රිටිගල යන්න ඕන කම තිබුනා අපි සැට් එකටම. ඒත් ඉතින් කලින් දවසේ සීගිරිය නැගලා දෙන්නෙක්ට මහන්සිය කිය කිය තමයි හිටියේ. ඒ කොයිහැටි වුනත් ඉතින් රිටිගල ගාවටවත් ගිහින් එනවාය කියලා අපි හිතාගෙන උන්නා. රිටිගල කියන නම නිසා අපේ ගමනට එන්න හිටිය මගේ යාලුවෙකුත් හැලුනා. මිනිහා හිතාන හිටියෙත් රිටිගල කියන්නේ පට්ට කන්දක්ය කියලා. ඒත් ඇත්තටම රිටිගල නගින්න දෙයක් නැහැ. නගින්න අවසරත් නැහැ.
රිටිගල ගමන
අපි ඉතින් කිඹිස්සේ ඉදලා බයික් වලින් ගමන පටන් ගත්තා උදේ 10ට වගේ. අපි කලින් දවසේ රෑ 12 විතර වෙනකල් අවදියෙන් උන්නා. ඒ වගේම රෑ සීතලේ දඹුලු ගිහින් කාලා ආවා. ඒ නිසා උදේ ටිකක් දවල් වෙනකල් නින්ද ගියා. කලින් කියලා තිබුන විදිහට ඉදි ආප්ප හදලා තිබුනා නවාතැනින්. ඒවත් කාලා අහක් වෙලා අපි ගමන පිටත් වුනා.
හබරණින් හැරිල කිලෝමීටර් විස්සක් විතර ගියාම තමයි රිටිගල තියෙන්නේ. රිටිගල ආරණ්‍ය සේනාසනයකුත් තියෙනවා. අපිට ඒකට යන්න බැරි වුනා. අපි කෙලින්ම රිටිගල පුරාවිද්‍යා නටඹුන් බලන්නට ගියා. ඒ ගමන ටිකක් බයහිතෙන එකක්. මිනිස් පුලුටක් පේන්න නැති යාල වගේ පදුරු තියෙන කැලෑවක් මැදින් තමයි රිටිගල පුරාවිද්‍යා නටඹුන් බලන ගමන යෙදිලා තියෙන්නේ.
දැන් නම් ඒ රිටිගල දිහා පාර හදනවා. මහ කැලෑවල තියෙන පාරවල් මොකට ඒ තරම් හදනවාද කියලා හිතාගන්න බැහැ. ඉතින් ඒවා අපිට අදාල නැහැ. ඒත් රටම ලොකු ආර්ථික කේස් එකක ඉන්න වෙලාවේ ඈත කැලෑ ගමක ඉන්න ගැමියෝ වෙනුවෙන් ලොකු වියදමක් දාලා පාර හදන එක තේරුමක් තියේද? ඉන් පස්සේ ඔය ගැමියෝ ටීවි එකේ පෙන්වනවා. කැලෑව අල්ලලා ගොවිතැන ්කරලා ඉන් පස්සේ අලියා ඇවිත් ගෙබා්ග විනාස කරලා ගේ කඩලා වී කාලා එක සෙල්ලමයි. ලංකාවේ එහෙම මේ පලාත දියුනු කරන් නැහැ. මේක කැලෑවට යනවනවා. මේ පලාත දියුනු කරලා කැලෑවල ඉන්න ගැමියෝ අපි මෙහෙට ගෙන්වාගන්නව ාකියලා සැලසුමක් නැහැ.
කොහේ හරි කැලෑ පලාතක ඉන්න දේශපාලකයෙක් ඒ තියෙන ඡන්ද කෑලි දෙතුන් සීය වෙනුවෙන් මිලියන ගානක් වියදම් කරලා පාරවල් හදලා වතුර දීලා ලයිට් දීලා පහසුකම් දෙනවා. ඉන් පස්සේ ඒ මිනස්සු කලින්ටත් වැඩිය කැලේ එලි කරලා දානවා. අවසානේ අලි එනවා. සත්තු එනවා. ඒ කරදර වැඩි වනවා.
රිටිගල පුරාවිද්‍යා ස්ථානය
පුරාවිද්‍යා ස්ථානය තියෙන තැන හෙවනයි. ඒ හරිය ඇත්තටම රිටිගල කන්ද නෙමෙයි බෑවුමක තැනක්. අපි ටිකැට් ගත්තා. ටිකැට් එක එක්කෙනක්ට රුපියල් පනහක් විතර. ඒ හරියේ බංගලා වගයකුත් තියෙනවා වනජීවි එකේ. ඒවායේ නවතින්න පහසුකම් ගන්නත් පුලුවන්. ඉතින් මේ රිටිගල යන ගමනේදි පාරේ අලි බෙටි හෙම තිබුන නිසා අලියා එයිද ගහයිද කියලා අපි ටිකක් බයෙනුත් තමයි ගියේ. ගිහින් ටිකට් ගත්තට පස්සේ ඒ පුරාවිද්‍යා දේවල් විස්තර කරන්න කෙනෙක් ගන්න පුලුවන් කිව්වා රුපියල් 1500ට. මම ඉතින් රුපියල් එක්දාස් පන්සියක් දීලා මොකටද බන් බොරු අහන්න් කියලා ඒක ප්‍රතික්ශේප කලා.
මහා පීඨිකාව
ඔයාල ගිහින් ඇතිනේද සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයට. එහෙම නැතිනම් වෙන ලොකු ක්‍රීඩාංගනයකට. ආං ඒ වගේ විසාල මහා ක්‍රීඩාංගනයක් වගේ පීඨිකාවක් තියෙනවා. ඒකේ ආසන වගේ තියෙන විදිහට ගල් වලින් සකස් කරලා තියෙනවා මේ මොකක්ද කියලා දන්නේ නැහැ. මේක ආදි කාලේ විශාල ක්‍රීඩා සහ සන්දර්ශන කටයුතු වලට පාවිච්චි කරපු එකක් වෙන්නට ැති. ඒක වල වගේ තියෙන කොටස සෑහෙන විශාල එකක්. දැන් නම් ඒක මැදින් දොල පාරකුත් ගලාගෙන යනවා. එක්තරා කාලයකදි මේ දොලපාර එක්ක මේ බූමිය මොනාහරි වැඩකට ගන්නට ඇති. ඒක ඇත්තටම බලන්න වටින මහා විශාල පුරාවිද්‍යා අවකාශයක්.
ඒ වෙනත් ආරාම විහාර සංකීර්ණ රෝහල් ආදී ඇතුලත් සුවිශාල ආරාම විහාර සංකීර්ණයක නටඹුන් තැනින් තැන දකින්නට තියෙනවා. පැය බාගයක් පැයක් යනකොට මේ ටික බලලා ඉවර කරන්න පුලුවන්. එතනින් ගියාම අවසානයට අලි වැටක් හමු වෙනවා. අපිට උපදෙස් දුන්න විදිහට ඒ අලි වැටෙන් එහා පැත්තේ රිටිගල දැඩි ස්වභාවික රක්ෂිතය. විශේෂිත පර්යේෂණ කටයුතු වලට හැර ඒකට ඇතුලු වෙන්නට බැහැ. ඉතින් බැරි මගුලට අපි අමාරුවෙන් ඇතුල් වන එක හොද නැහැ නේ. ඇරත් ඒක දැඩි ස්වභාවික රක්ෂිතයක් කරන්න ඕන හැටියේ හේතු ඇති. ඒ නිසා අපි ඒක තරනය කරන අදහස අත හැරල හැරිලාවා.
ආපසු කිඹිස්සට
ආපසු එන ගමනේ අපි රිටිගල පුරාණ ආරන්‍ය සේනාසනය බලන්න ඕනි කියල හිතුවා. ඒ යාබදවම තවත් ආරණයයක් තියෙනවා. අපේ අනෙක් බයික් එක ඒ අනෙක් ආරණ්‍යය දිහාවට ගිහින් තිබුනා අපි එහේ ගියා කියලා හිතලා. ඉන් පස්සේ අපි ඇත්තම ආරණ්‍ය්‍යට හැරෙන තැන පැය බාගයක් විතර වාත වෙලා ඉද්දි මෙන්න මුන් දෙන්න ගිහින් හැරිලා ආවා. ඒ වෙද්දි වැහි කලුව ටිකක් වැඩි වෙන ගතියක් තිබුන නිසා අපි කිඹිස්සට එන්න ගත්තා. ඒ අතර මගදි වැස්සා. මේ කිඹිස්ස ඉදලා හබරණ යන පාරේ එක තැනකට සීගිරිය සහ පිදුරංගල ඉතාම මනරම්ව පේනවා. ඒ වැව් බැම්ම ලග අපි ටිකික් නතර වෙලා පොටෝ කිහිපයක් තලා ගත්තා. එන ගමන් වැහි ගතියකුත් තිබුනා. වැස්ස එක්ක ගමන ටිකක් චොරයි. ඒත් පින්තුර නම් ගතියට තියෙනවා වැස්ස කාලේ ගියාම.
මේ එන අතරමගදි අපි ඉරිගු කන්න නැවැත්තුවා. සහ දෙල් ගන්න නැවැත්තුවා. එතන ඉරිගු රසට තිබුනා. ඒ තැන කජුත් තිබුනා. රටකජු ගලවපුවා ගස් පිටින් පාරයිනේ ඩිස්ප්ලේ දාලා තිබුනා. ඒත් කජු නැහැය ඉවරය කිව්වා. කජු ඉවර වෙලා. ඉරිගු ඒවානම් හබරණ සහ රිටිගල අතරින් කෑවේ. ඒ පලාත්වල වවන ඉරිගු ජාතියේ හොදක්ද මන්දා ඉරිගු ලා ඒවා හොදට තිබුනා.
කිඹිස්ස සිට කන්ඩලමට
චන්ද්‍රිකා වැව වාන් දාලා ඒ පින්තුර යහමින් සෙයා වුනා පහුගිය දවස්වල. අපිටත් ඕන වුනා ඒ විදිහෙ ්වැවක් වාන් දාන එකක ආතල් එකක් ගන්න. වැවක් වාන් දාන එක ගොවිතැන් කරන මිනිස්සුන්ට තියෙන ලොකු සන්තෝසයක්. කොවිඩ් නිසා හිරවෙලා ඉන්න අයට යම් ත්‍රිල් එකක්. වැව් වාන් දානකොට ගම් වල ඉන්න නසරානියෝ ඒ වැව් වල ඉන්න මාලු පනිනකොට පොලු වලින් ගහලා මරනවා. එතකොට තව කාන්ඩයක් ඒකේ ගිහින් නාන්න තියාගන්නවා. ඉතින් කෝක වුනත් මිනිස්සු ෆන් එකක් නෙව ගන්නේ. කොවිඩ් තිබුනා හරි. ඉතින් දැන් ඉන්ජක්ෂනුත් සියයට බර ගානක් ගහලා තියෙන එකේ මිනිස්සු පොඩි ෆන් එකක් ගන්න එක ඉස්සර තරම් කැත විදිහට හෙලා දකින්න හොද නැහැ කියලයි මට හිතෙන්නේ. සුවිස් ඉතාලි වගේ රටවල් පලවෙනි වටෙන්ම බර ගානක් දවසට කොවිඩ් කේස් වාර්තා වුනා. මැරුනා. ඒත් ඒ රටවල් මේ වෙද්දි මිනිස්සු පාරෙ යද්දි මාස් එකත් නැති තත්වයට නෝමල් වෙලා.
කණ්ඩලම වැව
කණ්ඩලම වැව මට මතකයි 1994 වගේ කාලේ ලොකු දේශපාලන සිද්ධියක් වුනා. කණ්ඩලම වැවේ වැව් තාවල්ේ හදන හෝටලයට සැර විරෝධතා ආවා. ඒත් ඒක හැදුනා. අද වෙද්දි සුපිරි හෝටලයක් ඒක. කණ්ඩලම වැවේ තාමත් පැරණි ගස් ආදිය තියෙනවා. ඒ දර්ශනය සුන්දරයි. ඒ කණ්ඩලම වැවට ගියාම තියෙන ඇස් දෙකට සනීපේ ගන්න අමාරැයි සල්ලි දීලවත්. යම් විදිහකින් මේ වගේ දෙයක් කෘතිමව කරන්න ගියොත් ඒ සදහා වියදම් වෙන මුදල හිතාගන්නවත් අමාරුයි. ඒ නිසා මේ වැව් වල තියෙන ඒ ඈත පේන සුන්දර දසුන බලාගන්න එක වතාවක් වත් ගිහින් තියෙන එක වටිනවා.
අපි වැවට ගියාම වැව් බන්ට් එක අයිනේ මිනිස්සු මාලු බානවා. මේ පැතිවල ඒ කිව්වේ වැව් තියෙන රජරට පැතිවල වැව් මාලු කර්මාන්තය යහමින් කරනවා. මිනිස්සු එක්කෝ මාලු බානවා. නැත්නම් දැල් දාල අල්ලනවා.
මේ කණ්ඩලම වැව බලලා අපි ඊලගට ගියේ ඉබ්බන්කටුවට. කණ්ඩලම වැව හරහා දඹුල්ලේ ඉදන් සීගිරියට යන්න පුලුවන් පාරක් තියෙනවා. සීගිරි යනවා නම් හෝ ගිහින් එනවා නම් මේ කණ්ඩලම පැත්තෙන් යන එක පොඩ්ඩක් දුර වුනත් ඒ භූමි දර්ශන ටික නම් පංකාදුයි.
ඉබ්බන්කටුව
ඉබ්බන්කටුව අපි තෝරාගත්තේ බෝට්ටු සවාරි නිසා. හෝටල මගින් කරන ලොකු බෝට්ටු සවාරි තිබුනා කණ්ඩලමේ. ඒත් වැවේ ෆන් එකට යනෙ බා්ට්ටු සවාරි නැහැ. කවුරුහරි කරනවා නම් මම හිතන්නේ හිට් වෙන්න පුලුවන් දෙයක්. කණ්ඩලම ලස්සනයි. ඉතින් ඔය දූපතක් බලලා බෝට්ටුවේ රවුමක් ගිහින් එන්න ලැබෙනවා නම් වටිනවා. ඉතින් කණ්ඩලමේ ධීවරයින්ගෙන් ඇහුවාම එයාල කිව්වා කණ්ඩලමේ බෝට්ටු සවාරි කරන්නේ හෝටල වලින් විතරයිය ඉබ්බන්කටුවේ නම් සාමාන්‍ය බෝට්ටු සවාරි කරනවාය කියලා.
බෝට්ටු සවාරි
අපි ඉබ්බන්කටුව ජලාශයේ බැම්ම මේ කියන්නේ පිට වාන..මේක ඉබ්බන්කටුව කිව්වට ඇත්තටම මේක ඇවිල්ලා බෝවතැන්න ජලාශ ව්‍යාපෘතිය යටතේ ඉදිවුන එකක්. අපි මුලින්ම මැප් එක වරද්දගෙන ගියේ ඉබ්බන්කටුව ජලාශයේ ධීවර තොටුපලට. ඒක නෙමෙයි තැන. ඒ පාර ආයේ කැරකිලා ඉබ්බන්කටුව ජලාශයෙ වේල්ල සහ සොරොව්ව පිටවාන තියෙන තැනට ආවා. එතැන තියෙනවා සතුටු දූපතේ සවාරි කියලා තැනක්. එතනින් තමයි මේ බෝට්ටු සවාරි කරන්නේ.
එයාල කියන විදිහට එයාල ලග නවාැතැන් පහසුකම් හෙමත් තියෙනවා. අපි එතන්ට රුපියල් තුන්දාස් පන්සීයක් ගෙවලා බෝට්ටුව වෙන් කරගත්තා. දූපතට ගියා. දූපතේ හට් හෙම ගහලා මල් වවලා තියෙනවා. පොඩි දූපතක්. අක්කර කිහිපයක් තමයි තියෙන්නේ.
ඉන් පස්සේ අපි ඒ වැව් බැම්ම දිගේ තියෙන දුර පාරෙන් ගිහින් ගලේවෙලට යන්න ඕනි කියලා කතා වුනත් ටිකක් රෑ බෝ වුන නිසා ගමන හමාර කරලා හවස 4ට විතර එතනින් කොළඹ එන්න පිටත් වුනා.
දවස් දෙකයි ගමන. ගොඩක් තැන් අපි දාගත්තේ නැහැ. වැස්ස නිසා එහෙන් මෙහෙන් බාධා වුනා. ඒත් වැස්ස නිසා අපි ගමන නැවැත්තුවෙත් නැහැ. ඉතින් ඒ විදිහට තමයි අපේ ගමන ඉවර වුනේ.
ඈතින් පේන සීගිරිය සහ පිදුරංගල පාරට පේන රිටිගල රිටිගල යන මග රිටිගල ඇති සුවිශාල පීඨිකාව නටඹුන් විශාල ගසක් පැරණි රෝහලක් එන මග තැඹිලි බොමින් දෙල් ගත්ත තැන කණ්ඩලම වැව් බැම්ම මත කණ්ඩලම වැවේ ධීවරයෙක් කණ්ඩලම වැව් බැම්ම මත වැවේ බෝට්ටුවක් කණ්ඩලම පිට වාන සතුටු දූපතට යන්න පෙර වඩේ ගනිමින් ඉබ්බන්කටුව පිටාර ගලමින් සතුටු දූපතේ සිට දූපතේ සිට ආපසු
නියමයි.ගමනේ රූට් එකත් දැම්මනං නාකද?
ReplyDeleteමෙන්න මුන්දැ 😃😃😃 යකූ..
Deleteඑළම...
ReplyDelete👌🙏😊
ReplyDelete+++++++++++
ReplyDelete