නිලාවැලි සිට කොළඹට
කලින් පාර ලිව්වා නෙ නිලාවැලි ගිය හැටි. අද ඉතින ්ගිහින් එන හැටි තමයි ලියන්න ඉන්නේ.
මොකද්ද ෆෝන් එක
මේක හරි ආස ප්‍රශ්නයක්. කලින් අරගෙන හෙනට බෙරයක් ගහලා පාවිච්චි කරන්න ගත්ත සැම්සුන් එම් 21 කියන බජට් ෆෝන් එක කෙල වුනා. ඒක මහ වහක්. පිටිපස්සේ කැමරාව ඉදිරිපස වීදුරුව හේතුවක් දන්නේ නැතිවම බිදුනා ඉරි ගියා. ඉස්සරහා සෙල්ෆි කැම් එක ඉස්සරහ වීදුරුවත් ඉරක් ගියා. බිම වැටිලා වීදුරුව ක්‍රැක් වුනා. තව අවුරුද්දක් පාවිච්චි කලාට පස්සේ ෆෝන් එක ස්ටක් වෙන්න ගත්තා. රීස්ටාට් වෙනවා ලෝගෝ එනවා. වාතයි. ෆෝන් එකේ බිල්ට් කොලිටි එක අජපල්. ඉතින් අලුත් එක්ක ගත්තා මේක සෙකන්ඩ් හෑන්ඩ්.
එල් ජී වී 50 එල් ජී වී සීරියස් එක කියන්නේ දැනට අභාවප්‍රාප්ත එල් ජී මොබයිල් කම්පැනියේ 2019 ආපු ෆෝන් එක. සුපිරි බඩුවක්. ඉතින් පලතුරු පෝන් තරම්ම නැතත් සෑහෙනෙ කාලිටි එකක් වීඩියෝ වලට මේ වී එකේ තියෙනවා. පොටෝ වලත් ගැම්ක් තියෙනවා.
එදා පාන්දර
මේ කියන්නේ ගිය ඉරිදා පාන්දර. රෑඇදට ඇවිත් නිදාගත්තා. ඇහැරුනේ උදේ පාන්දර. උදේම ඇහැරිලා ඉතින් ලොව බලලා සෙට් වෙද්දි 8-9 වෙලා. අපි උදේම නෑවා. නෑවා කිව්වේ පූල් එක ගාවට ගිහින් සරම ගලවලා යට ඇදන් හිටිය එක පිටින නෑවා. ඉතින් ඔය විදිහට පූල් එක ගාව ගලවපු උඩ ඇදුම් අරගන්න අපිට අමතක වුනා. ඒකට ආයෙත් හවස නිලාවැලි එන්න වුනා.
අපි ඊගාවට ත්‍රිකුනාමලයට ඇවිත් කන්න තැනක් හෙව්වා. උදේට කන්න තැන ්කීපයක්ම බැලුවා. එයින් ත්‍රිකුණාමලය බස් නැවතුම්පොලට ටිකක් එහයින් තියෙන දෙමල පොට් එක අල්ලලා ගියා. ඒකේ දෙමල කෑම කිහිපයක්ම තිබුනා. ඒවා අපි එකින් එක අරගෙන ටෙස් කරමින් කෑවා. මීට කලින් එහෙම කෑවේ අපි යාපනයේ ගිය වෙලාවේ. එතකොට යාපනයට අපි ආගන්තුකනිසා මනු එකේ තිබුන ගොඩක් දේවල් කාලා අපි ටෙස් කලා.
කෝනේශ්වරම් වලට
කෝනේශ්වරම් කලින් ගිහින් තිබුනත් හරියටම ඒකේ දිග පලල ගැන තියෙන තැන ගැන හරියටම දැනගත්තේ එදා. කෝනේශ්වරම් යන්න ලොකු සෙනගක් නැහැ. ත්‍රිකුණාමලය දිහාවේ පෙම් ජෝඩු වලට වාසියි. යන්න එන්න ැන් ගොඩයි වගේම පාලු තැනුත් ගොඩයි. ඒත් කෝනේශ්වරම් වලටත් ජෝඩු ඇවිත් තිබුනා.
කෝනේශ්වරම් වල දේවාලෙට වැඩි ලල් එකක් එතන ප්ලේස් එකේ තියෙනවා. අපි මේ පාර කෝනේශ්වරම් ගියා විතරක් නෙමෙයි කෝනේශ්වරම් යටිනුත් ගියා. ඒ කියන්න් බෝට්ටුවෙනුත්ගිහින් කොනේශ්වරම් බැලුවා. අපි ඉතින ්ගිහින් කෝනේශ්වරම් ද්වාල් ඇතුලේ රවුමක් දාලා එලියට ඇවිත් දොඩම් වීදුරුවක් හෙම බීලා ආයෙත් ටවුමට එන්නට ආවා.
ටවුමට එන්න ඇවිත් බීච් එක ගාවට ගියාම එතැන බෝට්ටු සවාරි තියෙනවා. ඒ බෝට්ටුවේ යට වීදුරුවක් තියනෙවා යන අයට පතුල බලන්න පුලුවන් වෙන්න. ඉතින් අපි කෝනේශ්වරම් දේවාලේ පහලට ගිහින් ආවා. ඒ යන එන ගමනේ ඒ අවට තිබුන කොරල් ආදියත් අපිට දකින්නට පුලුවන් වුනා.
කලින් දවසේ නිලාවැලි වලට වඩා ත්‍රිකුණාමලයේ මහජන මුහුදු වෙරල පිරිසිදුවට තිබුනා. නිලාවැලි වල මඩ ගතියක් තිබුනා. ඒත් මහජන බීච් එකේ එහෙම මඩ ගතිය නැහැ. වැව වගේ ගානට වතුර තියනවා. ඇත්තටමද පීනද්දි දාන ඇස් කන්නාඩි හෙවත් ස්විමින් ගොගල්ස් තිබුනා නම් අපිට මුහුද යට ඉන්න ලස්සන මාලුත් බලාගන්න තිබුනා.
අපි බෝට්ටු සවාරිය ගිහින් රාවනා කඩුවෙන් කෙටපු තැන සහ කෝනේශ්වරම් දේවාලේ යට හරිය බලලා ආවා. මේ හරියේ මූද පැහැදිලි වුනත් කෝනේශ්වරම් දේවාලන් පෘතුගීසි කාරයා් කඩලා මූදට දාපු පිලිම පෙනුනේ නැහැ. ජනප්‍රවාද වල තියෙන විදිහට කෝනේශ්වර්ම් දේවාලය පෘතුගීසින් කඩලා මූදට දාලා තියෙනවා. එයින් ගොඩගත් පිලිම වලින් තමයි දැන් දේවාලය හදලා තියෙන්න්. ඉතින් ඒ මූද යට තියෙන දේවාල කොටස් බලන්නත් බැතිමතුන් පිරිසක් කිමිදෙනවා. ඒ වගේම දෙවියන් ගැන විශ්වාසය තියෙන ධීවරයින් හෙමත් මේ තැනට ඇවිත් වන්දනාමාන කරලා යනවා.
ඒ ගමනෙදි කලින් කිව්ව විදිහට අපිට යටට වීදුරුවක් ගහපු බෝට්ටුවක් ගන්න පුලුවන් වුන නිසා කිසි අවුලක් නැතුව මූද යට බලන්න පුලුවන ්වුනා. ඒක හරිම අසිරිමත් අත්දැකීමක්. ඒ බෝට්ටුව ත්‍රිකුණාමලය මහජන වෙරළ තීරයෙන් හොයාගන්නට පුලුවන් වගේම ඒක් මිල රුපියල් දෙදාස් පන්සීයක් විතරයි. පැය බාගයක් විතර තමයි ආතල් එක තියෙන්නේ. තව පතුල පේන්න් නැති වෙනත් බෝට්ටුවක් ඊට ටිකක් එහා තියෙනවා. ඒක නම් තවත් තැන් කිහිපයකට අපිව එක්කරගෙන යනවා. ඒකේ ගාස්තුව රුපියල් තුන්දාහක් විතර.
මූදේ නෑවා අපි පැයක් දෙක්ක විතර. නාලා ඉවර වෙලා ත්‍රිකුණාමල බීච් එකේ තියෙන නාන තැනින් නාලා පිරිසිදු වෙලා ආයේ දවාට කන්නේ නැතුවම කරවල කඩ වලට ගිහින් කරවල ගත්තා. ඒ කරවල වතාවත් වලින් පස්ස් තව තැනක් බලන්න නැතුව අපි ගම් රටවල් බලා පිටත්වෙන්න තීරණය කලා. ඒ වෙද්දි ටිකක් හවස් වෙලා. අපි ආයේ අපේ නිලාවැලි නවාතැනට ගිහින් ඉන් පස්සේ තමයි කොළඹ බලා එන්න පිටත් වුනේ. නිලාවැලි නවාතැනට යද්දි අපි ගලවලා පූල් එක ගාව දාපු විදිහටම අපේ ඇදුම් ටික තිබුනා. අපි ඒවා එකතු කරගෙන බොග තිබුන අය බොග හෙමත් දාලා දිර්ඝ ගමනට සූදානම් වුනා.
එන ගමන් අපි ත්‍රිකුණාමලට කිට්ටු ආමි එකේ ජූස් බාර් එකකින් ජූස් බිවුවා. එතකොට හොදටම බඩ පුරවා දා තිබුන ගතිය ඒ කොමඩු ජූස් කෙන් නැතිවුනා. ඉන්පස්ස් ආයෙත් තව තැනක නවත්වල තැඹිලි බිව්වා. තැඹිලි විකුනන තැන හිටිය තරුණ යුවතිය කිව්ව විදිහට ඒ දවස්වල කට්ටිය වැඩිය නැහැ. මොකද කොවිඩ් නිසා කට්ටිය සංචාරවල එනවා අඩුයි.වෙලදාම් ආදිය අඩුයි. ඒ නිසා අපි කඩේ තිබුන ඉරිගු කාලා තේ වතුර බීලා තැඹිලිත් බීලා ආවා.
දඹුල්ලෙදි යාලුවන්ග් හොද ෆිට් එකක් සෙට් වෙලා අපි රෑට බියර් ටිකක් බිව්වා. රියදුරු වරු බිව්වේ නැහැ. ඉන් පස්ස් අපි මාරු වුනා.
ආ කියන්න අමතක වුනා. දඹුලු එන්න කලින් හබරණ කැලේදි අපිට අලි හම්බුනා. අලි පාර දෙපැත්තේ හිටියා දහයක් විතර. තව තැනක දෙන්නෙක් හිටියා. ඉතින් අලි ටික පහුකරගෙන එද්දි ටිකක් බය හිතුනා. වාහන ගොඩක් යන නිසා පාර අවහිර කරගන නම් හිටියේ නැහැ. ඒත් පාරෙම වගේ තමයි අලි හිටියේ. අපේ රියදුරු තැන එහෙම ටිකක් බය වෙලා සං ගාල විදලා ආවා ඒ හරියන්.
ඉතින් ඒක කදිම ත්‍රිකුණාමල සවාරියක් වුනා. ත්‍රිකුණාමලයේදි නාන තැන හිටපු වැසිකිලි සේවක මහතා කියපු විදිහට කාලයක් අර මූද මැද තියෙන කැටමරන් කියන සැප බෝට්ටු ජාතිය දවසකට රුපියල් හාර පන්දහටත් පැකේජ් තිබිලා තියෙනවා. ඒත් අපි කොළඹ ඇවිත් ඒ කැටමරන් වලට කතා කලාහම එක් අයෙක්ට රුපියල් පාලොස්දහක් විතර පැකේජ් එකක් යනවා ඒවයේ ඉන්න.
තවත් ගමන්ක යන බලාපොරොත්තුවෙන් අපි ටික රෑ දොලහ එක වෙද්දි කොළමට සේන්දු වෙලා විසිරිලා ගියා.
ජූස් බිව්ව තැන |
ත්‍රිකුණාමල මාර්කට් එකේ මුවෙක් |
ත්‍රිකුණාමල වෙරලේ නවතා ඇති කැටමරන් |
බෝට්ටුවේ වීදුරුව හරහා |
මුහුදෙන් ගොස් කෝනේශ්වරම් වලට |
කෝනේශ්වරම් දේවාලයේ විශාල පිලිමය මූදට පේන හැටි |
ධීවරයෙක් |
ත්‍රිකුණාමල කොටුව ඉදිරිපිට |
දොඩම් එනකල් |
කෝනේශ්වරම් සිට |
පහල ඇති බෝට්ටුවක් |
කෝනේශ්වරම් දේවාලය |