Thursday, November 4, 2021

සීගිරියයි කවුඩුල්ලයි ඔබයි මමයි

සීගිරිය පලාතේ රවුමක් ගහන්න කාලෙක ඉදන් හිත හිත හිටියා. ත්‍රිකුණාමල යන ගමන් පිදුරංගල පොටෝ දැම්මහම යාලුවෙක් කිව්වා එන්න සීගිරි දිහා කියලා. ඉතින් ඒ ගමන අපෙ සැට් එක එකහු කරගෙන ගමන පටන් ගන්න තීරණය කලා. අපි නවාතැන් හෙව්වා. ඒත් වාහන හොයාගන්න බැරි වුනා. ඒ ගමන වාහන විදිහට රෙන්ටර් කාර් හෝ කර් එකක් හොයාගන්න බැරි වුන නිසා අපි බයික් වලින්ම ගන කරන්න තීරණය කලා. බයික් ගමන පුකට හිරිහැරයි. හරි අමාරුයි. ඒත් ඒකේ අමුතුම ආතල් එකක් තියෙනවා.

නැවතීම්

මුලින්ම අපි සීගිරියට තමයි යන්න නියමිත වෙලා තිබුනේ. අපි කලින් කතා කරගෙන තිබුන සීගිරියේ ඉදන් අලි බලන්න යන සෆාරි එක පටන් ගන්නේ දවල් 12ට. ඒ නිසා අපි කලින් සීගිරි ගල නැගලා ඒකේ පොටෝ ටික ගත්තා.


සීගිරිය

සීගිරියේ ගල උඩ වගේම ගල යටත් බලන්න ගොඩක් දේ තියෙනවා. මේ කාලේ සීගිරියෙත් සෙනග නැහැ. රටින් සංචාරකයෝ ඇවිත් තුන් හාරසියක් ඉන්නවා කිව්වා. ඒත් වැඩිය පේන්න හිටියේ නැහැ. සීගිරිය ගල උඩ මැද වගේම යටත් නටඹුන් ගොඩයි. ඒ හැම එකම කාශ්‍යප කරපුවාමත් නෙමෙයි. සාංගික දේවලුත් තියෙනවා. සීගිරියේ අර චිත්‍ර තියෙන හරියට බැහැලා මොන එකකට ඒ තරම් අමාරුවෙන් චිත්‍ර ඇන්දාද කියලා මට තියෙන්නේ පුදුමයක්. ඒ කැටපත් පවුර සහ චිත්‍ර තියෙන තැන් හොයන්න අපි වෙනමම තැනකට සවිකරපු වේදිකා ආදිය දිගේ යන්නට ඕනි.

සීගිරි ගල කියන්නේ ඕනි අහකට පේන තැනක්. ඒ වගේම සිව් දිශාවෙන් ඕනි පැත්තකින් සතුරු ඇටෑක් එන්න පුලුවන්. මගේ අදහස නම් සීගිරිය බලකොටුවක් නෙමෙයි ඒක රාජ මාලිගාවක් වෙන්න ඕනි. රජතුමා ෆුල් ෆන් එකේ ජීවිතය ගෙනියන්න හදපු ලොකු මාලිගාවක් හෝ තමුන්ග් වාසභවන පසු කාලෙක බලකොටුවක් කියලා නම ලැබෙන්න ඇති.ඉතින් අද වුනත් රජ මැතිවරු ඉන්න තැන්වලට ආරක්ෂාව දානවා. ් වගේ ඒ කලෙත් රජතුමා ඉන්න තැන හින්දා දිය අගල් කපලා වට කරලා ආරක්ෂාව දෙන්නට ඇති.

කවුඩුල්ල ගමන

කවුඩුල්ල ජාතික වනෝද්‍යානය කියන්නේ වතුර විලක් වගේ ලොකු ජල තලාවක තියෙන වනෝද්‍යානයක්. අපේ ගයිඩ් මහතා කිව්ව විදිහට ඒකේ ජලය පිරුනම අලින්ට ඉන්න තියෙන සීමාව අඩු වෙනවා. ජලය අඩු කාලෙට අලින්ට ඉන්න ලොකු විල්ලු බිමක් තියෙනවා. මේ විල්ලුවේ වැස්සට පස්සේ අලුතින් දලු දාලා තියෙන තණකොල පදුරු පිටින් අලි හොඩෙන් ඇදලා කකුලින් ගහලා කඩලා ගන්නවා. ඒ අරං දෙතුන් වතාවක් පස් යන්න ගහලා අරගෙන එහෝම ගිලිනවා.

ඒ වැව් පිටියේ දසුන මැක්සිමම් එකක්. වැසි කාලය නිසා අවට බලන්න ලස්සනයි. හැම තැනම කොල පාටයි. වැවට ආපු අලින්ට මිනිස්සු ගැන වගේ වගක් නැහැ. ඒත් එකම එක වතාවක් එක අලියෙක්ට අවුලක් ගිහින් අපි පස්සෙන් පන්නාගෙන එන්න උත්සාහ කලා. ඒත් අනික් අලි ඌට සපෝට් එකට ආවේ නැහැ. අපි බලන් හිටිය ටික වෙලාවට අලි සෙට් හතරක් විතර හමු වුනා. එක කාන්ඩයක් නාන්න කියලා වැව මැදට ගියත් ගිය පයින්ම වගේ ආයේම ආවා.

ඇතැම් විට කිඹුල් ඇටෑක් එකක් හෝ මාලු දැල් වල පැටලීම නිසා වෙන්න පුලුවන් කියලා අපේ වාහනේ රියදුරු සහ ගයිඩ් මහතා කිව්වා.

අලි ටික ඈතින් නෙමෙයි අතට අල්ලන්න පුලුවන් ගානට ලගින් අපිට බලාගන්න හැකි වුනා. ඒ විදිහට අලි ගොඩක් එකපාර දැකපු පලෙවනි වතාව තමයි ඒක. අපි එක්කම වගේ ජීප් වලින් ආපු සුද්දෝ වගේම ලිංකාවේ කට්ටියත් මේ අලි බලල බොහොම සන්තෝස වුනා.

කවුඩුල්ලට ඇතුල් වෙන්න එක් අයකුගෙන්  රු 200ක් ගෙවන්න ඕනි. සීගිරියේ ඉදලා පැය බාගෙක විතර දුර යන්නත් ඕනි කවුඩුල්ලට. කවුඩුල්ල ගිහන් එන ගමන් අපි හබරණින් බයර් එහෙම ගත්තා. මොකද අපි නැවතිලා හිටිය සීගරියේ කිඹිස්ස දිහා අරක්කු හොයාගන්න අමාරුයි.

ඇග තැලීම

අලි බලලා ඇවිත් බයික් වලින් ආපු ගමන් මහන්සියටත් එක්ක ඇග තලාගන්න ගියා. අපිට ඇත්තටම උවමනා වුනේ ඇග මසාජ් කරන තැනකට යන්න. ඒත් අපිට මග කියපු කෙනා අපිව එක්කරගෙන ගිහින් තිබුනේ සාමාන්‍ය අතේ ගස්සන කටට ගන්න ආදී ලිංගික විනෝද දේවල් කරන තැනකට. එතන අයට අපි දෙදාහක් දුන්නා. ඒත පස්සේ ආරංචි වුන විදිහට අපිට දෙදාහ වුනාට ඇත්ත ගාන 1500යි. ඉතුරු ගාන අපිව එක්කරං ගිය හිතහොද මනුස්සයා ගහගන්න ඇති.

අපිට ඕනි වුනේ මසාජ් එක විතරක් නිසා හෑන්ඩ් ශේක් එක ඉල්ලුවේ නැහැ. එයාල ඇහුවමත් අපි කාමර තුනක තුන්දෙනා හිටියත් අපි තුන්දෙනාම ශේක් එක එපා කිව්වා. ඒ පාර ඒ ගෑනු එලියට ඇවිත් අනේ අපිට ටිප් එක නෑ. අපරාදේ කිය කිය බොහොම අඩාවැටෙන ඇඩ් එකක් දැම්මා. ඒ නිසා අපි රුපියල් පන්සියක් ගානේ අපි තුන්දෙනා මසාජ් කරපු තුන්දෙනාට දුන්නා. ඒ එලියට එද්දි තෙරපිනියෝ මසාජ එකේ කවුන්ටරයට කියන්න කිව්වා ශේක් එක ගත්තේ නැති බව. ඉතින ්එයා කිව්ව නිසා මම ඒක කවුන්ටරයේ හිටපු කෙල්ලට කිව්වා.

ඒක හොදයිද?

මසා එක මට ලැබුන එකනම් ඇවරේජ්. මම තායිරටේ සහ ඉන්දියාවෙදි නේපාලෙදි ගතපු මසාජ් තරම් හොද නැහැ. ඒත් ලංකාවේ තියෙන බජට් මසාජ් එක්ක බැලුවාම මේකේ මසාජ් එක හොදට කලා. අනෙක් යාලුවෝ දෙන්නගෙන් එක් අයෙක්ට වැඩේ අල්ලලා ගිහින් තිබුනා. අනෙකාට ඒක මෙලෝ රහක් නැති දෙයක්. අපි එක්ක ගිය 4න් තුනයි මසා එක ඇතුලට ගියේ. අනිකා බැදලා නිසා හෝ වෙනසීනක් නිසා අපි එක්ක ඇතුලට යන්න එකතු වුනේ නැහැ.

කෑම

අපි දවාට කෑවේ ඉදපු ගෙස්ට් හවුස් එකේමයි. යාලුවන් නම් අවුලක් නැහැ කිව්වට බැදපු වැව් මාලුවට රුපියල් හත්සීයක් අයකරපු එක නම් මට ටිකක් වැඩියි කියල හිතුනේ. ඉතින් රෑට මම එන්න කියලා ගිය යාලුවා ඒ ලගම කඩෙන් කොත්තුවක් ගෙනත් දුන්නා. ඒත් අපි දඹුලු ගිහින් කාල එන්න ඕනි කියලා තීරණය කලා.

දඹුුලු ගමන

දඹුලු ගියාම දඹුල්ලේ තියෙනවා ගිණි කියලා පොට් එකක්. එතන කෑම හොදයි වගේ. ඒත් එදා සෙනසුරාදා නිසාද මන්දා ඒක වහලා. ඒ පාර දඹුල්ලේ තියෙන බෙතන්තර හෝටලයේ උඩ තට්ටුවේ තියෙන පොශ් රෙස්ටොරන්ට් එකට ගියා. අපි දඹුල්ලට සීගිරියේ ඉදලා අාෙව රෑ 9ට විතර ඒ එද්දිත් වැස්සා ඒ වගේම කාල ඉවර වෙලා රෑ 11.30ට විතර ආයෙම නවාතැනට යද්දිත් වැස්සා. වැස්ස ගොඩක්ම සැර නැතිවුනත් විනාඩි පහක් එලියේ හිටියොත් සැපට තෙමෙන මට්ටමක වැස්සේ තමයි අපි බයික්වලින් දඹුලු ගිහින් ආවේ..

බෙන්තර එකේ කෑම හොදයි. සැන්විච් දෙකක් ගත්තම ඇත්තටම 4 දෙනකුට කෑමට ඇති.ෙ පා්ශන් හොදයි ලොකුයි. අපි කලින් කොත්තු ආදිය කාල බඩපිරිලා තිබුන නිසා අපි ඇනවුම් කල කෑම වලින් තුනෙන් එකක් විතර අපරාදේ වුනා.

ඉතින් වැහි බීරානිය මැදින් කිඹිස්සට එද්දි කිඹිස්ස හන්දිය පේන තෙක් මානයේ මහ රෑ වැස්සට ලොකු ගහක් කඩන් වැටිලා පාර අවහිර වෙලා තිබුනා. එ ගමන එතැන හිටි ත්‍රීවිලර් බුවෙක්ගෙනුත් අහගෙන අපි දුර කැලෑ පාරකින් කිඹිස්ස හන්දියට කිට්ටුව තිබුන අපේ නවාතැනට ආවා. ඒ කැලෑ පාර ඒ පැත්තේ තියෙන ජෙට්වින් හෝටලයට යන පාර..ඒක දිගේ ගිහින් ආයෙත් කිඹිස්ස පැත්තට වැටුනා.

ඉන් පස්සේ ඉතින් රෑ 12ට විතර අපි ඇස් දෙකට පින්සිද්ද වෙන්න කලින් හබරණින් ගත්ත බියරුත් ගහලා නිදාගත්තා.





සීගිරි ගල උඩ පොකුණ

සීගිරි ගල උඩ මන්දිර

බහිනවිට ගලක් කපා තනා ැඇති මණ්ඩපය

කවුඩුල්ලෙ පොඩි අලි

කවුඩුල්ලේ නාකි අලියෙක්

කවුඩුල්ල වනෝද්‍යාණයේ දිරාපු ගසක්

දඹුල්ල බෙන්තර හෝටලේ රෑ කෑම

කවුඩුල්ලේ අලි

අලි බලන්න ආ අය

අමාරුවෙන් සීගිි බහින සංචාරකයින්

ගල මුදුනේ මාලිගා පොකුණු


2 comments:

  1. බ්ලොග් අවකාසේ තියෙන නැගලම යන බ්ලොග් එක උඹගෙ

    ReplyDelete