Friday, October 23, 2020

විදෙස් පුරවැසියන් දේශපාලකයින් කරගමු

 


විදෙස් පුරවැසියන්ට මන්ත්‍රිකම ගන්න බැරිය කියලා තියෙනවා අපේ ව්‍යවස්තා වලදි. සමහර විට ලෝකේ අනෙක් රටවලත් හෙම වෙන්න ඇති. ඒත් ඇයි ඒක හෙම වුනේ? ඒකෙන් ලාබයක් තියෙද? මැතිවරණයකින් තෝරාපත්කරගන්නේ මහජන නියෝජිතයෝ. ඒ මහජන නියෝජිතයෝ අදාල පලාතේම ඉන්න ඕනි කියලා එකක් නැහැ. සූට්ටං ගැටයා කාලේ ඇමරිකාවේ එංගලන්තේ ගිහින් ඉගෙනගෙන ඉන් පස්සේ මෙහේ හද්ද ඩොටේ ගමකට එන දේසපාලකයාගේ පුතාත් හරි ලස්සනට කවුන්සිල් යනවා මේ සිස්ටම් එකේදි. 


රට මිනිස්සුන්ට ලංකාවේ දේසපාලකයෝ වෙන්න ඉඩ දුන්නොත් ඒ මිනිස්සු රටින් අරං එන සල්ලි වියදම් කරලා ලකාවේ කැම්පේන් කරයි. ලංකාවේ ඡන්ද දායකයින්ට වියදම් කරයි. එහෙම වුනාට පස්සේ ඒ මිනිස්සු සමහර විට අපේ අයට වඩා රටට සේවෙත් කරයි. මොකදඒඅයට දිග ප්ලැන් එක්ක තියෙන්න ඕනි නෙ. නැත්තං ඉතින් නිකම්ම පුක විකාගෙන මෙහෙට්ට ඇවිල්ලා ලොකු ඡන්දෙකට ඉන්වෙසිට් කරන්නේ නැහැ නේ. 


කොහොමද ඔය පුරවැසි නීති ආවේ. 


මම හිතන විදිහට ඕවා එන්නේ රට සුද්දාගෙන් නිදහස් වෙද්දි. එතකොට ලංකාවේ ඉ්නන රදල වසංගතේ නීති දාගන්න ඇති ආයෙත් සුද්දා එයි කියන බයට. ඒ නීති තාමත් තියෙනවා. ඒ තියන නිසා ඒවා වෙනස් කරන්න යද්දි කිසිම හේතුවක් නැතිව කට්ටිය විරුද්ධත් වෙනවා. විවෘතව හිතලා බැලුවොත් රටේ පාලකයෝ ඒ රටේ පුරවැසියෝ වෙන එක මේ යුගයට ගැලපෙනවද? අද වෙද්දි අපි ජාත්‍යන්තර පුරවැසියෝ වෙලා ඉවරයි. රටකට අනන්‍යතාවන් තියෙනවා තමයි. ඒත් වෙලදාමෙදි ඒවා සියුම් මෙව්වා වෙලා අතුගෑවිලා යනවා. 


අපි ජාත්‍යන්තර බවට සාක්කි 

අපි අද කන බොන දේවල් ගනිමු. ඒවා එක්කෝ කෙලින්ම පිටරට නිෂ්පාදන. නැතිනම් පිටරට සහයෙන් හදාපු දේවල්. හරි ඔයාකන පතෝල ලංකාවේ වවපුවා තමයි.එ ලංකාවේ පස් තමයි.එ ්ත් ඒවා හැදේනනෙ පිටරට ඇට වලින්. පිට රට පෝර කෘමිනාශක ඒවාට ඉහින නිසා තමයි ඔ්‍යාලටත් විකුනන්න් වාණිජව පතෝල වාග කරන්න පුලුවන් වෙන්නේ. එහෙම නැතුව අපි වැව්වොත් අපි කෑව ක්‍රමයට පතෝල වත්තේ වවාගන තෙල්පෝර නොගහ හදන්න පුලුවන් ඒත් පතෝල ඔයාලට මිලට ගන්න පුලුවන් තරමට මිල අඩුවේන දෙන්න බැහැ එතකොට. ඒහෙම තෙල්පොර පිටරට ඇට නැතුව හැදුවොත් පතෝල කෑම නිකං හෙන රෝයල් ලක්සරි වැඩක් වෙනවා. 


අපේ උන් ගසාකෑම සහ පාතාලය 


පාතාල කාරයෝ ඉන්නවා නේ ලංකාවේ. මේ පාතාල මොඩල් කේස් එකක් තමයි ලංකාවේ දේසපාලකයෝ කරන්නෙ. ටික්ක ිවසාල සයිස් නොවන පොඩි මිනිහෙක් මිනිස්සු 20ක් විතර දාගෙන වැඩපලක් පටන් ගත්තා කියමු සුද්දන්ට මොනාහරි පටවන්න. කරන්න පුලුවන්ද? ගමේ සෙට් එක්ක? දේසපාලක සහ නිලධාරි යාන්ත්‍රනය ඇවිල්ලා අර මනුස්සයාට කරන්න පුලුවන් උපරිම කෙනෙහිලිකම් කරනවා. ඒකටම හැදුන නීති පද්ධති යාන්ත්‍රනයකුත් කරනවා. වැඩේට නිලව ශයෙන් විරුද්ද වෙන්න බැරිනම් දේශපාලකයෝ උන්ගේ හයියෙන් එක්කෝ උද්ගෝශන කරවනවා. නැතිනම් චන්ඩි දම්මල ගස්සනවා. ඉතින් අලුතින් පටන් ගන්න එකාට අනිවා ලොකු කප්පම් කුට්ටි මේ දේසාපලාක ගෝතයින්ට දෙන්න වෙනවා. 


හැම ලොකු වැඩකදිම අනවශ්‍ය බාල්දි දාන්න ලෑෂ්ති වෙලා ඉන්න ලංකාවේ දේශපාලකයෝ වර්ථමානයේ නම් එච්චර ලොකු දැක්මක් තියෙන උදවිය නෙමෙයි. පිටරට කොම්පැනි කාරයෝ උන්ගේ බඩු හදලා රටට විකුනන්න ප්ලෑන් කරනවා. අපේ දේශපාලුවෝ කරන්නේ උන්ගේ ඡන්ද බේස් එක තියාගෙන ඒකේ බලයේන කොහෙන් හරි සල්ලියබාගේ වස්තුව දේපල එකතු කරනවා. මේක ඇත්තටම ලොකු පාතාල සිස්ටම ්එකක්. 


රට දේශපාලකයිනගේ වාසි ි


ලංකාවට අමරිකා චීන සහ ඉන්දියා ගොල්ලා ඇහැ ගහන් ඉන්නවා. ලංකාවේ ව්‍යවස්තාව මාර විදිහට වෙනස් කරලා රට උන්ට ලංකාවේ ඇමතිලා වන්න පුලුවන් වුනොත් එතකොට චීන්නු ඉන්දියන් කාරයෝ අමරිකන් කාරයින්ට උන්ගේම පොරවල් මේ පාර්ලිමේන්තුවට යවන්න පුලුවන්. ඉංගිරිසියෙන් කෙරෙන වාද විවාද අපිට තේරුනේ නැතත් උන් මුන්ට වඩා නම් මොනාහරි ටිකක් දිගුකාලීන ව්‍යාපාරික ප්ලෑන් ටිකක් හරි පාස්කරගනීවි. හරියට මේක එතකොට වෝස මඩුවක් වෙයි කියලා හිතෙයි. ඒත් එක එක ගේ බලල් අත් වලින් කෙරෙන වේස බිස්න්ස එකකට වඩා අදාල අයටම කෙලින්ම පහසුව ගන්න පුලුවන් නම් හොදයි නේහ්.? 


ඉතින් අරක නැති වෙයි නේ? 

මේ අරක කිව්වම අයිතිවෙන ටිකක් ිතයෙනවා. පරිසරය, ඉිතහාසය, 2500 ගැම්ම, බාසාව, රට, , අපේකම, ආදී කක මෙලෝ රහක් නැති ලබ්බවල් ටිකක් නැතිවෙය්ය. ්වා වැදගත්ය කියලා අපිට දේසපාලුවෝ කියනවා. ඇත්තටම උන්ට ඒවා විකුනගන්න පුලුවන් නම් මුලින්ම උන් විකුනලා දාන්නේ ඒවා. ඒවා තියනවා කිව්වට ඇත්තටම නැති නිසා ඇත්තටම මාකටින් වැඩකට ඇර ඕවා ඩිරෙක්ට් කාටවත් විකුනගන්න බැහැ. උදාහරණ විදිහට අපි ගමු ලංකාවේ මියුසික්. එහෙම ලබ්බක් තියේද? නැහැ නේ. තියෙන්නේ ඉන්දියාවෙන් අරහෙන් මෙහෙන් කොපිකරලා ගහපු කොපි හම්පඩ තනු කෑලි ටිකක්. ඉතින් ඕක තියනවා කියලා හිතාගෙන ඉන්න උන්ට ඕක වෙන ඉන්ටනැෂනල් මාකට් එකකට විකුනලා සල්ලි කරගන්න බැහැ. උන් ඒ නිසා කරන්නේබොරුවට ලංකාවේ මාකට් කරන්න අපේ කම අපේ මියුසික් කියලා වචන ටිකක් පාවිච්චා කරනවා. 


ඒවුනාට ඕවා වෙයිද? 

නැහැ කිසි දෙයක් වෙන් නැහැ. අපේ උන් ද්විත්ව පුරවැසි ඇපෘා කලාට සම්පූර්ණ පිටරට උන්ට මෙහෙ නිදහසේ ඡන්ද ඉල්ලන්න වටපිටාවක් හදන් නැහැ. මොකද අපි ඔලුව ජපන් කද ජර්මන් ප්‍රජාචාන්ච්‍රික සමාජවාදී මින්සසු අපිට එහෙම ප්‍රතිපත්තියක් හරි මෙව්වා එකක් නැහැ. ඕක අනිවා නොවෙන වඩක්. ඒත් නිකටම හිතලා බැලුවොත් අපි එවුන් පත්කරගන්නේ අපේ ඡන්දෙන් නම් ඌ අමරිකාවේන ආවද? ඌගේ මුත්තා ඉන්දියන්ද? ඇත්තටම උන් මිනිස්සු නෙමෙ රොබෝලද ආදී දේවල් වැදගත් නැහැ නේද? අටකලම්පන්නට එන ඉන්දියන් කාරයෙක් ඒ ගමට සේවය කරලා මිනිසස්සුන්ට ගමේ උන්ට වඩා සේවයක් කරනවා නම් මම හිතන්නේ ඉන්දියන් කාරයාට ඉන්දියන් පුරවැසි කම තියෙද්දිම මහජන නියෝජිතයෙක් ව්නන අවස්තාව තියෙන්න ඕනි. 


කාලයක් තිස්සේ නීති රෙගුලාසි පද්ධිත හැදිලා තියෙන්නේ මේ පුරවැසිකම කියන සංකල්පය හරහා. ඒකේ ඒ කාලේ මොනාහරි වැදගත්කමක් තියෙන්නට ඇති. ඒත් ලංකාව හිගන ඉන්දිය්න කාරයින්ගෙන් සහ වෙනත් රටවල හිගන්නුන්ගෙන් පිරවීම වැලැක්වෙන මොනාහරි නීති ටිකක් හැර වෙන දේවල් ඇත්තටම දැන් එච්චරම වලංගු නැහැ වගේ. 


Friday, October 16, 2020

දුම්බර ඇල්ලට ගිය ගමන Dumbara Ella

 දුම්බර ඇල්ල කොහෙද තියෙන්නේ 

දුම්බර ඇල්ල තියෙන්නේ නක්ල්ස් මහ කැලය ඇතුලේ. මේකට ලගා වෙන්න මොන ැපත්තෙන් ගියත් සාමාන්‍ය කෙනෙක්ට කැලේ ඇතුලේ පැය 6ක් විතර ගත වෙනවා. ගමේ ඇවිදලා පුරුදු කෙනෙක්ට නම ්පැය තුන හතරකින් මෙතන්ට එන්නට පුලුවන්. දුම්බර ඇල්ලට මම දැනුවත්ව පාරවල් තුනක් තියෙනවා. එකක් තමයි කේ එම් පී වාඩිය හරහා එන එක. ඒ පාරට එන්න නුවර ඉදලා වත්තේගම හුළුගග හරහා බඹරැල්ලට යන්න ඕනි. බඹරැල්ලට ගිහින් එතනින් කේ එම් පී වාඩියට ගිහින් රැයක් පහන් කරලා දෙවනි දවසේ වගේ ඔන්න දුම්බර ඇල්ලට ලගා වෙන්නට පුලුවන්. ඒක ටිකක් දුර ගමනක්. ඒත් බඹරැල්ල වගේම කේ එම් පී වාඩිය අහල පහලින් නගින්න තියෙන තුන ්හිස් ගල තරණයත් කදිම අත්දැකීමක්. මම ඒ ගමන මීඨ කලින් ගිහින් තියෙනවා. 

 දෙවනි පාර තමයි ලේසිම පාර. ඒක තියෙන්නේ රඹුක් ඔළුව හරහා. රඹුක් ඔළුව ගම මොරගහකන්ද, කළුගග ව්‍යාපෘති නිසා වැහුනා. ඒ ගමේ උදවියට වෙන පලාත්වලින් ඉඩකඩම් ලැබුනා. ගේ දොරවල් ලැබුනා. ඒ එක්ක ගමේ අය දැන් ගමේ නැහැ මම හිතන විදිහට. අපි ගිය අවුරුද්දේ මුල යද්දි ඒ ගෙවල් වල කට්ටිය හිටියේ කිහිප දෙනයි. අනෙක් අය අලුත් තැන්වලට ගිහින් තිබුනා. ඉතින් මේ රඹුක් ඔලුව පැත්ත දැන් කැලෑ බිහිවෙල නිසා දැන් ඉතින් ඇටන්වලින්ම තමයි මේ ගමන පටන් ගන්න තියෙන්නේ. තවත් එක පාරක් තියෙනවා මට ඒක මොකද්ද කියලා මතක නැහැ දැනට. 

ඇටන්වලින් පටන් ගත් අපි 

අපි ඉතින් මුල්ම දවසේ කොළඹ ඉදන් රිවස්ටන් වලට ආවා. පාර ටිකක් සෞත්තු නිසා ගමන පරක්කු වුනා. එතන ඉදන් ඉන් පස්සේ හෙමිහිට පිටවල පතනත් බලා කියාගෙන ඇටන්වලට එද්දි හවස තුන හතර විතර වෙලා. ඇටන්වල දැන් ටිකක් වෙන්ඩ මීමුරෙ ටයිප් තියෙන්නේ. ඒකත්හොදයි එක අතකින්. මොද කොළඹින් පැකේජ් කියාල රුපියල් තුන් හාරදහා මිනිස්සුන්ගෙන් අරගෙන නඩේ විස්සක් තිහක් අරගෙන මේ ගම් වලට කට්ටිය එනවා. ඉන් පස්සේ තියෙන තැන් විනාස කරලා මේ ගම්වල මිනිස්සුත් හූරගෙන කාලා අර කොළඹ ඇත්තෝ ලොකු ලාබ අරගෙන තොලොංජි වෙල යනවා. ටික කාලයක් ගියාම ගමත් නැහැ පරිසරයත් නැහැ අවසානේ ඒ පැත්තට යන්න තිබුන ගමනත් නැහැ. 

ඇටන්වල ගමේ ගෙවල් වල දැන් කදු නගින අයට සේවාවන් දෙනවා. කෑම ගන්න පුලුවන්. කදු නගින ගයිඩ් සේවාවන් ගන්න පුලුවන්. අගර මාමා, ඒකනායක මාමා, හෙම මේ ගයිඩ් වැඩ වලට නම් දරාපු අය. ඊට අමතරව තව අලුතින් අයත් ඉන්නවා. අපිට සෙට් වුනේ නිස්සංක. නිස්සංකට වැඩක්යකියලා අපිට ගමනට අජිත් අය්යාව සෙට ්කලා. බුවාත් වරදක් නැහැ. 


මානිගල දිහා බල බල තමයි ඇටන්වල ගමට යන්නට තියෙන්නේ. අපි ටෙන්ට් එක්ක අරගෙන ගියේ දුම්බර ඇල්ල කෑම්පින් කරන්න. ගමෙන් මැද හරියේදි අපිට වල්පොලමුල්ල කියන අත ඇරල දාපු ගම සෙට් වුනා. ඉන් ප්සස් කදු නැගලා බැහැල තා පැය තුන හතරක් ගියාම දුම්බර ඇල්ලට සේන්දුවුනා. ගමනේ මැද වතුර පාරවල් වලින් එතෙර වෙන්නට තියෙනවා. වතුර වැඩි කාලෙට නම් ගමන අමාර ු වෙයි මොකද වතුර පාරවල් වලින් එගොඩ වෙන්නට හැටියක් නැහැ නෙ. කෝකටත් කෑම බීම ටිකක් වැඩිපුර අරං යන එක හොදයි. මොකද අපි ගියාට පස්සේ තඩි වැස්සක් වැස්සොත් ටිකක් ඉවසං ඉන්න වෙනවා ඒ දොලපාර වලින් එගොඩ වෙන්න. 

කදු බෑවුම් කිව්වට ටිකක් තදබල බහින්න බය හිතෙන තැනුත් තිබුනා. ඒත් අපේ ගයිඩ් අයියා අපිව ගාන්ට කෙයා කරලා ඒ තැන් වලදි පොඩ්ඩක් සපොට් එකක් දුන්නා. ඇදුම ්පැලදුම් නම් ගොඩක් ගන්න එපා. මලුත් ඕනි නැත් ලබ්බවල් පුරවගෙන බර කරගන්න එපා. නවතින්න යනවා නම් අත්‍යාවශ්‍යම දේවල් ටික විතරක් ලැයිස්තු කරලා අරගෙන යන්න. නාන්න තියෙනවා නම් අමතර ඇදුමක් ගත්තට කමක් නැහැ. නැතිනම් රෑට සීතලට පෙරෝගන්න බෙඩ්සීට් එකක් අමතරව තිබුනාම හොදටම ඇති. ඇල්ල ගාව නාන්න හැකි නිසා නාන්න සුට්ටි ඇදුමකුත් ගෙනියන එක හොද වෙයි. 

අපේයාලුවෝ දෙන්නට නම් තිබුන ලොකු අවුලක් තමයි සපත්තු. ට්‍රැකින් බූට්ස් ඉතින් මට නම් නැහැ. ඒත් මගේ සේෆ්ටි ෂූස් දෙක පුදුමාකාර පිහිටක් වුනා. සේෆ්ටි ෂූස් දාල පුරුදු නැත්තන් ඒත් දාන්න යන්න එපා. පුරුදු වුනොත් නම් ඕනි තැනකට ගිහින් එන්න පුලුවන් විශ්වාසනීය යාලුවෙක් තමයි සේෆ්ටි ශූස් කියන්නේ. සපත්තුවේ කට්ට ලෙසට තියෙන නිසා අපි ලිස්සුවත් සපත්තුව නම් කෙලින් තියෙනවා. 

දුම්බර ඇල්ලට ලගා වෙලා මුලින්ම අපි කලේ උදේම අජිත් අයියගේ පවුල උයාදුන්න බත් එක ගිල දාන එක. එතකොට හවස තුන විතර වෙලා. ඒ කරලා ටික්ක ගල් තලාවේ ඇලවුනාම මෙන්න ටිකකින් කෙල්ලෝ කොල්ලෝ ටිකක් ආවා. මං නිදාගෙන උන්නේ. ඇහැරෙනකොටම කෙල්ලෙක් මගෙ ඔලුව ඇග උඩින් පැනල ගියා. උන් දුම්බර ඇල්ල බලන්න ඇවිත්. හවස හතරට විතර ඇවිත් තිබුනේ. මම හිතන්නේ ඒ ගොල්ලා කොහේ හරි කැලේ ඇතුලේ කෑම්ප් කරන්නට ඇති. දන්න කියනවා කියලා හිතෙන ලොකු කෑම්පින්් ඇදුම් කාරයෝ කිහිපයක් ඇවිල්ල තිබුන නිසා අපි වැඩිය කතාබහ නොකර අපේ ලොකුකම තියාගෙන පාඩුවේ උන්නා. එයාල ඇවිත් තිබුනේ නම් කේ එම් පී පැත්තෙන්. 

අපි අරන් ගිය බඩු වල තේ කොල තිබුනා. අපි ඒ දිල්මා ටී බෑග්ස් පාවිච්චි කරලා තේ වතුර හදාගත්තා. හවසට. හැන්දෑවට අපි කලුවට යාන්තමට වැටෙද්දි නූඩ්ල්ස් ටිකත් හදාගෙන කෑවා. අරක්කු වගේ සැර ටික්ක තිබුන නම් හොදයි. යාලුවා ගාව ටිකක් ඉතුරු වෙලා අරක්කු තුන් කාලක් විතර තිබුනා. ඒක හිමිහිට බිව්වා. මේ තැන්වලදි බොන එක අවුල්. ඒත් ඉතින් නිදාගන්නත් ඕනි. තැනත් සේෆ් ඒ නිසා බිව්වා. 

දිය ඇල්ල පේන මානේ තමයි ටෙන්ට් එක ඇටෙව්වේ. ටෙන්ට් එක දිග අරින්න ටිකක් මාන්සි වෙන්නට වුනා. අපිට මුලින්ම ටෙන්ට් එක දිග අරින ටෙක්නික් එක අල්ලගන්නට බැරිවුනා. හෙමිහිට කෙහොම හරි චමින්දයා  බාලදක්සයා නිසා බුවා ටෙන්ටක ගැහුවා වැඩේ අල්ලගෙන. ආ වැරදුනා අපි ඇත්තටම රෑට කෑවේ නුඩ්ල්ස් නෙමෙයි පාන්. පාන් ටික දිග ඇරගෙන අරන් ගිය ටින් කෑම ටික බේසන් වලට දාගෙන කෑවා. 

කාල තේ වතුර එහමෙ බීළ නිදාගත්තා. මහරෑ එක පාරටම වැස්සක් වගේ එන ලයින් එකක් තිබුනා. දිය ඇල්ල ගාව කූඩාරම ගැහුවට මොකද මට නම් පරාණ බයක් තිබුනා වතුර වැඩි වුනොත් මොනාහරි විපතක් වෙයි කියාලා. වැස්ස වෙලාවේ මම ටිකක් එලියට ඇවිත ්බැලුවා. ම්ම්හු අවුලක් වුනේ නැහැ. 

අපි මුලින්ම ගමන ප්ලෑන් කරන කෙට කවුද බොලේ ගයිඩ් ගාවනිදාගන්නේ කියලා කතාබහක් තිබුනා. අද කාලේ කියන්න බැහැ නේ ඉතින්.හොදට හැදුනු කොල්ලෙක්ටවත් ඉන්න බැරි කුරිරු සමාජයක් නේ තියෙන්නේ. ඒත් අනේ අපි නොහිතපු විදිහට අපේ ගයිඩ් අජිත් අය්යා කුඩාරම ඇතුලට ආවේ නැහැ. බුවා කූඩාරම එලියේ දුක සේ නිදාගත්තා. උදේම පින්න වැඩි කොට පොර හොදට පොරවාගෙන නිදාගෙන උන්නා. 

ඊලග දවසේ අපි පාන්දරම නැගිටල නූඩ්ල්ස් හදාගෙන කාලා ඈත පහල ගල් කුලක් පිටුපසට ගිහින් කක්කා දාලා ආයේ ප්ලේන්ටියක් හෙමත් ගහලා ගමන පටන් ගත්තා. අපි ආවට වැඩිය ඉක්මනින් පැය පහකින් විතර අපිට ගමට එන්න පුලුවන් වුනා. එදා ඇවිත් කකුල් අමාරුව තිබුනත් එදාම අපි කාර් එකෙන් කොළඹ එන්නට ආවා. 

එනකොට අපිට ආපු පාරම පාවිච්චි කලේ නැහැ. අනෙක් පැත්තට ගිහින් ලග්ගල පල්ලේගම බකමූන හරහා දඹුල්ලට ඇවිත් එතනින් තමයි කොළඹ ආවේ. කොලඹ පැත්තට සුපුරුදු විදිහට ටිකක් ට්‍රැෆික් එක තිබුනා. 

දුම්බර ඇල්ල ලස්සන තැනක්. කැලෙන් ටිකක් වහං වෙලා තියෙන නිසාම පරිසරය තාමත් සුන්දරවට තියෙනවා. කෑම්ප් කරන්න ඉතින් සියක් හමාරක් ගියොත් නම් අමාරුයි. ඒත් හත් අට දෙනකුට ටෙන්ට් ගහලා ආතල් එකක් ගන්න ඉඩ ඇති. ඉතින් ඔයාලට මේ මම කියනවාට වඩා හොදට පහල වීඩියෝවේ මේ ගමනේ අවස්තා පෙන්නුම් කරනවා ඇති. දේතා යනවා නම් ඔය බඩකඩිත්තුව නොබල මේ පිංතුර කැලි ටික බැලුවත් අති ඉතින්. 


කුඩා මලක් 

පිට්ටනිය වැනි සුන්දර කොටස

වල්පොලමුල්ලේදි හමු වූ වැල ගොඩිය. 


අපි එක්ක ගිය බැල්ල



නඩේ කොටහක් 

දුම්බර ඇල්ල ලග ගහපු කූඩාරම

දුම්බර ඇල්ල 


කූඩාරමේ සිට දුම්බර ඇල්ල 



රත් මල් 

කදිම ගලක් 

සුවිසාල ගසක් 

කැලෑ කටුස්සා 

ගොළුබෙල්ලා 

කූඹි ලොකු සයිස් එක 

ඈතින් පේන තුන් හිස් ගල 

Tuesday, October 13, 2020

මීඩියා සදාචාරය ප්‍රායෝගිකද?


මීඩියා කියන්නේ මේ කාලේ රට ලෝකේ පාලනය කරන එක ටූල් එකක්. මේ මීිඩියා ගැන විවිධ කතාන්දර පහුගිය දවස්වල ඇතිවුනා. ඉතින් මේ මීඩියා වලින් කරන කලබගෑනිය මොකද්ද. ඒකෙන් තියෙන අවුල මොනාද කියලා අපි ටිකක් සොයාබලමු.

මීඪියා ගැන වාමාංසික අදහස

මේ කාලේ ලංකාවේ රතු පක්ෂ ඇත්තටම රතුද කියලා පස්නයක් තියෙනවා. එතනින් එහාට ගිහින් බැලුවොත් මීඩියා කියන්නෙත් ධනපති පංතියේ හොරණෑව කියලා තමයි සාමාන්‍යයෙන් හදුන්වන්නේ. සරලවම කිව්වොත් මීඩියා කිය්නනේ මුදලාලිලාගේ බිස්න්ස එකක්. ඒක ඇතුලෙදි ත් තියෙන්නේ වෙලදාමක්. මිනිස්සුන්ට වැදගත් තොරතුරු ඉදිරිපත් කරනවාට වඩා එදිනෙදා මිනිස්සු ආකර්ශනය වෙන මොනා හරි දාලා ඉන් පස්සේ ඒකේ ඇඩ් ගහලා කීයක් හරි හොයගන්න තමයි මීඩියා හදන්නේ.

අනෙක් පැත්ත හිතුවොත් අපිට මේ වාමාංසික විදිහට හැමදේම අනික් පැත්ත හිතන්නත් පුලුවන්. සරලවම අපි ඉගෙන ගන්නවා කියල කරන්නෙත් ධනපති කොටසකගේ උවමනා එපාකම් පිරිමැසීමක්. එහෙම නැතුව හිතුවොත් කවුරු මොන අරමුණින් කරත් මීඩියා කියන්නේ අපිට අවශය වෙන දෙයක්.

මීඩියා සහ කතාන්දර

පරණ බණ කතා තියෙනවා නේ. ඒ බණ කතා තියෙන්නේ අපිට ඇත්තටම කතා කියාදෙන්න නම් නෙමෙයි. ඒවා තියෙන්න් ධර්මය කියා දෙන්න. සද්ධර්මරත්නාවලිය, සද්ධර්මාලංකාරය විතරක් නෙමෙයි ත්‍රිපිටකයෙත් නාටකීය කතාන්දර ගෙඩක් තියෙනවා. මේවායේ අරමුණ මිනිස්සුට කතා ඇස්සවීම නොවුනත් ඒ පොත් වලින් කතා මිනිස්සුන්ට ඉදිරිපත් කරනවා. කාලෙකට කලින් ආරියනන්ද දොඹගහවත්ත පටන් ගත්තා පරණ දේශපාලන සිද්දි ඇතුලත් අතිරේකයක් ඉරිදා ලංකදීපයේ. බුවා කියන විදිහට ලංකාවේ මිනිස්සු ආසයි කතාන්දර වලට. ඒ කතාන්දර විදිහට සකස් කරාම මිනිස්සුන්ට ප්‍රෘත්ති ගිල්ලවන්න ලේසියි.

දැන් පිටරට මීඩියා නිවුස් වලට වඩා අපේ නිවුස් වල තියෙන බැලූ බැල්මට අවුලක් තමයි කතා න්දර වැඩි වීම. ඒ කිය්නනෙ ප්‍රවෘත්ති නාටකීය ආකාරයෙන් ඉදිරිපත් කරන්නට තමයි උත්සාහ ගන්නේ. නාටකීය කිව්වේ මේ නිවේදකයා රගපාන සීන් එකක් නෙමෙයි. ඒ සිදුවීම වඩාත් හැගීම්බර පැත්තකින් මිනිස්සුන්ට අහුවෙන පැත්තකින් කවර් කරලා කතාවක් ආකාරයට පෙන්වන්න තමයි උත්සාහ ගන්නේ. මේක ඇත්තටම මාද්‍ය ආයතනවලම ටිකි ටිකයකුත් නෙමෙයි. මේකට මිනිස්සුන්ගේ තියෙන රුචිකත්වය පැහැදිලිව බලපානවා. අපේ මිනිස්සු කතා නම් බලන්න ආස ඉතින් කතා සප්ලයි කරන්නට මීඩියා වලට සිද්ද වෙනවා. අනෙක් පැත්තෙන් කතා දුන්නොත් තමයි නිවුස් එක රේට් එක වැඩි වෙන්නේ.

මීඩියා ගායිස්ලා කවුද?

ලංකාවේ මීඩියාවලට එන සහ ඉන්න අය බැලුවොත් ගොඩක් අය අහම්බෙන් ආපු අය. දැන්නම් මීඩියා කියාල විශයක් උගන්වනවා උසස් පෙලටත්. ඒත් විවිධ අකාරයෙ රස්සා හොයලා ආවසානයේ නවතින තැනක් විදිහට තමයි සමහරු මීඩියා වල නවතින්නේ. මේ මීඩියා ගයිස්ලා නොදන්න දෙයක් නෑ වගේ රැගුවට ඇත්තටම එයාල ගොඩක් දේවල් දන්න කියන බහුශ්‍රැත ලෙවල් එකෙට වඩා සෑහෙන පහල තමයි ගොඩක් වෙලාවට ඉන්නේ. ඉතින් මේ මීඩියා වලට ආකර්ශනය වෙන පිරිස සහ එහි රැදෙන පිරිස කවුද කියන එක මතත් සෘජුවම මීඪියා වල අවුට්පුට් එක රදා පවතිනවා.

මීඩියා කාරයින්ට ලැබෙන මුදල

පුවත් මවන එක ලේසි වැඩක් නෙමෙයි. පත්තරයක් වෙබ් එකක්නෛමයි හොද යූ ටියුබ් චැනල් එකකටත් සතියකට නිවුස් හතලිහක් පනහක් වත් ඕනි වෙනවා. මේ පුවත් මවන්න සිය ගනන් උධවිය නැහැ. බොහෝවිට නිවුස් චැනල් එකක පුවත් පතක වැඩකරන කෙනෙක්ට සතියට ආටිකල් දහයක් වත් මවන්න වෙනවා. මේවැඩේට හම්බෙන ගානත්ලොකු එකක් නෙමෙයි. පත්තර නම් පිටු බාගේ ආටිකල් එකකට රුපියල් දාහක් වගේ ලැබෙන්නේ. වෙබ් නම් වචන හය හත්සීයකටත් ඒ ගාන. එතකොට ඒ වගේ දහයක් සතියට කියන්නේ හොද සැර වර්ක් ලොඩ් එකක්. එතකොට අර මිඩියා පොතේ තියෙන විදිහට ෆැක්ට් බලන්න ඇත්තද බොරුද හොයන්න කතා කරන්න වෙලාවක් නැහැ. ගොඩක් වෙලාවට කෝල් එකෙන්ම කෝල් දෙක තුනක් අරගෙන වැඩේ ඉක්මන්ටම ගොඩදාන්න තමයි හදන්නේ. එතකොට ඉතින් නිවුස් අඩු වුනාම තියෙන නිවුස් වර්ධණය කරගන්න කතා ගහනවා. නැත්නම් තියෙන පොඩි ඉන්ෆොමේසන්ටිකක් එකහු කරලා නිවුස් මවනවා.

 මේක නවත්වන්න අපි දඩුවම් ටිකක් දෙමු නේද? 

ලංකාව කියන්නේ මාර අමුතු ගති සිරිත් තියෙන රටක්. මිනිස්සු හිතනවා හැමදේම නිීති රීති දඩුවම් වලින් නවත්වන්න පුලුවන් කියලා.මීඩියා නෙමෙයි මොකක වුනත් අවසානයේ පාලනය කරන්න බැරිම නම ්නීති ගේන්න වෙනවා. ඒත් හැම එකටම නීතිය ඉස්සරහට දාගන්න එකත් එච්චර හොද ආතල් එකක් නෙමෙයි. මීඩියා කියන්නේ මිනිස්සු අතර ජනප්‍රිය දේවල්. එතකොට ඒ දේවල් දෙන්නේ මිනිස්සුන්ට. දැන් කාලේ ඕනි හැටියේ මිනිස්සුන්ට අකමැති නම් චැනල් මාරු කරගන්න පුලුවන්. අකමැති නම් පත්තර නොගෙන ඉන්න පුලුවන්.අකමැති නම් යූ ටියුබ් එකේ ඒ චැනල් එකට නොයා ඉන්න පුලුවන්. එහෙම හොද ෆ්‍රීඩම ්එකක් තියෙනවා. කාටවත් ප්‍රවෘත්ති හෝ ටීවි එකේ යන පුවත් නාටක බැලුවේ නැහැය කියලා ලොකු අවුලක් වෙන් නැහැ. නැතිම නම් ප්‍රවෘත්ති කෙටි මැසේජ් විදිහට එන්න ක්‍රමත් දැන් තියෙනවා. 

ඉතින් මේක මර්දණය කරන්න නිවුස් වල අවුල් ලියන්න මීඩියා වල කොලිටි වැඩිකරන්න නීති වලින් බැහැ. ඒත් කොරෝනා මර්ධන වැඩපිලිවෙලට ඕනි නැති විදිහට මිනිස්සු බය කරනවා නම් ලෙඩේ තියෙන මිනිස්සුන්ගේ පුද්ගලිකත්වයට හානිකරනවා නම් ඒ තැන්වලදි මීඩියා වලටඑරෙහිව ක්‍රියාත්මකවෙන්න රජයට පුලුවන් කම තියෙන්නට ඕනි. අඩුතරමේ මේ තියෙන හදිසි තත්වය ගැන සලකලා වත්. ඕක කිව්වම බයි පාර්සවය කියයි එහෙම කලොත් මානව හිමිකම් යයි කියලා. ඒත් අපිත් ඒ ගොල්ලත් හොදටම දන්නවා හිරු සහ දෙරණ වගේ එකකට එරෙහිව මේ තියෙන ආණ්ඩුව නම් මොන වැරැද්දක් කලත් දඩුවම් කරන්නේ නැහැ. ඒ නිසා අනේ බයි පාර්සවයේ මීඩියා ෆ්‍රීඩම් ටෝක්ස් නම් රෝල් කරලා පුකේ ගහන්න කියලා තමයි කියන්න වෙන්නේ.

Monday, October 12, 2020

කොරෝනා නිසා ජනජීවිතය වෙනස් කරගැනීම ප්‍රායෝගිකද?


යෝජනා කිරීමත් උපදෙස් දීමත් කියන්නේ මාරම ලල් වැඩක්. අපිට පුලුවන් එක එක යෝජනා දෙන්න. ඒත් ඒවා ක්‍රියාත්මක රකන්න උපදෙස් පිලිපදින්න ගියාම තමයි රෙවෙන්නේ. අපේ ජීවිත වටා ඒ ජීවිත ගතවෙන එක්තරා රිද්මයක් තියෙනවා. ඒක තමා අපි කැමති ක්‍රමය. ලංකාවේ සිගා එකක් හැන්දෑවට ගහගෙන මනෝ පාරක් ගහන්න කැමති මිනිහා අමරිකාවේ මේරිලන්ඩ් වලට පදිංචියට ගියත් උගේ ඒ පුරුද්ද අත අරින්න බැහැ. බස් එකෙ ්කාර් එකේ යනකොට සිංදු අහපු එකා හදට ගියත් කොහේ හරි යද්දි සිංදුවක් දාගන්නවා. ඒවා සමහර වෙලාට අපේ ජාන එක්ක අපේ පරිසරය එක්ක බැදෙන දේවල්. 

සමහර වෙලාවට අපිට කැපකිරිම් කරන්න වෙනවා. අපි පුරුද්දක් විදිහට නිතර කලහ කරන ඩෑලක් නම් අපි වෙන රටකට ගියොත් අපේ ඒ කලහ කරන ආතල් එක ටික කාලෙකට හරි නවත්වන්න වෙනවා. මොකද මෙහෙ වගේ අපේ තරම දැනගෙන අනික් උන් පාඩුවේ ඉන්නේ නැහ. වෙන රටකදි තත්වය වෙනස්. ඒත් ඒ රටට යද්දි යන එක මොන දේටත් හිත හදාගෙන මෙහෙ ඉන්න බැරි නිසා හෝ එහෙට්ට තියෙන ආසාව නිසා ඒ දේවල් වලට යොමු වෙනවා. එතකොට මෝටිවේශන් එක තමුන්ගේ පුද්ගලික මෙව්වා එකක්. ඒ නිසා ඒක කරනවා. 


කොවිඩ් වලදි ඈත් වෙලා ඉන්න මාස් දාන්න අත් හෝදන්න කියන කොට සහ අපේ ලයිෆ්ස්ටයිල් එක වෙනස් කරගද්දි එහෙම අපි කැමත්තෙන් තෝරාගන්න දෙයක් නෙමෙයි. අපි ඒ කලෙදි කල යුතු කාලාන්තරයක් තිස්සේ බලා හිටපු දේකුත් නොවෙයි. ඇස් පේන්නැතුව ඉද්දි කන්නාඩි දැමනවා වගේ අතිවෙච්චි හදිසි ආබාධයකුත් නෙමෙයි. ඉතින් විය යුතු විදිහටම ලෙඩේ කොච්චර දරුනු වුනත් අපි පිස්සු කෙලින්න ගන්නවා. 


ඉතින් චීනේ දින්න නේ 

චීනේ කියන්නේ පුද්ගල නිදහස කියන එක පරම්පරා ගානක් තිස්සේ මරාගෙන ආපු රටක්. ඒ කියන්නේ චීනයේ ක්‍රමයට විරුද්ධව එක්රැස්වෙන ඒ වෙනුවෙන් පෙනී ඉන්න උන් දශක ගානක් තිස්සේ මරලා මරලා සහ උන්ව මකලා හදලා දැන් ඉන්න උන් ක්‍රමයට විරුද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා ක්‍රමය මගින් යෝජනා කරන්නේ කුමක්ද? එය කොතරම් අකමැති වුවත් කරන්නට චීන ජනයා බැදිලා ඉන්නවා. මේ ම දේශයක් තුල පාලන කටයුතු ලේසියි. එතැනදි ඉහල මට්ටමේ අයට තිබෙන්නේ ඔවුනවුන් අතර තිබෙන තරගයක් විතරයි. එතනින් එහා ඒ යෝජනා කරන ක්‍රමවේදයන්ට දැඩිව මුහුනදෙන අයගේ විරෝදතා කියන වචන සෙට් එකම චීනෙට අදාල නැහැ. 


චීන්නු නිකං බ්‍රොයිලර් කුකුල්ලු වගේ. උන්ට කන්න බොන්න දෙන එකේ ඉදලා උන් මැරෙන අවස්තාව දක්වා ථීරනය කරන්නේ උන්ගේ මහ උන්. අපි ඇවිල්ලා ගං කුකුල්ලු වගේ. අපි අහුලගත්තොත් අපි කනවා. අපි කොහෙහරි ගිහින් ජෝගියක් දැම්මොත් පොලිසියෙන් ගුටිකන්න වෙනවා. අපිට කැමති නම් සහ අපේ ඇගට ඕනි නම් අපි බිත්තරයක් දානවා. අපි  සම්පූර්ණයෙන්ම රාජ්‍යයේ බැදීම් වලින් නිදහස් නැතත් අපිට මාර නිදහසක් චීනෙට සාපේක්ෂව තියෙනවා. කොටින්ම කෙල ගහන්න එපා කියල තිබෙන තැනක කෙල ගැහුවා කියලා ලංකාවේ ඊයා කියනාව හැර උස්සන් ගිහින් දඩ ගහන් නැහැ. ඒ මහ වල්බූරු ඒත් ආතල් නිදහස තාමත් ලංකාවේ අපිට තියෙනවා. ඒ තියෙන නිසාම අපිට මොන දඩුම දෙනවා කිව්වත් අපේ තියෙන අර නාහෙට නාහන මැඩර ගතිය අරින්ඩ බැහැ. ඒක හොදද නරකද දන් නැහැ. ඒත් ඒක එහෙම ම තමයි. 


ඉතින් අපිට කෙල වෙයි නේහ් 

ඔවු. බොහෝවිට ඔවු. මේක කෙලවෙනවා තමයි. කොරෝනා පැති දෙකයි.එ කක් ලෙඩෙන් මැරෙනවා. අනික කොරෝනා නිසා ඇතිවෙන ආර්තික සමාජ හේතු නිසා මැරෙනවා. එයින් දැන් ආර්තික පස්න ඇවිල්ල ඉවරයි ගොඩකට. මේන්ස්ට්‍රිම් මීඩියා වල ශිෂ්‍යත්වෙ වෙලාවේ අම්මා නැතිවෙච්ච පුතා අඩනවා පෙන්නුවා. ඒත් ඒවායේ පිටරට ගිහින් මිනිහාට කොරෝනා හැදුනට පස්සේ ලමයිට කන්න දෙන්න නැතුව දහ අතේ ණය වෙලා කරකියාගන්න දෙයක් නැතුව ඉන්න ගෑනු පෙන්වන්නේ නැහැ. කොරෝනා නිසා රස්සාවක් නැතුව දඩාවතේ තැන් තැන්වල රස්සා හොයාගන යන මිනිස්සු අපේ නිවුස් වලට අහුවෙන් නැහැ. මැදපෙරදිග රටවල නොහෙක් කැපිලි මැද දුකසේ එන්නත් බැරුව මාස ගානක් දුක් විදින මිනිස්සු අපේ මීඩියා දකින්නේ නැහැ. ඒත් කට වහගෙන නැතුව ගෑනියෙක් වත්ත කෙළවර ලැට්ටකට යනවා දැක්කත් අපේ මීඩියා අපිට ඒක පෙන්වාල අපිට වැරැදි කියා ල බනින්න කෙනෙක් තොරලා පෙන්වනවා. අඩන්න දෙයක් පෙන්වනවා. ඉන් පස්සේ හිනාවෙන්න දේකුත් ඉදලා හිටලා පෙන්වනවා. 


ඒ විදිහට අපිට ඕනි දේවල් දෙන මීඩියා එකකින් පෙන්වනවාට වඩා කොරෝනා මගින් ඇතිවන වක්‍ර බලපෑම් වැඩියි. කොරෝනා කියන එක ආර්ථිකයට ගමේ ඉන්න මිනිහාට බලපාල ඉවරයි. කහ ගන්න එක විතරක් නෙමෙයි කොරෝනා මගින් ඇතිකරල තියෙන අවුලකට තියෙන්නේ. එතනින් එහා ගිය ආදායම් මාර්ග අවහිර වීම ජීවිතේ නන්නත් තාරවීම අවදානමකට ගොඩක් අය මුහුන දීල තියෙනවා. ඉතින් මේ ආර්ථික පස්නය ආවට පස්සේ ඇයෙත් කොරෝනත් එනවා මිනිස්සුන්ට. ඒක මහ කැත වැඩක්. ඒත් ඒක එහෙම වන්නට නියමිතයි. 


කොරෝනා ලෑස්තිය 


අපේ රටේ කෙල්ල ගෙට වුන ගමන් උත්සවේ ගත්ත නේ. වෙන රටවල් ලෑස්ති වුනා. අපි රජය කල යුතු දේවල් යෝජනා කිරීම වැඩක් නැහැ. මොකද රජයක් වුනාම අඩුගානේ ඊලගට එන පස්න මොනවාද කියලා හොයලා ඒ දෙවවල් වලට ලෑස්ති වෙල ඉන්ඩ ඕනි. ඉතින් හතර අතින් සැනකෙලි දාපු රජය දැන් මම හිතන්නේ කොරෝනා වලට ලෑස්ති ඇතිනෙ. අපි බලමු ඉතින්. 


කන්දකාඩු බය 

මුලින්ම කිව්ව වගේ ඒ ඒ ජීවිතයට අදාල වූ බිහේවියර වෙනස් කරන්න අමාරුයි. ලංකාවෙ ්දොස්තර කෙනෙක්ගෙන් ඇහුවොත් මිනිහෙක්ට ඉස්පිරිතාලේ නවතින්න කිව්වාම කොච්චර ඒකට අකමැතිද කියල දැනගන්න පුලුවන්. 


රෝහන බැද්දගේ කන්දේ ලන්දේ ගගුලල්ලේ කියනවා. ඒ සින්දුව ඇහුවම හිතෙන්නේ අඩෝ බැද්දගේ තමයි ඩෑල ඌ ගමේ ඉන්නවා ඇතිය කියලා. ඒත් මේ වෙද්දි බැද්දගෙ ඉන්නේ මාලදිවයිනේ. ඔය හොරනපැත්තේ ගමක හිටියට බැද්දගේ ලොක්කා හෙම අපේ ගංවල උන් වගේ බස් එකේ යන එන හේනේ ඉදලා මල්ල කර තියාගෙන ගෙදර ගිහින් අමාරුවෙන් වාඩිවෙල කහට කෝප්පයක් බොන ඩෑල්ක නෙමෙයි ඇත්තම ජීවිතේ. පොර අර කලාවට අපේ කමට ලැදිය කියලා පොඩි ඇඩ ්එකක් දාල සිංදුවක් කියාල ගානක් කපා ගන්නවා. ඉතින් බැද්දගේ යට කන්දකාඩු හරි වෙන හොටලක් හරි නවතින්න කිව්වනම් ඌඨ ගානක් නෑ. පට්ටාතල් කියලා ඌ නවතී. ඒත් ගමේ ඉන්න සහ සාමාන්‍ය මිනිස්සු ගොඩකට එහෙම නැහැ. ගමේ බුවාල සමහරු ගෙදරින් පිට යන්නත් නිකං මොකද්ද වගේ. 


මේ කන්දකාඩු සහ නිරෝධායන බය නිසා මිනිස්සු දැන් මාර විදිහට ස්ටෙස් වෙලා. සමහරුන්ට තියෙන්නේ ඇත්තටම කෙරෝනා බයක් නෙමෙයි කන්දකාඩු යන්න වෙයි කියන බය. 


ඇත්තටම මට කියන්න ඔනි වුනේ මිනිස්සු සම්බන්ධ තීරන ගැනීමේදී මිනිස්සුන්ට ඒදේ කලේ නැහැ. මේ දේ කලේ නැහැය. මිනිස්සු පුරුදු වුනේ නැහැය. උන් අත හේදුවේ පුක හේදුවේ නැහය කියලා බනින එක කෝචචර සාර්ථක වැඩක්ද? ඇත්තටම එහෙම කොපමණ බැන්නා කියලත් පොදු මිනිහා එහෙම රූල් එකකට හදන්න පුලුවන්ද? ඇත්ත සමහර රටවල් තියෙනවා. ජපානේ වගේ. ජපාන කොරියා රටවල මිනිස්සු කොහොමත් ආචාර ශිලියි නීති ගරුකයි. අපේ ඉන්න ඇම්ඩලා මොන කාලෙත් නලියන ඩෑල්. එයාල ස්වභාවයෙන්ම අර ඉන්දියන් මිනිස්සුන්ට තියෙන පුක් ගිනි ගාය වගේ එකක් එක්ක ඉන්නේ. ඉතින් ඒ නිසා ගෙදරට වෙලා කකා බිබී ඉන්නවා කියන එක මරන්ඩ වගේ වැඩක්. 




Wednesday, October 7, 2020

රිවස්ටන් පිටවල සහ ඇටන්වල

රිවස්ටන් කියන්නේ ගමනද්ද?

හැමෝම දන්නව නෙ. ඔව් ඉතින් දන්නව තමයි අපිට පාන්යැ, ඒ දන්න කියන රිවස්ටන් පුංචි ලෝකාන්තය සහ ඇටන්වල වන්ඩේ ටුවරක් ගියා අපි. ඊලග දවසේ අපි දුර ගමනක් ගියා දුම්බර ඇල්ල බලන්න. ඉතින් පලවෙන ිදවසේ අපි හිතුවාට වඩා කොටසක් කවර ්කරගන්න හැක ිවුනා. 

මුලින්ම අපි පාන්දරම ගමන කොළඹින් පටන් ගත්තා. ගමන පෙන්නුම් කලේ රිවස්ටන් වලට. රිවස්ටන් මැප් කලාම ආවේ කුරුණෑගල දඹුල්ල පාරේ ටික දුරකින් ඇතුලට හැරෙන තැනක්. ඒ පාරේ අමාරුවෙන් ගිහින් ආයේ කුරුණෑගල මාතලේ පාරට සෙට් වුනා. එතනින් ගිහින් අපි රිවස්ටන් වෙත ලගා වුනා. 

මෙ ්වගේ ගමන් වලට ජපන් ඇල්ටෝ එක නම ්ගැලපෙන් නැහැ. මොකද පාරවල් හොද නැහැ. අනෙක් පැත්තෙන් එ ්කියන්නේ බකමූණ දඹුල්ල පැත්තෙන් ආවත් මේ සෙතම තමයි. පාරවල් සෞත්තුයි. පාරවල් වලට බැනල තේරුමක් නැහැ. අපි තෝරගත්ත වාහනේ අවුල්. ඇත්තටම මේ පැත්තේ චාරිකාවක් යනවා නම් ටිකක් ලොකු වාහනයක් තමයි ගැලපෙන්නේ. මොකද පොඩි වාහනයක් යට වැදුනාම ඒකේ ගන්න දෙයක් නැති වෙනවා. 

අපි ගිහින් රිවස්ටන් බැහැලා අමාරුවෙන් ඈතින් වාහනය පාක් කලා. පාක් කරලා නගින්ඩ ගත්තා. මීට කලකට කලින් මම අපේ ටෙක් එකේ (උසස් තාක්ෂණ ආයතනයේ) ඉගෙන ගද්දි බැච් එකත් එක්ක මේකේ බැච් ට්‍රිපක් ආවා. ඒ කාලේ කිඹි සිබා නිසා ගෑනු පස්සෙන්ම ඒක නැග්ග හැටි මතක් වුනා. දැන් ඉතින් වයසට ගිහින් අපි. දැන් කෙල්ලෝ හිටියනම් සනීපයි. මොකද හීතලේ උඩට නැග්ගාම කූල් වටපිටාව නිසා මනරම් හැගීම් එනවා. නැතුවට මක්ක කරන්නද ඉතින්. අපි කොල්ලෝ තුන්දෙනෙක් නැග්ගා උඩට. 

එදා මීදුම තද දවසක්. ටවර් එක ගාවට යද්දි වටේම මීදුම. මෙලෝ ලබ්බක් පේන් නැහැ. ටවර එක පෙනුනෙත් ලාවට. කොහොමින් හරි අපි ටවර් එක ගාවට නැගලා එතනින් එහාට දෙවනි ටවර් එකකුත ්බලන්න ගියා. ඒකත් තිබුන තැනම තිබුනා. ගෑනු ගොඩක් ඇවිත් හිටියා රිවස්ටන්. පිටවල පතනටත් වඩා රිවස්ටන් වලට කට්ටිය වැඩියි.

දැන් රිවස්ටන් වල පොඩ්ඩක් යට මැක්සා වීව්පොයින්ට එක්කුත් තියෙනවා. ඒකත් මරු. ඒකටත් ඔලුව දාලා බලලා අපි හෙමිහිට පල්ලම් බැස්සා. බැස්සට පස්සෙ ්බඩගිනියි අම්බානක. පිටවල පතනට යනකල් තවත ්කඩයක ්නැහැ නෙ. ඒ නිසා රිවස්ටන් එකේ පහල තැනකින්ම කෑවා. 

බිත්තර රොටියයි, නාන් රොටියය්. පරිප්පු වඩයයි, හිල් වඩයයි, රයිස් එකයි ආදී වශයෙන් මම හෙමිහිට කෑවා. එතැන රයිස් එක හිතුවට වඩා හොදට තිබුනා. දෙමල අයියෙක් කලාට වැඩේ සුපිරියට තිබුනා. 

පිටවල පතන 

ඉන් පස්සේ අපි හෙමින් හෙමින් පහලට බැස්සා වාහනෙන් පිටවල පතනට. පිටවල පතන නම් ගියාම දුක හිතෙනවා. අපේ ගස් හිවලුන්ට සිංහල තේරෙන්නේ නැතුවද මන්දා. ඔය පිටවල පතනේ ආවේණික ගෙම්බෝ ඉන්නවාය. උන්ට හිරිහැර වෙන නිසා අදාල පාරේ විතරක් යන්නය කියලා බෝඩ් ගහල තියෙනවා. එත් ඉතින් කොහොම හරි අපේ උන් බහිනකොට ලේසි පාර නිසා අර ගෙම්බෝ ඉන්නවාය කියන වතුර දහරාව අසලින් බහිනවා. ඇත්තටම ඒ අතින් නම් අපේ උන්දැලා හරිම ෆේල්. දැන්විමක් ලියලා තියෙද්දි එතන පොලිසියෙන් දාලා තඩිබානකල් අපේ උන්දැලා ඒක ක්‍රියාත්මක කරන්නේ නැහැ. 

ඒ පුංචි ලෝකාන්තයට ගියා. එතැන දෙමල ජෝඩුවක් ප්‍රීසුට් එකක. කෙල්ලෙක් ගවුමක් ඇදන් ඒ පාතාලේ මුවවිට තියෙන ගල් ගෙඩියක් උඩ වාඩිවෙල. ඒ ලගම මනමාලයා. කැමරා ජොකියා වෙන ගල් කුලක් මත ඉදගෙන පොටෝ ගහනවා. ඒ ජාමේ මහ තද සුලගක්. සුලං තද වෙද්දි කෙල්ලගේ අම්මා කැ ගහනවා. දුවට දෙමලෙන් වරෙන් මෙන්න මෙහෙ කියලා. කොහේ හරි කලින් දැකපු සොට් එකක් එහෝම ආයේ ගන්න දුවට ඕනිද කොහෙද? ඒ නිසා එයා පොටෝ එකට දිගටම උන්නා. කැමරා කරපු උන්ටත් ගානක් නැහැ. 

එ ්ලගම තවත් ඥාති වෙන සීයෙකුත් ඒ අයට බැන බැන හිටියා. මොකද ඒ වෙලාවෙ තිබුන සුලං හැමිල්ලත් එක්ක අර කෙල්ලගේ ගවුමට හුලං ඇල්ලුවා නම් ගවුම උඩ ගිහින් ජංගිය පෙනිල නවතින්නේ නැහැ. කෙල්ල පාතාලෙට පතබෑවෙන්නත් ඉඩ තිබුනා. ඒ වගේ මහ ජීවිත අවධානමක් පොටෝ සූට් එකකට. අනෙ ්මන්දා. මිනිස්සුන්ගේ ආසාවල් වෙනස් නේ. ටිකකින් පොටෝ කෘෘ එකේ ලොක්කාම එන්න දැන් ඇති කිව්වම තමයි පොටෝ ජොකියොය් කෙල්ලයි ඒ තැනින් එලියට ආවේ. වැටිල මලානම ්ඉතින් මගුල් නෙමෙ මල ගෙදරවත් හරියට ගන්න හම්බෙන් නැහැ මිනිය සෞත්තු වෙලා ගල් වල වැදිලා. 

ඉතින් ඕ විච්චූරන බලාගෙන අපිත් ටිකක් එබිලා පුංචි ලෝකාන්තය බලාගෙන පහලට බැස්සා. පහලට බැහැලා ඒ යාබද ටිකැට් කවුන්ටරේ උදවිය ටෝක්ස් කලාම අපි ගයිඩ් විදිහට දුම්බර ඇල්ල ගමනට ගන්න හිටිය නිස්සංකයා ව අදුරනවා ටිකැට් කවුන්ටරෙන්. නිස්සංක ලැ ගේත් පෙන්නුව පිටවල පතනට මේන් මේම පේනවාය කියලා. ඉතින් නිස්සංක ලොක්කා කතා කරලා අපි ඊලගට හෙමිහිට පිටත් වුනා ඇටන්වලට. මොකද ඇටන්වල තමයි අපේ අවසාන නවාතැන. 

ඇටන්වල 


ඇටන්වලට ගමන ඉතින් දුෂ්කරයි. පාරවල් හදල තිබුනත් වැස්සට හෙම තැන් තැන්වල කැඩිලා. ඒ තැන්වලින් මේ ජපන් ඇල්ටෝ බටු කාරක දාගෙන යන එක අමාරු වැඩක්. කෝමින් හරි අපි ඇටන්වල පාලම ගාවට ආවා. ඇටන්වල ගැන මම මීට කලියෙන් ඉතා මෑතකදි මම හිතන්නේ කියල තියෙනවා. ඇටන්වලට ඇවිත් අපි පාලම ගාවින් නාකියා ගත්තා. 

රෑට අපේ පෙරැත්තය නිසාම ගමේ අය්යලා වගයක් අපිට කිතුල් රා මුට්ටියක් සොයා දුන්නා. අනේ බොහෝම කදිම රා ටික. ටිකක් පැහිල තිබ්බත් රා ජුන්ඩ මරු. ඒටිකත් බීල රෑට බත් ටිකත් කාලා අපි රෑට නිදාගත්තා. මෙතැන්දි කියන්න ඕනි මේ ගමේ ඉන්නේ අපේ යාලුවෝ වත් ඥාති වත් නෙමෙයි. ඒ අය හොදට සත්කාර කරනවා. ඒ වගේම ඒ දේවල් වලට අයකරනවා. මේ අයකිරීම් ගැන කිව්වොත් රැයක් බේසික් නවාතැන් වලට රුපියල් 1,500/= කෑම වේලක් රු 200/= ගයිඩ ්ගාස්තු එක දවසකට රුපියල් 3,000/= වෙනවා. ඒ වගේම ඉතින් ගමෙන් බෝතලයක් ගෙන්න ගන්නවා නම් මොනාහරි මස් මාංස ආදිය හදවා ගන්නවා නම් ඒවටත් ටිකක් වැඩිපුර අය වෙනවා. 

මම මේම කිව්වේ ගම කිව්වම අර අපේ ආච්චිලාගේ ගමට ගියා වගේ හැමදේම නිකං ලැබෙන සිස්ටම ්එකක් මේවැ නැහැ. එ ගමෙ  අයත් අපිට සපයන්නෙ සේවාවක්. ඉතින් ඒ සේවාවට නම්බුකාර විදිහට අයකිරීමක් කරනවා. ඒකේ කිසිම අවුලක් නැහැ. ඉතින් අපි ගමේ ඉදන් දුම්රබ ඇල්ල ගිහිපු කතාව අපි ඊලග කොටසකින් බලමු.