Wednesday, June 14, 2017

මා කැමති සිංදු 10

1. පෙනුන සුව දසුන් - හෙන්රි කල්දේරා 

මේ සිංදුව කියන්නේ හෝ කියවෙන්නේ මොකද්ද කියලා වැටහෙන්නේ නැති කාලේ ඉදලා මම මේ සිංදුවට ආසයි. ඉස්කෝලේ වෙස්ටන් බෑන්ඩ් එක ප්‍රැක්ටිස් කරන කොට මේ සිංදුවේ බීට් එක ඒ කිවවේ අර මල ගෙවල් වල මිනි බෑන්ඩ් වෙස්ටන් බීට් එක ට ගොඩක් ආසයි.. වෙස්ටන් මියුසික් බෑන්ඩ් එක පැක්ටිස් කරද්දි ඉස්සර කට ඇරං අහං ඉන්නවා.. ඒත් පස්සෙ කාලෙක.

සෙල්ලම් ගෙවල් තනාගෙන වැලි බත් උයා කවා..
වල් කොල කොටා දියේ පොඩි කර තේ හදා පොවා..
සැරහූ ලමා වියේ සැනකෙලි නොමැත අද ප්‍රිෙය්.. 
මට ආද රෛ් කියන්නොකෝ මුවගින්.. 

කියන පද සෙට් එකට මාරම ආසා වුනා.. 

 

2. තරු අත් අකුරින් ලියා එවමි - වික්ටර් රත්නායක


මමත් කාලයක් ලවුත් කලා..කෙල්ල දැනගෙන ඉන්නෙත් නැතුව ඇති..ඒ කෙල්ල කසාද බදින කොට දුක හිතුනා..එ තකොට මේ සිංදුව ට ආසා වුනා.. හරිම ලස්සන සිංදුවක් පේම කීර්ති වෙන්න ඕනි මේකේ පදරචනය කරලා තියෙන්නේ .. 


3. දෙතොල නොකී දේ දෙනෙතේ.. කපුගේ

මේකෙ කියන්නේ නංගි කෙනෙක්ගේ හොර ලවු එකක් ගැන. ලවු එක එද්දි කෙල්ල වෙනස් වෙන හැටි ගැන සරලව පැහැදිලිව කියනවා.. ආසයි අහන් ඉන්න..යාලුවො වගේ පෙන් සෝන් ඉමු කියල කියපු කෙල්ලෝ කොල්ලෝ බැල්ම දාද්දි වෙනස් වුනේ ආන්න ඒම කියලා මේක අහද්දි මතක් වෙනවා.. මුහුන බල බලා කැඩපත වෙහෙසන්නී.. පුංචි හිතේ ..මල් පිපිලාදෝ.. 


4. Jo Baat Tujhmein Hai - Mohammed Rafi


මේකෙ සිංහල සිංදුව තමයි ඇයි නාවෙ මා සොයලා සිතේ සංකා මවා තියා..ඇයි නාවේ ප්‍රිෙය්.. මේ ලගදි මම ප්‍රසන්න විතානගේ ගේ 28  බැලුවා..ඒ ෆිල්ම් කේ මිනිය වාහනේ උඩ පටවගෙන මහේන්ද්‍ර අර කොල්ලා සහ ඩ්‍රයිවර් යනවා. ඒ යන අතරේ ඔය සිංදුව කියනවා..ඒ කිව්වේ සිංහල එක.. 
කියද්දි මහේන්ද්‍රට තරහ එනවා.. පොර ඒක නවත්වනවා.. ඇත්තටම ඒ සිංදුව කියන ගායක රොමිලස් පෙරේරට ඒ සිංදුවේ ගැම්ම අහුවෙන් නෑ.. ඊට වඩා තුන් හතර ගුණයක් ලස්සනයි ඒකේ හිංදි සිංදුව.. හින්දි එක තමයි ටාජ් මහල් චිත්‍රපටයට මොහොමඩ් රාෆි ගායන කරන සිංදුව 

 

5. Aagaasa Nilavu -N.R. Raghunanthan 


හිමාලෙට වඩා උසයි කියල තාත්තා ගැන කියන අලුත් සිංදුවක දෙමල වර්ෂන් එක තමයි මේක..මමහිතන්නේ මුලින් එන්න ඇත්තේ දෙමල එක..මේ සිංදුවට වඩා මම ආස කරන්නේ ඒකෙ මියුසික විඩියෝ එකට.. සිංදුව වුනත් මෙහෙ වගේ කෑ ගහන්නේ ලොකුවට ප්ලේ කරන්නෙ නෑ..ඒත් ලස්සනට කියනවා.. මියුසික් වීඩියො එක ඒ ගමක ඉන්න තාත්තා තමුන්ගේ පුතා වෙනුවෙන් කරන කියන දේවල් ගොඩක් ඇතුලත් කරලා හරිම සංවේදි විදියට හදලා තියෙනවා.. 


6. සුන්දර මැණික මගේ - ජොලි සීයා..

ජොලි සීයා කියන්නේ එක්තරා යුගයක්..ඒ යුගයේදී ජොලියා දීපු ආතල් ගොඩයි..ලංකාවේ ප්‍රසංග වේදිකාව කියන්නේ අපේ රටේ බහුතරයකගේ ප්‍රබල සංගීත අතැදැකීමක්..ගන්දර කියන්නේ මාතර ඉදන් යද්දි හම්බෙන පොඩි වෙරලාසන්න ටවුන් එකක්.එ පැත්තේ ගෑනු මිනිස්සු ටිකක් රුදුරුයි ප්‍රචන්යඩයි.. සුන්දර මැණික උනත් ඉපදිලා තියෙන්නෙ ගන්දර.. ගන්දර පස්සේ කාලෙක නම් මගෙ තවත් යාලුවෙක් උන්නා..එයා නං දැන් බැදලා දරුවොත් ඉන්නවා..මේක දැක්කොත් ඔන්න මං මතක් කලා ඈ.. 


7. පෙම්පත ඉරන්නෙපා ගුරු තුමනී.. - අජිත් මුතුකුමාරණ 


මේකම හරි ලස්සන බර පදවැල් දාලා ටිකක් බහුශ්‍රැත විදියට කියන ගායකයෙක් කිව්ව නම් මීට වඩා හොද සිංදුවක් ඒක.. ඒත් මේකෙ තියන අ මු ගතියට මිනිස්සු සමහරු කැමති නැහැ..ඒත් අපේ පොඩි අයියා මේ බස් අජියාගේ ගී වලට ආසයි..මිනිහා තමයි ඇත්තටම බස් අජියාගේ පීස් කෑලි ඒ කිව්වෙ කැසට් පීස් කෑලි සල්ලිත් දීල අරං ඇවිත් අපි බස් අජියගේ සිංදු අහන්න පුරුදු කලේ..බස් අජිත් කිංස්ලි කියන්නේ කැසට් යුගයේ අවසාන පුරුක්.. ගායකයෙක් විදියට අජිත් කියන්නෙත් අපේ සංගීත ක්සේත්‍රෙය් නමක් තැබූ කෙනෙක්.

.ඉස්සරම මට මතකයි බස් අජිත් රන්න බස් නැවතුමේ තිබුන සකුරා රේන්ජ් ප්‍රසංගයකට (ස්ටේජ් එක මහ ටැක්ටර් ටේලර් දෙකක්..) තනියම සිංදු ගනනාවක් කිව්වා.. ඒ කාලේ අපේ ගම දිහා තිබුන අඩුවට ගන්න පුලුවන් බැන්ඩ් එක තමයි සකුරා රේන්ජ්..පසසේ කාලෙක බස් අජිත් රටම ඇල්ලුවා.. සමහර විට ලොකු ලොකු අයගෙන් ගැරහුම් ලැබුනා..එත් බස් අජිත් මුලු ලංකාවේ හැම බස් එකකම  හැම ගාමන්ට් එකකම ඇහෙන ගායකයෙක් වුනාම ගම දිහා මනුස්සෙයක් නිසා මටත් පොඩි ආඩම්බරය්ක එනවා.. 



8. කවුරුන්ද කවුලුව වැහුවේ.. - චාමර සශිකා.. 



මේක ටිකක් පරණයි..ඒත් මේ ිසංදුවෙ මාර වදිනගතියක් තියෙනවා. කියන දේ මොකද්ද කියලත් හරියටම වැටහෙන් නෑ..ලංකාවේ ඉන්න දැනට තරුණ ස්ථාවර ගායක ගායිකාවන් අතර චාමර සහ සශිකා කියන්නේ හොද කනු දෙකක්..ඇත්තටම දෙන්නගේම සිංදු වල ගැන්මක් තියෙනවා.. මේ සිංදුවත් ඒ වගේ ගැන්මක් තියෙන එකක්. 


9 මේලා - කසුන්.. 

කසුන් කියන්නේ ඕපන් ස්ටේජ් නෙමෙයි වෙනමම මෙව්වා එකක්..ඒත් කසුන් ගෙත් ලස්සන සිංදු ගොඩකට මම ආසයි.. මේ සිංදුවෙදී ආදරේ කරද්දි අර කෑගහල අපිට ආදරේ කියන්න ඕන වෙන වෙලාවක් වගේ එකක් ගානට නිරූපනය වෙනවා කියල හිතෙනවා.. ආදරේ හැමවෙලාවේම හංගලා තියන්න අමාරුයි.. එක වෙලාවක ඒක කොහොමහරි කියාගන්න ඕනි වෙනවා..ඒකමද දන් නෑ තේරුම නම්.. 




10. සනුක -සංසාර සිහිනේ.


මේ මාදිලියේ සිංදු වල සිංහල සිංදු වලින් ජනප්‍රියම සිංදු දෙක සනුකගේ කියලයි මම හිතන්නේ..සිිංහල සිංදු වලට මේ විදියේ ජනප්‍රිය සිංදු දෙකක් එකතු කරන්න සනුක දායක වුනා.. සනුක කියන්නෙ ්තව ඉගෙන ගත යුතු සහ ඉගෙන ගෙනත් අපිට සිංදු කියන්න ඕනි කෙනෙක්.. ලංකාවේ මියුසික් වලදි කිසිම අධ්‍යනයක් නැතුව කොත්තු ගහනවා වගේ ශෝ ගහන මියුසික් කලාවක් තියෙනවා..ඒකෙදි වුනත් ඉදලාම දක්ෂයින් බිහිවෙනවා..ඒ වගේම හොදට අධ්‍යනය කරලා යමක් අලුතින් වැදගත් විදියට දෙන්න පිරිසක් ඉන්නත් ඕනි.. මං විස්වාස කරනවා සනුක සහ අලුත් සෙට් එකට සිංහල සිංදුවට අලුත් ටේස්ට් එකක් අපිට විදින්න අවස්ථාව ලබාදෙන්න ඇහැක් වේවිය කියලා..



මීට අමතරව ආත්මා ලියනගේ රූකාන්ත ගේ සිංදු වලටත් අමරදේව මාස්ටර් අවසාන කාලේ ගහපු සිංදු වලටත් මම ගොඩක්ම ආසා කරනවා..

2 comments:

  1. ෂඃ.. පට්ට කලෙක්ෂන් එකක්.. මේ සිංදු දහයේ ට්‍රෙන්ඩ් එක දැකල අද මට හිතුන ප්‍රින්ස් ගේ, නාමල් ගේ, අජිත් මුතුකුමාරණගේ, කුමාරසිරි පතිරණගේ වගේ ගොඩක් දෙනෙක් බැන බැන අහන මම කැමතිම සිංදු දහයේ ගානේ සෙට් ටිකක් හදල පබ්ලිෂ් කරන්න..

    ReplyDelete
  2. සින්දු වල එක එක රහ තියනවා. හරියටම උඹට මේ දැනුනා වගේ. සමහර වෙලාවට සින්දුවලට කැමති වෙන්නේ ඒ වෙලාවේ දැනෙන හැඟීම එක්ක. මම ගොඩක්ම සින්දු වලට ආස වෙලා තියෙන්නේ මෙලඩිය එක්ක, නැත්නම් වචන ටික එක්ක. ස්වර හත දන්නේ නැති වුණත් මෙලඩිය හිතට රිංගනවා අපූරුවට

    ReplyDelete