Saturday, November 20, 2021

ගෑනු තනියම ඇවිදින්න යැවීම හරිද?


ඝෑනු තනියම යවන එක ගැන විවිධ කතා තියනෙවා. මෑතකදි මුස්ලිම් ගෑනු ළමයි දෙන්නෙක් ගෙදරින් පැනල ගියා. ඒ අය දවස් දෙකකට පස්සේ ටිකක් වටයක් ගහලා ආයෙම ගෙදරට ආවා. මගදි හමුවුන අය එයාලට හදි කරලා තිබුනේ නැහැ. ලගදි තව සීනක් ගියා. ඒ තමයි කුරුවිට එරත්න පාරෙන් කෙල්ලෙක් තනියම සිරිපාදේ නැගලා. එයා තනියමම මද නැග්ගේ කියන එක ගැන පොඩි සැකයක් තියෙනවා. කොහොම වුනත් එයා ඒ නැගීම ගැන හෙම සෑහෙන අප්සට් එකක් ෆේස්බුක් එකේ ඇතිවෙලා තිබුනා. 


ගෑනු කොටුකලාම කාටද පාඩු 


පොඩි ාෙල් ඉදලා ගෑනු වෙනමම විදිහකට නිදහස සීමා කරලා හදන එක මෙහෙ තියෙන අවුලක්. මේ අවුල නිසා පසුකාලීනව කරදර වෙන්නෙත් පිරිමි අයටමයි. ගෑනු හැමවිටම අර කූඩු කරලා හදන බල්ලා වගේ ඉරිසියාවෙන් පුප්ප ගත්ත ගමන්මයි. එයාලට ජීවිතය එන්ජෝයි කරනව ාකියන එකට  තියෙන්නේ සීමිත අවස්තා ගානක්. ඒකත් එයාගේ ලෝකයේ ජයග්‍රහන වලට සහකාරයා නැතිනම් සැමියා හෝ පෙම්වතා කොන්දේසි විරහිතව සහාය දෙන්නත් ඕනි. සමහර දේවල් ගෑනු කම කියන ගිණුමට බැර වෙනවා ඇති. ඒත් බොහෝවිට මේ ගෑනු ළමයි කොටු කරලා ඇතිකරලා ලොකු වුනාම එයින් පිරිමිට වෙන හානිය ගැන නම් කතාවල නිමක් නැහැ. 


තනියම යන්න දුන්න නම් 


අපි චාරිකාවක් ගියා කියලා හිතමු. එතකොට බැදපු පිරිමි නම් යන්නෙ ්ඒකට ගෑනිට බොරු කියන්නට වෙනවා. එක්කෝ ඒ හිලව්වට ගෑනි ෂොපින් එක්කරං යන්න ඕනි. නැතිනම් ගෑනිත් එක්කත් චාරිකා යන්න ඕනි. මම දුර ට්‍රිප් එකක් යනවා කිව්වම එහෙනම් මම වෙන ආතල් එකක් ගන්නම් කියලා සැමිය නැති විදිහට එන්ජෝයි කරන්න හිතන අය සෑහෙන අඩුයි. ඉතින් තනියම හොද ශක්තිමත් විදිහට හැදුන කෙනෙක් නම් සැමවිටම සැමියාට බාධා කිරීම එයා එක්ක පැටලීම විනෝදය කරගත්ත ඉරිසියාව නිතරම තියෙන අප්සැට් ගෑනු බිහිවෙන්නේ නැහැ. 


පිරිමිට ගෑනු තනියම ගියාම තියෙන ඇරියස් එක..

තනියම සිරිපාදේ කුරුවිටින් ගිය එකට විරුද්ධ කට්ටිය එක එක හේතු දාල තිබුනා. ඒවා ඇත්තටම මිනිස්සු හිතලා දාපු ඒවා. සර්පයෝ ඉදී. මගදි අනතුරක් වෙයි, සීත ගගුල ගැලුවා නම් යන්නේ කොහොමද/ කන්නේ කොහොමද? මොනාහරි වුනානම් කොහාමද ආදී දේවල් ගොඩක් තිබුනා. හැැබයි මේ හැම එකකම යටින් යන්නේ ගෑනු තනියම යෑම ගැන තියෙන විරෝධය. සරලවම අපි නිතරම කූඩු කරලා කොටු කරලා ඇතිදැඩි කරන ගෑනු පරපුරේ වෙන එකිෙයක් හරි තනියම ඇවිදලා තනියම ආතල් ගන්නහුරු වෙන්න තියෙන විරෝධය. 


තනියම යෑමේ සංස්කෘතිය 


තනියම ඇවිදීම කියන්නේ අවධානමක්. ඒකේ අවධාමත් ඒකේ යෙදෙන මනුස්සයාට සංතෝශයක්. එහෙම නැතිව ඉතාම හොදට තියෙන පාරක තනියම ගියට ඒකේ ලල් එකක් ලැබන් නැහැ. ඉතින් තනියම ඇවිදිනකොට පිරිමි අයට මුහුනදෙන්න වෙන සෑම සියලු ආන්තරාවක්ම වගේ ගෑනු අයට තියෙනවා. සිරිපාදේ යෑමේ කතාව ගත්තෙතා් කුරුවිට පාර වුනත් හොයාගෙන අතරමං වෙන්න තරම් දරුනු ත්තවයක් නැහැ. පාර හොදට තියෙනවා. යම් විදිහකින් සීතගගුල ගැලුවා වුනත් රැයක් එතන ඉදලා ඊලග දවසේ යන්නට පුලුවන්. ඉතින් කොහොමවුනත් මේ ගැන තියෙන විරෝධතා වලට යම් පදනමක් තියනෙවා. ඒත් අනතුරු තිබුන පලියට තනියම සංචාර තහනම් කරන්නට යන එකනම් හොද වැඩක් නෙමෙයි. 


කාන්තා නිදහස කාන්තාවන්ට විතරයිද? 


ගොඩක් ගෙවල් වල බැදලා ටික කාලයක් ගියාට පස්සේ ඉතුරු වෙන්නේ නිතරම පැමිණිලි කරන සැමියාට පෙම්වතාට වාත වෙන කරුම ලෙඩක් වගේ ගෑනු කෙනෙක්. ඉතින් ඒ ඉන්න කරුම ගෑනි එක නැතිව වෙන ඉදිිරිගාමී ස්වාධීන ගෑනු කෙනෙක් අපිට හදාගන්නට ඉඩ තිබුනා කාන්තාව්නට නිදහස මීට වඩා තිබුනා නම්. දැන් ටිකක් තරුණ වයසේ කැම්පස් ළමයි ගමු. ඒ වයසේ කැම්පස් වෙග් තැනක ඉන්න ගෑනු ලමෙයක්ට පවා තනියම නෙමෙයි කාන්ඩයක් එක්ක හරි රැයක් දෙකක් නැවතිලා යන්න තියෙන ට්‍රිප් වලට සහභාගි වෙන්නට අමාරුයි. ඒවාට අම්මල තාත්තලා පෙම්වතුන් කැමති නැහැ.


බැන්දට පස්සේ සවාරි යන්න පුලුවන්

කියාල කියනවා. සමහර විට යනවත් එක්ක. ඒත් ට්‍රැවලින ්කරන්න වයසක් හෝ කාලසීමාවක් දාන්න බැහැ. අැරත් දැන් තියෙන විදිහට ටිකක් වයස පහුවෙල බැන්දට පස්සේ ළමයි බිහිකරන්න උවමනා වෙනවා. ඉන් පස්සේ ළමයි හැදීම අවුරුදු ගනන් ඇදුනට පස්සේ අර බැදලා ඇවිදින්න හිටපු ගමනුත් ඉබේම අමතක වෙනවා. ඉන් පස්සේ ඉතින් ඔය හදිසියේ යන අනුරාධපුර ගමන, කාලෙකට පසසේ යන නුවර එලිය ගමන ආදි කිහිපයක් හැර වෙන ගමන් වලට අවස්තාක් නැති වෙනවා. බිසී වෙනවා. 


තනියම එන්ජෝයි කරන්න හුරු කරන්න 


ගෑනු ළමයි හදන හැටි ගැන අපේ තියෙන්න් යල්පැනගිය මතවාදයක්. ඔවුන් කෑම බීම ණෑම යනු එනු ආදී බොහේ දේ තවමත් ඔවුන්ගේ ස්වාමියා හෝ අදාල අංශ තමයි තීරණය කරන්නේ. ඉතින් තනියම සතුටුවෙන්න තනියම සමාජයට මූන දෙන්නහුරු කරන එක හැම අතින්ම හොදයි. පිරමි අයට වුනත් එහෙම විවෘතව හිතන්න පුලුවන් නම් හැම දේට ඔයා එනකල් බලාගෙන ඉන්න, ඔයාගේ ැහම ආතල් එකටම බාල්දිය දාන නිතර කෑ ගහන බනින රුදරු වයිෆ් කෙනෙක් හමුවෙන එක නවතීවි. 




Friday, November 12, 2021

අද වැස්ස



අද වැස්ස නෙ. ඩාන්සින් ක්ලාස් එකට කවුරුත් එන එකක් නැහැ. අපි දෙන්නා කොහහරි ගිහින් ඇද උඩ ඩාන්ස් එකක් දාමු. 

තවදුරටත් තුරුල් වෙන ගමන් ෂැරොන් කීවාය. 

තමුසෙට පිස්සුද ෂැරොන්. තමුසෙ හිතුවද මම එහෙම කෙනෙක් කියලා. නාත්‍යා පිලිතුරු දුන්න් සැබෑ තිගැස්මකිනි. 

එහෙත් බස් එක ගැස්සෙන වාරයක් පාසා එලියේ වහින වැහි බිදු යාන්තමින් ඇතුලට එන වාරයක් පාසා ඈ තවදුරටත් අවන්ත වෙත තුරුලු වේ. 


හරි ඉතින් මම ඔයා ගැන එහෙම හිතන් නැහැ. අපි අද ඊයෙ නෙමෙ නේ දන්නේ. අපි යමු. හරි මම ෆුල් ඇක්සස් ගන් නැහැ අපි පොඩි ෆන් එකක් ගමු. ෂැරොන් අත් හරින පාටක් නැත. 

ෂැරොන්. මේ මම ඩාන්සින් යන්නේ වෙඩින් එකට. ජිම් යන්නේ මහන්සි වෙන්නේ ඒකට. ඒ මනුස්සයා ඈත ඉන්නේ. ඔයා ඒක දන්නවා. මගෙන් අයුතු ප්‍රයෝජන ගන්න එපා ෂැරොන්. ඔයා මට උදව් කරලා තියෙනවා තමයි ඒත් කීයටවත් මම හිතුවේ නැහැ තමුසේ ඔහොම කෙනෙක් කියලා. නාත්‍යාගේ ඇස් වලට කදුලු පනින්නට එයි. 


කදුලු වැටෙන්න අඩන්න දෙයක් නැහැ. මේ බස් එකේ සෙනග නැති නිසයි මම ඔයාගේ කුක්කුවට අත තියන් ආවේ. ඔයාට දැනුනෙ නැතුව නෙමෙයි නෙ. දැනුන නෙ. බොරුව නෙ. ඉතින් ඕක හංගගන් ඕ්න නැහැ පොඩි උන් වගේ. අපි පොඩි ෆන් එකක් බැරිනම් ගිහින් කාල බීල එමු.. එද මොන ඩාන්සින් ද අනෙ නාත්‍යා. 

අනෙ ්මන්දා ෂැරොන්. තමුසෙ මහ ලොකුවට හෙන හොද මිනිහ වගේ නේ ඉන්න්. ඒත් වනචරකම හැම තැනම. බස් එකේ මාත් එක්ක යන්න එන්නම ්කිව්වට හැමදාම කොහෙන් හරි හේත්තු වෙනවා. මටත් කලින් හිතන්න තිබුනා. ඔයාල නම් හැමදාම ඔහොමයි අපෙ අසරණ කමෙන් ප්‍රයෝජන ගන්න හදනව. ඇයි මෙහෙම ෂැරොන් ඇයි? 


අයියෝ නාත්‍යා මූඩ් ඇයි අවුට් කරගන්නේ. මම ඔයාගේ අත පය කඩන් නැහැ. ඔයාගේ ක්ලිප් ලීක් කරන් නැහැ. ඔයාගේ මයිල් ගහක් වත් ගලවන් නැහැ. අවම හානියක් වෙන්න පොඩි ෆන් එකක් ගමු. ඇයි මේ ඒක නිකං මරන්න ගෙනියනව වගේ කෑ ගහන්නේ. ඇරත් ඔය පොලිෂ් කරගෙන පුක උඩ දාගෙන තමුසෙ දගලන්නෙත් මගුලක් කාල ඕක කරගන්න නේද? ඇයි මේ ඉතින්. 


ඇත්තමයි ෂැරොන් ඔයා එක්ක එන තරහ මට මේ වෙලාවේ පිටකරගන්න පුලුවන් නම්.. මම මැරිකරන නිමන්ත මම අදුනගෙන අවුරුද්දක් දෙකක් වෙන්නේ. ඊට වඩා කාලයක් ඔයා මාව දන්නවා. මේ නිමන්තට ආතල් දෙන්න නෙමෙයි මේ වෙඩින් එකට මම ලෑස්ති වෙන්නේ. ඒකයි ම් ලස්සන වෙන්නේ. වෙඩින් එකට පුස් ඊරි වගේ ඉදගෙන පරණ මොඩල් එකට හිටියම ගෙදරටයි ලෝකෙටයි මූන දෙන්නේ කොහොමද? ඇරත් වෙඩින් දෙකක් ගන් නැහැ නෙ. තේරුම් ගන්න. ඉරිසියා කරන එකත් ටිකක් පිලිවෙලකට කරනවා ෂැරොන්. ඇරත් ඔයා ඉතින් කිසි දෙයක් වෙනස්කරගන්න බැහැ කිව්ව නෙ. අඩු ගානේ මම වෙනුවෙන් වත්. මම කියලා මනො කරන්නද? ඒකට. 


එක්කො එපා. තමුසේ මා එක්ක ගියත් එතනට යනකන් ඇතුලට යනකල් කනකල් බොනකල් අඩනවා. මට ෆයර් වෙන එකකුත් නැහැ. ඕන නැහැ. අනික මරන්න හරකා ගෙනියනවා වගේ නේද ගෙනිච්චේ කියලා මතක් වුනාහම මටත් අවුල්. තමුසේ එහෙනම් ඔය නිමන්තට කියලා ඒ නැකැත් වෙලාවටම පේ වෙනවා. මට වැස්සට මෝල් වුනා නෙමෙයි. කාලයක් තිස්සේ හිතේ තිබුනා ෆන් එක්ක ගන්න. මට වැඩි තේරුමක් නැහැ. ඒකයි වැහි දවස තෝරගත්තේ. ෂැරොන් කීවාය. 


තේරුම් ගන්න ෂැරොන්. මම වැරදි දෙයක් කියනවා නෙමෙයි. මම මැරි කරන්න ඉන්නේ. කොහෙන් හරි කාටහරි ආරංචි වුනොත් ඔයාට නෙමෙ මටය් අවුල. ඇරත් වෙඩින් එක කිට්ටුවම. මේ යන විදිහ උනත් මට කලින් හිතලා වෙනස් කරගන්න තිබුනා. 


බස් රියේ එලියේ වැස්ස තවත් තද වන්නට විය. දෙදෙනා ගුලි වන්නට වෙයි. තවත් විනාඩි 15ක් ගිය තැන. හ්ම්ම්. ෂැරොන්. අපි යමු. ඔයා ට ඕන දෙයක් කරගන්න. මටත් මේක ඇතිවෙල අප්ප. ගෙදරින් නිමන්තගේ ගෙදරින් ඔක්කොම අය හොදයි. ඒත් ඒ ප්‍රෙශර් එක. මොකටද මැරි කරන්නේ කියලත් හිතෙනවා. ආසහිතෙනවා ඇදුම් තෝරනකොට ප්ලෑන් කරනකොට ඒත් ඔෆිස් වැඩ ජිම් ඩාන්සින් ඇදුම් ඩෙකරේශන්. මේ ඔක්කම. අපි ගිහින් එහෙනම් බීම එකක් වත් බීල එමු. 


බීම බොන්න ගිහින් වැඩක් නැහැ නාත්‍යා. මට දැන් මෝල් වෙලා. මේ බලන්න. නාත්‍යාගේ අත ගෙන ෂැරොන් සිය කලිසමේ ඉස්සුන තැනින් තබාගත්තේය. 

ඊයා මනුස්සයෝ මෝ මොකත මේ. හ්ම්. ඔයාගෙන් බේරෙන්න බැහැ වගේ මට. දැන් තදටම බදාගෙන ඇවිත් මාවත් කුලප්පු කරලා. ඔයත් ලේසි දැල් කාරයෙක් නෙමෙයි ෂැරොන්. නාත්‍යා කීවේය. 


දවස් ගානක් තිස්සේ කුටු කුටු ගාව නේද? අද නම් අනිනවා කොල්ලා. පවු බන්. ඕක එච්චර ටෝක් කරන්න දෙයක් නෑ. දවසක් කොල්ලෙක් නැගල විනාඩි  දහයෙන් ඕක ටෝක් කරලා බස්සගත්තා. අරූ හොද කොල්ලෙක් වගේ. බදින්නත් සෙට් වෙයිද ද්න නෑ. ගොන් හරක්.. 


කොන්දොස්තර බහින ජෝඩුව ගියපසු රියදුරු සමග කීවේය. 




Friday, November 5, 2021

රිටිගල සහ වැව් සිරි Ritigala & Tanks

රිටිගල යන්න ඕන කම තිබුනා අපි සැට් එකටම. ඒත් ඉතින් කලින් දවසේ සීගිරිය නැගලා දෙන්නෙක්ට මහන්සිය කිය කිය තමයි හිටියේ. ඒ කොයිහැටි වුනත් ඉතින් රිටිගල ගාවටවත් ගිහින් එනවාය කියලා අපි හිතාගෙන උන්නා. රිටිගල කියන නම නිසා අපේ ගමනට එන්න හිටිය මගේ යාලුවෙකුත් හැලුනා. මිනිහා හිතාන හිටියෙත් රිටිගල කියන්නේ පට්ට කන්දක්ය කියලා. ඒත් ඇත්තටම රිටිගල නගින්න දෙයක් නැහැ. නගින්න අවසරත් නැහැ.

රිටිගල ගමන

අපි ඉතින් කිඹිස්සේ ඉදලා බයික් වලින් ගමන පටන් ගත්තා උදේ 10ට වගේ. අපි කලින් දවසේ රෑ 12 විතර වෙනකල් අවදියෙන් උන්නා. ඒ වගේම රෑ සීතලේ දඹුලු ගිහින් කාලා ආවා. ඒ නිසා උදේ ටිකක් දවල් වෙනකල් නින්ද ගියා. කලින් කියලා තිබුන විදිහට ඉදි ආප්ප හදලා තිබුනා නවාතැනින්. ඒවත් කාලා අහක් වෙලා අපි ගමන පිටත් වුනා.

හබරණින් හැරිල කිලෝමීටර් විස්සක් විතර ගියාම තමයි රිටිගල තියෙන්නේ. රිටිගල ආරණ්‍ය සේනාසනයකුත් තියෙනවා. අපිට ඒකට යන්න බැරි වුනා. අපි කෙලින්ම රිටිගල පුරාවිද්‍යා නටඹුන් බලන්නට ගියා. ඒ ගමන ටිකක් බයහිතෙන එකක්. මිනිස් පුලුටක් පේන්න නැති යාල වගේ පදුරු තියෙන කැලෑවක් මැදින් තමයි රිටිගල පුරාවිද්‍යා නටඹුන් බලන ගමන යෙදිලා තියෙන්නේ.

දැන් නම් ඒ රිටිගල දිහා පාර හදනවා. මහ කැලෑවල තියෙන පාරවල් මොකට ඒ තරම් හදනවාද කියලා හිතාගන්න බැහැ. ඉතින් ඒවා අපිට අදාල නැහැ. ඒත් රටම ලොකු ආර්ථික කේස් එකක ඉන්න වෙලාවේ ඈත කැලෑ ගමක ඉන්න ගැමියෝ වෙනුවෙන් ලොකු වියදමක් දාලා පාර හදන එක තේරුමක් තියේද? ඉන් පස්සේ ඔය ගැමියෝ ටීවි එකේ පෙන්වනවා. කැලෑව අල්ලලා ගොවිතැන ්කරලා ඉන් පස්සේ අලියා ඇවිත් ගෙබා්ග විනාස කරලා ගේ කඩලා වී කාලා එක සෙල්ලමයි. ලංකාවේ එහෙම මේ පලාත දියුනු කරන් නැහැ. මේක කැලෑවට යනවනවා. මේ පලාත දියුනු කරලා කැලෑවල ඉන්න ගැමියෝ අපි මෙහෙට ගෙන්වාගන්නව ාකියලා සැලසුමක් නැහැ.

කොහේ හරි කැලෑ පලාතක ඉන්න දේශපාලකයෙක් ඒ තියෙන ඡන්ද කෑලි දෙතුන් සීය වෙනුවෙන් මිලියන ගානක් වියදම් කරලා පාරවල් හදලා වතුර දීලා ලයිට් දීලා පහසුකම් දෙනවා. ඉන් පස්සේ ඒ මිනස්සු කලින්ටත් වැඩිය කැලේ එලි කරලා දානවා. අවසානේ අලි එනවා. සත්තු එනවා. ඒ කරදර වැඩි වනවා.

රිටිගල පුරාවිද්‍යා ස්ථානය

පුරාවිද්‍යා ස්ථානය තියෙන තැන හෙවනයි. ඒ හරිය ඇත්තටම රිටිගල කන්ද නෙමෙයි බෑවුමක තැනක්. අපි ටිකැට් ගත්තා. ටිකැට් එක එක්කෙනක්ට රුපියල් පනහක් විතර. ඒ හරියේ බංගලා වගයකුත් තියෙනවා වනජීවි එකේ. ඒවායේ නවතින්න පහසුකම් ගන්නත් පුලුවන්. ඉතින් මේ රිටිගල යන ගමනේදි පාරේ අලි බෙටි හෙම තිබුන නිසා අලියා එයිද ගහයිද කියලා අපි ටිකක් බයෙනුත් තමයි ගියේ. ගිහින් ටිකට් ගත්තට පස්සේ ඒ පුරාවිද්‍යා දේවල් විස්තර කරන්න කෙනෙක් ගන්න පුලුවන් කිව්වා රුපියල් 1500ට. මම ඉතින් රුපියල් එක්දාස් පන්සියක් දීලා මොකටද බන් බොරු අහන්න් කියලා ඒක ප්‍රතික්ශේප කලා.

මහා පීඨිකාව

ඔයාල ගිහින් ඇතිනේද සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයට. එහෙම නැතිනම් වෙන ලොකු ක්‍රීඩාංගනයකට. ආං ඒ වගේ විසාල මහා ක්‍රීඩාංගනයක් වගේ පීඨිකාවක් තියෙනවා. ඒකේ ආසන වගේ තියෙන විදිහට ගල් වලින් සකස් කරලා තියෙනවා මේ මොකක්ද කියලා දන්නේ නැහැ. මේක ආදි කාලේ විශාල ක්‍රීඩා සහ සන්දර්ශන කටයුතු වලට පාවිච්චි කරපු එකක් වෙන්නට ැති. ඒක වල වගේ තියෙන කොටස සෑහෙන විශාල එකක්. දැන් නම් ඒක මැදින් දොල පාරකුත් ගලාගෙන යනවා. එක්තරා කාලයකදි මේ දොලපාර එක්ක මේ බූමිය මොනාහරි වැඩකට ගන්නට ඇති. ඒක ඇත්තටම බලන්න වටින මහා විශාල පුරාවිද්‍යා අවකාශයක්.

ඒ වෙනත් ආරාම විහාර සංකීර්ණ රෝහල් ආදී ඇතුලත් සුවිශාල ආරාම විහාර සංකීර්ණයක නටඹුන් තැනින් තැන දකින්නට තියෙනවා. පැය බාගයක් පැයක් යනකොට මේ ටික බලලා ඉවර කරන්න පුලුවන්. එතනින් ගියාම අවසානයට අලි වැටක් හමු වෙනවා. අපිට උපදෙස් දුන්න විදිහට ඒ අලි වැටෙන් එහා පැත්තේ රිටිගල දැඩි ස්වභාවික රක්ෂිතය. විශේෂිත පර්යේෂණ කටයුතු වලට හැර ඒකට ඇතුලු වෙන්නට බැහැ. ඉතින් බැරි මගුලට අපි අමාරුවෙන් ඇතුල් වන එක හොද නැහැ නේ. ඇරත් ඒක දැඩි ස්වභාවික රක්ෂිතයක් කරන්න ඕන හැටියේ හේතු ඇති. ඒ නිසා අපි ඒක තරනය කරන අදහස අත හැරල හැරිලාවා.

ආපසු කිඹිස්සට

ආපසු එන ගමනේ අපි රිටිගල පුරාණ ආරන්‍ය සේනාසනය බලන්න ඕනි කියල හිතුවා. ඒ යාබදවම තවත් ආරණයයක් තියෙනවා. අපේ අනෙක් බයික් එක ඒ අනෙක් ආරණ්‍යය දිහාවට ගිහින් තිබුනා අපි එහේ ගියා කියලා හිතලා. ඉන් පස්සේ අපි ඇත්තම ආරණ්‍ය්‍යට හැරෙන තැන පැය බාගයක් විතර වාත වෙලා ඉද්දි මෙන්න මුන් දෙන්න ගිහින් හැරිලා ආවා. ඒ වෙද්දි වැහි කලුව ටිකක් වැඩි වෙන ගතියක් තිබුන නිසා අපි කිඹිස්සට එන්න ගත්තා. ඒ අතර මගදි වැස්සා. මේ කිඹිස්ස ඉදලා හබරණ යන පාරේ එක තැනකට සීගිරිය සහ පිදුරංගල ඉතාම මනරම්ව පේනවා. ඒ වැව් බැම්ම ලග අපි ටිකික් නතර වෙලා පොටෝ කිහිපයක් තලා ගත්තා. එන ගමන් වැහි ගතියකුත් තිබුනා. වැස්ස එක්ක ගමන ටිකක් චොරයි. ඒත් පින්තුර නම් ගතියට තියෙනවා වැස්ස කාලේ ගියාම.

මේ එන අතරමගදි අපි ඉරිගු කන්න නැවැත්තුවා. සහ දෙල් ගන්න නැවැත්තුවා. එතන ඉරිගු රසට තිබුනා. ඒ තැන කජුත් තිබුනා. රටකජු ගලවපුවා ගස් පිටින් පාරයිනේ ඩිස්ප්ලේ දාලා තිබුනා. ඒත් කජු නැහැය ඉවරය කිව්වා. කජු ඉවර වෙලා. ඉරිගු ඒවානම් හබරණ සහ රිටිගල අතරින් කෑවේ. ඒ පලාත්වල වවන ඉරිගු ජාතියේ හොදක්ද මන්දා ඉරිගු ලා ඒවා  හොදට තිබුනා.

කිඹිස්ස සිට කන්ඩලමට

චන්ද්‍රිකා වැව වාන් දාලා ඒ පින්තුර යහමින් සෙයා වුනා පහුගිය දවස්වල. අපිටත් ඕන වුනා ඒ විදිහෙ ්වැවක් වාන් දාන එකක ආතල් එකක් ගන්න. වැවක් වාන් දාන එක ගොවිතැන් කරන මිනිස්සුන්ට තියෙන ලොකු සන්තෝසයක්. කොවිඩ් නිසා හිරවෙලා ඉන්න අයට යම් ත්‍රිල් එකක්. වැව් වාන් දානකොට ගම් වල ඉන්න නසරානියෝ ඒ වැව් වල ඉන්න මාලු පනිනකොට පොලු වලින් ගහලා මරනවා. එතකොට තව කාන්ඩයක් ඒකේ ගිහින් නාන්න තියාගන්නවා. ඉතින් කෝක වුනත් මිනිස්සු ෆන් එකක් නෙව ගන්නේ. කොවිඩ් තිබුනා හරි. ඉතින් දැන් ඉන්ජක්ෂනුත් සියයට බර ගානක් ගහලා තියෙන එකේ මිනිස්සු පොඩි ෆන් එකක් ගන්න එක ඉස්සර තරම් කැත විදිහට හෙලා දකින්න හොද නැහැ කියලයි මට හිතෙන්නේ. සුවිස් ඉතාලි වගේ රටවල් පලවෙනි වටෙන්ම බර ගානක් දවසට කොවිඩ් කේස් වාර්තා වුනා. මැරුනා. ඒත් ඒ රටවල් මේ වෙද්දි මිනිස්සු පාරෙ යද්දි මාස් එකත් නැති තත්වයට නෝමල් වෙලා.

කණ්ඩලම වැව

කණ්ඩලම වැව මට මතකයි 1994 වගේ කාලේ ලොකු දේශපාලන සිද්ධියක් වුනා. කණ්ඩලම වැවේ වැව් තාවල්ේ හදන හෝටලයට සැර විරෝධතා ආවා. ඒත් ඒක හැදුනා. අද වෙද්දි සුපිරි හෝටලයක් ඒක. කණ්ඩලම වැවේ තාමත් පැරණි ගස් ආදිය තියෙනවා. ඒ දර්ශනය සුන්දරයි. ඒ කණ්ඩලම වැවට ගියාම තියෙන ඇස් දෙකට සනීපේ ගන්න අමාරැයි සල්ලි දීලවත්. යම් විදිහකින් මේ වගේ දෙයක් කෘතිමව කරන්න ගියොත් ඒ සදහා වියදම් වෙන මුදල හිතාගන්නවත් අමාරුයි. ඒ නිසා මේ වැව් වල තියෙන ඒ ඈත පේන සුන්දර දසුන බලාගන්න එක වතාවක් වත් ගිහින් තියෙන එක වටිනවා.

අපි වැවට ගියාම වැව් බන්ට් එක අයිනේ මිනිස්සු මාලු බානවා. මේ පැතිවල ඒ කිව්වේ වැව් තියෙන රජරට පැතිවල වැව් මාලු කර්මාන්තය යහමින් කරනවා. මිනිස්සු එක්කෝ මාලු බානවා. නැත්නම් දැල් දාල අල්ලනවා.

මේ කණ්ඩලම වැව බලලා අපි ඊලගට ගියේ ඉබ්බන්කටුවට. කණ්ඩලම වැව හරහා දඹුල්ලේ ඉදන් සීගිරියට යන්න පුලුවන් පාරක් තියෙනවා. සීගිරි යනවා නම් හෝ ගිහින් එනවා නම් මේ කණ්ඩලම පැත්තෙන් යන එක පොඩ්ඩක් දුර වුනත් ඒ භූමි දර්ශන ටික නම් පංකාදුයි.

ඉබ්බන්කටුව

ඉබ්බන්කටුව අපි තෝරාගත්තේ බෝට්ටු සවාරි නිසා. හෝටල මගින් කරන ලොකු බෝට්ටු සවාරි තිබුනා කණ්ඩලමේ. ඒත් වැවේ ෆන් එකට යනෙ බා්ට්ටු සවාරි නැහැ. කවුරුහරි කරනවා නම් මම හිතන්නේ හිට් වෙන්න පුලුවන් දෙයක්. කණ්ඩලම ලස්සනයි. ඉතින් ඔය දූපතක් බලලා බෝට්ටුවේ රවුමක් ගිහින් එන්න ලැබෙනවා නම් වටිනවා. ඉතින් කණ්ඩලමේ ධීවරයින්ගෙන් ඇහුවාම එයාල කිව්වා කණ්ඩලමේ බෝට්ටු සවාරි කරන්නේ හෝටල වලින් විතරයිය ඉබ්බන්කටුවේ නම් සාමාන්‍ය බෝට්ටු සවාරි කරනවාය කියලා.

බෝට්ටු සවාරි

අපි ඉබ්බන්කටුව ජලාශයේ බැම්ම මේ කියන්නේ පිට වාන..මේක ඉබ්බන්කටුව කිව්වට ඇත්තටම මේක ඇවිල්ලා බෝවතැන්න ජලාශ ව්‍යාපෘතිය යටතේ ඉදිවුන එකක්. අපි මුලින්ම මැප් එක වරද්දගෙන ගියේ ඉබ්බන්කටුව ජලාශයේ ධීවර තොටුපලට. ඒක නෙමෙයි තැන. ඒ පාර ආයේ කැරකිලා ඉබ්බන්කටුව ජලාශයෙ වේල්ල සහ සොරොව්ව පිටවාන තියෙන තැනට ආවා. එතැන තියෙනවා සතුටු දූපතේ සවාරි කියලා තැනක්. එතනින් තමයි මේ බෝට්ටු සවාරි කරන්නේ.

එයාල කියන විදිහට එයාල ලග නවාැතැන් පහසුකම් හෙමත් තියෙනවා. අපි එතන්ට රුපියල් තුන්දාස් පන්සීයක් ගෙවලා බෝට්ටුව වෙන් කරගත්තා. දූපතට ගියා. දූපතේ හට් හෙම ගහලා මල් වවලා තියෙනවා. පොඩි දූපතක්. අක්කර කිහිපයක් තමයි තියෙන්නේ.

ඉන් පස්සේ අපි ඒ වැව් බැම්ම දිගේ තියෙන දුර පාරෙන් ගිහින් ගලේවෙලට යන්න ඕනි කියලා කතා වුනත් ටිකක් රෑ බෝ වුන නිසා ගමන හමාර කරලා හවස 4ට විතර එතනින් කොළඹ එන්න පිටත් වුනා.

දවස් දෙකයි ගමන. ගොඩක් තැන් අපි දාගත්තේ නැහැ. වැස්ස නිසා  එහෙන් මෙහෙන් බාධා වුනා. ඒත් වැස්ස නිසා අපි ගමන නැවැත්තුවෙත් නැහැ. ඉතින් ඒ විදිහට තමයි අපේ ගමන ඉවර වුනේ. 

ඈතින් පේන සීගිරිය සහ පිදුරංගල

පාරට පේන රිටිගල

රිටිගල යන මග

රිටිගල ඇති සුවිශාල පීඨිකාව

නටඹුන්

විශාල ගසක්

පැරණි රෝහලක්

එන මග

තැඹිලි බොමින්

දෙල් ගත්ත තැන

කණ්ඩලම වැව් බැම්ම මත

කණ්ඩලම වැවේ ධීවරයෙක්

කණ්ඩලම වැව් බැම්ම මත

වැවේ බෝට්ටුවක්

කණ්ඩලම පිට වාන

සතුටු දූපතට යන්න පෙර වඩේ ගනිමින්

ඉබ්බන්කටුව පිටාර ගලමින්

සතුටු දූපතේ සිට

දූපතේ සිට ආපසු

 


Thursday, November 4, 2021

සීගිරියයි කවුඩුල්ලයි ඔබයි මමයි

සීගිරිය පලාතේ රවුමක් ගහන්න කාලෙක ඉදන් හිත හිත හිටියා. ත්‍රිකුණාමල යන ගමන් පිදුරංගල පොටෝ දැම්මහම යාලුවෙක් කිව්වා එන්න සීගිරි දිහා කියලා. ඉතින් ඒ ගමන අපෙ සැට් එක එකහු කරගෙන ගමන පටන් ගන්න තීරණය කලා. අපි නවාතැන් හෙව්වා. ඒත් වාහන හොයාගන්න බැරි වුනා. ඒ ගමන වාහන විදිහට රෙන්ටර් කාර් හෝ කර් එකක් හොයාගන්න බැරි වුන නිසා අපි බයික් වලින්ම ගන කරන්න තීරණය කලා. බයික් ගමන පුකට හිරිහැරයි. හරි අමාරුයි. ඒත් ඒකේ අමුතුම ආතල් එකක් තියෙනවා.

නැවතීම්

මුලින්ම අපි සීගිරියට තමයි යන්න නියමිත වෙලා තිබුනේ. අපි කලින් කතා කරගෙන තිබුන සීගිරියේ ඉදන් අලි බලන්න යන සෆාරි එක පටන් ගන්නේ දවල් 12ට. ඒ නිසා අපි කලින් සීගිරි ගල නැගලා ඒකේ පොටෝ ටික ගත්තා.


සීගිරිය

සීගිරියේ ගල උඩ වගේම ගල යටත් බලන්න ගොඩක් දේ තියෙනවා. මේ කාලේ සීගිරියෙත් සෙනග නැහැ. රටින් සංචාරකයෝ ඇවිත් තුන් හාරසියක් ඉන්නවා කිව්වා. ඒත් වැඩිය පේන්න හිටියේ නැහැ. සීගිරිය ගල උඩ මැද වගේම යටත් නටඹුන් ගොඩයි. ඒ හැම එකම කාශ්‍යප කරපුවාමත් නෙමෙයි. සාංගික දේවලුත් තියෙනවා. සීගිරියේ අර චිත්‍ර තියෙන හරියට බැහැලා මොන එකකට ඒ තරම් අමාරුවෙන් චිත්‍ර ඇන්දාද කියලා මට තියෙන්නේ පුදුමයක්. ඒ කැටපත් පවුර සහ චිත්‍ර තියෙන තැන් හොයන්න අපි වෙනමම තැනකට සවිකරපු වේදිකා ආදිය දිගේ යන්නට ඕනි.

සීගිරි ගල කියන්නේ ඕනි අහකට පේන තැනක්. ඒ වගේම සිව් දිශාවෙන් ඕනි පැත්තකින් සතුරු ඇටෑක් එන්න පුලුවන්. මගේ අදහස නම් සීගිරිය බලකොටුවක් නෙමෙයි ඒක රාජ මාලිගාවක් වෙන්න ඕනි. රජතුමා ෆුල් ෆන් එකේ ජීවිතය ගෙනියන්න හදපු ලොකු මාලිගාවක් හෝ තමුන්ග් වාසභවන පසු කාලෙක බලකොටුවක් කියලා නම ලැබෙන්න ඇති.ඉතින් අද වුනත් රජ මැතිවරු ඉන්න තැන්වලට ආරක්ෂාව දානවා. ් වගේ ඒ කලෙත් රජතුමා ඉන්න තැන හින්දා දිය අගල් කපලා වට කරලා ආරක්ෂාව දෙන්නට ඇති.

කවුඩුල්ල ගමන

කවුඩුල්ල ජාතික වනෝද්‍යානය කියන්නේ වතුර විලක් වගේ ලොකු ජල තලාවක තියෙන වනෝද්‍යානයක්. අපේ ගයිඩ් මහතා කිව්ව විදිහට ඒකේ ජලය පිරුනම අලින්ට ඉන්න තියෙන සීමාව අඩු වෙනවා. ජලය අඩු කාලෙට අලින්ට ඉන්න ලොකු විල්ලු බිමක් තියෙනවා. මේ විල්ලුවේ වැස්සට පස්සේ අලුතින් දලු දාලා තියෙන තණකොල පදුරු පිටින් අලි හොඩෙන් ඇදලා කකුලින් ගහලා කඩලා ගන්නවා. ඒ අරං දෙතුන් වතාවක් පස් යන්න ගහලා අරගෙන එහෝම ගිලිනවා.

ඒ වැව් පිටියේ දසුන මැක්සිමම් එකක්. වැසි කාලය නිසා අවට බලන්න ලස්සනයි. හැම තැනම කොල පාටයි. වැවට ආපු අලින්ට මිනිස්සු ගැන වගේ වගක් නැහැ. ඒත් එකම එක වතාවක් එක අලියෙක්ට අවුලක් ගිහින් අපි පස්සෙන් පන්නාගෙන එන්න උත්සාහ කලා. ඒත් අනික් අලි ඌට සපෝට් එකට ආවේ නැහැ. අපි බලන් හිටිය ටික වෙලාවට අලි සෙට් හතරක් විතර හමු වුනා. එක කාන්ඩයක් නාන්න කියලා වැව මැදට ගියත් ගිය පයින්ම වගේ ආයේම ආවා.

ඇතැම් විට කිඹුල් ඇටෑක් එකක් හෝ මාලු දැල් වල පැටලීම නිසා වෙන්න පුලුවන් කියලා අපේ වාහනේ රියදුරු සහ ගයිඩ් මහතා කිව්වා.

අලි ටික ඈතින් නෙමෙයි අතට අල්ලන්න පුලුවන් ගානට ලගින් අපිට බලාගන්න හැකි වුනා. ඒ විදිහට අලි ගොඩක් එකපාර දැකපු පලෙවනි වතාව තමයි ඒක. අපි එක්කම වගේ ජීප් වලින් ආපු සුද්දෝ වගේම ලිංකාවේ කට්ටියත් මේ අලි බලල බොහොම සන්තෝස වුනා.

කවුඩුල්ලට ඇතුල් වෙන්න එක් අයකුගෙන්  රු 200ක් ගෙවන්න ඕනි. සීගිරියේ ඉදලා පැය බාගෙක විතර දුර යන්නත් ඕනි කවුඩුල්ලට. කවුඩුල්ල ගිහන් එන ගමන් අපි හබරණින් බයර් එහෙම ගත්තා. මොකද අපි නැවතිලා හිටිය සීගරියේ කිඹිස්ස දිහා අරක්කු හොයාගන්න අමාරුයි.

ඇග තැලීම

අලි බලලා ඇවිත් බයික් වලින් ආපු ගමන් මහන්සියටත් එක්ක ඇග තලාගන්න ගියා. අපිට ඇත්තටම උවමනා වුනේ ඇග මසාජ් කරන තැනකට යන්න. ඒත් අපිට මග කියපු කෙනා අපිව එක්කරගෙන ගිහින් තිබුනේ සාමාන්‍ය අතේ ගස්සන කටට ගන්න ආදී ලිංගික විනෝද දේවල් කරන තැනකට. එතන අයට අපි දෙදාහක් දුන්නා. ඒත පස්සේ ආරංචි වුන විදිහට අපිට දෙදාහ වුනාට ඇත්ත ගාන 1500යි. ඉතුරු ගාන අපිව එක්කරං ගිය හිතහොද මනුස්සයා ගහගන්න ඇති.

අපිට ඕනි වුනේ මසාජ් එක විතරක් නිසා හෑන්ඩ් ශේක් එක ඉල්ලුවේ නැහැ. එයාල ඇහුවමත් අපි කාමර තුනක තුන්දෙනා හිටියත් අපි තුන්දෙනාම ශේක් එක එපා කිව්වා. ඒ පාර ඒ ගෑනු එලියට ඇවිත් අනේ අපිට ටිප් එක නෑ. අපරාදේ කිය කිය බොහොම අඩාවැටෙන ඇඩ් එකක් දැම්මා. ඒ නිසා අපි රුපියල් පන්සියක් ගානේ අපි තුන්දෙනා මසාජ් කරපු තුන්දෙනාට දුන්නා. ඒ එලියට එද්දි තෙරපිනියෝ මසාජ එකේ කවුන්ටරයට කියන්න කිව්වා ශේක් එක ගත්තේ නැති බව. ඉතින ්එයා කිව්ව නිසා මම ඒක කවුන්ටරයේ හිටපු කෙල්ලට කිව්වා.

ඒක හොදයිද?

මසා එක මට ලැබුන එකනම් ඇවරේජ්. මම තායිරටේ සහ ඉන්දියාවෙදි නේපාලෙදි ගතපු මසාජ් තරම් හොද නැහැ. ඒත් ලංකාවේ තියෙන බජට් මසාජ් එක්ක බැලුවාම මේකේ මසාජ් එක හොදට කලා. අනෙක් යාලුවෝ දෙන්නගෙන් එක් අයෙක්ට වැඩේ අල්ලලා ගිහින් තිබුනා. අනෙකාට ඒක මෙලෝ රහක් නැති දෙයක්. අපි එක්ක ගිය 4න් තුනයි මසා එක ඇතුලට ගියේ. අනිකා බැදලා නිසා හෝ වෙනසීනක් නිසා අපි එක්ක ඇතුලට යන්න එකතු වුනේ නැහැ.

කෑම

අපි දවාට කෑවේ ඉදපු ගෙස්ට් හවුස් එකේමයි. යාලුවන් නම් අවුලක් නැහැ කිව්වට බැදපු වැව් මාලුවට රුපියල් හත්සීයක් අයකරපු එක නම් මට ටිකක් වැඩියි කියල හිතුනේ. ඉතින් රෑට මම එන්න කියලා ගිය යාලුවා ඒ ලගම කඩෙන් කොත්තුවක් ගෙනත් දුන්නා. ඒත් අපි දඹුලු ගිහින් කාල එන්න ඕනි කියලා තීරණය කලා.

දඹුුලු ගමන

දඹුලු ගියාම දඹුල්ලේ තියෙනවා ගිණි කියලා පොට් එකක්. එතන කෑම හොදයි වගේ. ඒත් එදා සෙනසුරාදා නිසාද මන්දා ඒක වහලා. ඒ පාර දඹුල්ලේ තියෙන බෙතන්තර හෝටලයේ උඩ තට්ටුවේ තියෙන පොශ් රෙස්ටොරන්ට් එකට ගියා. අපි දඹුල්ලට සීගිරියේ ඉදලා අාෙව රෑ 9ට විතර ඒ එද්දිත් වැස්සා ඒ වගේම කාල ඉවර වෙලා රෑ 11.30ට විතර ආයෙම නවාතැනට යද්දිත් වැස්සා. වැස්ස ගොඩක්ම සැර නැතිවුනත් විනාඩි පහක් එලියේ හිටියොත් සැපට තෙමෙන මට්ටමක වැස්සේ තමයි අපි බයික්වලින් දඹුලු ගිහින් ආවේ..

බෙන්තර එකේ කෑම හොදයි. සැන්විච් දෙකක් ගත්තම ඇත්තටම 4 දෙනකුට කෑමට ඇති.ෙ පා්ශන් හොදයි ලොකුයි. අපි කලින් කොත්තු ආදිය කාල බඩපිරිලා තිබුන නිසා අපි ඇනවුම් කල කෑම වලින් තුනෙන් එකක් විතර අපරාදේ වුනා.

ඉතින් වැහි බීරානිය මැදින් කිඹිස්සට එද්දි කිඹිස්ස හන්දිය පේන තෙක් මානයේ මහ රෑ වැස්සට ලොකු ගහක් කඩන් වැටිලා පාර අවහිර වෙලා තිබුනා. එ ගමන එතැන හිටි ත්‍රීවිලර් බුවෙක්ගෙනුත් අහගෙන අපි දුර කැලෑ පාරකින් කිඹිස්ස හන්දියට කිට්ටුව තිබුන අපේ නවාතැනට ආවා. ඒ කැලෑ පාර ඒ පැත්තේ තියෙන ජෙට්වින් හෝටලයට යන පාර..ඒක දිගේ ගිහින් ආයෙත් කිඹිස්ස පැත්තට වැටුනා.

ඉන් පස්සේ ඉතින් රෑ 12ට විතර අපි ඇස් දෙකට පින්සිද්ද වෙන්න කලින් හබරණින් ගත්ත බියරුත් ගහලා නිදාගත්තා.





සීගිරි ගල උඩ පොකුණ

සීගිරි ගල උඩ මන්දිර

බහිනවිට ගලක් කපා තනා ැඇති මණ්ඩපය

කවුඩුල්ලෙ පොඩි අලි

කවුඩුල්ලේ නාකි අලියෙක්

කවුඩුල්ල වනෝද්‍යාණයේ දිරාපු ගසක්

දඹුල්ල බෙන්තර හෝටලේ රෑ කෑම

කවුඩුල්ලේ අලි

අලි බලන්න ආ අය

අමාරුවෙන් සීගිි බහින සංචාරකයින්

ගල මුදුනේ මාලිගා පොකුණු