඒම කිව්වම ඒ මනුස්සයා හිතන්නේ කොයි තරම් දේවල් මට අමතක වෙනවද මේ කියන්නේ ඇත්ත තමයි නේද කියලා..

කිසි දෙයක්වෙනස් කරන්න බැරිවීම

ග්‍රහයා අවුල් නම් අපිට පුලුවන්ද රොකට් එක් යවල ඌව ඇත් කරන්න..බෑනේ.
මට කිව්වා කතරගම ගිහින් දෙවියන්ට බාරයක් වෙන්න කියලා.. බණ්ඩාර අයියේ සිංදුව මතක් වුනා.. බණ්ඩාර අයියේ මේ පෝයට කතුගරමට යං..දෙවියන්ගෙන් ඉල්ලන්න නෙමෙයි වැදල යන්න යං..කියල ශෘනිකා මදුමාලි අජිත් බන්ඩාර කියන සිංදුවක් තියෙනවා..

දෙවියන්ට බාර වෙලා මංගල යෝග ඉල්ලුුවාම ලැබෙන හැකියාවක් තිබෙනවාලු...ඒ කිය්නේන ග්‍රහයාගේ අවුල දෙයියන්ට ගොඩදාගන්න හැකියාව තිබෙනවා.ඒ වගේම අටපිරිකර පූජා කරලා පින් දෙන්නලු එතකොටත් ග්‍රහ බලපෑම් වල අවුල් නැතිවෙනවාලු..පින කියන සංකල්පයෙන් එහෙම ග්‍රහ බලපැම් වෙනස්කරන්න පුලුවනිද? මම බුදුදහම ගැන දන් නැති නිසා ඒ ගැන වැඩිය දන්නේ නෑ..
කොහොම වුනත් මම මේ නොයා බැරිකටම ගියාමිසක දෙවියන් ේක්න්දර කාරයො ගාවට යන්නේ නෑ. එහෙම දෙයියේ කේන්දර පස්සේ යන අයට ඒව විස්වාසයි.ඒ නිසා නේ යන්නේ.. ඉතිං ඒ විස්වාසය හිස් මුදුනින් දරාගෙන යනකොට බුද්ධිය පොඩ්ඩක් මුල්ලට වෙලා අර විස්වාසයට තැන දෙනවා..
සාමාන්‍යයෙන් මම මා ගැන ලියනවා අඩුයි..ඒත් මේ කේන්දර සීන්ස් ගැන ඇත්ත කියන්න නම් ඉන් ඩීටේල් විස්තර කියන්න වෙනෝ.. ඉතිං ඕ ගොල්ලන්ටත් එහෙම කියලා වැරදුනු අනාවැකි එහෙම තියෙනවාද/ තියනෝ අපිත් එක්ක ආතල් එක බෙදාගන්න කමෙන්ට් එකක් දාල යන්න.

Sunday, June 18, 2017

වැවුරුකන්නලැ පෙරහැර

 ගිය වෙසක් පෝයට වැවුරුකන්නල පෙරහැර බලන්න අපි ගියා. ඕගොල්ල ඇතැම්විට ටීවි එකෙන්ඒක දකින්නටඇති. ඒත් නොදැකපු අයට ඒ පෙරහැර බලාකියාගන්න දාන්න ඕනි කියල හිතුනා.



හනුමා නැටුම
 හනුමා නැටුම එන්නේ හනුමා ලංකාවට ආවාය කියන විශ්වාසය නිසා වන්නට ඕනි.. ඔය හනුමා ගැන කියවන වෙලාවේ කියවෙනවා හනුමා රූමස්සල කන්ද ගෙනාපු හැටි.. හනුමාට මොකද්ද බේතක් හොයන්න කියලා කිව්වම පොරට බෙතෙ හොයාගන්න ස්පෙසිපිකේසන් ටික මතක නැතිවෙනවා..ඒ ගමන මුලු කන්දම හිමාලේ ඉදලා මෙහෙ උස්සන් එනවා..එන අතර ගාල්ල දිහා බීච් එක ආසන්නයේ පොඩ්ඩක් නවතිනවා..නැවතිලා බැලූකොට රුම් එකක ජෝඩුවක් මොනාද කරනවා පේනවා..හනුමා ටිකක් බලා ඉදලා හුම්ම්.... ගාල හුස්මක් ඇරියා.ඒ හුස්ම අර පස් කන්දේ වැදිලා කැල්ලක් වැටුනා..ඒක තමයි රූමස්සල..අර රූම් එකේ හිටිය ජෝඩුව ටිකකින් දකිනවා..එලියේ..හම්මට අපි එනකොට තිබුනේ නැති පට්ට කන්දක් සෙට් වෙලා නේ..කියලා.. රූම් අස්සේ සීන් එකක් නිසා රූමස්සල වුනා කියලයි ජනප්‍රවාදයේ තිබෙන්නේ.
අස්ව නැටුම

මොණර නැටුම


මෝල් ගස් නැටුම
 පෙර කල සිටි ජනතාව පෙරහැර පවත්වන්නේ තමුන්ගේ සශ්‍රීකත්වය පෙන්වන එක්තරා සංකේතයක් විදියට. මෙම සශ්‍රීකත්වය පෙන්වන අවස්ථාවේදී තමුන්ගේ අස්වැන්න නෙලාගන්න ආකාරය එය සකසාගන්න ආකාරය පෙන්වන්නත්ඒ ජනතාව අමතක කලේ නෑ..දැන් නම් මෝල් කොල්ලෝ කෙල්ලෝ ඉන්නවා..ඒත් මෝල් ගස් නම්හරි අඩුපාඩුයි. මොක වුනත් ඉස්සර පෙරහැර වල ගිය මෙම ගැමි නැටුම ්අද වෙද්දි මොඩ් වෙලා.. හරිම හැඩයි ඇතැම් නැටුම්..
කුලු නැටුම

නමක්දන්නැති නැටුම

අලි කලබල
මේ අලියා මොකක් නමුත් හේතුවක් නිසා පට්ට අවුලකින් ගියේ.. වැනෙනවා ගැස්සෙනවා පෙරලන්න හදනවා..කොහොම වුනත් ඇතැම් විට උගේ බඩයට තියෙන වරපට වල මොකක් නමුත් අවුලක් තිබෙන්නට ඇති.. සතාට ඉතිං පොඩි එකාට වගේ අගවනවා ඇරෙන්න කටින් කියන්න බෑනේ..ඌ ගැස්සි ගැස්සි අමාරුවෙන් ගිය වගකුයි පෙනුනේ..
වෙස් නැටුම
 දකුෙන් පෙරහැරවල හරිනම්උඩරට නැටුම ්තියන්න බෑ..මම පුද්ගලිකව කැමතිත් නෑඒ වැඩේට..මොකද උඩරට පකිරෙන්තුවෝ උණ්ගේ පෙරහැර වලට පහතරට නැටුම හෝ බෙර ගන්නේ නැ..අපි මොකටද අමතරව දෙන්න යන්නේ.. ඒත් ඉතිං අවාසනාවකට වගේ අපේ අජ්ජාපන ක්‍රමයේ නර්ථනය උගන්වද්දි ඇතැම් විට පහතරට පැතිවලත් උඩරට උගන්වනවා.. ඉතිංඒ නිසා සහ අපේ අයගේ තියෙන උඩරට ලොකුය ිකියන මොකක් හරි නිසා දැන් අපේ පැත්තේ පාතරට පෙරහැර වලත්උඩරටනැටුම ්යනවා.. 
මහ බඹා
 පෙරහැරක් ලෙස ගත්තාම දික්වැල්ල පෙරහැරවල් වල තියෙන විශේෂ අංගයක් තමයි මේ මහඹඹා  කියන්නේ..මේක විශාල බෝනික්කෙක් වගේ.. අැතුලේ ඉන්න මනුස්සයෙක් මේකාව උස්සගෙන කරකවලා නටනවා නැටිල්ලක්..වෙලාවකට පැද්දිල ඇවිත් මිනිස්සුන්ගෙත්වදිනවා.. මේ දව්ස්වල නම් හොදට පපර බෑන්ඩ් එක් තමයි මේයාට මියුසික් දෙන්නේ..මහඹමා කියන අංගය දකුනේ පෙරහැරවල තමයි වැඩිපුර තිබෙන්නේ.. මෙයින් මහා බ්‍රහ්මයා නිරූඵනය වෙනවා ඇති..මේ අත හොදට සූම් කරල බැලුවොත් මහඹඹා ටැටූ එකක් ගහං ඉන්නවා ඔබට සතුටුයිද දැන් කියලා..
මල් බයිසිකල්

මේ පහල තිබෙන වීඩියෝ එකනම් බැලිය යුතුම එකක්..මොකද මේ ඩාන්ස් එක වට්ටි නැටුමක් වුනාට මැද ඉන්න කෙල්ල නටනවා නැටිල්ලක්..රිඹ යන්න.. මේ පොරහැර මම බලන තැනට එද්දි පැය තුනකට වඩා මෙයාල පාරේ නටලා..ඒත් මේ ගෑල්ලමයා ලග තිබෙන ජීවගුනය පුදුමාකාරයි.. ඇත්තටම ලස්සනයි..මට මතක් වුනේ මේ දවස්වල මියුසිකල් සෝ වල උඩදම දම නටන ගැනුලමයි ටිකක්.. ඒත් ඊඨ වඩා බොහොම ලගින් ඉදගෙන ඩාන්ස් එක ලස්සනට බලාගන්න හැකියාව පෙරහැරේදි අපිට ලැබෙනවා.. එක අතකින් පෙරහැර ක තිබෙන එක ආතල් එකක් තමයි අපි ඩාන්ස් එක ඈතින් ඉදන් බලනවාට වඩා ඩාන්ස් එක අපි ලගට ඒම.. ඒකෙත් අමුතු ලල් එකක් තියෙනවා.. 

Saturday, June 17, 2017

මාඩි හිමාල් තරණය 1

මාර්ඩි හිමාල් යනු නේපාලයේ පොකරා ආසන්නයේ ඇති මීටර  5587ක් උස කදුවැටියකි. එම කදුවැටිය දැකබලාගන්නට සිදුකරන තරණයේදී මීටර 4500කට ආසන්න උසක් නැගිය යුතු වේ. නේපාලයේ පොකරා ආසන්නයේ ඇති තරණයන් කිහිපයකි. ඒ අතරින් අන්නපූර්ණා බේස් කෑම්ප්, පූන්හිල්, අන්නපූර්ණා රවුන්ඩ් ආදී තරණයෝ ප්‍රමුඛ ස්ථානයක් ගනී. පූන්හිල් යනු අන්නපූර්ණා සීමාවේ ඇති ජනප්‍රියම කදු තරණයකි. 
මේ උසින් අඩු මෑත කන්ද මාර්ඩි හිමාල් වේ.

අපේ ට්‍රෙකින් සහ නේපාල ට්‍රෙකින්. 


නේපාලයේ ජනප්‍රිය වූ සෑම ට්‍රෙක් එකක්ම පාහේ සංචාරකයින් සදහා ඇතිකල විශේෂ පහසුකම් වලින් සමන්විතය. ඒවායෙ ්අතරමැද නවාතැන් පොලවල් ඇති අතර විටෙක සති දෙකකටත් වඩා දිගු පාගමන් ද මෙසේ තැන් තැන් හී ලැගුම්හල් හි නැවතෙමින් ගමන් කරන අවස්ථා තිබේ. නේපාලයේ කදුකර භූමි හරහා පිවිසුම් මාර්ග තැනීම වියදම් අධික කටයුත්තකි. එම නිසා නේපාලයේ ඇතැම් ගම්මාන වල ජනී ජනයා තවමත් කර මතින් දින දෙකතුන පාගමනේ යෙදී සිය බඩු බාහිරාදිය සපයා ගනිති.

නේපාල ට්‍රෙකින් යනු එහි සොබාව සෞන්දර්යය, හා ජනජීවිතය හොදින්ම විදගැනීමට ඇති මාහැගි මාර්ගයකි. එහිදී අපට සැබෑ ස්වරූපය බොහෝ දුරට අත්විද ගත හැකිය. 
පා තරනයක යෙදෙන සංචාරකයෙක්

මාර්ඩි හිමාල් තොරාගත්තේ ඇයි.

පොකරා ආසන්න වඩාත් පහසු ජනප්‍රිය පහසුකම් වලින් අනූන මාර්ග තරණය වනාහී පූන්හිල්ය. එහෙත් එය මීටර 3500කට ආසන්න දුරක් දක්වා වන තරණයකි. එය වඩාත් ජනප්‍රිය හෙයින්ද උස ප්‍රමාණය අඩු  හෙයින්ද මා විසින් මාර්ඩි හිමාල් තරණය තෝරාගතිමි.

මා පොකරා වෙත ළගාවන විට අප්‍රියෙල් මස 7 වැනිදා රාත්‍රී 11 පමණ විය. හනි හනික විල අද්දරට පැමණ නවාතැනක් සොයාගෙන ඒ අසලින්ම තැනකින් හොදින් කා නින්දට වැටුනෙමි. ඊලග දිනයෙ ්එලියට බහින විට මා සිතූ තරම් සංචාරක පිරිසක් අවට නොවීය. එහෙත් විල අද්දරට යන විට එහි තැන ්තැන් හි සංචාරක පිරිස් සිටියෝය. මුලදී මා සිතාගෙන සිටියේ කිසිත් නොදන්නා දේශයක තනිවම යෑම අන්තරාය හෙයින් ගයිඩ් මහතකුගේ සේවය ලබාගැනීමටයි. 

මාර්ඩි හිමාල් මැප් එක
මාඩි හිමාල් තරණය ගයි්ඩ් වරුන්ගේ වාර්ථා අනුව දින 5-6ක ගමනකි. එම දිනකට ගයිඩ් මහතකු වෙනුවෙන් ගාස්තුව ඇමරිකානු ඩොලර් 25කි. දින පහකට එනම ්ෙඩාලර් 125කි. ඊට අමතරව නවාතැන් සහ ආහාර ගාස්තු අපි විසින්ම ගෙවිය යුතු වන්නේය. එක් තැනකදී මා ආධුනිකයෙකු බැවින් අමතර දවසක්ද එකතු කල යුතු බැව් පැවසීය.එවිට ගාස්තුව ඩොලර් 150කි. මෙම දිනකට ඩොලර් 25ක් යනු ගයිඩ් ගාස්තුව පමණකි..ඊට අමතරව අවසර පත් ලබාගැනීම ආදී කටයුතු ආදිය සංචාරක ගයිඩ් සේවාවන් විසින් සපයන නමුත් ඒ සදහාද මිලක් අප විසින්ම ගෙවිය යුත්තේය.

ට්‍රැකි්න් සදහා ගයිඩ්වරුන්සපයන මග පෙන්වන ස්ථාන බොහොමයක් මෙම පොකරා විල අසබඩ තිබේ. එව්න තැනක් නම් සොයාගැනීම අපහසු නොවේ. 

පොකරා විල අද්දර

පර්මිෂන් ගැනීම

මා පාතරාසය ගැනීමට විල මාර්ගයේ ඇති කඩයකට ගොඩ වුනෙමි. ආහාර අඇනවුම කර ඒ වා එනතෙක් මග බලා සිටින විට චීන කෙල්ලෝ දෙදෙනෙක්ද කොන්ඩය වවාගත් යුරෝපීය ජාතිකයෙක්ද පැමිණ අවන්හලෙන් ආහාර ඇනවුම් කලෝය. චීන කෙල්ලෝ දෙක එලියේ වාඩි වූ අතර අවට ඇති සෑම දෙයක්ම සේයාරූ වලට නගාගන්නට උත්සාහ ගත්තේය. සෙල්ෆි ගසමින් කන කෑම පංගුව පවා තුන ්හතර විඩක් පොටෝ වලට එක් කරගන්නට මහන්සි ගත් චීන කෙල්ලන්ගේ චරියාව ඇතුෙල් සිටි යුරෝපියානුවාටත් මටත් විනෝදයක් විය. එනයින් යුරෝපියානුවා හා කතාවට සෙට් විය. 
අවන්හල ඉදිරිපිට සිට සෙල්ෆි ගත් චීන කත
මා මාර්ඩි හිමාල් යන්නට සිටින බවත් ඒ සදහා ගයිඩකු ගන්නට සිටින බවත් කී විට යුරෝපියානුවා මට තදින්ම කියා සිටියේ එය ගයිඩන් අවැසි නොවන ට්‍රැකින් එකක් බවයි. මා තනිවම යනවා නම ්අවසර පත් ගත යුතු තැනද ඔහු මට පෙන්වීය. හොද මැප් එකක් ගෙන ඒ අනුව යන ලෙසත් ඔහු මට උපදෙස් දුන්නේය. මට දින කිහිපයක් අමතර තිබෙන හෙයින් මම තනියම යෑම ගැන ලොකු අවධානයක් නැතත් අවසර පත් කන්තෝරුව වතෙ හෙමි හෙමින් පිය මැන්නෙමි. විල අසබඩ සිරිය විදගනිමින් පැයක් හමාරක් පයින්ම ගිය විට අවසරපත් කන්තෝරුව තිබුනි. එහිදී කදු නැගීමට එක් අවසර පතකුත් අන්නපූර්ණා පලාතට එක් අවසර පතකුත් වශයෙන් අවසර පත් දෙකක් ගත යුතුව තිබුනි. මේ අවසර පත් ගැන කලින්ම දැන සිටි මම පාස්පෝට් එක සහ පාස්පෝට් සයිස් පොටා් කෑලි කිහිපයක් ලංකාවෙන්ම රැගෙන ගියෙමි.

විදේශිකයින්ට නම් අවසර පත් ලබාගැනීමට නේපාල රුපියල් දෙදාහක් ගෙවිය යුතුය. එහතේ අපි දකුනු ආසියාතික නිසා වැය වූයේ රුපියල් දාහටත් අඩු මුදලකි..දකුණු ආසියාතිකයන්ට එවැනි අවසර පත් ගාස්තුවල යම් අඩු අයකිරීමක් සෑම කදු තරනයකදීම පාහෙ ්දකින්නට තිබේ.

එතැනට ගිය විට එතැන අවසර පත ගන්නා කන්තෝරුවේ ගෑනුද පිරිමිද ආදී විදේශිකයෝ 15කට ආසන්න ප්‍රමාණයක් අවසරපත් ලබාගන්නට පෝලිමේ සිටියෝය. යොවුන් විදෙස් යුවතියෝද ඒ අතර විය. මෙතරම් සුකුමාර කෙල්ලන්ටද කිසිදු චකිතයකින් තොරව මෙම තරණයන් සිදු කල හැකි නම් මට එය නොහැකිවන්නට විදියක් නැත. යැයි සිතූ මා තනිවම යන්නට තීරණය කලෙමි.. අවසානයේ ඒ සුද්දාටත් අර අවසර පත් කන්තෝරුවේ සිටි පියකරු විදේශික යුවතියන්ට ත් පිංසිද්ද ව්න්නට මට අඩුතරමේ ඇමරිකානු ඩොලර් 125කවත් හොද ඉතිරියක් ලැබුනි. සැබැවින්ම තනිව ගමන කාලයක ඉතුරු කරගන්නටත් මට ඇවැසි පරිදි තැන් දැකබලාගන්නටත් විශාල අවකාශයක් දුන් ක්‍රමවේදයක් විය. 

පොකරා ෆෙවා විල අද්දර බෝට්ටු සවාරි

ගමනාරම්භය

මාගේ සියලු ඇදුම් පැලදුම් ආදිය කිලෝ හත අටකට නොවැඩිය. එහෙත් දින තුන හතරක් ඒවා මවිසින්ම ඔසවාගෙන යායුතුය. සාමාන්‍ය  මූලික මට්ටමේ මාගේ බෑගය ඒ සදහා තරම් නොවේයැයි සිතූ මා අලුතින් බෑගයක්ද මිලදී ගතිමි. ට්‍රෙකින් සදහා විශේෂ වූ සපත්තු යුගලක් මා කොළඹින් ම රැගෙන පැළදගෙන ගිය නිසා ඒ ගැන වැඩි අවධානයක් යොමු නොකලෙමි.

ශිත ඇදුම් හෝ කදු නගින ස්ටික් නොගත්තෙමි. ශීත ඇදුම් මා මිලදී ගන්නට  බැලූ මුත් ඒවා තවත් කිලෝ 2ක් වත් බර වැඩි කරන යම් බරක් ඇති ඒවා විය. ඇරත් ඉහල මට්ටමේ එතරම් සීතලක් නැති යැයි මා සිතීය.එම සීත ඇදුම් නොගෙන යෑම නම් අමනෝඥ තීරණයක් විය. මා ගමන සම්පූර්ණ කලද සීත ඇදුම් නොමැතිවීම යම් කිසි හෙයකින ්අනතුරක් වූවානම් දරුණු තත්වයකි. දිගටම ගමනේ යෙදෙද්දී ශීතල යනු එතරම් දැනෙන සාධකයක්ෙ නාවේ..කොටින්ම හිම මත  පවා වේගයෙන් ඇවිදන විට හිරරු රැස් පතිත වෙන අවස්ථාවේදී එතරම්ම සීතලක් ඇගට නොදැනේ..එහෙත් එකම තැනක වැඩිවෙලා ඉන්නට වූවොත් එයනම් සීථ ඇදුම් නොමැතිව අපහසුතාවට පත් වෙන අවස්ථෘවක් වෙනු ඇත.

මුලින්ම මා ඔස්ට්‍රේලියානු කෑම්ප් එකට යා යුතුය. එම ගමන හවසම පටන් ගන්නට යන විට මා සිටි නවාතැන් පොලේ උන්නැහේ නම් එයට වැඩි මනාපයක් නොවීය. එහෙත් සවස පටන් ගතහොත් අඩුතරමේ මුල් නවාතැනටවත් යා හැකි නොවැදැයි සිතා මා ගමන ආරම්භ කරන්නට පටන් ගත්තෙමි.

පොකරා සිට ඒ ඔස්ට්‍රෙේලියන් කෑම්ප් වලට යන ලෙහෙසිම පිවිසුම වන කාදේ වලට බසයකින් යා යුතුය.එම කාදෙ ්වලට යන බස් රිය අල්වා ගැනීමට පොකරා විල අද්දර සිට වෙනත් බසයකින් පැමිණිය යුතුය. සැබැවින්ම බස් අල්වාගත් මංසන්දි මතක නැති මුත් නේපාලි ජාතිකයෙකුගෙන් ඇසූ ඔවුන් මට පාර සහ බසය සොයාගන්නට මහත් උපකාර විය. 

බස් රිය තුල සිටි මවක්

බස් ගමන


බස් රිය ගමන පැයක්වත් නොවීය.එහෙත් තැනක තේ බොන්නට මෙන් බසය නැවැත්වීය. එතැනදී බැස්ස ඇතමුන් අරක්කු ටිකක්ද පානය කරන්නට වූයේ කිසිම කලබලයකනි් තොරවය. නේපාලයේ අරක්කු යනු ඕනෑම කඩයක විකුනන්නට ඇති පානයකි. බියර් සහ සිසිල් බීම එකම රාක්ක වල තිබේ.

එම බස් රියේ කොන්දොස්තර තැන අසල වූ කෙල්ලක සමග පෙම් කතාවක සිටියේය.මා බහින තැන පැහැදිලිව කීවත් ඒ උලමා මා නිසිතැන බැස්සූවේ නැත..ගමන තවත් පැය බාගයක් විතර වැඩියෙන් ගෙනගොස් මා බැස්සූවේ නයාපූල් නම් ප්‍රකට පූන්හිල් ට්‍රැකින් එක ආසන්නයේය.

එතැන බැස අසල කඩයකින් ඇසූවිට උගත් නේපාලි සිසුවෙක් මට වී ඇති දේ පැවසීය. මේ නයාපුල් පූන්හිල් ට්‍රෙකින් එක මද දුරක්  ගොස් මගදී මාරු වී අනෙක්  මගකින් මාර්ඩි හිමාල් වෙත පිවිසිය හැකි යැයි ඔහු කීවත් එය තරමක් වෙහෙසකර යැයි මට සිතුනි. එබැවින් කුඩා කාර් රථයක නැගී නැවත කාදේ වල ටආමි. කාර් රථයට එම අවස්ථාවේ ගාස්තුව රුපියල් 900ක් පමණ ගන්නා ලදී. එහෙත් කාර් රිය පැමිණීයා නොව කදුකර මාර්ගය දිගේ විද්දේය. මරුතියක් එවන් පාරක එතරම් වේගයෙන් යනු මා මුහුනදුන් තද අත්දැකීමක් විය.

හතර අතේ කැරකැවී කාදේ වෙත ලගාවන විට හවස පහට ආසන්නය. ඉක්මනින්ම ඉහලට නැගීමට පටන් ගත්තෙමි. අතරමගදී කන්ඩායමක් හමු විය. ඔවුන් අතර නේපාලි ජාතික සිසුන් තිදෙනෙක් සහ තවත් විදේශිකයින් විය. ඔවුන් සමග එකතු වී මා ඔසී කෑම්ප් වෙත පැමිණෙන විට කලුවර වැටෙන්නට ඔන්න මෙන්න විය. අසල තිබූ පැරණි පෙනුමැති නවාතැනක් මා තෝරාගතිමි. එහි කෑම බීමද සාධාරන මිලට ලැබුන අතර රසයෙන්ද අඩුපාඩුවක් නොවුනි. එය නමින් මාචාපිචු රෙස්ටුරන්ට් විය. එතැන නවාතැනට රුපියල් දෙසීයකි. රාත්‍රී සහ උදෑසන ආහාර බිල රුපියල් 600/=කට ආසන්න විය. 

ඔසී කෑම්ප් හි මා නැවතුනු ලොජ් එක




බස්රිය තේ බොන්න නැවතු හෝටලය

ෆෙවා විලාද්දර සංචාරක වීදියක්

විලාද්දර බෝට්ටු
මාර්ඩි හිමාල් 2 බලාපොරොත්තු වන්න

Friday, June 16, 2017

ඇසෑම් සහ ඇසෑම් රේල් වේ

ඇසෑම් තියෙන්නේ ඉන්දියාානු උප මහද්වීපයේ ඉහල බංග්ලාදේශ මායිමේ ඊශානදිග දිහාවට වෙන්න. පහල සිතියමේ තියෙනවා ඇසෑම් තියෙන්නේ කොහේද කියලා හරියටම. ඔය රතුපාටට පෙන්නුම් කරලා තියෙන්නෙ ඇසෑමය. මේ ඇසෑමය අයිති ඉන්දියාවට. අපිට හිතෙනවා..හෑ මේක ඉන්දියාවෙද කියලා කියලා. ඒක අපිට විතරක් නෙමෙයි..ඉන්දියාවෙ මුම්බයි පාසල් පොතක මෙම ඇසැම් කොටස නැතුව ඉන්දියානු සිතියම ඇදලා තිබුනා.මොකද එතකොට අර යට ඇදුම වගේ කෑල්ල විතරයි ඉන්දියාව..මේ පැත්තකින් එල්ලිලා තියෙන ඇසෑමය ඇදින්නත් අමාරුයි සිතියම් කැල්ලක් විදියට.

ඉන්දියාව නිදයසට කලින් ඔය විශාල ප්‍රෙද්ශයේ ඒ කියන්නේ බංග්ලාදේශයේ සිට ටිබෙට් චීන දේශසීමාව ඒත් නිදහසින් පස්සේ බ්‍රිතාන්‍ය ඉන්දියාව බටහිරින් පාකිස්ථානයත්..නැගෙනහිරින් බංග්ලාදේශයත් විදියට කැඩිල ගියා.


ඇසෑම් යුද්ධ කාලේ..

දෙවන ලෝක යුද්ධයේදී මෙම ඇසැම් කලාපයේ කෑල්ලක් ජපනා අල්ලගෙන තිබුනා. ඒ ජපනා ඉන්දියාව අල්ලද්දි ඉන්දියාවේ නිදහස් සටනේ පතාක යෝධයෙක් වුනු..1915 කාලය දක්වා ඉන්දියාවේ අගනුවර විදියට පාවිච්චි වුනු කල්කටා වේ ඩැල් එකක් ජප්පට සපොට් කලා..එයා තමයි සුභාෂ් චන්ද්‍ර බෝශ්.. සුභාෂ් ජපනාට ඉන්දියාව අල්ලගන්න ඉඩදීම ඇතැම් ඉන්දියානු ජාතිකයින්ට විශාල දෙයක්. නමුත් සමස්ථ ජපන් දෙවන ලෝක යුද ඇනිය තුල සුභාෂ් බෝෂ් කියන්නේ මහ ලොකු බක්කක් නෙමෙයි. සුභාස් කඩාගෙ ගිය ඉන්දියානු හමුදාව ජපන්නු පාවිච්චි කරන්නෙ උන්ගේ බඩු බාහිරාදිය සප්ලයි කරගන්න.

ඇසෑම් වල දැනටත් තියෙන ඉම්පාල් මනිපුරි නාගලන්ඩ් වගේ පලාත් යටත්කරගන්න ජපනා සමත් වුනා. මේ ඇසෑමයේ සහ මියන්මාර දේශසීමා කොටහක් ජපානය විසින් නතුකරගත්තා. පස්සේ කාලේක බ්‍රිතාන්‍ය සහ ඇමරිකානු හමුදා එකතු වෙලා මෙම කොටස නැවත අත්පත්කරගන්නට කටයුතු කලා.
විවිධාකාර ගල් 

ඇසෑමයේ රෙල් පාර 

ඇසෑමයේ තේ වත්තක් 

දුම්රිය වේදිකාවක් 


බ්‍රහ්මප්‍රත්‍ර මහා නදිය පාලම අසබඩ 

උණ පඳුරක් 


යුද්ධ කාලේ සප්ලයි චේන් එක

ජපනා මේ කියන ඉන්දියානු සීමාවෙදි වගේම දෙවන මහා ලෝක සංග්‍රාමය ගිය කාලය තුල වැඩිපුරම මුහුනදුන්නේ සංග්‍රාමික විපත් වලට වඩා සාගතයට. සාගතය නිසා මිය ගිය ප්‍රමාණය සංග්‍රාම නිසා මිය ගිය ප්‍රමාණයට සමානයි.
ජපනාට මේ දක්වා..ඒ කිව්වේ ඉන්දියාවේ බුරුම සීමාව කරා එන්න හැකිවුනාට ඒ දක්වා අල්ලාගෙන ආපු වර්ථමාන ඉන්දුනීසියාව. පිලිපීනය, තායිලන්තය. ආදී විශාල රටවල් වලින් අවශ්‍ය ආහාර ලබාගන්නට හිතුව තරම් ලේසි වුනේ නෑ.. ඒ වගේම චීනෙදිත් හොද ප්‍රතිචාර ලැබුනේ නෑ ජපාන ආහාර ලබාගැනීමට.. දෛවන ලෝක යුද්ධයේදී ජපාන ඇනිය තුල තිබුන විශාල අඩුපාඩුවක් ලෙස මෙම ආහාර ආර්බුධය  ඉතිහාසඥයින් විසින් විග්‍රහ කෙට තිබෙනවා.

ඇසෑම් ගැන කයිය ගහන්න ගිහින් ඇයි මේ දෙවන ලොක යුද්දේ ජපාන සප්ලයි ගැන කියන්නේ.. දෙවන ලෝක යුද්දයේ දී ජපානය කොරියාව, චීනයේ විශාල කොටසක්, අග්නිදිග ආසියාවේ විශාල පදාසයක් යටත ්කරගෙන බුරුම සීමාවට එද්දි මිත්‍රපාක්ෂික ඇමරිකාව සහ බ්‍රිතාන්‍යය ඉන්දියාව දෙසින් විශාල ප්‍රතිරෝධයක් ඔවුන්ට එල්ල කරනවා..විශේෂයෙන් චීනයේ සටන් කල ජපන් විරෝධී හමුදාවලට අවශ්‍ය ආහාර සහ අවි ආයුධ දෙන්න ක්‍රමයක් තිබුනේ නෑ.. ඒ මොකද චිනයේ සියලුම වැදගත් නාවුක මාර්ග එවිට වැහිල තිබුනේ ජපන් ආක්‍රමණ වලින්..

මේ අවස්ථාවේදී ඉන්දියාවේ බෙංගාලය, ඇසෑමය හරහා විශාල මාර්ග පද්ධතියක් නිර්මාණය කරනවා ඇමරිකාව විසින්. ඉන් පසු මිත්‍ර පාක්ෂිකයින් විසන් චීනයට අවශ්‍ය ආයුධ සහ ආහාර සැපයුම් නිසියාකාරව පවත්වා ගන්නවා.. විශාල ජලාශ්‍රිත ප්‍රෙද්ශයක් වූ මේ ඇසෑම් බෙංගාල පැත්තේ පාලම් සිය ගානක් ඉදිකරලා විශාල  කැපකිරීමක් කරලා ඇමරිකාව පාරක් හදනවා චීනයේ කුන්මින් වලට... සහ චීනය දෙසට.. මෙම මාර්ග ඔස්සේ චීනයට අවශ්‍ය සැපයුම් ලබාදීමට හැකිවීම ජපනාට එරෙහි චීන හමුදාවට විශෙෂ ශක්තියක් වුනා.

එහෙත් ඇමරිකාව ඇවිල්ල පාරවල් හදල දීල ගියාට වැඩිමනක් ෆයිට් වලට දායක වුනේ නෑ..ඒකට එක හේතුවක් මේ පලාත මෝසම් කාලෙදි පල් වලක් මඩ ගොඩක්. මේ මඩ ගොඩේ වැඩ කිරීම ලේසි නෑ. නිවර්ථන වනාන්තර වල වැඩකරද්දි මේ සුද්දොන්ට රටේ නැති ලෙඩ..අපේ රටවල තියෙන මැසි මදුරු කරදර ඒ ඇමරිකාවල නෑ..ඒ වගේම මෙහෙදි අපිට වැලදෙන ලෙඩරෝගත් ඇමරිකන් යුරෝප් උන්ට අලුත්. ඒ නිසා පලාත පුරුදු ඈයින්ට යුද්ද කරගන්න බඩු ටික සම්පාදනේ කරල ඇමරිකන් කාරයා පිටමං වෙන්න ඇතිය කියලා ඉතිහාස වාර්ථා වල තියෙනවා. 


එදා ඇසෑම් රේල් වේ. 

එදා ඇසෑම් රේල් කියනනේ වර්ථමාන බංගලිදේශයේ මූලික වූ පද්ධතියක්.. ඒ පද්ධතිය හරහා ඇසෑමයේ නිශ්පාදන වූ තේ සහ වෙනත් නිශ්පාදන ඉන්දියානු වරායන් කරා ප්‍රවාහනය කලා..අවුරදු සීයකට විතර පසසේ අදත් මෙ ්පලාතේ ගල් අගුරු ගෙනියන්නේ දුම්රියේ..පහල තියෙනවා ඒ විදියගෙල් අගුරු දුම්රියට ගල් අගුරු පටවන ආකාරය. 




ඇසෑම් රේල් ජාලය ඉන්දියාව නිදහස් වෙද්දි උඩු යටිකුරු වුනා. මොකද ඇසෑම් සහ නැගෙනහිර බෙංගාල රේල් වේ පද්ධතියේ මූලික මාර්ග තිබුනේ වර්ථමාන බංගලිදේශය හරහා..ඒ කොටහ නිදහසින් පස්සේ පාලනය කලේ නැගෙනහිර පාකිස්ථානය යන නමින්. නැගෙනහිර පාකිස්ථාන කොටසට අයිති වුනු රේල් පාරවල් නිසා ඉන්දියාවට ඇසැම පලාතට පිවිසෙන්න අලුතින් රේල්ර පාරවල් හදාගන්න වුනා. 

ඇසෑම් සහ වතුර 

ඇසැම් රේල් පාර බොහා් තැන්වලදි හිතාගන්න තබැරි තරම් උසකින් තමයි නිමවෙලා තියෙන්නේ..මොකද මහා බ්‍රහ්මපුත්‍ර නදිය මගින් ඇතිකරන විශාල ගංවතුර තත්වයට මුහුනදෙන්න නම් ඒ විදියට විශාල උසකින් මාර්ගය තිබෙන්නට ඕනි ඇති. බ්‍රහ්මපුත්‍ර නදිය ඇතැම් තැන්වල දි කිලෝමීටර 30කට වඩා පලලයි. මේ ගංගාවේ ගංවතුර ප්‍රමාණය මෝසම් කාලවලදී මුලු ඇසෑමයෙන් විශාලකොටසක් යටකර දමන්නට සමත් වෙනවා. 

ඇසෑම් ටුවරිස්ට් ඇටැක්සන් 

ඇසෑමය මීට වසර 700කට පමණ ප්‍රථම තායිලන්තයේ රජ කුමාරයෙක් යටතේ පාලනය වුනු පලාතක්..එකල ඇසෑමය බුදු දහම වැළඳගත්  බෞද්ධ ප්‍රදේශයක්..පසුකාලීනව හින්දු දහමට නතු වුනත් තවමත් ඇසෑමයේ මියන්මාරයට අසබඩ කොටස්හි බෞද්ධ දර්මය අදහන පිරිස් බහුලවවාසය කරනවා. 

රයිනෝසිරස් නරඹන්න යන අය අතරත් ඇසෑමය ජනප්‍රියයි. එම වනෝද්‍යාන තුල අලියා, කොටියා, දිවියා ආදී වනසතුන් වාසය කරනවා..ඇතැම් තැන්වලදී මෙම වනාන්තර නරඹන්නට බෝට්ටු සවාරි ආදියද යොදා තිබෙනවා. ඇසෑමයේ කෙළවර බෝඩරය එනම් දේශසීමා ආසන්න පලාත් වඩාත් ලස්සන කදුකර සිරිය විහිදාපාන පරිදි තිබෙනවා ලු..එහෙත් ඒ පලාත්වලට යන්න අවසර නම් අපිට ලබාගන්නට හැකියාවක් නැහැ. 

ඉන්දියාව කිව්වම බොහෝ දෙනාගේ හිතේ ඇදෙන්නේ වේලුනු කර්කශ ජනඝනත්වය වැඩි පලාතක්. ඒත් ඇසෑම් කියන්නේ ඊට වඩා වෙනස් පලාතක්..මිනිස්සු වුනත් තරම්ක වෙනස්.. දේශගුණය භූමිදර්ශන ආදියත් වඩාත් සෞම්‍යයි. 

ඇසෑම් රේල් ගමන.. 


මම බැස්සේ ඇසෑමයේ අගනුවර වන ගුවාටි වලින්. ගුවාටි බැහැලා කෝච්චියෙන් ඉන්දියාවේ උත්තර ප්‍රෙද්ශයට ආවා. .. ගොරක්පූර් වලට.. ඔයාලට පේනෝ ඇති බංගලිදේශය සහ නේපාලය අතර කිලෝමීටර 30-40ක් වෙන පොඩි පටි කෑල්ලක් තියෙනවා..ඔය කෑල්ල හරහා ගිහින් තමයි ඇසෑම් රේල්වේ එක ඉන්දියාවට සම්බන්ධ වෙන්නේ. 
මේ ගමන සාමාන්‍ය අපේ ඉන්දියාවේ යන බැතිමතුන් යන ගමන වගේ නෙමෙයි..ඇසෑම රේල් මග අවට  භූමි දර්ශන පට්ට.. 

විශාල හිමාල කදුවැටිය ඈතින් පේනවා..අපි පාස් කල බ්‍රහ්මපුත්‍ර පාලමේ මේ කොණට එහා කොණ පේන්නේ නෑ..මොකද ගග පලලයි ඒ තරම්ම. ඒ වගේ විශාල පාලමක් මගදි හමුවෙනවා.ඒ පාලමේ ඇතුලේ යකඩ රාමු පෙට්ටියක වගේ තමයි කෝච්චිය යන්නේ..උඩින් යන්නවොහන යන සාමාන්‍ය පාර..

කෝචිචිය ඇතුලේ විස්තරත් ගොඩයි..ඒත ගොඩක් ලිව්වට පාටකයට වෙලාවක් නෑනේ ඕ තරං හෑලි කියවන්න..ඒ නිසා හිතුනොත් කෝච්චි ගමන් ගැන විස්තරයක් පස්සේ දානවා.. 

අපි සමහර විට ලෝකේ එහා කොනේ තියෙන දීප දේසාන්තර ඇමරිකාව යුරෝපේ ගැන දන්නවා..ඒත් අල්ලපු රට ගැන දන්නෙ ්අඩුවෙන්.. ලෝකෙන් සියයට 30්ක ජීවත් වෙන අපේ දකුනු ආසියාව ගැන අපි දනනේ අඩුවෙන්..ඉතිං ඔයාලට ඒ දකුනු ආසියාවේ ඇසෑමය ගැන සුවල්ප දැනුමක් මේ හරහා එන්නට ඇති. 

මාතර ගංවතුර සුද්ද වැඩ

මෙවර ගංවතුර උවදුරට දැඩිව මුහුනපෑ නගරයක් තමයි මාතර. අපේ තිබෙන කාලගුණික විපර්යාස දැනුම් දීමේ පද්ධතිවලට පැය 5ක් තුල ඇතිවන මිලිමීටර 500ක වර්ශාපතනයක් හඳුනාගන්නට හැකියාවක් නැහැ. විශේෂයෙන් වැස්ස පතිත වන ස්ථානය ප්‍රමාණය සහ වෙලාව කලින් දැනගන්න එක තමයි අපි කාලගුණ විද්‍යා එකෙන් අපේක්ෂා කරන්නේ. අද උදේ කොළඹ වලාකුලෙන් බර වෙනෝ..තමුසේ එලියට යනෝ නම් කුඩයක් අරගෙන යන්න කියලා දැන් ෆේස්බුක් එකෙනුත් අපිට කියනවා..ඒ කියන්නේ සැටලයිට් වලින් ගන්න ඡායාරූප අධ්‍යනය කරලා. ඒක කියන්න ආයේ කාලගුණ විද්‍යා දෙපාර්ථමේන්තුවක් ඕන නෑ..කාලගුණ විද්‍යා දෙපාර්ථමේන්තුවක් අවශ්‍ය වෙන්නේ ඊට වඩා තියුනු ලෙස අනාවැකි කියන්න..ඒත් තවමත් එහෙම හැකියාවක් අපිට නෑ..ඒ නිසා වාර්ශිකව අපේ මිනිස්සු යටවෙනවා.. නාය යනවා..අපිට ආධාර දෙන්න එයාලට පිහිට වෙන්න අවස්ථාවක් උදා වෙනවා. 

මේ තියෙන්නේ මාතර නිල්වලා ගගේ ගංවතුර දවස්වල සහ ඉන් පෙර තිබුන ස්වභාවය. මාතර නිල්වලා ගග කියන්නේ අවසානය බෝතල් කරක් වගේ තැනක්..වැස්සකදි ලොකු ලෝඩ් එකක් අදින්න නිල්වලා ගගේ පලල කොහොමත් මදි. ඒකට බැකප් පාත් එකකුත් පේන විදියට නැහැ.. ඒ කියන්නේ ගග නැමිලා හැරිලා එන පීක්වැල්ල දිහායින් මූදට වතුර යන්න වෙන පාරක්,.(මේක බ්‍රවුන්ස්හිල් නිසා ප්‍රාෙයා්ගික ව අමාරුයි..ඒත් නිතර ගංවතුර අවධානම තියෙන ගංගාවක මේ වගේ විසදුම් විද්‍යාත්මකව හිතන්න ඕනි. ) ඒ කිව්වේ මෝය කටට අමතරව හදිසි අවස්ථාවකදි වතුර බස්සන්න වෙන පාත් එකක් තියනෝ නම් හොදයි කියල මට හිතෙනනේ..මොකද වතුර එකපාර ගොඩක් එන හැම අවස්ථාවකදිම අර පිංතුරයේ පේන ලොකු අවකාශය යට වෙනවා.. කලකට පෙර නම් ඔය අවකාශය තනිකර බන්ඩත්තර නාදුගල තුඩාව හරියේ තිබුනේ තනි වගුරු බිම්..ඒත් පසුකාලීනව දැන් ඒ හැම දිහාම ජනාවාස ඇතිවෙලා.. ගගට ඕනි විදියට පිටාර ගලන්න සහ එයාට ඕනි විදියට යන්න ඉඩදෙන්න හැකියාවක් දැන් අපිට නෑ..එහෙම නම් මිනිස්සු ඇනුවල් ගංවතුරකට ඉස්සරහට ලෑස්තිපිට ඉන්න වෙයි.. 


මේ ගංවතුර තත්වය මීට කලකට පෙර ඒ කිවවේ වසර 40-50කට පෙර බොහොම සාමාන්‍යයයි.  ඒ කාලේ නිල්වලා ගගේ ගංවතුර කියනනේ සෑම මෝසම් වර්ශාවකටම පස්සේ බලාපොරොත්තු වන දෙයක්. නමුත් පසුකාලීනව මහා සල්ලි කඳක් යටකරලා මෙම ගංවතුර තත්වය වලක්වන්න ක්‍රමවේදයක් එනවා නිල්වලා යෝජනා ක්‍රමය කියලා..මිනිස්සු කියන විදියට මේක අසාර්ථකයි.. කුඹුරු වගාකරන්න පුලුවන් කිව්වට කිව්ල් දිය කේස් නිසා ඇත්තටම කුඹුරු හිතුව තරම් වගාකරන්න බැරිවුනා.ඒත් ගංවතුර වැලැක්වීම අතින් මේ නිල්වලා ව්‍යාපාරය සාර්ථකයි.. පැරනි වාර්ථා බැලුවොත් නිල්වලා ව්‍යාපාරය ඇතිවන්නට පෙර සෑම වසරකම නිල්වලා ගග පිටාර ගැලීමෙන් සැලකිය යුතු ප්‍රෙද්ශයක් යටවුනු බව ඔබට පෙනී යනාව ඇති. 

මෙවර ඒ ගංවතුර වැලැක්වීමේ පද්ධතියට පවා දරාගන්න බැරි තරම් වතුර ප්‍රමානයක් කෙටි කාලයකදි ඇවිල්ල තියෙනවා.. ඒකට හේතු මොනවද ඇයි එහෙම ආවේ කියන එක සුටුස් ගාල කියන්න පුලුවන් වැස්ස නිසා කියලා. ඒත් ඊට වඩා ගැඹුරු පර්යේෂන අවශ්‍යයි මේ වගේ දේවල් ගැන නිගමන කරද්දි..  චාමර වීරසිංහ මහතා අජිත් මතුකුමාරණ මහතා කූඩුව ගංවතුරේ ගියා පැටවු එක්කම, වෙහෙරහේන විහාරයේ උඩමලුවට යන්නම් ආදී ලෙස මහා ගංවතුරකින් නිල්වලා ගගේ සිදුවුනු අනුවේදනීය විනාශයන් ගැන ගීත ගායනා කරනවා..මේ ගීත නිර්මාණය වෙන්නේ 2003දී පැමිණි මහා ගංවතුර තත්වය අලලා. 2003ට වඩා මෙවර ගංවතුර වැඩියි.. 2003දී දනිහ ගාවට වතුර ආපු ගෙවල් මේ පාර කර ගාවට වතුර.. හැබැය් පද්ධතියක් විදියට ගංවතුර වැලැක්වීමේ නිල්වාල පද්ධතිය වසර 15ක් පුරාවට ජනතාව ගංවතුර වලින් ආරක්ෂා කරන්නට සමර්ථ වෙලා තිබෙනවා.

අපි ගිය ගෙවල්.. 


අපේ කන්තෝරුව අපේ යටවුන සහෝදර සේවකයින්ගේ නිවාස ටික පිරිසිදු කරන්න ඕනි කියල හරිබරි ගැහිල බඩුත් අරගෙන මාතර ගියා..අපි දවසට ගෙවල් තුනක් සම්පූර්ණයෙන්ම වගේ පිරිසිදු කලා.. 

ගොඩක් අය හිතලා නැහැ ගංවතුර වැඩිවෙයි කියලා. ගෙවල් වල තිබුන සියලුම විදුලි උපකරණ ගෘහ උපකරණ එක්කම ඔක්කොම යටවෙලා. මේ ගංවතුර එන්නේ වේලි උඩින්..වේලි උඩින් වතුර දැම්මාම දවස් ගානකට බහින්නේ නෑ.. නිල්වලා ගගේ බණ්ඩත්තර දිහා වැස්සකදි එකතුවො තියෙන මහා විසාල වතුර කඳ බහින්න කොහොමත් දවස් දෙක තුනක් යනවා..ඒ නිසා මේ ගෙවල් දොරවල් වල තිබුන ඉදිකට්ටටේ සිට කොහුමිට දක්වා සියල්ලම වතුරේ පල් වතුරේ දවස් තුනක් හතරක් තිස්සේ පෙඟි පෙගි තියෙනවා.. කුනු වතුරේ දවස් තුනක් පෙගුනට පස්සේ වස්තරයක් වත් වැඩකට ගන්න ඇහැක් වෙයි කියල මමනම් හිතන්නේ නෑ.. 

මැද පන්තියේ හොද ගෙවල් තිබුනාට ඒවා ඒ මිනිස්සු හදන්නේ ලෝන් ගහලා..ඉන් පසසේ ගෙදරට ශිතකරණයක් වොශින් මැසිමක් ගන්නේ ගෙවන්න.. අමාරුවෙන් ඒ විදියට එකතුවෙලා ඉතුරු කරලා ගනිපු බඩු බාහිරාදිය ගොඩාරියක් වතුරේ..එක දවසක් එක මොහොතක් වතුර ඇවිල්ල සුටුස් ගාල ගියානම් එච්චර ලොකු අවුලක් නෑ..මේක හෙම නෙමෙයි.. වතුර බැස්සේ නැති නිසා දවස් තුනක් තිස්සේ හැමදේම යට වෙලා.. මේකෙ අවධානම ඔබට හිතාගන්න හිතන්න ඔබේ නිවසේ අඩි හතරක උසට වතුර දින තුනක් තිස්සේ තිබුනා කියලා..ඔබට මොනවද ඉතුරු වෙන්නේ? කොහේ හරි දුවලා ජිවිතේ බේරගෙන තිබුනොත් එච්චරයි ඉතුරු..අනික් ඔක්කෝම වතුරේ.. 

අපි ගිය ගෙවල් තුනේම බාත්රූම් වල තනිකර දුඹුරුපාට මඩ තට්ටු . අපේ සෙට් එක ගාව ඵ්‍රෙශර් ගන් එකක් තිබුනා.. ප්‍රෙශර් ගන් එකෙන් අල්ලලා අපිට බිම බිත්ති සහ බාත්රූම් පිරිසිදු කරලා දෙන්න හැකි වුනා. එක් නිවසක කැබිනට් එකේ තිබුන සියලුම පිීරිසි පිගන් කෝප්ප, මල් , සුකරුත්තං ඔක්කොම වල කලුපාට මඩ.. අපි ඒවා එකින් එක අරගෙන ඒ අයට හෝදලා දුන්නා..සමහරක් කෝප්ප පිගන් එකපාරක් හෝදල මදි..ඒත් සමහර තැන්වල මඩ ආයෙ ්පාරක් විම් වලින් කපලා හෝදලා දුන්නා..ඇත්තටම මමවත් ගිහිපු අයවත් ගෙදරවත් පිගානක් කෝප්පයක් මැදල හෝදන අය නෙමෙයි..ඒ්ත් විපත් අවස්තාවේ පුරුසාදිපත්‍ය ගැන හිත හිත ඉන්න බෑනේ..අපි ඒ අයට අවශ්‍ය වැඩ ටික කරලා දෙන්න උත්සාහ ගත්තා.. 

මේ වගේ යට වුනු වෙලාවක..ලමයිනේගේ පොත් පත්..තට්ටු දෙකක් නැති ගවල් වල තිබුන හැමදේම .. සහ මිනිස්සුනගේ වස්තර ආදිය යටවුනු එකනම් මහ පාපයක්..ගෑනියෙක් 18-20 පොඩි වයසය කියලා නෑ ඇදුමක් ගන්න යන්නේ වරුවක් තෝරලා.. ඒ අරගෙනත් තව මොඩිපිකේසනුත් කරනවා.. අනික යට ඇදුම්..එවත් එක එක මොඩල් ඒවා.. ඒ ඔක්කෝම තමුන්ගේ ෆැෂන් මාලිගාවම වතුරට යටවෙලා..ගංවතුරට රෙදි පෙරදි ඇදුම් යට වුනු ගෑනු කෙනෙකුගේ වේදනාව  අඳින්න ජොකෙක් නැතුව සිවිල් පිට සෝටක් ගහන් එහෙ  මෙහෙ යන පිරිමියෙක් මුහුනදෙන අප්සට් එකට වඩා දරුනු වෙන්න ට ඇති. 

මං මීට අමතරව මදුරු නෙට් දහයකුත් දුන්නා අපේ කන්තොරුවේ ගංවතුර ආධාර එකතු කරන සෙට් එකට..මොකද මිනිස්සුන්ට ඕ වගේ දේවල් දෙනෝ අඩුයි.. සමහර ගෙවල් සම්පූර්ණයෙන් යට වෙලා..ඉතිං නෙට් 4-5 එක ගෙදරින් කුනු ගොඩවල් වලට වැටෙන්න ට ඇති. ඒම හිතලා මම මදුරු නෙට් දුන්නා. අපි ෆේස්බුක් එකෙන් අන්තර්ජාලයෙන් ටීවි එකෙන් ආධාර දෙනවා දකිනවා..ඒත් ඒ දකින ආධාර කියන්නේ මුලු ආධාර වලින් සියයට 10ක් වත් නෑ.. ඊට වඩා විශාල ලෙස ගම්වල මිනිස්සු එකතුවෙලා..නගර වල සෙට් එකතු වෙලා..විශාල පරිමෘනයෙන් ආධාර දෙනවා.. ඒ වගේම විපතක් වෙලාවේ රාජ්‍ය යාන්ත්‍රනයේ අඩුපාඩුම හොයමින් රාජ්‍ය යාන්ත්‍රනය සමග එකතුවෙන්නේ නැතුව තනි මතේට ෆේස්බුක් කන්ඩායම් වැඩ කිරීමත් කිසිසේත්ම අනුමත කරන්න අමාරුයි.. අපි කරනවා නම් දෙයක් ඒ විදියට පිලිවෙලාට කරන්න ඕනි. 

සංවිධානාත්මක ආධාර 

 හරිහමන් ආපදා කළමනාකරන ක්‍රමවේදයක් තියෙනවා නම් හිතුන හිතුන අයට හිතුන වෙලාවට වොලන්ටියර්ස්ල වෙන්න්ත බෑ..වොලන්ටියරින් කියන්නෙත් පුහුනුවක් තියෙන්න ඕනි වැඩක... අපි ඒ වගේ තැනකට එන්න ගොඩාක් දුර යන්න ඕනි.. අපි තවමත් ඉන්නේ පහල තැනක..ආදාර දීම පිහිට වීම ඔවුනට උදව් දීම වැදගත්.ඒත් විපත් කළමණාකරනය..ආපදා අවස්ථාවකදි එකම සප්ලයි චේන් එකකට  එකතුවෙලා වැඩ කිරීම වගේ දේවල් ගැන අපි නැවත හිතාබලන්නට ඕනි.. 

සරලම උදාහරණයක් ගමු..අපි වතුර.. වතුර කියන්නේ ආපදා කළමනාකරනයේදී කියවෙන මූලික ම වචනයක්.. මොකද ඕනෑම ස්වාභාවික ආපදාවකදි වතුර නැතිවෙන්න පුලුවන්..වතුර සැපයුම් අහෝසි වෙන්නට පුලුවන්.. ඉිතං ඒ වගේ වෙලාවක බැකප් ප්ලෑන් එකක් අපේ රාජ්‍ය අංශයට නෑ..ඒ වගේම අනෙක් සංවිධාන වලින් වතුර ලීටර් එක රුපියල් 70-80 දීල මිලදීගෙන වතුර බෝතල් අරගෙන දුන්නා.. ඊලග විපතක දි රාජ්‍ය හෝ පුද්ගලික අංශයට වතුර පෙරා දීමේ මීට වඩා හොඳ විදිහට අඩු පිරිවැයකින් වැඩි වතුර පමානයක් දිය හැකි ක්‍රමවේදයක් තියනෝ නම් හොදයි.. පුද්ගලික අංසේ වුනත්.

අපි හිතමු පියදාස සහ සහ සමාගම කියල එකක්..පියදාස සමාගම සෑම ආපදාවකදිම විශාල මුදලක් වැය කරනවා ආදාර වලට..පියදාස සමාගමට පුලුවනි නම් විශාල වතුර පිරිසිදු කරන ක්‍රමවේදයකට මුදල් වියදම් කරලා සෑම ආපදා අවස්ථාවකම පිරිසිදු ජල ගැලුම් මිනිසුන්ට ලබා දෙන්න..ඒක අර හැමෝම ආධාර බෙදන්නන් වාලේ බෙදනවා ට වඩා ලොකු වැඩක් වේවි.. ඒ වගේම ඔය මම බෙදුවා වගේ එක පලාතක සියලුම ජනතාවට නෙට් බෙදීම.. ඒ පලාතේ සියලුම දරුවන්ට පොත් පත් ලබාදීම.. වගේ තෝරාගත් වැඩ කටයුතු වලට, අදාල අංශ සමග සාකච්චා කරලා කන්ඩායම් යොමුවෙනෝ නම් මම හිතන්නේ ඒක ලොකු ඉදිරිගාමී වැඩපිලිවෙලක්. 

ස්වාභාවික විපත් කාලේට දවසින් දවස මිනී ගාන අවතැන් වුනු ගාන වාර්ථා යනවා..ඒත් විපත් අවම කරගන්න අඩුමතරමේ හොද නවීන වර්ශාමාන ටිකක්වත් අපේ කාලගන විද්‍යා අංශ වලට ලැබෙන්ට ඕනි..විපතකින් පසුත් අර විපත ගැන ඒක වලක්වන්න හෝ ඊලග විපතකදි අපි මොනා කරන්න ඕනි නොකරන්න ඕනි කියලා හිතන්නට තරම් අපි දියුනු වන්නට ඕනි.. 

ටවුම 

පික්වැල්ල පිලදුව හරියේදි ගග

පිගන් හෝදන සෙල්ෆි 

අපි යනතුරුත් බැස නොගිය කලු වතුර 

මෙතෙන්ට වතුර