රිවස්ටන් කියන්නේ ගමනද්ද?
හැමෝම දන්නව නෙ. ඔව් ඉතින් දන්නව තමයි අපිට පාන්යැ, ඒ දන්න කියන රිවස්ටන් පුංචි ලෝකාන්තය සහ ඇටන්වල වන්ඩේ ටුවරක් ගියා අපි. ඊලග දවසේ අපි දුර ගමනක් ගියා දුම්බර ඇල්ල බලන්න. ඉතින් පලවෙන ිදවසේ අපි හිතුවාට වඩා කොටසක් කවර ්කරගන්න හැක ිවුනා.
මුලින්ම අපි පාන්දරම ගමන කොළඹින් පටන් ගත්තා. ගමන පෙන්නුම් කලේ රිවස්ටන් වලට. රිවස්ටන් මැප් කලාම ආවේ කුරුණෑගල දඹුල්ල පාරේ ටික දුරකින් ඇතුලට හැරෙන තැනක්. ඒ පාරේ අමාරුවෙන් ගිහින් ආයේ කුරුණෑගල මාතලේ පාරට සෙට් වුනා. එතනින් ගිහින් අපි රිවස්ටන් වෙත ලගා වුනා.
මෙ ්වගේ ගමන් වලට ජපන් ඇල්ටෝ එක නම ්ගැලපෙන් නැහැ. මොකද පාරවල් හොද නැහැ. අනෙක් පැත්තෙන් එ ්කියන්නේ බකමූණ දඹුල්ල පැත්තෙන් ආවත් මේ සෙතම තමයි. පාරවල් සෞත්තුයි. පාරවල් වලට බැනල තේරුමක් නැහැ. අපි තෝරගත්ත වාහනේ අවුල්. ඇත්තටම මේ පැත්තේ චාරිකාවක් යනවා නම් ටිකක් ලොකු වාහනයක් තමයි ගැලපෙන්නේ. මොකද පොඩි වාහනයක් යට වැදුනාම ඒකේ ගන්න දෙයක් නැති වෙනවා.
අපි ගිහින් රිවස්ටන් බැහැලා අමාරුවෙන් ඈතින් වාහනය පාක් කලා. පාක් කරලා නගින්ඩ ගත්තා. මීට කලකට කලින් මම අපේ ටෙක් එකේ (උසස් තාක්ෂණ ආයතනයේ) ඉගෙන ගද්දි බැච් එකත් එක්ක මේකේ බැච් ට්‍රිපක් ආවා. ඒ කාලේ කිඹි සිබා නිසා ගෑනු පස්සෙන්ම ඒක නැග්ග හැටි මතක් වුනා. දැන් ඉතින් වයසට ගිහින් අපි. දැන් කෙල්ලෝ හිටියනම් සනීපයි. මොකද හීතලේ උඩට නැග්ගාම කූල් වටපිටාව නිසා මනරම් හැගීම් එනවා. නැතුවට මක්ක කරන්නද ඉතින්. අපි කොල්ලෝ තුන්දෙනෙක් නැග්ගා උඩට.
එදා මීදුම තද දවසක්. ටවර් එක ගාවට යද්දි වටේම මීදුම. මෙලෝ ලබ්බක් පේන් නැහැ. ටවර එක පෙනුනෙත් ලාවට. කොහොමින් හරි අපි ටවර් එක ගාවට නැගලා එතනින් එහාට දෙවනි ටවර් එකකුත ්බලන්න ගියා. ඒකත් තිබුන තැනම තිබුනා. ගෑනු ගොඩක් ඇවිත් හිටියා රිවස්ටන්. පිටවල පතනටත් වඩා රිවස්ටන් වලට කට්ටිය වැඩියි.
දැන් රිවස්ටන් වල පොඩ්ඩක් යට මැක්සා වීව්පොයින්ට එක්කුත් තියෙනවා. ඒකත් මරු. ඒකටත් ඔලුව දාලා බලලා අපි හෙමිහිට පල්ලම් බැස්සා. බැස්සට පස්සෙ ්බඩගිනියි අම්බානක. පිටවල පතනට යනකල් තවත ්කඩයක ්නැහැ නෙ. ඒ නිසා රිවස්ටන් එකේ පහල තැනකින්ම කෑවා.
බිත්තර රොටියයි, නාන් රොටියය්. පරිප්පු වඩයයි, හිල් වඩයයි, රයිස් එකයි ආදී වශයෙන් මම හෙමිහිට කෑවා. එතැන රයිස් එක හිතුවට වඩා හොදට තිබුනා. දෙමල අයියෙක් කලාට වැඩේ සුපිරියට තිබුනා.
පිටවල පතන
ඉන් පස්සේ අපි හෙමින් හෙමින් පහලට බැස්සා වාහනෙන් පිටවල පතනට. පිටවල පතන නම් ගියාම දුක හිතෙනවා. අපේ ගස් හිවලුන්ට සිංහල තේරෙන්නේ නැතුවද මන්දා. ඔය පිටවල පතනේ ආවේණික ගෙම්බෝ ඉන්නවාය. උන්ට හිරිහැර වෙන නිසා අදාල පාරේ විතරක් යන්නය කියලා බෝඩ් ගහල තියෙනවා. එත් ඉතින් කොහොම හරි අපේ උන් බහිනකොට ලේසි පාර නිසා අර ගෙම්බෝ ඉන්නවාය කියන වතුර දහරාව අසලින් බහිනවා. ඇත්තටම ඒ අතින් නම් අපේ උන්දැලා හරිම ෆේල්. දැන්විමක් ලියලා තියෙද්දි එතන පොලිසියෙන් දාලා තඩිබානකල් අපේ උන්දැලා ඒක ක්‍රියාත්මක කරන්නේ නැහැ.
ඒ පුංචි ලෝකාන්තයට ගියා. එතැන දෙමල ජෝඩුවක් ප්‍රීසුට් එකක. කෙල්ලෙක් ගවුමක් ඇදන් ඒ පාතාලේ මුවවිට තියෙන ගල් ගෙඩියක් උඩ වාඩිවෙල. ඒ ලගම මනමාලයා. කැමරා ජොකියා වෙන ගල් කුලක් මත ඉදගෙන පොටෝ ගහනවා. ඒ ජාමේ මහ තද සුලගක්. සුලං තද වෙද්දි කෙල්ලගේ අම්මා කැ ගහනවා. දුවට දෙමලෙන් වරෙන් මෙන්න මෙහෙ කියලා. කොහේ හරි කලින් දැකපු සොට් එකක් එහෝම ආයේ ගන්න දුවට ඕනිද කොහෙද? ඒ නිසා එයා පොටෝ එකට දිගටම උන්නා. කැමරා කරපු උන්ටත් ගානක් නැහැ.
එ ්ලගම තවත් ඥාති වෙන සීයෙකුත් ඒ අයට බැන බැන හිටියා. මොකද ඒ වෙලාවෙ තිබුන සුලං හැමිල්ලත් එක්ක අර කෙල්ලගේ ගවුමට හුලං ඇල්ලුවා නම් ගවුම උඩ ගිහින් ජංගිය පෙනිල නවතින්නේ නැහැ. කෙල්ල පාතාලෙට පතබෑවෙන්නත් ඉඩ තිබුනා. ඒ වගේ මහ ජීවිත අවධානමක් පොටෝ සූට් එකකට. අනෙ ්මන්දා. මිනිස්සුන්ගේ ආසාවල් වෙනස් නේ. ටිකකින් පොටෝ කෘෘ එකේ ලොක්කාම එන්න දැන් ඇති කිව්වම තමයි පොටෝ ජොකියොය් කෙල්ලයි ඒ තැනින් එලියට ආවේ. වැටිල මලානම ්ඉතින් මගුල් නෙමෙ මල ගෙදරවත් හරියට ගන්න හම්බෙන් නැහැ මිනිය සෞත්තු වෙලා ගල් වල වැදිලා.
ඉතින් ඕ විච්චූරන බලාගෙන අපිත් ටිකක් එබිලා පුංචි ලෝකාන්තය බලාගෙන පහලට බැස්සා. පහලට බැහැලා ඒ යාබද ටිකැට් කවුන්ටරේ උදවිය ටෝක්ස් කලාම අපි ගයිඩ් විදිහට දුම්බර ඇල්ල ගමනට ගන්න හිටිය නිස්සංකයා ව අදුරනවා ටිකැට් කවුන්ටරෙන්. නිස්සංක ලැ ගේත් පෙන්නුව පිටවල පතනට මේන් මේම පේනවාය කියලා. ඉතින් නිස්සංක ලොක්කා කතා කරලා අපි ඊලගට හෙමිහිට පිටත් වුනා ඇටන්වලට. මොකද ඇටන්වල තමයි අපේ අවසාන නවාතැන.
ඇටන්වල
ඇටන්වලට ගමන ඉතින් දුෂ්කරයි. පාරවල් හදල තිබුනත් වැස්සට හෙම තැන් තැන්වල කැඩිලා. ඒ තැන්වලින් මේ ජපන් ඇල්ටෝ බටු කාරක දාගෙන යන එක අමාරු වැඩක්. කෝමින් හරි අපි ඇටන්වල පාලම ගාවට ආවා. ඇටන්වල ගැන මම මීට කලියෙන් ඉතා මෑතකදි මම හිතන්නේ කියල තියෙනවා. ඇටන්වලට ඇවිත් අපි පාලම ගාවින් නාකියා ගත්තා.
රෑට අපේ පෙරැත්තය නිසාම ගමේ අය්යලා වගයක් අපිට කිතුල් රා මුට්ටියක් සොයා දුන්නා. අනේ බොහෝම කදිම රා ටික. ටිකක් පැහිල තිබ්බත් රා ජුන්ඩ මරු. ඒටිකත් බීල රෑට බත් ටිකත් කාලා අපි රෑට නිදාගත්තා. මෙතැන්දි කියන්න ඕනි මේ ගමේ ඉන්නේ අපේ යාලුවෝ වත් ඥාති වත් නෙමෙයි. ඒ අය හොදට සත්කාර කරනවා. ඒ වගේම ඒ දේවල් වලට අයකරනවා. මේ අයකිරීම් ගැන කිව්වොත් රැයක් බේසික් නවාතැන් වලට රුපියල් 1,500/= කෑම වේලක් රු 200/= ගයිඩ ්ගාස්තු එක දවසකට රුපියල් 3,000/= වෙනවා. ඒ වගේම ඉතින් ගමෙන් බෝතලයක් ගෙන්න ගන්නවා නම් මොනාහරි මස් මාංස ආදිය හදවා ගන්නවා නම් ඒවටත් ටිකක් වැඩිපුර අය වෙනවා.
මම මේම කිව්වේ ගම කිව්වම අර අපේ ආච්චිලාගේ ගමට ගියා වගේ හැමදේම නිකං ලැබෙන සිස්ටම ්එකක් මේවැ නැහැ. එ ගමෙ අයත් අපිට සපයන්නෙ සේවාවක්. ඉතින් ඒ සේවාවට නම්බුකාර විදිහට අයකිරීමක් කරනවා. ඒකේ කිසිම අවුලක් නැහැ. ඉතින් අපි ගමේ ඉදන් දුම්රබ ඇල්ල ගිහිපු කතාව අපි ඊලග කොටසකින් බලමු.
maru,,,,
ReplyDelete