මෙවර ගංවතුර උවදුරට දැඩිව මුහුනපෑ නගරයක් තමයි මාතර. අපේ තිබෙන කාලගුණික විපර්යාස දැනුම් දීමේ පද්ධතිවලට පැය 5ක් තුල ඇතිවන මිලිමීටර 500ක වර්ශාපතනයක් හඳුනාගන්නට හැකියාවක් නැහැ. විශේෂයෙන් වැස්ස පතිත වන ස්ථානය ප්‍රමාණය සහ වෙලාව කලින් දැනගන්න එක තමයි අපි කාලගුණ විද්‍යා එකෙන් අපේක්ෂා කරන්නේ. අද උදේ කොළඹ වලාකුලෙන් බර වෙනෝ..තමුසේ එලියට යනෝ නම් කුඩයක් අරගෙන යන්න කියලා දැන් ෆේස්බුක් එකෙනුත් අපිට කියනවා..ඒ කියන්නේ සැටලයිට් වලින් ගන්න ඡායාරූප අධ්‍යනය කරලා. ඒක කියන්න ආයේ කාලගුණ විද්‍යා දෙපාර්ථමේන්තුවක් ඕන නෑ..කාලගුණ විද්‍යා දෙපාර්ථමේන්තුවක් අවශ්‍ය වෙන්නේ ඊට වඩා තියුනු ලෙස අනාවැකි කියන්න..ඒත් තවමත් එහෙම හැකියාවක් අපිට නෑ..ඒ නිසා වාර්ශිකව අපේ මිනිස්සු යටවෙනවා.. නාය යනවා..අපිට ආධාර දෙන්න එයාලට පිහිට වෙන්න අවස්ථාවක් උදා වෙනවා.
මේ තියෙන්නේ මාතර නිල්වලා ගගේ ගංවතුර දවස්වල සහ ඉන් පෙර තිබුන ස්වභාවය. මාතර නිල්වලා ගග කියන්නේ අවසානය බෝතල් කරක් වගේ තැනක්..වැස්සකදි ලොකු ලෝඩ් එකක් අදින්න නිල්වලා ගගේ පලල කොහොමත් මදි. ඒකට බැකප් පාත් එකකුත් පේන විදියට නැහැ.. ඒ කියන්නේ ගග නැමිලා හැරිලා එන පීක්වැල්ල දිහායින් මූදට වතුර යන්න වෙන පාරක්,.(මේක බ්‍රවුන්ස්හිල් නිසා ප්‍රාෙයා්ගික ව අමාරුයි..ඒත් නිතර ගංවතුර අවධානම තියෙන ගංගාවක මේ වගේ විසදුම් විද්‍යාත්මකව හිතන්න ඕනි. ) ඒ කිව්වේ මෝය කටට අමතරව හදිසි අවස්ථාවකදි වතුර බස්සන්න වෙන පාත් එකක් තියනෝ නම් හොදයි කියල මට හිතෙනනේ..මොකද වතුර එකපාර ගොඩක් එන හැම අවස්ථාවකදිම අර පිංතුරයේ පේන ලොකු අවකාශය යට වෙනවා.. කලකට පෙර නම් ඔය අවකාශය තනිකර බන්ඩත්තර නාදුගල තුඩාව හරියේ තිබුනේ තනි වගුරු බිම්..ඒත් පසුකාලීනව දැන් ඒ හැම දිහාම ජනාවාස ඇතිවෙලා.. ගගට ඕනි විදියට පිටාර ගලන්න සහ එයාට ඕනි විදියට යන්න ඉඩදෙන්න හැකියාවක් දැන් අපිට නෑ..එහෙම නම් මිනිස්සු ඇනුවල් ගංවතුරකට ඉස්සරහට ලෑස්තිපිට ඉන්න වෙයි..
මේ ගංවතුර තත්වය මීට කලකට පෙර ඒ කිවවේ වසර 40-50කට පෙර බොහොම සාමාන්‍යයයි. ඒ කාලේ නිල්වලා ගගේ ගංවතුර කියනනේ සෑම මෝසම් වර්ශාවකටම පස්සේ බලාපොරොත්තු වන දෙයක්. නමුත් පසුකාලීනව මහා සල්ලි කඳක් යටකරලා මෙම ගංවතුර තත්වය වලක්වන්න ක්‍රමවේදයක් එනවා නිල්වලා යෝජනා ක්‍රමය කියලා..මිනිස්සු කියන විදියට මේක අසාර්ථකයි.. කුඹුරු වගාකරන්න පුලුවන් කිව්වට කිව්ල් දිය කේස් නිසා ඇත්තටම කුඹුරු හිතුව තරම් වගාකරන්න බැරිවුනා.ඒත් ගංවතුර වැලැක්වීම අතින් මේ නිල්වලා ව්‍යාපාරය සාර්ථකයි.. පැරනි වාර්ථා බැලුවොත් නිල්වලා ව්‍යාපාරය ඇතිවන්නට පෙර සෑම වසරකම නිල්වලා ගග පිටාර ගැලීමෙන් සැලකිය යුතු ප්‍රෙද්ශයක් යටවුනු බව ඔබට පෙනී යනාව ඇති.
මෙවර ඒ ගංවතුර වැලැක්වීමේ පද්ධතියට පවා දරාගන්න බැරි තරම් වතුර ප්‍රමානයක් කෙටි කාලයකදි ඇවිල්ල තියෙනවා.. ඒකට හේතු මොනවද ඇයි එහෙම ආවේ කියන එක සුටුස් ගාල කියන්න පුලුවන් වැස්ස නිසා කියලා. ඒත් ඊට වඩා ගැඹුරු පර්යේෂන අවශ්‍යයි මේ වගේ දේවල් ගැන නිගමන කරද්දි.. චාමර වීරසිංහ මහතා අජිත් මතුකුමාරණ මහතා කූඩුව ගංවතුරේ ගියා පැටවු එක්කම, වෙහෙරහේන විහාරයේ උඩමලුවට යන්නම් ආදී ලෙස මහා ගංවතුරකින් නිල්වලා ගගේ සිදුවුනු අනුවේදනීය විනාශයන් ගැන ගීත ගායනා කරනවා..මේ ගීත නිර්මාණය වෙන්නේ 2003දී පැමිණි මහා ගංවතුර තත්වය අලලා. 2003ට වඩා මෙවර ගංවතුර වැඩියි.. 2003දී දනිහ ගාවට වතුර ආපු ගෙවල් මේ පාර කර ගාවට වතුර.. හැබැය් පද්ධතියක් විදියට ගංවතුර වැලැක්වීමේ නිල්වාල පද්ධතිය වසර 15ක් පුරාවට ජනතාව ගංවතුර වලින් ආරක්ෂා කරන්නට සමර්ථ වෙලා තිබෙනවා.
අපි ගිය ගෙවල්..
අපේ කන්තෝරුව අපේ යටවුන සහෝදර සේවකයින්ගේ නිවාස ටික පිරිසිදු කරන්න ඕනි කියල හරිබරි ගැහිල බඩුත් අරගෙන මාතර ගියා..අපි දවසට ගෙවල් තුනක් සම්පූර්ණයෙන්ම වගේ පිරිසිදු කලා..
ගොඩක් අය හිතලා නැහැ ගංවතුර වැඩිවෙයි කියලා. ගෙවල් වල තිබුන සියලුම විදුලි උපකරණ ගෘහ උපකරණ එක්කම ඔක්කොම යටවෙලා. මේ ගංවතුර එන්නේ වේලි උඩින්..වේලි උඩින් වතුර දැම්මාම දවස් ගානකට බහින්නේ නෑ.. නිල්වලා ගගේ බණ්ඩත්තර දිහා වැස්සකදි එකතුවො තියෙන මහා විසාල වතුර කඳ බහින්න කොහොමත් දවස් දෙක තුනක් යනවා..ඒ නිසා මේ ගෙවල් දොරවල් වල තිබුන ඉදිකට්ටටේ සිට කොහුමිට දක්වා සියල්ලම වතුරේ පල් වතුරේ දවස් තුනක් හතරක් තිස්සේ පෙඟි පෙගි තියෙනවා.. කුනු වතුරේ දවස් තුනක් පෙගුනට පස්සේ වස්තරයක් වත් වැඩකට ගන්න ඇහැක් වෙයි කියල මමනම් හිතන්නේ නෑ..
මැද පන්තියේ හොද ගෙවල් තිබුනාට ඒවා ඒ මිනිස්සු හදන්නේ ලෝන් ගහලා..ඉන් පසසේ ගෙදරට ශිතකරණයක් වොශින් මැසිමක් ගන්නේ ගෙවන්න.. අමාරුවෙන් ඒ විදියට එකතුවෙලා ඉතුරු කරලා ගනිපු බඩු බාහිරාදිය ගොඩාරියක් වතුරේ..එක දවසක් එක මොහොතක් වතුර ඇවිල්ල සුටුස් ගාල ගියානම් එච්චර ලොකු අවුලක් නෑ..මේක හෙම නෙමෙයි.. වතුර බැස්සේ නැති නිසා දවස් තුනක් තිස්සේ හැමදේම යට වෙලා.. මේකෙ අවධානම ඔබට හිතාගන්න හිතන්න ඔබේ නිවසේ අඩි හතරක උසට වතුර දින තුනක් තිස්සේ තිබුනා කියලා..ඔබට මොනවද ඉතුරු වෙන්නේ? කොහේ හරි දුවලා ජිවිතේ බේරගෙන තිබුනොත් එච්චරයි ඉතුරු..අනික් ඔක්කෝම වතුරේ..
අපි ගිය ගෙවල් තුනේම බාත්රූම් වල තනිකර දුඹුරුපාට මඩ තට්ටු . අපේ සෙට් එක ගාව ඵ්‍රෙශර් ගන් එකක් තිබුනා.. ප්‍රෙශර් ගන් එකෙන් අල්ලලා අපිට බිම බිත්ති සහ බාත්රූම් පිරිසිදු කරලා දෙන්න හැකි වුනා. එක් නිවසක කැබිනට් එකේ තිබුන සියලුම පිීරිසි පිගන් කෝප්ප, මල් , සුකරුත්තං ඔක්කොම වල කලුපාට මඩ.. අපි ඒවා එකින් එක අරගෙන ඒ අයට හෝදලා දුන්නා..සමහරක් කෝප්ප පිගන් එකපාරක් හෝදල මදි..ඒත් සමහර තැන්වල මඩ ආයෙ ්පාරක් විම් වලින් කපලා හෝදලා දුන්නා..ඇත්තටම මමවත් ගිහිපු අයවත් ගෙදරවත් පිගානක් කෝප්පයක් මැදල හෝදන අය නෙමෙයි..ඒ්ත් විපත් අවස්තාවේ පුරුසාදිපත්‍ය ගැන හිත හිත ඉන්න බෑනේ..අපි ඒ අයට අවශ්‍ය වැඩ ටික කරලා දෙන්න උත්සාහ ගත්තා..
මේ වගේ යට වුනු වෙලාවක..ලමයිනේගේ පොත් පත්..තට්ටු දෙකක් නැති ගවල් වල තිබුන හැමදේම .. සහ මිනිස්සුනගේ වස්තර ආදිය යටවුනු එකනම් මහ පාපයක්..ගෑනියෙක් 18-20 පොඩි වයසය කියලා නෑ ඇදුමක් ගන්න යන්නේ වරුවක් තෝරලා.. ඒ අරගෙනත් තව මොඩිපිකේසනුත් කරනවා.. අනික යට ඇදුම්..එවත් එක එක මොඩල් ඒවා.. ඒ ඔක්කෝම තමුන්ගේ ෆැෂන් මාලිගාවම වතුරට යටවෙලා..ගංවතුරට රෙදි පෙරදි ඇදුම් යට වුනු ගෑනු කෙනෙකුගේ වේදනාව අඳින්න ජොකෙක් නැතුව සිවිල් පිට සෝටක් ගහන් එහෙ මෙහෙ යන පිරිමියෙක් මුහුනදෙන අප්සට් එකට වඩා දරුනු වෙන්න ට ඇති.
මං මීට අමතරව මදුරු නෙට් දහයකුත් දුන්නා අපේ කන්තොරුවේ ගංවතුර ආධාර එකතු කරන සෙට් එකට..මොකද මිනිස්සුන්ට ඕ වගේ දේවල් දෙනෝ අඩුයි.. සමහර ගෙවල් සම්පූර්ණයෙන් යට වෙලා..ඉතිං නෙට් 4-5 එක ගෙදරින් කුනු ගොඩවල් වලට වැටෙන්න ට ඇති. ඒම හිතලා මම මදුරු නෙට් දුන්නා. අපි ෆේස්බුක් එකෙන් අන්තර්ජාලයෙන් ටීවි එකෙන් ආධාර දෙනවා දකිනවා..ඒත් ඒ දකින ආධාර කියන්නේ මුලු ආධාර වලින් සියයට 10ක් වත් නෑ.. ඊට වඩා විශාල ලෙස ගම්වල මිනිස්සු එකතුවෙලා..නගර වල සෙට් එකතු වෙලා..විශාල පරිමෘනයෙන් ආධාර දෙනවා.. ඒ වගේම විපතක් වෙලාවේ රාජ්‍ය යාන්ත්‍රනයේ අඩුපාඩුම හොයමින් රාජ්‍ය යාන්ත්‍රනය සමග එකතුවෙන්නේ නැතුව තනි මතේට ෆේස්බුක් කන්ඩායම් වැඩ කිරීමත් කිසිසේත්ම අනුමත කරන්න අමාරුයි.. අපි කරනවා නම් දෙයක් ඒ විදියට පිලිවෙලාට කරන්න ඕනි.
සංවිධානාත්මක ආධාර
හරිහමන් ආපදා කළමනාකරන ක්‍රමවේදයක් තියෙනවා නම් හිතුන හිතුන අයට හිතුන වෙලාවට වොලන්ටියර්ස්ල වෙන්න්ත බෑ..වොලන්ටියරින් කියන්නෙත් පුහුනුවක් තියෙන්න ඕනි වැඩක... අපි ඒ වගේ තැනකට එන්න ගොඩාක් දුර යන්න ඕනි.. අපි තවමත් ඉන්නේ පහල තැනක..ආදාර දීම පිහිට වීම ඔවුනට උදව් දීම වැදගත්.ඒත් විපත් කළමණාකරනය..ආපදා අවස්ථාවකදි එකම සප්ලයි චේන් එකකට එකතුවෙලා වැඩ කිරීම වගේ දේවල් ගැන අපි නැවත හිතාබලන්නට ඕනි..
සරලම උදාහරණයක් ගමු..අපි වතුර.. වතුර කියන්නේ ආපදා කළමනාකරනයේදී කියවෙන මූලික ම වචනයක්.. මොකද ඕනෑම ස්වාභාවික ආපදාවකදි වතුර නැතිවෙන්න පුලුවන්..වතුර සැපයුම් අහෝසි වෙන්නට පුලුවන්.. ඉිතං ඒ වගේ වෙලාවක බැකප් ප්ලෑන් එකක් අපේ රාජ්‍ය අංශයට නෑ..ඒ වගේම අනෙක් සංවිධාන වලින් වතුර ලීටර් එක රුපියල් 70-80 දීල මිලදීගෙන වතුර බෝතල් අරගෙන දුන්නා.. ඊලග විපතක දි රාජ්‍ය හෝ පුද්ගලික අංශයට වතුර පෙරා දීමේ මීට වඩා හොඳ විදිහට අඩු පිරිවැයකින් වැඩි වතුර පමානයක් දිය හැකි ක්‍රමවේදයක් තියනෝ නම් හොදයි.. පුද්ගලික අංසේ වුනත්.
අපි හිතමු පියදාස සහ සහ සමාගම කියල එකක්..පියදාස සමාගම සෑම ආපදාවකදිම විශාල මුදලක් වැය කරනවා ආදාර වලට..පියදාස සමාගමට පුලුවනි නම් විශාල වතුර පිරිසිදු කරන ක්‍රමවේදයකට මුදල් වියදම් කරලා සෑම ආපදා අවස්ථාවකම පිරිසිදු ජල ගැලුම් මිනිසුන්ට ලබා දෙන්න..ඒක අර හැමෝම ආධාර බෙදන්නන් වාලේ බෙදනවා ට වඩා ලොකු වැඩක් වේවි.. ඒ වගේම ඔය මම බෙදුවා වගේ එක පලාතක සියලුම ජනතාවට නෙට් බෙදීම.. ඒ පලාතේ සියලුම දරුවන්ට පොත් පත් ලබාදීම.. වගේ තෝරාගත් වැඩ කටයුතු වලට, අදාල අංශ සමග සාකච්චා කරලා කන්ඩායම් යොමුවෙනෝ නම් මම හිතන්නේ ඒක ලොකු ඉදිරිගාමී වැඩපිලිවෙලක්.
ස්වාභාවික විපත් කාලේට දවසින් දවස මිනී ගාන අවතැන් වුනු ගාන වාර්ථා යනවා..ඒත් විපත් අවම කරගන්න අඩුමතරමේ හොද නවීන වර්ශාමාන ටිකක්වත් අපේ කාලගන විද්‍යා අංශ වලට ලැබෙන්ට ඕනි..විපතකින් පසුත් අර විපත ගැන ඒක වලක්වන්න හෝ ඊලග විපතකදි අපි මොනා කරන්න ඕනි නොකරන්න ඕනි කියලා හිතන්නට තරම් අපි දියුනු වන්නට ඕනි..
ටවුම |
පික්වැල්ල පිලදුව හරියේදි ගග |
පිගන් හෝදන සෙල්ෆි |
අපි යනතුරුත් බැස නොගිය කලු වතුර |
මෙතෙන්ට වතුර |
ඕකට හේතුව තමයි මේ උත්තේ රටේ ඉන්න සෙනග වැඩියි මහත්තයෝ. මේ ලබ්බේ සයිස් එක හැටියට මිනිස්සු ලක්ෂ අටක් දහයක් විතර හිටියා නං හොදටම ඇති. දැන් ඉන්නවනි අනාත සිංහල කුකුල් පැටව් ඔක්කොමත් එක්ක ගොටුකොල පොන්නයෝ ලක්ෂ 240 ක් ඉතර.
ReplyDeleteකොහොමත් මේකේ ඉන්න හුකන්නලා වැඩි හරියක් කරන්නේ කකා,බිබී, රීරි ඉන්න එක විතරනි. බැල්ලිගෙ පුතාලා මට උන් එකෙක්වත් පේන්න බෑ. ගංවතුර ඇවිල්ලා හරි මේ කාලකන්නි රැල මකබෑවිලා යන එක හොදයි. මුන් හැත්තෑ බුරුත්ත ඔක්කොම එක්ක මේ ලබ්බ පොලව යටට ගිලා බැස්සා නං හරි. නැත්තන් මහා වැස්සක් ඇවිත් මේ අනාත කුකුල්ලු ඔක්කොම ටික අකුලොලා හෝදගෙන ගියා නං හරි මූදට. කළු කැත කොට අනාතයෝ ඉන්න මෙලෝ රහක් නැති පුකේ රටක් මේක. කේරලේ වගේ, පාරේ යන්නත් බෑ, කාලකන්නි ත්‍රිවිල් අරං, ඇගේ හැප්පි හැප්පි, පාරවල් වල ට්‍රැෆික්. මුන්ගේ මුනවල් උදේ පාන්දර දැක්කම මස්තබාල්දුයි තිස්සෙම. අනේ තව ටිකක් වැහැලා මේකේ ඉන්න අයෙලා හුකන්නලා කෝටි දෙකක් විතර අකුලොලා, මැරිලා යනවා නං..